ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Hard Talk with ashmi
Reply
 
Thread Tools
(#1)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 7,678
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
! Hard Talk with ashmi - 05-31-2017, 01:49 PM




ashmi

ඇය එළකිරියේ පළමු පරම්පරාවේ පුරුකක්... අලූත් පැරණි කිසිදු බේදයකින් තොරව හැම කෙනෙක්ම එක්කම සුහදව සිටින චරිතයක්... ඇය විසින් කිහිප විටක්ම මාව ටෝක් එකට ගන්න යැයි කන්නලව් කළ ද ඒ සඳහා අවස්ථාවක් නොදී සිටි අතර නොදී සිටීමට නොහැකි තරමට කරදරය වැඩි නිසා අද ඇයව සංවාදයට ලක් කරන්නට සිතුවෙමි..... ඇයට කියන්න තියෙන දේත් අහල බලමු.... පව්නේ....



01. ඔබ එළකිරියේ පැලක් අටවගන්න හේතුව මොකක්ද?

එහෙම පැලක් අටවගෙනනන් නෑ.... හැබැයි මට විවේකයක් ලැබෙන හැම වෙලාවකම එලකිරියට එන එකනන් ඇත්ත..... එලකිරිය කියන්නේ දැනුම සාගරයක්.. අනවශ්‍ය ත්‍රෙඩ්වැටෙන් නැතුව නෙමෙයි... හැබැයි ඕනේම විෂයක් සමබන්ධයෙන් දැනුම ලබාගන්න, ප්‍රශ්නෙකට ඉක්මන් විසඳුමක් ලබාගන්න හොඳම තැන කිරිය තමයි... ඉතින් මමත් දවසෙන් දවස අප්ඩේට් වෙන දැනුම ලබාගන්න එනවා... ඒ වගේම කිරියේ මට ගොඩක් යාලුවෝ ඉන්නවා... එයාලා නිසා මට කිරිය කියන්නේ හරිම ප්‍රියජනක තැනක්... ඇත්තම කිව්වොත් හැබෑ ජීවිතේ මට යාලුවෝ අශ්‍රය කරන්න වෙලාවක් නෑ... මේ ඔක්කොම හේතු නිසා මම කිරියේ රැඳෙන කාලේ වැඩිවෙලා තියෙන්නේ...


02. ඔබ දැන් බොහෝ වෙලාවක් ඔන්ලයින් ඉන්නවා.... පැන්ෂන් ගියා ද...? නැත්තං යන එන මං නැති වුණා ද?

පහුගිය කාලෙම ගොඩක් කාර්‍යබහුල උනා... ඒ කාලේනන් මාසෙකට සැරයක්වත් කිරියට එන්න බැරි උනා... ඒත් ගෙස්ට් කෙනෙක් විදිහටවත් දවසට සැරයක් හරි කිරිය බලල යන්න ඇවිත් ගියා... සමහර කාල වලට එන්න හම්බෙන්නේ නෑ... ඒත් නිවාඩුවක් ලැබුනමනන් ඉතින් මේකෙම තමයි... පැන්ෂන් යන්න තරන් නාකි නෑ බොල....


03. ඔබගේ ලිංගිකත්වය ගැන නම් කාටවත් අවුලක් නෑ වගේ.... මොකක්ද රහස.... අනෙක් කාන්තාවන්ටත් දැන ගන්න කියන්න පුලූවන්ද ?

මගේ ලිංගිකත්වයත් ටිටී හා සමානව ප්‍රශ්නයක් උනා මුල් කාලේ... මට සමහර සාමාජිකයට කෝල් කරන්න පවා සිද්ධ උනා ඒ කාලේ.... ඉස්සර දැන් තරන් අවබෝධයක් තිබ්බේ නෑ... ඒ වෙලාවේ පීඩාවට විස්ඳුමක් දෙන්න තමයි හිතුවේ... මොකද මම මුල්පෝස්ට් දාන කාලේ අලුත් ඒකවුන්ට් වලටයි කාන්තා යූසර්නේම් වලටයි අන්තිම පහත් තැනක් තිබ්බේ... වෙන දෙයක් කරන්න ඕන්නෑ ත්‍රෙඩ් එකක් බම්ප් කලත් ඇති බැනුන් අහන්න... ඒත් කාලෙත් එක්ක ගොඩක් සහෝදරවරු මා එක්ක චැට් කලා... මගේ අදහ්ස් වලින් තේරුන් ගන්නත් ඇති මගේ ජෙන්ඩර් එකත්... විශේෂයෙන්ම මැරීඩ් ක්ලබ් එකට සෙට්උනාට පස්සේ (බැඳපුවෝ ටිකටනන් මගේ ජෙන්ඩර් එක ප්‍රශ්නයක් උනේ නෑ... පස්සෙ තමයි එයාලා එක්ක ෆෝන් එකෙන් සම්බන්ධ උනෙත්) හැබැයි පස්සේ ගොඩක් අය ඒක තේරුන් ගත්තා... මම ඒ කලේ විඳ පීඩාව නිසාමයි මම කෙනෙක්ගේ ස්ත්‍රී පුරුෂ බාවය ප්‍රශ්න කරනවට තදින්ම විරුද්ද... හෙට දවසේ මගේ දුව කිරියට එන්න පුලුවන්, ඔයාගෙ දුව හෝනංගි, අක්ක, බිරිඳ ආදරේ කරන කෙල්ල එන්න පුලුවන්... එයාලට මේකට ඇවිත් එයාලගේ පෞද්ගලිකත්වය ආරක්ශා කරගෙන යන්න පුලුවන් වෙන්න ඕනේ... මොකද කෙල්ලෙක් කිව්වම එක්කෝ එෆ්බී, නැත්තන් ස්කයිප්, නැත්තන් ෆෝන් නම්බර් එක දෙන්න ඕනේ... මොකටද? ස්ත්‍රී බාවය තහවුරු කරගන්න? බෑ කිව්වොත් ආ උඹනපුන්සකයෙක්.. කොහොමද ලොජික් එක....


04.
ඇත්තටම කිරියේ සැරිසරන්න ලිංගය වැදගත් ද...? ඇයි උස්ස උස්ස, පහත් කර කර මේක හොයන්නේ....?


මම හිතන විදිහට ලිංගික කාර්‍යට විතරයි ලිංගය වැදගත් වෙන්න ඕනේ... අපි හැමෝමමේ ඉන්නේ අඩුම ගානේ අපේ හැබෑ නමින්වත් නෙමෙයි... අපිට අනිත් පැත්තෙ කෙනාගෙ කතාබහ හැසිරීමෙන් තමයි ගොඩක් වෙලාවට එයාව අඳුනගන්න වෙන්නේ... එයා තමන් ගැන ඇත්ත කියනවද බොරු කියනවද කියලා අපිට හොයාගන්න බෑ... අපිට මූනට හම්බෙලා කතාබහ කරන අයවත් අඳුනගන්න බැරිකොට හිතන්න කීබෝර්ඩ් එකක් ඉස්සරහ ඉඳන් ඉන්න මනඃකල්පිත චරිතයක් අඳුනගන්න පුලුවන් වෙයිද... ඉතින් ඕවා හොයන්න යන එක මෝඩ වැඩක්... අපි කසාදයක් බඳින්න හෝ අනියම් සබඳතා හොයාගෙන නෙමෙයිනේ එන්නේ... අනිකමේ වගේ ෆෝරම් එකකින් කරන්නේ කෙනෙක්ගේ මතයක් ඉදිරිපත් කලාම අනිත් අය ඒ මතයට එකඟව හෝ විරුද්ධව සංවාද කරන එක... ඉතින් තමන්ගේ අදහස පල කරන්න ලිංගය කොහෙත්ම වැදගත් වෙන්නේ නෑ...


05.
ඔබ හැටේවත්තේ ද? කුරුඳුවත්තේ ද? ඔබ ඉන්න හැම ත්‍රෙඞ් එකකම යන ටැග් එකක් නිසා ඇහුවේ...?

ඔය දෙකම වතු නිසා මටනන් දෙකේම වෙනසක් නෑ... හැටේ වත්තට ගැලපෙන්න ඕනේ විදිහට ඉන්නත් කුරුඳුවත්තට ගැලපෙන විදිහට ඉන්නත් හොඳට දන්න නිසා මට ඔය වතු දෙකම එකයි... හැබැයි ඔය ටැග් දාන්නේනන් ඔය වතු දෙකෙම උන් නෙමෙයි... කොහෙද මුල්ලක එකෙක්...


06.
මම හිතන්නේ සුපුරුදු ඒ ටැග් දෙකම දාන්නේ එකම සාමාජිකයෙක්.... මොකක්ද විරසකයට හේතුව...?


මම මගේ ජීවිතයට වැදගත් වෙන මිනිස්සු හා සිදුවීම් විතරයි මතක තියාගන්නේ...


07. හාර්ඞ් ටෝක්වලට හඳුන්වා දෙන අලූත්ම පොදු ප‍්‍රශ්නය.. ඔබ එළකිරියේ වැඩියෙන්ම අපහසුතාවයට පත් වූ අවස්ථාව කුමක් ද?

මම දාපු පරණ සමහර ත්‍රේඩ් ආපහු බම්ප් වෙන එක තමයි ඉතින් මේකේ අපහසුතාවයට පත්වෙන සිදුවීමකට තියෙන්නේ... දැන් කුණුහරුපෙන් බැනුන් ඇහුවට ගාණක් නෑ ඉස්සර තරන්... ඒක මේකේ හැටි කියන දේ වටහගෙන ඉන්න නිසා...


08. දොන් නම් දොන් සිමන් නම් සිමන් න්‍යායට හිටියොත් කෙළවෙන හින්ද නේද ඔබ වැල යන අතට මැස්ස ගහන න්‍යාය අනුගමනය කරන්නෙ... ජාම බේරගත්තත් ඒක පෞරුෂත්වයට හානියක් නෙවෙයිද?

දැන් ඔන්ලයින් ෆෝරම් එකක් කියන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් අරන් ඉන්නේ... ඒ නිසා අනුන්ගේ මත වෙනස් කරන්න යන්නෑ... හැබැයි කවුරු විරුද්ධ වුනත් මොන තරන් බැනුන් අහන්න උනත් මගේ මතය නිවැරදිනන් කීයටවත් වෙනස් කරන්නේ නෑ....


09. එළකිරිය කිව්ව සැනින් මතක් වෙන සාමාජිකයින් 05 දෙනා කවුද...? ඒ ඇයි...?

Posthuman: ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකක් දාලා බැනුන් අහගෙන අන්ත අසරණ වෙලා ඉද්දි පීඑම් එකක් දාලා ඔයා නියම කාලෙට හරියන ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ කියලා ගොඩක් මගේ හිත හැදුව..ඒත් දැන්නන් පේන්න නෑ..

Titi : මට ත්‍රෙඩ් එකක මුලින්ම මගේ පැත්තට කතා කලා... ඒ වගේම මට ඉස්සෙල්ලම රෙප් දුන්නෙත් ටිටී


HiElakiri: මගේ පලවෙනි එලකිරි සහෝදරයා, මට පුදුම සපෝර්ට් එකක් දුන්නා..මගේ මුල්ම කාලේ ත්‍රෙඩ් එකක ෆොටෝස් පවා දාලා දීලා ඒ සමබ්න්දව ගොඩක් දේවල් කියලා දුන්නා....

මැරීඩ් ක්ලබ් සහෝදරයෝ ටික: මගේම සහෝදරයෝ තමයි..පොඩි කාලේ ඉඳන් තාත්තා ඇරුනමසහෝදරයෙක්වත් නැති මහත්තයා හම්බෙනකන් පිරිමි ආශ්‍රයක් තිබ්බේ නැති මට මගෙම සහෝදරයෝ උනා... දුකක් කරදරේකදි හැම වේල කෝල් කර කර දිරිමත් කරන, අවශ්‍ය හැමවෙලේම අපි උඹත් එක්ක ඉන්නව කියන උන් ටික මැරෙනකන් අමතක වෙන්නේ නෑ ඉතින්.... බඩියා, ජේසා, නුවන් මල්ලි, පැරිසා, තුසියා, චාමලි, tomcat007 (my best friend) මෙන්න මුන් ටිකත් කිරිය කිව්ව ගමන් මට මතක වෙන චරිත තමයි....පහට වඩා වැඩි උනාද මන්දා....


10. අලූත් පරම්පරාවේ එළකිරි කජු කිරි කොල්ලන් කෙල්ලන් ගැන ඔබගේ අදහස කුමක් ද?

දැනුමෙන් වැඩි අසහනෙන් වැඩි පිරිසක් කියල තමයි හිතෙන්නේ... ඒත් ඉතින් උන් හරි සුහදයි... ඕනේ දෙයක් කතා බහ කරන්න පුලුවන්... පටු මානසිකත්වෙ නෑ... අපි නොදකින පැතිවලින් බලන්නේ හැමදේම...


11.
පැරණි සාමාජිකයින් බහුතරයක් දැන් ආයෙත් ඇවිල්ලා... බඹරු ඇදෙන්නේ රොනට වගේ පරණ සුවඳට ඉවකරන්නද දන්නේ නෑ නේද...?


අපි හැමෝම හැබෑ ජීවිතේ යාලුවෙක් ආශ්‍රයකරන්නවත් වෙලාවක් නැතිතරන් කාර්‍යබහුලත් වෙලා ඉන්ටනෙට් එකට ඇබ්බැහිත් වෙලා.... යාලුවෝ ඉන්න කෙනාට මිත්‍ර සමාගමය තරන් ප්‍රියජනක දෙයක් නෑනේ... මෙතනදිත් වෙන්නේ ඕක තමයි... අපි ගිහින් ටික කාලයක් යද්දි මේකේ අලුත් අය ඉන්නේ... අපි ගැන මුකුත් දන්නෑ... පරණ අයට මාන්නෙකුත් තියෙනවනේ අපි සීනියර්ලා මේකේ කියලා... අද ඊයේ ආපු උඹල මොනාද දන්නේ අපිනේ පොරවල් මේකේ.... ඉතින් සමකාලීන යාලුවෝ නැතුව අලුත් උන් එක්ක පෑගෙන්න යන්නෑ... ඒක මදිකමක් වගේ... ගොඩක් වෙලාවට ආපහු ආවත් වැඩිය රැදෙන්න හිත නෑ... ඔය අතරේ පරන කෙනෙක් දැක්කම මාර සතුටුයි... ඉතින් ඔහොම එකා දෙන්නා එකතුවෙනවා....


12.
ඔබගේ පෞද්ගලික ජීවිතේ තොරතුරු ටිකකුත් කියමු නේද?


සාර්තක පවුල් ජීවිතයක් ගෙවන දෙදරු මවක් කියලා දැනගත්තම ඇති...

13.
එළකිරියේ ඉදිරිය මොන වගේ වෙයිද... මොනව ද වෙන්න ඕන වෙනස්කම්....?


හැමදෙම වෙනස් වෙන ලෝකේ කිරියත්කාලෙත් එක්ක වෙනස් වෙයි.... අලුත් අලුත් ත්‍රෙඩ් වැටෙයි... අලුත් අලුත් අදහස්මත ගැටීම් වෙයි... අලුත් අලුත් සමාජිකයෝ එයි... නවීන අංග එකතුවෙයි... ලද දෙයින් සතුටුවෙන්න පුරුදුවෙලා ඉන්න මටනන් කිරිය මේ විදිහට හොඳටම ඇති.... ඒත් ඉතින් බහුතරයට පහසු වෙන විදිහට බහුතය ඉල්ලන වෙනස්කම් වෙනවනන් හොඳයි...

ඉතින් මාව මේ ප්‍රෝග්‍රෑම් එකට තෝරගත්තට පාත්තයට බොහෝම ස්තූතියි... අපේ එළකිරිය චිරාත් කාලයක්දැනුම විනෝදය බෙදමින් ඉහලින් වැජඹේවා....!






Last edited by Pathfinder_A2Z; 05-31-2017 at 01:55 PM.
Reply With Quote
(#2)
Old
Rangau2's Avatar
Rangau2 Rangau2 is offline
Senior Member
Rangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to all
 
Posts: 21,445
Join Date: Dec 2008
Location: කඩුවෙල :)
Send a message via AIM to Rangau2 Send a message via Yahoo to Rangau2 Send a message via Skype™ to Rangau2
05-31-2017, 01:52 PM

12
Reply With Quote
(#3)
Old
Rangau2's Avatar
Rangau2 Rangau2 is offline
Senior Member
Rangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to all
 
Posts: 21,445
Join Date: Dec 2008
Location: කඩුවෙල :)
Send a message via AIM to Rangau2 Send a message via Yahoo to Rangau2 Send a message via Skype™ to Rangau2
05-31-2017, 01:53 PM

13
Reply With Quote
(#4)
Old
LOL_SEEN's Avatar
LOL_SEEN LOL_SEEN is offline
Senior Member
LOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of light
 
Posts: 8,458
Join Date: Jul 2016
05-31-2017, 01:54 PM

14
Reply With Quote
(#5)
Old
LOL_SEEN's Avatar
LOL_SEEN LOL_SEEN is offline
Senior Member
LOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of light
 
Posts: 8,458
Join Date: Jul 2016
05-31-2017, 01:54 PM

15
Reply With Quote
(#6)
Old
LOL_SEEN's Avatar
LOL_SEEN LOL_SEEN is offline
Senior Member
LOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of light
 
Posts: 8,458
Join Date: Jul 2016
05-31-2017, 01:55 PM

Quote:
Originally Posted by Rangau2 View Post
12
Quote:
Originally Posted by Rangau2 View Post
13
Quote:
Originally Posted by LOL_SEEN View Post
14
Quote:
Originally Posted by LOL_SEEN View Post
15
ai meh?
Reply With Quote
(#7)
Old
Kumara456's Avatar
Kumara456 Kumara456 is offline
Senior Member
Kumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to behold
 
Posts: 29,647
Join Date: Jan 2008
Location: Colombo
05-31-2017, 01:56 PM

bump
Reply With Quote
(#8)
Old
essee87's Avatar
essee87 essee87 is offline
Senior Member
essee87 is a jewel in the roughessee87 is a jewel in the roughessee87 is a jewel in the roughessee87 is a jewel in the roughessee87 is a jewel in the roughessee87 is a jewel in the rough
 
Posts: 338
Join Date: Oct 2006
05-31-2017, 01:57 PM

asmi


ගුඩ් ලක් ආස්මි නැන්දෙ.. ගුඩ් වන්

හතරවෙනි ප්‍රශ්නෙ පිළිතුර වැරදියි වගේ..
ලිංගය ලිංගික කාර්ය්‍ය සදහා පමණක් භාවිතා කරනවනන් අපි අනිත් දේවල් කරන්නේ කොහොමද? (මුත්‍රා)

Last edited by essee87; 05-31-2017 at 02:07 PM.
Reply With Quote
(#9)
Old
Thoppi_Chaminda's Avatar
Thoppi_Chaminda Thoppi_Chaminda is offline
Senior Member
Thoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to all
 
Posts: 12,781
Join Date: May 2016
Location: තොප්පිගල
05-31-2017, 01:58 PM

ආහ්හ් my love :l ove::lov e: :l ove:
Reply With Quote
(#10)
Old
Rangau2's Avatar
Rangau2 Rangau2 is offline
Senior Member
Rangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to all
 
Posts: 21,445
Join Date: Dec 2008
Location: කඩුවෙල :)
Send a message via AIM to Rangau2 Send a message via Yahoo to Rangau2 Send a message via Skype™ to Rangau2
05-31-2017, 01:58 PM

Quote:
Originally Posted by LOL_SEEN View Post
ai meh?
Reply With Quote
Reply

Bookmarks

Tags
!!!bubble butt, !!!upulpdn, අම්මෝ ටැගක්, ආස්මි කන්න ඕනා., කිබුල වැල කාපර්, කිබුල් අසහනේ, මගේ 1, මගේ 2, ළිං නම් ජේසොන්, 123, 1234, 333, 444, ashmi, dathkibula=kotanihal, hamumahattaya=puss, hard_talk, jaya jaya, kota=puss manasikaleda, kotanihal=dathkibula, mature woman young boys, nihal wesige putha, nihalge ammata hukamu, pathfinder, sri lankan wife

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06620 seconds with 9 queries