අපිට නැතිවී ගිය අපේ සම්පත .2 වෙනි කොටස
මින් පෙර මා විසින් "ඔබෙත් මගෙත් අත්දැකිම් " කියන බ්ලොග් අඩවියෙන් "අපිට නැතිවීගිය අපේ සම්පත් 1 " යන මාතෘකාවයටතේ උපුටා දක්වන ලද ලිපියක් ත්‍රෙඩ් එකක් ලෙස මේ එළකිරියේ පලවුණා .ඇත්තම කිව්වොත් මෙය කොටස් දෙකකින් පළ් අ කරන්න් සිද්ධවුණේ එම ලිපියේ වච්න ප්‍රමාණය එළකිරියේ ත්‍රෙඩ් එකකට ලබා දී ඇති වචන සීමාව ඉක්මවා ගොස් තිබූණු නිසා .ඉතිං කලින් ලිපියට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා .ගොඩ දෙනෙක් 2 වෙනි කොටස බලාපොරොත්තුවෙන් හිටියා .තව සමහරක් අය අපි නොදන්න වටිනා කරුණු ගැන හෙළිදරව්කලා .ඉතිං ඒ ගැන අපි හරිම් සතුටුයි .මොකද මේ වගේ දෙවල් තමා වෙන්න් ඕනේ .අපේ ඉන්න ගොබ්බ දේශ්ප්‍රේමී උපාසක උපාසිකාවන් නිසා රටේ වැලලී තිබුණු අතීතයේ ඇතැම් වටිනා හරවත් තැන් අපි ගොඩ අරන් අපේ පරපුරටත් අනාගත පරපුරටත් දායද කරන්න් ඕනේ .කවුරු හරි කියයි මෙ පරන කුණු හාරවුස්ස අවුස්ස ඉන්නේ නැතුව හෙට ගැන යමක් හිතන්න කියලා .මතක තියාගන්න සමහරක් වෙලාවට පරණ මිනී ගොඩ ගන්න අධිකරණ නියෝගත් ලැබෙනවා .මොකද ඇත්ත කවදාවත් වළලන්න බැරි නිසා .හරි එව්වයෙන් වැඩක් නැහැ දැන් මම කලින් ලිපියෙ ඉතුරු වෙච්ච ටික පළ කරන්නම් .ඔයගොල්ලොන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඒ සම්බන්ධව .හැබැයි මේ ලිපිය කියවන්න නම් මේ ලිපියේ කලින් කොටස කියවලා ආවොත් තමා හොඳ ..නැත්තම් තේරුම් ගන්න අමාරු වෙයි
…එම ලිපියේ කලින් කොටස කියවීමට පහත ලින්ක් එක අනුගමනය කරන්න ...
http://www.elakiri.com/forum/showthread.php?t=1583946
මේ එතැන් සිට,
එලෙසම ඔහු පාරම්පරික ලෙස දැඩි ලෙස බුදු දහම සමග ජීවත් වූ අයෙක් . ඔබ දැක ඇති කැළණිය විහාරයේ අනර්ඝ බිතු සිතුවම් .
කැළණිය විහාරයේ බිතු සිතුවම් ඇඳි ඒ මහා සිත්තරා සෝලියස් මෙන්ඩිස් මැති තුමා . ඔහුට නිවන් සුව අත් වේවා ...! වෙන කියන්න දෙයක් හිතා ගන්න බැහැ . ..
පෘතුගීසි ආක්‍රමණ මගින් විනාශ වී ගිය කැළණිය විහාරය පිළිසකර කර සෝලියස් මෙන්ඩිස් නමැති අනර්ඝ සිත්තරා මගින් බිතු සිතුවම් කර අද දක්වාද නඩත්තු කරන්නේ මෙම පරම්පරාවයි.උපාලි මහත්මාගේ මිත්තණිය වන දොන් හෙලේනා ඩෙප් වීරසිංහ මැතිණිය විසින් තම පුද්ගලික ධනයෙන් මුළු කැළණිය රාජ මහා විහාරයම අලුත් වැඩියා කර ඇත .( විවාහයෙන් පසු හෙලේනා විජයවර්ධන ආර්යාව ) 1927 දී මුළින්ම කැළණි පෙරහැර වීදි සංචාරය කල අවස්ථාවේ එහි බස් නායක ධූරය හොබවන්නේද උපාලි මහතාගේ පියා වන දොන් වෝල්ටර් විජේවර්ධනයි. ඉන්පසු උපාලි විජයවර්ධනයන්ද එම ධූරය දැරුවා.උපාලි මහතාගේ පියාගේ පියාට අයිතිව තිබූ දැව කර්මාන්ත ආයතන මගින් ඉදි කළ ආයතන අතර කොළඹ නයනා රෝහල , අලුත්කඩේ අධිකරණ ශාලාව , කොළඹ කෞතුකාගාරය සඳහන් කළ යුතුමයි.එම කොන්ත්‍රාත් හි ගුණාත්මකභාවය ගැන අද මේ මොහොතේත් ලිපිය කියවන ඔබ සාක්ෂි දරණු ඇත. එසේම ඔහු අතින් ගාලු පාර කොල්ලුපිටියේ ඉදි කෙරුණු ශ්‍රී රම්‍යා නමැති අනර්ඝ නිවසද අදද දක්නට ඇත.ඒ අන් කිසිවක් නොව එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පුස්තකාලය වෙනුවෙන් පරිහරණය වන මනරම් ගොඩනැගිල්ලයි.හෙලේනා මැතිණිය තම සහකරුගේ අකල් වියෝවෙන් පසුව වයස අවුරුදු 39 සිට ජීවත්ව ඇත්තේ එම නිවසේයි. හෙලේනා මැතිණියට දූ දරුවන් 9 දෙනෙකි.
****************************
දොන් ඇලෙක්සැන්ඩර්, ඇග්නස් හෙලන්, දොන් ලුයිස්, දොන් රිචඩ් (ඩී. ආර්. විජයවර්ධන මහතා) දොන් එඩ්මන්ඩ්, ලීසා හැරියට්, දොන් චාල්ස්, දොන් වෝල්ටර් (උපාලි විජයවර්ධන මහතාගේ පියා) සහ දොන් ඇල්බට් උසස් තත්ත්වයට පත්වූ අතර ඔවුන්ගෙන් දෙදෙනකු වන ඇලෙක්සැන්ඩර් සහ රිචඩ් ජාතික වීරයන් වශයෙන් පිළිගැනීමට පාත්‍ර විය. ඇගේ මුණුපුරකු වන ඡේ. ආර්. ජයවර්ධන අපේ ප්‍රථම විධායක විධායක ජනාධිපති වූ අතර මීමුනුබුරා වන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයෙක් විය. ලෝකප්‍රකට ගවේෂයකයකු වූ රේ. විඡේවර්ධන හා ව්‍යාපාරික ප්‍රකට ප්‍රබලයන් වූ උපාලි විජයවර්ධන හා රංජිත් විජයවර්ධන ඇතුළු තවත් පවුලේ බොහෝ අය පිළිගත් ව්‍යාපාරිකයෝ වූහ.
සිව්වන පරපුරේ රවී ජයවර්ධන, ආචාර්ය හිරාන් ජයවර්ධන, රජිත ගෝමස්, අමිත ගුණරත්න, අමරි විජයවර්ධන, ශාලිත විඡේසුන්දර, ධම්මික ආටිගල, ෂාන් වික්‍රමසිංහ, දොස්තර ශ්‍රී නාත් සෙනෙවිරත්න, රුවන් විජයවර්ධන (රංජිත් විජයවර්ධන මහතාගේ පුත්) පවුලේ සාමාජිකයන්ගෙන් සමහරෙකි.
පස්වැනි පරම්පරාව ගත්කළ ප්‍රදීප් ජයවර්ධන, ඉෂිනි වික්‍රමසිංහ, තිෂ්‍ය වික්‍රමසිංහ, ඉරුෂි තෙන්නකෝන්, නිරෝෂන් විඡේසුන්දර, රුචිනි විඡේසුන්දර, චූලෝ සමරසිංහ, කේමින්ද ආටිගල සහ හිටපු රාජකීය රග්බි නායක දුමින්ද ආටිගල සමහරක් අයෙකි. .
