"Genius" - ජීනියස් - අලුතින්ම ලෝකයට එලිදැක්වුන අනර්ඝතම ටෙලිකතා මාලාවලින් එකක්.
මේ ටෙලිකතාවේ කථානායකය වෙන කව්රුත් නෙමෙයි මේ මිහිපිට ජීවත්වෙන හැම කෙනෙක්ම දන්න, ගෞරව කරන ලෝකයේ මෙතෙක් බිහිවුන ඉහලම බුද්ධිමතුන්ගෙන් ප්‍රධානතමයෙක් වන ඇල්බට් අයින්ස්ටයින්.
ජීනියස් ටෙලිකතාවෙ පලවෙනි කොටස විකාශන වුනේ ගිය මාසෙ 25 (2017 අප්‍රේල් 25) වෙනිද.
අද (2017 මැයි 13) දවස වෙනකොට ජීනියස් ටෙලිකතාවෙ කොටස් 3 විකාශනය වෙලා තියෙනව.
පලවෙනි සීසන් එකට වෝල්ටර් අයිසැක්සන් විසින් රචිත "Einstein, His Life and Universe" කෘතිය පදනම් කරගෙන තියෙනව.
දැනට විකාශනය වුන කොටස් 3 අතුලුව පලවෙනි සීසන් එකෙන් ඉදිරිපත් කෙරෙන්නෙ වර්තමානයේ අයින්ස්ටයින් මෙතරම් සුප්‍රසිද්ධවෙන්නෙ හේතුවුන කරුණු වලින් ප්‍රධානම වන "සාපේක්ෂතාවාදය" ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ තරුණවිය පසුබිම් කරගෙන.
ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, ගුරුවරයෙක් හා "පේටන්ට් ක්ලාක්" කෙනෙක් ලෙසත් වැඩකරන කාලයේ සිදුවන සිදුවීම, අභියෝග, අත්දැකීම් පලවෙනි කොටස් 3 අතුලුව පලවෙනි සීසන් එකේදි ඉදිරිපත් කෙරෙනව.
අයින්ස්ටයින් මහලු වියේදී මහාචාර්යවරයෙක් ලෙසත්, හිට්ලර් පාලනය ආරම්භයේදී අයින්ස්ටයින් අතුලුව ජර්මන් සම්භවයක් නොමැති විද්වතුන්ට සිදුවන අමිහිරි සිදුවීම් කීහිපයකුත් යම් අවස්ථා කීපයක කෙටියෙන් ඉදිරිපත් කරනව.
වියපත් අයින්ස්ටයින් ලෙස ඔස්කාර් සම්මානලාභී "ද කිංග්'ස් ස්පීච් " චිත්‍රපටයේ "ලයනල් ලෝග්" ලෙසත් ,"පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්" චිත්‍රපට මාලාවෙ "කැප්ටන් බබෝස" ලෙසත් රඟපෑ "ජෙෆ්රි රශ්" සහ
තරුණ අයින්ස්ටයින් ලෙස ගායකයෙක් හා නලුවෙක් වන "ජොනී ෆ්ලින් " රංගනයෙන් දායක වෙනව.
විධායක නිශ්පාදනයෙන් "රශ් ","ඉන් ද හාර්ට් ඔෆ් ද සී" වැනි ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යයක්ශනය කල "රොන් හවර්ඩ් " ඇතුලු පිරිසක්ද, තේම සංගීතය "ද ඩාර්ක් ක්නයිට්" චිත්‍රපට ත්‍රිත්වය,"ඉන්සෙප්ශන්", "ඉන්ටර්ස්ටෙලර්" වැනි දැවැන්ත චිත්‍රපට වල සංගීත නිර්මාණය කල සුප්‍රසිද්ධ සංගීත නිෂ්පාදක, අධ්‍යයක්ෂක "හාන්ස් සිමර් " විසින් නිර්මාණය කර තිබෙනව.
දැනට නිශ්පාදකයින් විසින් පලවෙනි සීසන් එකට කොටස් 10 ක් සැලසුම් කර තියෙනව. දැනට කොටස් 3ක් පමණක් විකාශය වුනත් ඔවුන් දෙවනි සීසන් එකත් නිශ්පාදනය කරන්න දැනටමත් තීරණය කර තිබෙනව.
සෑම අඟහරුවාදාවකම නැශනල් ජියෝග්‍රැෆික් හරහා ජීනියස් විකාශනය වේ.
(අයින්ස්ටයින් ගැන කතාවක් වුනත් පවුලේ සැමට කියල කියන්නමත් බෑ ඕං .......)

Last edited:

) on the "Code" block or drag on all that text while holding left mouse button]

& you know what i meant if you watched it