හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide Part 2
මෙහි පලවෙනි ලිපිය මෙතනින් කියවන්න.
හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide Part 1
ප්‍රථමාධාර යනු කුමක්ද?
ප්‍රථමාධාර කියන වචනෙ අහපු ගමන්ම ඔයාලගෙ හිතට එන්නෙ මොකක්ද? "ඉස්සෙල්ලාම දෙන ආධාරය ප්‍රථමාධාර" වගේ දෙයක්ද? එහෙමත් නැත්තන් "අනතුරක් සිදුවුණ වෙලාවක ලබාදෙන ආධාරය" වගේ දෙයක්ද? ඔය කියපු හැම කතාවකම ගත යුත්තක් තියෙනවා. හැබැයි අපි කාටහරි නිව්ටන්ගේ පළමු නියමය කියන්න කිව්වම, අපිට ඕනෙ ඕනෙ විදිහට වචන දාලා කියලා හරි යන්නෙ නෑනෙ නේද? නියමය මගින් කියවෙන්න ඕනෙ දේ හරියට මුල මැද අග අඩුපාඩු නැතුව සඳහන් වෙන්න ඕනෙ. අන්න ඒ වගේම ප්‍රථමාධාර වලටත් තියෙනවා හරි අපූරු නිර්වචනයක්. බලන්නකෝ මේක මීට කලින් අහල තියෙනවද කියලා..
"ප්‍රථමාධාර යනු යම් හදිසි අනතුරකදී හෝ රෝගී තත්ත්වයකදී, පුහුණු ප්‍රථමාධාරකරුවෙකු විසින්, පිළිගත් ක්‍රම සහ න්‍යායයන්ට අනුකූලව, පරිසරයේ ඇති සුදුසු සම්පත් උපයෝගී කරගනිමින්, රෝගියාට වෛද්‍යාධාර ලබාදීමට පෙර ලබාදෙන තාවකාලික ආධාරයයි."
අපි සාමාන්‍යයෙන් රෝහල්ගත වෙන්නේ, එහෙමත් නැත්තන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නෙ කොයි වෙලාවටද? ගෙදර නිකන් වාඩිවෙලා තේ එකක් බිබී ඉන්න ගමන් "හුඟ දවසකින් දොස්තර මහත්තයව දැක්කෙත් නෑ අප්පා.. යන්න ඕනෙ බලල සල්ලි කීයක් හරී දීල එන්න" කියල හිතිල අපි බෙහෙත් ගන්න යන්නෙ නෑනෙ නේද? අපි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නෙ එක්කෝ අපිට මොකක් හරි ලෙඩක් හැදුනම, එහෙම නැත්තන් යම් අනපේක්ෂිත අනතුරකට මුහුණ දුන්නම. අපිට ප්‍රථමාධාර අවශ්‍ය වෙන්නෙත් ප්‍රධාන වශයෙන්ම ඔන්න ඔය වෙලාවටම තමයි. අපි පාරෙ හොඳ අපූරුවට ඇවිදගෙන යන මනුස්සයෙක්ව ඇදගෙන ගිහින් "ආනේ.. මම ප්‍රථමාධාර කරන්නම් ඔයාට.. මම දන්නව ප්‍රථමාධාර" කියල ප්‍රථමාධාර දෙන්න යන්නෙ නෑනෙ.. එහෙම කරන්න ගියොත් ටික වෙලාවකින් තව කාටහරි ඇවිත් ඔයාට ප්‍රථමාධාර දෙන්න වෙයි. එහෙනම්, යම් කෙනෙක් වෙනුවෙන් ප්‍රථමාධාර අවශ්‍ය වෙන්නෙ එක්කෝ යම් හදිසි අනතුරකදී, එහෙම නැත්තන් රෝගී තත්ත්වයකට පත් වෙච්ච අවස්ථාවකදී.
දැන් කවුද එතකොට මේ ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්නෙ? හැමෝටම ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවානම් අපි මෙහෙම අපේ කාලය, ශක්තිය වැය කරලා "First Aid for Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර" කියල බ්ලොග් එකක් පටන් ගන්න ඕන නෑනෙ. ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්න නම් ප්‍රථමාධාර සම්බන්ධයෙන් මනා දැනුමක් සහ කුසලතාව තියෙන්නම ඕනෙ. ගම් නගර වල ඉන්න අපේ ජනතාවට ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් කරන්න ගියාම අපි දකින දෙයක් තමයි, අපේ 80% ක් විතර මිනිස්සු ප්‍රථමාධාර කියල කරන්නෙ, ඒ රෝගියාට කරන්න සුදුසුම නැති දේවල්. ප්‍රථමාධාර කියලා හිතාගෙන වැරදි දෙයක් කරල ලෙඩාගෙ ජීවිතේ තවත් අනතුරේ දානවට වඩා හොඳයි මොකුත් නොකර ඉන්න එක. ඒ නිසා ප්‍රථමාධාරය ක්‍රියාත්මක කරන කෙනාට ප්‍රථමාධාර පිළිබඳව මනා දැනුමක් සහ පුහුණුවක් තිබීම අනිවාර්යයි. ඒ වගේ පුද්ගලයෙක්ව තමයි අපි "පුහුණු ප්‍රථමාධාරකරුවෙක්" කියල හඳුන්වන්නේ. එහෙනම් හදිසි අනතුරකදී හරි රෝගී අවස්ථාවකදී හරි ප්‍රථමාධාර කරන්නෙ කවුද? පුහුණු ප්‍රථමාධාරකරුවෙක්. පැහැදිලියි නේද?
හොඳයි.. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබට කේක් එකක් (කන්න පුළුවන් එකක් හොඳේ ) හදන්න කියල කිව්වොත්, ඔබ කොහොමද වැඩේ කරන්නෙ? ඉස්සෙල්ලාම අවශ්‍ය කරන අඩුම කුඩුම ටික ලෑස්ති කරගන්නවා. ඊට පස්සෙ භාජනයක් අරගෙන ඒකට මාගරින් ටික දාලා, බීට් කරනවා. ටික වෙලාවකින් සීනි ටිකත් එකතු කරලා, මාගරින් සහ සීනි ටික හොඳට කලවම් වෙනකම් බීට් කරනවා. මිශ්‍රණයේ සීනි ටික හොඳට දිය වුණාට පස්සෙ බිත්තර එකතු කරනවා. ඒ ටික නිසි පදමට කලවම් වුණාට පස්සෙ, වැනිලා සහ අවශ්‍ය නම් වර්ණකාරක එකතු කරනවා. ඊට පස්සෙ, කේක් තැටිය අරගෙන මාගරින් ටිකක් එහෙම තවරලා, අර සකසා ගත් කේක් මිශ්‍රණය තැටියට දාලා, නියමිත උෂ්ණත්වයේ බේක් කරගන්නවා. සරලව ඔහොමනේ කරන්නෙ නේද? හිතන්න, බැරි වෙලාවත් ඔබට සීනි එකතු කරන්න අමතක වුණොත්, කේක් එක බේක් වෙලා ඉවර වුණාට පස්සෙ සීනි දාන්න පුළුවන්ද? සීනි ටිකක් අතේ කකා තමයි කේක් කන්න වෙන්නෙ. අන්න ඒ වගේ තමයි, ප්‍රථමාධාර එහෙම ආවට ගියාට ක්‍රියාත්මක කරන්න බෑ. වෛද්‍යවරු, විද්‍යාඥයෝ එයාලගෙ පරීක්ෂණ වලින් හොයාගත්තු දේවල් අනුව සම්මත කරපු ක්‍රමවේද සහ න්‍යායයන් තියෙනවා. ඒ ටික නියම විදිහට අනුගමනය කළොත් විතරයි ප්‍රථමාධාර කිරීම හරහා අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වෙන්නේ. කේක් එක නම් අවුල් ගියොත් විසි කරන්න පුළුවන්. නමුත් ජීවිතයක්??? හොඳට මතක තියාගන්න, වැරදි දෙයක් කරලා රෝගියාගේ ජීවිතයට හානියක් වුණොත් ඒකට වග කියන්න වෙන්නෙ ඒ කරපු කෙනාටයි. ඒ නිසා, ප්‍රථමාධාරයේදී පිළිගත් ක්‍රමවේද සහ න්‍යායයන් අනුගමනය කිරීම ඉතා වැදගත්.
ප්‍රථමාධාර පුහුණු කිරීම් වලදි නම් අපි විවිධාකාරයේ උපකරණ, විශේෂිත වෙළුම් වර්ග යොදා ගනිමින් ඒවා පාවිච්චි කරන ආකාරය කියලා දෙනවා. හැබැයි රිය අනතුරක් වෙන්නේ ගේ ඇතුලෙද? රෝගී තත්ත්වයක් ඇති වෙන්නෙ රෝහලේ වාට්ටුව ඇතුලෙද? හැම වෙලාවකදිම අපිට ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන්නෙ අපි ජීවත් වෙන සාමාන්‍ය පරිසරයේ. පුහුණු කිරීම් වලදි අපි පෙන්වනවා අත පැනපු රෝගියෙකුට ත්‍රිකෝණ වෙළුම් පටියක් යොදාගෙන උරමාවක් දාන ආකාරය. හැබැයි ඔය අත පනින හැම තැනකම ත්‍රිකෝණ වෙළුම් පටි තියල තියෙනවද "ආ බැරි වෙලාවත් අත පැන්නොත් ප්‍රයෝජනයට ගන්න" කියලා? ප්‍රථමාධාරකරුවෙක්ට හැකියාව තියෙන්න ඕනෙ ඒ වෙලාවෙ අවට පරිසරයේ තියෙන සුදුසුයි කියල හිතෙන දෙයක් පාවිච්චි කරලා අර ත්‍රිකෝණ වෙළුම් පටියෙන් කරන දේම කරන්න. අන්න ඒකට තමයි දැනුම + කුසලතාව අවශ්‍ය වෙන්නෙ.
දැන් ඔය ඉහළින් සඳහන් කරපු හැම දෙයක්ම අපි ක්‍රියාත්මක කරන්නෙ රෝගියාට වෛද්‍යාධාර ලබාදෙන්න කලින්. අපේ අරමුණ තමයි, රෝගියාට වෛද්‍යාධාර ලබාදෙනකම් රෝගියාගේ ජීවිතය ආරක්ෂා කරන එක. හැබැයි මේ ආධාරය තාවකාලිකයි. අපේ මේ ආධාරයෙන් බැහැ රෝගියාට තියෙන අවදානම සම්පූර්ණයෙන්ම නැති කරන්න. අනතුරින් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වෙන්න නම්, සම්පූර්ණ සුවය ලබන්න නම් රෝගියා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. හොඳට මතක තියාගන්න ප්‍රථමාධාරකරුවෙක් කියන්නෙ වෛද්‍යවරයෙක් නෙමෙයි. ප්‍රථමාධාර කියල කියන්නෙ වෛද්‍යාධාර වෙනුවට කරන දෙයක් නෙමෙයි. රෝගියාට වෛද්‍යාධාර අත්‍යවශ්‍යයි. නමුත් අනතුරක් වෙන හැම තැනම, රෝගයක් ඇතිවෙන හැම තැනකම වෛද්‍යවරු නැහැනෙ. අන්න ඒ නිසා තමයි ප්‍රථමාධාර මෙච්චර වැදගත් වෙන්නෙ. රෝගියා වෛද්‍යවරයා ළඟට අරන් යනකම්, රෝගියාගේ ජීවිතය සුරක්ෂිත කරන්නෙ අපි මේ ලබාදෙන තාවකාලික ආධාරය. පැහැදිලියි නේද?
දැන් ඔයාලට හිතෙනවා ඇති ප්‍රථමාධාරකරුවෙක් කරන්නෙත් ලේසි පාසු රාජකාරියක් නෙමෙයි කියලා. ඇත්තටම ඔව්. හදිසි අනතුරකට හෝ රෝගී අවස්ථාවකට පත්වුණු කෙනෙක්ව ඉස්සෙල්ලාම දකින කෙනා තමයි ප්‍රථමාධාරකරු. මේ ප්‍රථමාධාරකරු කරන කියන දේවල් මත තමයි වෛද්‍යවරයාට රෝගියාව සුව කරන එක ලේසි කරනවාද අමාරු කරනවාද කියන එක තීරණය වෙන්නෙ. ඒ නිසා ප්‍රථමාධාරකරුවෙක් විදිහට ඔබ මේ කරන්නෙ ලොකු පිනක් වගේම සමාජ වගකීමක් කියන එකත් මතකයේ තියාගන්න.
ප්‍රථමාධාරයේ අරමුණු
මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය - Basic Life Support
ප්‍රථමාධාරයේමූලික විනිශ්චය සිදු කරන පිළිගත් ක්‍රමවේදය අපි DRABC කියල හඳුන්වනවා. මේ ඉංග්‍රීසි අකුරු පහෙන් දැක්වෙන්නෙ, මූලික විනිශ්චයේදි එහෙමත් නැත්තන් නිශ්චලව වැටී සිටින රෝගියෙක් හමු වූ විට ප්‍රථමාධාරකරුවෙක් ක්‍රියා කළ යුතු ආකාරය. අපි බලමු එකින් එක, මොකක්ද මේ DRABC කියන්නෙ කියලා.
D - Danger - අනතුර හඳුනා ගන්න / ආරක්ෂිතව ළඟා වන්න
මෙතනදි මූලිකව අදහස් වෙන්නෙ ඒකම තමයි. රෝගියා අසලට යාමෙන් තමන්ට අනතුරක් තියෙනවද කියල පරික්ෂා කරන්න. ඊළඟට අවට සිටින අයට යම් අනතුරක් තිබේද කියල බලන්න. තෙවනුව රෝගියාට තව දුරටත් අනතුරක් විය හැකි යමක් තිබේදැයි පරික්ෂා කරන්න. රෝගියාට තව දුරටත් අනතුරක් තියෙනවා නම්, ඒක ඉවත් කරන්න ඕනෙ. හැබැයි රෝගියාගේ අනතුර ඉවත් කරනවා කියල තමුන් අනතුරේ වැටිය යුතු නැහැ. එහෙම වුණොත් අර කලින් තමන්ට අනතුරක් තියෙනවද කියල මහ ලොකුවට පරික්ෂා කරපු එකෙන් වැඩක් නෑ නේද? ඒක හොඳට මතක තියාගන්න. රෝගියාට තිබෙන අනතුර ඉවත් කිරීම ප්‍රධාන ආකාර දෙකකින් කරන්න පුළුවන්.
1. රෝගියා අනතුරෙන් ඉවත් කිරීම
2. අනතුර රෝගියාගෙන් ඉවත් කිරීම
උදාහරණයක් විදිහට අපි හිතමු මනුස්සයෙක්ව වැවේ ගිලෙන්න යනවා කියල. අනතුර රෝගියාගෙන් ඉවත් කරන්න පුළුවන් ද? එහෙනම් ඉතින් වැව හින්දන්න තමයි වෙන්නෙ. අල්ලා ගත හැකි පාවෙන යමක් රෝගියා දිහාට විසික් කරල හෝ කඹයක් විසික් කරලා හෝ අපිට පුළුවන් අනතුරට පත් වෙලා ඉන්න කෙනාව බේරගන්න. පීනන්න දන්නෙත් නැත්තන්, මුදවා ගැනීම් ක්‍රම ගැන අවබෝධයකුත් නැත්තන් වැවට පැනල වීරයා වෙන්න හදන්න නම් එපා ඔන්න. අන්තිමට වීරයා මැරිලා කියල තමයි කියන්න වෙන්නෙ. තමුන්ගෙ ආරක්ෂාවටයි පළමු තැන. මෙතනදි අපි කළේ රෝගියාව අනතුරෙන් ඉවත් කරන එක. ඊළඟට අපි හිතමු විදුලි සැර වදින අවස්ථාවක්. මේ වගේ වෙලාවකදි රෝගියා අනතුරෙන් ඉවත් කරන්න ගියොත් අපිටත් විදුලි සැර වදින්න තියෙන අවස්ථාව හුඟක් වැඩියි. ඒ නිසා කරන්න පුළුවන් හොඳම දේ තමයි විදුලි සැපයුම විසන්ධි කරන එක. එතනදි වෙන්නෙ, අනතුර රෝගියාගෙන් ඉවත් කිරීමක්. පැහැදිලියි නේද?
රෝගියාට ළඟා වීමෙන් තමන්ට අනතුරක් නෑ කියල තහවුරු කරගත්තට පස්සෙ අපිට පුළුවන් රෝගියා ළඟට යන්න.
අවවාදයයි : විදුලිසැර වැදී සිටින අයකු වෙත ලඟා වීමේදී අතිශයින් සැලකිලිමත් වන්න.
පහත ලිංක් එක වෙත ගොස් අවදානම හඳුනාගන්න..
(අවවාදයයි :සංවේදී දසුන් සහිතයි.)
Link to video 1
Link to video 2
R - Response - ප්‍රතිචාර පරික්ෂා කරන්න
රෝගියා ළඟට ගියාට පස්සෙ අපි එයාට කතා කරල බලනවා. "ඔයාට මාව ඇහෙනවද? ඇස් අරින්න.. මං දිහා බලන්න" දෙතුන් වරක් කතා කළාට පස්සෙත් රෝගියාගෙන් ප්‍රතිචාරයක් නැත්තන් අපි එයාගෙ උරහිස ළඟින් දණ ගහගෙන උරහිස් දෙකට අපේ අත් දෙක තියලා, එයාගෙ උරහිස සොලවමින් ආපහු කතා කරනවා. මෙතනදි අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. රෝගියා අසලින් දණ ගහගනිද්දි අපි හැකි සෑමවිටම රෝගියාගේ දකුණු පැත්තෙන් තමයි ඉන්න ඕනෙ. (ඒකට හේතුව මම පසුව කියන්නම් ) දෙවැනි කරුණ තමයි අපි රෝගියාට කතා කරනකොට එයාගෙන් අහන්න ඕනෙ එයාට පිළිතුරු දෙන්න පුළුවන් සරල ප්‍රශ්න. ඔයාට මොකද වුණේ, කාත් එක්කද ආවෙ වගේ ප්‍රශ්න අපි අනුමත කරන්නෙ නෑ.
බලන්න මේ ප්‍රශ්න දිහා. "හලෝ... ඔයාට මාව ඇහෙනවද? ඇස් අරින්න බලන්න" කොච්චර අමාරු වුණත්, ලෙඩාට අපි කියන දේ ඇහෙනවනම් එයා යන්තමින් හරි ඇස් ඇරල බලයි. එයාට එච්චර අමාරුවක් නැත්තන් එයා බොහොම සතුටුදායක පිළිතුරක් දෙයි. ඒ වගේම, උරහිසෙන් අල්ලා සොලවමින් කතා කරනවා කිව්වම අපි අර කුල්ලෙන් හාල් පොලනවා වගේ උරහිසෙන් අල්ලල හොල්ලන්නෙ නෑ. මෙයා ලෙඩෙක්..අපිට බැලු බැල්මට නොපෙනෙන තවත් ආබාධ තියෙන්න පුළුවන්. ඒ නිසා හරි පරිස්සමින් අපි කටයුතු කරන්න ඕන. මෙතනදි අපි කරන්නෙ රෝගියාගෙ උරහිස උඩින් අත් දෙක තියාගෙන අතේ ඇඟිලි වලින් උරපතු ටිකක් තද කරන එක. අපි මේ දෙන්නෙ සියුම් වේදනාවක්. ඒ වේදනාවට එයා ප්‍රතික්‍රියාවක් දැක්වුවොත් වැඩේ හරි. බලන්නකෝ මේ පින්තූරෙ දිහා. එතකොට පැහැදිලි වෙයි.
රෝගියා ළදරුවෙක් නම්, අපි එයාගෙ උරහිසෙන් අල්ලලා හොල්ලන්නෙ නෑ. අපි කරන්නෙ එයාගෙ යටි පතුල් පිරිමදින එක. එතකොට ළදරුවාට සිහිය තියෙනවා නම්, එයා කකුල හොලවයි, අඬයි.. මොකක් හරි ප්‍රතිචාරයක් අපිට දකින්න ලැබෙයි. බලන්නකෝ මේ රූපය, ළදරුවෙකුගේ ප්‍රතිචාර පරික්ෂා කරන ආකාරය.
ඇත්තටම අපි මෙතනදි කරන්නෙ බාහිර පරිසරයෙන් ලැබෙන උත්තේජ වලට මේ රෝගියා ප්‍රතිචාර දක්වනවද කියල බලන එක. අපේ කටහඬ කියන්නෙ උත්තේජයක්. කවුරු හරි ශබ්ද නගල කතා කළොත් අපි හැරිල බලනව නේද? වේදනාව කියන්නෙ උත්තේජයක්. කවුරු හරි බස් එකේදි කකුල පෑගුවොත් අපි අපි රවල බලනවා. නේද? ඒ කියන්නෙ අපි ස්වයංක්‍රීයව හෝ හිතා මතා උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා. මෙතනදි, අපි රෝගියා ප්‍රතිචාර දක්වනවද කියල බැලුවෙ මෙන්න මෙහෙම. මේකට අපි කියනවා AVPU ක්‍රමවේදය කියලා.
A - Alert - අපි ඔය සාමාන්‍ය කතා බහේදිත් කියන්නෙ alert එකේ ඉන්න කියලා? ඒකම තමයි මෙතනත්. බාහිර පරිසරයේ වෙන දේවල් ගැන මෙයා දැනුවත් ද? අපි ඈත ඉඳන් කතා කළාට මෙයාගෙ ප්‍රතිචාරයක් තිබුණෙ නෑ නේද? එහෙනම් මෙයා alert නෑ..
V - Voice - කටහඬට ප්‍රතිචාර දක්වනවද කියලයි මේ බලන්නෙ. සමහර විට ඈත ඉඳන් කතා කරද්දි බැලුවෙ නැත්තෙ මෙයාට ඇහුණෙ නැතුව වෙන්නත් පුළුවන්නෙ. බලමු ළඟට ගිහින් කතා කරල.... ම්හු... ඒත් නෑ..
P - Pain - අපි අර රෝගියාගෙ උරහිස සොලවලා බැලුවෙ මේක තමයි. මේ වැටිල ඉන්න කෙනා වේදනාවට ප්‍රතිචාර දක්වනවද කියලා. ඒත් නෑ නේද?
U - Unresponsiveness - ඔය A,V, P කියන අකුරු තුනේ තියෙන දේවල් කරලා ඉවර වෙද්දිත් රෝගියාගෙන් පිළිතුරක් නෑ කියන්නෙ මේ ඉන්නෙ බාහිර පරිසරයට ප්‍රතිචාර නොදක්වන රෝගියෙක් කියල අපිට තීරණය කරන්න වෙනවා. මෙයා බාහිර පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාව සම්පූර්ණයෙන්ම නැවතිලා. වෙනත් වචන වලින් කිව්වොත් මෙයාට සිහිය නෑ.. ඉතාම සරල සිංහලෙන් කිව්වොත් මේ රෝගියා සිහි විසඥ වෙලා. විසඥතාව කියල කියන්නෙ ප්‍රථමාධාරයේ වහාම ක්‍රියාත්මක විය යුතු අවස්ථා කිහිපයෙන් එකක්. ඒ නිසා රෝගියාට සිහිය නෑ කියල ඔබ තීරණය කරපු ගමන් ම, උදව් ඉල්ලල වටේ පිටේ ඉන්න අයට කතා කරන්න අමතක කරන්න එපා. මොකද ඒ අයගේ සහාය අපිට ඉදිරියට බොහෝම වැදගත් වෙනවා.
බැරි වෙලාවත් රෝගියා ප්‍රතිචාර දැක්වුවොත්? එහෙම වුණොත් අපිට පුළුවන් රෝග විනිශ්චය සිදු කරලා, අවශ්‍ය ප්‍රථමාධාර ලබා දෙන්න. ඒක කරන්නෙ කොහොමද කියල අපි ද්විතියික විනිශ්චය පාඩමේදි කතා කරමු. අපිට මේ හමුවෙලා තියෙන්නෙ ප්‍රතිචාර නොදක්වන රෝගියෙක් කියල හිතාගෙන, මේ පාඩමේ ඉතුරු කොටස් ටික අපි කතා කරගෙන යමු.
හොඳයි.. රෝගියා ප්‍රතිචාර දක්වන්නෙ නෑ.. ඒ කියන්නෙ සිහිය නෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මූලික විනිශ්චයේ ඊළඟ පියවරට යන්න.
A - Open Airway - ස්වසන මාර්ගය විවෘත කරන්න
යම් පුද්ගලයෙක් අසිහි තත්ත්වයෙන් වැටිල ඉන්නකොට, එයාගෙ දිව ආපස්සට වැටිලා එයාගෙ ස්වසන මාර්ගය අවහිර වෙන්න පුළුවන්. බලන්නකො උඩ තියෙන රූප සටහන දිහා. එතකොට පැහැදිලි වෙයි කොහොමද මේක වෙන්නෙ කියලා. ඔයාල හැමෝම කවදාහරි හෝස් එකකින් වතුර දාල ඇතිනේ? ඔයා වතුර දාමින් ඉන්නකොට කවුරුහරි හෝස් එකේ කොතනහරි තැනක් පෑගුවොත් එහෙම, වතුර එන එක නතර වෙනවා නේද? අන්න ඒ වගේම මේ දිව ආපස්සට වැටුණම ඒකෙන් අපේ ස්වසන මාර්ගය අවහිර වෙලා වායු හුවමාරුවට බාධා ඇති වෙනවා. ඉතින් අපිට අසිහි තත්ත්වයෙන් ඉන්න රෝගියෙක් හමු වුණාම පළමුවෙන්ම කළ යුතු දේ තමයි එයාගෙ ස්වසන මාර්ගය විවෘතව තබා ගැනීම.
අපේ වම් අත රෝගියාගේ නළල මත තියලා, දකුණු අතේ ඇඟිලි දෙකක් රෝගියාගේ නිකට මත තබා එසවීමෙන් අපිට රෝගියාගේ ස්වසන මාර්ගය විවෘත කරන්න පුළුවන්. රූප සටහන බලන්නකෝ ආයෙමත්, එතකොට පැහැදිලි වේවි.
පැහැදිලියි නේද? ස්වසන මාර්ගය විවෘත කළාට පස්සෙ අපි යනවා ඊළඟ පියවරට.
please check below to see the rest..

හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 2- First Aid

- රෝගියාගේ ජීවිතය බේරා ගැනීම - Preserve Life
- තත්ත්වය උත්සන්න වීම වැළැක්වීම - Prevent Deterioration
- සුවය පහසු කරවීම - Promote Recovery

Last edited:

ඒ නිසා ත්‍රෙඩ් එක width එක වැඩී