සෙම වැඩිද ? පිනසය වගේද?

Matsola

Well-known member
  • Mar 18, 2017
    731
    734
    93
    සෙම වැඩිද ? පිනසය වගේද?

    ආයුර්වේදයේ දැක්වෙන පීනස් රෝගය ලක්ෂණ:(:(:(

    • නාසයෙන් නිරන්තරයෙන් සොටු දියර ගැලීම
    • කිවිසුම් යාම
    • හිසෙහි බරගතිය
    • නාසය වාතයෙන් වියළුණු සෙම් කොටස් වලින් බැඳීම
    • නාසය සෙම් කොටස් වලින් තෙත්ව පවතීම
    • ගඳ, සුවඳ මධුරාදී රස නොදැනීම

    ආයුර්වේදයේ දැක්වෙන පීනස් රෝගය ඇතිවිමට බලපාන හේතු:shocked::shocked::shocked:

    ආයුර්වේදයේ දැක්වෙන පරිදි බොහෝ රෝග වලට හේතු වන පරිදි ආමය පීනස සඳහා හේතු වේ. අග්නිමාන්ද්ය හෙයත් ගින්න මදකම හේතුවෙන් ආම අවස්ථාවක් හටගෙන රස ධාතු සහ රක්තය දූෂණ වීම නිසා පීනස හටගනී.
    පාරම්පරිකවද පීනස හටගැනීමේ අවධානමක් පවතී. ප්රතිශ්යාවට නිසි ප්රතිකාර නොයෙදීමෙන් මෙන්ම ප්රතිශ්යාව පවතින විට දිය නෑමෙන්ද පීනස හටගනී. මීට අමතරව දහවල් නින්ද, රාත්රී නිදි වැරීම, තද අව් රශ්මියට, පිනිදියට නිරාවරණය වීම ආදිය ද බලපායි. අහිතකර ආහාර පාන පීනස සදහා බලපාන ප්රධාන හේතුවක් බව ආයුර්වේදයේ විග්රහ කොට ඇත. එනම්
    ශීත කළ ජලය,
    ශීත කළ ආහාර පාන,
    උෂ්ණ ගුණින් යුතු ආහාර ( ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, තක්කාලි, අච්චාරු).
    විදුලි පංකා,
    වායු සමීකරණ සහිත කාමර වල නිතර ගැවසීම,
    මෙන්ම සිතේ ඇතිවන කැලඹීම් හා මානසික හේතූන්

    මීට අමතරව අසාත්මිකතාවය පීනස සඳහා බලපාන ප්රධාන හේතුවක් බව ආයුර්වේදයේ මෙන්ම නව්ය වෛද්ය විද්යාවේද දක්වා ඇත.:nerd:

    උදා - ආශ්වාස ද්රව්ය - දූවිලි, මල්රේණු, සුවඳ විළවුන්
    ස්පර්ශ ද්රව්ය - පැලෑටි, සත්තු, මල් ආදිය
    හතික කාරක - උෂ්ණ, ශීත ද්රව්ය
    පරපෝෂක ද්රව්ය - ජීවාණු
    අධිග්රහණ ද්රව්ය - ආහාර, ඖෂධ


    පීනස් රෝග ප්රභේද / රෝග ලක්ෂණ

    දේශීය චිකිත්සාවේ පීනස් ප්රභේද 18 ක් දක්වා ඇත. එම ප්රභේද අතුරින් සෙම් පීනස, ප්රතිශ්යා පීනස, ගල් පීනස, ගඳ පීනස යන ප්රභේද සමාජයේ බහුලව දැකිය හැක.

    සෙම් පීනස

    නිතර කිවිසුම් යාම
    නාසයෙන් සොටු දියර ගැලීම
    මෙම ලක්ෂණ උදෑසන අවදි වූ විගස, පිනිබෑම, ස්නානයෙන් පසු, අධික ශීත ආහාර පාන ලබා ගැනීමෙන් අනතුරුව සහ දුම්, දූවිලි, පරාග ආදී අසාත්මිකතා හේතුවෙන් බහුලව ඇතිවේ.
    හිස බරගතිය හා හිසරදය
    හුස්ම ගැනීමේ අපහසුව
    ඇස්, කණ්, නාසා ආශ්රිත කැසීම
    උගුරේ සෙම බැඳීම

    ප්රතිශ්යා පීනස

    නාසයෙන් සොටු සමග සැරව පිටවීම
    නාසයේ යමක් සිරවී ඇති බවක් දැනීම
    නාසය දෙපස කළු වීම
    ලේ රස සහ කුණු රසක් මුඛයට දැනීම
    නාසයේ ගඳ බව
    මෞඛ ශ්වසනය
    ඇසීම අඩුවීම
    කණ් අගුළු වැටීම

    ගල් පීනස

    බොහෝ විට සොටු දියර ගැලීමක් නොමැත
    හිස ඉහලට එසවීමේදී සහ පහත් කිරීමේදී වේදනාව
    නලලට සෙමින් තට්ටු කිරීමේදි වේදනාව
    කිවිසුම් යාම
    කරැකැවිල්ල
    අධික හිසරදය


    පීනස පවතින රෝගීන්ට ප්රතිශ්යාව වැළඳුණු විට සෙසු පුද්ගලයන්ට වඩා අපහසුතාවයක් සිරුරට දැනේ. සෙම් දෝෂය අධික බැවින් අධික නිදිමත, සිරුරේ බර බව සහ අලස බව ඇති වේ.:yes::yes::yes:
    පීනස් රෝගීන් අතුරින් සමහරෙකුට නාසයෙන් ලේ පිටවීමක් දැක ගක හැක. දේශීය චිකිත්සාවේ ලේ පීනස ලෙස හඳුන්වා ඇත්තේ එම අවස්ථාවයි. එමෙන්ම දූෂිත වූ සෙම පෙණහලූ කරා ගොස් ලය පීනස හටගනී.

    පීනස් රෝග උපද්රව

    මුල් අවස්ථාවේ පීනස් රෝග ලක්ෂණ පිළිබඳව නොසලකා හැරීම සහ ප්රතිකාර නොකර සිටීම හේතුවෙන් පසු කාලීනව දරුණු උපද්රව ඇතිවීමට ඉඩ ඇත. එසේ හටගත හැකි ප්රධාන උපද්රවයකි තමක ශ්වාසය හෙවත් ඇදුම රෝගය ය. එබැවින් පීනස පවතින විට ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මීට අමතරව හටගත හැකි උපද්රව ලෙස හිස කෙස් සුදුවීම හා ගැලවී යාම, විදුරුමස් පැසවීම හා දියවීම, විදුරුමසින් ලේ ගැලීම, මුඛය හා නාසයේ දුර්ගන්ධය, නාසයේ මස් දළු හටගැනීම, කර්ණ ප්රදාහය, ඇතැම් අවස්ථා වල දිගුකාලීනය පවතින කැස්ස මෙන්ම පෙණහලූ වල ආසාදන තත්ත්වද හටගත හැක.

    පීනස් රෝග ප්රතිකාර

    පීනස් රෝගය විවිධ හේතූන් මත හටගත හැකි විවිධ රෝග ලක්ෂණ වලින් යුක්ත වූ රෝගයක් බැවින් පොදු ප්රතිකාර පන්තියක් දැක්වීම අපහසුය. ඇතැම් රෝගීන්ට මෙම රෝගය වෙනත් රෝග හා අනුබන්ධවී පවතිනු දැකගත හැක. දෝෂ තත්ත්වය අනුව ප්රතිකාර කළ යුතු රෝග තත්ත්වයක් වන පීනස රෝගය සුවකිරීම සඳහා ප්රත්යක්ෂ ආයුරුවේද ප්රතිකාර පවතී. අභ්යන්තර ඖෂධ මෙන්ම බාහිර ප්රතිකාර පවතී. පංචකර්ම ප්රතිකාර අතුරින් නස්ය ප්රතිකාරය මේ සඳහා ඉතා සුදුසු වේ. පීනස රෝගයේදී නස්ය කර්මය යොදන්නේ කල්ගත වූ අවස්ථාවේ පමණි. නව පීනසට නස්ය කර්ම යොදනු නොලැබේ. මීට අමතරව
    ස්නේහ ( තෙල් ගෑම ),
    ස්වේද ( වාෂ්ප ඇල්ලීම),
    ඖෂධීය ධූමපාන,

    මීට අමතරව රෝගයෙන් වැළකී සිටිම සඳහා :no::no::no:

    රාත්රී නිදි වැරීමෙන් හා දිවා නින්දෙන් වැළකීම.
    දුම්, දූවිලි අසාමික කාරක වලින් ඈත්වීම.
    සවස් කාලයේ සහ ශීත දේශගුණයක් පවතින විට දිය නෑමෙන් වැළකීම.
    ශීත කළ ආහාර පාන වළින් හැකිතාක් ඈත් වීම.





    sources from internet
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    matath thiyenawa bn oka.pinas da danne ne.eth sema nitharama.mekata sinhala behethak nadda araganna.epa wenawa bn udata adalama..
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    731
    734
    93
    matath thiyenawa bn oka.pinas da danne ne.eth sema nitharama.mekata sinhala behethak nadda araganna.epa wenawa bn udata adalama..

    :yes::yes::yes:
    සිංහල ගොටුකොළ මිටක් සහමුලින් ගෙන රතුළුණු ගෙඩි 7ක් දමා හොදින් කොටා ඉස්ම මිරිකගන උදේ හිස්බඩ සති දෙකක් බොන්න.
     

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    සෙමට රතු මිරිස් වල සම්බන්දයක් ඇත්තෙම නැද්ද?

    ස්තුතියි දෙයියො
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,200
    113
    ++ tfs :love:
    මට ඔලුවේ ගොඩක් සෙම තියෙන්නේ බන්. ඔලුව ඇතුලෙන් හෙල්ලෙනවා වගේ වැඩි උනහම. :nerd::baffled:
    එපා වෙනවා පොඩි කාලේ ඉදලා බෙහෙත් බීලම එපා වෙලා ඉන්නේ..
    මැරිච්ච දවසට තමයි මටනම් හොද වෙන්නේ. :dull:
     

    yesyesyes

    Junior member
  • Jul 22, 2012
    144
    11
    18
    ++ tfs :love:
    මට ඔලුවේ ගොඩක් සෙම තියෙන්නේ බන්. ඔලුව ඇතුලෙන් හෙල්ලෙනවා වගේ වැඩි උනහම. :nerd::baffled:
    එපා වෙනවා පොඩි කාලේ ඉදලා බෙහෙත් බීලම එපා වෙලා ඉන්නේ..
    මැරිච්ච දවසට තමයි මටනම් හොද වෙන්නේ. :dull:
    mage papuwe ban

    naaheyan kawadata sema anne

    kibihuyaadi katata sema enawa ban
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    731
    734
    93
    ++ tfs :love:
    මට ඔලුවේ ගොඩක් සෙම තියෙන්නේ බන්. ඔලුව ඇතුලෙන් හෙල්ලෙනවා වගේ වැඩි උනහම. :nerd::baffled:
    එපා වෙනවා පොඩි කාලේ ඉදලා බෙහෙත් බීලම එපා වෙලා ඉන්නේ..
    මැරිච්ච දවසට තමයි මටනම් හොද වෙන්නේ. :dull:

    Try karala balanna sinhala beheth. hodawenna kal giyata aniwa hoda wei
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    :yes::yes::yes:
    සිංහල ගොටුකොළ මිටක් සහමුලින් ගෙන රතුළුණු ගෙඩි 7ක් දමා හොදින් කොටා ඉස්ම මිරිකගන උදේ හිස්බඩ සති දෙකක් බොන්න.

    සිංහල ගොටුකොළ??????? :confused: