ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Open Forum
Reload this Page බුදුදහම, සර්වබලධාරී දෙවියන් සහ ඉස්ලාමය...!!!
Reply
 
Thread Tools
(#1)
Old
JHHA's Avatar
JHHA JHHA is offline
Senior Member
JHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of light
 
Posts: 1,041
Join Date: Aug 2009
Location: අනේ මන්දා...!!!
Up බුදුදහම, සර්වබලධාරී දෙවියන් සහ ඉස්ලාමය...!!! - 06-05-2012, 02:32 AM

එළකිරි අඩවියේ දැන් නිතර දක්නට ලැබෙන මුස්ලිම් බෞද්ධ ගැටුම් ගැන විශේෂයෙන්ම බෞද්ධ සොයුරන් වෙත අදහසක් පල කරන්න මම මේ ලිපිය උපයෝගී කර ගන්නවා.! එනමුත් මුස්ලිම් ඇතුළු අන්‍යාගමික සොයුරන්ට පවා මේ ගැන සොයා බැලීමට කිසිදු බාධාවක් නෑ...!!!

මේ ගැන කතා කිරීමට කලින් ආගම් ද්විත්වයේ මූලික හරයන් කීපයක් සලකා බැලීම වැදගත්.! ඊට ආගමක් දර්ශනයක් යන්නේ අදහස තේරුම් ගන්න ඕනේ.!
දර්ශනයක් අධ්‍යාත්මික /ලෝකෝත්තර සංකල්පයක් වෙනවා වගේම ඒක සර්වකාලීන වීමත් දැකගන්න පුළුවන්.!
නමුත් ආගමක් කියන්නේ ලෞකික සංකල්පයක්; නීති රීති, වත්පිළිවෙත් මීට අඩංගු වෙනවා.! එ වගේම ආගමක් කාලානුරූපයි දේශානුරූපයි.!
දර්ශනයක් ආගමක්ම වෙන්න අවශ්‍ය නැති උනත් ආගමකට දර්ශනයකින් තොරව පැවැත්මක් නෑ. මොකද ආගමක් ගොඩනැගෙන්නේ කිසියම් දර්ශනයක් වටා කාලානුරූපවදේශානුරූපව නීති රීති, වත්පිළිවෙත් පද්ධතියක්(වර්ධනාත්මක ලෞකික ජීවිතයක් උදෙසා) ගොඩ නැගීම තුලින්! ඇතැම් ඉස්ලාම් භක්තිකයන් ඉස්ලාමය දර්ශනයක් ලෙස නොව ආගමක් ලෙස පමණක් සැලකීමට කැමති වුවත් එහි දාර්ශනික පසුබිම අමතක කිරීමට හැකියාවක් නෑ.!

ඉස්ලාම් ක්‍රිස්තියානි යුදෙව් ආදී ආගම් වල දර්ශනයේ පදනම සර්වබලධාරී මැවුම්කාර දෙවි කෙනෙකුගේ පැවැත්ම විශ්වාස කිරීමයි.! එකම මූලික දර්ශනයක් කාලානුරූපවදේශානුරූපව ආගම් 3 ට විකසනය වී ඇති හැටි අපිට මෙහිදී දැක ගන්න පුළුවන්! නමුත් මෙම දුර්වල පරිකල්පිත සර්වබලධාරී මැවුම්කාර දෙවි සංකල්පයේ පැවැත්මට ඉතා දැඩි ආරක්ෂාවක් ලබාදීම අවශ්‍යයි.! මේ ආරක්ෂාව අඩු වැඩි වශයෙන්ම ඉහත ආගම් වලදී ලබා දී තියනවා. ඒ මෙම සර්වබලධාරී මැවුම්කාර දෙවියන් සහ එම දෙවියන්ගේ (පරිකල්පිත) ක්‍රියාකාරිත්වයේ පැවැත්ම පරීක්ෂා කිරීමට, විශ්ලේෂණය කිරීමට, තහවුරු කිරීමට අනුබල නොදීම තුළින්.! එමනිසා යටකී ආගමිකයන්ට එම ආගමිකයන් වීමට සර්වබලධාරී මැවුම්කාර දෙවියන් සහ එම දෙවියන්ගේ (පරිකල්පිත) ක්‍රියාකාරිත්වයේ පැවැත්ම පිලි ගැනීම/විශ්වාස කිරීමට නිරවශේෂයෙන්ම සිදු වෙනවා.! මෙහි ඇති පහසුව මේ මත කිසිදු ගැටලුවකින් තොරව නීති රීති, වත්පිළිවෙත් සම්පාදනය කර කිසියම් පුද්ගලයකුට හෝ පිරිසකට ආගම ස්ථාපිත කර ගැනීමේ හැකියාවයි. එනිසා එම
නීති රීති, වත්පිළිවෙත් කිසිවෙකුටත් ප්‍රශ්න කිරීමට නොහැකි වෙනවා.! ඉදින් මේ ආගමිකයන්ට තමන් පිළිගත් උක්ත දර්ශනය මත එම ආගමික නීති රීති, වත්පිළිවෙත්(නිවැරදි සහ සාධාරණ වුවත් නොවුවත්) අනුගමනය කිරීමට සිදු වෙනවා/බැඳී සිටිනවා.!
මේ නිසා ඔවුන් පිළිගන්නා දර්ශනයේ සත්‍ය අසත්‍යතාවය කුමක් වුවත් ආගම ශක්තිමත් වීම සිදු වෙනවා.!

බෞද්ධ දර්ශනයේ මූලික පදනම තමන් විසින්ම උත්සාහ කොට කොට තමන් විසින්ම පරීක්ෂාකොට තමන් විසින්ම විශ්ලේෂණය කොට තමන් විසින්ම සත්‍යය තහවුරු කර ගැනීමයි.! බුදුන් වහන්සේ ශ්‍රේෂ්ට ගුරුවරයකු වන්නේ එම ස්වගවේෂණය පහසු කරගැනීම සඳහා මාර්ග(පර්යේෂණ ක්‍රම) පෙන්වා දුන් බැවින්.! නමුත් එම මාර්ග අනුගමනය කලත් සත්‍යය සොයා ගත යුතේ තමන් විසින්මයි. එමෙන්ම එම මාර්ග වල අනිවාර්යෙන්ම ගමන් කලයුතු යයි කිසිදු නීතියක් හෝ බල කිරීමක් නෑ. එමෙන්ම විවෘත මනසකින් සියලු දේ විශ්ලේෂණය කිරීමට බෞද්ධ දර්ශනය අනුබල දෙනවා.! බුදුන්වහන්සේගේ සතර මහෝපදේශ මීට කදිම උදාහරණයක්.! ඉන් උන්වහන්සේ කිසිවක්තමන් වහ්සේ විසින් ප්‍රකාශ කල බව පැවසුවත් එය පිළිගත යුත්තේ තමා විසින්ම නිවැරදිදැයි තීරණය කිරීමෙන් පසුව බවත් පැහැදිලි කරනවා.! ඉදින් මෙවන් විවෘත දර්ශනයක් මත පදනම් වුනු බුද්ධාගම නිරවශේෂයෙන්පිලිපැදියයුතු නීති රීති වලින් සීමා කරන්නේ නෑ.! එය ගොඩනැගී ඇත්තේ කාලානුරූපවදේශානුරූපව ගොඩනැගුනු වත්පිළිවෙත් සහ සිරිත් විරිත් මතයි(නීතිරීති අවමයි).! මේ හේතුව නිසා දර්ශනය කෙතරම් ප්‍රබල වුවත් ආගමක් ලෙස බුද්ධාගම දුර්වල ස්වභාවයක් ගන්නවා.!

උක්ත දෙවි සංකල්පය ප්‍රධාන කොටගත් ආගමක් තුළ කුඩා කල සිට හැදී වැඩෙනා පුද්ගලයෙකුට එම ආගමේ නීති රීති හා වත්පිළිවෙත් වලට අනුව සර්වබලධාරී මැවුම්කාර දෙවියන් සහ එම දෙවියන්ගේ (පරිකල්පිත) ක්‍රියාකාරිත්වයේ පැවැත්ම සම්බන්ධයෙන් අඩුවැඩි වශයෙන් බුද්ධි ශෝධනයක්(brainwashing)සිදු වෙනවා. මෙය ඉස්ලාම් ආගමිකයන් තුළ ඉතා දැඩිව දකින්න පුළුවන්.!
මේ හේතුව නිසා මොවුන් සමග තර්ක කිරීම ඵල රහිත වන අතර එහි වරද ඔවුන්ගේ නොව ඔවුල් ලක්වී ඇති බුද්ධි ශෝධනය බව අප අවබෝධ කරගතයුතුයි..
පහත උදාහරණය මගේ පුද්ගලික අත්දැකීමක්.!
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට මගේ මිතුරෙකු සමග ගිය අවස්තාවකදී දුටු සිදුවීමක්‌ මෙය.
කිසියම් හදිසි අනතුරකට ලක්වී පාදයේ කැපුම් තුවාලයක් සහිත අවුරුදු 2 මාස 8 වයසැති මුස්ලිම් ළදැරියක් අගේ මව විසින් ගෙන එනු ලැබුවා.! තුවාලය ශුද්ධ පවිත්‍ර කර මැහුම් දමා සම්පුර්ණ කරණ තෙක් ඇගේ මුවින් පිටවූ එකම වදන වුයේ "ඕ අල්ලා, ඕ අල්ලා " යන්න පමණි...!!!

එමෙන්ම එකම දර්ශනය මත පදනම් වුවත් එළකිරි අඩවියේ පවා ක්‍රිස්තියානි භක්තිකයින්ට වඩා ඉස්ලාම් භක්තිකයින් බෞද්ධයන් සමග ගැටුම ඇතිකර ගැනීම මීට තවත් උදාහරණයක්.

මේ ආගම් අතර ඇති මූලික වෙනස්කම් ගැන යම් පමණකට හෝ පැහැදිලි අදහසක් මින් ඇති කරගත හැකියි මා විශ්වාස කරනවා.!
Reply With Quote
(#2)
Old
JHHA's Avatar
JHHA JHHA is offline
Senior Member
JHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of light
 
Posts: 1,041
Join Date: Aug 2009
Location: අනේ මන්දා...!!!
! 06-05-2012, 02:32 AM

මෙම දෙවන ලිපියෙන් එළකිරි අඩවියේ මුස්ලිම් භක්තිකයන් කිහිප දෙනෙක් බෞද්ධයන්ට විරුද්ධව නැවත නැවත මතු කල කරුණු කීපයක් විමසා බලනවා.!

ඒ සත්ත්ව ඝාතනය හා සත්ත්ව හිංසනය ගැනයි.!

මෙහිදී බුදුදහම සත්ත්ව ඝාතනය හා සත්ත්ව හිංසනය සම්පුර්ණයෙන් බැහැර කරන බව පළමුවෙන් කියන්න ඕන.!

මස් සඳහා සතුන් ඝාතනය(විශේෂයෙන්ම ගව ඝාතනය)
මෙහිදී මුස්ලිම් වරුන් මතු කරන ප්‍රධාන කරුණක් වන්නේ මුස්ලිම් ගහනයට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ මස් පරිභෝජනය (විශේෂයෙන් ගවමස්) ඉතා වැඩි බවයි.! එනම් බෞද්ධයන් විශාල වශයෙන් මස් අනුභව කරණ බවයි.
මේ ප්‍රකාශය සංඛ්‍යාත්මක ලෙස නිවැරදි නමුත් මස් අනුභව කරන ප්‍රමාණය අදාළ ප්‍රජාවන්ගේ ප්‍රතිශතයක් ලෙස ගත් විට මස් අනුභව කරන මුස්ලිම් ප්‍රතිශතය මස් අනුභව කරන බෞද්ධ ප්‍රතිශතයට වඩා අතිශයින් ඉහලබව ඉතාම පැහැදිලියි.! නමුත් එම ප්‍රතිශතය මුස්ලිම් ප්‍රතිශතයට වඩා අඩු වීම එය සාධාරණීකරණය කිරීමට ගන්නා උත්සාහයක් නොවන බව කියන්න ඕන.! එමෙන්ම බොහෝ ඝාතකාගාර වල සිටින සත්ත්ව ඝාතකයින් මුස්ලිම් භක්තිකයන් බවත් පැහැදිලිව පෙනෙන දෙයක්!
එසේ වුවත් කිසිදු හේතුවක් සඳහා හෝ සතුන් මැරීම බුදුදහමේ අනුමතනොකරන බව නැවතත් කියනවා.!
දේවානම්පියතිස්ස රජු විසින් දිවයින තුළ සත්ත්ව ඝාතනය තහනම් කල කාලයේ පවා මස් වැද්දන් ලෙස හොරෙන් සතුන් දඩයම කල පුද්ගලයන්, හොරෙන් මස් මාංශ ගෙන්වාගෙන අනුභව කල බෞද්ධයන් සිටියා(බුදු දහමින් ප්‍රතික්ෂේප කරත්).! ආගම්වලට/දර්ශනයන්ට අනුකූලව සියලුම මිනිසුන් ජීවත් වෙනවානම් කිසිදු රටකට දඬුවම් ක්‍රම අධිකරණ ආදිය අවශ්‍ය වන්නේ නෑ.! එතරම් තද ආගම් භක්තිකයන් වන මුසල්මානුවන් ජීවත්වන රටවල පවා දැඩි දඬුවම් ක්‍රම තියෙන්නේ ඒකයි.!
ඒ නිසා සාමාන්‍ය මිනිස් ස්වභාවය කිසියම් අන්තගාමී අදහසක් සාධාරණීකරණය කිරීම සඳහා එතරම් සුදුසු නැති බව මින් පැහැදිලි වෙනවා.!

සතුන් ඝාතනය හොඳද නරකද යන්න මදක් විමසා බලමු.!(මේ ගැන බොහෝ කරුණු සාකච්ඡාවී තිබුනත් ලිපියේ පුර්ණත්වය උදෙසා මදක් සඳහන් කරනවා!)
ගවයන්, මාළුන්, කුකුලන් ආදී සතුන් සිටින්නේ අපගේ ආහාරයට නම් මස් ලබාගැනීම සඳහා ඔවුන් මැරීමේදී වේදනාවෙන් කෑගසන්නේ ඇයි? දඟලන්නේ ඇයි? මරණයට පත්කරන අතරතුර ඉඩක් ලදහොත් පැන යන්නේ ඇයි? කිසියම් මිනිසෙකු(කුමන හෝ ආගමක වේවා) මස් පමණක් ආහාරයට ගන්නා සිංහයන් රැලකට කොටු වුවහොත් ඉන බේරීමට උත්සාහ කරන්නේ ඇයි? ඔවුන් එම මිනිසා ආහාරය සඳහා මරනවිට වේදනාවෙන් කෑ ගසන්නේ ඇයි? හැකිනම් ඔවුන් මරා දමාහෝ පැන යන්නේ ඇයි? ඔහුගේ මිතුරකු ඥාතියෙකු ළඟ සිටී නම් එම මිනිසා සිංහයාගේ ආහාරයයි නොසිතා බේරා ගැනීමට උත්සාහ කරන්නේ ඇයි?
ඊට හේතුව මිනිසා ඇතුළුව සියලුම සතුන් සිය ජීවිතයට ආශා කිරීමයි.! අනෙක් සතුන් මරණයට පත් කොට හෝ තම ජීවිතය පවත්වාගෙන යාමට ආශා කිරීමයි.! කිසිම සත්ත්වයෙක් කැමැත්තෙන් තවත් කෙනෙකුගේ ආහාරයක්‌ වන්නේ නැත.!
ඉදින් කුමන හේතුවක් නිසා හෝ සියලු සත්ත්වයන්ට පොදුවූ තම ජීවිතයන් පිලිබඳ ආශාව / ජීවිතය / ප්‍රාණය නැති කිරීම සුදුසුද සාධාරණද බව මේ අයුරින් සිතන කල අප සැමට වැටහෙනවා.

මෙසේ වූ සත්ත්ව ඝාතනය එමනිසා බොහෝ ප්‍රධාන ආගම්වල ප්‍රතික්ෂේප කර ඇති නමුත් ඉස්ලාමය තුළ පමණක් එය සාධාරණීකරණය කර අනුමත කර තිබීම විශේෂයි.

නමුත් මේ ගැන කරුණු සොයා බලා සත්‍යය අවබෝධ කොට ගත්තත් ඒ ගැන කිසිවක් ඔවුන්ට කල නොහැක්කේ පෙර ලිපියේ දැක්වූ හේතු නිසාවෙන්.

