ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page මීවනපලානේ අමන බණ.
Reply
 
Thread Tools
(#1)
Old
ජිංතක ජිල්ලබකිට ජිංතක ජිල්ලබකිට is offline
Senior Member
ජිංතක ජිල්ලබකිට is infamous around these partsජිංතක ජිල්ලබකිට is infamous around these parts
 
Posts: 1,792
Join Date: Jul 2012
මීවනපලානේ අමන බණ. - 05-06-2017, 09:42 AM

බුදුන් උපන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිර මූදේ

මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස.



මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේගේ ඇබිත්තයෙක් වන, 2012 අගදී සිදුවන ලෝක විනාශය මුලදීම ලොවට හෙළි කළ, දොන් ජයසිංහයන් විසින් අන්තර්ජාලයේ එය තවත් හොඳින් පැහැදිළි කර තිබෙන්නේ මෙලෙසයි. [මූලාශ්‍රය]




ඔබට මේ කතාව පැහැදිළි ඇති. තාමත් පැහැදිළි මදි අයට සරළව මෙලෙස විස්තර කරන්නම්.

මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විස්තර කළ විදියට, බුදු කෙනෙක් පහළ වන්නේ දැන් ශ්‍රී ලංකාව විදියට හැඳින්වෙන අපේ හෙළබිමේය. එසේම ලෝකයේ යහපත් කෙළවර හෙළබිමේ තිබෙන අතර ඒකේ අනික් කෙළවර තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේය. බුදුරදුන් පිටදුන් හිරිවඩුන්න බෝධිය හෙවත් බුද්ධත්වයට පත් වූ තැනට ප්‍රතිවිරුද්ධ තැන බර්මියුඩා ත්‍රිකෝණයයි.

තවත් පැහැදිළිව කියනවනම් , "ලෝක ගෝලයේ බර්මියුඩා ත්‍රිකෝණය තිබෙන තැනට හරියටම අනික් පැත්තේ තමයි බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත් වුණේ"

කවුරුවත් වර්ගපූර්ණිකාවට විරුද්ධව අවි අමෝරා ගන්න එපා. මේ කතාව මම නෙමෙයි කියන්නෙ, මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ සහ උන්න්නාන්සේගේ ගෝල බාලයනුයි. මම ඉතින් ඒ ගැනත් සුපුරුදු පරිදි හෙළගවේශණය කරල ඉවර වෙලා හෙළුවෙන් වනන්නයි (හෙළුවෙන්=එළුවෙන්=සිංහලෙන් වර්ණනාකරන්නයි) මේ සූදානම.

අපි බර්මියුඩා ත්‍රිකෝණයට අනික් පැත්ත කුමක්ද කියා බලමු. වෙබ් අඩවි වලින් ඒ ගැන තොරතුරු සොයද්දී මෙවැනි දෙයක් දැනගැනීමට පුළුවන්.

When you visit the coastal region of Western Australia you are standing on the Antipode (opposite side) of the Bermuda Triangle!
If the earth were a glass ball and you were able to see through it to the other side what would you find directly beneath your feet? The Island of Bermuda is almost directly opposite Fremantle, Rottnest Island (Perth Metro Area). The Triangle includes the greater part of the West Australian coastline. When visiting this region of Western Australia you are literally on the 'Other Side' of the infamous Bermuda Triangle!
source: http://www.americandownunder.com/pha...outh/bsgeo.asp

ඊට අමතරව ඔබටම මේ ගැන පොඩි පර්යේෂණයක් කරන්න පුළුවන්. www.antipodemap.com/ යනුවෙන් හැඳින්වෙන්නේ ලෝකයේ අනික් පැත්ත කුමක්ද කියල විද්‍යාත්මකව ගණනය කරන එක්තරා වෙබ් අඩවියක්. (මේ වගේ වෙබ් අඩවි ඕනැ තරම් තිබෙනව). අපි බලමු එහි ප්‍රතිඵලය.



දැන් මෙතන පොඩි පරස්පරතාවයක් තිබෙනව කියල ඔබට හිතෙන්න ඇති. එනම්, හෙළ බිම හැර අන් කිසිම තැනක බුදු කෙනෙකුගේ බුද්ධත්වයට පත් වීම සිදු නොවන බව ඉහත පොතේ උදෘතයේ දැක්වෙනවානේ. නමුත් ඉහත ප්‍රතිඵල අනුව අපට පෙනෙන්නේ බුදුන් බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බවයි.

