ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Sports
Reload this Page ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් දස දෙනා අතරට චŞ
Reply
 
Thread Tools
(#1)
Old
hmv's Avatar
hmv hmv is offline
Senior Member
hmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of light
 
Posts: 2,514
Join Date: Nov 2011
Location: Colombo
Oh! ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් දස දෙනා අතරට චŞ - 12-08-2017, 12:58 PM

ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ 20 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරගාවලිය නිමාවත් සමඟින් පියවර කිහිපයක් ඉදිරියට තබමින් 9 වැනි ස්ථානයට පැමිණ තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ඉන්දියානු තරගාවලියට පෙර ශේ්‍රණිගත ලකුණු 658ක් ලබා 20 වැනි ස්ථානයේ පසුවුවද ටෙස්ට් තරගාවලියේදී එක් ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමඟින් මුළු ලකුණු 366ක් (සාමාන්‍ය 64.00) ලබා ගැනීම හේතුවෙන් මේ වනවිට ශේ්‍රණිගත ලකුණු ප්‍රමාණය 743ක් දක්වා වැඩි වී තිබීමද කැපී පෙනේ.
මේ අතර පසුගිය සතියේදී ශේ්‍රණිගත ලකුණු 620ක් ලබා පිතිකරණ ශේ්‍රණිගත කිරීම්හි 30 වැනි ස්ථානයේ පසු වූ ඇන්ජිලෝ මැතිව්ස් නිමාවූ තෙවැනි තරගයේ පළමු ඉනිමේදී ලැබූ ශතකය (111) හේතුවෙන් මේ වනවිට 23 වැනි ස්ථානය දක්වා පියවර 7ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීමද විශේෂත්වයකි.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව සමඟින් පැවැති ටෙස්ට් තරගාවලියට පෙර ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශේ්‍රණිගත කිරීම්හි ශේ්‍රණිගත ලකුණු 806ක් ලබා හය වැනි ස්ථානයේ පසු වූ විරාත් කෝලි ටෙස්ට් තරගාවලියේදී ශතක තුනක් (එක් ද්විත්ව ශතකයක්ද සමඟින්) හා එක් අර්ධ ශතකයක් සමඟින් මුළු ලකුණු 610ක් ලැබීම හේතුවෙන් මේ වනවිට පිතිකරණ ශේ්‍රණිගත කිරීම්හි දෙවැනි තැනට පැමිණ සිටී.

ICC Top 10 Test Batsmen
Rank - Name - Rating
1 Steve Smith -938
2 Virat Kohli -893
3 Joe Root -879
4 Cheteshwar Pujara -873
5 Kane Williamson -865
6 David Warner -815
7 Hashim Amla -795
8 Azhar Ali -755
9 Dinesh Chandimal -743
10 Dean Elgar -732
Reference: ICC Rankings, 7 December 2017
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01473 seconds with 9 queries