ElaKiri.com
The Largest Sri Lankan Online Community
© gfh 2012 - ElaKiri™ All Rights Reserved.
මෙම ලිපි මාලාව මගින් ඔබට මෙම වෙබ් අඩවිය පිළිඹඳව සහ එය ප්‍රයෝජනවත් ලෙස භාවිත කරන ආකාරය පිළිඹඳවත් පූර්ණ දැණුමක් ලබාදීමට උත්සහගෙන ඇත. අනාගතයේදී සිදුවන vBulletin යාවත්කාලීන කිරීම් සමග මෙහි යම් යම් වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය යැයි ඔබට හැඟීයනවා නම් එය ෆෝරම් මොඩරේටර් වරයෙකුහට දැනුම් දී එමගින් මෙම ලිපියත් යාවත්කාලීන කිරීමට පුළුවන. මෙය මෙම ලිපි මාලාවේ පළමුවන කොටසයි. එසේම ඔබ ව්‍යාපාරික අරමුණක් උදෙසා මෙහි පැමිණියා නම්, ඔබට අවශ්‍ය උපදෙස් වෙනම දක්වා ඇත.
WWW.ElaKiri.CoM ඉතිහාසයෙන් බිඳක්.....
The Largest Sri Lankan Online Community
© gfh 2012 - ElaKiri™ All Rights Reserved.
මෙම ලිපි මාලාව මගින් ඔබට මෙම වෙබ් අඩවිය පිළිඹඳව සහ එය ප්‍රයෝජනවත් ලෙස භාවිත කරන ආකාරය පිළිඹඳවත් පූර්ණ දැණුමක් ලබාදීමට උත්සහගෙන ඇත. අනාගතයේදී සිදුවන vBulletin යාවත්කාලීන කිරීම් සමග මෙහි යම් යම් වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය යැයි ඔබට හැඟීයනවා නම් එය ෆෝරම් මොඩරේටර් වරයෙකුහට දැනුම් දී එමගින් මෙම ලිපියත් යාවත්කාලීන කිරීමට පුළුවන. මෙය මෙම ලිපි මාලාවේ පළමුවන කොටසයි. එසේම ඔබ ව්‍යාපාරික අරමුණක් උදෙසා මෙහි පැමිණියා නම්, ඔබට අවශ්‍ය උපදෙස් වෙනම දක්වා ඇත.
WWW.ElaKiri.CoM ඉතිහාසයෙන් බිඳක්.....
එළකිරි ඉතිහාසය 2004 වසර තරම් ඈතට දිවයන එකක්. ඒ අවධිය වනවිට ලංකාවේ කොතරම් වෙබ් අඩවි තිබුණත්, මේ තරම් පිරිසක් අන්තර්ජාලයේ ඒක් තැනකට රොක්වුනු වෙබ් අඩවියක් තිබුනේ නැහැ. යම්කිසි මට්ටමක පැවතුනු වෙබ් අඩවි කිහිපයක් තිබුණත්. ඒවාද පැවතුනේ ආධුනික මට්ටමකයි. මෙවන් අවධියකයි එළකිරි වෙබ් අඩවිය එළිදැක්වුනේ. ඒ 2004 මාර්තු 16 වන දිනයි. ඒ එළිදැක්වීම සිදුවූයේ හදීසියේ නොවෙයි. එය සිදුවූයේ වසර කිහිපයක සිට සිදුවූ සාකච්ඡා කිරීම් සහ සැලසුම් කිරීම්වල අවසාන ප්‍රථිඵලය වශයෙන්.
එළකිරි යනුවෙන් සියළු පහසුකම් සහිත වෙබ් අඩවියක් ආරම්භ කිරීමේ අදහස මුලින්ම ඇති වන්නේ 2004 වසරේදී. ඒ අදහස ඇතිවූයේ ඒ සමය වනවිට පාසලට සමුදී සිටි තරුණයෙකු වූ වර්තමාන ප්‍රධාන අද්මිනිස්ත්‍රාසිකරු ලෙස කටයුතු කරන GTRZ සහෝදරයාටයි. මේ අනුව 2004 මාර්තු 16 දින එළකිරි ගොඩනැගීමට මුල් පියවර ගනු ලැබුවා. අනතුරුව හිතමිත්‍රයන් රැසක්ද සමග එක් වෙමින් සියල්ලන්ගේම දැඩි කැපවීමේ සහ වෙහෙස වීමේ ප්‍රතිඵලයක් ලෙස 2006 අප්‍රේල් 8 වන දින BETA 1 සංස්කරණය එළිදැක්වීමට හැකියාව ලැබුණි. ආරම්භය සීග්‍රඝාමී නොවූවද , කෙමෙන් කෙමෙන් එළකිරි සමග අත්වැල් බැඳගත් පැරණි සාමාජිකයන්ගේ සහය සහ දිරිගැන්වීමද මත, දින 68 ක් වැනි කාලයක් තුල 1000ක සාමාජික සංඛ්‍යාවද පසුකළේ සුභ අනාගතයකට හිමිකම් කියනා බවට පෙර නිමිති පාමිනි. එමෙන්ම සාමාජිකයන් අතුරින් පලකිරීම් (1000 Posts)දහසේ සීමාව පසුකළ පළමු සාමාජිකයා වීමේ භාග්‍යය හිමිකරගත්තේ Neon_Whiteය. ආරම්භයේ සිට දින 109ක් ඇතුලත ත්‍රෙඩ් 1,485 පෝස්ට්: 12,078 හා සාමාජිකයන් සංඛ්‍යාව : 2,000 පසු කිරීමද සුවිශේෂී අවස්ථාවක් විය.
