ක්‍රමවත් ආකාරයට හැදි ගෑරුප්පු හසුරවමු

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ක්‍රමවත් ආකාරයට හැදි ගෑරුප්පු හසුරවමු

මම අද මේ Thread එකෙන් කියන්න උත්සහ කරන්නේ ආසන්නම නිවැරදි අයුරින් කොහොමද හැදි ගෑරුප්පු හසුරවලා ආහාර ගන්නේ කොහොමද කියලයි. ගොඩාක් අය මේ දේවල් දැනගෙන හිටියත් නොදන්නා අය එක්කෙනෙක් දෙන්නෙක් හරි යමක් ඉගෙන ගනීවි කියලයි මම මේ Thread ඒක දාන්න කල්පනා කලේ. ඇත්තට ඔය මොන තරම එක එක විදියේ හැදි ගෑරුප්පු තිබුනත් ලංකාව වගේ ආසියාතික රටවල් වල ඉන්න අපිට අතින් අනලා කෑමක් කනවා තරම් වෙන බඩට හා හිතට දැනෙන දෙයක් නැතුව ඇති. අපි එංගලන්තෙන් ආව අය නෙමෙයිනේ ඉතින් ඔය හැදි ගෑරුප්පු පාවිච්චියේදී වැරද්දක් වුනොත් කීයටවත් කලබල වෙන්න එපා. ඒ වගේ දෙයක් ඕනෙම කෙනෙක් අතින් වෙන්න පුළුවන් සාමාන්‍යය දෙයක්.

මෙන්න අපි සාමාන්‍ය උත්සවයකදී දකින Table Arrangement එකක්

1111w.gif

දැන් ඔතන තියෙන්නේ අපි කාටත් හුරුපුරුදු ගෑරුප්පුව පිහිය හා හැන්ද නේ. ඉතින් ඔවුවා පාවිච්චිය නම් එච්චර සංකීර්ණ දෙයක් නෙමෙයිනේ. අපි සාමාන්‍යයෙන් ඕනෙම උත්සවයකට ගියාම තෝරාගන්නේ බත් හෝ නුඩ්ල්ස් වගේ දෙයක් නිසා එතැනදී පහලින් තියන විදියට වම් අතින් ගාරුප්පුවත් දකුණු අතින් හැන්දත් පාවිච්චි කරන්න පුළුවන්.

eatingthaistyle.jpg

මෙතනදී වැදගත්ම දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් බත් කද්දී ගොඩාක් මස් මාළු වගේ වගේ ව්‍යංජන උපයෝගී වෙනවනේ. ඉතින් මෙතනදී අපිට ඒ දේවල් පොඩි කෑලි වලට කඩා ගන්න අවශ්‍ය නිසා අපිට පිහිය පාවිච්චි කරන්න වෙනවා. එතනදී සාමාන්‍යයෙන් අපි අනුගමනය කරන්නේ දකුණු අතේ තියන හැන්ද අපේ පිගානට පැත්තකින් තියන side plate එක උඩින් හෝ අපේ පිගානෙම (side plate එකක් නැත්නම්) දකුණු පැත්තේ පහලින් තියලා ඒ අතින් පිහිය උපයෝගී කරගෙන මස් හෝ මාළු වගේ දේවල් මේ විදියට කපා ගන්න පුළුවන්.

611640cuttingasmallchun.jpg

ඔයාට අවශ්‍ය විදියට පිහිය පාවිච්චි කලාට පස්සේ පිහිය ආපහු හැන්ද තිබුන තැනින් තියාගෙන ඔයාට හැන්ද භාවිතා කරගෙන ආහාර ගැනීම පටන් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පාවිච්චියට ගත්තු පිහිය හෝ හැන්ද නිකන්ම නිකන් මේසය උඩින් තියන්න නම් එපා. පුළුවන් විදියට තමන්ගේ Side plate එක එහෙමත් නැත්නම් පිගාන උඩම තියා ගන්න.

මෙන්න මේ video එකෙනුත් ඔයාලට වැදගත් දේවල් ටිකක් ඉගෙන ගන්න ලැබේවි.

