ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එකෝමත් එක ආදරයක්
Closed Thread
 
Thread Tools
(#411)
Old
Bathiya2005 Bathiya2005 is offline
Senior Member
Bathiya2005 is just really niceBathiya2005 is just really niceBathiya2005 is just really niceBathiya2005 is just really niceBathiya2005 is just really niceBathiya2005 is just really niceBathiya2005 is just really niceBathiya2005 is just really nice
 
Posts: 841
Join Date: Oct 2016
10-15-2016, 10:39 AM

10 කොටස

ඇයව දැකීකුමේ බලාපොරොත්තුවද සමගින් උදා වෙන්නේ පහුවෙනිදාය. එදින ඇය පාසල් ඇරි පුවත්පත් ඒජන්සියට එනු ඇත. ඇයට දෙන්නට පරිස්සම් කරගත් වෙඩින් කේක් කැබැල්ලක් සහ මුද්‍රණය කරගත් චායා රූපය මා සතුය. තවත් කුමක් හෝ ඈහට දිය යුතුය. එය චොක්ලට් එකක් වන්නට බැරිය. මක් නිසාදයත් අප ආදරවන්තයින් නොවන බැවින් කෙල්ලට චොක්ලට් දිම එතරම් හොද නැත. ගන්නට වෙන දෙයක් සිහියට එන්නේද නැත. එබැවින් දැනට අත ඇති මුලින් සදහන් කළ දේ පමණක් දෙන්නට වෙනු ඇත.‍

උදෑසන පුවත්පත් ඒජන්සිය වෙත ගිය මා පුරුදු පරිදි පහන තබා යම් ලේඛනයක් සකසමින් සිටී. ඇය එන්නේ දවල්ටය. එතෙක් වේලා මා හට ඇගේ සොදුරුවත බලන්නට ඉවසිය යුතුම වේ. ගතවූයේ සුළු මොහොතකි. එක්වරම පසුපසින් පැමිණ අයෙක් දෑත් වලින් මගේ දෑස් වසාගත්තේය. පැමිණි අයගේ ශබ්ධයක් නැත. නමුත් මට පැමිණියේ කව්රුන්දැයි සුවදින් කියන්නට හැකිය. ඒ වෙන කව්රුන් හෝ නොවේ පූර්ණිය.

මම ඇගේ අතින් සෙමින් අල්ලා අත ඉවත් කලෙමි. ඉවත් කළා පමණක් නොවත තව දුරටත් ඇගේ අත මගේ සුරත මත රදවාගෙන සිටින්නේ මා සිතා මතා නොවේ. ගතවූයේ තත්පර කීපයකි. මා ඇගේ අතින් තව දුරටත් අල්ලාගෙන සිටින බව මට සිහිවිය. මින් පෙර මෙසේ ඇගේ අතින් මා අල්ලාගෙන සිට නැත. ඇගේ පමණක් නොව මා කිසිම කෙල්ලෙකුගේ අතින් මෙසේ අල්ලාගෙන සිට නැත. ප්‍රියමනාප ලෙස සිනා සෙමින් සිටින ඈය, අනෙක් අතද මාගේ සුරත මත තැබීය.

ඇය තව දුරටස් සිනා සෙමින් කිසිවක් කියන්නේ නැතිව සිටී. පාසලට යාමට පෙර මා බලන්නට පැමිණ ඇති ඈ සැබැවින්ම අලුයම පිපි මලක් ලෙසය. ඇගේ සුසුමන් පවා මට දැනෙයි. ඇගේ සුසුම්ද සුවදය. සෙම්න් අත් ඉවත් වුනේය. මට ඇය සිබින්නටද සිත්වෙයි. නමුත් එසේ කරන්නට බැරිය. එම හැගුම උපන්ගෙයිම පාළනය කර ගන්නට තරම් මම සමත් වුනි. ඇය කතා කරන්නට පටන්ගත්තේය. ඇය පාසලට යාමට මත්තෙන් පැමිණ ඇත්තේ මාව නොබලා තව පැය කීපයක් සිටීමට අපහසු බැවින් යැයි ඈ කියන්නීය. මටත් එසේය. එවර මටත් එසේ යැයි නොකියා සිටීමට තරම් වචන පාළනයක් මා තුළ නොවිය.

