කඩමලු ඇන්දත් පිංකද බැබලෙනවා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    කඩමලු ඇන්දත් පිංකද බැබලෙනවා....

    [FONT=&quot]කඩමලු ඇන්දත් පිංකද බැබලෙනවා....

    [/FONT]

    [FONT=&quot]මම කවදාවත් එළකිරිය තුළ ගීතයක් විවරණය කරන්න උත්සහා කරල නෑ... ගීතයක විවරණයක යෙදෙන්න තරම් මට දැනුමකුත් නෑ.... ඒ වුණත් නොහිතපු වෙලාවක නොසිතූ ගිතයක් කොතැනකදී හෝ ඇසෙන කොට ගොඩක් වෙලාවට ඒ ගීතයේ මම අතරමං වෙනවා... මගේ සමාජ කියවීම තුළ ඒ ගීතයේ වචනයක් වචනයක් පාසා සමාජ යථාර්ථය සොයන්න නිතැතින්ම යොමුවෙනවා.... ඇත්තෙන්ම කලාවක් රස විදිනවා කියන්නේ තමාගේ අත්දැකීම හා අත්විදිම තුළ කරන සමාජ කියවීමක් කියල මට හිතෙනවා.... [/FONT]

    [FONT=&quot]අද උදෑසනම ගුවන්විදුලියෙන් කාලයකට පස්සේ සුනිල් එදිරිසිංහයන්ගේ [/FONT]”[FONT=&quot]පිණිබර යාමේ[/FONT]” [FONT=&quot]ගීතය ඇසුණා... බොහෝ ඉස්සර දවසක මේ ගීතයට වෙන වචන දාලා ආතල් ගත්ත මිසක එහි සැබෑ කියවීම හොයන්න උත්සහා කළේ නෑ... ඒ වුණත් අද ඒ ගීතය ඇහෙන කොට හරි අපූරු ගතියක් දැනුණා.... [/FONT]

    [FONT=&quot]
    පිණිබර යාමේ සැවුලන් අඩලනවා[/FONT]

    [FONT=&quot]අම්මා වටකොට ලිපි ගිනි මෙලවෙනවා...[/FONT]
    [FONT=&quot]කොළඹ රේල්ලූව රජ ගමනින් එනවා[/FONT]
    [FONT=&quot]නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා...[/FONT]

    [FONT=&quot]
    දන්න කාලයක කුකුළෙක් හඩලනවා මට ඇහිල නෑ... අනෙක් අතට තටුවලින් සැරසිලා ගාම්භිර විදියට පොර කටු ප‍්‍රදර්ශනය කරල කිකිළියක් වටේ රැගුම් පාන [/FONT]”[FONT=&quot]නියම කුකුලෙක්[/FONT]” [FONT=&quot]අන්තිමට දැක්කෙ කවදද කියල මතකත් නෑ... ඒ වෙනුවට කුකුලා කියපුවම මතක් වෙන්නේ ෂෝ කේස් එකක දාලා තියෙන හම ගහපු කුකුළෙක්... කාලය වෙනස් වෙලා... ඉස්සර අම්මලා නැගිට්ටේ එලාම් ඔරලෝසුවේ සද්දෙට නෙවෙයි... ගමේ කොතැනක හෝ කුකුළෙක් හඩලන හඩටයි... එදා කුකුළත් ටක්කෙටම වෙලාවට හඩලන්න පුරුදුවෙලා හිටියා... අද ඒ කුකුලා හොයා ගන්නවත් නෑ... කෝච්චි පාරක් අයිනේ හිටිය නම් අලූයම කෝච්චියේ හඩට නැගිටින්න පුරුදු වෙලා හිටියා... එදා කෝච්චිය හරි වෙලාවට තිතට ගමන් කළා.... අද නම් කෝච්චි ටයිම් අල්ලන්න ගියොත් වැටෙන්නේ මාර තෝප්පියක්... මොකද කෝච්චිය වෙලාවට එන එකක්යෑ.... ඔය මොනව නැතත් හරි වෙලාවට නැගිටින්න එදා අම්මල පුරුදුවෙලා හිටියා... දැන් බහුතරයක් අම්මලට නම් ඝණ්ඨාර ටයිප් එලාම් එකක් තිබුණත් නැගිටින්න අමතක වෙනවා.... මොකද[/FONT] 10 - 12[FONT=&quot] වෙනකම් මෙගා කුණු කතා බලල නිදියන්නේ කුණු සිතින් වීම නිසාය... එදා අම්ම නැගිටල දර ටිකක් පිළිවෙලකට හසුරල ලිප මොලවන හැටි දකින්නත් ආසයි.... ගිනි දලූ නැගල බත් මුට්ටිය වටා දැවටිලා අම්මගේ මුහුණ රන්වන් පාටින් එළිය කරන විදිය හරි අපූරුයි... දහසක් බුදුවරුන් බුදු වුණා යැයි කියන හිමිදිරියේ ජීවමාන බුදුන් වැඩියා හා සමාන යැයි සිතීම අරුමයක් නොවන බව දිවුරලා කියන්න පුලූවන්... එවැනි වටපිටාවක[/FONT], [FONT=&quot]එවැනි අම්මා කෙනෙක්ගේ පුතෙක් වී ඉපදීමත් වාසනාවක්.... [/FONT]

    [FONT=&quot]
    ඉතිං පුතු ඔබ නැගිටිය යුතුයි... ඒ[/FONT][FONT=&quot]ඔබව පිළිගන්න ලෑස්තිවෙලා ඉන්න සුන්දර පරිසරය පිළිගන්නයි.... ගහක මලක නොකිළිටි ආස්වාදය විදගන්නයි... තවත් දවසකට ලහි ලහියේ සැරසෙන අපූර්ව පරිසරය විදගන්නයි....[/FONT]

    [FONT=&quot]
    වර්තමානයේ උදෑසන කුස්සියට වඩින්නේ කුසීත වුණු[/FONT], [FONT=&quot]කම්මැලි වුණු අම්ම කෙනෙක්.... මුහුණේ කිසිදු හිනාවක්[/FONT], [FONT=&quot]පි‍්‍රයමනාප කමක් නෑ... ඇය දවස පිළිගන්නේ කැමැත්තකින් නෙවෙයි.... ඇයට අදත් නිවාඩු දවසක් නම් මරු යැයි සිතෙන බව සහතිකය... ගෑස් කුකරය[/FONT], [FONT=&quot]රයිස් කුකරය යාන්ති‍්‍රකව තමන්ගේ කාර්යය කරන නිසා ඇයට මඳ නිදහසක් ඇත්තේය.... නමුදු ඇය කියාගත නොහැකි වූ අතෘප්තියකින් පෙළෙන්නීය... දරුවාද නැගිටින්නේ අර කුසීත[/FONT], [FONT=&quot]කම්මැලිකමෙනි... ඌට රැු වෙනවා එළිවෙනවා යනු සාමාන්‍ය දෙයකි.... එකම රටාවකි.... අලූත් දෙයක්[/FONT], [FONT=&quot]අලූත් අත්දැකීමක් නොමැතිව ගෙවෙන තවත් දවසකට මොන ජවයක් ද[/FONT]?

