SEO_පාඩම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
SEO පාඩම

seo.jpg


පහුගිය ටිකේ එක එකාගෙන් කුණු බැනුම් ඇහුවා SEO පාඩම ප්‍රමාද වීම ගැන. මම මචන්ලා ගොඩක් වැඩ කටයුතු මධ්‍යයේ තමා මේක ටයිප් කරන්න වෙන්නේ. ගොඩක් වෙලාවට කාර්ය බහුලයි. ටිකක් ස්ට්‍රෙස් වැඩි වෙනකොට එලකිරියට ඇවිල්ල පොඩි ෆන් එකක් අරන් යනවා. ගොඩක් දිනවල මා පාන්දර වෙනකන් වැඩකරනවා. දවසට නිදා ගන්න ලැබෙන්නෙත් සුළු වෙලාවයි.

ඒත් ඉතින් කට්ටිය බනිනවා ලැවක් දෙවක් නැතුව ලිපිය ප්‍රමාද වීම ගැන. කමක් නැහැ ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්න ගියත් බැනුම් අහලම තමා නවතින්නේ. ගැටළුවක් නැහැ යහපත් චේතනාවෙන් තමයි මම තව කෙනෙක්ට උගන්වන්නේ. ඒත් එක දිගටම විවේචනයන් එල්ල වෙනකොට සමහර දේවල් තුල ගුරු මුෂ්ටිය පවා ඇති වෙන්න පුළුවන්

හරි අපි වැඩේට බහිමු .මම මෙතැනදී SEO අයන්නේ ඉඳලා උගන්වන්න යන්නේ නැහැ . මොකද ඒක ප්‍රැක්ටිකල් නැහැ. අනෙක් වැදගත් කාරණයම තමයි මගේ ලිපි පෙලෙන්ම ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා. පුළුවන් තරම් අන්තර්ජාලය කියන පුස්තකාලය පිරික්සන්න.


SEO කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කෙටි කරන ලද Search Engine Optimization කියන තේරුම තමයි ගම්‍ය වන්නේ. ඇත්තටම මම කලින් ත්‍රෙඩ් එකේ පවසපු ආකාරයට SEO කියන්නේ සල්ලි උල්පතක්. හරියට නිවැරදිව අධ්‍යනය කරලා දෙයක් කලොත් සල්ලි ආකාරයක්. නමුත් එක පාරටම SEO වලින් මහා ධනස්කන්දයක් උත්පාදනය වෙන්නේ නැහැ. නමුත් කාලයක් යනකොට අපේ නිශ්පාදන හා සේවා ලේසියෙන් ලෝකයටම අලවි කරලා මහා ධනපතියෝ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලෝකෙටම පෙන්වන්න කඩයක් දාමු. තව දෙයක් තමයි SEO කියන්නේ නිරන්තරයෙන් තමාගේ පිහිටි ස්ථානය වෙනස් කරගන්න ස්භාවයක් ඇති කරගන්න තැනක්. ඒක නිසා අපේ වෙබ් අඩවි දිහා නිතරම ඇහැ ගහගෙන ඉඳලා රෑන්ක්ස් පහලට යන එක වලක්වා ගන්න ඕනේ. අපේ SEO Ranks පහල ගියොත් අපේ ප්‍රතිවිරුද්ද වාදී තරඟකරුවන් වන අනෙක් ව්‍යාපාර අප පරදා ඉදිරියට යනවා. ඒක නිසා තමයි සමහර සමාගම් වෙනම SEO ඩිපාර්ට්මෙන්ට් එකක් තියාගෙන යන්නේ. සමාගමක කොඳු නාරටිය තමයි SEO.

SEO පාඩම 01

Website Auditing


වෙබ්සයිට් ඔඩිටින් කියන්නේ අපේ සයිට් එක අන්තර්ජාලයේ පවතින්නේ මොන තත්වයක් යටතේ දැයි කියා විමසා බැලීමකි. අන් සියල්ලටම කලින් මේ ඔඩිටින් කියන කොටස ගොඩක් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් අපිට මේ වගේ දෙයක් මැනුවල් කරන්න අමාරුයි. මේ ඔඩිටින් වලට අවශ්‍ය ටුල්ස් තියනවා. ඒවා අන්තර්ජාලයෙන් අපිට සොයාගන්න පුළුවන්.

සැලකිය යුතුයි. : මාගේ අවංක භාවය නිසා මෙය ප්‍රකාශ කරමි. ඔබ යම් දෙයක් මගේ ඉගන ගත්තානම් එය අන් අය වෙත බෙදා දෙන්න . එයා මාගේ එකම ප්‍රාර්ථනයයි. මන්ද යම් කෙනෙක් දියුණුවට පත්වෙනම් එය මාගේ සතුටයි. නමුත් SEO වල 45 % කොටසක පමණ අතිශය රහස්‍ය අවේනික ක්‍රම වේදයන් ඇත. තව අයුරකින් ප්‍රකාශ කරනවා නම් මට පමණක් අවේනික වූ රහස් ක්‍රම වේදයන් ඇත. ඕනෑම දක්ෂ SEO කරන වෘත්තීයවේදීකුට අවේනික වූ රහස් ක්‍රම වේදයන් ඇත. මෙවැනි මටම අවේනික වූ මා විසින්ම සොයාගත් දේ මට පිටට ලබා දිය නොහැකිය. මන්ද මාගේ competitors ලා නිරන්තරයෙන්ම අනුගේ දේවල් සොරා ගන්නට කුරුමානම් අල්ලමින් සිටියි. මාගේ ව්‍යුහය පිට තරගකරුවෙකුට අත් පත් වුවහොත් ඔව්න් විසින් මා පරද ඉදිරියට යනු ඇත. නමුත් ඔබ මෙම විෂය දිර්ගකලිනවා හැදැරීමේදී ඔබටම අවේනික ක්‍රම වේද මුණ ගැසේවි. ඒවා රහස්‍ය මට්ටමේ තබා ගන්න. අනෙකුත් තරගකරුවන්ට පත්වීමට ඉඩ නොදෙන්න. මම SEO වලින් ගොඩක් මුදල් හම්බ කළා. ඒ මාගේ කැපවීම නිසා . අවුරුදු 5-6 එක දිගට කැපවීමෙන් වැඩකරලා මම යම් තැනකට ආවා. අද මා බුක්ති විඳින සියලුම සැප සම්පත් මා විසින්ම උදා කරගත් විශාල කැප කිරීමක් කර ලබා ගත් ඒවාය. වහනයක් , නවීන නිවසක් , අමතර ඉඩම් , විදේශ චාරිකා , බැංකු පොතේ ඉතිරි කරගත් මුදල් සංචිතයක් වගේ එකී මේකි නොකී මේ සියල්ලම මා ලඟා කරගත්තේ මා මහන්සි වී වසර ගණනාවක් වැඩ කල නිසාවෙනි.


අපි නැවතත් වෙබ්සයිට් ඔඩිටින් පාර්ට් එකට හැරෙමු.

ඔබට අන්තර්ජාලයෙන් පොඩි ඔඩිටින් ටුල්ස් ඕනා තරම් සොයා ගත හැකිය. ඒ වෙනුවෙන් ඔබට ඔවුන් වෙත යම් මුදලක් ගෙවීමට සිදුවේවි. නමුත් බේසික් ඔඩිටින් එකකට මුදල් ගෙවා ලබා ගැනීමම අවශ්‍ය නොවේ. එසේ නොමැති නම් ඔවුන් විසින් ලබා දෙන ට්‍රයල් භාවිතා කල හැකිය. දිගටම SEO වලින් ඉදිරියට යාමට අවශ්‍ය නම් ඔබට මෙවැනි ටුල්ස් මිලදී ගත හැකිය. අනෙක් පහසුව වන්නේ මේ ටුල්ස් වලින් ඔබගේ වෙබ් අඩවියේ ඇති දුර්වල ස්ථාන පෙන්වා දී එය නිවැරදි කිරීමට උපදෙස් ලබා දෙයි.

මා වෘත්තීමය මට්ටමේදී භාවිතා කරන්නේ මටම අවේනික වූ ටුලයකි.

1 Meta Title

මේක තමයි SEO වලදී භාවිතා කරන සරලම සහ මුලිකම සිද්දන්තය.

ඔබට මෙහිදී Meta Title අවම වශයෙන් කැරක්ටර්ස් 70 ක් වත් භාවිතා කිරීමට අනුමත කරනවා. මන්ද බොහෝ සර්ච් එන්ජින් ලෝපනය කරන්නේ කැරක්ටර්ස් 70 ක පමණ අගයක්. තවත් සරලව කියනවා නම් වෙබ් සයිට් එකක පෙගේ එකේ ටයිටල් එකට. අවම වශයෙන් කරක්ටර්ස් 70 වත් යොදන්න අමතක නොකරන්න.

PHP:
<title>Pure Ceylon Tea - Sri Lanka Tea - Finest Ceylon Tea | Halpe Tea</title>
මෙටා ටැග්ස් කියන්නේ අපි භාවිතා කරන කි වර්ඩ්ස් වගේ දේවල් . දැන් මගෙන් අහන්න එපා මෙටා ටැග්ස් ගැන. ඒවා ඉන්ටර්නෙට් එකෙන් සොයා ගන්න. මා මෙතැනදී SEO ප්‍රථමික මට්ටමේ සිට උගන් වන්න යන්නේ නැත. මන්ද මාගේ කාලය ඒ වෙනුවෙන් මිඩංගු කිරීමට නොහැකි බැවිනි. එබැවින් ඔබගෙන් සමව අයදිමි.

2.Meta Description


Meta Description වලදී අවම වශයෙන් කැරක්ටර්ස් 170 පමණ තිබීම යෝග්‍ය වේ. බොහෝ සර්ච් එන්ජින් විසින් ලෝපනය කරන්නේ කැරක්ටර්ස් 170 ක පමණ අගයකි. Meta Description වලදී කෙරෙන්නේ වෙබ් සයිට් එකේ පේජ් එකට අදාලව පොඩි සමරි එකක් ලියන එක. මේක එලියට විසිබල් වෙන්නේ නැහැ. බොහෝ සර්ච් එන්ජිඔන් විසින් මෙම කොටස අඳුරගෙන ඒ සමගම කිවරඩ්ස් ග්‍රහණය කරගන්නවා.

මේ හල්පේ ටි සමාගමේ වෙබ් අඩවියක නිවැරදි ලෙස පල කර Meta Description එකකි.

PHP:
<meta name="description" content="Uniquely delicious Ceylon tea from Halpewatte; 35 years of excellence in fresh, high-quality, unblended Sri Lanka tea, made from hand-picked tea buds." />


මෙය කොටස් කිහිපයකින් පලවන පාඩම් මාලාවකි. ඉතිරි කොටස අද හවසටවත් දාන්න බලන්නම්. බය වෙන්න එපා අනිවාර්යයෙන්ම සම්පුර්න පාඩම් මාලාවම පල කරනවා. එය ස්ථිරයි.

පුලුවන්නම් මාව උද්යෝග කරන්න ඔය සිගරට් පැකට් එකක් දෙකක් එවපල්ලා. :lol:
 
Last edited:

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
machan mehema deyak karapan.
uba paya ganak oka methana kotanne nathuwa video tutorials tikak hadapan me gana.
methana oka ketuwa kiyala hambena deyak nane.
yt damma nam ubata yt community ekak hari hadei.
mahansiyath adui.
balannath asai.
 

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    _00.jpg2cab31bc-093a-4ba7-8a9d-b376ddb5679cOriginal.jpg


    cigarette_pack-3d-model-25602-131156.jpg


    ඔන්න සිගරට් එවුවා. ඉතුරු ටික ඉක්මනට දාපන්:D:D
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    machan mehema deyak karapan.
    uba paya ganak oka methana kotanne nathuwa video tutorials tikak hadapan me gana.
    methana oka ketuwa kiyala hambena deyak nane.
    yt damma nam ubata yt community ekak hari hadei.
    mahansiyath adui.
    balannath asai.


    ඔව් මටත් මේ ලිපිය ලියන්න කලින්ම ඕක හිතුනා. ඊළඟ කොටස් වීඩියෝ එකකින් හදන්න ඕනේ. මගේ යුටියුබ් චැනල් එකෙන් දැම්ම නම් හරි.

    පිස්සු හැදෙනවා බන් සිංහලෙන් ලිපියක් ටයිප් කරන්න ගිහාම . අන්තිමට මේකේ ඉන්න උන්ගෙන් හොදකුත් අහන්න ලැබෙන්නේ නැහැ. ඊලග ලිපිය ප්‍රමාද උනොත් පලු යන්න බනිනවා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඔව් මටත් මේ ලිපිය ලියන්න කලින්ම ඕක හිතුනා. ඊළඟ කොටස් වීඩියෝ එකකින් හදන්න ඕනේ. මගේ යුටියුබ් චැනල් එකෙන් දැම්ම නම් හරි.

    පිස්සු හැදෙනවා බන් සිංහලෙන් ලිපියක් ටයිප් කරන්න ගිහාම . අන්තිමට මේකේ ඉන්න උන්ගෙන් හොදකුත් අහන්න ලැබෙන්නේ නැහැ. ඊලග ලිපිය ප්‍රමාද උනොත් පලු යන්න බනිනවා.

    පරක්කුයි යකූ ඉක්මනට දාපන් .. :angry::angry::angry:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    පුළුවන් විදියට දාපන් ඒත් සිගරැට්නම් දෙන්නෙ නෑ.උඹ වගේ එවුන්ට අකාලෙ මැරෙන්න දෙන්න බෑ:D:D
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    සිරාවටම වටිනවා මචං. උඹට පුලුවන් දේ කියලා දුන්නට ගොඩක් ස්තූතියි ඉතුරු ටිකත් දාන්න.
    රෙප් ++