ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අමරුවේ_නොවැටි_බඳිමු
Reply
 
Thread Tools
(#1)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 9,929
Join Date: Mar 2011
smile අමරුවේ_නොවැටි_බඳිමු - 03-26-2015, 04:51 PM



ඔන්න ඉතින් මමත් අමරුවේ වැටුනා දැනට සති දෙකකට කලින්,බඳින එකත් හිතන තරම් ලේසි නැහැ කියලා තේරෙන්නෙ දැන් තමා....මේ දවස් ටිකේ වැඩ වැඩි නිසා එළකිරියෙ රවුන් ගැහැවේ අඩුවෙන්,පොඩි උදවු ටිකක් ගන්න tread ටිකක් දැම්ම එක ඇරෙන්න වෙන මුකුත් දාන්න බැරිවුනා.මුලින්ම මෙන්න මේ ටිකට ස්තුති කරන්න ඕන වචනකින් හරි උදවු කලාට.

Wedding Help
http://www.elakiri.com/forum/showthread.php?t=1660509

7778,577,SaLiTHaS77,ShreddeR,agnilam,isuru_feat,Ro santha,qualcomm,machan : D,surarocks,dishandesilva,පැටියා,kellsupun,nvhcc89 ,Sun_Boy,hancok,Black Puma ,parallax ,samanale, somadasa,Kaveen1986, විල්සන් මාමා,harsha45,chamali2009,upulpdn,crazyasa,Anurang aSS,Optimus Prime,dilshanjvc,IsuruP123,richlife,හෙළයෙක් ,IDG,milindasenarath ,mAjIc hAt ,urajdrlk ,thilihare,C h o p p e ,smad, රත්තරං(thankz මචන් දුන්න උපදෙස් ටිකට,ඒ ටික කලින් දුන්නම් හිතන්න තිබ්බ ඒවා ගොඩක් අඩු වෙනවා),

Honeymoon help (මේකනම් අන්තිමට තෑග්ගක් හැටියට නිකන්ම ලැබුනා)
http://www.elakiri.com/forum/showthread.php?t=1641877

Dath,Banned!,Aktamge,miyuru4u,s.shehan,Dada_Miyaji ,sbanurada,Athugala,hiphoprock,maXfenda,mashh99,ha rshana_mahesh,tewera,Kumara456,kasun_jayasiri,dinu wije,wdk,nvhcc89,LakshanSeram,dinukarukshan,Sry.co m,dmtx,amila.ela,powers ,sam536,yasiru1,-Frankenstein-,shanakaplus,910,Colours,Lin baanaa,mayadmax,dreamslanka,maXfenda,kites ,SadSandun

Mobile Help
http://www.elakiri.com/forum/showthread.php?t=1664927

ranjana disasekara,Trouble_Maker,Wild-EYE,thanujaka,KLP,clearsky

ඉස්සරහට මඟුලක් ගන්න ඉන්න අයට උදවුවක් වශයෙන් මම මේ මාස කීපයේ දැනගත්ත දේවල් ටිකක් බෙදාගන්න හිතුවා.මුල ඉඳන් මතක් වෙන විදියට දාන්නම්. මුලින්ම Kumara456 ගේ මේ tread දෙකත් බලන්න,මමත් මේ දෙක බලලා තමා කරන්න ඕන,වෙන්න ඕන දේවල් ගැන තීරණයකට ආවේ.

මගුලක් ද කරන්නේ??? part 1
http://www.elakiri.com/forum/showthread.php?t=1440283

මගුලක් ද කරන්නේ??? part 2
http://www.elakiri.com/forum/showthread.php?t=1469148

Last edited by mano3989; 03-26-2015 at 06:02 PM.
Reply With Quote
(#2)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 9,929
Join Date: Mar 2011
03-26-2015, 04:53 PM

මම මඟුලට ලෑස්ති වුන පිළිවෙලට මම විස්තර දාන්නම්,ඔක්කොටම කලින් කෙල්ලෙක් හොයගනින් ,ඊට පස්සෙ එපැයි මඟුලක් ගන්න .

මුලින්ම කියන්න තියෙන්නේ කෙල්ල තමන්ගේ මත වලට කැමතිනම්,නම්‍යශීලී කෙනෙක්නම් වැඩේ ගොඩක් ලේසි වේවි.නැත්තම් ඉතින් මට අර විදියට ඕන,මේ විදියට ඕන කියලා එයාගෙම මතේ ඉන්න කෙනෙක් එක්කනම් වැඩේ ටිකක් අමාරු වේවි.

යාළුවෙලා ඉඳලා බඳින කෙනෙක්නම් කෙල්ල එක්ක කතා කරලා මූලික සැලැස්මක් හදාගන්න,ප්‍රොපොසල් වලනම් ඉතින් දෙපැත්තේ දෙමවුපියොනෙ මූලික වෙන්නේ.

අපේ වෙඩින්ග් එකෙ ගොඩක් දේවල් කලේ අපි දෙන්නා කතා කරලා.ඒක ගොඩක් ලේසි වුනා වැඩ කරගන්න,අම්මලා තාත්තලගෙන් උපදෙස් ගන්න ඕන තැන්වලදි ගන්න. හතර වටේ ඉන්න අය උපදෙස් දීගෙන ඒවි අරක කරන්න මේක කරන්න කියලා,ඒවා ඇහුවට කමක් නැහැ,ඒත් හැමෝගෙම ආසාවල් ඉෂ්ඨ කරන්න ගියොත් වැඩේ අනාගෙන තමා නවතින්නේ.

හරි එහෙනම් මුලින්ම දෙන්නගෙ හඳහන් බලලනේ වැඩේ පටන්ගන්නේ.ප්‍රොපොසල්නම් අනිවාර්යෙන් කරනවා.යාළුවෙලානම් ඉතින් එච්චර හිතන්න දෙයක් නැහැ,මොකද යාළුවුනේ හඳහන් බලලා නෙමෙනේ.අඩුමගානේ මාස 6ට කලින්වත් ජ්‍යෝතිෂ්‍ය කෙනෙක් ලඟට ගිහින් ඕන කරන කාල සීමාව කිවුවාවම හොඳ දවසක් බලලා කියයි.ගොඩක් ජ්‍යොතිෂ්‍ය අය කරන්නේ දවස සහ පෝරුවේ නැකැත් වෙලාව තමා මුලින් දෙන්නේ. අපෙන් ඔක්කොම නැකැත් හඳන්න ගත්තේ රු1500.
අනිත් නැකැත් ටික හඳන්න වෙඩින්ග් එක ගන්නේ ගෙදරද හෝටලයද,ෆොටො ගහන්න අවශ්‍ය කාලය,අන්ඳන්න යන කාලය,ගෙදර ඉඳන් හෝටලට යන්න යන කාලය වගේ දෙවල් ටික තීරණය කරගන්න ඕන.ගොඩක් ජ්‍යෝතිෂ්‍ය අය මුලින් හඳපු නැකැත් වෙනස් කරන්න හොඳ නැති නිසයි අනිත් ඒවාට යන කාලය බලලා හරියන වෙලාවල් දෙන්නේ.අපෙ වෙඩින්ග් එකෙ මුලින් දුන්නෙ දවසයි,පෝරුවේ වෙලාවයි.අනිත් නැකැත් ටික දුන්නේ වෙඩින්ග් එකට මාස 2ක් විතර ළං කරලා. මාස 6ක්වත් කලින් වැඩ පටන්ගන්න කිවුවේ නිදහසේ වැඩ ටික කරගන්න ඕන හින්දා.අපේ එකට අපිට තිබ්බෙ මාස 3ක් වගෙ නිසා ගොඩක් මහන්සි වෙන්න වුනා.

Reply With Quote
(#3)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 9,929
Join Date: Mar 2011
03-26-2015, 04:54 PM

වෙඩින් එකට හොඳ දවසක් බැලුවට පස්සෙ තියෙන්න වෙඩින් එකේ බජට් එක තීරණය කරන එක.දෙගොල්ලොම එකතු වෙලා එක දවසින් අරන් ඉවර කරනවද,නැත්තන් වෙන වෙනම දවස් දෙක කරනවද කියලා තීරණයකට එන්න වේවි.බජට් එක අඩුකරගන්න දෙගොල්ලොම එකතු වෙලා වෙඩින්ග් එක අරන් හෝම්කමින්ග් එක පොඩියට ගන්න පුළුවන්.අපේ එකේ දෙගොල්ලො එකේතු වෙලා වෙඩින්ග් එක අරන් හෝම්කමින්ග් එක ගෙදර පොඩියට තිබ්බා(පොඩි කිවුවට අන්තිමේ ටිකක් ලොකුවට ගියා). අපේ එකේ ගොඩක් වියදම් අපි දෙන්නා පාලනය කරපු නිසා බජට් එකට වැඩ ටික බෙදාගන්න එකත් අපිම තමා කලේ. දෙගොල්ලොම බජට් එක ගැන කතා කරලා තීරණයකට එන්න .බජට් එකට වැඩිය අනිවාර්යෙන් වියදම් වැඩි වේවි.ඒ නිසා හැමවේලෙම යන වියදම් හරියට සටහන් කරගන්න,ඒ ගැන අවබෝධයෙන් ඉන්න.පොඩි උත්සවයක් හරි ගන්නවනම් අනිවාර්යෙන් ලක්ෂ 5න් උඩ යාවි. එක එක අවස්ථාවල යන වියදම් මම සඳහන් කරන්නම්,අඩුවෙන් කරගන්න විදිත් ඒ තැන් වලදි සඳහන් කරන්නම්.

දෙන්නම කතා කරලා වෙඩින්ග් එකට තීම් එකක් තීරණය කරගන්න,පාවිච්චි කරන පාටවල් ගැන අන්තිම තීරණයකට එන්න,මොකද ඇඳුම්,කාඩ්,කේක් බොක්ස්,ඩෙකරේශන් ඔක්කොම තීරණය වෙන්නේ ඒ මත.පොඩියට ගත්තත්,ලොකුවට ගත්තත් තීම් එකක් ගන තීරණයකට එන එක වටිනවා.ඒක තීරනය කරද්දි මනාමලායා උඩරට,බටහිර,ජාතික ඇඳුමද අඳින්නෙ,මානමාලි ඔසරි,සාරි,ගවුම්ද අඳින්නෙ කියන එක මත තීරණයකට එන්න.තීම් එක තෝරද්දි කෙල්ලට අවස්ථාව වැඩියෙන් දෙන්න.මොකද එයාගේ කැමැත්ත සෑහෙන්න වැදගත්.