    [FONT=&quot]
    පුතුනේ අකුරට යන්න පමා වී[/FONT]

    [FONT=&quot]ගුරු සිත රිදිලා වේවැල හඩවා වී....[/FONT]
    [FONT=&quot]ගගේ ඇලේ පැන තෙප්පම් පැදලා[/FONT]
    [FONT=&quot]මුරණ්ඩු වූ දා - දුක් වේවි අම්මා...[/FONT]

    [FONT=&quot]
    සෑම මවක්ම සිහින දකින්නේ තමන්ගේ පුතු රජෙක් කරන්නයි.... ඒ අම්මලගේ හැටි... එදා අම්ම සමහර විට අකුරක් ලියන්න කියන්න බැරි නූගතකේ වෙන්න ඇති.... ඒ වුණත් ඉගෙනීමේ වටිනාකම ඇය දැන හිටියා... ඇය උදෑසන මේ ලක ලෑස්ති වෙන්නේ තමන්ගේ දරුවා නිසි වෙලාවට අකුරට යවන්නයි... ඇය දන්නවා පමා වෙලා ගියොත් ගුරුවරයාගෙන් වේවැල් පාර වදින බව.... හැබැයි ඇය දන්නවා ගුරුවරය දරුවට පහරක් දෙකක් ගසනුයේ තරහකට නොව[/FONT], [FONT=&quot]ඔහුව යහමගට ගැනීමට බව.... අද නම් දරුවට දඩුවම් කරන්න ගියොත් ගුරුවරයාට වෙන්නේ ඉල්ලන් කෑමටය... දරුවා මුරණ්ඩු වී ඇයගේ එකම සිහිනය බිද වැටුණහොත් ඇයට එය මහත්ම දුකකි.[/FONT]

    [FONT=&quot]
    එදා පුංචි එකෙක් විනෝද වුණේ සෙල්ලම් කළේ තමන්ගේ අවට පරිසරයත් සමගය... ගසක අත්තක එල්ලිලා[/FONT], [FONT=&quot]එහෙම නැත්තං ගගක ඇලක පැන නාලා[/FONT], [FONT=&quot]බැද්දේ දුවල පැනල ඔවුන් විඳි ඒ අපරිමිත සතුට මම ද එකල අත්විද ඇත්තෙමි.... උදෑසන එළියට බැස ගස්[/FONT], [FONT=&quot]ගල් අතර දුව පැන අහුවුණු දෙයක් කා[/FONT], [FONT=&quot]බත්කූරන්ගෙන් ගුවන්යානා යවා[/FONT], [FONT=&quot]උණබට තුවක්කුවෙන් වෙඩි තියාගෙන[/FONT], [FONT=&quot]ගස් සෙවණේ වැටී නිදියපු ඒ දවසට මම අදත් ආදරය කරමි.... මහවැලි ගෙ[/FONT]`[FONT=&quot]ග් එගොඩ මෙගොඩ පිහිනා වැඩ පෙන්නපු ඒ දවස් අද සිහිනයක් වැනිය.... අද දරුවන්ට ඒවා සිතා ගැනීමටත් නොහැකි අද්භූත කතාය... එක්කෝ අද එවැනි පරිසරයක් නැත.... නැතහොත් එවැනි පරිසරයක් තිබුණත් දරුවා එයින් ඈත් වෙලාය... අද දරුවා දෙමාපියන්ට මුරණ්ඩු වන්නේ එවැනි අපූර්ව දගකාරම් නිසා නොව එක්කෝ කුණුහරුප බලාය[/FONT], [FONT=&quot]නැත්තම් සිගරට් බීය[/FONT], [FONT=&quot]එහෙම නැත්තම් අරක්කු බී ය.... නැත්නම් පාදඩ වැඩක් කරලාය... මේවා දකින විට දුක් විය යුතුදැයි සාප කළ යුතු දැයි නොදනිමි.[/FONT][FONT=&quot]..[/FONT]

    [FONT=&quot]
    වේලේ දෙවේලේ කුසගිනි නොබලා[/FONT]

    [FONT=&quot]කඩමඵ ඇන්දත් පිංකද බැබලෙනවා....[/FONT]
    [FONT=&quot]කලට රුවන් වැසි වස්සන තාලේ[/FONT]
    [FONT=&quot]ශිල්ප උගත්දා - නුඹ සක්විති වෙනවා...[/FONT]