විශේෂ ස්තූතිය ශාන් වික්‍රමසිංහ මහත්මාට
****** *************************
කෙසේ හෝ මෙවැනි පවුලකින් පැවතෙන
උපාලි විජයවර්ධනයන්ගේ ගමන කෙසේ හෝ නැවැත්වීමට පක්ෂ පාට භේදයකින් තොරවම සියලු දෙනාම සංවිධානය විය. අංඟේ සිට කණ කෑමේ සිට එළිපිට ගල් ගැසීම දක්වා මේ සියල්ල වර්ධනය විය. උපාලි මහතාට තම ඥාතීන් වූ ඩිකී අයියාගේ ( දන්නෝ දනිති. ) සිට පහළම වෙළෙන්දා දක්වා සතුරන් වර්ධනය විය.මේ අන් කිසිවක් නොව ඉරිසියාවයි. ශ්‍රී ලාංකික සැබෑ ගති ලක්ෂණය මෙයයි.තමන්ට කන්න නැතත් ඉවසීමට හැකිය අනිකා කනවා ඉවසිය නොහැකිය.
මේ සියල්ල අවසාන වන්නේ ක්වාලාම්පූර් සිට ඔහු තම පුද්ගලික ජෙට් යානයේන් නැවත ලංකාව බලා එන අතරතුර 1983 පෙබරවාරි 13 දින ගුවන් අනතුරකට මුහුණ පා ජීවිතයෙන් සමු ගැනීමෙනි .ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන් 5 දෙනෙක් සමග මලක්කා මුහුදට ඉහළ අහසේදී ගුවන් යානය විනාශ වී යනවා.
..
....
ඉන්පසු නැවත කිසි දිනක ඔහු ආ ගමන යෑමට සමත් ජගතෙකු ලක් මවට බිහි වූයේ නැත. බිහි වූවානම් ඔවුන්ද අත පල්ලෙන් වැටී කිරි නැතිව මිය ගොසිණි.මීට අමතරව පොතක් ලිවීමට තරම් කරුණු ඇතත් මා ලිපිය මෙතකින් නවත්වමි. ඒ මෙවන් දෑ කීමෙන්ද පලක් නැත. දේශ ප්‍රේමී ප්‍රෝඩාකාරී පුද්ගලයන් සිටින තෙක් කිසිදා ශ්‍රී ලංකාවට සහනය උදා නොවනු ඇත.
වෙහෙර හැර ආරම්භ කරන ලද වාහන එකලස් කිරීමේ ආයතනයටද එවැනි සහන ලබා දී අඩපණ කර විනාශම කර දැමීය.2002 අවධියේ ඇති කෙරුණු වාහන පෑස්සුම් ආයතනයද සහන ලබා විනාශම විය.
ආචාර්ය ලෝරන්ස් පෙරේරා සතු මයික්‍රෝ ආයතනයද යාන්තමින් සහන / අසහන වෙමින් ඇදගෙන යයි .ළඟදීම සම්පූර්ණ සහනය ලැබීමටද හැකිය. එම ආයතනය 2006 වකවානුව තුලදී මෙරටදීම දුම්රිය මැදිරි එකක් ලක්ෂ 65 වැනි මුදලකට නිෂ්පාදනයට ඇති ශක්‍යතාවය පෙන්වා ඇත.එහෙත් එවැනි ආයතන වල නිෂ්පාදන තුට්ටුවකට ගණන් නොගෙන ප්‍රකෝටි ගණන් මුදල් යටි මඩි ගැසීමේ අරමුණින් විදේශ සමාගම් වලට කොන්ත්‍රාත් ලබා දීම සිදු වේ. මැදිරියක වටිනාකම ලක්ෂ 45 ක් නම් එහි අත යට මුදලම ලක්ෂ 200 පමණ වේ.අත යට මුදලට පමණක් භාණ්ඩයේ වටිනාකම මෙන් 4 ගුණයක් වැය වී ඇත.
