ElaKiri Community
Downloads
(#1)
Old
LKF's Avatar
LKF LKF is offline
Senior Member
LKF is just really niceLKF is just really niceLKF is just really niceLKF is just really niceLKF is just really niceLKF is just really niceLKF is just really nice
 
Posts: 318
Join Date: Jun 2017
Up Singapore Tour - 09-13-2018, 10:40 PM

ඔන්න මචන්ලා මමත් අවුරුදු 2ක් විතර ට්‍රය් කරපු හීනයක් ගොඩ දාගන්ඩ පුළුවන් උනා. මේ ගමනට ගොඩක් දේවල් ඉගෙන ගත්තේ කිරියෙන් නිසා තව යන කෙනෙක්ටත් ප්‍රයෝජනවත් වෙන්න විස්තර ටික ලියන්න හිතුවා.

මම ගියේ 5 Days 4 Nights වලට

වියදම 120,000/- shopping නැතිව

SGD - Singapore Dollers

USD - American Dollers

මම ගමන යන්න තෝර ගත්තේ July month එක Singapore වලට වහින මාස එහෙම අතහැරලා.

ඔන්න මාස දෙකකට විතර කලින් Hotel book කර ගත්තා Findmyfare එකෙන්, mastercard වලට මේකෙන් හොද discount එකක් හම්බ උනා.

Hotel එකේ නම - Harbourfront ville hotel (Rs. 10,000/- per Night)

ගොඩක් අය Singa ගිහිල්ල ඉන්නේ Little India උනාට මම Sentosa ලග හොටෙල් එකක් Book කලා, මොකද Attraction තියෙන්නේ Sentosa වල හින්ද පොඩි වෙලාවකින් යන්න පුළුවන් හින්ද.

Indian Food Court එකක් Harbour Front එකේ තියන හින්ද කාල එන්න පුළුවන් රැට එනකොට.

හැබය් පුතෝ මේ හොටෙල් එක ලග පාත කන්න තැන් නෑ, වැඩි කලබලයක් නැති area එකක තියෙන්නේ.

Flight එක Emirates EK348 දවල් 2.10 ලනකාවෙන් Departure (Rs. 41,000/-) Book කලේ Emirates app එකෙන්.

Emirates තමය් ඒ දවස් වල ලාබෙට තිබ්බේ, Singapore Airlines පාන්දර යන flight එකේ යන්ඩ තිබ්බ නම් ගොඩක් හොදය් ඒක ඒ දවස් වල 64,000 ක් විතර උනා.

Attraction ටික klook එකෙන් Book කලා, ගානත් අඩුය්, පෝලින් වල ඉන්ඩ ඕනෙත් නෑ, සල්ලි ගොඩක් අරන් යන්ඩ ඕනෙත් නෑ යනකොට.

ඔන්න යන දවසෙ යාලුවය් මාය් 2 Hours විතර තියල Airport එකට එවිල්ල Flight එකට ගොඩ උනා. Window seats කලින්ම Book කරලා තිබ්බේ.








SGD ලංකාවේ Airport එකේ Bank වලින් ගනිල්ලා.

8.45 PM වෙනකොට Singa වලට ආව. (4 Hours in Flight) රැට Singa උඩින් පේන දර්ශනේ ඉතින් මාරම ලස්සනය් කොල්ලනේ





Singapore Airport එක අතුල







immigration Form එක පුරවලා Finger print එක තියල immigration counter එකෙන් එලියට ආව.

Airport එක ඇතුලෙන් Sim එකක් ගත්තා SGD 15/-




කොහොම හරි airport එකෙන් එලියට එනකොට 9.30 විතර උනා. හොටෙල් එකට යන්න Taxi එකක් Grab App එකෙන් book කලා. ටික වෙලාවකින් Taxi එක ආව. (මේ app එකේ Taxi ලාබය්. අපේ හොටෙල් එකට 25 Km විතර තිබ්බ Airport එකෙන් Singapore $ 20 ගියේ)



මේ රටේ මිනිස්සුන්ගේ සුහද ශීලී බාවය Airport එකට බැහැපු වෙලේ ඉදන්ම දැනෙන දෙයක් මචන්ලා. Taxi එක drive කරපු පොරත් ගමන යනකන් අපිට Singapore History එක හිටන් කියල දුන්නා. Car එකේ යනකොට දකින Highways ටික දකපුවම ඇඩෙනවා ඕය්.