    [FONT=&quot]එදා අම්මට කිසිදු දෙයක් පහසුවෙන් ලැබුණේ නැත... ඇය වත්තට[/FONT], [FONT=&quot]බැද්දට ගොස් දර සොයා ගත යුතුය.... ඈත ළිදෙන්[/FONT][FONT=&quot]වතුර ගෙන ආ යුතුය... කුඹුරට ගිහින් පලා නෙලාගත යුතුය... කෙක්කකින් කොස් ගෙඩියක් කඩාගත යුතුය.... වී කොටල[/FONT], [FONT=&quot]පොලල[/FONT], [FONT=&quot]වේලල හාල් කරගත යුතුය.... අක්කරයක් පමණ ගෙවත්ත අතුගා සුද්ද පවිත‍්‍ර කළ යුතුය.... කප්පරක් රෙදි ළිදට[/FONT], [FONT=&quot]ගගට ගෙන ගොස් සෝදාගත යුතුය.... ඒ මදිවාට [/FONT]10 - 12[FONT=&quot] කට බත් තැම්බිය යුතුය. ඇය මේ සියල්ල කළේ අනල්සවය - කඩිසරවය... ඇය කිසි විටෙක කිසිවෙකුට චෝදනා කළේ ද නැත.... ඇය සෑම විටම සිටියේ සිනාමුසුවය... ඇය ඇයට ලැබෙන දේ ගැන නොව[/FONT], [FONT=&quot]ඇයගෙන් ඉටු විය යුතු දේ ඉටු කොට සතුටු වූවාය.... ඇය කුසගින්නේ හිටියේ [/FONT]‘[FONT=&quot]ඩයට් කිරිමට[/FONT]’ [FONT=&quot]සිතා නොව නැති බැරිකම නිසාමය.... ඇය ඇන්දේ කඩමාලූ වූ රෙදි වැරලිය... කොහොම වුණත් ඇය හැඩකාරය[/FONT], [FONT=&quot]පිං පාටය[/FONT], [FONT=&quot]නිවසේ ශි‍්‍රයාකාන්තාවය.... [/FONT]

    [FONT=&quot]
    සියල්ලම පහසුවෙන් ලැබුණත් එදා අම්මාගේ හැඩකාර බව[/FONT], [FONT=&quot]පිං පාට[/FONT], [FONT=&quot]සිරියාව අද බහුතරයක් අම්මලාගේ නැත.... ඩයට් ප්ලෑන් මත්තේ කට්ට කෑවත් පිංකදක් වෙනුවට දක්නට හැක්කේ මස් කදකි.... ඇතැමුන් මළකදන් වැනිය... තමන්ගේ මස් කද වසා ගැනීමට දහස් ගණන් වියදම් කොට විච්චූර්ණ ඇදුම් ඇන්දද[/FONT], [FONT=&quot]රූපලාවන්‍ය කළ ද මූසලකම ඉස්මතු වී පෙනෙන්නේ ය.... පර්චස් [/FONT]10[FONT=&quot] පවිත‍්‍ර කිරීමටත් මෙහෙකරුවෙන් වුවමනාය.... අඩියක් පයින් යාමට අකමැතිය.... කටට රසට කෑමක් හදා ගන්නට බැරිය[/FONT], [FONT=&quot]තේ එකක් හැදුවොත් කටේ තියන්නට බැරිය.... එය වත්මන් දරුවාගේ අවාසනාව නොව ජාතියේම අවාසනාවය...[/FONT]

    [FONT=&quot]

    ඉතිං බෞද්ධයෙකුට මනුෂ්‍යයෙකු ලෙස ලැබිය හැකි උසස්ම පදවිය බුදු පදවිය හැරුණු විට සක්විති පදවියයි.... කලට වෙලාවට මැණික් වන් වැසි වසින කෙතක් සරුසාර වන්නාක් සේ ම පිංබර මවකගේ ඇකයේ උස්මහත් වන දරුවා ද දිනක සක්විති පදිවිය ලැබීමට සුදුස්සෙක්ම නොවන්නේ ද[/FONT]?

