වාහන හින්ද කාපු කටු ...2
පළමුවෙන්ම වාහන හින්ද කාපු කටු ..2 වෙත ගොඩවෙන නව සාමාජිකයින් හට කරන්නාවූ දැනුවත් කිරීම නම් මෙතැන් පටන් මෙම නුලෙහි සිදුවෙන්නාවූ සියලුම කටු කතා.. බලු කතා.. කැත කතා.. කකුලෙන් ඇදිලි, බොරු වලවල් වල දමිලි, ලිඳේ එබිලි සහ මෙකී නොකී සියලුම දෑ වල අවස්ථා සම්භන්ධය දැනගැනීම සඳහා වාහන හින්ද කාපු කටු ...1 නූල කියවා දැනුම, විනෝදය, ත්‍රාසය, භීතිය , කුතුහලය තීව්ර කරගන්නා මෙන් කාරුනුකව ඉල්ලා සිටිමි..
මෙන්න කොට පාරෙන් වාහන හින්ද කාපු කටු ...1 නුලට යන පාර...http://www.elakiri.com/forum/showthread.php?t=1658225
ඔන්න එහෙනම් වාහන හින්ද කාපු කටු ...2 නූලේ පලවෙනි කටුව පටන් ගන්නයි හදන්නේ.. වෙනද වගේම පොලාට පෙරලිච්ච තඩි බාල්දියක්..
ඔන්න මේ සිද්දියට අදාළ වාහනේ මගේ එකක්නම් නෙවෙයි.. මේක මගේ ආදරණීය බාප්පොච්චි පාවිච්චි කරපු වාහනයක් .. පාවිච්චි කරා කිව්වට පාවිච්චි කරා නෙවෙයි පට්ට ගැහුවා කිව්වොත් තමයි හරිම අර්ථය මෙතනට එන්නේ.. පළමුව කියන්න ඕන මේ වාහනේ ජාතකේ කිව්වාම අපේ එළකිරි වාහන ගැන දන්නා වැසියන් ඔලුවෙ අත තියාගන්න තරම් භාණ්ඩයක්..
මෙන්න තොරණේ ඇතුලේ විස්තරේ..
මගේ බාප්පොච්චිත් මම වගේම වාහන වලින් සුපිරියටම වැඩ ගත්තු පුද්ගලයෙක්.. රජයේ විදායක ශ්‍රේණියේ ඉහලම රැකියාවක් කරත් මේ වාහනේ ඇතුලේ , අවුරුදු ගණන් පරණ වුනු බුලත් , පුවක්, හුණු බෝල, දුම්කොළ නැටි, උණුවතුර බෝතල්, වාහනේ ඇතුලෙම එහාට මෙහාට පෙරලිලා ඇතුල නොපෙනේන්නම ඉරි ඇඳුන වතුර බෝතල් , තනි කකුලේ මේස් , ජාති දෙකක තනි කකුලේ සපත්තු , කන්නාඩි කුට්ටම්, ලියවෙන්නේ නැති පෑන් , භාගෙට ලියවෙන පෑන් , කෑම ගෙනියන භාජන, කොන්ඩෙ පීරන පනා, අවුරුදු ගණන් පරණ දත් බුරුසු , බෝර දාලවත් එලියට ගන්න බැරුව හයි උන දත් බෙහෙත් ටියුබ්, හැම වර්ගයකම ලංකාවේ වලංගු සල්ලි කොළ, හැම වර්ගයකම වලංගු කාසි.. වගේ දේවල් වලට අමතරව නොතිබුනානම් නොතිබුනේ නයෙක් , පොළඟක් විතරයි.. හදිසියකටවත් මේ වාහනේ බාපොච්චිගෙන් ඇරුනාම වෙන කෙනෙක් එලෙව්වනම් ඒ මමම විතරයි..
මෙන්න තොරණේ එළියේ විස්තරේ..
මගේ බාප්පොච්චිත් මම වගේම ඔටෝමොබයිල් ගැන දන්නා කෙනෙක්.. ඒ හින්ද වාහනයක් හදන්න ගරාජ් එකකට ගියානම් ඒ බොහොම කලාතුරකින් තමයි.. මේ කියන වාහනේ රෝද හතරේ තිබ්බ වීල් කප් හතරම ගැටගහල තිබ්බෙ කම්බි වලින්..ඊට අමතරව ඉස්සරහ ෂෙල් එකත් කම්බි නැත්තම් බිම.. හැබැයි බොඩිය එක සීරීමක් වත් මලාට හොයන්න නැහැ... උපන්තේකට බියර් උගුරක්වත් කටේ නිතියපු මගේ බාප්පොච්චි කවදාවත් වාහනේ මුල්ලක්වත් මම දැනුවත්ව හප්පගෙන නැති නිසාත් දුවන්නේ කොළඹ අවට නිසාත් වාහනේ දිරුම්, සීරුම් මුකුත්ම නැහැ.. ඒ වගේම හෝදන්නෙත් බොහොම අඩුවෙන් නිසා පේන්ට් එක පොට්ට්ම පොට්ට පාටයි... ආයේ මුණ බලන්න පොලිෂ් කරන්නනම් සුමානයක් නිවාඩු දාල අතුල්ලන්න්න වෙන තරම් පේන්ට් එක පොට්ටයි කිව්වොත් තමයි හරි...හැබැයි වෙලාවට එන්ජිමේ ඔයිල් ටික මාරු කරල තමයි වාහනේ පාවිච්චිය...ටයර් උනත් වෙලාවට මාරුකිරීම හරියටම කරත් , හිටපු ගමන් රේඩියේටර් රාජයා පුරවල මූඩිය එහෙම බැටරිය උඩ තියාගෙන යන වෙලාවලුත් නැතුවම නෙවෙයි උනාට බාප්පොච්චිගේත් වෙලාව හොඳ නිසා හීට් කට්ට කෙලින් වෙද්දි එන්ජිමට කෙළවෙන්න කලින් වාහනේ නවත්තල බලල මූඩිය හයිකරගෙන හැමදාමත් එන්ජිම බේරගන්නව ... මේ වාහනයේ අයිතිකාරයා ගැන තවත් විශේෂණ කියනවනම් කටර් අඬු කෑල්ලකුයි කම්බි පොටවල් දෙක තුනකුයි තියෙනවනම් මගේ බාප්පොච්චි ඕනෑම රෙපයාර් එකක් කරගන්න හරිම දක්ෂයි...
තීරුබදු රහිත රජයේ වාහන බලපත්‍රය හිමි උනත් තමුන්ගේ අරමුණට යනකම් පාවිච්චි කරන්න වෙන්නේ වීල් බැරෝ එකක්ද , ඒකෙන් මගේ බාප්පොච්චි තමුන්ගේ අරමුණට යන පුද්ගලයෙක්... එවකට යොවුන් වයසේ හිටපු බාප්පොච්චිගේ පුතුන් දෙදෙනා අලුත් වාහනයක් ගන්න විවිද ආකාරයේ නැටුම් නටුවද බාපොච්චිගේ උත්තරය වෙන්නේ " බොලාට කැමතිනම් මේකේ යන්න වරෙල්ල බැරිනම් නෑවිත් හිටපල්ලා,, නැත්තම් බස් එකේ පලයල්ලා .." යන ආදී සුපිරි වදන් හින්ද කොල්ලෝ දෙන්නත් නාහෙන් අඬ අඬ ඒකෙම ගියා මිසක් බාපොච්චිගේ වචනෙට ඉහලින් යන්න උන්ට හැකියාවක් තිබ්බේ නැහැ...
ඔන්න එහෙනම් මට කටුව දීපු වාහනේ බලාකියා ගනිල්ලා..
මේක නියම පින්තුරේ නෙවෙයි උනාට මේ පාටම 32- අංකයක් එක්ක ISUZU Gemini JT 600 භාණ්ඩයක් තමයි වාහනේ.. ගියර් 5ම මාරු කරත් ස්කුබි ඩූ එකේ ඉන්න තාර භූතයා එන්න වගේ දුම් වලාවක් ජෙමිනිය පස්සේ එන්නේ හෙවනැල්ල වගේ.. මම දන්නා තරමින් බාප්පොච්චි ඒ කාලේ ඕක ගත්තේ ලක්ස හතරකට.. ගනිද්දී ටොයිය වගේ තිබ්බ AC එහෙමත් හොඳට වැඩ උනාට බාපොච්චිගේ පාවිච්චියේ හොඳ කමට AC එහෙම පසුකාලීනව වැඩ කරෙත් නැහැ ..
ඔන්න මේ කියන දවසේ බාප්පාගේ ගෙදර දානයක් ... මේ වෙද්දී බාප්පාගේ ඉඩමක් තිබ්බ මතුගම ... සතියකට දෙකකට වතාවක් මොරටුවේ ඉඳන් මතුගම යනවට අමතරව මේ වාහනෙන් දවසට කිලෝමීටර විස්සක් දිව්වෙත් නැති තරම්.. ඔන්න මේ කියන දානෙට බාප්පොච්චිගේ මතුගම ඉඩමෙ පදිංචි වෙලා ඉන්න කව්දෝ යෝදයෙක් එක්කන් ඇවිත් දානෙට උදව්වට.. මේ කියන මනුස්සයට තනියම යන්න දන්නේ නැති වගේ මොකක්දෝ අහේතුවකට මට නියම වෙච්චි මේ යෝදයව මතුගමට ගෙනිහින් බස්සන්න...මේ කියන මනුස්සය තනියම යන්න දැනගෙන හිටියත් ,ඌ ගොනා කරලා පෙන්නල බාපොච්චිගේ තියන මනුස්සකමට තමා හාමිනේටත් බොරු කියල මේ යොදයව මතුගමට දම්මන්න වාහනේ තකහනියක් යවන්නෙ
ඔන්න දැන් පොලත් පිටත් උනා ජෙමිනියෙන් මතුගම යන්න.. මතුගම කිව්වට මතුගමත් නෙවෙයි.. මතුගම ඉඳනුත් සුරුට්ටු මිටියක විතර දුර පසුකරමින් රබර් වතු.. ඕවිටි.. බඩවැටි.. කඳුවැටි .. කාර් එකේ සයිලන්සර් එක ගල් උඩ අතිල්ලෙද්දී මිනිහෙක් තියා සතෙක් සීපාවෙක්වත් පෙන්න නැති රබර් වතු මැදින් යන්න ඕන ත්‍රාසජනක ගමනක් ඒක .. ඔන්න දෙයියනේ කියල මොරටුවෙන් හවස දෙක වෙද්දී පිටත් වෙච්චි ජෙමිනිය මේ කියන බාප්පොච්චිගේ ඉඩමට සැපත් උනා 3.30 ට වගේ... ඔන්න දානෙට ආපු යෝදයවත් බස්සල පොලා ජෙමිනිය හරෝගත්ත කළුවර වැටෙන්නට කලින් මොරටුවට සැපත් වෙන්න කියල හිතාගෙන..
ඔන්න දෙයියනේ කියල ජෙමිනිය ඉස්සරකරගත්තු කළු දුම් වලාව මාරු කරේ ගියර් දෙකයි.. මේන් ඩක ඩක ගාල සද්දයක් ඇහෙන්න ගතපි.. පොලා වහාම ජෙමිනිය නවත්තල ජෙමිනිය වටේ රවුමක් සක්මන් කරද්දී තමයි දැක්කේ ඉස්සරහ වම පැත්තෙ රෝදේ හුලන් මටත් නොකියම අවසන් ගමන් ගොහින් කියල ... දානේ ගෙදර අයිස්ක්‍රීම්.. ෆ්රුට් සැලඩ්... වටලප්පන්.. කිරිපැණි මතක් වෙලා කට දෙකොනෙන් කෙල බෙරෙද්දී පොලා හිත සවුත්තු කරගෙන ජෙමිනියේ ඩිකි රාජයා ඇරගෙන ඔන්න පරිප්පු නැව බාන්න කියල සෙට් උනා... ඩිකියේ තිබ්බ ලට්ට ලොට්ට සේරෝම එහෙමෙහෙ කරලා යන්තම් ස්පෙයාර් වීල් එක එලියට ඇදල ගත්තේ නේක කම්කටොලු මැද්දෙ ... ඒ කාලේ ඉතින් ජංගම දුරකථන තිබ්බ උනාට පොලාට එහෙම එකක් තිබ්බේ නැතුවා ...තිබ්බත් ඒ මුකලාන මැද්දට සිග්නල් අල්ලන්න ඒ කාලෙනම් රබර් ගහක මුදුනේ දල්ලටම නගින්න වෙනවා සිකුරුම සිකුරුයි..
ඔන්න දෙයියනේ කියල ජෙමිනියේ තිබ්බ ජැක් රාජයා, ජැකා උස්සන්න උස් පහත් කරන යකඩ පොල්ල සහ රෝද ගලවන අහවල් එකත් හොයාගෙන ඔන්න දැන් රෝදෙ මාරු කරන්නයි ලැහැස්තිය... නියම ක්‍රමවේදය අනුව පළමුවම වීල් කප් එකේ බකට් කම්බි පොටවල් ලිහල පරෙස්සමට වීල් කප් එක පැත්තකින් තියල රෝදෙ ඇන 4 ත් වට භාගයක් බුරුල් කරා කියමුකෝ.. ඊළඟට තියෙන්නේ ජැකා නියම තැනින් ස්ථානගත කරලා පම්ප් එකට යකඩ පොල්ල දාල උස් පහත් කරල ජෙමිනිය උස්සගන්න එකයි... ඔන්න දැන් පොලා ජැකා පම්ප් කරනවා කරනවා ඊට සාපේක්ෂව ජෙමිනිය ඉස්සෙනවා එත් මොකක් නමුත් අමුත්තක් නිසා ටිකක් ලංවෙලා බලාගෙන ජැකා ගහන්න පටන් ගතපි.. වෙන්න යන දේ දැක්කාම තමයි තේරුනේ පොලා මලා කියල.. ජැකා ගහද්දි ඉස්සෙන්න හැදුවත් හයිඩ්‍රෝලික් ජැකාගේ මොකක්දෝ දෝෂයක් හේතුවෙන් ජැකා නෙවෙයි ජෙමිනිය උස්සන්නේ... ඉස්සෙන්න හදනවා තිබ්බ තැනටම ලගිනවා.. රෝදෙ එක අඟල් කාලක් වත් පොළොවෙන් ඉස්සෙන්න තියා පොළොවෙන් දශමයක් වත් හෙලවෙනවා බොරු...
ඔන්න දැන් පොලා පාලු මුකලානක් මැද්දෙ රෝදෙක හුලන් ගිය ජෙමිනිය වටේ කැරකෙන ගමන් දහ අතේ කල්පනා කරන්නෙ දැන් මොකද හත් දෙයියනේ කරන්නේ කියල... ටයර් එකක් අලුතෙන් දාල දෙන්න හරි හුලන් නැතුව එන්න හිතුවත් ඒක කීයටවත් සාර්ථක වෙන දෙයක් නෙවෙයි කියල පොලාගේ මොලේට වැටහෙන්නේ හුලන් තිබිල එද්දිත් යට වදින ගල් තඩි මතක් වෙද්දී.. හුලන් නැතුව ආවොත් ටයර් එකක් විතරක් නෙවෙයි හිල් වෙන සම්ප් එකත්අලුතෙන් දාල කළුදුම් දාන එන්ජින් යන්තරෙත් අලුතෙන් තියන්න වෙන්න වැඩේ සිද්ද වෙන එක බුදුම බුදු සුවර් නිසා.. නැවත මොරටුව බලා යන්න වෙන්නේනම් ස්පෙයාර් වීල් එක දාගෙනම තමයි... මලාට මනුස්ස පුළුටක් නැති පළාත නිසා උදව්වටවත් කෙනෙක් නොමැත.. දුරකථන ඇමතුමක් දීමටත් කකුල් කෙටි දෙක දණහිස ගාවට ගෙවෙනකම් පයින් යන්න වෙන දුරක්.. තියෙන්නේ එකම එක විසඳුමයි... ජෙමිනිය කරේ තියාගෙන හරි රෝදෙ මාරු කරගන්නට වෙනවාමයි...
ඔන්න පොලා හතර අතේ කල්පනාව දැන් කොහොමද මේ ලිඳෙන් ගොඩවෙන්නේ කියලයි... එත් මොනම විදිහකටවත් අදහසක් එන්නෙම නැහැ... බස්සන්න ආපු වයසක මනුස්සය කතාකරගෙන එන්න වැඩි දුරක් නැති උනත් උන්දැට සහ මට ජෙමිනිය උස්සනවා කියන එක දවල් හීනයක්... ඔන්න ඔහොම හිත හිත ජෙමිනිය වටේ රවුම් පනහක් හැටක් යද්දී තමයි පොලාට අදහසක් ඔලුවට එන්නේ...
ඔන්න දැන් පොලා ගේමට බහින්නයි සුජානම ... මිෂන් එක සක්සස් වෙන්නනම් උවමනා කරනවා ගල්මුල්, දර කොට, ලී කොට වගේ ජෙමිනිය උස්සගන්න ඕන තරමට තියන්න තරම් උස වගේ දෙගුණයක්.... ඔන්න දැන් පොල් මාමි රබර් වතු දිගේ දර කොට ජෙමිනිය ගාවට ඇදගෙන එනවලු,, ගල් ගෙඩි තල්ලු කරන එනවලු... ඔන්න කොහොමින් කොහොමින් හරි අවශ්‍ය පමණට අමු ද්‍රව්‍ය හොයාගත්ත විනාඩි පහළොවක්, විස්සක් අහල පහල වතුවල ඇවිදලා...
දැන් මෙන්න මෙහෙමයි වැඩේ සිද්ද වෙන්නේ... හොඳට මතක තියාගන්න ඕන වැදගත්ම කාරණය තමයි මේ ක්‍රමවේදය පාවිච්චි කරන්නට කලින් රෝද ඇන බුරුල් කරන්නට ඕන.. ඒ සමගම ගලවන රෝදය හැරුනාම ඉතුරු රෝද 3 ට තියන්න හොඳ අඩ 3ක් හොයාගන්න ඕන.. වැඩේ වැරදුනොත් ජැක් එකක් හොයන ඇවිල්ලත් වාහනේ උස්සගන්න ගේමක් දෙන්න වෙනවා...
පොලා ඉස්සෙල්ලම කරේ හුලන් ගියපු රෝදයට ඉස්සරහින්.. ඒ කියන්නේ කාර් එකේ ඉස්සරහින් වාහනේ උස්සගන්න ඕන තරමේ උස දර කොටයක් රෝදය හරහට තියන එකයි... ඒ තියන දර කොටය හෝ ලීයක් ගෝ ගලක් හෝ ඕනෑම වස්තුවක් වාහනය ඒ මත තියෙද්දීම මොකකින් හරි තඩිබාල රෝදයෙන් ඉවතට පන්නන්න පුළුවන් යමක් විය යුතුයි.. එහෙම දෙයක් තිබ්බයින් පස්සේ කරේ පරෙස්සමට ජෙමිනිය ස්ටාර්ට් කරලා කොටේ උඩට නග්ගන එකයි.. නැග්ගුවාම මෙන්න මේ විදිහට තමයි වාහනේ තියෙන්නේ.. මේ පින්තුරේ තියන කහ පාට jack support එක දැනට නොසලකා හරින්න.. මේ රෝදේ හුලන් නැහැ කියල හිතන්නකෝ.. එහෙමයි මේ සීන් එක උනාම ඉතින්..
ඊළඟට ජෙමිනියට කරේ මෙන්න මේ වෙදකම.. ඉතුරු රෝද තුනට දෙපැත්තටම අඩ තියල.. හෑන්ඩ් බ්රේක් ඇදල .. ගියර් එක 1st එකට දාල... ජෙමිනිය සුරක්ෂිතයි කියල තහවුරු කරගෙන ඉවරවෙලා ඔය පින්තූරේ තියන කහ පාට jack support එක තියන තැනට හොඳට හිරවෙන්න තවත් සොයාගෙන ආපු දර කොට, ලී කොට එකතු කරලා ජැක් එකක් විදිහට උස්සගෙන ඉන්න පුළුවන් වෙන්න යමක් හිරකරන එකයි... දැන් සේරෝම හරි.. දැන් තියෙන්නේ අමාරුම වැඩේ... දැන් තියෙන්නේ හුලන් ගියපු රෝදෙ යට තියන කොටය තවත් කොට කෑල්ලකින් හරි ගලකින් තඩිබාලා හරි අයින් කරන එකයි... ඔන්න පොලා ගල් ගෙඩියකින් තඩි බාල යට තිබ්බ කොටේ අයින් කරනකොටම ඒකට සපෝර්ට් එකට ජැක් මවුන්ට් එකට හිර කරපු කොට වලට බර ඇවිත් හුලන් ගිය රෝදේ නිදහසේ කරකැවෙනවා කියපි.. සැලසුම සාර්ථකයි... කුරුල්ලා කුඩුවේ... දැන් තියෙන්නේ කුරුල්ලා අල්ලල මගේ කුඩුවට දාගන්න එකයි.. මේක තමයි භයානකම කෑල්ල... හුලන් ගිය රෝදෙ ගලවල ස්පෙයාර් වීල් එක දාගන්න එක වාහනේ හොලවන්නේ නැතුව කරගත්තේ නැති උනොත් දර කොට පෙරලගෙන ජෙමිනිය බිමට දොයියපතන් වෙන්න තප්පරයයි යන්නේ... ඔන්න පොලා අඩුම තරමේ හුස්මවත් ගන්නේ නැතුව නට් 4 ගලෝල හෙමින් සීරුවට රෝදෙ ගලෝල ස්පෙයාර් වීල් එක දාගති... සන්තෝසේ කියා නිම කරන්න බැරි තරම්... අලුත් රෝදෙ දාල ඇන 4 අතේ ගානට තද කරගත්තයින් පස්සේ ඉතින් ගෙදර ගියා වගේ තමයි...ඊටපසුව කරේ නැවතත් කලින් රෝදෙ උඩ නග්ගපු ලී කොටය හැකි තරම් අයෙමත් අලුත් රෝදයට අස්සට යන්න හිර කරන එකයි.. ඊළඟ පියවර සියලු අඩ අයින් කරල ජෙමිනිය ස්ටාර්ට් කරල වාහනේ ගියර් එකට දාල පරෙස්සමෙන් ඉස්සරහට ගැනීමයි.. දෙයියනේ කියල ජෙමිනිය ආයෙමත් ලී කොටේ උඩට නග්ගල පරෙස්සමට බිමට බස්සල අලුත් රෝදෙ ඇන 4 හොඳට තද කාරයින් පස්සේ තමයි ඔන්න පොලාගේ ඇඟේ ලේ ගමනාගමනය යහපත් උනේ..
ඔන්න දෙයියනේ කියල පාරට ගෙනල්ල ගොඩගහපු ලී කොට, දර කොට, ගල් ගෙඩි සියල්ලම අයිනට කරලා පොලා මොරටු එන්න පිටත් උනේ හතුරෙකුටවත් මෙවැනි විපත් නොමවෙවා කියල හිතාගෙනමයි ...