ඒ වගේම අපි කෑම අවසන් කරාට පස්සේ හැන්ද හා ගෑරුප්පුව ඔරලෝසුවේ වෙලාව 5.25 දැක්වෙන හැඩයට ඔයාගේ පිගාන උඩින් තියලා තියන්න. එතකොට කෑම ඉවත් කරන පුද්ගලයාට දැන ගන්නවා අපි ආහාර අරගෙන ඉවරයි කියලා.

මීට අමතරව

  • කෑම කද්දී පුළුවන් තරම් කට වහගෙන ආහාර විකන්න.
  • තමන්ගේ හැන්ද, ගෑරුප්පුව කට ඇතුලට යවන්න එපා.
  • ආහාර ගනිද්දී වැලමිට මේසය උඩින් තබාගෙන ඉන්න එක ඒ තරම් හොද පුරුද්දක් නම් නෙමෙයි.
  • ආහාර කටේ තියෙද්දී කතා කිරීමෙන් වලකින්න.
  • පුළුවන් ප්රීමාණයට වඩා අහාර කටේ පුරවාගන්න එපා.
  • මේසයේ අපිට ඈතින් තියන කෑමක් ගන්න අවශ්‍ය නම් නැගිටලා එතනට එබෙන්නේ නැතුව, ඒ කෑමට ලගින ඉන්න කෙනෙකුට කියලා එක ඉල්ලා ගන්න.

වගේ හොද පුරුදු ටිකකුත් පුරුදු වෙන්න.

කියන්න අමතක වුන වැදගත්ම දේ තමයි. මේසේ උඩ හැදි ගෑරුප්පු තියලා තිබුනා කියලා එකෙන්ම කන්න ඕනේ නෑ. තමන්ට කැමතිනම් අතින් කන එක කිසිම කෙනෙක් වැරදියට හිතන දෙයක් නෙමෙයි
. එහෙම අතින් කන වෙලාවට අත හෝදන්න ටැප් හොයා හොයා ඉන්න අවශ්‍ය නෑ. Waiterට කියන්න finger bowl එකක් ගෙනත් දෙන්න කියලා. එයාල එක ඔයාලගේ මෙසේටම ගෙනත් දෙවි.

මේ කිවුවේ basic ඒ කියන්නේ Informal Table arrangement එකකදී ආහාර ගන්න විදියනේ. මේ ක්‍රමය තමයි ලංකාවේ තියන බොහොමයක් හෝටල් හා රෙස්ටුරන්ට් වලදී භාවිතයට ගැනෙන්නේ.

ඊට අමතරව තියන ක්‍රමයක් තමයි Formal Table arrangement එක.

artplacesetting.gif

මේක නම් ටිකක් සංකීර්ණයි. ඉතින් මේ Thread එකට එන ප්‍රතිචාර බලලාම එකත් විස්තර කරන්නම්.

එහෙනම් හොදද කියලා බලලා මටත් වැරදුන තැනක තියනවානම් කියලා දෙන්න, ඒ වගේම bump එකක්වත් දාලා යන්න අමතක කරන්න එපා.
 
Last edited:

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මචන් අහල තියෙනවද එක හෝටලයකට ගිය ආච්චි කෙනෙක් ගෑරුප්පුව අරන් එයාගේ ප්ලේට් එකේ තිබ්බ චිකන් ලෙග් එකට හයියෙන් ඇනලා. ඒක ගිහින් එහා ටේබල් එකේ හිටිය සුද්දෙක් ගේ මූනේ.:lol::lol::lol::lol::lol:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    niyamayi,.. :D

    niyamayi machan

    great post

    ela machan rep++

    ඔයාලා සේරටම Thanku කිවුවා comments කලාට
    . :love::love::love:

    මචන් අහල තියෙනවද එක හෝටලයකට ගිය ආච්චි කෙනෙක් ගෑරුප්පුව අරන් එයාගේ ප්ලේට් එකේ තිබ්බ චිකන් ලෙග් එකට හයියෙන් ඇනලා. ඒක ගිහින් එහා ටේබල් එකේ හිටිය සුද්දෙක් ගේ මූනේ.:lol::lol::lol::lol::lol:

    ඔකේ තවත් version එකක් මමත් දැක්කා නාට්‍යයක. හරියටම මතක නම් නෑ, මට මතක විදියට නම් "කඩවර" කියලා පරණ එකක. ඒත් මොකද මචං, මුකුත් නොවුනා වගේ තව කෑල්ලක් බෙදා ගන්නවා :D :D
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    hugak wedagath machan
    Tfs

    වැදගත් ත්‍රෙඩ් එකක්:cool:
    විඩිඔ එකනම් පට්ටා:rofl:

    maxxa wedak
    rep denna belu

    අපොයි මේ තියෙන්නේ හොද සහයෝගයක්. Reps ගැන වැඩිය හිතන්න එපා මචං :cool::cool::cool:
     
    • Like
    Reactions: spider2k

    Nushan

    Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    මම අද මේ Thread එකෙන් කියන්න උත්සහ කරන්නේ ආසන්නම නිවැරදි අයුරින් කොහොමද හැදි ගෑරුප්පු හසුරවලා ආහාර ගන්නේ කොහොමද කියලයි. ගොඩාක් අය මේ දේවල් දැනගෙන හිටියත් නොදන්නා අය එක්කෙනෙක් දෙන්නෙක් හරි යමක් ඉගෙන ගනීවි කියලයි මම මේ Thread ඒක දාන්න කල්පනා කලේ. ඇත්තට ඔය මොන තරම එක එක විදියේ හැදි ගෑරුප්පු තිබුනත් ලංකාව වගේ ආසියාතික රටවල් වල ඉන්න අපිට අතින් අනලා කෑමක් කනවා තරම් වෙන බඩට හා හිතට දැනෙන දෙයක් නැතුව ඇති. අපි එංගලන්තෙන් ආව අය නෙමෙයිනේ ඉතින් ඔය හැදි ගෑරුප්පු පාවිච්චියේදී වැරද්දක් වුනොත් කීයටවත් කලබල වෙන්න එපා. ඒ වගේ දෙයක් ඕනෙම කෙනෙක් අතින් වෙන්න පුළුවන් සාමාන්‍යය දෙයක්.

    මෙන්න අපි සාමාන්‍ය උත්සවයකදී දකින Table Arrangement එකක්

    1111w.gif

    දැන් ඔතන තියෙන්නේ අපි කාටත් හුරුපුරුදු ගෑරුප්පුව පිහිය හා හැන්ද නේ. ඉතින් ඔවුවා පාවිච්චිය නම් එච්චර සංකීර්ණ දෙයක් නෙමෙයිනේ. අපි සාමාන්‍යයෙන් ඕනෙම උත්සවයකට ගියාම තෝරාගන්නේ බත් හෝ නුඩ්ල්ස් වගේ දෙයක් නිසා එතැනදී පහලින් තියන විදියට වම් අතින් ගාරුප්පුවත් දකුණු අතින් හැන්දත් පාවිච්චි කරන්න පුළුවන්.

    eatingthaistyle.jpg

    මෙතනදී වැදගත්ම දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් බත් කද්දී ගොඩාක් මස් මාළු වගේ වගේ ව්‍යංජන උපයෝගී වෙනවනේ. ඉතින් මෙතනදී අපිට ඒ දේවල් පොඩි කෑලි වලට කඩා ගන්න අවශ්‍ය නිසා අපිට පිහිය පාවිච්චි කරන්න වෙනවා. එතනදී සාමාන්‍යයෙන් අපි අනුගමනය කරන්නේ දකුණු අතේ තියන හැන්ද අපේ පිගානට පැත්තකින් තියන side plate එක උඩින් හෝ අපේ පිගානෙම (side plate එකක් නැත්නම්) දකුණු පැත්තේ පහලින් තියලා ඒ අතින් පිහිය උපයෝගී කරගෙන මස් හෝ මාළු වගේ දේවල් මේ විදියට කපා ගන්න පුළුවන්.