ඔන්න රූම් එකට ඇවිල්ල කාල (කෑම එක Airport එකෙන් අරන් ආව SGD 10), නාල නිදා ගත්ත.

ඔය තියෙන්නේ අපි හිටපු හොටෙල් එක. කලින්ම උන්ට Email එකක් දැම්මා Window Room එකක් Reserve කරන්න කියල. උන් ඒක කරලා තිබ්බා






Day 1

උදේ නැගිටලා harbour Front එකට පයින් ගියා 1.5 Km විතර තියෙන්නේ Hotel එකේ ඉදන්.



මේ Horbour Front එකේ තියන MRT එකට ගිහිල්ල 3 day unlimited Travel pass එකක් ගත්ත SGD 20, දවස් 3ක් unlimited Bus & trains ඕන එකක යන්න පුළුවන්








උදේට Subway එකෙන් කාල (SGD 10) Klook Voucher එක Redeem කරලා Actual ticket එක අර ගෙන Cable car (USD 14) එකෙන් Sentosa Island එකට ගියා.









මම මේක සරලව කිව්වට මේකේ details ගොඩක් තියනවා දැන ගන්න ඒවා උබල Google කරලා, TripAdvisor බලල, YouTube බලල ඉගන ගනිල්ලා මොකද එතන ගිහින් උඩබිම බලන්ඩ ගියොත් දන්නෙම නැතිව වෙලාව යනවා Plan කරපු දේවල් කරන්න වෙන්නේ නෑ.

Cable car Experience එකනම් පට්ට මචන්. සුපිරි

sentosa එකෙන් බැහැල Sentosa Express කියන Train එකේ universal එකට යන්න පුළුවන් Free




universal එකට යන්න පුළුවන් තරම් සතියේ දවසක දාගන්න, Weekend වල Full Crowd. අපි week day එකේ ගිහිල්ලත් එපා උනා පට්ට පොලින් සමහර පොලින් වල පැය 1.5 වගෙත් හිටියා.

Universal Studio Ticket = USD 50/-




අනික උදේ මෙතනට එන්න 9.30 වලට වගේ එතුලට යන්නත් පට්ට පෝලිමක් තියෙන්නේ. ඉස්සෙල්ලම බලන්න පටන් ගන්න Transformer 3D එකෙන්, මේකට තමා වැඩිම පෝලිම තියන්නේ.

Universal EXPRESS කියල Special Pass එකක් තියනවා ඒක ගත්තොත් පොලින්වල ඉන්න ඕන නෑ ඒක Extra ගන්න ඕනේ SGD 80 ක් විතර වෙනවා

Universal එක ඇතුලේ වතුර සහ කෑම පට්ට ගණන් SGD 8.5 වතුර එකක් කෑම එකක් SGD 25 ක් විතර වෙනවා. ඒක හින්ද පිටින් අරන් යන්න පුළුවන් නම් ලාබය්

Klook එකෙන් ගත්ත Universal Ticket (USD 50) එක Print කරගෙන ගියාම මෙතන Gate එකෙන් ඇතුලට යන්න පුළුවන්




























ඔන්න යන්න පුළුවන් ඔක්කොම ගිහිල්ල හවස 6 ට universal එක close කරන කොට එලියට ඇවිල්ල sentosa cable car line එකේ ගියා. ඒ කත් ඉවර වෙලා Sentosa Express Train එකේ Vivo City එකට ආවා. Food Court එකෙන් Indian බුරියානි එකක් (SGD 5) කාල Room එකට ගිහින් නිදා ගත්තා.

Day 2

අද Sentosa එකට පයින් ගියා පාලම උඩින්, අද කරන්න තියෙන්නේ sentosa island එකේ තියන activities මේකට වෙන වෙනම Ticket ගන්නකොට ගොඩක් වියදන් නිසා Klook එකේ තියනවා Play Max කියල ticket එකක් මේකට Sentosa එකේ තියන activities ඔක්කොම වගේ කරන්න පුළුවන් 20ක් විතර. මේකට allow නැති ඒවා වගයකුත් තියනවා. මේ Max එක ටිකක් ගණන් වැඩිය් හැබය් වටිනවා.

ගොඩක් Travel agency වලින් දෙන්නේ activity 3 ක් විතර කරන Ticket එකක්.