ආදරණීය බාප්පොච්චි ඒ ජෙමිනියෙන් ලොරි දෙක තුනක වැඩ අරගෙන ලක්ස එකයි විසිපහට වගේ වික්ක කියල මතකයි...හැබැයි ගත්තු එකාට කරන්න තිබ්බේ එන්ජිම හදල ඉන්ටිරියර් සුද්ද කරලා ලක්ස තුනහමාරකට කිරි කිරියට විකුණගන්න එක විතරයි... බාප්පොච්චි මේ වෙද්දී බ්‍රෑන්ඩ් නිව් ඩබල් කැබ් එකක් පැදලා එකත් විකුණලා දෙමුහුන් කාර් එකක් තියාගෙන විශ්‍රාම සුවයෙන් පසුවෙනව දෙයියනේ කියල... කොයිතරම් මිල මුදල් තිබ්බත් අරමුණට එනකම් බාප්පොච්චි පැද්දෙම පට්ටගහන්න පුළුවන් වාහන විතරයි... පොලා අද ඉන්න තැනට එන්නත් බාප්පොච්චි දක්වපු සක්‍රීය දායකත්වය ගැන කියන්න ලියන්න වචන නැහැ... පොලාට වාහන නැති කාලේ කඩන්න, බිඳින්න, ඩීසල් ඉවර වෙනකම් දුවන්න පොලාගේ අප්පොච්චිගෙන් කුණු බැනුම් අහගෙන වාහන දීපු ඒ ආදරණීය මනුස්සය පොලා වෙනුවෙන් කරලා තියන දේවල් මතක් වෙද්දී රෝද හතරම හුලන් ගිහින් කරේ තියන් ජෙමිනිය අරන් ආවත් ඒ ණය නම් ගෙවන්න පුළුවන් වෙන එකක් නැහැ..
හොඳට මතක තියාගනිල්ලා කොල්ලනේ මේ විදිහට රොද මාරු කරද්දී කොට උඩ තියාගෙන පරණ රෝදෙ අයින් කරලා අලුත් රෝදෙ දාන එක බොහොම පරෙස්සමට කරන්න ඕන වාහනේ හොලවන්නේ නැතුව... වාහනේ හෙලවිලා පරණ රෝදෙත් නැතුව කොටේ උඩින් පැනල බිමට පතබෑවුනොත් ඉතින් අඬන්න තමයි වෙන්නේ...
පොලා ඩීසල් ඉවර වෙන්නම දුවපු බාප්පොච්චිගේ වාහන වලටත් ඒ ආදරණීය මනුස්සයටත් මේ පොස්ටුව උපහාරයක් වේවා...

***** කරුණාවෙන් මේ ටිකත් කියවපල්ලා.... වාහන හින්ද කාපු කටු 1 නූල වගේම මේ නුලෙත් විනය පවත්වාගෙන , off topic යවන්නේ නැතුව දිගටම කරගෙන යන්න උත්සහ කරමු..

වාහන හින්ද කාපු කටු ...2 ආරම්භ කිරීම සඳහා කාලය එළඹ ඇති බවට ඇඩ්මින් මහතා විසින් PM පතක් එවන ලද නිසාවෙන් වාහන හින්ද කාපු කටු ...2 නූල මෙසේ ආරම්භ කරන බව සියලුම එළකිරි වාසීන්ට මෙසේ සාඩම්බරයෙන් දන්වා සිටිමි.. එසේම වාහන හින්ද කාපු කටු ... නූලට මේ මොහොත වනවිට වීව්ස් 298,791 ක්ද රිප්ලයිස් 10310 ක්ද ලබාදුන් එළකිරි ජනතාව වෙත කටු නූල වටා එකාමෙන් රොද බැඳී සැමගේ ස්තුතිය මෙසේ පුද කරන අතර කටු නූල වෙනුවෙන් තමුන්ගේ වටිනා කාලය වැය කරමින් බුද්ධිමය දේපල අකුරු කල සියලු සාමාජිකයින් හට හදපිරි ප්‍රණාමය පුද කරමි...

Last edited:

ගෙදර ඇවිල්ලා නිදි මරාගෙන හරි ඔෆිස් එකේ හොරෙන් හරි මේක කියවනවමයි.
)