දන්නවාද?

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මචන්ලා උබලගෙන් කවුරුහරි කෙනෙක් ඇහුවොත් පොහොය දින වල වැදගත්කම මොකක්ද කියල,එකට උත්තරයක් දීගන්න පුළුවන් වෙයිද ?
    වැඩිය ඕනේ නෑ අවුරුද්දෙ මාස 12 සිංහල ක්‍රමයට පිළිවෙලින් එකපාරින් කියාගන්න පුලුවන්ද ?
    මෙතන තියනවා අවුරුද්දෙ මාස 12 සිංහල ක්‍රමයට කියන විදිහ සහ පොහොය දින වල වැදගත්කම මොකක්ද කියල,නොදන්නා කෙනෙක් ඉන්නවනම් ටිකක් බලාගන්න,දැනගෙන ඉන්න එක වැදගත් කියල හිතලයි මේ කොටන්න ගත්තේ


    දුරුතු- ජනවාරි
    නවම්- පෙබරවාරි
    මැදින්- මාර්තු
    බක්- අප්‍රේල්
    වෙසක්- මැයි
    පොසොන්- ජූනි
    ඇසළ- ජූලි
    නිකිණි- අගෝස්තු
    බිනර - සැප්තැම්බර්
    වප් - ඔක්තෝම්බර්
    ඉල් - නොවැම්බර්
    උඳුවප් - දෙසැම්බර්


    පොහෝ දිනයන්හී වැදගත්කම

    d959efb1-6615-46f1-9bfa-c5f21db0b28b.jpg

    දුරුතු පුන් පොහොය (ජනවාරි මාසය )

    ගෞතම බුදුරජුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් මාස නවයක් ගතවූ තැන එළැඹි දුරුතු පුන්පොහෝ දින ය.

    උරුවේල ජනපදයේදී උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක් දෙනා දමනය කොට ඒහි භික්ඛු භාවයෙන් ගෞතම සසුනෙහි පැවිදි බව ලැබීම සිදුවූයේ දුරුතු පුන් පොහෝ දිනකය.

    සුමන සමන් දෙව් රදුන්ගේ ඇරයුමින් බුදුරජාණන් වහන්සේ කේශ ධාතු මිටක් පූජා කළ අතර, එම කේශ ධාතු තැන්පත් කරවමින් මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරණු ලැබුවේ ද එම දුරුතු පුන් පොහෝ දා ය. මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ පසු කලෙක සර්වඥ ග්‍රීවා ධාතූන් වහන්සේ ද තැන්පත් කරනු ලැබීය.


    නවම් පුන් පොහොය (පෙබරවාරි මාසය)

    සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය.

    ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද නවම් පුන් පොහෝ දිනක ය.

    බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට සාර මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද නවම් පුන් පොහෝ දිනකදී ය.


    මැදින් පුන් පොහොය (මාර්තු මාසය )

    බුදුරජාණන් වහන්සේ විසි දහසක් මහරහතන් වහන්සේලා සමඟින් රජගහ නුවරින් නික්ම කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ කරන ලද්දේ මැදින් පුන් පොහෝ දිනක දී ය.

    බක් පුන් පොහොය (අප්‍රේල් මාසය)

    බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කරන ලද්දේ සම්බුද්ධත්වයෙන් පස් වෙනි වර්ෂයෙහිදී බක් පුන් පොහෝ දින ය. චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළඟක් අරභයා ඇති වූ ගැටුම සංසිඳවීම පිණිස බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිදුවිය.

    වෙසක් පුන් පොහොය (මැයි)

    ගෞතම බුදු රජුන්ගේ ලොව පහළවීම, සම්බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන්පෑම යන උතුම් තෙමගුල සිදුවූයේ වෙසක් පුන් පොහෝ දිනයන්හීදී ය.

    සම්බුද්ධත්වයෙන් වසර අටක් ගත වූ තැන බුදුරජාණන් වහන්සේ තුන්වන වරට ලංකාද්වීපයේ කැළණියට වැඩම කොට වදාළේ වෙසක් පුන් පොහෝ දිනකය.

    බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව ප‍්‍රථම වරට කිඹුල්වත්පුරයට වැඩම කොට යමා මහ පෙළහර පා වදාළේ වෙසක් පුන් පොහෝ දිනකය.

    ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ද වෙසක් පුන් පොහෝ දිනකය.


    පොසොන් පුන් පොහොය (ජූනි මාසය)

    අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ ධර්ම දායාදයන් රැගෙන ලක්දිවට වැඩම කොට වදාළේ පොසොන් පොහෝ දිනකය.

    ඇසළ පුන් පොහොය (ජූලි මාසය)

    අප මහා බෝසතාණන් වහන්සේ මහමයා බිසවුන් කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනක ය.

    සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දසලෝකධාතූන් කම්පා කරවමින් ප‍්‍රථම දම් දෙසුම පවත්වා වදාළේ ඇසළ පුන් පොහෝ දිනකය.

    ගිහිගෙය පිළිබඳව කළකිරුන සිද්ධාර්ථ කුමරුන් විමුක්තිය පතා මහභික්මන් කළේ ඇසළ පුන් පොහෝ දිනකය.

    රාහුල කුමරුන්ගේ උපත ද ඇසළ පුන් පොහෝ දිනක සිදුවිය.

    බුදුරජුන් ඇතුළු පස්වග මහනුන්ගේ ප‍්‍රථම වස් සමාදානය සිදු වූයේ ඇසළ පුන් පොහෝ දිනකය.


    නිකිණි පුන් පොහොය (අගෝස්තු මාසය)

    ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් අරහත්වයට පත්වී වදාළේ නිකිණි පුන් පොහෝ දිනකය.

    ප‍්‍රථම ධර්ම සංඝාටනාව පැවැත්වීම ආර්ම්භ කරන ලද්දේ නිකිණි පුන් පොහෝ දිනකය.

    බිණර පුන් පොහොය (සැප්තැම්බර් මාසය)

    ගෞතම බුදුරජුන්ගේ භික්‍ෂූනී සංඝයාගේ ආරම්භය සිදුවූයේ බිනර පුන්පොහෝ දිනකය.


    වප් පුන් පොහොය (ඔක්තෝම්බර් මාසය)

    බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩමකොට මහා පෙලහර පෑවේ වප් පුන් පොහෝ දිනකය.

    සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා පඥාවන්ත භික්‍ෂූන් අතර අගතනතුර ලැබුවේ වප් පුන් පොහෝ දිනකය.

    ස්වාමීන් වහන්සේලාගේ පෙරවස් පවාරන දිනය වන්නේ වප් පුන් පොහෝ දිනයයි.

    ඉල් පුන් පොහොය (නොවැම්බර් මාසය)

    සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ඉල් පුන් පොහෝ දිනකය.

    ප‍්‍රථම ධර්ම දූත පිරිස වන රහත්න වහන්සේලා සැටනම ධර්ම ප‍්‍රචාරය සඳහා වැඩමකොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.


    උඳුවප් පුන් පොහොය (දෙසැම්බර් මාසය)

    ජය ශ‍්‍රී මහා බොධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිව දඹකොළ පටුනට වැඩමවන ලද්දේ උදුවප් පුන් පොහෝ දිනකය.

    BUMP ekakvath dagena yanna anith ayatah balanna
    source - amadamvila.net

    බුදු සරණයි!
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඇසළ පුන් පොහොය (ජූලි මාසය)

    අප මහා බෝසතාණන් වහන්සේ මහමයා බිසවුන් කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනක ය.

    සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දසලෝකධාතූන් කම්පා කරවමින් ප‍්‍රථම දම් දෙසුම පවත්වා වදාළේ ඇසළ පුන් පොහෝ දිනකය.

    ගිහිගෙය පිළිබඳව කළකිරුන සිද්ධාර්ථ කුමරුන් විමුක්තිය පතා මහභික්මන් කළේ ඇසළ පුන් පොහෝ දිනකය.

    රාහුල කුමරුන්ගේ උපත ද ඇසළ පුන් පොහෝ දිනක සිදුවිය.

    බුදුරජුන් ඇතුළු පස්වග මහනුන්ගේ ප‍්‍රථම වස් සමාදානය සිදු වූයේ ඇසළ පුන් පොහෝ දිනකය.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම දන්නෙත් නැහැ බන්. මේක දාපු එක වටිනවා. :)

    rep පස්සේ දෙන්නම්