කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,394
    7,086
    113
    කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

    how to use commode toilet step by step
    සමහර අය දන්නෙ නෑ. දන්නේ නැති අය ලැජ්ජ නිසා කාගෙන් වත් අහන්නෙ නෑ. ඇත්තටම මේවා ලැජ්ජාවට කාරණා නෙවෙයි. මොකද ටොයිලට් යනවා කියන එක හැමෝම කරන වැඩක්නේ. වහගන කරාට කරන්නේ එකම දේ. :lol: සමහර අය දන්නවා. දන්න නිසා අනිත් උනුත් දන්නවා ඇති කියලා කාටවත් කියන්න යන්නෙ නෑ. අපි සුද්දෝ නෙවෙයිනේ ඔය කොමඩ් ටොයිලට් කියන්නේ පස්සෙ කාලෙක අපේ රටේ ව්‍යාප්ත උන දෙයක්. තාමත් ගම් වල වගේම නගරබදවත් වැඩි පුර තියන්නේ සාමාන්‍ය වැසිකිලි. ඉතිං සාමාන්‍ය වැසිකිලියක් පාවිච්චි කරපු එකෙකුට එකපාරම කොමඩ් වැසිකිලියකට යන්න උනොත් හරියට, අතිං කන එකාට හැදි ගෑරුප්පු දීලා කාපං කිව්වා වගේ තමයි. මේ ත්‍රෙඩ් එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරියට කොමඩ් එකක් පාවිච්චි කරන හැටි. මගෙත් වැරදි ඇති මොකද මම සුද්දෙක් නෙවෙයිනේ. ඒ නිසා වැරදි තිබුනොත් කියන්න.

    step 1
    භාවිතා කරන්න යන්නේ පොදු වැසිකිලියක් නම් මුලින්ම flush කරලා ඉන්න. ඒ කිව්වේ අර තියන හැන්ඩ්ල් එක කරකවලා හරි උඩින් තියන නොබ් එක ඔබලා හරි වතුර පාරක් අරින්න. උඩින් තියන බට්න් ඔබන ඒවගේ ගොඩක් වෙලාවට අඩු වතුර පාරක් සහ වැඩි වතුර පාරක් එන්න බට්න් දෙකක් තියනවා. flush කරන්න තියන කෑලි බෑලි කැඩිලනම් ඔය බාල්දියකින් වතුර එකක් දාපං.

    පොදු වැසිකිලියක් නෙවෙයි නම් අඩුම තරමේ ටොයිලට් එකේ වතුර තියනවද බලලා ඉන්න. නැත්තං වැඩේ කරලා ඉවර වෙලා වතුර හොයන්න එපා.

    step 2
    පොදු වැසිකිකිලියක් නම් commode seat එකේ, ඒ කිව්වේ රව්ම වගේ තියන ප්ලාස්ටික් ආසනයේ ඉදගන්න සීමාවේ ටොයිලට් පේපර් කෑලි දෙක්ක ඉරලා තියන්න. එතකොට හැමෝම පස්ස තියපු එකේ පස්ස තියන්න ඕනෙ නