ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Reviews & DIY Guides
Reload this Page ක්ලැසික් කාර් එකක් ගත්තම මේ දේවල් කරන්න එ
Reply
 
Thread Tools
(#1)
Old
SHEHAN_GIWANTHA's Avatar
SHEHAN_GIWANTHA SHEHAN_GIWANTHA is online now
Senior Member
SHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to behold
 
Posts: 6,122
Join Date: Dec 2013
Up ක්ලැසික් කාර් එකක් ගත්තම මේ දේවල් කරන්න එ - 05-12-2017, 09:33 PM

ක්ලැසික් කාර් එකක් ගත්තම මේ දේවල් ක
රන්න එපා





1. ක්ලච් බැලන්ස් එක ගැන ඕනාවට වඩා හිතන්න එපා.

2. ස්ටියරින් ඇඟට වදිනකල් හාඩ් කෝනරින් කරන්න යන්න එපා.

3. රිම් ටික දිරලා නෑ කියලා විස්වාස නැත්තං වාහනේ පාරට දාන්න එපා.

4. ඉස්සරහ යන වාහනේට මූණ හේත්තු කරන්න එපා.

5. බ්‍රේක් ඕනාවට වඩා විස්වාස කරන්න එපා.

6. ස්පීඩෝ එක සත පහකට විස්වාස කරන්න එපා.

7. පෙට්‍රල් සුවඳ ගණන් නොගෙන ඉන්න එපා.

8. රිංගන්න යන්න එපා.

9. බැටරි, ටයර් ෂුවර් නැත්නම් දුවන්න එපා.

10. වාහනේ ගැන හරියටම දන්නේ නැත්නම් නිවාඩු දවස්වල පාරට දාන්න එපා.


මේ දේවල් පරික්ෂාකරගන්න

11. වාහනේ කොච්චර හොදට හැදුවත් දිනපතා වතුර, ඔයිල් (එංජින් ඔයිල්, බ්රේක් ඔයිල්) පරික්ෂා කරන්න.

12. වාහනෙන් එන කිසිම සද්දයක් සුළුවට හිතන්න එපා. සද්දයක් එනවනම් කොහෙන්ද එන්නේ කියලා හොයල බලන්න.

13. නිතරම ඔයිල් ලීක්, වතුර ලීක් ගැන අවදානෙන් ඉන්න. එහෙම තියෙනවනම් ඉක්මනට පරික්ෂාකරගන්න.

14. අපි වාහනේ ස්ටාර්ට් කරද්දී, ගොඩක් වෙලාවට පෙට්‍රල් ලයින් එකෙන් පෙට්‍රල් කාබ් එකට එන්න ටිකක් වෙලා යනවා. ඒ නිසා වාහනේ හොද බැටරියක් තියෙන එක වැදගත්. පුළුවන් නම් බැටරි ඇම්පියර් මීටර් එකක් හයි කරගන්න. බැටරිය charge වෙන එක ගැන අවදානෙන් ඉන්න පුළුවන්.

15. ගොඩක් අය නොකරන දෙයක් තමා ස්පෙයාර් වීල් එක හොදට මේන්ටේන් කරන එක. ඒකට තියාගෙන ඉන්නේ පරණ ඒ ගැන අවදානෙන් ඉන්න. පුළුවන් නම් හොද ටයර් එකක් ස්පෙයාර් වීල් එකටත් දාගන්න.

16.අනිවාර්යෙන්ම වාහනේ ජැක් එක, වීල් බ්‍රෂ් එක(රෝදේ ඇන ගලවන යතුර), වෙනම ඩිකියේ හෝ අදාල තැන තියන්න. කිසිම වෙලාවක ඒ දෙක අනික් ආයුද එක්ක ගෙදර හෝ වෙන වැඩවලට එලියට ගන්න එපා. ගත්තත් නැවතත් මතක් කරලා වාහනේ ඇතුලට දාන්න.

17. අනිවාර්යෙන්ම වාහනේ ඇතුලේ විදුලි පන්දමක් තියන්න. වාහනේ පාවිච්චියට විතරක් ඒක තියාගන්න.

18. රේඩියේටර් එකේ වතුර ලීක් නම්, අනිවාර්යෙන්ම අමතර වතුර බෝතලයක් වාහනේ තියාගන්න.

19. බැටරියේ කණුවල ඔක්සයිඩ් (ලුණු) බදෙනවානම්, බැටරි කණු ගලවල සුද්ද කරලා හොදට තද වෙන්න හයි කරන්න. මේක කරද්දී පරිස්සම් වෙන්න බැටරියේ කණු කඩාගන්න එපා.

20. වාහනයේ temperature (හීට් වෙනවද) කියන එක ගැන අවදානෙන් ඉන්න.


Source - internet

සිංහල ජාතියට ජය වේවා !!!

Last edited by SHEHAN_GIWANTHA; 05-12-2017 at 10:12 PM.
Reply With Quote
(#2)
Old
sika2's Avatar
sika2 sika2 is offline
Senior Member
sika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nice
 
Posts: 2,499
Join Date: Nov 2013
05-12-2017, 09:45 PM

bump
Reply With Quote
(#3)
Old
ijay's Avatar
ijay ijay is offline
Senior Member
ijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to all
 
Posts: 7,591
Join Date: Aug 2014
Location: MaHaRaGaMa
05-12-2017, 09:48 PM

TFS

apita koinda parana car

api padinne tesla
Reply With Quote
(#4)
Old
SHEHAN_GIWANTHA's Avatar
SHEHAN_GIWANTHA SHEHAN_GIWANTHA is online now
Senior Member
SHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to behold
 
Posts: 6,122
Join Date: Dec 2013
smile 05-12-2017, 09:51 PM

ෆොක්ස්වැගන් ගන්නද මොරිස් මයිනර් ගන්නද කියලා හිතන අයට පුංචි උපදෙසක්...

