ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඉන්දියාව-ස්ත‍්‍රී-දූෂකයෙක්-වගේ
Reply
 
Thread Tools
(#1)
Old
MC New York's Avatar
MC New York MC New York is offline
Senior Member
MC New York has a spectacular aura aboutMC New York has a spectacular aura aboutMC New York has a spectacular aura aboutMC New York has a spectacular aura aboutMC New York has a spectacular aura about
 
Posts: 2,659
Join Date: Feb 2013
Up ඉන්දියාව-ස්ත‍්‍රී-දූෂකයෙක්-වගේ - 06-07-2013, 09:01 AM

ඉන්දියාව ස්ත‍්‍රී දූෂකයෙක් වගේ ලංකාවෙ පතිවත කෙලසන්න එනවා
June 7, 2013 at 12:01 am | lanka C news

ඉන්දියාව ස්ත‍්‍රී දූෂකයෙක් ලෙස තමන්ගෙ හැකියාව පාවිච්චි කර පුංචි රටවල්වල පතිවත ස්වාධීනත්වය කෙළෙසන්නේ යයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන විසි දෙකක වියදමින් සාදන ලද වටිනාපහ කෘෂි සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය..

‘අපේ රටේ අමාත්‍ය මණ්ඩලය හමුවුණු අවස්ථාවේ ඵෙතිහාසික අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා ඒ පත්‍රිකාවේ ප්‍රධාන කරුණු දෙකක් කතා කරනවා. එකක් තමයි අපේ මහා සංඝරත්නය පාරට බැහැලා ජීවිත පූජාවෙන් සටන් කරපු අපේ පරම්පරාවේ තරුණයින් හැට හය දහසක් ජීවිත පූජා කරපු ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් ප්‍රධාන කාරණා දෙකක්, දහතුන්වන සංශෝධනයේ සඳහන් ප්‍රධාන කාරණා දෙකක් ආපිට හරවන දවස බවට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කෙරුණා. මේකෙන් කෙරෙන්නේ ඉන්දු ලංකා ගිවිසුමෙන් දෙමළ ජනතාවගේ නිජබිම උතුරු සහ නැගෙනහිර පළාත් යන මිත්‍යාව මත පදනම් වෙලා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න තීරණය වුනා. මේක ආපිට හරවන ලංකාවේ තවදුරටත් පළාත් ඒකාබද්ධ කිරීමට ඇති අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති කරන්න අපේ ව්‍යවස්ථාවේ අණපණත්වලින් පළාත් සභා පණතින් ඉවත් කරන්න, මෙම පත්‍රිකාවෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි අද තියෙන තත්ත්වය හැටියට දිවිනැගුම් පණතින් දැක්කා බල්ලා විසින් වලිගය වනනවා වෙනුවට වලිගය විසින් බල්ලා වනන අවස්ථාවක්.

තනි පළාත් සභාවකට පුළුවන් මුළු රටම අකර්මණ්‍ය කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විග්‍රහය යටතේ ඕනෑම විශයක් පළාත් සභා විශයක්. ඒ නිසා මන්ත්‍රීතුමෙක් පදනම හදන්න පණතක් දැම්මොත් පළාත් සභා නවයෙන්ම අහන්න ඔනෙ පදනම දැම්මට කමක් නැද්ද කියලා. එක පළාත් සභාවක් හරි විරුද්ධ වුනොත් මේක ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. උතුරු පළාත් සභාව ආණ්ඩුව ගේන පණත්වලට විරුද්ධ වුනොත් ඒ පණත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නැතිව සම්මත කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ උතුරු පළාත් සභාව විසින් මුළු රටම අකර්මණ්‍ය කරන යුගයක් ලබන සැප්තැම්බරයෙන් පස්සේ උදා වීමේ අවධානමක් තියෙනවා. අන්න ඒ අවධානම නැති කරන්න තමයි මෙවැනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ.

සමහරුන් අපෙන් අහනවා ඉන්දියාව අපිත් එක්ක තරහ වෙයි නේද? ඉන්දියාව තරහා වුනොත් හරි ප්‍රශ්ණ නේද කියලා. අපි යුද්ධෙ තියෙනකොට ජාත්‍යන්තරය අපිට විරුද්ධ වුනා. ජාත්‍යන්තරය විරුද්ධ වුනා කියලා අපි යුද්ධය නතර කළා නම් පසුගිය වසර හතරට තවත් අඩුම ගාණේ ජීවිත පහළොස් දහසක්වත් විනාශ වෙන්න ඉඩ තිබ්බා. යුද්ධය අවසන් කරනවා යන අදිෂ්ඨානයෙන් අපි ඉදිරියට ගිය හින්දා අපිට යුද්ධය නිම කරන්න පුළුවන් වුනා. යුද්ධය නතර කරලා අහිංසක ජීවිත බේරාගත්තා මෙන්ම ජාත්‍යන්තර බලපෑම්වලට යට නොවී ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් මිසක් ජාත්‍යන්තර බලවේගවල ඉත්තෙක් නෙවෙයි කියන එක ක්‍රියාවෙන් ඔප්පු කරමින් අද අපේ ආණ්ඩුව අභීත තීන්දුවක් ගත්තා. ඉන්දියාවට තරහා වෙන්න දෙයක් නැහැ. මේ ඉන්දු ලංකා ගිවිසුම නීති විරෝධීයි. උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කරලා ඉවරවෙලා ජනමාධ්‍ය හමුවක් තියලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වෙ මම මේ ඒකාබද්ධ කිරීමට විරුද්ධයි. ඒකාබද්ධය අහෝසි කිරීමට ජනමත විචාරණයක් තියෙන දවසට මමත් ඒකාබද්ධයට විරෝධය දක්වනවා කියලා. මෙහෙම කිව්වෙ ගිවිසුමට අත්සන් කරපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. ඒ කියන්නේ එතුමාත් අකමැති ගිවිසුමකට එතුමා අත්සන් කරලා තියෙන්නේ. ඒකෙන්ම පේනවා මේක දෙපාර්ශවයක් අතර අත්සන් කරපු ගිවිසුමක් නෙවෙයි ඉන්දියාව බලහත්කාරයෙන් අත්සන් කරගත්තු ගිවිසුමක්. කවුරුහරි අපිට ඔළුවට පිස්තෝලයක් තියලා ගිවිසුමක් අත්සන් කළාට ඒක නීත්‍යානුකූල නැහැ. ඒක වලංගු නැහැ. බලහත්කාරයෙන් අත්සන් කරන ගිවිසුම්වලට ලෝක ප්‍රජාව ඉදිරියේ පිළිගැනීමක් නැහැ. ඒ නිසා ඉන්දු ලංකා ගිවිසුම නමින් ගිවිසුමක්, නීත්‍යානුකූල ගිවිසුමක් නැහැ. අපි ඒ ගැන බයවෙන්න ඕනේ නැහැ. ඉන්දියාවට තියෙන්නේ තරහා වෙන්න නෙවෙයි. ලැජ්ජ වෙන්න. තමන්ගෙ ලොකුකම පාවිච්චි කරලා පුංචි රටවල්වලට බලහත්කාරකම් කිරීම ගැන. හරියට ඉන්දියාව ස්ත්‍රී දූෂකයෙක් වගේ තමන්ගෙ හැකියාව පාව්ච්චි කරලා පුංචි රටවල්වල පතිවත කෙළසලා, ස්වාධීනත්වය කෙළෙසලයි තියෙන්නේ. ලංකාවට බයවෙන්න ඕනෙ කාරණයක් නැහැ. ඉන්දියාව ලැජ්ජා වෙන්න ඕනා කාරණාවක්. ඒ නිසා ස්වාධීනත්වය රැකගැනීම අනෙක් හැමදේටම වඩාම උසස් යැයි සළකමින් ආණ්ඩුව ගත් අභීත පියවරට අපි ජනාධිපතිතුමාට ප්‍රණාමය පුදකරනවා
’[IMG]http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/wp-content/uploads/2013/06/DSC06041.png[/IMG]

මෙම උත්සවය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


Code:
http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/95272/
Reply With Quote
(#2)
Old
djjaya's Avatar
djjaya djjaya is offline
Senior Member
djjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to behold
 
Posts: 8,914
Join Date: Feb 2013
Location: место неизвестн&
06-07-2013, 09:21 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
13+, hela urumaya, india, udaya gammanpila, udaya gammanpila profile

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03602 seconds with 11 queries