ඔබේ පොඩි බිස්නස් එක මිනිස්සු අතරට ගෙනියන&#3530

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔබේ පොඩි බිස්නස් එක මිනිස්සු අතරට ගෙනියන&#3530

    මේ කාලේ ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි පොඩි බිස්නස් එකක් ගොඩදාගන්න ඕන කියන එක. කෙනෙක් තමන් කරන ජොබ් එකට අමතරව සයිඩ් එකෙන් පොඩි බිස්නස් එකක් ගොඩදාන අතරෙදි, තව කෙනෙක් තමන්ගේ පොඩි බිස්නස් එක අනාගතේදී ලොකුම ලොකු බිස්නස් එකක් කරගන්න බලාපොරොත්තුවෙන් වැඩේ පටන් ගන්නවා. ඇත්තටම දැන් කාලේ පොඩි බිස්නස් එකක් පටන් ගන්න එක හිතනවටත් වඩා ලේසියි. ඇයි? අපි ජීවත් වෙන්නේ සමාජ ජාලයන් එක්ක. අපි හැමදෙනාම කොහෙන් කොහෙන් හරි මේ සෝෂල් මීඩියා ලෝකේ හින්දා එකට සම්බන්ධ වෙනවා. ඒ නිසා කෙනෙක්ට ඕන නං ෂොප් එකක් අරින්නේ නැතුවත්, සයිබර් අවකාශයේ තමන්ගේ ෂොප් එක අරින්න ඉඩ තියෙනවා. ඉතින් මේ කියන්න යන්නේ එහෙම ස්ටාට් අප් එකක්, නැත්තං පොඩි බිසිනොස් එකක් පටන් ගන්න හිතේ ගැම්ම තියෙන කොල්ලෙක්ට කෙල්ලෙක්ට ඒක මාකට් කරගන්න තියෙන අවස්ථා ගැන තමයි.



    1. ලෝකේම ෆේස්බුක් එකේ! :):):)

    Marketing a Small Business
    Source – richcholas.com
    මේ ගැන ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් ඒ හින්දම තමයි පොඩියට මොනවාහරි පටන් ගන්න හැම කෙනෙක්ම ෆේස්බුක් එකේ ඇඩ්ස් දාන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. නිකම්ම පේජ් එකක් හදලා ඒක බූස්ට් කලා කියලා හරියන්නෙ නෑ. ඊට වඩා තමන්ගේ බිස්නස් එකට අවශ්‍ය කරන කස්ටමර් ක්‍රවුඩ් එක අල්ලන්න හිතන්න ඕන. ඒ ගැන ක්‍රියාකාරී වෙන්න ඕන. උදාහරණයක් විදියට පොත් ඔන්ලයින් මිලදී ගන්න පුලුවන් වෙබ්සයිට් එකක් හදපු කෙනෙක්ට නං පොත්පත් ගැන තියෙන ගෘප් එකක කවුරුහරි තමන්ගේ සයිට් එකේ තියෙන පොතක් හොයනවා නං ඒ කෙනාට මෙසේජ් එකක් දාලා සම්බන්ධ කරගන්න පුලුවන්. එතකොට කමෙන්ට් කරන්න පුලුවන්. මේවා කෙලින්ම ගිහින් තමන්ගේ සයිට් එකේ ලින්ක් අතාරිනවට වඩා සෑහෙන්න ගොඩ යන්න පුලුවන් උපාය මාර්ග, සෝෂල් මීඩියා වලදී.

    ඒ වගේම තමයි පේජ් එකක් ඇරියට මදි, ඒක අප්ඩේට් කරලා, ඇලර්ට් එකේ ඉන්න ඕන. එන මෙසේජ් එකකට පැයක් ඇතුලතවත් උත්තර යවන්න පුලුවන් වෙන්න ඕන.



    2. ඉන්ස්ටග්‍රෑම් එකේ ෆොටෝස් දාන්නත් පුලුවන් :rolleyes:

    Marketing a Small Business
    Source – bgr.com
    ඉන්ස්ටග්‍රෑම් කියන්නේත් සෑහෙන පිරිසක් යන එන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක්. හැමෝම ආසයිනේ ලස්සන ෆොටෝ එකක් එහෙම දකින්න. අන්න ඒක පාවිච්චි කරන්න පුලුවන් පොඩි බිස්නස් එකකට. උදාහරණයක් විදියට කේක් ඩෙකරේෂන් කරන කෙනෙක්ට තමන්ගේ ඩිසයින් එකක් කලහම ඒකේ ලස්සන ෆොටෝ එකක් අරගෙන ඉන්ස්ටග්‍රෑම් එකට දාන එක පාඩු නෑ. හැබැයි මතක ඇතුව තමන්ගේ බිස්නස් එක ගැන හෑෂ් ටැග් වලින් හරි දාන්න ඕන ඒ එක්කම.



    3. බ්ලොග් එකක් අරිමුද? :baffled:

    Marketing a Small Business
    Source – casademontana.com
    සමහර පොඩි බිස්නස් තියෙනවා බ්ලොග් හරහා විතරක්ම කරගෙන යන. උදාහරණයක් විදියට ටීවී සීරීස් ඩීවීඩී වලට ගහලා විකුණන බිස්නස් එකක් කරපු ඩයල් එකක් හිටියා, තනිකර බ්ලොග් එක හරහා තමයි වැඩේ ඇද්දේ. ඒ වගේම අපි කියමු ඔය ෆෝන් අනං මනං ගෙන්නලා විකුණන බිස්නස් එකක් කියලා. අලුතින් එන ෆෝන් ගැන බ්ලොග් පෝස්ට් දාන්න පුලුවන් කෙනෙක්ට ගන්න හිතෙන විදියට. බ්ලොග් එකක තියෙන වාසිය තමයි සත පහකවත් වියදමක් නැතුව කරන්න පුලුවන් වීම. මේකට කාලය වැයවෙන්න පුලුවන්, හැබැයි අනිවා ඔබේ පොඩි බිස්නස් එකට සෑහෙන්න වටිනාකමක් ගන්න පුලුවන් පියවරක් තමයි බ්ලොග් එකක් අරින එක.

    අනිවා Smart Work Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂


    email address


    Subscribe


    4. බිස්නස් කාඩ්, ලීෆ්ලට්, එලිවේටර් පිච් :nerd:

    Marketing a Small Business
    Source – embertech.co.uk
    බිස්නස් එක පටන් ගත්තු ගමන් අතේ තියෙන සබ්බ සකලමනාවම වියදං කරලා එම්බෝස් කරපු බිස්නස් කාඩ් ගහන්න ඕන නෑ. හැබැයි බිස්නස් කාඩ් අඩුවට කරගන්න දැන් තැන් ඕන තරම් තියෙනවා. මෙන්න මේ තැනකින් බිස්නස් කාඩ් ටිකක් අනිවා ගහගෙන තියෙන්න ඕන. එතකොට හැම වෙලාවකම තමන්ගේ අතේ බිස්නස් කාඩ් එකක් තියෙන්නත් ඕන.

    එතකොට ලීෆ්ලට් එහම පාර දිගේ බෙද බෙදා යන්න ඕන නෑ. හැබැයි තමන්ගේ බිස්නස් එක ගැන විස්තර තියෙන ලීෆ්ලට් ටිකක් ප්‍රින්ට් කරලා තියාගන්න එක ප්‍රයෝජනවත් වෙන වෙලාවක් එනවා. උදාහරණයක් විදියට තමන්ගේ ස්ටෝල් එකක් එහෙම අරින්න ලැබුණු වෙලාවක ලීෆ්ලට් ටිකක් තියෙනවා කියන්නේ මසුරන් වටිනවා.

    තුන්වෙනියට එලිවේටර් පිච් කියලා කිව්වේ තමන්ගේ බිස්නස් එක ගැන ආකර්ෂණීය, විස්තර සහිත, හැබැයි ෂෝට් ඇන්ඩ් ස්වීට් විස්තරයක්. මේක ලියලා තියාගත්තත් කමක් නෑ, හැබැයි කටපාඩමේ තියෙන්න ඕන. මොකද මිනිහෙක්ට බිස්නස් එක ගැන විස්තර කරනකොට, ඒ මනුස්සයාව අල්ල ගන්න නං තටම තටමා කතා කරලා බෑ. අන්න ඒ නිසයි එලිවේටර් පිච් එහෙම සූදානම් පිට තියෙන්න ඕන කියන්නේ.



    5. ආකර්ෂණීය වට්ටම්! :lol::lol:

    Marketing a Small Business
    Source – b4bclub.com
    මේක ඇත්තටම පොඩි බිස්නස් පටන් ගන්න අය කරන දෙයක්. ඒ කියන්නේ තමන්ට පාඩුවක් නොවෙන විදියට පොඩි ඩිස්කවුන්ට් එකක්, එහෙම නැත්තං ඒකක් ගත්තහම මේකක් නොමිලේ ටයිප් එකේ කස්ටර්මර්ස්ලා ආකර්ෂණය වෙන විදියේ පොඩි පොඩි දේවල් පාවිච්චි කරන එක. මේවා කපටි වැඩ කියලා හිතන්න අවශ්‍ය නෑ. එතකොට පාඩුවක් කියලා හිතන්න ඕනෙත් නෑ. මොකද තමන්ගේ ලාබයෙන් කොටසක් කැප කරලා මෙහෙම ඩිස්කවුන්ට් එකක්, තෑග්ගක් කස්ටර්මර්ට දෙන එකෙන් පොඩි බිස්නස් එකකට නම හදාගන්න සහ කස්ටමර් බේස් එක හදාගන්න ඉඩක් ලැබෙනවා.



    6. බජට් එක ඇතුළේ වැඩ කරන්න ඕන :frown::frown:

    Marketing a Small Business
    Source – presspasslatino.com
    සාමාන්‍යයෙන් පොඩි බිස්නස් එකක් සෙටප් කලාට පස්සේ ෆුල් ආතල්නේ. ඉතින් දැන් මාකටින් කරමු කියලා වැඩේට බැස්සට පස්සේ හෝ ගාලා ෆේස්බුක් එකේ පේජ් එක බූස්ට් කරනවා, ඇඩ්ස් දානවා. හැබැයි පොඩ්ඩක් හිතලා බැලුවද මේ වියදම් කරන්නේ ගෙදරින් ගෙනාපු සල්ලි කියලා. ඒක හරියන වැඩක් නෙවෙයි. හැම වෙලාවකම බිස්නස් එක පටන් ගන්න කලින්ම තමන්ගේ බජට් එක හදන්න ඕන. ආදායම් ලැබෙන්න ගත්තට පස්සෙත් මාසිකව හරි තමන්ට ඊලඟ මාසේ එක එක වැඩවලට යොදවන්න පුලුවන් බජට් එක තීරණය කරන්න ඕන. ඉන් පස්සේ මාකටින් වලට වෙන් කරපු බජට් එක ඇතුලේ විතරක් මාකටින් කරන්න පුරුදු වෙන්න ඕන. ඒ එක්කම ෆේස්බුක් පේජ් එකේ දාපු පෝස්ට් එකක් බූස්ට් කරද්දි ඒක ටාගට් කරන්න ඕන මොන වගේ අයටද කියල ෆේස්බුක් එකෙන්ම අහනවා. ඒ වගේ අවස්ථා පාවිච්චි කරලත් බූස්ට් එකට වියදම් කරන මුදලට ලැබෙන අවස්ථාවන් වැඩි කරගන්න පුළුවන්.



    7. ලොකු හෝ පොඩි බිස්නස් එකක් වුනත් විශ්වාසය වැදගත් :dull::dull:

    Marketing a Small Business
    Source – verticalresponse.com
    විශේෂයෙන්ම ඔන්ලයින් පටන් ගන්න ස්ටාටප් එකකට තියෙන ලොකුම ගැටළුවක් තමයි කස්ටමර්ස්ලාගේ විශ්වාසය හදාගැනීම. එහෙම කියන්නේ මේකයි. දැන් ඔන්ලයින් සල්ලි ගෙවනවා වගේ වැඩ වලට තාම ලංකාවේ මාර ගෝ එකක් නෑ. ගොඩක් දෙනෙක් ඇත්තටම ඒකට බයයි. බය වෙන එක සාධාරණයිනේ, මෙතනදී බඩුව ඇත්තටම දකින්නෙත් නැතුවනේ සල්ලි දෙන්නේ. ආන්න ඒ නිසා විශ්වාසය තහවුරු කරගැනීම වැදගත්. ඒකට එක ක්‍රමයක් තමයි හැම වෙලාවකම තමන් විකුණන ප්‍රඩක්ට් එක හරි සර්විස් එක හරි නියමාකාරයෙන් පෙන්වලා දෙන්න තමන් පාවිච්චි කරන සෝෂල් මීඩියා හරි, වෙබ් සයිට් එක හරි හරහා උත්සාහ කරන එක. ඒ කියන්නේ ෆොටෝ එකක් දැම්මත් ඇත්ත ප්‍රඩක්ට් එකට වඩා පොඩ්ඩක්වත් වෙනස් වෙන්න බෑ. ගන්න කලින් හරි විස්තර දෙන්න ඕන. එතකොට බඩුව හරි දිනේට ඩිලිවර් කරන්න ඕන. අන්න එහෙම කරනකොට කස්ටමර්ස්ලා ඔයාගේ පොඩි බිස්නස් එක ගැන අනික් අය එක්ක හොඳ කතා කරන්න පටන් ගනී. ඒකම තමයි අපිට වෙන්නත් ඕන.