    [FONT=&quot]
    මම සුනිල් එදිරිසිංහයන්ගේ මේ ගීතයේ නිදාන කතාව නොදනිමි.... රචකයා පෙන්වාලීමට උත්සහා කළේ කුමක් ද කියා ද නොදනිමි... නමුදු එක දෙයක් පමණක් දනිමි.... එනම් දියුණුව යැයි කියාගන්නා අශිෂ්ටත්වය තුළ අපගේ ශිෂ්ට සමාජය වැළලී ඇති බවයි.

    [/FONT]
    [FONT=&quot] [/FONT]
    pathfinder_all_in_one_large2.gif
     
    Last edited:

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    හාර්ඩ් ටෝක් වගේ සින්දු විවරනයකුත් පටන් ගම්මු නැගලම යයි වගේ............. ජය වෙවා ඔන්න
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හොද විවරණයක් :):)

    එන්න එන්නම ඔය අශිෂ්ටත්වය තුල සමාජය වැළලී යනවා :sorry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය

    :cool: Thnx bump karanna mchn...

    හාර්ඩ් ටෝක් වගේ සින්දු විවරනයකුත් පටන් ගම්මු නැගලම යයි වගේ............. ජය වෙවා ඔන්න

    :cool: Thnx ලැජ්ජයි වගේ...

    හොද විවරණයක් :):) එන්න එන්නම ඔය අශිෂ්ටත්වය තුල සමාජය වැළලී යනවා :sorry:

    :yes::yes::yes: thnks....

    :)

    :love:

    :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම හිතනව මෙතන ඉන්න බහුතරයක් නොදිව්නුයි කියන ගමෙන් දිවුනුයි කියලා කියන නගර වලට සේන්දු උන නන්නත්තාර මිනිස්සු. මීට අවුරුදු 10-15 කලින් ගත්තු හුස්ම ටික පවා අමුතුම ආශ්වාදයක්. එලියට බැස්සාම වදින හුලන් ටික, කොළපාටට බර වට පිටාව. මේ හැම දෙයක් එක්කම පවුලක් විදිහට හිටමු හැටි මතක් වෙනකොට අද අපි භෞතික වශයෙන් මොන දේ ලං කරන් හිටියත් හිත ඇතුලෙන් පෙරලි පේලි අඩනවා බං:(:(.

    ගමෙන් නගරෙට වරෙන් හැබැයි අහපව් යන්න පාර මතක තියාගනින්.

    අමරසිරි මහත්මයගේ සිංදුවකුත් අතක් උනා

    මට ගමට එන්න ගමට එන්න
    කුරුළු පිහාටුවක් එවන්න

    මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි
    හිස බරයි
    මගේ හද මිට කකියයි
     
    Rep 9+ :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මම හිතනව මෙතන ඉන්න බහුතරයක් නොදිව්නුයි කියන ගමෙන් දිවුනුයි කියලා කියන නගර වලට සේන්දු උන නන්නත්තාර මිනිස්සු. මීට අවුරුදු 10-15 කලින් ගත්තු හුස්ම ටික පවා අමුතුම ආශ්වාදයක්. එලියට බැස්සාම වදින හුලන් ටික, කොළපාටට බර වට පිටාව. මේ හැම දෙයක් එක්කම පවුලක් විදිහට හිටමු හැටි මතක් වෙනකොට අද අපි භෞතික වශයෙන් මොන දේ ලං කරන් හිටියත් හිත ඇතුලෙන් පෙරලි පේලි අඩනවා බං:(:(.

    ගමෙන් නගරෙට වරෙන් හැබැයි අහපව් යන්න පාර මතක තියාගනින්.

    අමරසිරි මහත්මයගේ සිංදුවකුත් අතක් උනා

    මට ගමට එන්න ගමට එන්න
    කුරුළු පිහාටුවක් එවන්න

    මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි
    හිස බරයි
    මගේ හද මිට කකියයි

    උබේ හිතේ ලොකු දෙයක් තියනවා හංගන් ඉන්න එපා එලියට දාපන් සහෝදරයා :) +24
     
    • Like
    Reactions: niresh1989

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබේ හිතේ ලොකු දෙයක් තියනවා හංගන් ඉන්න එපා එලියට දාපන් සහෝදරයා :) +24

    පිස්සුද බන්. මම හොද ජොලියේ ඉන්නවා. මට මෙලෝ හෙනයක් නැහැ දෙයියන්ගේ පිහිටෙන්. එකම දේ.මට අතීතේ අමතක නැහැ. අතීතේ ජීවත් වෙනවා නෙමෙයි, එත් අනුස්මරනය වර්ථමානය ජීවත් කරවනවා. :):)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    පිස්සුද බන්. මම හොද ජොලියේ ඉන්නවා. මට මෙලෝ හෙනයක් නැහැ දෙයියන්ගේ පිහිටෙන්. එකම දේ.මට අතීතේ අමතක නැහැ. අතීතේ ජීවත් වෙනවා නෙමෙයි, එත් අනුස්මරනය වර්ථමානය ජීවත් කරවනවා. :):)

    ආන්න ඒ අතීතය අමතක නැති ජොලිය තමයි එලියට දාන්න කියුවේ :)

    උබටත් හොද විවරණ කරන්න පුළුවන් නේ වෙලවක් තියන වෙලාවට මොකක් හරි දාහන් ;)
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    උබේ හිතේ ලොකු දෙයක් තියනවා හංගන් ඉන්න එපා එලියට දාපන් සහෝදරයා :) +24

    මමත් බැලුවේ ඒකයි... දාර්ශනිකත්වය හා කාල්පනිකත්වය එළියට පනින්නේ අතීතයේ විඳවපු, විඳපු වර්තමානයේ ඒක අමතක කරන්න බැරි අය... මොකක්දෝ ලොකු කතාවක් තියෙනවා....:)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ආන්න ඒ අතීතය අමතක නැති ජොලිය තමයි එලියට දාන්න කියුවේ :)

    උබටත් හොද විවරණය කරන්න පුළුවන් නේ වෙලවක් තියන වෙලාවට මොකක් හරි දාහන් ;)

    මොකා... මට විවරනය කරන්න පුලුවන්. අනේ යන්න මෙයා උයා විහිලු කරන්නේ නැතුව.

    දෙයක් සරළව කියන්නම් මිනිහෙක්ට ජීවිතේ දැනෙන්නේ සාමන්‍යයෙන් වයස 16 -18 පස්සේ උපරිම 60 වෙනකම් ජීවිතේ දැනේවි. මෙකේත් සමහරුන්ට යම්තාක් දුරකට අනිත්‍යය හෝ ජීවත් වීමේ තන්හාව 25-30 පස්සේ ඇතිවෙනවා . සමහරවිට ඔය දෙකම වෙන්නත් පුලුවන්.;)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මමත් බැලුවේ ඒකයි... දාර්ශනිකත්වය හා කාල්පනිකත්වය එළියට පනින්නේ අතීතයේ විඳවපු, විඳපු වර්තමානයේ ඒක අමතක කරන්න බැරි අය... මොකක්දෝ ලොකු කතාවක් තියෙනවා....:)

    ඵලදයිව ත්‍රෙඩ් එක ඉස්සරහට ගෙනියමු .:frown::)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මමත් බැලුවේ ඒකයි... දාර්ශනිකත්වය හා කාල්පනිකත්වය එළියට පනින්නේ අතීතයේ විඳවපු, විඳපු වර්තමානයේ ඒක අමතක කරන්න බැරි අය... මොකක්දෝ ලොකු කතාවක් තියෙනවා....:)

    හරියටම හරි :yes::yes: මුටත් එහෙම දේවල් තියනවා :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මොකා... මට විවරනය කරන්න පුලුවන්. අනේ යන්න මෙයා උයා විහිලු කරන්නේ නැතුව.

    දෙයක් සරළව කියන්නම් මිනිහෙක්ට ජීවිතේ දැනෙන්නේ සාමන්‍යයෙන් වයස 16 -18 පස්සේ උපරිම 60 වෙනකම් ජීවිතේ දැනේවි. මෙකේත් සමහරුන්ට යම්තාක් දුරකට අනිත්‍යය හෝ ජීවත් වීමේ තන්හාව 25-30 පස්සේ ඇතිවෙනවා . සමහරවිට ඔය දෙකම වෙන්නත් පුලුවන්.;)

    ඇත්ත දෙකම ඇති වෙලා තියෙන්නේ :yes:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    කියලා වැඩක් නැ බන් හරිම හාට් ටචින්ග් සින්දුවක්.:cool::cool: අපිට ඔය අත්දැකීම ඒ විදිහට ලැබිලා තියෙන නිසා සින්දුව ඇහෙද්දී පුදුම හැගීමක් දැනෙන්නේ. ඉස්සර අපිට කරන්ට් තිබ්බේ නැ.මට අද වගේ මතකයි අම්මා බිම ඉදගෙන උයපු හැටි අපිට පාන්දර ඇහෙරවා පාඩම් කරන්න ලාම්පු එළියෙන් අපි පාඩම් කලේ . කුකුලෝ කෑ ගහනවා.:):):) උදේට රේඩි එකේ සුදේශීය සේවයේ ඔය සින්දුවත් යනවා. අපේ ගෙවල් බදුල්ල ස්ටේෂන් එකට ලඟයි . උදේ 5.55 පොඩි මැණිකේ යන්න ගත්තම කීප සේරයක් හෝන් කරනවා ඇහෙනවා.:):)අපේ ඒ කලේ ජීවිත එක්ක හරියට බැදිලා තියෙන්න සින්දුවක් .
    අයේ එහෙම කාලයක් එන්නේ නැ :(:(:(:(
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    කියලා වැඩක් නැ බන් හරිම හාට් ටචින්ග් සින්දුවක්.:cool::cool: අපිට ඔය අත්දැකීම ඒ විදිහට ලැබිලා තියෙන නිසා සින්දුව ඇහෙද්දී පුදුම හැගීමක් දැනෙන්නේ. ඉස්සර අපිට කරන්ට් තිබ්බේ නැ.මට අද වගේ මතකයි අම්මා බිම ඉදගෙන උයපු හැටි අපිට පාන්දර ඇහෙරවා පාඩම් කරන්න ලාම්පු එළියෙන් අපි පාඩම් කලේ . කුකුලෝ කෑ ගහනවා.:):):) උදේට රේඩි එකේ සුදේශීය සේවයේ ඔය සින්දුවත් යනවා. අපේ ගෙවල් බදුල්ල ස්ටේෂන් එකට ලඟයි . උදේ 5.55 පොඩි මැණිකේ යන්න ගත්තම කීප සේරයක් හෝන් කරනවා ඇහෙනවා.:):)අපේ ඒ කලේ ජීවිත එක්ක හරියට බැදිලා තියෙන්න සින්දුවක් .
    අයේ එහෙම කාලයක් එන්නේ නැ :(:(:(:(

    සිරාවට... අද උදේ ඔය සිංදුව ඇහෙන කොට මම අතීතයට ගියා.... ඒ පරිසරය ආයෙත් මැවෙන්න ගත්තා... උදේ පාන්දරම ලහි ලහියේ ත්‍රෙඩ් එක දැම්මේ ඒ හැගීම නිසාමයි.... ඒ වගේ අතීතයක් තිබ්බ එකෙකුට විතරයි මේකේ අපූරුකම තේරෙන්නේ... :(

    • Like
    Reactions: wdisankalpa