පිරමිඩාකාර ව්‍යාපාර සහ රටේ ආර්ථිකය

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    පිරමිඩාකාර ව්‍යාපාර සහ රටේ ආර්ථිකය

    මේ ලිපිය ලියන්න හිතුනෙ අපේ පිරමිඩාකාර ව්‍යාපාර තකරන මල්ලිල අයියල අක්කල නංගිල ටික කොහොම හරි සර්ව සාධාරිනීය කරනවනෙ මොනව හරි කියල මේ ව්‍යාපාර සුපිරි කියල... මම පොඩි කාරණාවක් එලියට අරගෙන ඒක ගැන ටිකක් වැඩි වශයෙන් කරුණු ටිකක් පැහැදිලි කරොත් හොඳයි කියල හිතුන. :baffled:

    පැමිණිල්ලක් යොමු වෙනව මෙන්න මෙහෙම.
    "රටේ සල්ලි පිටරට යනව වැඩි වශයෙන්..."

    ඒකට මේ කට්ටිය දෙන උත්තරේ තමයි මෙන්න මේක..
    "අපි විකුණන්නෙ Laptop, TV, Washing Machine, Iron වගේ දේවල්.. ඒව විකුණන්නෙත් වෙලඳපොලේ මිලටමයි.. ඉතින් අබාන්ස්, සිංගර්, සොෆ්ට් ලොජික් වගේ කට්ටිය කරන දේම අපි කරාම මොකද?"


    ඔන්න ඔය ප්‍රශ්නෙ නේද අහන්නෙ ඔයාලගෙ පිරමීඩ් ගහන යාළුවො? එතකොට අපේ ලොරි ටෝක් දෙන අයියලාටත් දෙන්න උත්තර නැති වෙනව.. මම මේ ලිපියෙන් කියන්න හදන්නෙ අන්න ඒ ‍පොයින්ට් එකට උත්තර දෙන්න ඕන කොහොමද කියල කියන්නයි... :dull:

    රටක ආර්ථිකය සමබරව පවතින්න බලපාන එක කරුණක් වෙන්නෙ රටෙන් එලියට යන මුදල් ප්‍රමාණය වගේම ප්‍රමාණයක් මේ රටට ඇදිල එන්නත් ඕන..

    රටෙන් මුදල් පිටවෙන ක්‍රම.
    මිලදී ගැනීම් (වාහන වල සිට සෑම Electronic භාණ්ඩයක්ම, බොරතෙල්, සුවඳ විලවුන්, සමහර රෙදි)
    මේ රටේ ඉඳල පිටරට ගිහින් වියදම් කරල එද්දි හොඳ ගානක් ඉවරයි

    රටට මුදල් ලැබෙන ක්‍රම.
    තේ පොල් රබර් විකුණා ලැබෙන මුදල්
    විදේශ වල වැඩ කරන කට්ටියගෙන් මෙරටට එවද්දි ලැබෙන මුදල්
    මේ රටේ වෙනත් අපනයන භාණ්ඩ වලින්.
    අපේ රටේ Fiverr Forex වගේ දේවල් වලින් කොහොම හරි මේ රටට මසකට ආදායම් උපයන කට්ටියගෙන් (මෙය ඉතා හොඳ දෙයක්)
    මේ රටේ ඉඳන් විදේශ රටවල් වල Project කරල ලැබෙන වැටුප්

    වගේ දේවල් වලින් තමයි මේ රටට මුදල් ලැබෙන්නෙ...

    දැනට ලංකාවෙ මේ දෙකේ වෙනස ගත්තොත් දැනට
    රටින් පිට වන මුදල් ප්‍රමාණය > රටට ලැබෙන මුදල් ප්‍රමාණය

    නමුත් මේක මොන විදියකින් හරි ලොකු වෙනසකින් නැතුව පවත්වාගෙන යනව අපේ රටේ ලොකු ආයෝජන මණ්ඩල ව්‍යාපෘති වගේ දේවල් වලින්... Mars Holdings වගේ ලොකු Factory වලින්, Maliban සමාගම් වගේ සමාගම් වලින් දැවැන්ත විදියට පිටරටට යවනව භාණ්ඩ. මේවයින් රටේ ආර්ථිකයල ලැබෙන මෙහෙවර කියල නිම කරන්න බෑ. ඉතින් අපේ රටේ ආර්ථිකය කොහොම හරි සංතුලණය වෙනව.