ලංකාවේ බදු මුදල්ද මෙලෙසම වේ. භාණ්ඩයේ සැබෑ වටිනාකම රුපියල් 10 නම් අපට එය මිළට ගැනීමට සිදු වන්නේ රුපියල් 22 පමණ වූ පසුවය.ඉතුරු රුපියල් 12ම වැය වී ඇත්තේ මෙවන් නින්දිත පුද්ගලයන්ගේ අධූරදර්ශී වැඩ වලටය.රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වැය කල යුත්තේ සැබෑ වටිනාකම රුපියල් 10 ක් වන භාණ්ඩයක ගුණාත්මක භාවය තවත් වැඩි දියුණු කිරීමට මිස එම කර්මාන්තය විනාශ කිරීමට නොවේය . එහෙත් 48 සිට සිදු වූයේ බදු මුදල් වලින් සැබෑ ශ්‍රී ලාංකික ශක්තිය විනාශ කිරීමයි. විනාශය සිදු කර එය දේශප්‍රේමී සළුවෙන් වසා ගැනීමට දරණ වෑයමේදී තව තවත් මුදල් අවශ්‍යයය .එම මුදල්ද ලබා ගැනීමට නම් භාණ්ඩයේ බදු මුදල තවත් වැඩි කල යුතුය. එවිට රුපියල් 10 යේ භාණ්ඩයක මිළ රුපියල් 40 / 50 ඉක්මවීම වැළක්විය නොහැකිය.
ළඟදීම රුපියල් 10 යේ භාණ්ඩ කර්මාන්තශාලා සහන දරා ගැනීමට නොහැකිව වැසි යනු ඇත .පෙර රාජාණ්ඩු සමයේ මෙන් එවිට අඹුවගේ අවයවයටද බදු ගැසීමට සිදු වීම වැළක්විය නොහැක්කේමය ...!
ඉන්දියාවේ අශෝක් මහත්මා බ්‍රිතාන්‍ය ලේලන්ඩ් ආයතනය සමග එක් වී ආරම්භ කරණ ලද ආයතනය අද වන විට ඉන්දියානු රජයේ ආධාර උපකාර මැද අශෝක් ලේලන්ඩ් නමින් අති සාර්ථක ගමනක් යමින් ඇත.ඔබ අද ලංකාවේ දකින සියලුම පුද්ගලික බස් වලින් 80% වඩා නිපදවා ඇත්තේ එම සමාගමේ. එහිම තව දිගුවක් වන ලංකා අශෝක් ලේලන්ඩ් යනු එම ඉන්දියානු සමාගමයි. බ්‍රිතාන්‍ය , ජපන් සමාගම් හරහා අතර මැදියන් නොමැතිව ඍජුව වාහන නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව එදා විනාශ කර නොදමන්නට අද අප ඉන්දියාවට වාහන අපනය කිරීමට පවා ශක්තියකින් සමන්විත වීමට හොඳටම ඉඩ තිබෙනු ඇත.එහෙත් වර්තමානයේ වුවද සිදු වන්නේ අප ඉන්දියාවෙන් වාහන ගෙන්වීමකි. සුසුකි මරුටි , ටාටා , ඩිමෝ , බජාජ් , TVS වැනි සියලු ආයතන ආරම්භ වූයේ එලෙසිනි. ( ඉඩක් ලැබුණොත් ඒ ගැනද මතු ලිපියකින් ) . පුද්ගලිකව මේ ලිපිය ලියන මාද ජපාන NHK ආයතනයේ විකාශන අයිතිය ශ්‍රී ලංකාව තුල ලැබූ අයෙකි.එහෙත් පැවසීමට ඇත්තේ නැවතත් ,
මේ සියල්ල අවසාන වන්නේ ක්වාලාම්පූර් සිට ඔහු තම පුද්ගලික ජෙට් යානයේන් නැවත ලංකාව බලා එන අතරතුර 1983 පෙබරවාරි 13 දින ගුවන් අනතුරකට මුහුණ පා ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන් 5 දෙනෙක් සමග මලක්කා මුහුදට ඉහළ අහසේදී ගුවන් යානයත් සමගින් විනාශ වී යමින් . ඉන්පසු නැවත කිසි දිනක ඔහු ආ ගමන යෑමට සමත් ජගතෙකු ලක් මවට බිහි වූයේ නැත. බිහි වූවානම් ඔවුන්ද අත පල්ලෙන් වැටී කිරි වෙනුවට වස කැවී මිය ගොසිණි...!