මුලින් තීරණය කරන්න හෝටලේද ,ගෙදරද ගන්නේ කියලා.ගෙදර හොඳට ඉඩ කඩ තියෙන,අඩුගානේ වත්තෙවත් ඉඩ තියෙන තැනක්නම්,ලොකුවට අලුත්වැඩියා කටයුතු කරන්න නැත්නම්,අඩු ගානකින් කරගන්න ඕනනම් ගෙදර ගන්න.හැබැයි වගකීම් වැඩි.හැමදේම ගැන හොයලා බලන්න ඕන.සති කීපයක ඉඳන්වත් සූදානම් වෙන්න ඕනේ.අනික වැඩ ටික කරගන්න උදවුවට යාළුවො,නැදෑයො ඉන්නවනම් හොඳයි. වෙඩින්ග් හෝම්කමින්ග් දෙකටම ගැළපෙන්න විස්තර මම දාන්නම්.
Reply With Quote
(#4)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 9,929
Join Date: Mar 2011
03-26-2015, 04:54 PM

ගෙදර ගන්නවනම් කෑම කේටරින් සර්විස් එකකින් ලබාගන්නවනම් හොඳයි,උයන්න ගියොත් සෑහෙන්න වගකීමක්.කේටරින් එකක අඩුම රු.350 ඉඳන් වගෙ කෑම එකක මිල වෙනවා.ඊට වඩා වැඩි මිසක් අඩුවෙන්නම් හොයාගන්න බැරිවේවි.දෙන මෙනු එක බලන්න.කලින් දන්න කියන අයගේ උත්සව කරපු අය ඉන්නවනම් ඒ අයගෙන කෑම වල තත්වේ,දෙන සේවාවේ ගුණාත්මකභාවය ගැන දැනගන්න.නොදන්න එකකින් ගන්නවනට වඩා ඒක හොඳයි.අලාංකාර කටයුතුනම් නැදෑ නංගිලා,යාළුවො අයට කියලා කරගන්න.ගෙදර ලස්සන කරන එක එච්චර අමාරු නැහැ. සෙටිබැක් එකට හොඳ කවිච්චියක් හරි,සැටි,සොෆා එකක් තියෙනවනම් මල් ටික ගහලා,තිර රෙද්දක් පස්සෙන් දාලා,යටින් පොඩි ලයිට් ගහලා ලස්සන කරගන්න. රෙන්ට් එකට ගන්නවනම් රු.5000 වගේ ඉඳන් හොඳ සෙටිබැක් තියෙනවා. පෝරුව ගොක්කොළ වලින් ලස්සනට කරන අය ඉන්නවා,ගණන්නම් දන්නේ නැහැ.රෙන්ට් එකට ගෙනාවොත් රු.10000 වැඩි ගානක් යාවි.පෝරුව හඳනවනම් හොඳට දන්න කියන එක්කෙනෙක්ට කියලා කරගන්න,මොකද කරන්න ඕන චාරිත්‍ර වගයක් තියෙනවා. පුටු මේස රෙන්ට් කරන තැනකින් ගන්න.පුටුවක් රු.10,මේසයක් රු.100-150.පුටු කවර එක්ක ගන්නවනම් රු.60 වේවි. ලයිට් වැඩනම් දන්න කියන කෙනෙක්ට කියලා කරගන්න,ලොකු ගානක්නම් යන්නේ නැහැ. කැවිලි එහෙම තියන කෑම මේසයක් තියන්න වෙනවා.වෙඩින්ග් වුනත් හෝම්කමින්ග් වුනත් ඒක කරන්න වෙනවා. මුයුසික් වලට ත්‍රී පීස් බෑන්ඩ්(රු8000-9000 වගෙ ඉඳන් තියෙනවා.හොඳ එකක් ටිකක් ගනන් වේවී) එකක් හරි ඩිජෙ (රු6000 ඉඳන් තියෙනවා) කෙනෙක් ගන්න. බොන්න දෙනවනම් බයිට් කේටරින්(චිකන් ඩෙවල් 1kg රු850 විතර ඉඳන් තියෙනවා) එකෙන් ගන්න,නැත්තම් දන්න කෙනෙක්ට කියලා හඳාගන්න.පොඩි ගනකින් කරන්න ඉන්නවනම් බොන්න දෙන එක ගැන දෙපාරක් හිතන්න. වාහන පාක් කරන්න තැනක් වෙන් කරන්න. වත්තේ ඉඩ තියෙනවනම් කැනපි රෙන්ට් අරන් ගහන්න.රෑටනම් ඕනෙත් නැහැ.
Reply With Quote
(#5)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 9,929
Join Date: Mar 2011
03-26-2015, 04:55 PM

දැන් කියන්න යන්නෙ හොටලයක් තෝරගන්න එක ගැන. මම දන්නේ කොළඹ තියෙන ඒවා ගැන,අනිත් පළාත් වල මිළ ගණන් කොළඹට වඩා අඩුවෙවි.මුලින් තීරණය කරන්න කීයකට ආරාධනා කරනවද කියලා.ගොඩක් හොටෙල්/හෝල් එන පිරිස අනුව නොමිලේ දෙන සේවාවල් තීර්ණය කරනවා. ප්ලේට්නම් රු.800 ඉඳන් උඩට තියෙනවා.අඩු ගානට තියෙන මෙනු වලට යනවද කියන එක පොඩ්ඩක් හිතලා මතලා කරන්න,මොකද එදාට එන අය අනිවර්යෙන් හොයන දෙයක් තමා දෙන කෑම එක,අනිත් එක මනමාලි ලස්සනට අන්ඳලාද කියන එක . අඩුත් නැති වැඩිත් නැති අතරමැදි එක්කට යන්න.රු1200-2000 අතර හොඳ මෙනු තියෙන හොටෙල්/හෝල් ඕන තරම් තියෙනවා. ඊළඟට බලමු නොමිලේ දෙන සේවාවල් මොනවද කියලා…ගොඩක් හොටෙල් වල 100 වැඩි,150 වැඩි,200 වැඩි වෙද්දි නොමිලේ දෙන සේවාවල් තියෙනවා.පොරුව,සෙටිබැක්,පොඩි ඩෙකරේශන්( පුටු,මේස,එන්ට්‍රන්ස් ),පහන,කේක් මේස,රෙජිසටර් මේස, ගොඩක් හොටෙල් වල 100 වැඩි,150 වැඩි,200 වැඩි වෙද්දි නොමිලේ දෙන සේවාවල් තියෙනවා.පොරුව,සෙටිබැක්,පොඩි ඩෙකරේශන්( පුටු කවර(රු5000 /එකක් රු50 විතර),මේස,එන්ට්‍රන්ස් ),පහන,කේක් මේස,රෙජිස්ටර් මේස,වැඩිපුර කෑම ප්ලේට්,බාර් සර්විස්, වෙඩින්ග් හෝල් එක වගේ දේවල් නොමිලේ දෙනවා එන පිරිස අනුව. එන පිරිස අඩු වුනොත් මෙවා නොමිලේ නොලැබෙන්න පුළුවන්,එ වගෙම කට්ටිය ආවත් සමහර හොටෙල්/හෝල් වල මේවට වෙනම ගනන් එකතු වෙන්න පුළුවන්.එ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න.ඇහුවෙ නැත්තන් ගොඩක් තැන්වලින් කියන්නෙ නැහැ.ෆුල් පේමන්ට් ගෙවන්න යද්දි තමයි දැනගන්න වෙන්නෙ. හෝල් දෙන වෙලාවක් තියෙනවා.ඊට වැඩි කාලය ගියාම පැයකට අමතර මුදලක් ගන්න තැන් තියෙනවා.රු5000-10000 විතර වේවි.හෝල් නොමිලෙ දෙන තැන් වගෙම මුදල් ගන්න තැනුත් තියෙනවා.තව ඒසි වලට කියල වෙනම ගානක් ගන්න පුළුවන්.පිටින් ලිකර් ගෙනවනම් වෙනම ගානක් ගන්න තැන් තියෙනවා (රු 3000-5000 අතර වගෙ,නැත්නම් ගේන බෝතල ගාන අනුව මිලක් තීරනය වෙනවා).සමහර තැන් වල එයලගෙන corkage,බයිට්,සොෆ්ට් ඩ්‍රින්ක් ගන්න ඕන වගෙ කොන්දේසි තියෙනවා.ඒ නිසා මේ හැමදෙයක්ම ඔළුවෙ තියාගෙන ගිහින් කතාකරන්න.

මේ තියෙන්නෙ උදාහරනයක් :


Reply With Quote
(#6)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 9,929
Join Date: Mar 2011
03-26-2015, 04:55 PM

හෝල් එකෙ මියුසික් ගෙදර ගැන දැම්මා වගේ තමා.එක බලන්න.හෝල් එකෙ අලංකරණ කටයුතු සමහර හොටෙල් වලින් එන පිරිස අනුව නොමිලේ කරලා දෙන්නත් පුළුවන්.නැත්නම් ඒ තැන් වලට සම්බන්ඳ අලංකරන කටයුතු කරන අය ඉන්නවා.ගොඩක් වෙලාවට බේසික් පැකෙජ් එකක් යන්නේ රු15000-25000 අතර වගෙ.ඒකට ටේබල් ඩෙකරේශන්,සෙටිබැක්,එන්ට්‍රන්ස්,පහන,කේක්/කිරිබත් කපන් තැන වගෙ දේවල් තමා ඇතුළු වෙන්නෙ.ගොඩක් තැන්වල පොරුව මේකට අදාල වෙන්නෙ නැහැ.පොල් මල් ගහලා,මල් වැල් දලා අපිට වුනත් සරසා ගන්න පුළුවන්. ඔයලගෙ තීම් කලර් එකට ගැලපෙන්න ඩෙකරෙශන් තියෙනවද බලන්න.ෆ්ලොරා එකකට දුන්නොත් අඩුමගානේ රු50000 ඉඳන් උඩට තමා තියෙන්නේ. හෝල් බලන්න තනියම හරි දෙන්නම යන්න,එක දවසක් දාගෙන වටේම තියෙන ඒවට යන්න.යාළුවෝ ,නැදෑයෝ, එළකිරි එකෙ අය වෙඩින්ග් ගත්ත තැන් තියෙනවනම් ඒ අයගෙන හොඳ නරක දැනගන්න.හැම හෝල් එකෙන්ම මෙනු එක වගෙම,අනෙකුත් සේවා ගැන විස්තර අරන ඇවිත් බජට් එකට ගැළපෙන හොඳම එක තෝරගන්න. මුලින් හෝල් එකට ඇඩ්වාන්ස්(රු.10000 උඩට තියෙන්න) එකක් ගෙවන්න වේවි,ගොඩක් හෝල් වලින් වෙඩින්ග් එක ගත්තෙ නැත්තම් එක දෙන්නේ නැහැ. ෆුල් පේමන්ට් වෙඩින්ග් එකට සතියකට දෙකකට කලින් ගෙවන්න වේවි.හෝල් එකත් එක්ක ගණුදෙනු කරන්න වෙන කෙනක් තියාගන්න,මොකද වෙඩින්ග් එක දවසට ඔයාලට ඒක කරන්න බෑනේ.හෝල් වල ඉන්න අය මේ කියන එක නෙමේ ඊළඟට කියන්නේ,ඒ නිසා ටිකක තදින් වගෙම සහයෝගයෙන් කටයුතු කරන කෙනෙක්ට වැඩේ භාරදෙන්න. තියෙන ලොකුම වියදම තම්යි මේක,එතනින් එහාට අනෙක් වියදම්,ඒවත් ඉතින් පොඩිම නැහැ.

දිනයයි වෙලවයි,හොටෙල් එකයි,එන පිරිසයි තීරණය කලාට පස්සේ කාඩ් ගහන්න දෙන්න පුළුවන්,ඒ එක්කම කේක් බොක්ස් ගහන්නත් පුළුවන්.අඩුවට කරගන්නනම් ඉතින් කොළඹ පිටකොටුවෙ මැලිබන් ස්ට්‍රිට් එකට යන්න.ගොඩක්ම තියෙන්නෙ මුස්ලිම් තැන්,දෙමළ සිංහල කඩත් තියෙනවා.පුළුවන් හැම එකකටම යන්න,කාඩ් ඩෙසයින් ගැන අයිඩියා එකක් ගන්න.ගණන් දැනගන්න.ඔයාලගේ තීම් කලර් එකට ගැළපෙන ඒවා බලන්න.කේක් බොක්ස් රු.7 ඉඳන් වගෙ තියෙනවා.කාඩ් රු.15 වගෙ ඉඳන් තියෙනවා.ඔයාලට ගැළපෙන එකක් තෝරගන්න,ගොඩක් කඩ වල කාඩ් 100ක් වගෙ ගහනවනම් අමතර ගස්තු නැහැ.ඔයගෙ කාඩ් ගාන අනුව ඒක තීරනය වේවි.හෝම්කමින්ග් කඩ් ගහනවනම් ඒ එක්කම එකත් කරගන්න.

වෙඩින්ග් කේක් එන පිරිස 200ක් නම් 300වත් කේක් ඕන වෙවි.මොකද අනිවා වැඩියෙන් යනවා.ඒ වගේම පස්සෙ ගෙදර කට්ටිය ඔෆිස් වලට වගෙ ගෙනියන්නත් ගන්නවා.ඉතින් ඒ ඔක්කොටම හරියන්න තමා ගාණ තීරණය කරන්න වෙන්නේ.වෙඩින්ග් කේක් හදන තැන වල සයිස් එක අනුව,ප්‍රමානය අනුව රු.45-100 අතර ගානක් යාවි.අපේනම් නැන්දා කෙනෙක් හැදුවේ,අවශ්‍ය බඩු අපි ගෙනත් දුන්නා.ඒ ටිකට රු.16000 විතර ගියා.කේක් කෑලි 400ක් හැදුවා.බඩු ගත්තේ පිටකොටුවෙ පරණ මාළු මාර්කට් එක ගාව කඩයකින්.ඒ හරියෙ වැඩියෙන්ම තියෙන්නේ කේක් බඩු කඩ.රට ඉඳි දාන්නේ නැතුව හදන්න.ගොඩක් අය රට ඉඳි දාලා ගාණ අඩු කරගන්නවා.බොක්ස් වල දාන්නේ නැතිනම් කොළවල ඔතන්න.ඒවත් කේක් කඩවල තියෙනවා.ඕන පාටකින් ගන්න පුළුවන්.පොඩි ගානක් වෙන්නේ.100 පැක් තියෙන්නේ. බොක්ස් වල දානවට වැඩිය ගොඩක් ගාණ අඩුවෙන් යන්නේ. වෙඩින්ග් එකෙ කේක්ද,කිරිබත් කපන එක අඳින ඇඳුම අනුව තීරණය වේවි.අපි කිරිබත් කැපුවේ නිළමේ ඇන්ඳ හින්දා.කේක් එකේ ගානනම් හරියට දන්නෙ නැහැ.රු5000 අඩුවෙන් කරගන්න පුළුවන් වේවි.
Reply With Quote
(#7)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 9,929
Join Date: Mar 2011
03-26-2015, 04:56 PM

රත්තරං බඩු ඉතින් කොළඹ හෙට්ටිවිදිය,පරණ මාළු මාකට් එක,වැල්ලවත්ත හරියෙ ඕන තරම් කඩ තියෙනවා.කොහොමත් මුදු දෙකයි, මාලේටයි ලක්ශ 1.4-2 ත් අතර ගානක් යවි මේ දවස් වල මිළ අනුව.අපිනම් කලෙ වෙබ් එකේ ඩිසයින් තෝරලා ගෙවල් පැත්තේ රත්තරං බඩු හදන අය්යා කෙනක්ට කියලා හදාගත්ත එක.ඉතින් කාඩේට වැඩිය අඩුවෙන් එ ඩිසයින්ම හදාගන්න පුළුවන් වුනා. කෙල්ල ශේප්නම් ලොකු වැඩ නැති මාලයක් ගන්න,නැත්තම ඉතින් ඔය ටිකේ ගාන දෙකත් පනී. කකුල් හොඳන මල්ලිටත් එකක් දෙන්න ඕ නනේ,කොල්ලට ඕනෙනම් දෙන්න,නැත්තන් ඕනෙත් නැහැ.අපි සල්ලි දුන්නේ.චාරිත්‍රෙට නිකන් මුද්දක් දාන්න. දෙවෙනි මනමාලිට,මල් කුමාරිට,හෝම්කමින්ග් ,ගොයිනවේ තියෙනවම් එවාට මනමාලට අවශ ආභරණ සැලොන් එකෙ ගැළපෙන ඒවා තිබ්බෙ නැතිවුනොත් කොටුවෙන් ගන්න පුළුවන්.මේන් ස්ට්‍රිට් එකේ අභරණ කඩ තියෙනවා.අපිත් දෙවෙනි මනමාලිට,මල් කුමාරිට,හෝම්කමින්ග් එකට අවශ්‍ය ආභරණ ගත්තේ කොටුවෙන්.දෙමළ අයගෙ කඩ තියෙනවා අඩු ගානට බඩු තියෙන.මිල අඩු වුනාට ආභරණ තත්වය ගොඩක් හොඳයි.අපිට ඒ සියල්ලටම ගියේ රු.7000ක් විතර.

අශ්ඨක,ජයමංගල ගාථා,නැටුම් මේ තුන පැකේජ් විදියටත් තිර්යෙනවා.අපි වෙන වෙනම ගත්ත නිසා වෙන වෙනම ගණන් කියන්නම්.අශ්ඨක රු.5000 ඉඳන් තියෙන්නෙ.මට නිළමේ අන්ඳපු අන්කල් තමයි අෂ්ඨක කිවුවේ.තාත්තගේ ‍යාළුවෙක්.ජයමංගල ගාථා රු.2000 විතර ඉඳන්(ට්‍රාන්ස්පොර්ට් දෙන්න වේවි.උදෙට පොඩි කෑම ටිකක් දුන්නනම් ඇති.අපි පෙරේරා අන්ඩ් සන්ස් එකෙන් කෑම පාර්සල් හදලා දුන්නා) තියෙනවා. ට්‍රාන්ස්පොර්ට්,කෑම දුන්නෙ නැති වුනොත් රු4000ක් වත් දෙන්න වේවි හතර දෙනාට.නැටුම් අය එක්කෙනෙක්ට රු.1500 හතර දෙනාට රු6000 විතර ඉඳන් තියෙනව.අපි ට්‍රාන්ස්පොර්ට් දෙන්නේ නැතිව හතර දෙනාට රු7000ක් දුන්නා.සමහර තැන්වල 6ක් එනවා රු12000.මගෙ අදහසනම් එච්චර වැඩි කියලා. හතර දෙනක් හොඳටම ඇති.අනිත් එක සමහර හොටෙල් වලින් දෙන අය නිකන් ඇඟ හොල්ලනවා විතරයි.

ෆොටොග්‍රැපි විඩීයො කරන අය තීරණය කිරීම.මගේ වෙඩින්ග් එකේ කරපු විදිය මුලින් කියන්නම්.මගේ ෆොටො ගත්තේ අඳුරන අයියා කෙනෙක්.එයාට මම ගේවීමක් කලා.එයා වෘත්තිය පුවත්පත් ඡායාරූප ශිල්පියෙක්.මම හිතුවටත් වඩා හොඳට වැඩේ කලා.මම එයාගෙන් සොෆ්ට් කොපි ටික ලාබාගැනීමක් විතරයි කලේ.අනිත් වැඩ ටික මට කරගන්න පුළුවන් නිසයි එහෙම කළේ.ඊට අමතරව තැන්ක් යු කාඩ් ගැහූවා(4X8 රු.30), 20X30 ෆොටො එකක් ගත්තා (රු4000) දෙවෙනි දවසට තියන්න.විඩියො කරන්න කවුරුවත් ගත්තේ නැහැ,මට ඕන කරන ශොට්ස් ටිකක් මගෙ කැම් එකෙන් (canon 60D) එකෙන් අපේ අයියා කෙනෙක් කරලා දුන්නා.ලංකාවේ මංගල ඡායාරූපශිල්පීන් අති විශාල පිරිසක් ඉන්නවා.එයළගෙ වැඩ බලන්න ලේසිම විදිය තම්යි FB එක.රු50000 ඉඳන් ලක්ශ ගානක් වෙනකන් පැකෙජ් තියෙනවා.සමහර ඒවා වල විඩියො එකත් පැකේජ් එකට ඇතුළු වෙනවා.එළකිරි එකෙත් කිහිප දෙනෙක් ඉන්නවා (Kumara456,Kensha). Studi 3000 වගෙ ලොකු තැන්වලට ගිහින් ලොකු ලොකු ගණන් දිලානම් කරගන්න එපා.ඊට වඩා හොඳට කරන සාධාරණ ගණන් ගන්න ඕන තරම් වැඩකාරයෝ එළියේ ඉන්නවා. විඩියො කරනවනම් රු25000 ඉඳන් පටන්ගන්නෙ.එකෙත් කියන්න තියෙන්නේ ලොකු ලොකු ඒවා පස්සෙ යන්නෙ නැතිව හොඳ කෙනෙක් හොයාගන්න. Pre-shoot,free-shoot ඒවා කරනවනම් කරන්න,සමහර ඒවා පැකෙජ් එකට ඇතුළුවෙනවා. එක එක්කෙනාගෙ කැමත්තනේ.
Reply With Quote
(#8)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 9,929
Join Date: Mar 2011
03-26-2015, 04:57 PM

පොරුවේ ඉන්න වෙලාවට දෙපැත්තේ අම්මලා තාත්තලාට තැගි දෙන්න ඕන,අපිනම මාමාල දෙන්නටත් දුන්න.අම්මලා දෙන්න සාරි දෙකක්,ගෑණු ළමයගෙ අම්මට සාරියට අමතර සුදු රෙදි කඩක් දාන්න.අපි තාත්තලට දුන්න සපත්තු ,මාමලාට දුන්නේ ශර්ට්ස්.

රෙජිස්ටර් කරන කෙනාව අවම දින 14කලින් දැනුම් දෙන්න ඕන,හෝටලය ආසන්නයේ කෙනෙක් ගන්න.දෙන්නම එක දිස්ත්‍රික්කෙනම් අවුලක් නැහැ.දෙකක නම් අනිත් රෙජිස්ටාර් ලියුමක් දෙන්න ඕනේ.මාසෙකට කලින්වත් ඔය වැඩ කරගන්න.අපෙ එකේදි පොඩි ප්‍රශ්නයක් ආව දෙන්නා එකම දිස්ත්‍රික්කෙ වුනාට හෝල් එක තිබ්බෙ අනිත් දිස්ත්‍රික්ක මායිමේ.ඉතින් අපිට අපේ දිස්ත්‍රික්කෙ රෙජිස්ටර් ගාවට ගිහින් රෙජිස්ටර් කරන්න වුනා.හෝල් එකේ කරනවනම් ඒ දිස්ත්‍රික්කේ කෙනෙක් අරන් වැඩ ගොඩක් කරන්න තිබ්බ නිසා ඒක අතැරලා දැම්මා.තාම රු.5000 අඩුවෙලා නැහැ.එත් රෙජිස්ටර්ගේ ඔෆිස් එකට යනවනම් ගාන රු.1090.රු 5000 ගන්නෙ හෝල් එකට එනවනම්.ඒක ඉස්සරත් එහෙමයි.තාම මේ රජය රු5000 අඩුකලාට එකේ චක්‍රලේඛනය දාලා නැහැ.

ඊළඟය මනමලයා,දෙවෙනි මනමාලයා,පේජ් බෝයිට අවශ්‍ය දේවල් බලමු. මුලින් තීරණය කරන්න මොකද්ද අඳින්නෙ කියලා.ලංකාවෙ ප්‍රධනාම වර්ග තුන තමයි ... බටහිර, නිළමේ ,ජාතික ඇඳුම අඳින එක.මමනම් ඇන්ඳේ නිළමේ.දන්න කෙනෙක් කරපු නිසා රු15000 ගියේ මටයි,දෙවෙනි මනමාලයටයි පේජ් බෝයිටයි.එයාම තමයි වෙඩින්ග් එකේ අෂ්ඨක කිවුවේ.සමාන්‍යෙන් රු20000 වගෙ හොයාගන්න පුළුවන් වේවි.ඒත් ඊටත් වඩා ගණන් තැන් තියෙනවා.දෙවෙනි මනමාලයන් වැඩිවෙන්න වැඩිවෙන්න මේ ගණන් වැඩිවෙනවා. ෆුල් සූට් අඳිනවනම් මහන්න ඕන,නැත්තන් රෙන්ට් එකට ගන්න,තවත් විදිය තමයි ඔයට මහ දීලා ඔයා ඇඳට පාස්සේ ටේලෙර් එකෙන් ඇඳුම ගන්නවා.මහනවනම් රු.14000 වගෙ ඊඳන් උඩට තමා සමාන්‍යෙන් හොඳ ඒවා යන්නේ.රු50000 උඩ ඒවාත් තියෙනවා වියදම් කරන්න පුළුවන්නම්.රෙන්ට් ගන්නවනම් රු1000-5000 අතර වගෙ ගනන් යන්නේ.තුන්වෙනි විදියේදි රු.6000-8000 වගෙ යන්නේ.ජාතික ඇඳුම් වල ගණන්නම් දන්නේ නැහැ. ගණන් අඩු කරගන්න මනාලයගෙ ඇඳුම් මහලා අනිත් අයගේ ඒව රෙන්ට් කලත් කමක් නැහැ. මනමාලයට වෙඩින්ග් එක කිට්ටු කරලා ක්ලීනප් ,ෆේශල් එකක් කරලා කොණ්ඩෙ කපන්න සමාන්‍ය සැලොන් එකකින් රු 2000 (කොට්ටාවේ කුමා සැලොන්) වඩා අඩුවෙන් කරගන්න පුළුවන්,වැඩි වුනොත් රු3000 වේවේ.වෙඩින් දවසේ මේකප් මුකුත් වැඩිය මේකප් කරන්නේ නැත්තම් මේ ටිකවත් කරගන්න. සපත්තු,බෙල්ට් වගේ දේවල් අරන් කොහොන්හරි තියන්න.ඒවා ගැන සටහනක් තියාගන්න.වැඩ වැඩි වෙද්දි ඕවා ගන්න මතක් වෙන්නෙ නැහැ.
Reply With Quote
(#9)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 9,929
Join Date: Mar 2011
03-26-2015, 04:58 PM