සාමාන්‍යයෙන් ලංකාවේ බහුලවම හම්බෙන ක්ලැසික් කාර් වර්ග දෙක තමයි ෆොක්ස්වැගන් සහ මොරිස් මයිනර්. ගොඩක් අය තමන්ගේ පළවෙනි ක්ලැසික් කාර් එක විදිහට තෝරාගන්නේ මේ දෙකෙන් එකක්.

ක්ලැසික් කාර් එකක් එළවන එක ලේසි දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම අලුත් වාහනවලට අත හුරුවෙලා නම් මේක කොහොමත් අමාරුයි.

ෆොක්ස්වැගන් වල එන්ජිම තියෙන්නේ පිටිපස්සේ. ඒ කියන්නේ rear engine, rear wheel drive ක්‍රමයට. නමුත් මොරිස් මයිනර් ඇතුළුව ගොඩක් වාහනවල එන්ජිම තියෙන්නේ ඉස්සරහා. ඒ කියන්නේ front engine, rear wheel drive.

මේ වෙනස සුක්කානමට හොඳට දැනෙනවා. මේවායේ පවර් ස්ටියරින් නැහැනේ. මොරිස් එකක වීල් එක අතට ගොඩක් බරට දැනෙනවා. නමුත් ෆොක්ස්වැගන් එකක වීල් එක ගොඩක් සැහැල්ලුයි.

හැබැයි එකක් මතක තියාගන්න! ෆොක්ස්වැගන් වල කොහොමත් ගොඩක් ලොකු ස්ටියරින් ප්ලේ එකක් තියනවා. ඒ නිසා සමහර විට කාර් එක මාර විදිහට under steer වෙනවා. සමහර පරණ ෆොක්ස්වැගන් වලක වැටුණාම කැලේ යනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා කිසිම දවසක අතට හුරුවෙනකල් ෆොක්ස්වැගන් එකක් ස්පීඩ් කරන්න එපා.

මොරිස් වල නම් එහෙම ගැටලුවක් නැහැ. හැබැයි මොරිස් එකක් ළඟ කපනවට වඩා ලේසියි ජිම් ගිහින් කිලෝ හැට හැත්තෑවක් දාලා බෙන්ච් එක ගහන එක...

වරදවා තේරුම් ගන්න එපා. මේ වාහන දෙකම එළවන එක ඒ තරම් අමාරු නැහැ. හැබැයි පුරුදු වෙනකල් කිසිම වාහනේකින් වැඩ දාන්න යන්න එපා. පරිස්සමෙන් එළවන්න. ඒක කවදත් කොහොමටත් ඇඟට ගුණයි.
Reply With Quote
(#5)
Old
Squirrel's Avatar
Squirrel Squirrel is offline
Senior Member
Squirrel has a spectacular aura aboutSquirrel has a spectacular aura aboutSquirrel has a spectacular aura about
 
Posts: 584
Join Date: Mar 2017
05-12-2017, 09:57 PM

bump
Reply With Quote
(#6)
Old
naveenenushan's Avatar
naveenenushan naveenenushan is offline
Senior Member
naveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of light
 
Posts: 3,220
Join Date: Oct 2009
Location: Payagala
Send a message via Skype™ to naveenenushan
05-12-2017, 10:00 PM

bump
Reply With Quote
(#7)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is online now
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 14,005
Join Date: Apr 2015
05-12-2017, 10:05 PM

නෙට් එකෙන් ලිපියක් කොපි කරනකොට Source එකත් දාපන් බන් කවුරුහරි මහන්සි වෙලා ලියපු එකක් නෙ.
Reply With Quote
(#8)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 13,859
Join Date: Mar 2012
Location: out of the blue
05-12-2017, 10:07 PM

යහපලනෙට පින් අයිතිවෙන්න අපිත් දැන් පදින්නේ වොල්ක්ස්වැගන් තමයි අයිබෝන්

වැදගත් රේප් දෙන්න බැලූ
Reply With Quote
(#9)
Old
lpwicrama's Avatar
lpwicrama lpwicrama is offline
Senior Member
lpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to beholdlpwicrama is a splendid one to behold
 
Posts: 17,191
Join Date: Mar 2015
Location: Nawalapitiya
Send a message via ICQ to lpwicrama Send a message via AIM to lpwicrama Send a message via MSN to lpwicrama Send a message via Yahoo to lpwicrama Send a message via Skype™ to lpwicrama
05-12-2017, 11:00 PM

tfs
Reply With Quote
(#10)
Old
SHEHAN_GIWANTHA's Avatar
SHEHAN_GIWANTHA SHEHAN_GIWANTHA is online now
Senior Member
SHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to beholdSHEHAN_GIWANTHA is a splendid one to behold
 
Posts: 6,122
Join Date: Dec 2013
05-12-2017, 11:44 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03157 seconds with 11 queries