ගව ඝාතනය ශ්‍රී ලංකාව තුළ විශේෂත්වයක් ගන්නේ බුද්දහමට ඇති සබැඳියාව මත නොව කෘෂි ආර්ථික රටාවකට උරුමකම් කී සිංහල සංස්කෘතිය නිසාය. තමාගේ කෘෂිකර්මාන්තයේදී අද්විතීය වැඩකොටසක් ඉටු කරදුන් සත්ත්වයා මරා මස් කෑම පවුලේ සාමාජිකයෙක් මරා මස් කෑම මෙන්ම පිළිකුල් කටයුතු දෙයක් මෙන් සිංහලයන් දකින බැවිනි.
එසේ වුවත් හොරෙන් ගවයන් මස් කර ආහාරයට ගත් පුද්ගලයන්ද එම අතීතයේත් සිටි බව සියලු දෙනා දන්නා කරුණකි.! (සමාජයක් 100% සම්පුර්ණ නොවන බැවින්!)

සත්ත්ව හිංසනය
බෞද්ධයන් සත්ත්වයන්ට(මනුෂ්‍යයන්ද ඇතුළුව) හිංසා කිරීම ඉස්මතු කිරීමක් සමහර විට දකින්නට ලැබෙනවා.! (මුසල්මානුවන්ගේ හිංසාකාරී ක්‍රියා සාධාරණීකරණය කරනු පිණිස)
කන් විදීම මෙහිදී අවධානයට ගැනෙන කරුණක්.! එහිදී සිදුකරනු ලබන්නේ කන් පෙත්තේ කොටසක් කපා ඉවත් කිරීම නොව
කන් පෙත්තේ ආභරණයක් දැමීම සඳහා කුඩා සිදුරක් ඇති කිරීම වුවත් එහිදීත් වේදනාවක් ඇතිවන බව පිළිගතයුතුයි. එනමුත් මෙය පවා බුදුදහම හා බැඳුනු කර්තව්‍යයක් නොව සිංහල සංස්කෘතිය හා බැඳුනු සිරිතක් එමෙන්ම එය නීතියක් ලෙස සිංහල සංස්කෘතිය තුළවත් ස්ථාපිත නැහැ .!
කෙසේ වුවත් මේ කුමන ආකාරයකවත් හිංසනය බුදුදහම තුළ අනුමත කර නැහැ!
තවත් සාකච්චාවට බඳුන් වූ කරුණක් නම් ගවයින් හන ගැසීම, කරත්තයට බැඳ පහරදීම, ලාඩන් ගැසීම ආදියයි.! කෘෂිආර්ථික සිංහල සංස්කෘතියේ අනිවාර්ය අංගයක් වූ ගවසම්පත කිසියම් කෙනෙකුගේ ධනවත් සමෘද්ධිමත් බවත් කියාපාන ලක්ෂණයක් වුණා. අතීතයේ බොහෝවිට නිදහස්ව තැබූ (බැඳ නොතැබූ) ගවයින්ගේ අයිතිය සනාත කිරීම සඳහා ගවයන්ගේ හන ගැසීම සිදුවුනත් කල් යාමේදී එම ක්‍රමයෙන් අභාවයට යමින් පවතිනවා.!
බර ඇදීමට යොදා ගන්නා ගොනුන්ට කෙවිටකින් තැලීමෙන් බලාපොරොත්තුවන්නේ ඔවුන් එම යෙදවූ කාර්යයේ නිසි ලෙස පුරුදු කිරීමයි.! කලක් බර ඇදීමට පුහුණු වූ පසු මේ ගොනුන් එට යෙදවීම සඳහා කෙවිට අවශ්‍ය
වුයේ නැහැ.! එමන්ම ඒ සඳහා යොදාගත් ගොනුන් තම දරුවන් මෙන් රක්ෂා කිරීම එම කරත්තකරුවන් වගකීමක් කොට සැලකුවා.! ඔවුන්ව මස් සඳහා විකිණීම ඉතාම පිළිකුල් කළා.!
ලාඩන් ගැසීම සතුන්ගේ කුර ආරක්ෂාකිරීමට සිදු කරන දෙයක්. එ වගේම එසේ ගසනු ලබන්නේ වේදනාවක් නොදැනෙන කුරයේ කෙරටීන් කොටසටයි.!(අපේ නියපොතු මෙන්!)
හරකුන්ගෙන් කිරි ලබා ගැනීම ඇතැම් විට සොරකම් කිරීමක් (පැටවාට හිමි දෙයක්) ලෙස හුවාදැක්වීමට ඇතැම් පුද්ගලයන් උත්සාහ කරනවා.! නමුත් සිංහල නිවසක ඇතිදැඩි කරන කිරි හරකුන්ගෙන් කිරි ගැනීමේදී පැටවාට ප්‍රමාණවත් තරම් කිරි ඉතිරි කිරීම අනිවාර්යයෙන් සිදු කරන දෙයක්.! එමෙන්ම බොහෝ වෙලාවට දිනකට වරක් පමණක් කිරි ලබා ගන්නේ ඉතිරි කාලය පුරාවටම පැටියාට අවස්ථාව ලබාදෙමින්!