    611640cuttingasmallchun.jpg

    ඔයාට අවශ්‍ය විදියට පිහිය පාවිච්චි කලාට පස්සේ පිහිය ආපහු හැන්ද තිබුන තැනින් තියාගෙන ඔයාට හැන්ද භාවිතා කරගෙන ආහාර ගැනීම පටන් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පාවිච්චියට ගත්තු පිහිය හෝ හැන්ද නිකන්ම නිකන් මේසය උඩින් තියන්න නම් එපා. පුළුවන් විදියට තමන්ගේ Side plate එක එහෙමත් නැත්නම් පිගාන උඩම තියා ගන්න.

    මෙන්න මේ video එකෙනුත් ඔයාලට වැදගත් දේවල් ටිකක් ඉගෙන ගන්න ලැබේවි.

    ඒ වගේම අපි කෑම අවසන් කරාට පස්සේ හැන්ද හා ගෑරුප්පුව ඔරලෝසුවේ වෙලාව 5.25 දැක්වෙන හැඩයට ඔයාගේ පිගාන උඩින් තියලා තියන්න. එතකොට කෑම ඉවත් කරන පුද්ගලයාට දැන ගන්නවා අපි ආහාර අරගෙන ඉවරයි කියලා.

    මීට අමතරව

    • කෑම කද්දී පුළුවන් තරම් කට වහගෙන ආහාර විකන්න.
    • තමන්ගේ හැන්ද, ගෑරුප්පුව කට ඇතුලට යවන්න එපා.
    • ආහාර ගනිද්දී වැලමිට මේසය උඩින් තබාගෙන ඉන්න එක ඒ තරම් හොද පුරුද්දක් නම් නෙමෙයි.
    • ආහාර කටේ තියෙද්දී කතා කිරීමෙන් වලකින්න.
    • පුළුවන් ප්රීමාණයට වඩා අහාර කටේ පුරවාගන්න එපා.
    • මේසයේ අපිට ඈතින් තියන කෑමක් ගන්න අවශ්‍ය නම් නැගිටලා එතනට එබෙන්නේ නැතුව, ඒ කෑමට ලගින ඉන්න කෙනෙකුට කියලා එක ඉල්ලා ගන්න.

    වගේ හොද පුරුදු ටිකකුත් පුරුදු වෙන්න.

    කියන්න අමතක වුන වැදගත්ම දේ තමයි. මේසේ උඩ හැදි ගෑරුප්පු තියලා තිබුනා කියලා එකෙන්ම කන්න ඕනේ නෑ. තමන්ට කැමතිනම් අතින් කන එක කිසිම කෙනෙක් වැරදියට හිතන දෙයක් නෙමෙයි
    . එහෙම අතින් කන වෙලාවට අත හෝදන්න ටැප් හොයා හොයා ඉන්න අවශ්‍ය නෑ. Waiterට කියන්න finger bowl එකක් ගෙනත් දෙන්න කියලා. එයාල එක ඔයාලගේ මෙසේටම ගෙනත් දෙවි.

    මේ කිවුවේ basic ඒ කියන්නේ Informal Table arrangement එකකදී ආහාර ගන්න විදියනේ. මේ ක්‍රමය තමයි ලංකාවේ තියන බොහොමයක් හෝටල් හා රෙස්ටුරන්ට් වලදී භාවිතයට ගැනෙන්නේ.

    ඊට අමතරව තියන ක්‍රමයක් තමයි Formal Table arrangement එක.

    artplacesetting.gif

    මේක නම් ටිකක් සංකීර්ණයි. ඉතින් මේ Thread එකට එන ප්‍රතිචාර බලලාම එකත් විස්තර කරන්නම්.

    එහෙනම් හොදද කියලා බලලා මටත් වැරදුන තැනක තියනවානම් කියලා දෙන්න, ඒ වගේම bump එකක්වත් දාලා යන්න අමතක කරන්න එපා.

    macho oya dewani eka kiyala deepanko.. mama wedding ekakata gihilla owa dakala kannath epa una.. passe tikai kaawe LOL..