ටොයි_බයි_කවියෝ

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ටොයි_බයි_කවියෝ

    මාර කම්මැල්ලී බන් දැන් කිරියට ආවම, ඉස්සර නම් බලන්න කොච්චර දේවල් තියෙනවද ? දැන් අසහන ත්‍රෙඩ් වැහි වැහැලා,:eek: ජංගි කෑලි දාලා ත්‍රෙඩ් හිඟා කනවා. :( මම ජංගි කෑලි කිව්වට උබලා නොදා ඉන්න එපා, දාපල්ලා අපිත් රහත් වෙලා නැහැ දැම්මොත් බලනවා. :baffled:

    කොහොම වෙතත් කමක් නැහැ, ටොයි බයි කවියෝ ටික වරෙල්ලා කවියක්වත් කියමුද සෙට් වෙලා.;)

    ඔන්න එහෙනම් මම පටන් ගත්තා . . .

    එවකට පැවති රජ පවුලේ ........ පාලනය
    අවසන් කොරන්නට පනවා ...... වාරණය
    රට කරවන්න සමඟින් ........ යහපාලනය
    ගැහුවා කතිරෙ වෙන්නට රට ... දෝලනය

    තාමත් මතකයිනේ මට ඒ .......... අටවෙනිදා
    උන්නේ අපිත් ඇසිපිහ නොහෙලා ... නොනිදා
    එලිවෙනකොටම මට මතකයි ...... පහුවෙනිදා
    පුලතිසි රජුට ඇදිලා තිබුනා ............. ශනිදා

    දින 100ක් කියා වැඩ කිඩ ... අරබනවා
    ඒවා පෙනෙද්දී බයියන් ..... ඇබරෙනවා
    ජන්දය දුන් සැමට ප්‍රිතිය .... ඉතිරෙනවා
    යහපාලනය රට තුල ඉස්මතු .... වෙනවා

    දින සති ගෙවී දෑ අවුරුදු ගත ..... වෙනවා
    යහපාලනෙන් හිටවපු ගස් පල ..... දෙනවා
    කඩලා බැලුවාම ඒ පල ....... හිකවෙනවා
    හැම ගෙඩියක්ම පුස් විලසට දිස් ... වෙනවා

    අවුරුදු තිහක් බෑට කාලා අපි ........ යුද්දේ
    අවසන් කරා මතකයි කලපුව ........ මැද්දේ
    රැක ගත් රටට කාටත් නොකරම ..... සද්දේ
    දැන් මුන් දෙනවා නුලට නොකියම ... සුද්දේ

     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රජපති තුමා සිටුවා රජ පුටුව ....... උඩ
    අකමැති තුමා පෙන්නනවා සුපිරි ... වැඩ
    පුළුවන් තරම් කර කර මහ වැඩම ... ජඩ
    දුප්පත් එකාට ගහනවා ලොකුම ...... දඩ

    ඉන්න රටේ ෆස්ට් පුරවැසි අපේ ......... උතුමා
    දෙන්නට වෙනත් නම නොකියමි මම .... උපමා
    වෙන විට රටේ එක එක ක්‍රිරියා .......... විසමා
    ඔහු දැනගන්නේ නෙස්ට්ඩේ පත්තරෙන් ... තමා
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කීමට දෙයක් නැත මේ ගැන... ගොතාලා
    කිව යුතු සියළු දේ ඇත උඹ...... කියාලා
    කල ගොං කමට මක්කොරම්ද.... සිතාලා
    ඊළඟ ‍වාරෙ එමි ඡන්දය කටු ........ගාලා
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වලි වලින් සපිරි ආතල් ත්‍රේඩ් එකක පටන් ගැන්මක් වගේ. :eek:


    එරොසන් ඒවි කොහෙ සිට හෝ මෙය.... දැකලා
    ලක්ශ 62ක් මී හරකුනි ..... කියලා
    සතුටුද අසයි දැන් ඔබලට ....දිනවාලා
    පඹයා &න්නයා කියලා ඌ ....බනිනා :angry:

    තවෙකෙක් ඇත නම එස් අකුරින් .... තිබෙනා
    හුයකුත් තිබේ ඌ දැමු කලකට ....කලිනා
    නිතරම උඩට දායි අපෙ උන් එහි ....යනෙනා
    රෙදි ගලවනව දාපු උගේ පු#....පලලා :shocked:

    අතරින් පතර සිරිසේනගෙ හොඳ ද .... ඇසේ
    බහුතර අයට ඔහු විකටෙක් බවද .... පෙනේ
    අලවයි මුහුණ ගෙනගොස් වෙනෙකෙක්ගෙ ....රුවේ
    දකිනා උන්ට ඉල ඇදිලා කඳුළු ....සැලේ :rofl:

    වොකස්වැගන් එනවයි පාරම් .... බෑවා
    විසිදාහකට රස්සා දෙනවැයි .... කිව්වා
    කුලියාපිටියෙ මුල ගල උන් ටික ....තිබ්බා
    පහුවදාම කිචවෙල එන්නෑ ....කිව්වා :baffled:

    වන්ශොට් ඇවිත් වේදිකාවෙ වැඩ ....පෙන්නයි
    ඇතැමුන් ඔහුගෙ හොඳ මෙන් නරකද ....පවසයි
    අවශ්‍ය වන්නෙ එවැනි කටවල් තිබෙන ....අයයි
    විල්පත්තුවෙදි උගෙ කට නම් හරි ....නිහඬයි :rolleyes:

    මෙව්ව කියන මගෙ මව් ගුණ නොම ....වයපන්
    රෙප් උඩ රීල යන්නට නම් එපා ....ඉතිං
    ආතල් එකට කිව්වාාාට මෙලෙස ....මචං
    දේශපාලනේ ගූ ගොඩකී .... මටනං :no:


    Copy paste of post #56
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අම්මෝ උබේ කවි සිතුවිලි පහල වෙලා තියෙන්නේ සෑහෙන කාලෙකට පස්සේ නේ....

    :):):)
    මෙච්චර දිනක් FCDI ........... පැත්තේ
    සිතිවිලි හිරකරන් ප්‍රශ්නම .... අහගත්තේ
    බොරුවට තියාගෙන ඉදාලා ... එලිපත්තේ
    සිතිවිලි වලට අද උදයෙයි ඇප ... ගත්තේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වලි වලින් සපිරි ආතල් ත්‍රේඩ් එකක පටන් ගැන්මක් වගේ. :eek:
    උබේ ඔය හිතට හිතෙනා දේ අගෙයි .... මචන්
    තව ටිකකින් බහි කැති පොලු මන්න ... අරන්
    එනතුරු එවුන් ටික මෙතනට ගාල ...... කඩන්
    මම මඟ බලා සිටිනෙමි ගෙන හනුමා .... වරන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,321
    8,443
    113
    රූකඩ රාජ්ජේ
    මෙච්චර දිනක් FCDI ........... පැත්තේ
    සිතිවිලි හිරකරන් ප්‍රශ්නම .... අහගත්තේ
    බොරුවට තියාගෙන ඉදාලා ... එලිපත්තේ
    සිතිවිලි වලට අද උදයෙයි ඇප ... ගත්තේ

    :shocked::shocked:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    You must spread some Reputation around before giving it to chathupatiya again.
    පට්ට යකෝ...එලම කිරි :shocked:
    maxxa creativity rep++
    patta ban +16
    තනියෙම නම් ඉතින් ලියනට ... කම්මැලිය
    තවමත් එක කවක්වත් පලවුයේ ... නැතිය
    කිරියේ සිටිය හොඳ කවි කාරයෝ ... මිටිය
    කන්නට වරෙව් දේශයපාලන ...... රොටිය
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,521
    113
    තනියෙම නම් ඉතින් ලියනට ... කම්මැලිය
    තවමත් එක කවක්වත් පලවුයේ ... නැතිය
    කිරියේ සිටිය හොඳ කවි කාරයෝ ... මිටිය
    කන්නට වරෙව් දේශයපාලන ...... රොටිය

    වන් මෑන් ෂෝ :lol:
    Rep+++
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උඩ දම දමා කොයි පැටියත් අට ...වෙනිදා
    නැටුවේ උන්ට ඇදිලා වාගේ ........ශනිදා
    කබලෙන් ලිපට වැටිලා පුක බිම ....ඇනිදා
    දැන් හොටු පෙරනවා දුක කියමින් නොනිදා
     
    • Like
    Reactions: vito

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තනියෙම නම් ඉතින් ලියනට ... කම්මැලිය
    තවමත් එක කවක්වත් පලවුයේ ... නැතිය
    කිරියේ සිටිය හොඳ කවි කාරයෝ ... මිටිය
    කන්නට වරෙව් දේශයපාලන ...... රොටිය

    කන්නට බැරිය කරවී ඇත ........රොටිය
    සුර ලොව වැඩියා එපිනෙන් හිටි ....හැටිය
    මළකඩ කකා ඇත යහපාලන .......තැටිය
    කන්නට වෙන්නේ දැන් කාටත් කිරි මැටිය