මනමාලිගේ සාරියෙන් වැඩේ පටන් ගමු.කොළඹ පිටකොටුව,වැල්ලවත්ත වගෙම කඩවත,කිරිබත්ගොඩ පැත්තෙත් දැන් හොඳ සාරි කඩ තියෙනවා.අපි කොළඹ සාරි බලලා අන්තිමට අඳුරණ තැනක් සෙට් වෙලා කිරිබත්ගොඩින් ගත්තේ ටිකක් ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක. සාරි තෝරන එක තමා එපාම කරපු වැඩෙ,කඩවල් වල අයත් ලේසියන් අතාරින්නෙ නැහැ.විශේෂයෙන් දෙමළ අයගෙ කඩ,එන පාරිභෝගියට උපරිමෙන් සළකනවා.සාරි වෙඩින්ග් එකකට හොඳ ඒවා රු8000න් පටන්ගෙන ලක්ෂ ගණන් වෙනකන් තියෙනවා.මම කොළඹ,කිරිබත්ගොඩ රවුම් ගහපු නිසයි කියන්නෙ ගණන් වල ලොකු වෙනසක් නැහැ. පුළුවන් තරම් අඩු කරල ඉල්ලන්න.වෙන ඒවා වගෙ නෙමේ ගණන් මාර විදියට අඩු කරගන්න පුළුවන්.විශේෂයෙන් කියන්න ඕන මනමාලිට අන්ඳන සැලොන් එකෙ එක්කෙන කියන තැනෙන්වත්,එයා එක්කන්වත් යන්න එපා.මොකද හැම කඩෙන්ම එයාගේ ගාණ තියලා තමා ගාන කියන්නේ. දෙවෙනි මනමාලියන්ට රෙදි අරන් මහන්න.අපෙනම් අනිත් ඒවා වගෙම එකත් කළේ අඳුරන මිස් කෙනෙක්.පමුණුව,විජය සාරි එකේ හොඳ රෙදි,ලයිනින්,බෝර්ඩර්ස් වගෙම වැඩ දාපු රෙදි ඕන තරම් තියෙනවා.වෙඩින්ග් එකේ තීම් එකට ගැළපෙන්න ගන්න.පමුණුවෙන් ගොඩක් අඩුවට ගන්න පුළුවන්.

අපේ වෙඩින්ග් එකේ රත්තරං බඩු ,සැලෝන්,මනමාලිගේ සාරි දෙක,ෆොටො,නිළමේ ඇඳුම්,දෙවෙනි මනමාලි මල් කුමාරි ඇඳුම්,ඒ තුන්දෙනාගෙ බොකේ ,සෙරෙප්පු ,වාහන,වෙඩින් කේක් අපි අඳුරන තැන් වලින් කරගන්න පුළුවන් වුන හින්දා ලොකු ගාණක් ඉතිරිකරගන්න පුළුවන්වුනා.
සැලෝන් වලනම් අස්ප ගණන් තියෙන්නේ.ඒක රු45000 ඉඳන් ලක්ෂ ගාණක් වෙනකන් වැඩිවෙනවා. නම,ජනප්‍රියබව ඒවා පස්සෙ ගියොත් ඉතින් හොඳ දත් ටිකක් ගලවගෙන තමයි එන්න වෙන්නේ. මුලින් බලන්න සැලොන් එකෙන් කැන්ඩියන් සෙට් එහෙම දෙනවද කියලා.එයාලා කරන්නේ එකට ගාණක් දාලා පිටින් අරන් දෙන එක.ගොඩක් අය ඒකට රු10000ක් වගේ දාන්වා.ඒත් පිට රු.6000 උඩ හොයාගන්න පුළුවන්. මනමාලිගේ බොකේ නැචුරල් මල්නම් රු.6500 ඉඳන් රු.15000 අතර ගානක් වේවි,මල් අනුව වෙනස් වෙනවා.කෘතිම මල්නම රු.5000-රු.8000 අතර ගානක් යවි.දෙවෙනි මනමාලියගේ රු.3000-3500 වගෙ වෙනවා.අපිනම් මනමාලිගෙ බොකෙ එක නැචුරල් මල වෙලින් හදලා,දෙවෙනිමනමාලිගෙ,මල් කුමාරිගෙ ,හෝම්කමින්ග් බොකේ අපි මල් අරන් අඳුරන ඇන්ටි කෙනෙක් හදලා දුන්නා.මල් වලට රු4500 විතර ගියා(බෝකෙ තුනකට).මල් ගත්තෙ පන්නිපිටියේ විදුලි බල මණ්ඩලේ ග්‍රිඩ් එක ඉස්සරහ කඩෙන්,කොළඹට වඩා පොඩි ගානන් වැඩි.පිටකොටුවෙ බැන්ක්ශේල් ස්ට්‍රීට් එකේ මල් කඩ තියෙනවා. මනමාලිගේ,දෙවෙනි මනමාලිගෙ,මල් කුමරිගේ සපත්තු එළියෙන් ගන්නවනම් ලොකු ගානක් යාවි.තුනටම රු.6000-8000 විතර.අපිනම් කළේ හැඳුවා.තුනටම ගියේ රු.2600 විතරයි.මනමලිගෙ සපත්තුවෙ ෆොටො එකක් මම දාන්නම්.

Reply With Quote
(#10)
Old
rocat90 rocat90 is offline
Senior Member
rocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to all
 
Posts: 14,585
Join Date: Dec 2012
03-26-2015, 05:01 PM

බP
Reply With Quote
Reply

Bookmarks

Tags
!jay was here, aru, blackp, dat, my tag 1, the arrow was here, wedding

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06894 seconds with 9 queries