    8. පොඩ්ඩක් පාරටත් බහින්න ඕන

    Marketing a Small Business
    Source – thestorypedia.com
    පාරට බහිනවා කිව්වෙ මේකයි. දැන් සාමාන්‍යයෙන් කොළඹ අවට තියෙනවා එක එක වෙළඳ සැණකෙළි, රෝඩ්සයිඩ් ඕපන් එයාර් ට්‍රේඩ් ෆෙස්ටිවල්, ෆුඩ් ෆෙස්ටිවල් එහෙම. එතකොට ඔය වගේ තැනක ඔබේ පොඩි බිස්නස් එකට ඉඩක් වෙන් කරගන්න එක ඇත්තටම ආයෝජනයක්. එතනදී අපි බලාපොරොත්තු වෙන්න ඕන ඕක බලන්න එය උදවියට බඩු විකුණලා ගාණ හොයාගන්න එකම නෙවෙයි. ඊට වඩා මාකටින් පැත්තෙන්, බිස්නස් එකට ට්‍රේඩ්මාක් එකක් හදාගැනීම පැත්තෙන් ඒක වටිනවා. ඒ වගේම තමයි නව කන්ටැක්ට්ස් එහෙමත් ඇති වෙනවා. දැන් අලුතින් කප්කේක් හදන බිස්නස් එකකට ඔය ඊට් ස්ට්‍රීට් කලම්බෝ වගේ ෆුඩ් ෆෙස්ටිවල් එකකට ඔලුව දාන එක පාඩු නෑ.

    ඒ වගේම තව දෙයක්. ඔය කොළඹින් එහාට යනකොටත් ඉස්කෝල වල, ගම් වල එහෙම පොඩි පොඩි කානිවල් තියෙනවා. ඒවා පොඩියි කියලා අත අරින්න එපා. එතනින් වෙන කවුරුවත් අල්ලලා නැති ක්ලයන්ට් බේස් එකක් සමහර විට හදාගන්න ලැබෙන්න පුලුවන්.

    ඒ වගේම මතක තියාගන්න, පාරට බැහැලා මෙහෙම මාකටින් කරනකොට පුලුවන් තරම් සූක්ෂම වෙන්න ඕන. මූණට ඇනලා මේ මගේ බිස්නස් එක කියන ටයිප් මාකටින් වලින් වෙන්නේ පාඩුවක්.



    9. ඔන්ලයින් ටූල්ස් පාවිච්චි කරන්න :dull::dull:

    Marketing a Small Business
    Source – techwyse.com
    තමන්ගේ පොඩි බිස්නස් එකට සෑහෙන්න ඔන්ලයින් මාකටින් පාවිච්චි කරනවා නං, ඒක ක්‍රමේකට කරන්න ඕන. අපි කලිනුත් කිව්වනේ, උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා බිස්නස් පේජ් එක ෆේස්බුක් එකේ බූස්ට් කරන එකට නෙවෙයි මාකටින් කියන්නේ. ඒකට පොඩි විශ්ලේෂණයක් කරලා, බොහොම නිවැරදිව අල්ලන්න ඕන තැන් අල්ලන්න ඕන. ඒ වැඩේට හරියන ඔන්ලයින් ටූල්ස් ඕන තරම් තියෙනවා.උදාහරණයක් විදියට අපි මෙහෙම හිතමු. මොකක් හරි ප්‍රඩක්ට් එකක් ගැන පෝස්ට් එකක් ෆේස්බුක් එකේ බූස්ට් කලාට පස්සේ අපිට පෙන්නනවා ඒ බූස්ට් කිරිල්ල නැතුව කී දෙනෙක් බලලා තියෙනවද, බූස්ට් කරපු නිසා කී දෙනෙක් බලලා තියෙනවද කියලා. ඇත්තටම වැඩි කරගන්න ඕන මේ බූස්ට් නැතුව බලන (ඕගැනික් වීවර්ස්) කට්ටිය තමයි. බූස්ට් කරනවා කියන්නේ ඒ කිව්ව දේට බූස්ට් එකක් විතරයි. ඉතින් මේ ඇනලිසිස් එක අනුව හොයාගන්න පුලුවන් තමන් යන මාකටින් පාර හරිද, නැතිනම් වෙන ක්‍රමවේදයන්, උපායයන් පාවිච්චි කරන්න ඕනද කියලා. එහෙම නැතිනම් වැරදි කස්ටමර් බේස් එකකටද කතා කරන්නේ කියලා. වෙබ් සයිට් එකක් කරනවා නම් වුනත් ගූගල් ඇනලිටික්ස් එහෙම පාවිච්චි කරන්න පුලුවන් මේ විදියට තමන්ගේ මාකටින් ක්‍රමවේදයන් හැඩගස්වා ගන්න. නිකං දීලා තියෙන ටූල් වලින් වැඩ ගන්න පුලුවන් කම තියෙනකොටත් ඒවා නොකර ඉන්න එක අපරාදේ.



    10. පෙට්ටියෙන් එලියට බැහැලා හිතන්න

    Marketing a Small Business
    Source – loismccullough.com
    මේක තමයි ඇත්තටම මේ කිව්ව පොයින්ට් වලින් වැදගත්ම එක. ඒ කියන්නේ තමන්ගේ නිර්මාණශීලීත්වය ප්‍රයෝජනයට ගන්න එක. උදාහරණයක් විදියට මෙහෙම හිතන්න. තමන්ගේ පොඩි වාහනයක් තියෙනවා බිස්නස් එකට පාවිච්චි කරන්න. ඕක ඕනෙ නං තියෙන විදියටම පාවිච්චි කරන්නත් පුලුවන්. එහෙම නැත්නම් බිස්නස් එකේ ලෝගෝ එක සහ ආකර්ෂණීය ඇඩ්වර්ටීස්මන්ට් එකක් වාහනේ පේන්ට් කරන්නත් පුලුවන්. මේක ගෙදර වාහනේ නං එහෙම කරන එක පොඩ්ඩක් කේස් තමයි. ඒත් මේකෙන් ජනප්‍රියත්වයට ලැබෙන බූස්ට් එක හරි වටිනවා.

    තව උදාහරණයක් ගම්මු. අපි කලිනුත් කිව්වනේ ලංකාවේ ඔන්ලයින් ස්ටාර්ට් අප් වැඩි වැඩියෙන් බිහිවෙන්න පටන් අරගෙන තිබුණත්, ඔන්ලයින් පේමන්ට් කරන්න ලංකාවේ ගොඩක් දෙනෙක් දෙතුන් පාරක් හිතනවා, බය වෙනවා කියලා. ඉතින් ඕක ගැන හිතන කවුරුහරි ඩයල් එකක් පටන් ගන්නවා මෙහෙම ක්‍රමයක්. “හරි, ඕන බඩුව මොකක්ද කියලා ‍තෝරගන්න, අපි ගෙදරට ඩිලිවර් කරනවා, ඩිලිවර් කලහම බලලා සල්ලි දෙන්න” කියලා. මේ කෑෂ් ඔන් ඩිලිවරි කියන එක මේ පොර හොයාගත්තු ක්‍රමයක් නෙවෙයි තමයි. හැබැයි ලංකාවට ගැලපෙනම ක්‍රමයක් කියලා වැඩේ පටන් ගත්තේ පොර. දැන් කී දෙනෙක් කෑෂ් ඔන් ඩිලිවරි සිස්ටම් එක තමන්ගේ බිස්නස් වලට පාවිච්චි කරනවද? ආන්න ඒ විදියට තමන් බිස්නස් කරන සමාජෙට ගැලපෙන දේවල් නිර්මාණශීලීව, ඉන්න රාමුවෙන් එලියට ඇවිත් හිතලා කරන්න පුලුවන් වෙන එකත් අනිවා අවශ්‍යයි.



    හැබැයි මේ මොන ක්‍රමේට මාකටින් පාර දැම්මත් ඔලුවේ තියාගන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක්, තමන් කරන්නේ බිස්නස් එකක්. ඒ නිසා තමන් විකුණන ප්‍රඩක්ට් එක හරි සර්විස් එක හරි නියම විදියට පෙන්වලා දෙන්න ඕන. දෙවෙනුව, තමන්ට මේ බිස්නස් එක කරන්න පුලුවන් වෙන්නේ හොඳ කස්ටමර් බේස් එකක් හිටියොත්. ඒ නිසා තමන්ගේ ප්‍රඩක්ට් එක හරි සර්විස් එක හරි සාධාරණ මිලකට දෙනවා වගේම කස්ටාව රවට්ටන්නේ නැතුව, කස්ටාව කඩේ යවන්නේ නැතුව, කස්ටාට ඕන නං ගනින් නැත්තං පලයන් ලෙවල් එකෙන් නැතුව මාකටින් කරන්න පුලුවන් වෙන්න ඕන. ආන්න ඒ විදියට කලොත් දියුණුවක් තියේවි!

    Uputa ganeemaki
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!