ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

වන්දනීය පූජනීය මහා සංඝරත්නය දැයට තිලිණ කළ අති උතුම් දිව්‍ය ඖෂධ.

කල්පවතින සියළු සෙම් රෝග සඳහා.

මෙම උතුම් දිව්‍යමය ඖෂධ සංයෝගය දැයට ඉතා කරුණාවෙන් ඉදිරිපත් කළ අතුරුගිරිය ශ්‍රී ඥානවිමල භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද ගස්නාවේ ඤාණානන්ද මහා ස්ථවිරයන් වහන්සේට මාගේ වන්දනීය නමස්කාරය.

මවිසින් පෞද්ගලිකව සාදා තවත් වෙනත් භික්ෂූන් වහන්සේ නමකට සකස් කර දී ඉන් සාර්ථක ප්‍රතිඵල අත්දුටු බැවින් අන්තර්ජාලයේ/එළකිරියේ මීට පෙර පළකළ සංයෝගය නැවත ඉදිරිපත් කරමි.

කුප්පමේනියා ගහ සහමුළින්ම මුල් එක්කම කොටල අරං ඉස්ම මිලිලීටර් 30 යි
Indian-Acalypha.jpg

රතුළුණු කොටල අරං ඉස්ම මිලිලීටර් 30 යි
small-onions-757405.jpg

ඉඟුරු කොටල ඉස්ම මිලි ලීටර් 30 යි.
ginger.jpg


ඔක්කොම මිලිලීටර් 100ක් වෙන්න ඉතුරු මිලිලීටර් 10ට ලුණු, දෙහි ඉස්ම හා මීපැණි දාන්න.
Iodized+salt.jpg


download.jpg

dscf0439.jpg



ඔක්කොම මිලිලීටර් 100ක්ම වෙන්න ඕන නෑ. පොඩ්ඩක් වැඩි වුණාට අවුලක් නෑ.

මේක රෑට හදලා කෝප්පෙට දාල කඳ පිරිතෙන් හෝ දසදිසා පිරිතෙන් 21ක්වරක් පිරිත් කරලා වහල තියලා උදේට නැගිට්ට ගමන් හිස්බඩ බොන්න ඕනා එක දිගට දින 21ක්. එච්චරයි. දවල්ට රෑට බොන්න මොකුත් නෑ උදේට නැගිට්ට ගමන් හිස්බඩ බොන එක විතරයි.


මුල් පළකිරීමේදී පිරිත් කිරීම සඳහන් නොකළෙමි. නමුත් මුල් සංයෝගයේදී පිරිත් කිරීම අඩංගු වී තිබේ. පිරිත් කිරීමෙන් ඖෂධයේ ප්‍රභලත්වය වැඩි වන බව අත්දැක්කෙමි.




ආහාර ජීර්ණ පද්ධතියේ සිට අවසානය දක්වා හට ගන්නා සියළු රෝග සඳහා.

මෙම ඉතාම සරල දිව්‍යමය ඖෂධ සංයෝගයදැයට මුල් වරට දායාද කළ පූජ්‍යපාද වහරක අභයාලංකාර ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය.

පහතින් සඳහන් කරන්නේ චූන් පාන් කරුවන්ගෙන් ඉතා පහසුවෙන් මිලක් නොගෙවා ලබාගත හැකි දෙයකි.

දර පෝරණුවක පිළිස්සුනු පාන් වල ඉහල කරවූ කොටස් (කළු හා ලා දුඹුරු කොටස්, ලා පැහැ කොටස් මිශ්‍ර වූවාට ගැටළුවක් නැත) වෙන් කර කුඩු කර කබලේ තද දුඹුරු වන තෙක් බැදගන්න. එයින් කිලෝ එකක ප්‍රමාණයක් මැන ගන්න.

Sri%2BLanka_bread_seller.jpg


එම කුඩු වලට තල් සූකිරි (සිංහල බේත් කඩවල ඇත. ග්‍රෑම් 250 ක් රුපියල් 150කි) ග්‍රෑම් 250ක් ග්‍රයින්ඩරයකින් හෝ වංගෙඩියෙන් කුඩු කර මිශ්‍ර කරන්න.

6a00d834a34baf69e2017d40b4f266970c-800wi


කීර්ති සහෝදරයා http://www.elakiri.com/forum/member.php?u=322148 ගේ සිහි කැඳවීම මත - දිය තිප්පිලි යුෂ ගෙන ඉහත මිශ්‍රණයෙන් මේස හැඳි 1ක ප්‍රමාණය රැගෙන ගුලි කරගෙන අව්වේ වේලා ගන්න.
Diya%2Bthippili2.jpg

උදේ දවල් රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව මෙම කුඩු වලින් මේස හැඳි දෙකක් ආහරයට ගෙන මඳ රස්නෙන් යුත් ජලය පානය කරන්න නොඑසේ නම් දිය තිප්පිලි මිශ්‍ර ගුලි 2ක් ආහාරයට ගන්න. දින 21ක් නොකඩවා කරගෙන යන්න.

අත්දැකීම් - මෙය මුඛය තුලට ගෙන සැපීමේදී ස්නායු වල සෙරටෝනින් මට්ටම ඉහල යන ආකාරය තමන්ටම අත්දැකීමට හැකිවේ. විශේෂයෙන්ම දිවෙන් ආරම්භ වී කම්මුල් හා කන් මැදින් සුෂුම්නාව උත්තේජනය වීමක් ප්‍රත්‍යක්ෂයෙන් අත්දකින්නට හැකි වන්නේමය. දින තුනක් පමණ එකදිගට ගැනීමේදී මළ පිටවීමේ දුර්වලතා ඇත් නම් පහසු වීමක් දැනෙන්නට පටන් ගනී. ශරීරයට කිසිදු අන්දමක අතුරු ආබාධයක් ඇති නොවේ. ශරීරයට ඉතා සුව පහසුවක් අත්විඳීමට හැකි වන්නේමය.

සැමට උතුම් ලාභය හිමිවේවා.

මගේ පාන් කුඩු පෙට්ටිය. ලීටර් දෙකේ අයිස් ක්‍රීම් පෙට්ටියක්. ඉවර වේගෙන එන්නේ.

1466327342.jpg


එනිසා ආයෙ අළුතින් පාන් කුඩු හදාගන්න ඕන හිංදා බේකරියෙන් ඉවර වුණ පාන් කෑලි අරන් ඇවිත් වේලෙන්න දැම්මා.

1466327535.jpg

 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සිකරට් බිව්ව වගේ රිලැකස් වෙන්න්න පුලුවන් දෙයක් තියනවද...?
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පින් සිද්ද වේවා මචන්.

    ඕකේ අන්තිම බෙහෙත.(පාන් ලේල්ලෙන් හදන) එක මම අහල දැනගෙන තියෙන්නේ පාන් කුරු ඔය වගේම කබලේ රත් කරලා දිය තිප්පිලි කියලා පැලෑටියක යුෂ වලින් පොඩි ගුලි හදා ගන්නවා කියලා. අනික ඕක අතුරු අබාධ නැති ප්‍රබල විරේක බේතක්. ඒ වගේම විශේෂත්වය විරේකය නතර කරන්න විශේෂ බෙහෙත් අවශ්‍ය නැහැ. අපද්‍රව්‍ය ටික අයින් උනහම නිකම්ම විරේක වෙන එක නවතිනවා. සමහර විට එකම බෙහෙත සර අඩු හෝ වැඩි වෙනවා වෙන්න පුළුවන්.
     
    පින් සිද්ද වේවා මචන්.

    ඕකේ අන්තිම බෙහෙත.(පාන් ලේල්ලෙන් හදන) එක මම අහල දැනගෙන තියෙන්නේ පාන් කුරු ඔය වගේම කබලේ රත් කරලා දිය තිප්පිලි කියලා පැලෑටියක යුෂ වලින් පොඩි ගුලි හදා ගන්නවා කියලා. අනික ඕක අතුරු අබාධ නැති ප්‍රබල විරේක බේතක්. ඒ වගේම විශේෂත්වය විරේකය නතර කරන්න විශේෂ බෙහෙත් අවශ්‍ය නැහැ. අපද්‍රව්‍ය ටික අයින් උනහම නිකම්ම විරේක වෙන එක නවතිනවා. සමහර විට එකම බෙහෙත සර අඩු හෝ වැඩි වෙනවා වෙන්න පුළුවන්.
    ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේද සංයෝගයේ තියෙන අති සුපිරි භාවය. ඔව් දිය තිප්පිලි කලවම් කරනන්ත් පුළුවන්. ඒක නොදා හිටියේ කට්ටිය ඕක හොයන්න උනන්දු නොවන නිසයි.

    මම පෝස්ට් එක යාවත්කාලීන කළා ඔයාගෙ සිහි කැඳවීම මත.
     
    Last edited:
    • Like
    Reactions: animation

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,670
    19,539
    113
    ගොඩක් හොද වැඩක් ඔයා පටන් අරන් තියෙන්නෙ
    හෙල වෙදකම බැහර කරල අතුරු ආබද බහුල බටහිර ප්‍රතිකාර ගන්න පිරිස එන්න එන්නම වැඩි වීමක් ලන්කාවෙ දකින්න තියෙන්නෙ ඔයා කරන වැඩේ ගොඩක් වටිනව ජය වේවා
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20300529 said:
    ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේද සංයෝගයේ තියෙන අති සුපිරි භාවය. ඔව් දිය තිප්පිලි කලවම් කරනන්ත් පුළුවන්. ඒක නොදා හිටියේ කට්ටිය ඕක හොයන්න උනන්දු නොවන නිසයි.

    මම පෝස්ට් එක යාවත්කාලීන කළා ඔයාගෙ සිහි කැඳවීම මත.

    ඔව් එක නිසාම තමා මටත් ඔය බේත හදාගන්න එක පස්සට ගිහින් තිබ්බේ. බොහොම පින් ලේසි ක්‍රමයක් පෙනල දුන්නට මචන්.

    මම ඔය ආශ්‍රිතව මම කියවලා තියන දේවල් වල හැටියට සාමාන්යෙන් ශරිරගේ ඇති වෙන ගොඩක් නිදන්ගත ලෙඩ වලට මුලය වෙන්නේ මහා බඩවැලේ දෝෂ. මේ බෙතෙන් ඒ දේවල් ඔක්කොම පිරිසිදු වෙලා රෝග මුලයන් අයින් වෙන නිසා පසුව ඇතිවෙන රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන්න ඕනේ වෙන්නේ නැහැ. දිගටම ගන්නවා නම් නිකම්ම සුව අතට හැරෙනවා.
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    දිය තිප්පිලි කොයිවගේද? හැදෙන්නෙ කොහෙද? පින්තූරයක් දමන්න පුළුවන්ද?

     
    දිය තිප්පිලි කොයිවගේද? හැදෙන්නෙ කොහෙද? පින්තූරයක් දමන්න පුළුවන්ද?
    දැම්මා. ගොඩක් වෙලාවට දිය සීරාව අධික ඕවිටි වගේ තැන් වල තමා හැදෙන්නේ. හොයාගන්න අමාරු නෑ.
     
    Male pattern baldness walata ayurveda treatments thibeda?
    මේ නූල මුල තියෙන පාන්කුඩු හදාගෙන කාලා විරේක වුණාට පස්සෙ ඔළුවට බේත් කඩෙන් කොණ්ඩෙ එන තෙලක් දාන්න. කොණ්ඩෙ එයි.
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    TFS.

    මුලින්ම කිව්ව බෙහෙත පීනසට හොඳයිද.එහෙම නැත්නම් වෙන බෙහෙතක් තියනවා නම් කියන්න. ලොකු පිනක්.