කලබල වෙන්න කරි නෑ. මෙන්න මේ වෙලාවෙදි අපට දෙයියෙක් වගේ අරිසෙන් අහුබුදු වන් පිහිට වෙනව. අරිසෙන් අහුබුදුවන්ට අනුව මුළු ලෝකයම ශිෂ්ටාචාර කරලා තියෙන්නේ අපේ හෙළුවන් විසිනුයි. ඒ අනුව බුද්ධ කාලයේදී බටහිර ඕස්ට්‍රේලියාව අපගේ හෙළයේ කොටසකි. බොරුයි කියල හිතෙනවනම් එහෙම නෑ කීමට තිබෙන සෙල් ලිපි පෙන්වන්න. ඒ වගේම මූදෙ යට බෝ ගස් වැවුණද වැනි මෝඩ ප්‍රශ්න එහෙමනම් අහන්න එපා.

හෙළුවනි, අපට මෙය අගනා සොයාගැනීමක් නොවේද? ශ්‍රී රාවණයන් ගැන ආඩම්බර වීම මදකට නවතා දමා බටහිර ඕස්ට්‍රේලියාව අපේ හෙළයේ කොටසක් වීම ගැනත් අපි ආඩම්බර වෙමු. දැන් බුද්ධගයාව වන්දනා කරන්න කියල යනවනම්, අපේ මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ පවසන විදියට ඔය වන්දනා නඩ යන්න ඕනැ බටහිර ඕස්ට්‍රේලියාවටයි .


මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ ගේ ඉතිහාසය උඩු යටිකුරු කරන තවත් බොහෝ සොයාගැනීම්, හුදී ජනයාගේ පහන් සංවේගය තකා ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. හා දැන් හැමෝම අපේ උන්නාන්සෙට සාදු කියන්න...

ප:ලි: සමහරු කියල තිබුණ උන්නාන්සේ තමන් බොරුවක් කිව්ව කියල පිළිගත්ත කියල. ඒ ගැන දැක්වෙන මූලාශ්‍රයකට තිබෙන්නේ මේ sorry.com පි‍ටුව පමණයි. නමුත් එහි කොමෙන්‍ටු අනුව උන්නාන්සේගේ ගෝල බාලයින් නම් උන්නාන්සේ බොරුවක් කිව්ව කියන එක ප්‍රතික්ෂේප කරල. ඒ මදිවට, බ්ලොග් අවකාශයේ කොමෙන්ට් දාන උදවිය නොදන්නව වුණාට ජන්බුද්වීපය ගැන තාමත් ක්‍රියාකාරී ෆේස්බුක් ගෲප් හැට හුටහමාරක් තිබෙනව. (නොමිලේ ප්‍රචාරයක් ලබා දුන්න කියල ඔවුන් ලැජ්ජාවට පත් වෙන නිසා ඒවයෙ ලින්ක් දාන්න මම කැමති නැහැ). ඉතින් ඔන්න ඔය කාරණා නිසා ජන්බුද්වීපය ගැන (ජම්බුද්වීපය ගැන නෙමෙයි) ඉදිරියේදීත් හෙළුවෙන් වනන්නයි මගේ සූදානම.
Reply With Quote
(#2)
Old
ජිංතක ජිල්ලබකිට ජිංතක ජිල්ලබකිට is offline
Senior Member
ජිංතක ජිල්ලබකිට is infamous around these partsජිංතක ජිල්ලබකිට is infamous around these parts
 
Posts: 1,792
Join Date: Jul 2012
laugh 05-07-2017, 08:13 PM

bump
Reply With Quote
(#3)
Old
Skylark Skylark is offline
Senior Member
Skylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these parts
 
Posts: 2,371
Join Date: Feb 2010
05-09-2017, 04:44 PM

මේ මීවනපලානේ හාමුදුරුවෝ පචෝරිස් කෙනෙක් නොවැ. පරම සත්‍යය යැයි කියමින් ඉහත දැක්වෙනවා බඳු ටොම් පච පවසන පචෝරිස්ලාගෙන් පරම සත්‍යය දැනගන්න පුළුවන් යැයි හිතන අයත් මෝඩයෝ.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ දෙවදහ වග්ගයේ දෙවදහ සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp6/18 ] භික්ෂූන් වහන්සේලාගේ සීලය ගැන විස්තර කෙරෙන විට මෙසේ සඳහන්ව තිබෙනවා (20 පිටුව):

"මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, සච්‌චවාදී සච්‌චසන්‌ධො ථෙතො පච්‌චයිකො අවිසංවාදකො ලොකස්‌ස."