එසේ වුවත් මේ කවර අයුරින් හෝ සතුන්ට හිංසා කිරීම බුදු දහම තරයේ ප්‍රතික්ෂේප කරනවා.!

මෙය අපේ මුස්ලිම් සොයුරු සොයුරියන් අපහසුතාවට පත කිරීමට නොව ඔවුන් මතු කරණ ඇතැම් කරුණු පිළිබඳව අපේ බෞද්ධ සොයුරන් දැනුවත් කිරීම සඳහා මා විසින් සම්පාදනය කල බව මා පැහැදිලිව කියා සිටිනවා.!
එමෙන්ම මා, මෙය ආගම් අතර ගැටුම් වර්ධනය කිරීමට භාවිතා නොකරන ලෙසත් සියල්ලන්ගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා!

සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා.! සත්‍යාවබෝධය ලැබේවා.!
Reply With Quote
(#3)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud of
 
Posts: 68,448
Join Date: Feb 2010
Location: Disce aut Discede
06-05-2012, 02:37 AM

Goda kalekin ban dakke koheda giyea rep +++++ bookmarked






Quote:
Quote:
Originally Posted by JHHA View Post
මා මේ ලිපියෙන් උත්සාහ කලේ කිසියම් අයුරකින් ඇතැම් මුසල්මාන සොයුරන් බුදුදහම ගැන ගැටලුකාරී ලෙස මතුකරන ඇතැම් කරුණු නිසා බෞද්ධ සොයුරන්ට බුදුදහම ගැන කිසියම් අපැහැදිලි බවක් ඇතිවී ඇත්නම් බුද්ධ දර්ශනයේ මූලික සංකල්පවලට අනුකූලව මේ කරුණු අපවිසින්ම විශ්ලේෂණය කර පරීක්ෂාකර අවබෝධ කරගන්නා ආකාරය පිලිබඳ උදාහරණයක් ලබාදීමටයි.! එහිදී තමන්ගේ බුද්ධියට ගෝචර වන අයුරින් නිදහස්ව විවෘතව සිතා බැලීමේදී පරීක්ෂාකර බැලීමේදී ඇතැම් කරුණු අපෙන් ගිලිහී යාමට ඉඩ ඇති බැවින්(අප අධිගමයන් ලැබූ පුද්ගලයන් නොවන බැවින්) අනෙකුත් එලෙස විවෘතව සිතා බලන පරීක්ෂාකර බලන පුද්ගලයන් සමඟ අදහස් හුවමාරු කරගැනීම අපට එවැනි යම් කරුණක සත්‍ය තත්ත්වය අවබෝධ කරගැනීමට මහෝපකාරී වෙනවා.!

ඉතිං අපේ බෞද්ධ සොයුරන්ට කිසියම් අයුරකින් ගැටලුකාරී අපැහැදිලි කරුණු ඇති වුවොත් ඒවා මෙහි පල කොට හරවත් දහම් සාකච්ඡාවක් පවත්වාගනිමින් අප සියලු දෙනාගේම දහම් දැනුම වැඩිකර ගනිමින් අප සියලු දෙනාටම සත්‍යාවබෝධය කරා ලඟාවීමට අවස්ථාවක් තියන බව මා විශ්වාස කරනවා.!


විශේෂයෙන් අභිධර්මය/විදර්ශනා භාවනා ගැන දැනුමැති බෞද්ධ සොයුරන්ට අප හා ඔවුන්ගේ දැනුම බෙදා ගනිමින් අනෙක් බෞද්ධ සොයුරන්ට උපකාර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.!

ඔබ සැමට තෙරුවන් සරණින් සත්‍යාවබෝධය ලැබේවා.!

Last edited by kellsupun; 06-05-2012 at 08:36 PM.
Reply With Quote
(#4)
Old
sasliit's Avatar
sasliit sasliit is offline
Senior Member
sasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to behold
 
Posts: 36,261
Join Date: Jun 2007
Location: ලොවෙත් නැති තැනක
06-05-2012, 02:39 AM

මෙය අපේ මුස්ලිම් සොයුරු සොයුරියන් අපහසුතාවට පත කිරීමට නොව ඔවුන් මතු කරණ ඇතැම් කරුණු පිළිබඳව අපේ බෞද්ධ සොයුරන් දැනුවත් කිරීම සඳහා මා විසින් සම්පාදනය කල බව මා පැහැදිලිව කියා සිටිනවා.!

එමෙන්ම මා, මෙය ආගම් අතර ගැටුම් වර්ධනය කිරීමට භාවිතා නොකරන ලෙසත් සියල්ලන්ගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා!

උපරිමයි සහෝ බොහොම ස්තූතියි අපිව දැනුවත් කිරීම ගැන... බලමු අපේ අය මොකෙද කියන්නෙ කියලා..???
Reply With Quote
(#5)
Old
bandara77's Avatar
bandara77 bandara77 is offline
Senior Member
bandara77 has a spectacular aura aboutbandara77 has a spectacular aura aboutbandara77 has a spectacular aura aboutbandara77 has a spectacular aura aboutbandara77 has a spectacular aura about
 
Posts: 2,680
Join Date: Feb 2009
Location: Oman
Send a message via MSN to bandara77 Send a message via Skype™ to bandara77
06-05-2012, 02:46 AM

හරිම පැහැදිලියි..... ඔබට තෙරුවණ් සරණයි... සියලු සතවයෝ නිදුක් වෙත්වා....
Reply With Quote
(#6)
Old
sasliit's Avatar
sasliit sasliit is offline
Senior Member
sasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to beholdsasliit is a splendid one to behold
 
Posts: 36,261
Join Date: Jun 2007
Location: ලොවෙත් නැති තැනක
06-05-2012, 04:46 AM

බම්ප්..!!!
Reply With Quote
(#7)
Old
sinhaleseman's Avatar
sinhaleseman sinhaleseman is offline
Senior Member
sinhaleseman will become famous soon enoughsinhaleseman will become famous soon enough
 
Posts: 648
Join Date: Aug 2011
Location: everywhere
06-05-2012, 04:52 AM

bump
Reply With Quote
(#8)
Old
AWRORA's Avatar
AWRORA AWRORA is offline
Senior Member
AWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to all
 
Posts: 15,630
Join Date: Mar 2008
Location: සිංහල බෞද්ධ රටේ...
06-05-2012, 08:10 AM

සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා.! සත්‍යාවබෝධය ලැබේවා.!
Reply With Quote
(#9)
Old
JEYkamal JEYkamal is offline
Senior Member
JEYkamal is on a distinguished road
 
Posts: 1,294
Join Date: Mar 2012
06-05-2012, 08:41 AM

Quote:
Originally Posted by 001fiyD View Post
ethakota me sadu gataya?
karunaakarala meka ain karaganin, meke mole thiyena unuth innavaa. umba den oka demma athi...aye ithin gedara inna ammava elakiri ekata genna ganna epa
Reply With Quote
(#10)
Old
JEYkamal JEYkamal is offline
Senior Member
JEYkamal is on a distinguished road
 
Posts: 1,294
Join Date: Mar 2012
06-05-2012, 08:43 AM

Quote:
Originally Posted by AWRORA View Post
සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා.! සත්‍යාවබෝධය ලැබේවා.!

matath kiyanna thiyenne echcharai.. thanka machan.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! බම්ප් ! ! !, '''-. බම්ප් .-'''

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08600 seconds with 11 queries