ගිටාර් ගහන්න ඉගෙන ගමු.!(Extreme Beginners)

chathu4742

Well-known member
  • ගිටාර් ගහන්න ඉගෙන ගමු.!(Extreme Beginners) V1.0

    UPDATED 10.30 PM

    හැමෝටම ආයුබෝවන්..
    මම ගිටාර් ගහන්න ආස උන් ගැන අහපුවාම දෙතුන් දෙනෙක් දාපන් දාපන් කියපු නිසා මෙන්න මම දානවා Thread එක :D
    ගිටාර් එකක් කියන්නෙ සිරාවටම පට්ට instrument එකක්. කොල්ලෙක්ට මේ
    instrument එක සුපිරියට ගැලපෙනවා.. අනික ගහනකොට මාර ආතල් හැගීමක් එනවා. ඒක වචනෙන් විස්තර කරන්න අමාරුයි. ඒත් ඉතින් ඔක්කොටම කලින් ගිටාර් එකක් ගහන්න ඉගෙන ගන්න එපැයි නේද...ඇත්තටම කිව්වොත් හරිම පහසුයි. මම මේක ඇත්තටම ඉගෙන ගත්තෙ සතියෙන්. හරියටම දවස් 7න්...ගොඩක් උන් කියනවා ඕක සුපිරියට ගහන්න ඉගෙන ගන්න නම් පොඩි කාලෙ ඉදන් ම ඕක උඩ තියාගෙන කෑම හිටන් කන්න ඕන නැත්තන් බෑ කියලා..
    මේක පට්ටපල් බොරුවක් ..මම අදුනන එවුන් ඉන්නවා අවුරුදු 40ක් වෙලත් ගිටාර් ගැන මේලෝ දෙයක් නොදැන ඒන් ආයෙත් සුපිරියට ගහන්න ඉගෙන ගත්ත උන්...ඒ කියන්නෙ මේක ඉගෙන ගන්න වයස් සීමාවක් නෑ..
    මම ඇත්තටම ගිටාර් ඉගෙන ගත්තෙ # කාලෙ. ගොඩක් සර් ලා මට කියල තිබ්බෙ උඹට සංගීත හැකියාවක් නෑ කියල.. අනික මගේ අතේ ඇඟිල පට්ට මහතයි. ඒ නිසා guitar strings අල්ලගන්න බැරිවෙයි කියලත් හිතුනා.. මොකද Instrument play කරන උන්ගෙ ඇඟිලි නිකන් පැන්සල් කූරු වගේ නෙ...හසුරවන්න පට්ට ලෙසී එතකොට...ඒත් මේ නිසා මට හිතුනෙම මට කවදාවත් guitar එකක් අතින් වත් අල්ලන්න හම්බෙන එකක් නෑ කියල...ඒත් මට අද වෙනකොට ගිටාර් ඒකේ chater නොවී හොඳ තත්වෙන් සින්දුවක් ගහන ගමන්
    සින්දු කියන්න හැකියාව තියෙනවා.. ඇත්තටම පොඩිම කාලෙ ඉඳන් guitar උඩ නිදාගත්ත ගොඩක් එවුන් මේ ගැන පොර ටෝකන් දෙනවා විතරයි... ඒත් සංගීතෙ ගැන මළ පොතේ අකුරක් වත් නොදැන අද වෙනකොට ගිටාර් ගහන්න පුලුවන් එක ගැන මට සන්තෝසයි. මම කියන්නෙ මචන්ලා...මේක අමාරු නෑ...දවසට පැයක් වෙන් කරගෙන කැප වෙන්න පුලුවන් නම්...උඹටත් Guitarist කෙනෙක් වෙන එක මහ කජ්ජක් නෙවේ...

    ගිටාර් ඒකක් ගහනවා නම් දැනගෙන ඉන්න ඕන කරුණු කීපයක් තියෙනවා.
    1. පටන් ගන්න ගිටාර් Style එක මොකක්ද
    2. ගැලපෙන ගිටාර් එකක් තෝරගන්නෙ කොහොමද
    3. කොච්චර වෙලා Practice කරන්න පුලුවන් ද
    4. කොච්චර දරාගැනීමේ හැකියාවක් තියෙනවාද

    මෙතන අංක (1) එක බලමු.