කතා කර කර සිටින්නට වේලාවක් නැත ඇය පාසල් යා යුතුය. ඒ බව පවසා ඇය පිටත් වීමට සූදානම් වෙයි. එවිට මා ඇයට යමක් ගෙනා බව පැවසුවේය. ඇය කියා සටියේ 'දවල්ට එනවා නේ....' යන්නය. සිනහ මුසු මුහුනින් ඈ පිටව ගියේය.

ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ
ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ
ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ
ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ

ඔබ පිපුනා...

ආදරේ මම මේ දකින සිහිනෙට
හතර වට මල් පිපෙන මේ සිහිනෙට
නෙලා ඒ මල් සිඹින මේ සිහිනෙට
මටම මා රැවටෙනා සිහිනෙට

ඔබ පිපුනා...

ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි
දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි
සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි

සැබැවින්ම මා මේ දකින්නේ සිහිනයක්ද? නැත සිහිනයක් නොවේ සැබෑවකි. සෑම තත්පරයකම මගේ සිත ඇයම ඉල්ලයි. ඇය ලග සිටින්නේ නම් මුළු ලොවම මගේ ලග වැනි හැගිමක් මට දැනෙයි. මෙය ආදරය නොවේද. ආදරය බදුම වෙනත් හැගීමක්ද? ආදරයක් නැති දෙදෙනෙකු අතර මෙසේ විය හැකිද? මෙසේ වීමට හේතුව කොල්ලෙක් හා කෙල්ලෙක් අතර ඇතිවෙන ආදරයක්ද නැත්නම් මෙය සාමාන්‍ය සිදුවීමක්ද? නැවතත් මගේ සිත සුන්දරත්වයෙන් සහ ප්‍රශ්න වැලකින් පිරී යයි.

ඈ ගිය මොහොතේ සිට මගේ සිත ඇයව සොයන හැගිම පාළනය කර ගන්නට මට අපහසුය. වෙන වැඩක්පලක් කරන්නට සිත් දෙන්නේ නැත. තනියම සිනාසෙන්නේ මා පිස්සෙකු ලෙසින්ය.

අද වෙන විට මගේ කාළය මටම කළමණාකරණය කර ගන්නට නොහැකිවී තිබේ. මා විසින්ම පටක් ගත් ව්‍යාපාර කළමණාකරනය පිළිබද ඉගෙනුමද ලත් තැනම ලොප් වී තිබේ. එය නම් කමක් නැත. දැන් මට වැඩිදුර අධ්‍යාපනයක් ඕනෑ නැත. ඊට හේතුව මුදල් හොදින් ලැබෙන කිරීමට පහසු නිදහස් රැකියාවක් මට තිබීමය.

ක්‍රමයෙන් හිරු අහසේ මුදුන වෙත පැමිණෙන්නේය. එය නම් සුභ නිමිත්තකි. පාසල් ඇරුණු ඈ කෙලින්ම එන්නේ මෙහෙටය. වහා අප දෙදෙනාට කෑම දෙකක් රැගෙන ආ යුතුය. කෑම රැගෙන ඒමට දුර යෑමට අවශ්‍ය නැත මිට කඩ කීපයකට එපිටින් ඇත්තේ කෑම කඩයකි. එයට ගොස් කියා සිටි විට කෑම පාර්සල් දෙකක් පුවත්පත් ඒජන්සියටම ගෙනැවිත් දීමට තරම් හෝටලයේ සේවකයෝ මාගේ හිතවතුන් වී ඇත.

පාසල නිමවූ ළමුන් යනු පෙනෙයි. ඇය එන තුරු පුවත්පත් ඒජන්සියේ එලිපත්තටවි සිටින්නටද මට සිත්දෙයි. එහෙත් එසේ කරන්නට බැරිය. එවිට ඇය මා ගැන කුමක් සිතයිද. නිශ්ෂබ්දව ඒජන්සිය තුළට වී සිටිය යුතුය. වැඩි වේලාවක් ගත වූයේ නැත. ඇය පැමිණියේ උදයේ මෙන්ම සොදුර සිනහවද කැටුවය. වෙනදා මෙන් දවල් ආහාරය ගත් අප ඒ සමග ආගිය විස්තර කතා කලේය.