    Abanse, Singer, Softlogic වගේ සමාගම් වලින් කරන්නෙ පිටරට නිශ්පාදන ‍තොග මිලට අරන් ඇවිත් මේ රටේ මිනිසුන්ගෙ අවශ්‍යතාවයට ගැලපෙන දේවල් විකුණන්න දාල තියෙනව.. කෙනෙකුට Washing machine එකක් අත්‍යාවශ්‍ය නම් Singer or Abanse වගේ දෙකෙන් එකකට වගේ ගිහින් හොඳ තත්වෙ තියෙන එකක් තමන්ගෙ අවශ්‍යතායවට ගැලපෙන සයිස් එකේ එකක් සහ අදාල පහසුමක් (Electronic or Manual) වගේ ඒව තමන්ගෙ අතේ ඇති මුදලට ගන්නව. මේකයි සාමාන්‍ය ක්‍රියාවලිය. ඉතින් සල්ලි නැති කෙනා මාල වලලු උගස් කරල ගෙවල් උගස් කරල Washing machine ගන්නව දැකල තියෙනවද? නෑ නේද? ඒ වගේම Abanse එකෙන් ගෙවල් ගානෙ ගිහින් මාලෙ උගස් කරල හරි මේ Washing machine එක ගන්න කියල මොල සෝදනව දැකල තියෙනවද? නෑ නේද? අන්න එක පොයින්ට් එකක්... ඉතින් මේ Abanse, Singer වගේ විකුණුම් ආයතන නිසා මිනිසුන්ගෙ අවශ්‍යතාවයට එක රටාවකට මේ දේවල් අලෙවි වෙනව වගේම රට සල්ලි පිටරට යනව. ඒ වගේම මේ පිටරට යන සීග්‍රතාවයට සමානුපාතිකම හෙමින් හෙමින් රටින් සල්ලි මෙහෙට ඇවිත් ඒ අඩුව පුරවනව. මේ විදියට මේක එක රටාවකට තුලනය වෙලා ආර්ථිකය ලොකු පසුබැම්සකට යන්න නොදී ඒ දේ Naturally සිද්ධ වෙනව.. ඉතින් මේ Abanse, Singer වගේ ආයතන හින්ද ආර්ථිකයට බලපෑමක් එල්ල වෙන්නෙ නැති තරම්...

    දැන් බලමු පිරමිඩාකාර ව්‍යාපාර වලින් මේ දේවල් කරන්නෙ කොහොමද කියල.. මම නම් වශයෙන්ම කියන්නම්. Best Life, Mark-wo, Global Life. මේ ආයතන 3 දැවැන්ත විදියට පිරමිඩාකාර ව්‍යාපාර වල නියැලී ඉන්නව.

    මම මුලින් කිව්ව වගේ මේ ආයතන වල ඇත්තටම වෙලඳපොලේ විකුණන ගානටම තමයි Laptop, TV, Washing machines වගේ Electronic උපාංග විකුණන්න තියෙන්නෙ. ඒක බොරු නෙමෙයි. ඕන නම් රුපියල් 2000 ක් විතර ගණන් වැඩි වෙයි. ඒක නොසලකා හරින්න පුළුවන්. ඉතින් කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි වගේ තමයි පේන්නෙ මේ රටේ මිනිස්සුන්ට. මම කියන්නම් ඒක ප්‍රශ්ණයක් වෙන්නෙ කොහොමද කියල.

    ඔය ව්‍යාපාර කරන මිනිස්සු Abanse, Singer වගේ Showrooms දාගෙන කැමති කට්ටියට ඇවිත් අරන් බලල තෝරල අරන් යන්න අවස්ථාව දීල නම් තියෙන්නෙ අන්න කිසි අවුලක් නෑ රටේ අාර්ථිකය සමබරව තියෙයි. මොකද අවශ්‍යතාවය සියෙන මනුස්සයෙක් විතරයි ඇවිත් අරන් යන්නෙ. කුඹුරු කොටන ගොවි මහත්තයෙක්ට ඇත්තටම ලැප්ටොප් එකක් අවශ්‍ය වෙන්නෙ නෑ. සමහර විට අතේ සල්ලි නෑ Washing Machine එකකට වියදම් කරන්න... ලොකු පුටු සෙටි ගන්න වත්කමක් නෑ. LED TV ගන්න වත්කමක් නෑ. ඉතින් ඒ ගොවි මහත්තය කවදාවත් ඇවිත් මේ 80,000ක් 100,000 කට ආසන්න Electronic භාණ්ඩයක් Showroom එකකට ඇවිත් අරන් යයිද? කෙනෙක් ඉන්න පුළුවන් කලාතුරකින්. ඒත් 99%ක් දෙනෙකුට ඒ හැකියාව නෑ.

    ඉතින් පිරමිඩාකාර ව්‍යාපාරයක නියැලෙන කෙනෙක් මේ ගොවි මහත්තයට දෙනව ලස්සන හීන ටිකක්. මහන්සි වෙලා වැඩ කරොත් ලොකු හීනෙකට යන්න පුළුවන් කියල පෙන්නල දෙනව. කවුද අකමැති කාර් එකක යන්න? කවුර අකමැති තට්ටු 2ට ගෙයක් හදන්න.. කාලෙකින් කතා කරල නැති පරණ යාළුවෙකුට හිටි හැටියෙම හිත උනු වෙලා මේ ගොමි මහත්තය ගැන. කොහොම හරි හදන්නෙ මේ ගොවි මහත්තයව ගොඩ දාල සල්ලි කාරයෙක් කරන්න.. අනේ ඉතින් මේ ගොවි මහත්තය තමන්ගෙ ගෑණිගෙ කනේ තියෙන රත්තරන් කරාබු 2 උගස් කරනව :no: ඒ සල්ලි වලින් ගන්නව Laptop එකක්. අරන් දැන් මේ ගොවි මහත්තය බරටම වැඩ. තව පිරමිඩ කාරයෙක් උනා. අර වගේ උතුම් රැකියාවක් / ව්‍යාපාරයක් කර කර හිටපු ගොවි මහත්තය දැන් කරන්නෙ ටයි එකක් දාගෙන Presentation එක්කන් යන එක එයාගෙ යාළුවොන්ව...

    ඔන්න ඔය විදියට අවශ්‍යතාවයට නොගැලපෙන අයුරින් දැවැන්ත විදියට Electronic භාණ්ඩ අලෙවි වීමක් සිද්ධ වෙන්නෙ.. ඉතින් මේ භාණ්ඩ ගන්න පුද්ගලයින්ගෙන් 80%ක් දෙනා ගන්නෙ අවශ්‍යතාවයට දෙමෙයි.. ගොඩ යන්න.. :baffled:

    ඉතින් මේ විදියට විශාල අලෙවියක් සිද්ධ වෙන්නෙ කොහොමද. තමන්ගෙ Fixed Deposit වල දාල තිබ්බ සල්ලි එලියට අරන්. නැත්නම් ලෝන් එකක් ගහල. නැත්නම් ණයක් අරන්. නැත්නම් පොලියට අරන්. ගෑණිගෙ මාල වලලු කරාබු උගස් කරල.. මේ විදියට විශාල විදිය‍ට මේක ජාවාරමක් විදියට ගෙනියනව. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි නේද මේ? සමහර විට ළමයගෙ පංති ගාස්තුව දෙන්න තිබුන රුපියල් 1000 ට එයාගෙ තාත්ත Product Training යනව වෙන්න පුළුවන්.. සහ ගහනව නේද?

    ඉතින් මේ විදියට කරගෙන යද්දි ඔයාලට තේරෙනව නේද රටින් පිටට යන ප්‍රමාණය ඉතා සීඝ්‍රතාවයකින් ඉහල යන විදිය. ඔන්න ඔය හේතුව හින්දයි මේ රටේ සල්ලි පිටට යනව කියල කියන්නෙ... :nerd: ඇත්තටම ඒකට කියන්න ඕන රටේ සල්ලි පිටට යන සීඝ්‍රතායව වැඩි වෙනව කියල... ආර්ථිකයේ අසංතුලිතතාවයට මේක බලපාන්නෙ මෙන්න මේ විදිය. ඊලඟ ලිපිය දාන්නම් පිරමිඩාකාර ව්‍යාපාර සහ මොල සේදීම කියල ආටිකල් එකක් දවස් දෙක තුනකින්...
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,277
    4,408
    113
    ඇයි එන්නද
    ade patta ban

    Mars Holdings වගේ ලොකු Factory වලින්, Maliban සමාගම් වගේ සමාගම් වලින් දැවැන්ත විදියට පිටරටට යවනව භාණ්ඩ. මේවයින් රටේ ආර්ථිකයල ලැබෙන මෙහෙවර කියල නිම කරන්න බෑ. ඉතින් අපේ රටේ ආර්ථිකය කොහොම හරි සංතුලණය වෙනව.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කිරට ඉව්වත්, තෙලට බැද්දත්, මිරිසට ඉව්වත් බොම්බිලි කරවල ගදම ගදයි.. ඒ වගේ, මොන ක්‍රමේට අවත් ඔක බොරුව, බොරුවමයි..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    11.gif