අඩු වියදම් HIGH Quality ඇම්ප්ලිෆයරයක් හදමු

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    අඩු වියදම් HIGH Quality ඇම්ප්ලිෆයරයක් හදමු

    ඉලෙක්ට්‍රොනික් පරිපථ ගැන දාපු ත්‍රෙඩ් වලදී සහ PM වලින් මිත්‍රයො ඉල්ලපු පරිපථ අතර ඇම්ප්ලිෆයරයක් හදන්න ඉල්ලීම් කිහිපයක් තිබුණා.

    මම තොරගත්තෙ TDA1554 IC එක. මේකෙන් වොට් 22 output දෙකක් තියෙන ස්ටීරියෝ ඇම්ප් එකක් හෝ වොට් 11W output 4 තියෙන ඇම්ප් එකක් හදන්න පුලුවන්.
    පිටකොටුවේ පළම්වෙනි හරස්වීදියේ 88 කඩ පේලියේ (අතුල එකට යන තැන) දෙවන තට්ටුවේ අනුර ඉලෙක්ට්‍රොනික්ස් වෙතින් මිලට ගත්ත TDA1554 IC එක රුපියල් 180 වුනේ.මුලු පරිපථයම රුපියල් 250 කට අඩුවෙන් හදන්න පුලුවන්.
    (ගිය සතියේ ගත් එක 375 වෙලා තිබුනා. පස්සෙයි මිල ගණන් බැලුවේ.)
    Amplifier එක හරිම සරලයි.(ෆොටෝ ටික අන්තර්ජාලයෙන් සහ අත්හදා බැලීම් මගෙන්)

    මෙන්න IC එක
    picture.php


    මෙන්න වොට් 22 output දෙකක් තියෙන ස්ටීරියෝ ඇම්ප් එක
    picture.php


    ජව සැපයුම
    picture.php


    මුද්‍රිත පරිපථ පුවරුව(චැනල් හතරට ගත්තෙත් මේකමයි)
    picture.php

    picture.php

    picture.php


    චැනල් හතරේ ඇම්ප්ලිෆයරය
    පරිපථය
    picture.php


    මුද්‍රිත පරිපථ පුවරුව
    picture.php

    picture.php



    PCB ටික මෙතනට දැම්මා
    http://www.elakiri.com/forum/album.php?albumid=2929





    (පරණ ත්‍රෙඩ්
    රොබෝලා හදන්න කැමති සහ ඉලෙක්ට්‍රොනික් වැඩ
    http://www.elakiri.com/forum/showthread.php?t=1512452

    ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න පරිපථ පොත්
    http://www.elakiri.com/forum/showthread.php?t=1538510

    UPS පරිපථ /UPS Circuit diagram
    http://www.elakiri.com/forum/showthread.php?t=1578508 )
     
    Last edited:
    • Like
    Reactions: krizta and knight11

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඕවා හදාගන්න තේරෙන් අනෙ බන්.. හොද ඇම්ප්ලිෆයර් එකක් ගන්න ඉන්නෙ මන්. සද්දෙ මදි මගේ microlab එකෙ. :(:(
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    machan mage tiyenna amp eke W gana nam danne na habai w 100 speakers 2k duwanawa mata danaganna one godak current eka yanawada kiyala :)
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    28V 0 28V ට්‍රින්ස්ෆෝමරයේ ඇම්පියර් කීයද? ඇම්පියර් ගණණ අනුව ට්‍රින්ස්ෆෝමරයේ ප්‍රමාණය වෙනස් වෙනවා. මිලත් වෙනස් වෙනවාග
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    STK 4191 100W amp ekata. 5A wage ekak kiyak weida bn? (recommend karanne 3A unata amp eka maximum power eken wada karaddi e gaana madi bn :( )

    හප්පා ... STK 4191 ... අහන්නත් ආසයි. තාම ඕකෙන් Amps හදනව ද ? අපි ඉස්කෝලේ යන දවස් වල ඕක පට්ට ගැහුවා. ඕකෙන් Amps හදන්න ඇති 10ට වඩා.
    ඔවු, ඕකට 5A transformer එකක් තමා හරි යන්නේ. නැත්තම් සද්දේ වැඩි කරද්දී අවුල යනවා. මම ගන්න කාලේ ඕක Rs.1200/= වගේ උනේ... දැං ගාන දැන ගන්න මාත් ආසයි.
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    ඇම්ප් එකක වොට් ගණන මනින්න උපකරණ තියෙනවා.( අලුත් මල්ටිමිටර් වල ඕඩියෝ වොට් මීටර් තියෙනවා) ඒක මනින්නෙ නැතුව කියන්න බැහැ. ඇම්ප්ලිෆයර් එක අනුව on වී standby ඇතිවිට සහ ක්‍රියා කරන විට ගන්නා ධාරාව වෙනස් වෙනවා. සාමාන්‍යෙයන් standby current එක 30mA (5mA-100mA)විතර වෙනවා. ඇම්ප් එක වැඩ කරන වෝල්ටීතාවයෙන් වැඩි කළාම නාස්ති වන වොට් ගණන ලැබෙනවා.
    (W=VI ,W-output Power,V-voltage, I-current)
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    පිටකොටුවේ ගණන් හොයලා කියන්නම්,සාමාන්‍යෙයන් හොඳට ඔතපු එකක් රු 2000-2500 වේවි. 28V-0-28V (cetertap Total output 5A). STK 4191 ඇම්ප් එකට මම 28V-0-28V (cetertap Total output 6A) දාන්නේ. Transformer Core eka 168W(170W) ගැලපෙන්න තෝර ගන්නේ. Core එකටයි Lamination වලටයි කම්බි වලටයි 3000 විතර යනවා.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    පිටකොටුවේ ගණන් හොයලා කියන්නම්,සාමාන්‍යෙයන් හොඳට ඔතපු එකක් රු 2000-2500 වේවි. 28V-0-28V (cetertap Total output 5A). STK 4191 ඇම්ප් එකට මම 28V-0-28V (cetertap Total output 6A) දාන්නේ. Transformer Core eka 168W(170W) ගැලපෙන්න තෝර ගන්නේ. Core එකටයි Lamination වලටයි කම්බි වලටයි 3000 විතර යනවා.

    අප්පා.. එහෙමද .. දැනටත් ගෙදර ඉස්සර ගතපු හොඳ 28V centertap 5A දෙකක් තියෙනවා මලකඩ කකා. STK 4191 දෙකකුත් තියෙනවා :D . දැං 4191 කීයක් විතර වෙනවද ?
    මිල වැඩිම parts දෙක තියෙන නිසා 4191 Amp එකක් ගොඩ දාන්නත් හිතෙනවා. ඉස්සර සාමාන්‍ය casing එකත් එක්කම හදපු full 4191 Amp එකක් 3500-4000 ක් වගේ ... දැං කීයකට වගේ දෙන්න පුළුවන්ද ?
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    පිටකොටුවේ ගණන් හොයලා කියන්නම්,සාමාන්‍යෙයන් හොඳට ඔතපු එකක් රු 2000-2500 වේවි. 28V-0-28V (cetertap Total output 5A). STK 4191 ඇම්ප් එකට මම 28V-0-28V (cetertap Total output 6A) දාන්නේ. Transformer Core eka 168W(170W) ගැලපෙන්න තෝර ගන්නේ. Core එකටයි Lamination වලටයි කම්බි වලටයි 3000 විතර යනවා.

    Transformer ඔතන්න දන්වා ද?
    ඒකට ඕන කරන දේවල් (bobbin, lamination, wire ...) තෝරගන්න ආකාරය, ලංකාවෙ ගන්න තියෙන තැන්, මිල ගණන් ගැන විස්තරය දන්නවා නම් කියන්න.:):)

    බොහොම ස්තූතියි amp circuit එකට.