ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කොටහේනේදී වෙඩි තියලා ගේම දීපූ චූලා , ජූඩ් ම
Reply
 
Thread Tools
(#1)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is online now
Senior Member
hichchiputha is a glorious beacon of lighthichchiputha is a glorious beacon of lighthichchiputha is a glorious beacon of lighthichchiputha is a glorious beacon of lighthichchiputha is a glorious beacon of lighthichchiputha is a glorious beacon of lighthichchiputha is a glorious beacon of lighthichchiputha is a glorious beacon of lighthichchiputha is a glorious beacon of lighthichchiputha is a glorious beacon of lighthichchiputha is a glorious beacon of light
 
Posts: 5,540
Join Date: Jan 2018
කොටහේනේදී වෙඩි තියලා ගේම දීපූ චූලා , ජූඩ් ම - 03-22-2018, 11:20 AM

නිස් ඝාතන සහ වෙඩි තැබීමේ අපරාධ කිහිපයකටම වගකිව යුතු පතාල සමාජික "චූලා" කොටු කර ගැනීමට පොලිස් අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙන බව වාර්තා වෙනවා.

මෙම මෙහෙයුමෙන් අත් අඩංගුවට පත්ව තිබෙන්නේ රාගම -බටුවත්ත පදිංචි සියඹලාපිටියගේ චමින්ද වසන්ත නොහොත් චූලා වසන්ත (31) හා බොරැල්ල ස්වර්ණපාල හිමි මාවත ප්‍රදේශයේ පදිංචි රැන්ඩොල් ජූඩ් බෙට්ස් (38) යන පාතාල සාමාජිකයන් දෙදෙනාය. මෙම පතාල සමාජිකයන් අත්අඩංගුවට ගනිද්දි ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක්ද හමුවී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් 29 දා මරදාන වීරසේකර මාවතේ ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා තුවාල සිදු කිරීම, පෙබරවාරි මස 04 වැනි දින උඩුගම්පළ - කෙහෙල්බද්දර ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම, මාර්තු 08 වැනි දින කොටහේන - හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙම පාතාල සමාජිකයන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

පතාල සමාජික "චූලා" සහ "ජූඩ්" මෙලෙසින් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පසුගිය 16 වැනි දින බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉකුත් 17 වැනි දින කොළඹ අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් සිදු කළ ඉහත කී සියලු අපරාධයන් පොලිසිය මඟින් හෙළිකරගෙන තිබේ
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01564 seconds with 11 queries