    ගිටාර් style කීපයක් තියෙනවා..අහලත් ඇති මේවා නම්..
    *Rhythm guitar (Chords play)
    *Lead
    guitar ( Notes play)
    *Finger-style
    *Plucking
    මේ වගේ Style කීපයක් තියෙනවා. (දැන් ඉතින් # කාපු උන් මට බනින්න එපා "යකෝ එහෙම
    Style එකක් නෑ..බොරු කියන්න එපා කියල.." මමත් මේ දන්න විදිහට දාන්නෙ හොඳේ...මට බනින්න එපෝ..)
    ඉතින් ඇත්තටම මේ
    Style වලින් එකකින් පටන් ගන්න පුලුවන්. මෙතන අනිත් Style google කරල බලන්න. ඒත් මම ඇත්තටම කතා කරන්නෙ Basic ම Style එකක් වෙන Rhythm Guitar ගැන..
    දැන් කවුරුහරි ඇහුවොත් ඇයි ගිටාර් ගහන්නෙ කියල...උඹෙ උත්තරේ " ගිටාර් ගහල සින්දුවක් කියල ආතල් එකක් ගන්න..." නම් සහ...ගිටාර් ගහන්න පටන් ගන්නෙ ජීවිතේ පලවෙනි වතාවටම නම්...
    Rhythm Guitar තමයි ඔයාගෙ style එක වෙන්නේ.

    Rhythm Guitar කියන්නෙ Chords පාවිච්චි කරලා සින්දුවක් ගහන එකට තමයි. එතකොට ඔයා දැනගන්න ඕන Chords කියන්නෙ මොනවද කියල. මම කියන්නම්. Chords පාවිච්චි කරලා ඔයාට පුලුවන් ඕනම සින්දුවක් සරලව ගහන්න...Chords අල්ලන ගමන් සින්දුවක් කියන එකට තමයි Rhythm Guitar කියන්නෙ. මම අනිත් කරුණු 3 ගැනත් කියලම Rhythm Guitar කියන එකට ආයෙත් බහින්නම්..

    අංක 2 ගැන.
    මෙන්න මෙතන තම්යි කට්ටිය හිර වෙන්නෙ...Guitar එකක් ගන්නකොට හිතන්න ඕන එකම කරුණ ඒකෙ ලස්සන වත්..ඒකෙ ගාන වත් නෙවෙයි...ඔයාගෙ Purpose එක මොකක්ද කියල. ඔයා ජීවිතේ පළවෙනි වතාවට ගිටාර් එකක් අල්ලනවා නම්..මම කියන්නෙ...ඔයා ටිකක් ගනන් අඩු.. බාල එකක් තෝරගත්තාට කමක් නෑ... මොකද ගිටාර් ගහන එක එපා වෙන්න පුලුවන් මුල හරියෙදිම ගොඩක් දෙනෙක් ට...අල්ලගෙන ඉන්න පුලුවන් වෙනකන් බාල ..මිලෙන් අඩු එකක් තෝරගන්නවා නම් ඒක හුඟක් හොඳයි...තවත් ඔයාට කරන්න පුලුවන් හොඳම දෙයක් තම්යි යාලුවෙක් ඉන්නවා නම් ගිටාර් ගහන...උගේ ගාව තියෙන හොඳ පට්ට
    ගිටාර් එක දවස් 2කට වගේ ඉල්ල ගන්න එක.. ඒකෙන් පුලුවන් ඔයාට අර බාල ගිටාර් එකෙන් තමන්ගෙ ගිටාර් ජීවිතේ පටන් ගන්නෙ නැතිව...හොඳ පට්ට එකකින් පටන් ගන්න..මේකත් හුඟක් වැදගත් කාරණයක්..මොකද මට මුලින් ගිටාර් එපා උනා මන් ගාව තිබුන බාල ගිටාර් එකෙ ටකරං සද්දෙ නිසා...මම දවසක් ආයෙත් යාලුවෙක් ගෙ ගෙදර ගිහින් උගෙ ගාව තිබ්බ YAMAHA ගිටාර් එක ඇල්ලුවාම මට එලොව පොල් පෙනුනා..මට චුට්ටක් පුරුදු වෙලා හිටපු හින්දා මට ඒ ගිටාර් එකේ tone එකට පිස්සු හැදුනා...මම උගෙන් ඒක දවස් 2කට ඉල්ලගෙන ඇවිත් ආයෙත් පටන් ගත්ත මුල ඉදන් ම..මට තේරුනා ලොකු වෙනසක් එක්ක පට්ට ආසාවක් එනවා කියල ගිටාර් ගහන්න ඒ පට්ට ගිටාර් එකත් එක්ක....ඉතින් මම Recommend කරන්නෙ එහෙම දෙයක් කරන්න..මොකද එක පාරම පට්ට ගානක් දීල එහෙම එකක් ගත්තට පස්සෙ කොහොම කලත් උඹට එපා උනොත්...උඹට ඔක්කොම එකතු වෙලා නෝන්ඩිය දායි...ඒකෙන් බේරෙන්න හොඳම ක්‍රමේ මේක තමයි...

    හරි දැන් කට්ටීය දන්නවා කොහොමද හොඳ ගිටාර් එකක් තෝරගන්නෙ කියල...තමන්ට ගැලපෙන එකක් තොරගෙන ම පටන් ගන්න... තමන්ට සෙට් වෙන එක බලන්න නම් ඉතින් ගිටාර් 2ක් 3ක් පාවිච්චි කරන්න වෙනවා...ඒකයි මම කිව්වෙ පැන්න ගමන් සල්ලි වලට ගන්න යන්නෙ නැතුව යාලුවෙක් ගෙන් ඉල්ල ගන්න.. නැත්තන් තමන්ව විශ්වාස නම් සාමාන්‍ය Beginner ගිටාර් එකකට බහින්න....මේවාගේ ගනන් මෙහෙමයි...
    Rhythm Guitar වර්ග කිහිපයක් තියෙනවා....
    1. Acoustic guitar
    2. Semi acoustic guitar
    3 Classical Guitar

    මේ තුන තමයි ප්‍රධානම... මේවගේ වෙනස්කම් මෙහෙමයි...
    Acoustic guitar කියන්නෙ ගොඩක් දුරට Box guitar එකක්. ඒ වගේම මේවාගේ තියෙන කම්බ් (තත්) (Strings) steel නැත්තන් ලෝහ කම්බි තමයි තියෙන්නෙ.... මේ ගිටාර් එකක් අරන් practice වෙනකොට වෙන ලොකුම එපා වෙන සිද්දිය තම්යි කම්බි වලට අත කැපෙන එක... මගේ නම් මුල් කාලෙ ලේ හිටන් ආවා...ඒත් rhythm පුරුදු වෙන්න තියෙන හොඳම guitar වර්ගයක් තම්යි මේක....
    classical කියන්නෙ ගොඩක් දුරට Box එකක් තමයි. ඒත් ඒකෙ Strings නම් තියෙන්නෙ Nylon කම්බි වලින්... වානේ කම්බි තරම් එපා වෙන්නෙ නෑ...ඒත් මේක හුඟක් beginners ලට recommend කරන්න බෑ...ගහල පුරුදු වෙන්න බැරිකමක් නෑ...ඒත් මම
    recommend කරන්නෙ Acoustic එකක්
    Semi
    Acoustic කියන්නෙ නම් අර Acoustic වලම ටිකක් electric පැත්තට බර ගිටාර් එකක්. මේක ගොඩක් දුරට Amplifier (AMP) එකකට ගහල සද්දේ වැඩි කරල ගහන්න පුලුවන්.. Equalizer Component එකක් හිටන් මේකෙ තියෙනවා...මේක ගොඩක් Beginners ලට වැදගත් නෑ ඇත්තටම..




    අංක 3 ගැනත් බලමු.
    මේකෙදි නම් කතා කරන්න තියෙන්නෙ කැපවීම තම්යි...ගිටාර් එකක් ගහන්න නිකන්ම පුලුවන් වෙන්නෙ නම් නෑ හැබැයි.. පොඩි කැපකිරීමක් කරන්න ඕන. මම කියන්නෙ. අඩුම ගානේ දවසට පැයක් Free time හොයාගෙන කරොත් මාසයක් යන්න කලින් අල්ල ගන්න එක sure..ආයෙත් 2ක් නෑ...සති 2න් බැරි කමක් නෑ.
    දවසට පැය 2ක් විතර කරන්න පුලුවන් නම් පට්ට....ඒත් තව දෙයක් තියෙනවා...මේක නිකන් වගකීමක් විදිහට අරන් කරන්න එපා...එහෙම කරන්න බෑ... මේක ඔයාගේ විනෝදාංශයක් මිසක් ඔයාගෙ වගකීමක් වෙන්නෙ බෑ...හුඟක් නිදහසේ වැඩේ වෙන්න ඕන...පැය 2ක් කියල නියමයක් නෑ..... ඔයාට පුලුවන් වෙලාවක්...

    Beginner කෙනෙක් ට නම් මේක මහ එපා වෙන වැඩක් වගෙ දැනෙනවා මුල කාලෙ...පලවෙනි දවසෙන් දෙකෙන් පස්සෙ ඇඟිලි රිදිලා අත කොර වෙලා ගිටාර් එක පොලොවෙ ගහන්න හිතෙයි...ඒ වෙලාවට පොඩි break එකක් ගන්න... නිදහසේ කරන්න... ඔයාව පීඩාවට පත් කරගෙන මේක කරන්න බෑ කොහෙත්ම...සති 2ක් 3ක් අල්ලගෙන ඉන්න....කොහොමහරි.. නවත්තන්න නම් එපා...කරගෙනම යන්න... ඔයාට පුලුවන් වෙන්න ගන්නවා ඒ කාලෙ ඇතුලත...
    ඔයා හරියටම කරනවා නම්...

    හොඳ පට්ටම ..සුපිරිම Branded guitar තියෙනවා ලක්ෂ ගනන් වලට...තව එලම කිරි YAMAHA ගිටාර් තියෙනවා Rs. 50,000 - 20,000 දක්වා...ඒ වගේම හොඳ Use කරපු guitar එකක් උනත් ගන්න පුලුවන් ඔය Buying/selling web site වලින්. මමකියන අර බාල ගිටාර් එකක්...පුරුදු වෙන්න විතරක් කියලා...ගන්න පුලුවන් 15 කට 12කට වගේ...ඊටත් අඩුව තියෙනවා...සමහර කඩවල...එක තැනකම නැතුව තැන් 2ක 3ක බලන්න....සෙට් වෙනම එක ගන්න...අර බාල ගිටාර් වල used ඒවා නම් 7000, 6000 කටත් ගන්න පුලුවන්...
    මම මේ බාල කියල කියන්නෙ Branded නැති සාමාන්‍ය ගිරාර් වලට...ඒ ගිටාර් වලත් හොඳ ඒවා තියෙනවා...නැත්තෙ නෑ...මම නම් කියන්නෙ ගිටාර් එකක් සල්ලි දීලා ගන්නවානම් ඔය ගැන දන්න ගිටාර් ගහන/ගහපු එකෙක් ව එක්කන් පලයන්..ඒක තම්යි ගිටාර් එකක් සල්ලි දිලා ගන්න තියෙන පට්ටම ක්‍රමේ

    දැන් උබලට සින්දුවක් ගහන්න ඕන වෙලා ඉන්නෙ නේද...පොඩ්ඩක් ඉඳපන්.. යන දේවාලෙ දැනගෙන යන එක හොඳයි නේ...
    මම අංක 4 ගැනත් කියලම සින්දු සහ Chords වලට බහින්නම්...
    මේක නම් සිරා කට්ටක් හැබැයි..මම කලින් කිව්වා වගේ ගිටාර් එක පොලොවේ ගහන්න හිතෙයි...එපා වෙයි....ඇඟිලි රිදිලා හම යයි...එක එක chord patterns අල්ලන්න ගිහින් අතට දෙන දහ දුක් වලට අත එහෙම රිදෙන්න ගනී එකසිය ගානට. chords අල්ලන්න පුරුදු වෙනකොට තම්යි එපා වෙන්නෙ...ඇයි එක එක වර්ගයේ ඒවා තියෙනවා නෙ...අත නම් රිදෙයි මචන්...මම කියන්නෙ ඒත් අත අරින්න එපා...පොඩ්ඩක් රෙස්ට් කරල ආයෙත් පටන් ගන්න...එපාම උනා නම් දවසක් අත ඇරලා ඉන්න....stress කරල කරන්න යන්න එපා....හෙමීට කරගෙන යන්න....මෙහෙම කරගෙන යනකොට මෙහෙම දේවල් ටිකක් වෙනවා... chords අල්ලන අතේ ඇඟිලි වල ඇඟිලි තුඩු ගල් වෙලා වගේ....නිකන් හයියයි වගේ දැනෙයි...strumming hand නැත්තන් strings ටිකට ගහන අත රිදෙන එක අඩුවෙලා යයි....සැහැල්ලුවක් දැනෙයි...අන්න එතකොට ඒ කියන්නෙ උඹ ගානට track එකේ ඉන්නෙ...තව බොහොම පොඩ්ඩයි තියෙන්නෙ...උබ උඩ තියෙන ඔක්කොම කටු ටික කාලා මෙතනට ආපුවාම ආයෙත් thread එක පැත්තෙ ඇවිත් කියපන් කොහොමද දැන් කියල...උඹට ඇත්තටම ලොකු හැකියාවක් ඒ වෙනකොට ලැබිලා කියන එකේ සලකුණු තමා ඒවයින් පේන්නෙ...
    මම මේ Thread එක ඉවර කරගන්න හිටියෙ..ඒත් බැරි උනා... ඉවර කරල දාන්න හිටියට මම ඔන්න ඔහේ බාගෙට දැම්මා... ඒ නිසා මෙම Thread එකේ Version 1.1 බලාපොරොත්තුවන්න
    :sorry::sorry::sorry::sorry:
    බුදු සරණයි



     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    Mage bande yanaha c40. Mamanam godak deval efena ganne utube tuto vakin. Cls giyeth na. Maxama instrument ekak thamai guitar eka
     
    • Like
    Reactions: TNHM

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,964
    20,133
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: TNHM and NRTG

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    64234_10151385009370970_1712396520_n.jpg
    543635_338691002850708_2113728812_n.jpg

    Box guitar1k thiyanawa gahanna danne ne. ubata wagema mageth agili tikak mahathai eka nisa mata chords alladdi anith stings walath wadinawa. ekata monada bn karanne..:oo: mama try karanawa dennam komahariii
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ela mta yesterday box guitar ekak present ekak hambuna ban. Girlfriend Dunne. man asa unata kalin play karala ne ban. Elakiri patan gamu mchn mtath igena gna one
     
    • Like
    Reactions: TNHM

    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    ගිටාර් ගහන්න හැකියාවක් නම් නැහැ.. හැබැයි පලවෙනි ටික කියෙව්වම උනන්දුවක් ඇති උනා..:yes::yes::D
    හොඳ වැඩක් දිගටම කරගෙන යන්න.. :)
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    808
    290
    63
    Sri lanka
    ගි‍ටාර් එකක් ගන්න ආසාවක් තියේ. Box ගි‍ට‍ාර් එකක් ගන්නවනම් කීයක් වෙයිද?