මේ ලිපි දෙකෙන් (අපිට නැතිවී ගිය අපේ සම්පත 1 හා 2) කියවූ කරුණු ඔබට වැටහෙනවා ඇතැයි මා සිතමී .මෙයින් අපිට පෙනී යන්නේ අපරටේ එදා සිටි පාපකාරි දේශප්‍රේමී ගොබ්බ පාලකයන් විසින් අපේ රටන දේශප්‍රේමි සිල් රෙද්දට මුවාවී කරන ලද කාලකණ්නි තිරිසන් ක්‍රියාවන් නිසා අපිට වුණු විපත්තිය කෙතරම්ද යන්නය .තවද උපාලි මහතා වැනි රටට ආදරය කළ දෑ හිතකාමි මිනිසුන්ව තමන්ගේ පුහුමාන්ය්යේ ආනුභාවයෙන් උපන් ගෙයිම මරා දමන්නට එදා සිටි ඉහත් කී කාලකණ්නින්ට හැකිවිය .එදා අතීතයේ බටහිර ජාතිකයකු වූ රොබර්ට් නොක්ස් විසින් පවසා ඇත්තේ " දුක් කරදර ඉවසීමත් බඩ ගින්න ඉවසීමත් යෝදයන්ගේ ගුණයකී එදා සිංහලුන් අත පාලා ඉල්ලගෙන කන්න ලජ්ජාඋනු පිරිසක් වූයෙය . එදා නිකන් දෙන දෙයක් වත් ගන්න හිත හදාගන්න බැරිවූයේ තමන් තුල පැවතියාවූ ආත්මාභිමානය නිසාය ." යනුවෙන් තම පොතේ සටහනක් තබා ඇත .එහෙත් එදා ea සිංහළුන්ගෙන් පැවත එන වර්තමාන හෙළයා තම හෙළුව වසා ගැනීමට ඇති රේදි කඩ පවා පිට රටින් ගෙන්වීමට පුරුදුව ඇත .ඇතැම් වෙලාවට සෑම දේම නිකන් ඉල්ලා අයිතීන් ඉල්ලන මුවාවෙන් පෙළපාලු උද්ගෝඅෂනද යනු දක්නට ලැබේ .ඇතමුන් වසර 13 ක් නිකන් ලැබූ නිදහස් අධ්‍යාපනය ලබා පසුව නුකන් ලැබෙන විශ්වවිද්‍යාලවල ගෝස් උපධිගෙන රැකියාවද නිකන් ඉල්ලන තත්වයට පත්වී ඇත .ඇතමුන් නිකන් ලැබු අධ්‍යාපනය ලබා කෙළේහේගුණ නොදන්නා අයමෙන් විදේස්ගතවී එම රටවලට තම න්‍යාය ,දැනුම ලබා දේ .තමන්ට පිනට ඉගැන්වූ රටට කිසිවක් අවසානයේ ඉතිරි නොවේ .මෙව්වා මෙසේ සිදුවීමට හේතු මෙම ලිපි කොටස් දෙකෙහිම ඔබට හමුවූවා නිසැකය .ඉදිරියේදී තවත් උපාලිලා වැන්නවුන් බිහිවීමේද් ඔවුන්වද ගොබ්බ දේශප්‍රේමි සිල් ඇත්තන් ඇත්තියන් විසින් උපන්ගෙයි මරා නොදමනු ඇතැයි කිව හැක්කේ කාටද ? ??

....ඉන්පසු නැවත කිසි දිනක ඔහු ආ ගමන යෑමට සමත් ජගතෙකු ලක් මවට බිහි වූයේ නැත. බිහි වූවානම් ඔවුන්ද අත පල්ලෙන් වැටී කිරි නැතිව මිය ගොසිණි.මීට අමතරව පොතක් ලිවීමට තරම් කරුණු ඇතත් මා ලිපිය මෙතකින් නවත්වමි. ඒ මෙවන් දෑ කීමෙන්ද පලක් නැත. දේශ ප්‍රේමී ප්‍රෝඩාකාරී පුද්ගලයන් සිටින තෙක් කිසිදා ශ්‍රී ලංකාවට සහනය උදා නොවනු ඇත.

Last edited: