හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide Part 2

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide Part 2

හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 2- First Aid


MIT_EMBA_Survival_Guide_Travel.jpg



මෙහි පලවෙනි ලිපිය මෙතනින් කියවන්න.


හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide Part 1




ප්‍රථමාධාර යනු කුමක්ද?


First_aid_logo.jpg




ප්‍රථමාධාර කියන වචනෙ අහපු ගමන්ම ඔයාලගෙ හිතට එන්නෙ මොකක්ද? "ඉස්සෙල්ලාම දෙන ආධාරය ප්‍රථමාධාර" වගේ දෙයක්ද? එහෙමත් නැත්තන් "අනතුරක් සිදුවුණ වෙලාවක ලබාදෙන ආධාරය" වගේ දෙයක්ද? ඔය කියපු හැම කතාවකම ගත යුත්තක් තියෙනවා. හැබැයි අපි කාටහරි නිව්ටන්ගේ පළමු නියමය කියන්න කිව්වම, අපිට ඕනෙ ඕනෙ විදිහට වචන දාලා කියලා හරි යන්නෙ නෑනෙ නේද? නියමය මගින් කියවෙන්න ඕනෙ දේ හරියට මුල මැද අග අඩුපාඩු නැතුව සඳහන් වෙන්න ඕනෙ. අන්න ඒ වගේම ප්‍රථමාධාර වලටත් තියෙනවා හරි අපූරු නිර්වචනයක්. බලන්නකෝ මේක මීට කලින් අහල තියෙනවද කියලා..


"ප්‍රථමාධාර යනු යම් හදිසි අනතුරකදී හෝ රෝගී තත්ත්වයකදී, පුහුණු ප්‍රථමාධාරකරුවෙකු විසින්, පිළිගත් ක්‍රම සහ න්‍යායයන්ට අනුකූලව, පරිසරයේ ඇති සුදුසු සම්පත් උපයෝගී කරගනිමින්, රෝගියාට වෛද්‍යාධාර ලබාදීමට පෙර ලබාදෙන තාවකාලික ආධාරයයි."

අපි සාමාන්‍යයෙන් රෝහල්ගත වෙන්නේ, එහෙමත් නැත්තන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නෙ කොයි වෙලාවටද? ගෙදර නිකන් වාඩිවෙලා තේ එකක් බිබී ඉන්න ගමන් "හුඟ දවසකින් දොස්තර මහත්තයව දැක්කෙත් නෑ අප්පා.. යන්න ඕනෙ බලල සල්ලි කීයක් හරී දීල එන්න" කියල හිතිල අපි බෙහෙත් ගන්න යන්නෙ නෑනෙ නේද? අපි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නෙ එක්කෝ අපිට මොකක් හරි ලෙඩක් හැදුනම, එහෙම නැත්තන් යම් අනපේක්ෂිත අනතුරකට මුහුණ දුන්නම. අපිට ප්‍රථමාධාර අවශ්‍ය වෙන්නෙත් ප්‍රධාන වශයෙන්ම ඔන්න ඔය වෙලාවටම තමයි. අපි පාරෙ හොඳ අපූරුවට ඇවිදගෙන යන මනුස්සයෙක්ව ඇදගෙන ගිහින් "ආනේ.. මම ප්‍රථමාධාර කරන්නම් ඔයාට.. මම දන්නව ප්‍රථමාධාර" කියල ප්‍රථමාධාර දෙන්න යන්නෙ නෑනෙ.. එහෙම කරන්න ගියොත් ටික වෙලාවකින් තව කාටහරි ඇවිත් ඔයාට ප්‍රථමාධාර දෙන්න වෙයි. එහෙනම්, යම් කෙනෙක් වෙනුවෙන් ප්‍රථමාධාර අවශ්‍ය වෙන්නෙ එක්කෝ යම් හදිසි අනතුරකදී, එහෙම නැත්තන් රෝගී තත්ත්වයකට පත් වෙච්ච අවස්ථාවකදී.


දැන් කවුද එතකොට මේ ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්නෙ? හැමෝටම ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවානම් අපි මෙහෙම අපේ කාලය, ශක්තිය වැය කරලා "First Aid for Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර" කියල බ්ලොග් එකක් පටන් ගන්න ඕන නෑනෙ. ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්න නම් ප්‍රථමාධාර සම්බන්ධයෙන් මනා දැනුමක් සහ කුසලතාව තියෙන්නම ඕනෙ. ගම් නගර වල ඉන්න අපේ ජනතාවට ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් කරන්න ගියාම අපි දකින දෙයක් තමයි, අපේ 80% ක් විතර මිනිස්සු ප්‍රථමාධාර කියල කරන්නෙ, ඒ රෝගියාට කරන්න සුදුසුම නැති දේවල්. ප්‍රථමාධාර කියලා හිතාගෙන වැරදි දෙයක් කරල ලෙඩාගෙ ජීවිතේ තවත් අනතුරේ දානවට වඩා හොඳයි මොකුත් නොකර ඉන්න එක. ඒ නිසා ප්‍රථමාධාරය ක්‍රියාත්මක කරන කෙනාට ප්‍රථමාධාර පිළිබඳව මනා දැනුමක් සහ පුහුණුවක් තිබීම අනිවාර්යයි. ඒ වගේ පුද්ගලයෙක්ව තමයි අපි "පුහුණු ප්‍රථමාධාරකරුවෙක්" කියල හඳුන්වන්නේ. එහෙනම් හදිසි අනතුරකදී හරි රෝගී අවස්ථාවකදී හරි ප්‍රථමාධාර කරන්නෙ කවුද? පුහුණු ප්‍රථමාධාරකරුවෙක්. පැහැදිලියි නේද?


හොඳයි.. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබට කේක් එකක් (කන්න පුළුවන් එකක් හොඳේ ) හදන්න කියල කිව්වොත්, ඔබ කොහොමද වැඩේ කරන්නෙ? ඉස්සෙල්ලාම අවශ්‍ය කරන අඩුම කුඩුම ටික ලෑස්ති කරගන්නවා. ඊට පස්සෙ භාජනයක් අරගෙන ඒකට මාගරින් ටික දාලා, බීට් කරනවා. ටික වෙලාවකින් සීනි ටිකත් එකතු කරලා, මාගරින් සහ සීනි ටික හොඳට කලවම් වෙනකම් බීට් කරනවා. මිශ්‍රණයේ සීනි ටික හොඳට දිය වුණාට පස්සෙ බිත්තර එකතු කරනවා. ඒ ටික නිසි පදමට කලවම් වුණාට පස්සෙ, වැනිලා සහ අවශ්‍ය නම් වර්ණකාරක එකතු කරනවා. ඊට පස්සෙ, කේක් තැටිය අරගෙන මාගරින් ටිකක් එහෙම තවරලා, අර සකසා ගත් කේක් මිශ්‍රණය තැටියට දාලා, නියමිත උෂ්ණත්වයේ බේක් කරගන්නවා. සරලව ඔහොමනේ කරන්නෙ නේද? හිතන්න, බැරි වෙලාවත් ඔබට සීනි එකතු කරන්න අමතක වුණොත්, කේක් එක බේක් වෙලා ඉවර වුණාට පස්සෙ සීනි දාන්න පුළුවන්ද? සීනි ටිකක් අතේ කකා තමයි කේක් කන්න වෙන්නෙ. අන්න ඒ වගේ තමයි, ප්‍රථමාධාර එහෙම ආවට ගියාට ක්‍රියාත්මක කරන්න බෑ. වෛද්‍යවරු, විද්‍යාඥයෝ එයාලගෙ පරීක්ෂණ වලින් හොයාගත්තු දේවල් අනුව සම්මත කරපු ක්‍රමවේද සහ න්‍යායයන් තියෙනවා. ඒ ටික නියම විදිහට අනුගමනය කළොත් විතරයි ප්‍රථමාධාර කිරීම හරහා අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වෙන්නේ. කේක් එක නම් අවුල් ගියොත් විසි කරන්න පුළුවන්. නමුත් ජීවිතයක්??? හොඳට මතක තියාගන්න, වැරදි දෙයක් කරලා රෝගියාගේ ජීවිතයට හානියක් වුණොත් ඒකට වග කියන්න වෙන්නෙ ඒ කරපු කෙනාටයි. ඒ නිසා, ප්‍රථමාධාරයේදී පිළිගත් ක්‍රමවේද සහ න්‍යායයන් අනුගමනය කිරීම ඉතා වැදගත්.





ප්‍රථමාධාර පුහුණු කිරීම් වලදි නම් අපි විවිධාකාරයේ උපකරණ, විශේෂිත වෙළුම් වර්ග යොදා ගනිමින් ඒවා පාවිච්චි කරන ආකාරය කියලා දෙනවා. හැබැයි රිය අනතුරක් වෙන්නේ ගේ ඇතුලෙද? රෝගී තත්ත්වයක් ඇති වෙන්නෙ රෝහලේ වාට්ටුව ඇතුලෙද? හැම වෙලාවකදිම අපිට ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන්නෙ අපි ජීවත් වෙන සාමාන්‍ය පරිසරයේ. පුහුණු කිරීම් වලදි අපි පෙන්වනවා අත පැනපු රෝගියෙකුට ත්‍රිකෝණ වෙළුම් පටියක් යොදාගෙන උරමාවක් දාන ආකාරය. හැබැයි ඔය අත පනින හැම තැනකම ත්‍රිකෝණ වෙළුම් පටි තියල තියෙනවද "ආ බැරි වෙලාවත් අත පැන්නොත් ප්‍රයෝජනයට ගන්න" කියලා? ප්‍රථමාධාරකරුවෙක්ට හැකියාව තියෙන්න ඕනෙ ඒ වෙලාවෙ අවට පරිසරයේ තියෙන සුදුසුයි කියල හිතෙන දෙයක් පාවිච්චි කරලා අර ත්‍රිකෝණ වෙළුම් පටියෙන් කරන දේම කරන්න. අන්න ඒකට තමයි දැනුම + කුසලතාව අවශ්‍ය වෙන්නෙ.

දැන් ඔය ඉහළින් සඳහන් කරපු හැම දෙයක්ම අපි ක්‍රියාත්මක කරන්නෙ රෝගියාට වෛද්‍යාධාර ලබාදෙන්න කලින්. අපේ අරමුණ තමයි, රෝගියාට වෛද්‍යාධාර ලබාදෙනකම් රෝගියාගේ ජීවිතය ආරක්ෂා කරන එක. හැබැයි මේ ආධාරය තාවකාලිකයි. අපේ මේ ආධාරයෙන් බැහැ රෝගියාට තියෙන අවදානම සම්පූර්ණයෙන්ම නැති කරන්න. අනතුරින් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වෙන්න නම්, සම්පූර්ණ සුවය ලබන්න නම් රෝගියා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. හොඳට මතක තියාගන්න ප්‍රථමාධාරකරුවෙක් කියන්නෙ වෛද්‍යවරයෙක් නෙමෙයි. ප්‍රථමාධාර කියල කියන්නෙ වෛද්‍යාධාර වෙනුවට කරන දෙයක් නෙමෙයි. රෝගියාට වෛද්‍යාධාර අත්‍යවශ්‍යයි. නමුත් අනතුරක් වෙන හැම තැනම, රෝගයක් ඇතිවෙන හැම තැනකම වෛද්‍යවරු නැහැනෙ. අන්න ඒ නිසා තමයි ප්‍රථමාධාර මෙච්චර වැදගත් වෙන්නෙ. රෝගියා වෛද්‍යවරයා ළඟට අරන් යනකම්, රෝගියාගේ ජීවිතය සුරක්ෂිත කරන්නෙ අපි මේ ලබාදෙන තාවකාලික ආධාරය. පැහැදිලියි නේද?


දැන් ඔයාලට හිතෙනවා ඇති ප්‍රථමාධාරකරුවෙක් කරන්නෙත් ලේසි පාසු රාජකාරියක් නෙමෙයි කියලා. ඇත්තටම ඔව්. හදිසි අනතුරකට හෝ රෝගී අවස්ථාවකට පත්වුණු කෙනෙක්ව ඉස්සෙල්ලාම දකින කෙනා තමයි ප්‍රථමාධාරකරු. මේ ප්‍රථමාධාරකරු කරන කියන දේවල් මත තමයි වෛද්‍යවරයාට රෝගියාව සුව කරන එක ලේසි කරනවාද අමාරු කරනවාද කියන එක තීරණය වෙන්නෙ. ඒ නිසා ප්‍රථමාධාරකරුවෙක් විදිහට ඔබ මේ කරන්නෙ ලොකු පිනක් වගේම සමාජ වගකීමක් කියන එකත් මතකයේ තියාගන්න.
ප්‍රථමාධාරයේ අරමුණු


  • රෝගියාගේ ජීවිතය බේරා ගැනීම - Preserve Life

  • තත්ත්වය උත්සන්න වීම වැළැක්වීම - Prevent Deterioration

  • සුවය පහසු කරවීම - Promote Recovery


මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය - Basic Life Support


ප්‍රථමාධාරයේමූලික විනිශ්චය සිදු කරන පිළිගත් ක්‍රමවේදය අපි DRABC කියල හඳුන්වනවා. මේ ඉංග්‍රීසි අකුරු පහෙන් දැක්වෙන්නෙ, මූලික විනිශ්චයේදි එහෙමත් නැත්තන් නිශ්චලව වැටී සිටින රෝගියෙක් හමු වූ විට ප්‍රථමාධාරකරුවෙක් ක්‍රියා කළ යුතු ආකාරය. අපි බලමු එකින් එක, මොකක්ද මේ DRABC කියන්නෙ කියලා.

D - Danger - අනතුර හඳුනා ගන්න / ආරක්ෂිතව ළඟා වන්න

මෙතනදි මූලිකව අදහස් වෙන්නෙ ඒකම තමයි. රෝගියා අසලට යාමෙන් තමන්ට අනතුරක් තියෙනවද කියල පරික්ෂා කරන්න. ඊළඟට අවට සිටින අයට යම් අනතුරක් තිබේද කියල බලන්න. තෙවනුව රෝගියාට තව දුරටත් අනතුරක් විය හැකි යමක් තිබේදැයි පරික්ෂා කරන්න. රෝගියාට තව දුරටත් අනතුරක් තියෙනවා නම්, ඒක ඉවත් කරන්න ඕනෙ. හැබැයි රෝගියාගේ අනතුර ඉවත් කරනවා කියල තමුන් අනතුරේ වැටිය යුතු නැහැ. එහෙම වුණොත් අර කලින් තමන්ට අනතුරක් තියෙනවද කියල මහ ලොකුවට පරික්ෂා කරපු එකෙන් වැඩක් නෑ නේද? ඒක හොඳට මතක තියාගන්න. රෝගියාට තිබෙන අනතුර ඉවත් කිරීම ප්‍රධාන ආකාර දෙකකින් කරන්න පුළුවන්.

1. රෝගියා අනතුරෙන් ඉවත් කිරීම
2. අනතුර රෝගියාගෙන් ඉවත් කිරීම

උදාහරණයක් විදිහට අපි හිතමු මනුස්සයෙක්ව වැවේ ගිලෙන්න යනවා කියල. අනතුර රෝගියාගෙන් ඉවත් කරන්න පුළුවන් ද? එහෙනම් ඉතින් වැව හින්දන්න තමයි වෙන්නෙ. අල්ලා ගත හැකි පාවෙන යමක් රෝගියා දිහාට විසික් කරල හෝ කඹයක් විසික් කරලා හෝ අපිට පුළුවන් අනතුරට පත් වෙලා ඉන්න කෙනාව බේරගන්න. පීනන්න දන්නෙත් නැත්තන්, මුදවා ගැනීම් ක්‍රම ගැන අවබෝධයකුත් නැත්තන් වැවට පැනල වීරයා වෙන්න හදන්න නම් එපා ඔන්න. අන්තිමට වීරයා මැරිලා කියල තමයි කියන්න වෙන්නෙ. තමුන්ගෙ ආරක්ෂාවටයි පළමු තැන. මෙතනදි අපි කළේ රෝගියාව අනතුරෙන් ඉවත් කරන එක. ඊළඟට අපි හිතමු විදුලි සැර වදින අවස්ථාවක්. මේ වගේ වෙලාවකදි රෝගියා අනතුරෙන් ඉවත් කරන්න ගියොත් අපිටත් විදුලි සැර වදින්න තියෙන අවස්ථාව හුඟක් වැඩියි. ඒ නිසා කරන්න පුළුවන් හොඳම දේ තමයි විදුලි සැපයුම විසන්ධි කරන එක. එතනදි වෙන්නෙ, අනතුර රෝගියාගෙන් ඉවත් කිරීමක්. පැහැදිලියි නේද?


රෝගියාට ළඟා වීමෙන් තමන්ට අනතුරක් නෑ කියල තහවුරු කරගත්තට පස්සෙ අපිට පුළුවන් රෝගියා ළඟට යන්න.

අවවාදයයි : විදුලිසැර වැදී සිටින අයකු වෙත ලඟා වීමේදී අතිශයින් සැලකිලිමත් වන්න.

accident4.jpg


පහත ලිංක් එක වෙත ගොස් අවදානම හඳුනාගන්න..

(අවවාදයයි :සංවේදී දසුන් සහිතයි.)

Link to video 1

Link to video 2


R - Response - ප්‍රතිචාර පරික්ෂා කරන්න


රෝගියා ළඟට ගියාට පස්සෙ අපි එයාට කතා කරල බලනවා. "ඔයාට මාව ඇහෙනවද? ඇස් අරින්න.. මං දිහා බලන්න" දෙතුන් වරක් කතා කළාට පස්සෙත් රෝගියාගෙන් ප්‍රතිචාරයක් නැත්තන් අපි එයාගෙ උරහිස ළඟින් දණ ගහගෙන උරහිස් දෙකට අපේ අත් දෙක තියලා, එයාගෙ උරහිස සොලවමින් ආපහු කතා කරනවා. මෙතනදි අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. රෝගියා අසලින් දණ ගහගනිද්දි අපි හැකි සෑමවිටම රෝගියාගේ දකුණු පැත්තෙන් තමයි ඉන්න ඕනෙ. (ඒකට හේතුව මම පසුව කියන්නම් ) දෙවැනි කරුණ තමයි අපි රෝගියාට කතා කරනකොට එයාගෙන් අහන්න ඕනෙ එයාට පිළිතුරු දෙන්න පුළුවන් සරල ප්‍රශ්න. ඔයාට මොකද වුණේ, කාත් එක්කද ආවෙ වගේ ප්‍රශ්න අපි අනුමත කරන්නෙ නෑ.


බලන්න මේ ප්‍රශ්න දිහා. "හලෝ... ඔයාට මාව ඇහෙනවද? ඇස් අරින්න බලන්න" කොච්චර අමාරු වුණත්, ලෙඩාට අපි කියන දේ ඇහෙනවනම් එයා යන්තමින් හරි ඇස් ඇරල බලයි. එයාට එච්චර අමාරුවක් නැත්තන් එයා බොහොම සතුටුදායක පිළිතුරක් දෙයි. ඒ වගේම, උරහිසෙන් අල්ලා සොලවමින් කතා කරනවා කිව්වම අපි අර කුල්ලෙන් හාල් පොලනවා වගේ උරහිසෙන් අල්ලල හොල්ලන්නෙ නෑ. මෙයා ලෙඩෙක්..අපිට බැලු බැල්මට නොපෙනෙන තවත් ආබාධ තියෙන්න පුළුවන්. ඒ නිසා හරි පරිස්සමින් අපි කටයුතු කරන්න ඕන. මෙතනදි අපි කරන්නෙ රෝගියාගෙ උරහිස උඩින් අත් දෙක තියාගෙන අතේ ඇඟිලි වලින් උරපතු ටිකක් තද කරන එක. අපි මේ දෙන්නෙ සියුම් වේදනාවක්. ඒ වේදනාවට එයා ප්‍රතික්‍රියාවක් දැක්වුවොත් වැඩේ හරි. බලන්නකෝ මේ පින්තූරෙ දිහා. එතකොට පැහැදිලි වෙයි.



රෝගියා ළදරුවෙක් නම්, අපි එයාගෙ උරහිසෙන් අල්ලලා හොල්ලන්නෙ නෑ. අපි කරන්නෙ එයාගෙ යටි
පතුල් පිරිමදින එක. එතකොට ළදරුවාට සිහිය තියෙනවා නම්, එයා කකුල හොලවයි, අඬයි.. මොකක් හරි ප්‍රතිචාරයක් අපිට දකින්න ලැබෙයි. බලන්නකෝ මේ රූපය, ළදරුවෙකුගේ ප්‍රතිචාර පරික්ෂා කරන ආකාරය.



ඇත්තටම අපි මෙතනදි කරන්නෙ බාහිර පරිසරයෙන් ලැබෙන උත්තේජ වලට මේ රෝගියා ප්‍රතිචාර දක්වනවද කියල බලන එක. අපේ කටහඬ කියන්නෙ උත්තේජයක්. කවුරු හරි ශබ්ද නගල කතා කළොත් අපි හැරිල බලනව නේද? වේදනාව කියන්නෙ උත්තේජයක්. කවුරු හරි බස් එකේදි කකුල පෑගුවොත් අපි අපි රවල බලනවා. නේද? ඒ කියන්නෙ අපි ස්වයංක්‍රීයව හෝ හිතා මතා උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා. මෙතනදි, අපි රෝගියා ප්‍රතිචාර දක්වනවද කියල බැලුවෙ මෙන්න මෙහෙම. මේකට අපි කියනවා AVPU ක්‍රමවේදය කියලා.

A - Alert - අපි ඔය සාමාන්‍ය කතා බහේදිත් කියන්නෙ alert එකේ ඉන්න කියලා? ඒකම තමයි මෙතනත්. බාහිර පරිසරයේ වෙන දේවල් ගැන මෙයා දැනුවත් ද? අපි ඈත ඉඳන් කතා කළාට මෙයාගෙ ප්‍රතිචාරයක් තිබුණෙ නෑ නේද? එහෙනම් මෙයා alert නෑ..

V - Voice - කටහඬට ප්‍රතිචාර දක්වනවද කියලයි මේ බලන්නෙ. සමහර විට ඈත ඉඳන් කතා කරද්දි බැලුවෙ නැත්තෙ මෙයාට ඇහුණෙ නැතුව වෙන්නත් පුළුවන්නෙ. බලමු ළඟට ගිහින් කතා කරල.... ම්හු... ඒත් නෑ..

P - Pain - අපි අර රෝගියාගෙ උරහිස සොලවලා බැලුවෙ මේක තමයි. මේ වැටිල ඉන්න කෙනා වේදනාවට ප්‍රතිචාර දක්වනවද කියලා. ඒත් නෑ නේද?

U - Unresponsiveness - ඔය A,V, P කියන අකුරු තුනේ තියෙන දේවල් කරලා ඉවර වෙද්දිත් රෝගියාගෙන් පිළිතුරක් නෑ කියන්නෙ මේ ඉන්නෙ බාහිර පරිසරයට ප්‍රතිචාර නොදක්වන රෝගියෙක් කියල අපිට තීරණය කරන්න වෙනවා. මෙයා බාහිර පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාව සම්පූර්ණයෙන්ම නැවතිලා. වෙනත් වචන වලින් කිව්වොත් මෙයාට සිහිය නෑ.. ඉතාම සරල සිංහලෙන් කිව්වොත් මේ රෝගියා සිහි විසඥ වෙලා. විසඥතාව කියල කියන්නෙ ප්‍රථමාධාරයේ වහාම ක්‍රියාත්මක විය යුතු අවස්ථා කිහිපයෙන් එකක්. ඒ නිසා රෝගියාට සිහිය නෑ කියල ඔබ තීරණය කරපු ගමන් ම, උදව් ඉල්ලල වටේ පිටේ ඉන්න අයට කතා කරන්න අමතක කරන්න එපා. මොකද ඒ අයගේ සහාය අපිට ඉදිරියට බොහෝම වැදගත් වෙනවා.

බැරි වෙලාවත් රෝගියා ප්‍රතිචාර දැක්වුවොත්? එහෙම වුණොත් අපිට පුළුවන් රෝග විනිශ්චය සිදු කරලා, අවශ්‍ය ප්‍රථමාධාර ලබා දෙන්න. ඒක කරන්නෙ කොහොමද කියල අපි ද්විතියික විනිශ්චය පාඩමේදි කතා කරමු. අපිට මේ හමුවෙලා තියෙන්නෙ ප්‍රතිචාර නොදක්වන රෝගියෙක් කියල හිතාගෙන, මේ පාඩමේ ඉතුරු කොටස් ටික අපි කතා කරගෙන යමු.

හොඳයි.. රෝගියා ප්‍රතිචාර දක්වන්නෙ නෑ.. ඒ කියන්නෙ සිහිය නෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මූලික විනිශ්චයේ ඊළඟ පියවරට යන්න.

A - Open Airway - ස්වසන මාර්ගය විවෘත කරන්න





යම් පුද්ගලයෙක් අසිහි තත්ත්වයෙන් වැටිල ඉන්නකොට, එයාගෙ දිව ආපස්සට වැටිලා එයාගෙ ස්වසන මාර්ගය අවහිර වෙන්න පුළුවන්. බලන්නකො උඩ තියෙන රූප සටහන දිහා. එතකොට පැහැදිලි වෙයි කොහොමද මේක වෙන්නෙ කියලා. ඔයාල හැමෝම කවදාහරි හෝස් එකකින් වතුර දාල ඇතිනේ? ඔයා වතුර දාමින් ඉන්නකොට කවුරුහරි හෝස් එකේ කොතනහරි තැනක් පෑගුවොත් එහෙම, වතුර එන එක නතර වෙනවා නේද? අන්න ඒ වගේම මේ දිව ආපස්සට වැටුණම ඒකෙන් අපේ ස්වසන මාර්ගය අවහිර වෙලා වායු හුවමාරුවට බාධා ඇති වෙනවා. ඉතින් අපිට අසිහි තත්ත්වයෙන් ඉන්න රෝගියෙක් හමු වුණාම පළමුවෙන්ම කළ යුතු දේ තමයි එයාගෙ ස්වසන මාර්ගය විවෘතව තබා ගැනීම.

අපේ වම් අත රෝගියාගේ නළල මත තියලා, දකුණු අතේ ඇඟිලි දෙකක් රෝගියාගේ නිකට මත තබා එසවීමෙන් අපිට රෝගියාගේ ස්වසන මාර්ගය විවෘත කරන්න පුළුවන්. රූප සටහන බලන්නකෝ ආයෙමත්, එතකොට පැහැදිලි වේවි.






පැහැදිලියි නේද? ස්වසන මාර්ගය විවෘත කළාට පස්සෙ අපි යනවා ඊළඟ පියවරට.

please check below to see the rest..


:cool::cool::cool::cool:




 
Last edited:

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
B - Check Breathing - ස්වසනය පරික්ෂා කරන්න


දැන් අපි රෝගියාගේ ස්වසන මාර්ගයත් විවෘත කරල තියෙන නිසා අපිට පුළුවන් රෝගියා හුස්ම ගන්නවද කියල පරික්ෂා කරල බලන්න. ස්වසන මාර්ගය විවෘත කරගෙන ඉන්න ගමන්ම රෝගියා වෙත පහත් වෙලා අපේ කණ රෝගියාගේ නාසය වෙත ළං කරලා, රෝගියාගේ පපුව දිහා තත්පර 10ක කාලයක් බලාගෙන ඉඳල අපිට පුළුවන් රෝගියා හුස්ම ගන්නවද නැද්ද කියල තීරණය කරන්න.



මේ ස්වසනය පරික්ෂා කරන ක්‍රමයට අපි LLF කියලත් කියනවා.

L - Look
L - Listen
F - Feel

රෝගියා හුස්ම ගන්නවා නම්, රෝගියාගෙ පපුව දිහා බලාගෙන ඉද්දි අපිට පපුව ඉහළ පහළ යනවා අපේ ඇස් දෙකට පේනවා (Look). ඒ වගේම අපේ කණ රෝගියාගේ නාසයට ළං කරගෙන ඉන්න නිසා රෝගියා හුස්ම ගන්න ශබ්දය අපිට ඇහෙනවා (Listen). ඒත් එක්කම අපේ කම්මුලට රෝගියාගෙ ප්‍රශ්වාස වාතයේ උණුසුම දැනෙනවා (Feel). සාමාන්‍යයෙන් නිරෝගී වැඩිහිටියෙක් මිනිත්තුවකට 12 - 20 අතර වාර ගණනක් හුස්ම ගන්නවා. ළමයින් සහ ළදරුවන් ඊට වඩා වැඩි වාර ගණනක් හුස්ම ගන්නවා. එහෙනම් තත්පර 10 ක කාලයක් බලාගෙන හිටියම, අඩුම තරමේ කී පාරක් රෝගියාගේ ස්වසනය අපිට දැනෙන්න ඕනෙද?

පහේ පංතියේ ගණිත ගැටළුවක් නේද? මිනිත්තුවක් කියන්නෙ තත්පර 60 යි. තත්පර 60 කට අවම වශයෙන් වාර 12 යි නම්, තත්පර 10 කට අවම වශයෙන් වාර කීයද? වාර 2 යි. ඒ කියන්නෙ මේ රෝගියා ස්වසනය කරනවා නම්, තත්පර 10 ක කාලය ඇතුළත අනිවාර්යෙන්ම වාර දෙකක් හුස්ම ගන්න ඕනෙ. එහෙනම් LLF කියන ක්‍රමය හරහා තත්පර 10 ක් ඇතුළත ආකාර 3 කින් අපි රෝගියාගේ ස්වසනය පරික්ෂා කරනවා. පැහැදිලියි නේද?

C - Check Circulation - රුධිර සංසරණය පරික්ෂා කරන්න


රෝගියා ස්වසනය කරනවා නම්, අපි වැඩි හොඳට එයාගෙ රුධිර සංසරණයත් පරික්ෂා කරලා බලනවා. ඒකෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් රෝගියාගෙ රුධිර සංසරණයේ ගැටළුවක් තියෙනවාද කියලා. මතකයි නේද රුධිර සංසරණය සහ ස්වසනය අතර සම්බන්ධතාව? එකක් නැවතුනොත් අනිකත් නවතිනවා. ඒ නිසා රෝගියා රෝහල්ගත කරන තුරු වරින් වර රුධිර සංසරණය පරික්ෂා කිරීම වැදගත්.

කොහොමද රුධිර සංසරණය පරික්ෂා කරන්නෙ? දැකල තියෙනවා නේද වෛද්‍යවරු නාඩි බලනවා? ඒ කරන්නෙ රුධිර සංසරණය පරික්ෂා කරන එක තමයි. අපිට නාඩි පරික්ෂා කරන්න පුළුවන් ස්ථාන කිහිපයක් තියෙනවා අපේ ශරීරයේ.




ඒ අතරින් මෙන්න මේ ස්ථානවල නාඩි පරික්ෂා කරන්න පුළුවන් බොහොම පහසුවෙන්ම. (ඔය සමහර තැන්වල නාඩි පරික්ෂා කරන්න යන එක නම් ඔයාගෙ නාඩි වලට එච්චර හොඳ නැති වෙයි හැබැයි )





සාමාන්‍යයෙන් නිරෝගී වැඩිහිටියෙකුගේ නාඩි වේගය මිනිත්තුවකට වාර 60 - 80 ත් අතර වෙනවා. රෝගියා හුස්ම ගන්නවා නම්, අපි මේ රෝගියාට සිහිය නැති වෙලා විතරයි තියෙන්නෙ කියල තීරණය කරලා, රෝගියාගේ රුධිර සංසරණය පරික්ෂා කරලා, රෝගියාව ආරක්ෂිත ඉරියව්ව කියන විශේෂ ඉරියව්වට පත් කරලා රෝහල් ගත කරනවා. ඒ අතරෙදිත් රෝගියාගේ ස්වසනය සහ හෘද ස්පන්දනය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම ඉතා වැදගත්.

රෝගියා ස්වසනය නොකරයි නම්,

C - Chest Compression / CPR


රෝගියා හුස්ම ගන්නෙ නැත්තන් අපි වහාම වටපිටාවේ ඉන්න කට්ටියව දැනුවත් කරනවා "මේ ලෙඩා හුස්ම ගන්නෙ නෑ.. පුළුවන් තරම් ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියන්න ඕනෙ. වාහනයක් ලෑස්ති කරන්න / ඇම්බියුලන්ස් එකට කතා කරන්න" කියලා. (දැන් තේරෙනවා නේද අර ප්‍රතිචාර පරික්ෂා කරන වෙලාවෙ රෝගියා ප්‍රතිචාර දැක්වුවේ නැති වුණාම උදව් ඉල්ලලා කෑ ගැහුවෙ ඇයි කියලා? )

ඒ උපදෙස් ටික ලබා දීලා, වහාම අපි ඊළඟ අදියරට එළඹෙනවා. ස්වසනය පරික්ෂා කරන අවස්ථාවෙන් ලැබෙන ප්‍රතිඵලය අනුව රෝගියාට ප්‍රථමාධාර ලබා දෙන ක්‍රමවේදය අපි හඳුන්වනවා "මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය - Basic Life Support " කියලා. මතකද අපි කලින් ලිපියේ සඳහන් කළා "මූලික ජෛව සාධක" ගැන? අන්න ඒ මූලික ජෛව සාධක රෝගියාට ලැබෙන එක තහවුරු කිරීම තමයි මේ මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදයෙන් අපි කරන්නෙ. තවත් සරලව කිව්වොත් රෝගියාගේ ස්වසනය සහ රුධිර සංසරණය පවත්වාගෙන යාම. රෝගියාගේ ස්වසනය සහ රුධිර සංසරණය පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය අපි " හෘත් පෙණහැලි ප්‍රති ප්‍රබෝදනය - Cardio Pulmonary Resuscitation " කියල හඳුන්වනවා. කෙටියෙන් CPR කියන්නෙත් මේ ක්‍රියාවලියටම තමයි.

හොඳට මතක තියාගන්න, දැන් අපිට ඉන්නෙ ස්වසනය නතර වෙච්ච රෝගියෙක්. ප්‍රථමාධාරයේ වහාම ක්‍රියාත්මක විය යුතු අවස්ථා අතරින් ඉස්සෙල්ලාම කියවෙන අවස්ථාවෙ තමයි ඔබ දැන් ඉන්නෙ. ප්‍රථමාධාරකරුවෙක් විදිහට ඔබ ඉක්මන් වෙන තරමට, රෝගියාගේ ජීවිතය බේරා ගැනීමේ සම්භාවිතාවත් වැඩි වේවි.

ස්වසනය නතර වෙලා පළමු විනාඩියේදි 95 % ක් තරම් ඉහළ අගයක තියෙන ජීවිතය බේරා ගැනීමේ හැකියාව, විනාඩි 4ක් ගත වෙද්දි 50 % ක් දක්වා අඩු වෙනවා. විනාඩි 8ක් ගත වෙද්දි එය 3% ක් දක්වා අඩු වෙනවා. ඒ නිසාම තමයි යමෙකුගේ ස්වසනය නතර වී ගතවෙන පළමු විනාඩිය ප්‍රථමාධාරයේදී Golden Minute of survival කියල හඳුන්වන්නෙ. මේ රූප සටහන බලපුවම ඔබට තේරෙනව ඇති ස්වසනය ඇණ හිටි අවස්ථාවකදී වහාම ක්‍රියාත්මක වීම කොච්චර වැදගත් ද කියලා.

හෘත් පෙණහැලි ප්‍රති ප්‍රබෝදනය - Cardio Pulmonary Resuscitation - CPR




උඩ තියෙන මාතෘකාව දිහා බලපුවම නිකන් ඉවෙන් වගේ දැනෙනවා නේද මොකක්ද මෙතනදි කෙරෙන්නෙ කියලා? හෘදය සහ පෙණහැලි නැවත යථා තත්ත්වයට පත් කිරීම.. එහෙම නේද? අපිට හමුවෙලා තියෙන්නෙ ස්වසනය නොකරන රෝගියෙක්. මූලික විනිශ්චය පාඩමේදි අපි කිව්වා ස්වසනය සහ රුධිර සංසරණය අතර ප්‍රබල බැඳීමක් තියෙනවා කියල. එකක් නැවතුනොත් අනිකත් නවතිනවාමයි. එහෙනම් ප්‍රථමාධාරකරුවෙක් විදිහට අපේ මූලික අරමුණ විය යුත්තේ රෝගියාගේ ජීවිතය බේරා ගැනීම. ජීවිතය බේරා ගැනීම සඳහා මෙතනදී පළමුවෙන්ම කළ යුත්තේ රෝගියාගේ නතර වෙලා තියෙන ස්වසනය සහ රුධිර සංසරණය යථාවත් කිරීම. ඒ මොකද, ස්වසනය හෝ හෘදය නතර වෙලා මොළයට රුධිර සැපයුම නතර වුණොත් රෝගියා මිය යනවා. ඔක්සිජන් සහිත රුධිරය නොමැතිව මොළයේ සෛල වලට පවතින්න පුළුවන් වෙන්නෙ විනාඩි 3ක් වගේ බොහොම කෙටි කාලයක්. ඉන් පස්සෙ මොළයේ සෛල මැරෙන්න ගන්නවා. මොනයම් හෝ හේතුවක් නිසා මොළයේ යම් කොටසක සෛල මිය ගියොත් ඒවා යථා තත්ත්වයට පත් කරන්න බෑ කියල ඔයාල දන්නවනේ. රෝගියා තනියම ස්වසනය සහ රුධිර සංසරණය සිදු නොකරන නිසා අපිට සිදු වෙනවා බාහිරව යොදන යම් බලයක් මගින් ස්වසනය සහ රුධිර සංසරණය සිදු කරවන්න. අන්න ඒක තමයි අපි CPR කියල කරන්නෙ. මේ CPR කියන ක්‍රියාවලියේදී අපි ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකක් සිදු කරනවා.


1. රෝගියා තනියෙන් හුස්ම නොගන්න නිසා අපි එයාට කෘතිමව හුස්ම දෙනවා.
2. රෝගියාගේ රුධිර සංසරණය සිදු නොවෙන නිසා අපි කෘතිමව රුධිර සංසරණය සිදු කරලා ඔක්සිජන් සහිත රුධිරය මොළය වෙත යොමු කරවනවා.


පපු තෙරපුම ලබා දීම


අපේ සිරුරේ හෘදය පිහිටල තියෙන්නෙ උරස් කුහරයේ, පෙණහැලි දෙක අතරමැද වම් පැත්තට ටිකක් බර වෙලා. කලාතුරකින් කෙනෙක්ගෙ තමයි මේ පිහිටීම වෙනස් වෙන්නෙ. මනුස්සයෙක් ඉපදුණු වෙලාවෙ ඉඳලා ජීවිත රඟමඬලෙන් සමුගන්නකම් අපේ මේ හෘදය වෙහෙස නොබලා අනුපමේය මෙහෙයක් ඉටු කරනවා. ඒකනෙ අපි හෘදය වස්තුව කියන්නෙ. (වෙන කාට වස්තුව කිව්වත් හෘදය තරම් වස්තුවක් නම් ලොවෙත් නෑ ) සාමාන්‍ය තත්ත්ව වලදී මොළයෙන් ලබා දෙන විධාන මත, මේ හෘදය ස්පන්දනය වෙමින් ශරීරය පුරා රුධිර ගමනාගමනයට අවශ්‍ය බලය සපයනවා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා හෘදය ස්පන්දනය වීම නතර වුණොත්, මොළය ඇතුළු ශරීරයේ සියළුම අවයව පද්ධති වලට රුධිරය සැපයීම අඩාල වෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් මොළයට අවශ්‍යවන ඔක්සිජන් සහිත රුධිරය සැපයුම යථා තත්ත්වයට පත් කරන්න අපිට සිදු වෙනවා. ස්පොන්ජ් කෑල්ලකට වතුර උරල තියෙද්දි අපි ඒක මිරිකුවොත් මොකද වෙන්නෙ? ඒ උරපු වතුර ටික ඉවතට යනව නේද? අන්න ඒ වගේ මේ අවස්ථාවේදී අපි කරන්නෙ, අපේ අත් වලින් හෘදය තෙරපීමකට ලක් කරල, හෘදය ඇතුළේ තියෙන රුධිරය හෘදයෙන් ඉවතට තල්ලු කරල රුධිර සංසරණය කෘතිමව සිදු කරන එක.

ලිපි දෙකකින් කතා කළාට, මේ DRABC සහ CPR කියන්නෙ එක දිගට සිදු කරන ක්‍රියාවලියක්. අපි දැන් ඉන්නෙ රෝගියාගේ දකුණු පැත්තෙන්, උරහිස අසලින් දණ ගහගෙන. අපි මේ සූදානම් වෙන්නෙ රෝගියාට කෘතිම පපු තෙරපුම සහ ස්වසනය ලබා දෙන්න. කොහොමද අපි පපු තෙරපුම ලබා දෙන්නෙ? අපි ඉස්සෙල්ලාම කරන්න ඕනෙ, පපු තෙරපුම ලබා දීම සඳහා දෙ අත් ස්ථානගත කිරීම.

අපි ඇත්තටම මෙතන කරන්නෙ පපු අස්ථියේ මධ්‍යස්ථ කෙළවර පහළට තෙරපීම මගින්, හෘදය තෙරපීමකට ලක් කරලා හෘදය ඇතුලෙ තියෙන රුධිරය ඉවතට තල්ලු කරන එක. අපි තෙරපනකොට රුධිරය රුධිර නාල දිගේ හෘදයෙන් ඉවතට තල්ලු වෙනවා. අපි තෙරපීම ලිහිල් කළාම නැවතත් හෘදය රුධිරයෙන් පිරෙනවා. ආපහු තෙරපනකොට ඒ පිරුණු රුධිරය ඉවතට තල්ලු වෙලා යනවා. පැහැදිලියි නේද? පපු අස්ථියේ මධ්‍යස්ථ කෙළවර අපිට ඔය රූපයේ තියෙන ආකාරයට සොයාගන්න පුළුවන්. ඊට පස්සෙ අපි අපේ හුරු අත, පපු අස්ථියේ මධ්‍යස්ථ කෙළවරින් තියලා, අනිත් අත හුරු අත උඩින් තියල ලොක් කරගන්නවා. බලන්නකො පහළ තියෙන රූපය.. ඒකෙ තියෙනවා අපි දෙ අත් ස්ථානගත කරන ආකාරය.




ඊට පස්සෙ අපි රෝගියා දෙසට නැඹුරු වෙලා, අපේ දෙ අත් මගින් රෝගියාගේ පපු අස්ථියේ මධ්‍යස්ථ කෙළවර පහළට තෙරපනවා. මෙතනදි අපේ දෙ අත් සෘජු ව තබා ගත යුතු යි. බලන්නකෝ මේ රූපය.






ඉරියව්ව පැහැදිලියි නේද ඔයාලට? මේ ආකාරයට අපි රෝගියාගේ පපු උසෙන් 1/3 ක ගැඹුරට, විනාඩියට වාර 100ක වේගයෙන් වාර 30 ක් පපුව තෙරපනවා. ඇත්තටම මේ පපුව තෙරපීමෙන් වෙන්නෙ මොකක්ද කියල ඔයාලට තේරෙයි මේ විඩියෝ එක බැලුවම.






;);)




ස්වසන වාර ලබාදීම


අපි කොච්චර පපුව තෙරපමින් මොළයට රුධිර සැපයුම පවත්වා ගත්තත් වැඩක් නෑ අපි සපයන රුධිරයේ යහමින් ඔක්සිජන් නැත්තන්. ඒ නිසා පපුව තෙරපමින් රුධිර සංසරණය පවත්වා ගන්න අතරම රෝගියාට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය ලබා දීමත් අතිශය වැදගත්. රෝගියෙකුට කෘතිමව ස්වසනය ලබා දිය හැකි ආකාර 3ක් තිබෙනවා.

1. මුවට මුව තබා
2. නාසයට මුව තබා
3. නාසය සහ මුවට මුව තබා

සාමාන්‍ය ක්‍රමය තමයි මුවට මුව තබා ස්වසන වාර ලබා දීම. නමුත් මුඛය තුවාල වී ඇති විටෙක හෝ වස විස තැවරී ඇතැයි සැක කරන විට අපිට පුළුවන් මුඛය වසා, නාසයට මුව තබා ස්වසන වාර ලබා දෙන්න. ළදරුවන්ගේ කටයි නහයයි හරිම පුංචියිනේ. ඉතින් එයාගෙ කටට අපි කට තිබ්බම කොහොමත් එයාගෙ නහය වැහෙනවා. ඒ නිසා අපි එයාගෙ නහයයි කටයි දෙකම වැහෙන විදිහට අපේ කට තියල හුස්ම වාර ලබා දෙනවා. කොහොමද ස්වසන වාර ලබා දෙන්නෙ?

පපු තෙරපුම් වාර 30 ලබා දීල අවසන් වුණ වහාම අපි රෝගියාගේ ස්වසන මාර්ගය විවෘත කරලා, රෝගියාගේ නළල මත තියෙන අපේ අතේ ඇඟිලි දෙකකින් රෝගියාගේ නාසය වහනවා. ඊට පස්සෙ ගැඹුරු හුස්මක් අරගෙන, රෝගියාගේ මුවට අපේ මුව තියලා ස්වසන වාරය ලබා දෙනවා. ඉන් පස්සෙ නැවතත් ගැඹුරු හුස්මක් අරගෙන දෙවන ස්වසන වාරය ලබා දෙනවා. මේ ආකාරයට සෑම පපු තෙරපුම් වාර 30කටම ස්වසන වාර 2ක් අපි ලබා දෙනවා. පැහැදිලියි නේද? මේ කියපු පපු තෙරපුම් වාර 30 සහ ස්වසන වාර 2 ලබා දෙන්නෙ කොහොමද කියල ඔයාලට තවදුරටත් පැහැදිලි වෙයි මේ විඩියෝ එක බැලුවම.



(අපි කිව්වා CPR ලබා දීමේදී හැකි සෑම අවස්ථාවකදීම ප්‍රථමාධාරකරු රෝගියාගේ දකුණු පසින් සිටිය යුතුයි කියලා. ඒකට හේතුව තමයි අපේ හෘදය උරස් කුහරයේ වම් පැත්තට මඳක් බර ව පිහිටා තිබීම. එතකොට අපි දකුණු පැත්තෙ ඉඳන් පපුව තෙරපද්දි තමයි උපරිම කාර්යක්ෂමතාවයෙන් තෙරපීම ලබා දෙන්න පුළුවන්. නමුත් අපිට රෝගියාගේ දකුණු පැත්තෙන් ළඟා වෙන්න බැරි මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් වම් පැත්තේ ඉඳන් CPR ක්‍රියාත්මක කළා කියල වරදක් නෑ. මේ විඩියෝ එකෙත් ප්‍රථමාධාරකරු ඉන්නෙ රෝගියාගෙ වම් පසින්.)




පපු තෙරපුම් වාර 30 ලබා දුන්නට පස්සෙ නැවතත් ස්වසන වාර දෙකක් ලබා දෙනවා. ආයෙමත් පපු තෙරපුම් වාර 30 යි ස්වසන වාර දෙකයි. ඔය විදිහට කොච්චර වෙලා කරන්න ඕනෙද? හොඳට මතක තියාගන්න. CPR දෙන්න පටන් ගත්තට පස්සෙ එක්කෝ රෝගියා තනියම හුස්ම ගන්න තුරු, එහෙමත් නැත්තන් රෝගියාට වෛද්‍යාධාර ලබා දෙන තුරු දිගටම CPR ක්‍රියාත්මක කරන්න ඕනෙ.

හරි.. ඔය තියෙන්නෙ සාමාන්‍යයෙන් අපි CPR ක්‍රියාත්මක කරන විදිහ. සාමාන්‍ය අවස්ථා වලදී අපි CPR ආරම්භ කරන්නෙ පපු තෙරපුම් වාර 30 කින්. ඉන් පස්සෙ තමයි ස්වසන වාර 2 ලබා දෙන්නෙ. නමුත් මේක වෙනස් වෙන විශේෂ අවස්ථාවක් තියෙනවා.


දියේ ගිලී ගොඩ ගත් රෝගීන් සහ දරුවන්/ ළදරුවන්


ජලයේ ගිලිලා ඉඳලා ගොඩ ගත්ත රෝගියෙක් ස්වසනය කරන්නෙ නෑ කියල කියන්නෙ, අපිට නිගමනය කරන්න සිදු වෙනවා මේ රෝගියා සැළකිය යුතු වේලාවක් ජලයේ ගිලී ඉඳල තියෙනවා කියලා. ජලයේ දියවෙලා තියෙන ඔක්සිජන් උරා ගන්න අපිට කරමල් නෑනෙ මාළුන්ට වගේ. එහෙනම්, ජලයේ ගිලිල හිටපු සම්පූර්ණ කාලය තුළදීම මේ රෝගියාගේ ශරීරයට ඔක්සිජන් ඇතුල් වෙලත් නෑ.. එහෙම නේද? එහෙනම්, පපුව තෙරපල මොළයට රුධිරය තල්ලු කළා කියල වැඩක් තියෙනවද ඔක්සිජන් නැත්තන්? අන්න ඒ නිසා ජලයේ ගිලිල ඉඳල ගොඩගත් රෝගියෙක්ට පපු තෙරපුම් වාර 30 ලබා දෙන්න කලින් අපි ස්වසන වාර පහක් (05) ලබා දෙනවා. ඉන් පස්සෙ පපු තෙරපුම් වාර 30 යි, ස්වසන වාර 02 විදිහට සුපුරුදු චක්‍රය ක්‍රියාත්මක කරනවා.

ළදරුවන් සහ දරුවන්ගේ ( දරුවන් කියල අපි ප්‍රථමාධාරයේ හඳුන්වන්නෙ වයස අවුරුදු 1 - 14 ත් අතර ළමයින්. ළදරුවන් විදිහට සළකන්නෙ වයස අවුරුද්දට අඩු අය. වයස අවුරුදු 14 ට වැඩි අය වැඩිහිටියන් යටතට තමයි ගැනෙන්නෙ.) ශරීර ප්‍රමාණය කුඩා නිසා එක් ස්වසන වාරයකදී සිරුර තුළට ඇතුල් කරගන්න ඔක්සිජන් පරිමාවත් වැඩිහිටියෙකුට සාපේක්ෂව අඩුයි. ඒ නිසා අපි දරුවන් සහ ළදරුවන්ටත් CPR ආරම්භ කරන්නෙ ස්වසන වාර 5 කින්. ඉන් පස්සෙ සුපුරුදු 30 : 2 චක්‍රය. පැහැදිලියි නේද?

ඒ වගේම වැඩිහිටියෙකුට පපු තෙරපුම ලබා දීමේදි අපි අත් දෙකම ඒ සඳහා පාවිච්චි කරනවා. ළමයින් සඳහා එක අතකුත්, ළදරුවන් සඳහා ඇඟිළි දෙකකුත් පාවිච්චි කරනවා. ළදරුවෙකුට CPR ලබා දීමේදි අපිට ළදරුවා අපේ එක අතක් සහ කකුල උඩ රඳවා ගෙන CPR ලබා දෙන්න පුළුවන්. එහෙමත් නැත්තන් බබාව මේසයක් උඩ වගේ තියලත් පුළුවන්.




වැඩිහිටි, ළමා සහ ළදරුවන් අතර මේ CPR ක්‍රියාත්මක කරන ආකාරයේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා.


මේ ලිපි පෙළ හරහා දෙන්න පුළුවන් දැනුම විතරයි, පුහුණුව ලබා ගන්න නම් අදාල පිළිගත් ආයතනයකට ගිහින් ඒ අදාල පාඨමාලාවන් සම්පූර්ණ කරන්න ඕනෙ කියල. දැන් ඔයාලට තේරෙනව ඇති මම එදා කියපු දේ. පපු තෙරපුම දෙන්නෙ මෙහෙමයි, ස්වසන වාර දෙන්නෙ මෙහෙමයි කියල කිව්වට වඩා ලොකු අවබෝධයක් ගන්න පුළුවන් ප්‍රායෝගික පුහුණු වැඩමුළුවකට සහභාගි වුණාම. ඒ නිසා මම නැවතත් අවධාරණය කරනවා, හොඳ ප්‍රථමාධාරකරුවෙක් වෙන්න නම් විධිමත් පුහුණුව අත්‍යාවශ්‍ය යි. මොකද මේ කරන හැම ක්‍රියාකාරකමකදීම, ප්‍රථමාධාරකරු ඉඳගන්න විදිහේ පවා ක්‍රමයක් තියෙනවා සහ එහෙම කරන්න හේතුවක් තියෙනවා. ඒ නිසා විධිමත් පුහුණුවක් ලබා ගැනීම ඉතා ම වැදගත්.

මේ ලිපියෙ කතා කරපු කරුණු සම්බන්ධව නම් වැඩිදුරටත් පැහැදිලි කරගත යුතු තැන් ඇති ඔයාලට. ඒවා ඔක්කෝම පහළින් කොමෙන්ට් කරන්න.;)



 
Last edited:

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Mama Elakiriye dakka Digama Thread ekada koheda meka.. Superb 10+
    Will read whole stuff later,Bookmarked!
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Mama Elakiriye dakka Digama Thread ekada koheda meka.. Superb 10+
    Will read whole stuff later,Bookmarked!


    :shocked::lol::lol:

    තවකොටස් කීපයක් තියෙනවා දාන්න ප්‍රථමාධාර කොටසේ විතරක්ම...Please wait..:)
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    තුවාල සහ රුධිර වහන කළමනාකරණය


    9e00fe836b34d9549d4aa879e53fb56c.jpg



    රුධිර සංසරණ පද්ධතිය

    මොකක්ද මේ රුධිර සංසරණ පද්ධතිය කියන්නෙ? රුධිරය පැත්තකින් තියමු.. මොකක්ද සංසරණය කියන්නෙ? එහාට මෙහාට ගමන් කරනවා වගේ අදහසක් නේද සරලව හිතුවොත්? එහෙනම් අපේ ශරීරයේ ද්‍රව්‍ය එහාට මෙහාට ගෙනියන එකට තමයි සංසරණ පද්ධතිය කියන්නෙ. ඒවා අරගෙන යන්නෙ රුධිරයේ දිය කරගෙන නිසා අපි මේකට රුධිර සංසරණ පද්ධතිය කියල කියනවා. මොනවද එතකොට මේ අරගෙන යන ද්‍රව්‍ය ? ප්‍රධාන වශයෙන්ම ඔක්සිජන් සහ ග්ලූකෝස් තමයි මේ විදිහට රුධිරයේ දිය කරගෙන ඇඟ පුරාම අරගෙන යන්නෙ. මෙහෙව් රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධාන කොටස් 3ක් අපිට වෙන් කර දක්වන්න පුළුවනි.


    1. රුධිරය

    2. හෘදය

    3. රුධිර නාලිකා


    තුවාල සහ ලේ ගැලීම්



    types%2Bof%2Bwounds.jpg



    රුධිර නාලයට හානිය සිදු වෙන ආකාරය අනුව අපිට තුවාලත් ප්‍රධාන ආකාර කිහිපයකට වර්ග කරන්න පුළුවන්.


    • කැපුම් තුවාල - Incised Wound
    • ඉරීම් තුවාල - Laceration Wound
    • සීරීම් තුවාල - Abrasion Wound
    • තැලුම් තුවාල - Contusion Wound
    • විදුම් තුවාල - Puncture Wound
    • ඇනීම් තුවාල - Stab Wound
    • වෙඩි වැදීම් තුවාල - Gunshot Wound
    ඒවගේම තවත් ක්‍රම 2කට මේක වෙන් කරන්න පුලුවන්.


    • විවෘත තුවාල - බාහිර ලේ ගැලීම්
    • සංවෘත තුවාල - අභ්‍යන්තර ලේ ගැලීම
    ප්‍රථමාධාර ඉලක්කය



    • රුධිරය ගැලීම පාලනය කිරිම
    • කම්පනය සඳහා ප්‍රතිකාර කිරීම
    • රෝග බෝවීම වැලැක්වීම
    • උචිත අවස්ථාවල දී ආසන්නම සෞඛ්‍යය පහසුකම ලබාගැනීමට සූදානම් වීම
    • පිටගැස්ම සහ ජලභීතිකා රෝගය ගැන සැලකිලිමත් වීම


    සුළු තුවාල

    ප්‍රතිකාර

    රෝගියාගේ තුවාලය කුඩා කැපීමක් පමණක් නම් ටික වේලාවක් තුවාලයෙන් ලේ ගැලීමට ඉඩ හරින්න (එමගින් තුවාලය පිරිසිදු වීම සිදු වේ.) ඉන්පසු ලේ ගැලීමනැවතීම සඳහා විනාඩි 10ක පමණ කාලයක් ඍජු පීඩනයක් ලබා දෙන්න. තුවාලය වටා ඇති ප්‍රදේශය අපිරිසුදු නම් පිරිසුදු ජලයෙන් සෝදා තුවාලය අවට හොඳීන් වේලෙන්නට ඉඩ හරින්න. ඉන්පසු තුවාලය ප්ලාස්ටරයක් වැනි සිනිඳු වෙළුම් පටියකින් ඔතන්න. වැලි කැට හෝ රොඩු වැනි දේ තුවාලයෙහි ඇලී ඇත් නම් එවැනි ද්‍රව්‍ය සාමාන්‍ය සේදීමකින් ඉවත් නොවනු ඇත. එවිට වෛද්‍ය උපදෙස් ලබා ගන්න.





    අධික ලේ ගැලීම

    ප්‍රතිකාර

    තුවාලය නිරාවරණය කරන්න.
    තුවාලය ඇතුළට කිසිවක් (හෝ ඇට කැබලි) කාවැදී ඇත්දැ යි පරීක‍ෂා කර බලන්න.
    තුවාලය තුළ දෘශ්‍යමාන කිසිදු ද්‍රව්‍යයක් නැත් නම් ඔබගේ අතේ ඇඟිලිවලින් සහ අත්ල උපයෝගි කර ගෙන තුවාලයට ඍජු පීඩනයක් ලබා දෙන්න.
    විෂබීජ නැති රෙදි කැබැල්ලක් හෝ පිරිසිදු ඝන වෙළුමක් පාවිච්චි කර තුවාලය පිරිසිදු කිරීමෙන් පසු ව රෝගියාගේ එම තුවාලය සහිත අවයවය ඔසවන්න.
    රෝගියාගේ තුවාලය සහිත අවයවය ඉහළට ඔසවා රෝගියාව දිගා කරන්න.
    රෝගියාගේ කම්පනය සඳහා ප්‍රතිකාර කරන්න.
    විනාඩි 10ක් තිස්සේ තුවාලය මතට පීඩනය ලබා දෙන්න.
    ලේ ගමනාගමනය පාලනය වී ඇති විටෙක පළමුවෙන් වෙළන ලද ඝන වෙළුම එසේ තිබීමට හැර විෂබීජ නොමැති රෙදි පටියකින් සහ තුවාල වෙළුම් පටියකින් වෙළන්න. තුවාලයෙන් පහත කොටසට රුධිරය සංසරණය වීම වැළැක්වෙන බැවින්තුවාල වෙළුම් පටිය අවශ්‍ය ප්‍රමාණයට වඩා තදින් ගැට නොගසන්න.
    වෙළුම් පටිය හරහා රුධිරය ඉවතට එරීම ආරම්භ වේ නම් වෙළුම් පටිය ඉවත් නොකරන්න. වෙළුම් පටියට උඩින් තවත් වෙළුම් පටියක් ඔතමින් තුවාල ආරක‍ෂා කරන්න.
    මෙම වෙළුම් පටි 02ම හරහා රුධිරය ගලා ඒනම් එම වෙළුම්පටි 02ම ඉවත් කර වෙනත් පිරිසිදු වෙළුම් පටියක් / වෙළුම්පටි තුවාල වටා ඔතන්න.




    [FONT=&quot]හදිසි[/FONT][FONT=&quot] ආපදාවකදී[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot]රථමාධාර[/FONT]

    [FONT=&quot]උලුක්කු[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot]විට[/FONT]

    • [FONT=&quot]වි[/FONT]‍‍[FONT=&quot]වෙකීව[/FONT] [FONT=&quot]තබන්න[/FONT]
    • [FONT=&quot]සීතල[/FONT] [FONT=&quot]කරන්න[/FONT]
    • [FONT=&quot]සිසිල්[/FONT] [FONT=&quot]රදවනයක්[/FONT] [FONT=&quot]යොදන්න[/FONT]
    • [FONT=&quot]ඔසවා[/FONT] [FONT=&quot]තබන්න[/FONT]
    [FONT=&quot]අස්ථි[/FONT][FONT=&quot]භග්නයක්[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot]විට[/FONT]

    • [FONT=&quot]ස්ථානය[/FONT] [FONT=&quot]නො[/FONT]‍[FONT=&quot]සොල්වා[/FONT] [FONT=&quot]තබන්න[/FONT]
    • [FONT=&quot]උරමාවක්[/FONT] [FONT=&quot]යොදන්න[/FONT]
    • [FONT=&quot]රුධිර[/FONT] [FONT=&quot]වහනය[/FONT] [FONT=&quot]ඇත්නමි[/FONT] [FONT=&quot]නවත්වන්න[/FONT]
    • [FONT=&quot]ආහාරපාන[/FONT] [FONT=&quot]නොදෙන්න[/FONT]
    • [FONT=&quot]රෝහළ[/FONT] [FONT=&quot]වෙත[/FONT] [FONT=&quot]රැගෙන[/FONT] [FONT=&quot]යන්න[/FONT]
    [FONT=&quot]සර්පයෙකු [/FONT][FONT=&quot]දෂ්ඨ [/FONT][FONT=&quot]කිරීම[/FONT]

    • [FONT=&quot]රොගියා[/FONT] [FONT=&quot]බිය[/FONT] [FONT=&quot]නොකරන්න[/FONT]
    • [FONT=&quot]දෂ්ඨ[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]ස්ථානය[/FONT] [FONT=&quot]නිශ්චල[/FONT] [FONT=&quot]කරන්න[/FONT]
    • [FONT=&quot]රොගියා[/FONT] [FONT=&quot]ඔසවා[/FONT] [FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]යන්න[/FONT]
    • [FONT=&quot]ජලය[/FONT] [FONT=&quot]වත්[/FONT] [FONT=&quot]කරමින්[/FONT] [FONT=&quot]සෙමෙන්[/FONT] [FONT=&quot]සෝදන්න[/FONT]
    • [FONT=&quot]දෂ්ඨ[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]කොටස[/FONT] [FONT=&quot]හෘදයට[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]පහත්[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]රෝහළ[/FONT] [FONT=&quot]වෙත[/FONT] [FONT=&quot]රැගෙන[/FONT] [FONT=&quot]යන්න[/FONT]

    [FONT=&quot]ක්ලාන්තය[/FONT]

    • [FONT=&quot]රෝගියා[/FONT] [FONT=&quot]හාන්සිකර[/FONT] [FONT=&quot]පාද[/FONT] [FONT=&quot]දෙක[/FONT] [FONT=&quot]ඔසවා[/FONT] [FONT=&quot]හිස[/FONT] [FONT=&quot]පසෙකට[/FONT] [FONT=&quot]හරවන්න[/FONT]
    • [FONT=&quot]තද[/FONT] [FONT=&quot]ඇදුමි[/FONT] [FONT=&quot]බුරුල්[/FONT] [FONT=&quot]කරන්න[/FONT]
    • [FONT=&quot]පිරිසිදු[/FONT] [FONT=&quot]වාතාශ්[/FONT]‍[FONT=&quot]රය[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]දෙන්න[/FONT]
    • [FONT=&quot]පවන්[/FONT] [FONT=&quot]සලන්න[/FONT]
    • [FONT=&quot]මුහුණ[/FONT] [FONT=&quot]සිසිල්[/FONT] [FONT=&quot]කරන්න[/FONT]
    • [FONT=&quot]සිහිය[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]වුවහොත්[/FONT] [FONT=&quot]රෝහළ[/FONT] [FONT=&quot]වෙත[/FONT] [FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]යන්න[/FONT]
    [FONT=&quot]උගුරේ[/FONT][FONT=&quot] යමක් [/FONT][FONT=&quot]හිරවීම[/FONT]

    • [FONT=&quot]රෝගියාට[/FONT] [FONT=&quot]කහින[/FONT] [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]උපදෙස්[/FONT] [FONT=&quot]දෙන්න[/FONT]
    • [FONT=&quot]රෝගියාට[/FONT] [FONT=&quot]සිට[/FONT] [FONT=&quot]ගැනීමට[/FONT] [FONT=&quot]සලස්වා[/FONT] [FONT=&quot]උරහිස්[/FONT] [FONT=&quot]පෙදෙස[/FONT] [FONT=&quot]ඉදිරියට[/FONT] [FONT=&quot]නමා[/FONT] [FONT=&quot]උරපතු[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]මැදට[/FONT] [FONT=&quot]සාමාන්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]පහරවල්[/FONT] 4 [FONT=&quot]ක්[/FONT] [FONT=&quot]හෝ[/FONT] 5 [FONT=&quot]ක්[/FONT] [FONT=&quot]තටිටු[/FONT] [FONT=&quot]කරන්න[/FONT]
    • [FONT=&quot]රෝ[/FONT]/[FONT=&quot]ියා[/FONT] [FONT=&quot]පිටු[/FONT] [FONT=&quot]පසින්[/FONT] [FONT=&quot]සිට[/FONT] [FONT=&quot]තමාගේ[/FONT] [FONT=&quot]දෑත්[/FONT] [FONT=&quot]රෝගියාගේ[/FONT] [FONT=&quot]බද[/FONT] [FONT=&quot]වටා[/FONT] [FONT=&quot]තබා[/FONT] [FONT=&quot]පපු[/FONT] [FONT=&quot]අස්ථියේ[/FONT] [FONT=&quot]කෙළවර[/FONT] 4 [FONT=&quot]වරක්[/FONT] [FONT=&quot]හෝ[/FONT] 5 [FONT=&quot]වරක්[/FONT] [FONT=&quot]ඉහළට[/FONT] [FONT=&quot]තෙරපන්න[/FONT]
    • [FONT=&quot]රෝගියා[/FONT] [FONT=&quot]සිහිමුර්ජා[/FONT] [FONT=&quot]වී[/FONT] [FONT=&quot]ඇත්නමි[/FONT] [FONT=&quot]ආරක්ෂිත[/FONT] [FONT=&quot]ඉරියවිවෙන්[/FONT] [FONT=&quot]තබා[/FONT] [FONT=&quot]රෝහළ[/FONT] [FONT=&quot]වෙත[/FONT] [FONT=&quot]රැගෙන[/FONT] [FONT=&quot]යන්න[/FONT]
    [FONT=&quot]ඇසිඩි [/FONT][FONT=&quot]තැවරී [/FONT][FONT=&quot]පිළිස්සීම[/FONT]

    • [FONT=&quot]අනතුරින්[/FONT] [FONT=&quot]මුදවා[/FONT] [FONT=&quot]ගන්න[/FONT]
    • [FONT=&quot]බිය[/FONT] [FONT=&quot]දුරු[/FONT] [FONT=&quot]කරන්න[/FONT]
    • [FONT=&quot]විනාඩි[/FONT] 12 - 15 [FONT=&quot]ක්[/FONT] [FONT=&quot]ගලා[/FONT] [FONT=&quot]යන[/FONT] [FONT=&quot]ජලයෙන්[/FONT] [FONT=&quot]සිසිල්[/FONT] [FONT=&quot]කරන්න[/FONT]
    • [FONT=&quot]ඇසිඩි[/FONT] [FONT=&quot]තැවරී[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]ඇදුමි[/FONT] [FONT=&quot]කපා[/FONT] [FONT=&quot]ඉවත්[/FONT] [FONT=&quot]කරන්න[/FONT]
    • [FONT=&quot]රෝහල්[/FONT] [FONT=&quot]ගත[/FONT] [FONT=&quot]කරන්න[/FONT]





    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]මගේ [FONT=&quot]අනිත් [FONT=&quot]ත්‍රෙඩ්

    [/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT][/FONT]හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 1

    [FONT=&quot]සුපිරි[/FONT][FONT=&quot] සොල්දාදුවන්[/FONT][FONT=&quot] (Super Soldiers) [/FONT]
    [FONT=&quot]මෙය[/FONT][FONT=&quot] මිත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාවක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යක්ද[/FONT][FONT=&quot]?[/FONT]


    කාල තරණය Time Travel with Proofs

    අයුක්තියට එරෙහි වූ මෙක්සිකන් මිනීමරුවා


    මේ ටයිප් කරන්නයි කරුණු හොයන්නයි සෑහෙන්න මහන්සි උනා ටයිප් කරන්න අමාරු ගොඩාක් දේවල් ඉහත දක්වපු sources වලින් උපුටාගත්තා.අඩු තරමේ අනිත් කෙනෙක්ට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න..:)


    කැමති අයුරකින් උපුටාගැනීමට හා Share කිරීමට අවසර ඇති අතර අදාල ත්‍රෙඩ් එකේ link එක දක්වන්න..!! :D

    :cool::cool::cool:



     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මම දාන ඉමේජ් scale වෙන්නේ නෑ නේ..:( ඒ නිසා ත්‍රෙඩ් එක width එක වැඩී
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කලින් ත්‍රෙඩ් එකත් කියෙව්වා...බොහොම වැදගත් මචන් :yes::yes::yes:
    TFS
    bookmarked both threads for future reference
    11.gif

    You must spread some Reputation around before giving it to kaotic again.:no:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    කලින් ත්‍රෙඩ් එකත් කියෙව්වා...බොහොම වැදගත් මචන් :yes::yes::yes:
    TFS
    bookmarked both threads for future reference
    11.gif

    You must spread some Reputation around before giving it to kaotic again.:no:

    රෙප් වලට වඩා දහස් ගුණයක් වටිනවා කමෙන්ට් එකක්..:)
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    පට්ට මචන්.. මමත් ගොඩක් දේවල් දැනගත්ත.. තව ඉස්සරහටත් දාපන් බන්.. පුළුවන් නම් ebay ලින්ක් එකක් දාපන් හොඳ survival kit එකකට..
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    පට්ට මචන්.. මමත් ගොඩක් දේවල් දැනගත්ත.. තව ඉස්සරහටත් දාපන් බන්.. පුළුවන් නම් ebay ලින්ක් එකක් දාපන් හොඳ survival kit එකකට..

    ela