PLAY MAX Ticket = USD 81 or SGD 115






Sentosa Bridge





වැදගත්ම දෙයක් තමා Sentosa එකේ APP එකක් තියනවා ඒක Download කලා නම් යන්ඩ ඕන තැන් Plan කරන්න ලේසිය්




SEA Aquarium


















Trick Eye











Tiger Tower











4D Adventure Land








Sentosa Merlion

මේක උඩට නගින්න පුළුවන්. Free coin එකකුත් දෙනවා තියාගන්න









Madame Tussaud

මේකේ තියෙන්නේ ලෝකේ ප්‍රසිද්ද අයගේ ඉටි රූප









Gogreen Segway


මේක පොඩි වෙලාවක් එයාල අපිව train කරනවා ඊට පස්සේ තමය් අපිට යන්න දෙන්නෙ. 500m විතර වටයක් එක්ක යනවා ආතල් ගමනක් ඒක. මගේ යාළුවගේ එකේ කෙල්ලෙක් එවිල්ල හප්පලා පොරගේ කකුලත් තුවාල උනා. කෙල්ලෝ Drive කරනවා නම් උන්ට ඉස්සෙල්ල යන්න දීල පස්සෙන් පලයල්ලා






Mega Adventure Park





මෙතන සුපිරි Activities ගොඩක් තිබ්බට අපේ MAX Pass එකට දෙන්නේ Mega Jump එක විතරය් අනිත්වා ගන්න ගෙවන්න ඕනේ










Fort Siloso Skywalk








AJ Hackett skybridge

මේක බන්ජි පනින pot එකක් අපේ MAX pass එකට නිකන් උඩට විතරක් ගිහින්න් එන්න පුළුවන් මෙතනට එනකොට අපි හවස 5 විතර උනා උඩට නැගල ආතල් එකේ ටික වෙලාවක් ඉන්න සුපිරි pot එකක්.

මෙතන බන්ජි පනින්න වෙනම ගෙවන්න ඕනේ. SGD 150 ක් උන් අපි පනින එක Video එකක් හදල දෙනවා ඒකට වෙනම SGD 100 ක් කැමති එවුන් ඇවිල්ල පැනපල්ලා.

මොකද්ද ඇහුවේ මම පැන්නේ නැද්ද කියලද? ඕකෙන් පනින්න තියා යකෝ උඩට ගියාමත් කකුල් දෙක හිරි වෙටෙනවා










Wings of Time

මේක නම් අනිවා බලන්න ඕන එකක් 7.40 ට First show එක. Water & Laser Light වලින් කරන සුපිරි Show එකක්








මේ ලගම තියන Sentosa Express Train එකේ නැගල Harbour Front ගිහිල්ලා කාල නිදා ගත්ත


මතු සම්බන්දය් ඉතිරි කොටස හෙට

Last edited by LKF; 09-14-2018 at 12:47 PM.
Reply With Quote
(#2)
Old
Sanuka87's Avatar
Sanuka87 Sanuka87 is offline
Senior Member
Sanuka87 is just really niceSanuka87 is just really niceSanuka87 is just really niceSanuka87 is just really niceSanuka87 is just really niceSanuka87 is just really niceSanuka87 is just really nice
 
Posts: 1,325
Join Date: Feb 2018
09-13-2018, 10:47 PM

Patta machan. REP +
Reply With Quote
(#3)
Old
LKF's Avatar
LKF LKF is offline
Senior Member
LKF is just really niceLKF is just really niceLKF is just really niceLKF is just really niceLKF is just really niceLKF is just really niceLKF is just really nice
 
Posts: 318
Join Date: Jun 2017
Up Singapore Tour Part 2 - 09-14-2018, 12:32 PM

Part 2

Day 3

හතර වෙනි දවස වෙනකොට ලංකාවේ රහට කෑම එකක් නැතිව පිස්සු වගේ. ගත්ත Singa වැඩ කරන යාලුවෙක්ට Call එකක් ලංකාවේ කඩ තියෙන්නේ කොහෙද බලන්න. පොර කිව්වා Little India කඩයක්. උදේම ගියා කඩේ හොයාගෙන. අමාරුවක් නැතිව කඩේ හොයා ගැන හොදට කෑවා.

එතනින් Bus එකේ නැගල ගියා Singapore Flyer එකට. හුලග තියන දවස් වලට මේක වහන නිසා කෝකටත් කියල කලින් Ticket book කලේ නෑ එතනින් ගත්තේ


SGD 33 per person.











එතනින් පස්සේ ගියා Marina Bay Sands Hotel එකේ Roof Top එකට. Tickets කලින් අරන් තිබ්බේ.

USD 14 Per person














ඊට පස්සේ Bus එකක නැගල Town එකේ වටේ ගියා

එතනින් දවස ඉවරය්


DAY 4

අද ආපහු එන දවස Flight එක තිබ්බේ රෑ 12.50 ට

උදේ Hotel එකෙන් Check Out වෙලා Luggage ටික Lobby එකේ තියල ගගියා ඇවිදින්න.


China Town

ලංකාවට අරන් යන්න සුකුරුතන් බඩු ටිකක් මෙතනින් ගන්න පුළුවන් අඩුවට











එතනින් ගියා singapore merlion බලන්න



එතනින් ගියා garden by the bay බලන්න







marina bay shopping mall එකටත් ගියා







එතනින් ඔන්න ගමන ඉවරය්

රෑ 9 විතර වෙද්දී Airport එකට ගිහිල්ල පාන්දර 2 වෙද්දී ලංකාවට ආවා.


ඔක්කොම හරි කියපන්කො ලංකාවට ආපුවම අපේ Immigration එකේ System Down වෙලා 1 Hour විතර පෝලිමේ හිටගෙන
හිටියා රට ඇතුලට යන්න බැරිව. Tourist ලය් අපේ අයය් ඔක්කොම 1000 ක් විතර පෝලිමේ බලපන්කො ඉතින් අය ලංකාවට එය් ද උන් ආපහු,
පලවෙනි දවසෙන්ම ලංකාව එපා වෙනවා. ඔන්න ඕකය් ලංකාවේ තත්වේ

Last edited by LKF; 09-14-2018 at 05:24 PM.
Reply With Quote
(#4)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is offline
Senior Member
csaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud of
 
Posts: 13,947
Join Date: May 2010
Location: SL
09-14-2018, 12:34 PM

bump
Reply With Quote
(#5)
Old
niresh1989's Avatar
niresh1989 niresh1989 is offline
Senior Member
niresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really niceniresh1989 is just really nice
 
Posts: 2,595
Join Date: Mar 2014
Location: Kandy
09-14-2018, 12:35 PM

Reply With Quote
(#6)
Old
pc kush's Avatar
pc kush pc kush is offline
Senior Member
pc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of light
 
Posts: 7,442
Join Date: Feb 2010
09-14-2018, 12:47 PM

Niyamai.ithuru tikath dapan
Reply With Quote
(#7)
Old
nvhcc89's Avatar
nvhcc89 nvhcc89 is offline
Senior Member
nvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to all
 
Posts: 16,959
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
09-14-2018, 12:51 PM

oya tikama math kara
but mama giyapu wela idanma use kare unge trains, eka parak wath taxi ekaka giye na,
tickets tika pattama aduwata ehe inna lady kenekgen gatta, agency ekak newei, eya bulk aran tickets sell karanawa 390 SGD walata sentosa,universal and anith tickets gatta, mage yaluwek set kare, mac eken and food courts walin kawe, hotel ekata giye 22000 just the room for 4 nights, shopping karala okkoma balala dennek ekka 2 laks wage giye, air tickets up and down ekkama
Reply With Quote
(#8)
Old
ctpgamage ctpgamage is offline
Senior Member
ctpgamage has a spectacular aura aboutctpgamage has a spectacular aura aboutctpgamage has a spectacular aura about
 
Posts: 2,014
Join Date: Jul 2009
09-14-2018, 12:52 PM

thanks
Reply With Quote
(#9)
Old
nvhcc89's Avatar
nvhcc89 nvhcc89 is offline
Senior Member
nvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to all
 
Posts: 16,959
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
09-14-2018, 12:53 PM

heart problems thiyena aya cabe car and sentosa jet roller coaster eke yannepa, marei
Reply With Quote
(#10)
Old
garment123's Avatar
garment123 garment123 is offline
Senior Member
garment123 is a glorious beacon of lightgarment123 is a glorious beacon of lightgarment123 is a glorious beacon of lightgarment123 is a glorious beacon of lightgarment123 is a glorious beacon of lightgarment123 is a glorious beacon of lightgarment123 is a glorious beacon of lightgarment123 is a glorious beacon of lightgarment123 is a glorious beacon of lightgarment123 is a glorious beacon of lightgarment123 is a glorious beacon of light
 
Posts: 1,508
Join Date: Dec 2011
Location: කන්දක
09-14-2018, 01:00 PM

up
Reply With Quote
Reply

Bookmarks

Tags
singapore, singapore tour, tour

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07344 seconds with 9 queries