එළකිරි යනු සංගීතමය අංශයට අදාල වෙබ් අඩවියක් පමණක් ලෙස හැඳින්වීමට උත්සාහගතහොත් එය නිවැරදි වන්නේ නැත. සංගීත අංශය පමණක් නොව, තවත් බොහෝ අංශ වෙතත් අවධානය යොමු කර තිබේ එළකිරි අන්තර්ජාල සමූහය ඊට ඉතා කදිම උදාහරණයකි. දවසේ ගත වන සෑම තත්පරයකම කියවන්නන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් එළකිරි හා එක්ව සිටීමෙන් ඒ බව මනාවට පැහැදිලි වේ. එමෙන්ම 2009 වසරේ E-Asia IT Conference and Exhibition - live webcast එළකිරි හරහා සිදුකිරීම එළකිරි ඉතිහාසයේ රන් අකුරින් සටහන් වූ අවස්ථාවකි. එමෙන්ම වැඩිම ප්‍රතිචාර සංඛ්‍යාවක් සහ නරඹන්නන් සංඛ්‍යාවක් සහිත ගීත බාගත කිරීමේ ලිපි මාලාවට හිමිකම් කීම තුලින් ලෝක වාර්තාවක්ද පිහිටුවීමට එළකිරි වෙබ් අඩවිය සමත්වීම ලාංකිකයන් වශයෙන් අප සැමට ආඩම්බර විය හැකි කාරණයකි. අද වන විට එළකිරි වෙබ් අඩවිය,
ලියාපදිංචි වූ සාමාජිකයන් : 397,374
මාතෘකාවන් : 1,041,046
පලකිරීම්: 11,663,027 කින් සමන්විතවේ,
එමෙන්ම වර්තමානය වන විට සුපිරිම පළකරන්නා ලෙස එම ස්ථානයට පැමිණ රැඳීසිටීමට : Wolverine GTR (පෝස්ට් 158,017) සමත්ව සිටී.
(මෙම සංඛ්‍යා මොහොතින් මොහොත වෙනස්වේ. යාවත්කාලීනවූ තොරතුරු හොම් පේජයේ වම්පස පහලින් බලාගත හැකිය.)
ලාංකික යෞවනයෙක්ගේ අදහසක් ඔස්සේ කුඩාවට ඇරඹි එළකිරි වෙබ් අඩවිය, අද වන විට ලොව ජනප්‍රිය වෙබ් අඩවි අතුරට පැමිණ තිබීම ලාංකිකයන් වශයෙන් අප සැමගේ ඉතාමත් සතුටට හේතුවන කාරණයකි. එමෙන්ම ලංකාවේ අංක එකේ අන්තර්ජාල කමුතුව වන්නේද එළකිරි වෙබ් අඩවියයි. ආරම්භයේ සිට අදවනතුරුම අප හා රැඳී සිට එළකිරිය අංක එකට ඔසවා තැබූ ඔබට අපේ ප්‍රණාමය! විශේෂයෙන්ම නම් සඳහන් කළයුතු සාමාජිකයන් පිරිසක්ද සිටිනවා. මුල් අවධියේදී සිටම වෙබ් අඩවියට විශාල දායකත්වයක් සැපයූ
Neon_White,Azaam,Deffa,Rapa,BuA,Snowgirl,Novindu,Crazy_m,hellbuster,systemoad,sandi,Michael,teescha,Sweet_Shimali,charmer,bokka,mlakmal,Wal Bada,ehazard සහ නම් වශයෙන් සඳහන් නොකළ අනෙකුත් සාමාජිකයන්ටද මෙහිදී ප්‍රණාමය පිරිනැමේ.
එසේනම් ඔබවත් එළකිරි වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නා අතර වෙබ් අඩවිය පරිහරණය කරනා අයුරු ගැන සාකච්ඡා කිරීමට පෙර මීලඟට වෙබ් අඩවියේ නීති රීති සහ සාමාජිකයන් අතර පවතින සම්ප්‍රදායන් පිළිඹඳ විස්තරයක් කිරීමට අදහස් කරනු ලැබුවා.
Last edited:

Growl ගෙරවීම මේ මගින් අදහස් වේ. උදාහරණයක් ලෙස සත්ත්වයන් කොපයට පත්වූ විට අනතුරු හඟවමින් ගොරවයි. එසේ මෙමගින් හැඟවෙන්නේ තරහව හැඟවීමයි.
Frown රැවීම මෙමගින් පිළිබිඹු වේ. යම්කිසි පෝස්ට් එකක් ගැන අප්‍රසන්නතාවයට පත්වූ විටද මෙය භාවිත කළ හැකිය.
Dull උදාසීන බව මෙයින් හැඟවේ. එමෙන්ම යම් පලකිරීමක්/දෙයක් පිළිඹඳ සිත් නොගන්නේ නම් මෙය භාවිත කළ හැකිය.
Baffled යමකට මැදිව එයින් මිදීමට අවශ්‍ය නමුත් කළයුත්ත සිතාගත නොහැකිව සිටින අවස්ථාවක් සිහියට ගන්න. සිංහලයේ කට උත්තර නැති වෙනවා යැයි පවසන්නේද මෙවැන්නකි. ඒ හා සමාන අරුතක් මේ මගින් කුළුගැන්වේ. බොහෝවිට දෙපිරිසක් හා ඇතිවන උනුසුම් විවාද තත්ත්වවලදී යමෙකු විසින් අන් පාර්ශවයට කට උත්තර නැතිවෙන ආකාරයට තර්කයක් ඉදිරිපත් කළා යැයි සිතන්න. එවිට එම පෝස්ට් එකට ප්‍රතිචාර වශයෙන් වාදයට සම්බන්ධ නැති අයෙකුට වුවත් මෙය පල කළ හැකිය. එමගින් පහර වැදුනු පාර්ශවය කෙරේ උපහාසාත්මක බවක් ඇති කරයි.
Rolleyes යමකට ඇස් කැරකවීම මෙමගින් හැඟවේ.
Confused ඔබ යමක් පිළිඹඳ අවුල් සහගත තත්ත්වයකට පත්ව සිටින්නේ නම් මෙය යොදාගත හැකිය.
Cool කලබල නැති ශාන්ත බවක් මෙමගින් හැඟවේ.
Eek අනපේක්ෂිත යමක් පිළිඹඳව විමතිය හෝ බිය පල කෙරෙන්නකි.මෙයින් විහිදුනු දෑසක් පිළිබිඹු කෙරේ.
Lol මෙය හඬ නඟා සිනාසීමට භාවිත කෙරේ. මෙය යමෙකුට සුහදත්වය පලකිරීම සඳහා ඒතරම් ගැලපෙන්නේද යන්න පිළිඹඳ ගැටළුවක් පවතී. මක් නිසාදයත් මෙය බොහෝවිට භාවිත කෙරෙන්නේ යමකට හඬ නගා සිනාසීමට සහ උපහාසාත්මකව සිනාසීමේ අදහස පිළිබිඹු කිරීමට නිසාය.
Nerd යමෙක් ඔබෙන් පිළිතුරු ලබාදිය නොහැකි ගණිත ගැටළුවක් විමසුවා යැයි සිතන්න. එවිට ඔබට මෙය භාවිත කළ හැකිය. මෙහි සිංහල අර්තය අඥාණයා යන්නට සමාන වේ.
No එපා හෝ නෑ යන්න සංඛේතවත් කෙරේ.
Oo පීඩාකාරී යමකට හෝ යම් දෙයක් පිළිබඳ නොපවසා තීරණයකට නොඑළඹ සිටින අවස්ථාවකද භාවිතා කළ හැකිය.
Rofl මෙහි අර්ථය Rolling On Floor Laughing බිම පෙරලෙමින් සිනාසීම මෙයින් අර්ථවත් කෙරේ.
Angry යමක් පිළිබඳ ඇති නොමනාපය පලකිරීමට යෙදේ.
Love මෙහින් අරුත්ගැන්වෙන්නේ සෙනෙහසයි.
Yes ඔව්. එකඟයි යන්න අර්ථවත් කෙරේ.
Sorry සමාවන්න සහ අපොයි යන්න අර්ථවත් කෙරේ.
Shocked බිය වීම, කම්පනයට පත්වීම මින් අදහස් කෙරේ.