පසුව ඇයට පාඩම් කරන්න යැයි පවසා මා පුවත්පත් ඒජන්සියේ ඉදිරිපසට ගියෙමි. නමුත් මට ඇය සමග දොඩමළු වෙන්නට අවශ්‍යව ඇත. එබැවින් මද වේලාවකට පසුව මා නැවත ඇය පාඩම් කරන මේසය අසලට ගියේය. ඇය හිදගෙනය මා සිටගෙනය. මම ඇගේ හිස සෙමින් අතගෑවේ ඇයව මට නිතරම මතක්වේ යැයි පවසමිනි. අැයටද එය එසේම වෙන්නේ යැයි පැවසීමට තත්පරයක් වත් ගත වූයේ නැත. එසේ පැවසූ ඇය, හිස මත තිබුනු මගේ අත අල්ලා තුරුළු කර ගත්තේ දෑතින්මය. මගේ හදගැස්මේ වෙගය වැඩිවුනු බව මටම දැනෙයි. නමුත් කිසිදු රාගික හැගීමක් මෙහි නොවූ බව නම් දිව්රා කිව යුතුය.


මතු සම්බන්ධයි...
11 කොටස 46 පිටුවේය.
http://www.elakiri.com/forum/showthr...766213&page=46


මෙය ලියමින් සිටින මා පොහොය දිනයේ රූපවාහිණි යන්ත්‍රය දමා බණද අසමින් සිටී. එහි සිටින අත්තනායක එන් හේරත් මහතා පවසන්නේ පුදුම කතාවක්ය. නෑයින් අතරින් ප්‍රසිද්ධියේ ආලය කිරීමට හැක්කේ නෑනාට පමණක්ලු.

ත්‍රෙඩ් එක bump කිරීමෙන් හෝ උදව් කරන සැමට මාගේ හද පිරි ස්තූතිය පුදමි.
එය ලියන මාහට ශක්තියක් වන්නේමය.

Last edited by Bathiya2005; 10-15-2016 at 06:32 PM.
(#412)
Old
dayt0na dayt0na is online now
Senior Member
dayt0na has a spectacular aura aboutdayt0na has a spectacular aura aboutdayt0na has a spectacular aura about
 
Posts: 1,393
Join Date: Jan 2012
10-15-2016, 11:01 AM

bump
(#413)
Old
Palihawadana1990's Avatar
Palihawadana1990 Palihawadana1990 is offline
Senior Member
Palihawadana1990 is just really nicePalihawadana1990 is just really nicePalihawadana1990 is just really nicePalihawadana1990 is just really nicePalihawadana1990 is just really nicePalihawadana1990 is just really nicePalihawadana1990 is just really nicePalihawadana1990 is just really nicePalihawadana1990 is just really nicePalihawadana1990 is just really nice
 
Posts: 2,061
Join Date: Oct 2011
Location: කොට්ටාව ඒරීයා එක
Send a message via Yahoo to Palihawadana1990 Send a message via Skype™ to Palihawadana1990
10-15-2016, 11:05 AM

පට්ට පට්ට... එලට ලියල තියෙනව... ඉකමනට අනිත් ඒවත් දාපන්.....

මචං මේ සීන් එක උබේ ඇත්තම සීන් එකක්ද?? ලිපන්කො පොතක් යකෝ.....
(#414)
Old
senewimala1988's Avatar
senewimala1988 senewimala1988 is offline
Senior Member
senewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of light
 
Posts: 4,404
Join Date: Dec 2007
Location: Kadawatha, Sri Lanka
Angry 10-15-2016, 11:13 AM

ado, re wenakan inna be ban. ikmanata daapan
(#415)
Old
rukey184's Avatar
rukey184 rukey184 is offline
Senior Member
rukey184 is a jewel in the roughrukey184 is a jewel in the roughrukey184 is a jewel in the roughrukey184 is a jewel in the roughrukey184 is a jewel in the roughrukey184 is a jewel in the rough
 
Posts: 4,172
Join Date: Aug 2010
Location: on earth
10-15-2016, 11:34 AM

Quote:
Originally Posted by Bathiya2005 View Post
6 කොටස

මා පුවත්පත් ඒජන්සියට ගිය මුල් කාළයේ දවල්ට කෑවේ මාළුපාං ගෙඩියකි. ඊට හේතුව ඉස්කෝලෙන් අව්ට් වූ අලුත සිටි මට තනියෙන් කනවා යනු ඉතා කම්මැලි සහගත ක්‍රියාවක් විමය. ඉස්කෝලේ කොල්ලන් රොත්ත සමග කයිය ගසාගෙන කැන්ටිමෙන් පරිප්පු දැමූ පාං කාළ කණවිට දැනෙන ආතල් එක තනියෙන් කනවිට කොහින්ද. ඉතින් තනියෙන් බත් කන්නටද සිතෙන්නේද නැත. එය පට්ට කම්මැලි ක්‍රියාවක් යැයි එදවස දැනුනි. නමුත් දැන් එසේ කරන්නට බැරිය පුර්ණි නංගි දැන් ඒජන්සියට එයි. ඇයට මාලුපාං ගෙඩියක් දි සිටීම මා හට කරන්නට බැරිය. ඇය ඒජන්සියට පැමිණි මුල් දිනව වල දවල්ට කෑමට බත් රැගෙන ආවවේය. නමුත් එසේ නොකරන ලෙස මම ඇයගෙන් ඉල්ලා සිටියේ අප දෙදනාහටම කෑම කඩයකින් ගැනීම මට පහසු නිසාය.

දැන් ඇය එන නිසා මමද බත් කන්නේය. එය මාගේ ශරිර සෞක්‍යටද හොදය. ඇය පුවත්පත් ඒජන්සියට පැමිණීම මාගේ මානසික සෞක්‍යටද හොදය. තනිකම පාළුව, විරහව කිසිවක් මට දැන් දැනෙන්නේ නැත. දැන් මම පුරුද්දක් ලෙස කෑම කන්නට ඇය එන තුරු බලා සිටී. දෙදෙනාම කන්නේ එක මේසේ එක ලග හිදගනය.

ඇය ඒජන්සිය තුළට වී පාඩම් කරන විට මම කතා කරන්නට යන්නේ නැත. එසේ කළහොත් ඇයට පාඩම් වැඩ කිරීමට නොහැකි වීම ඊට හේතුවයි. නමුත් කැම කන වේලාවට අප දෙදනා ඉතාම සුහද ශීලිව අදහස් හුවමාරු කර ගනී එපමණක් නොව ඇයව ඇරලීමට නිවසට යන විටද අපට ඇති තරම් කතා කරන්නට වේලාව තිබේ. ඉතින් පාඩම් කරන වේලාවට කතා කරන්නට ගොස් කරදර කිරිමට උවමනාවක් නැත. මා සුපුරුදු පරිදි පුවත්පත් ඒජන්සියේ ඉදිරි පසට වි පුවත්පත් විකිණීම සහ එහි ගිණුම් ආශ්‍රිත වැඩවල යෙදෙයි. මට බලන්නට පුවත් පත් ඇති තරම් තිබේ. එම වකවානුවේ මම දවසේ පත්තර වල සිට ජෛා්තිශය පත්තර දක්වා හැම පත්තරයක්ම බැලීමට පුරුදු වි සිටියෙමි. ඉතින් මාගේ සාමාන්‍ය දැනුම ඉතා හොදය.

දිනක් දවල් කෑම කමින් සිටින විට ඇය යෝජනා කරන්නේ අප දෙදෙනා වෙන වෙනම බත් පාර්සල් දෙකකින් කැම කනවා වෙනුවට අප දෙදෙනා එකම පාර්සලයකින් කෑම හොද බවය. එවිට දෙදෙනාම එකතු වී එක් පාර්සලයක් ඉවර කොට අනෙක් පාර්සලයට දෙදෙනාට වග කියන්නට පුළුවන. එය සැබැවින්ම හොදය. එමෙන්ම එය මාගේ සිතේ ඈ කෙරෙහි ඇති ලෙන්ගතු හැගිම දනවන්නකි. කෙසේ නමුත් එම ලෙන්ගතු හැගීම කොල්ලෙක් හා කෙල්ලෙකු අතර ඇති වෙන ආදර හැගීමක් නම් වෙන්නට බැරිය. එය සාමාන්‍ය කිට්ටු බැදිමකි. නමුත් ඇය සමග කෑම කන විට බඩට පෙර සිත පිරෙන බව නම් කිව යුතුය.

O/L සමයේදී මෙන් දැන් මම ඇයට එතරම් පාඩම් කියා දෙන්නට යන්නේ නැත. මන්ද SSC ප්‍රතිඵලය සමග මම යනු AL ඇනගත් අයෙකි. නමුත් ඉකෝන් මට අපහසු නැත. එබැවින් ඇය හට අවශ්‍ය නම් ඉකෝන් පාඩම් පමණක් අසන්නට යැයි මම කියා තිබුනි. එබැවින් ඇය පාඩම් කරමින් සිටින අතර තුර වරින් වර ඉකෝන් පාඩම් සම්බන්ධ දේ මගෙන් අසා ගන්නිය. එපමණක් නොව ඇතැම් විට එකව්න්ට් ප්‍රශ්නද අසයි. එවිට ඇයගේම පොතකින් බලා හෝ ඒවා පැහැදිලි කර දීමට හැකිවීම මා ලද භාග්‍යකි.

මෙසේ කාළය ගත වෙද්දී දෙදෙනා දහවල් කෑම කමින් සිටින විට ඇය මගෙන් බත් කටක් ඉල්ලා සිටියේය. මළ කෙලියකි. මම මනුස්සයෙකුට තබා බලු පැටියෙකුටවත් කැම කවා නැත. දැන් මම ඇයට කවන්නේ කෙසේද සාමාන්‍ය ආකාරයට ඇනූ අලි බත් කට කෙසේ හෝ ඇගේ කටේ එබුවේය. බත් කට එබුවා පමණය දැන් එය ලොකු වැඩි බැවින් ඇයට හපන්නට අසීරුය. කතා කර කරන්නටද බැරිය. කෙසේ හෝ ඇය එය සපා ගිල දැමුවේ ඉතා අමාරුවෙනි. එම සිදුවීම මතක් වෙන විට දැනුදු මුවග සිනහවක් නැගේ. දැන් මමද පැවසුවේ මටත් කටක් කවන ලෙසය. ඇය නම් මම මෙන් දරුණු නැත. මල්ලිට, නංගිට කවා පළ පුරුද්ද ඇති ඈ බොහෝම රස කටක් මට කැව්වේය.

කුඩා කළ මෑණියන් බත් කැවූ පසු තවත් අයෙකු මට කෑම කැව්වේ ප්‍රතම වරටය. එය සැබැවින්ම ආස්වාදජනකය. බත්කට මම කනවාට වඩා ඉතා ප්‍රනීතය. එදිනෙන් පසුව දවල්ට කෑම කන විට ඇගෙන් බත් කටවල් කීපයක් ඉල්ලා ගැනීම මාගේ පුරුද්ධය. ඇයද එය පුරුද්දක් කරගෙන සිටින්නීය. මම පෙර මෙන් නොව බොහෝ පොඩියට ඇනු බත් කට ඇයට කවන්නට පුරුදු විය. එම මතකයද බොහෝ සුන්දර බව නම් නොකියාම බැරිය.

කල්ගත වෙත්ම ඇතැම් දින මම බත් අතින් කෑවේම නැත. එය මටද පහසුකි. කෑම කන අතරරේ පුවත්පත් ඒජන්සියට කව්රුන් හෝ පැමිණියහොත් අත සෝදාගෙන දුවන්නට උවමනා නැත. නමුත් දැන් මට තවත් ගැටලුවක් ඇතිවී තිබේ. ඒ ඇය නොමැති දියන්හීදී දැන් මට මාළු පාං ගෙඩියක් හෝ ගිල දැමිමට ප්‍රිය නොවිමය.

මතු සම්බන්ධයි...
7 කොටස 28 පිටුවේය.
http://www.elakiri.com/forum/showthr...766213&page=28
machan ube 3 ni part eken passe story eka tiyena page eka dala nane
(#416)
Old
ksndhr's Avatar
ksndhr ksndhr is offline
Senior Member
ksndhr is just really niceksndhr is just really niceksndhr is just really niceksndhr is just really niceksndhr is just really niceksndhr is just really niceksndhr is just really nice
 
Posts: 1,255
Join Date: Feb 2011
10-15-2016, 11:37 AM

එළ මචන් ඉතුරු කොටසත් ඉක්මනට දාන්න...
(#417)
Old
ITtec's Avatar
ITtec ITtec is offline
Senior Member
ITtec is a jewel in the roughITtec is a jewel in the roughITtec is a jewel in the roughITtec is a jewel in the roughITtec is a jewel in the roughITtec is a jewel in the rough
 
Posts: 434
Join Date: Nov 2015
10-15-2016, 11:37 AM

මීට කිට්ටු ජීවිතේ මේ වගේ කාළයක් මටත් තිබුනා මචං කතාව සුපිරී. උඹට ලියන්න හොද හැකියාවක් තියනවා. කොමස් වෙනුවට ආට් කරානම් අද ලංකාවේ සූජීවට උඩින් ඉන්නේ උඹ.
ඊලග කොටසත් දාපන් ඉක්මනටම
REP++
(#418)
Old
supun_sg's Avatar
supun_sg supun_sg is offline
Senior Member
supun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of light
 
Posts: 3,572
Join Date: Sep 2010
Location: tracing Geo-location.. ... ...
Send a message via Skype™ to supun_sg
10-15-2016, 11:49 AM

අඩෝ මාරම ලස්සනයි බන්.. ලියන විදියත් ලස්සනයි කතාව ඊටත් වඩා ලස්සනයි.. උදේම ආවෙත් මේක කියවන්න හිතාගෙන.. හොඳ හැකියාවක් තියනවා උබට.. මේ කතාව මේකේ දාල ඉවර වෙලා තව ටිකක් විස්තර කරලා පොතක්ම ගහපන් බන්.. සිරාවට කියන්නේ..
(#419)
Old
senewimala1988's Avatar
senewimala1988 senewimala1988 is offline
Senior Member
senewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of light
 
Posts: 4,404
Join Date: Dec 2007
Location: Kadawatha, Sri Lanka
smile 10-15-2016, 11:50 AM

Quote:
Originally Posted by rukey184 View Post
machan ube 3 ni part eken passe story eka tiyena page eka dala nane
tags wala balapan
(#420)
Old
Absolute Zero's Avatar
Absolute Zero Absolute Zero is offline
Senior Member
Absolute Zero is a splendid one to beholdAbsolute Zero is a splendid one to beholdAbsolute Zero is a splendid one to beholdAbsolute Zero is a splendid one to beholdAbsolute Zero is a splendid one to beholdAbsolute Zero is a splendid one to beholdAbsolute Zero is a splendid one to beholdAbsolute Zero is a splendid one to beholdAbsolute Zero is a splendid one to beholdAbsolute Zero is a splendid one to beholdAbsolute Zero is a splendid one to behold
 
Posts: 7,071
Join Date: Mar 2015
Location: −273.15°C
10-15-2016, 11:59 AM

ela.
Closed Thread

Bookmarks

Tags
! දුකයි බන්, ! නියමයි බං උඹ, ! පිරිසිදු ආදරය, ! ලස්සන කතාවක්, ! nangige jangiya, ! nangige kewma, !! තව ලියපියෝ....., !!!තව කොටසක් දියෝ, ඉක්මනට දාපන්, ජේසොන් නම් ළිං, නැ කෙල්ල්ට, මෙගා love, ළිං නම් ජේසොන්, page 1 & 2 & 9, page 13 & 16, page 24, page 28, page 34, page 37-46, page 42, page 46, page 54 & 59

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04716 seconds with 8 queries