Make More Money on Fiverr

DIY

Member
Mar 18, 2016
830
249
0
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ෆයිවර් එකේ සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාල ඕඩර් අරගෙන ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්නේ කියලා..:love:

ඔයාලා දැන් ගොඩක් දෙනෙක් දන්නවා ෆයිවර් කියන්නේ ලංකාවේ වඩාත් ජනප්‍රියම ෆ්රීලාන්ස් සයිට් එක(ෆයිවර් කියන්නේ මොකක්ද කියලා නොදන්න අය මේ බ්ලොග් එක බලන්න.---> ලිංක් ) මීට අමතරව තව ගොඩාක් සයිට් තියෙනවා.

මම රස්සාව කලේ ත්‍රිමාණ නිර්මාණ ශිල්පියෙක් විදියට. අන්තිමේ මම තීරණය කලා සම්පූර්ණයෙන් ෆ්රීලාන්ස් කරන්න. රස්සවෙන් අස් වෙලා වැඩේට අත ගැහුවා. මුල් මාසයේ මට කෙල උනා. ආදායම රුපියල් 15,000යි. අන්තිමේදී සෑහෙන්න මහන්සි වෙලා මගේම සිස්ටම් එකක් හදාගත්තා. කියන්න සන්තෝසයි මම ආදායම ටික ටික දියුණු කරගත්තා ෆයිවර් අකවුන්ට් දෙකක් හදාගත්තා සම්පූර්ණ විස්තර දාලා ලංකාවේ විදියට:D:love: ඔහොම ඉන්දැද්දී තමා මට buyer requests section එකේ වටිනාකම මීටර් උනේ. ඒ වගේම මගේ ෆීල්ඩ් එකේ හරියට වැඩක් කරන අය අඩු නිසා එහෙම හිටියත් ගොඩක් අය ඉහල මුදලක් අය කරන නිසා මට පුලුවන් උනා සාධාරණ ගාණක් කතා කරගෙන වැඩේ ගොඩ දාගන්න.. ඒ කිව්වේ එක ඕඩර් එකක සාමාන්‍ය මුදල ඩොලර් 500ට වඩා වැඩි කරගන්න. මේ අප්‍රේල් මාසේ මගේ එක අකවුන්ට් එකක ආදායම රුපියල් 260,000යි. හරි මගේ බයිලා ඇති මෙන්න මේවා තමා මට දෙන්න තියෙන උපදෙස් ටික.

1. දියුණු වෙන්න ආසාවක් ඇති කරගන්න.

2. ෆයිවර් අකවුන්ට් එකේ හැම දවසකම buyer requests 10 අනිවාර්යයෙන් දාන්න.

3. මාසිකව ඉලක්කයක් හදාගෙන ඒක ලඟා කරගන්න උත්සාහ කරන්න.

4. quality = quantity සමබරව කරගෙන යන්න

5. හැම වෙලේම Professional විදියට කතා කරන්න. මැසේජ් වලදී සර් මැඩම් ගාන්නෙපා:rofl: ස්මයිලීස් ඉමොජීස් පාවිච්චි කරන්න එපා. :no: එයාලා පාවිච්චි කලත් උවමනාම නම් වරක් දෙවරක් පාවිච්චි කරන්න.:nerd:

6. වැඩක් බාරගන්න ගණන් කතා කරන්න කලින් ක්ලයන්ට්ගේ සම්පූර්ණ Requirement එක අහගන්න හොඳ පැහැදිලිව.

7. ක්ලයන්ට් ඉංග්‍රීසි කතා කරන්න අපහසුවෙන් නොතේරෙන දේවල් කියනවානම් ක්ලයන්ට් කොයි රටේද බලලා ඒ රටේ බාසාවෙන් ගූගල් Translate පාවිච්චි කරලා මැසේජ් එක දාන්න, නමුත් ඒ පරිවර්තනය වෙන දේ හරියටම හරි නොයන්න පුලුවන් නිසා I am not fluent in your language කියලා යවන්න.

8. පැයකට වරක්වත් මැසේජ් චෙක් කරන්න.

9. වැඩක් බාරගත්තා නම් ඒ නිවැරැදි වෙලාවට ඒක ඩිලිවර් කරන්න.:love:

10. සමහර ඕඩර් එනවා ඩොලර් 3000+ වගේ. සල්ලි පෙරේත කමට කරගන්න බැරි වැඩ බාරගන්න එපා. :angry:

11. වැඩේ කරගෙන යද්දී පුලුවන් හැම වෙලේම ක්ලයන්ට් ට අප්ඩේට් එකක් යවන්න.

12. ඩොලර් 500ට වඩා ලොකු වැඩ කොටස් වලට කඩලා කස්ටම් ඔෆර් විදිහට යවන්න. (පේපෑල් කේස් දාලා සල්ලි ආපහු කඩාගන්න උන් ඉන්න පුලුවනි නමුත් ඒ 1% විතර)

13. අවංකවම කතා කරන්න, කරන හැම වැඩක්ම ට්‍රැක් රෙකෝඩ් එකක් තියාගන්න .

14. සමහරු කරනවා වගේ බැක්ඩෝර් දාලා අනං මනං විකාර නටන්න එපා. කර්මය විස්වාස කරන්න. (No matter who you are karma will fk u for sure:nerd:)

15. තමන් කරන වැඩ වලින් Portfolio එකක් හදාගන්න.(අදාල ක්ලයිටන්ට් ගෙන් අවසර ගන්න) දැනටමත් තියෙනවා නම් අර කස්ටම් ඔෆර් යවද්දී එකත් යවන්න.

16. සමහර ලොකු ඕඩර් ගනිද්දී එයාලා එක පාරම දෙන්නේ නෑ. පොඩි සාම්පල් එකක් නොමිලේ කරලා යවන්න ලිංක් එකක් එක්ක.

17. ගොඩක් Buyer Requests වල එයාලා එක එක ගණන් දාලා තියෙනවා. තමුන්ට ඒ වැඩේ කරන්න පුලුවන් නමුත් ඒ ගාණ මදි නම් තමුන්ගේ ගාන දාලා යවන්න සාම්පල් එක්ක. ගොඩාක් වෙලාවට ක්ලයන්ට්ලා ඒ වගේ ඒවා සලකලා බලනවා.
(උදාහරණ - ඊයේ මට වැඩක් ආවා new lamborghini-urus custom කාර් එකක් (exterior only) මොඩ්ල් කරලා රෙන්ඩරිං කරන්න 2 images, එයා කියපු ගාණ ඩොලර් 20ක් නමුත් මම කිව්වා මේක හදන්න විතරක් ඩොලර් 350ක් අවම ඕන කියලා මම මගේ කොලිටිය පෙන්නන්න
කලිං රෙන්ඩරිං කරපු cars සාම්පල් යැව්වා මම මේ කොලිටියට කරන්නේ ඔය ගානට කරන්න බෑ සමා වෙන්න වෙන කාව හරි හම්බු වෙයි වැඩේ කරගන්න කියලා. පොර කැමති උනා:P හෙන මරිසිය දාලා තියෙන්නේ මට, ලාබෙට වැඩේ ගොඩ දාගන්න.:rofl:)

18. බයර් රික්වෙස්ට් වල ජාති 2ක් තියෙනවා එක කොටසක් මේ වැඩේ කරලා දෙන්න මෙච්චර ගෙවනවා කියලා දාලා තියෙනවා අනිත් ඒවා ගාණක් දාලා නෑ. අන්න ඒ ගාණක් දාලා නැති ඒවා ගොඩාක් විට තමුන්ගේ වාසනාව වෙන්න පුලුවනි.

මෙන්න මෝටිවේෂන් (එක ඕඩර් එකක් - ගතවූ කාලය දින 5යි - එයා 3D හදපු ගෙයක් රෙන්ඩරිං කරලා දෙන්න තිබ්බේ -> $1500 -20%fiverr fee - $1200=රුපියල් 181,700)
:P:rofl:

fus39g.jpg


මට දෙන්න තියෙන අවවාදය මේකයි

මුදල දිහා බලං වැඩ කරන්න එපා. ගාණ ලොකුයි කියලා කරන්න බැරි වැඩ බාරගන්න එපා. ඊලඟට එන ඕඩර් එක තමුන්ට තවත් එක ඕඩර් එකක් උනාට ඒ ක්ලයන්ට ඒක ගොඩාක් වැදගත්, ඒ වටිනාකම දෙන්න. කම්මැලිකම අතාරින්න. වැඩ දෙ
ක් කවදාවත් එක වගේ වෙන්නෙ නෑ. හැම ඕඩර් එකක්ම චැලේන්ජ් එකක් විදියට බාරගන්න. තමුන්ගේ ක්ලයන්ට් ට අවංක වෙන්න. හොදින් කතා කරන්න. දහ පාරක් කරන්න කිව්වත් කරලා දෙන්න. කොයි කස්ටමර් වත් worst client වෙන්නේ නෑ. එහෙම්මත් කාලකණ්ණි ඩයල් එකක් සෙට් උනොත් මිසක්. :angry:ප්‍රශ්නයක් තියෙනවා නම් ක්ලයන්ට් එක්ක කතා කරලා විසඳා ගන්න. එහෙම බැරි නම් resolve කරලා වැඩේ close කරලා දාන්න mutual cancellation. අවංකව මහන්සි වෙලා මේ මාසේ වැඩ කරන්න. ලබන මාසේ මටත් යමක් ඉගෙන ගන්න ඔයා ත්‍රෙඩ් එකක් දාන්න මෙන්න මම හෙව්වා කියලා. ඔයාට පුලුවනි දියුණු වෙන්න..

_/\_
- බුදු සරණයි-


පසු ලිවීම -
මම දන්නවා මේකේ ඉන්නවා මාසෙකට මිලියන ගණන් ෆ්රීලාන්ස් කරලා සල්ලි හොයන අය. ඒ වගේම මටත් වඩා මේ දේවල් ගැන දන්න අය මේකේ ඉන්නවා. වරදක් තියෙනවානම් නිවැරැදි කරන්න. ඔයාලා දන්න දෙයක් ක්‍රමයක් තියෙනවනම් කියලා දෙන්න.:D:love: ප්‍රශ්න තියෙනවානම් අහන්න, දන්න දෙයක් කියලා දෙන්නම්.
 
Last edited:

DIY

Member
Mar 18, 2016
830
249
0
මේ ලියන්නේ තමුන්ගේ අතේ තුට්ටු දෙක වියදම් කරලා මහා පරිමාණ ඩෙස්ක්ටොප් එකක් ගහලා වැඩේ ගොඩ දාන්න යන අයට. මගේ ඩෙස්ක්ටොප් එක මෙන්න මෙහෙමයි .(සල්ලි වැඩි නම් ගත්තට කමක් නෑ)
මම කරන්නේ 3ඩී රෙන්ඩරිං.
4 years old
Intel i3
8 GB ddr3 Ram
No Separate VGA :rofl::P (onboard 512mb shared)
Intel DH61H0 motherboard
80 GB + 160 GB HDD

Front Panel වයර් මීයෝ කපලා මලකඩ කාලා තියෙන්නේ:D

ඒකෙන් මේ වෙනකොට නොසෑහෙන්න වැඩ අරන් තියෙනවා. (ගතවෙන කාලය වැඩී තමා) නමුත් තව කල් තියෙනවා මේකෙන් වැඩ ගන්න.:rofl::P ඔයාලත් තියෙන දෙයින් වැඩක් අරන් දියුණු වෙන්න.
 

madmax9

Active member
  • Feb 21, 2017
    397
    61
    28
    ela machan niyama thread eka. puluwan nam kiyapanko buyer request load wena time eka. mage me dewaswala request godak dapu ewa tiyenne ekay bn.
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    up...thanx

    ela machan niyama thread eka. puluwan nam kiyapanko buyer request load wena time eka. mage me dewaswala request godak dapu ewa tiyenne ekay bn.

    ඔව් මචං මේ මාසේ ටිකක් අඩුයි වගේ තමා. ගොඩාක් වෙලාවට රෑ 2න් පස්සේ තමා මම දාන්නේ :nerd:

    එල මචන් +
    :D

    niyamai ban,,,ahanna asai oyawage katha

    එලස් :love:

    Patta. All the best Machan. Fiverr wala innawada bun $500 wage order ganna un?

    ඔව් මචං ඕඩර් එනවා ඕන තරම් හරියට කස්ටමර් ටෝක් කලා නම් වැඩේ ගොඩ:D

    බොක්කෙන් දාලා :love::D

    :love::D හංගලා වැඩක් නෑ මම විතරක් දියුණු වෙන්න අදහසක් නෑ. තව කවුරුත් කීයක් හරි හොයාගත්තා නම් සන්තෝසයි නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පට්ට බන් දන්නා දෙයක් අනික් අයටත් කියල දීල උනන්දු කරන එක වටිනවා :yes: +7

    ඕවගේ ක්ලයන්ට්ල එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද බන් මට කඩ්ඩ ලියාගන්න පුළුවන් email, chat අනං මනං ස්කයිප් එහෙම සෙට් උනාම තමා කෙලවෙන්නේ.