මේ එහි සිංහල පරිවර්තනය:

"මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වෙයි. සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගළපනුයේ ස්ථිරකථා ඇතියේ හැදැහියයුතු වචන ඇතියේ ලොවට විසංවාද නො වූයේ (ලොව නො රවටනුයේ) වෙයි."

ඉහත දැක්වෙන බර්මියුඩා ත්‍රිකෝණ කථාව බඳු කථා සත්‍යයෙන් සත්‍යය ගැළපීම යැයි කෙසේ කියන්නද? ඒවා අහිංසක මිනිස්සු මුළාවට පත් කරන කථා නොවැ.

ටොම් පච පවසන මීවනපලානේ පචෝරිස් හිමිගේ කථා හැදැහිය යුතු යැයි හිතන අයත් මෝඩයෝ.

Skylark
Reply With Quote
(#4)
Old
ජිංතක ජිල්ලබකිට ජිංතක ජිල්ලබකිට is offline
Senior Member
ජිංතක ජිල්ලබකිට is infamous around these partsජිංතක ජිල්ලබකිට is infamous around these parts
 
Posts: 1,792
Join Date: Jul 2012
05-10-2017, 10:44 AM

Quote:
Originally Posted by Skylark View Post
මේ මීවනපලානේ හාමුදුරුවෝ පචෝරිස් කෙනෙක් නොවැ. පරම සත්‍යය යැයි කියමින් ඉහත දැක්වෙනවා බඳු ටොම් පච පවසන පචෝරිස්ලාගෙන් පරම සත්‍යය දැනගන්න පුළුවන් යැයි හිතන අයත් මෝඩයෝ.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ දෙවදහ වග්ගයේ දෙවදහ සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp6/18 ] භික්ෂූන් වහන්සේලාගේ සීලය ගැන විස්තර කෙරෙන විට මෙසේ සඳහන්ව තිබෙනවා (20 පිටුව):

"මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, සච්‌චවාදී සච්‌චසන්‌ධො ථෙතො පච්‌චයිකො අවිසංවාදකො ලොකස්‌ස."

මේ එහි සිංහල පරිවර්තනය:

"මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වෙයි. සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගළපනුයේ ස්ථිරකථා ඇතියේ හැදැහියයුතු වචන ඇතියේ ලොවට විසංවාද නො වූයේ (ලොව නො රවටනුයේ) වෙයි."

ඉහත දැක්වෙන බර්මියුඩා ත්‍රිකෝණ කථාව බඳු කථා සත්‍යයෙන් සත්‍යය ගැළපීම යැයි කෙසේ කියන්නද? ඒවා අහිංසක මිනිස්සු මුළාවට පත් කරන කථා නොවැ.

ටොම් පච පවසන මීවනපලානේ පචෝරිස් හිමිගේ කථා හැදැහිය යුතු යැයි හිතන අයත් මෝඩයෝ.

Skylark
මේ උමතුවට පත්වූ පුද්ගලයෙක්. මම හිතන්නේ ත්‍රිපිටක ධර්මය වැරදියට අර්තකථනය කරන විට නිරායාසයෙන් උමතුවට පත්වී මේ වගේ අමු මුග්ධ කතා කියමින් අන් අය ඉදිරියේ විහිලුවක් බවට පත් වීම බුද්ධ වචනයේ හාස්කමක් ද දන්නෙත් නැහැ.
Reply With Quote
(#5)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio will become famous soon enough
 
Posts: 707
Join Date: Feb 2016
05-12-2017, 09:53 AM

Quote:
Originally Posted by ජිංතක ජිල්ලබකිට View Post
මේ උමතුවට පත්වූ පුද්ගලයෙක්. මම හිතන්නේ ත්‍රිපිටක ධර්මය වැරදියට අර්තකථනය කරන විට නිරායාසයෙන් උමතුවට පත්වී මේ වගේ අමු මුග්ධ කතා කියමින් අන් අය ඉදිරියේ විහිලුවක් බවට පත් වීම බුද්ධ වචනයේ හාස්කමක් ද දන්නෙත් නැහැ.
ඔය කියන කතාව ඇත්ත නම් තව බට සුද්ද කරන හැටි කියල දෙන Monk-Plumbers ලාටත් පිස්සු හැදිලයි නවතින්නේ!
Reply With Quote
(#6)
Old
blacktulip's Avatar
blacktulip blacktulip is offline
Senior Member
blacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to beholdblacktulip is a splendid one to behold
 
Posts: 13,411
Join Date: Dec 2009
Location: යතාර්තය ඇතුලෙ
05-12-2017, 12:30 PM

bump
Reply With Quote
(#7)
Old
Skylark Skylark is offline
Senior Member
Skylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these parts
 
Posts: 2,371
Join Date: Feb 2010
05-16-2017, 01:33 PM

සත හට ටොම් පච දෙසනා කෙනෙකු ගැනයි මම කියන්නෙ
බර්මියුඩා ත්‍රිකෝණයට දහම් කථා පටලවන්නෙ
මාංශ ආහාරය ගැන නෑසු බොරු දෙසා ලන්නෙ
කවියෙන් මේ පද තෝරන හැමෝම හට පින් ලැබෙන්නෙ

* උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?t=1797629

Skylark
Reply With Quote
(#8)
Old
Skylark Skylark is offline
Senior Member
Skylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these partsSkylark is infamous around these parts
 
Posts: 2,371
Join Date: Feb 2010
07-04-2017, 11:34 AM



පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589

Skylark
Reply With Quote
(#9)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 33,981
Join Date: Oct 2009
Location: New caledonia
07-04-2017, 11:45 AM

ප්‍රශ්න කීපයක් ඇතිවිය

1. බුදුහාමුදුරුවෝ ඔස්ට්‍රේලියෙවේ බටහිර මූදේ බුදු උනේ නං සිදුහත් කුමරා ඇබොජියංස් කෙනෙක් වෙන්න බැරිද ?
2. ලංකාවට ජම්බුදිව්පේ කියන්නේ ඇයි ? ජම්බු ගස් තියෙන නිසා ද ? ජම්බු ගහෙන් වැටීම යනු කුමක්ද ?
3. සිංහලු හෙළුවන් නමින් හැඳින්වන්නේ ඇයි ? ඉපදෙන්නේ හෙළුවෙන් නිසාද ?
4. සියල්ල පහල වෙන්නේ මේ මුතු ඇටේ (හෝ ඇට දෙකේ) නං සක්විති පහල වෙලත් බුදු කෙනෙක් පහල වෙන්න පරක්කු ඇයි ?
Reply With Quote
(#10)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio will become famous soon enough
 
Posts: 707
Join Date: Feb 2016
07-08-2017, 12:47 AM

Quote:
Originally Posted by pavithra_uk View Post
ප්‍රශ්න කීපයක් ඇතිවිය

1. බුදුහාමුදුරුවෝ ඔස්ට්‍රේලියෙවේ බටහිර මූදේ බුදු උනේ නං සිදුහත් කුමරා ඇබොජියංස් කෙනෙක් වෙන්න බැරිද ?
2. ලංකාවට ජම්බුදිව්පේ කියන්නේ ඇයි ? ජම්බු ගස් තියෙන නිසා ද ? ජම්බු ගහෙන් වැටීම යනු කුමක්ද ?
3. සිංහලු හෙළුවන් නමින් හැඳින්වන්නේ ඇයි ? ඉපදෙන්නේ හෙළුවෙන් නිසාද ?
4. සියල්ල පහල වෙන්නේ මේ මුතු ඇටේ (හෝ ඇට දෙකේ) නං සක්විති පහල වෙලත් බුදු කෙනෙක් පහල වෙන්න පරක්කු ඇයි ?
Reply With Quote
Reply

Bookmarks

Tags
පචෝරිස්, මීවනපලානේ, මුඩුක්කු රැල

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04058 seconds with 8 queries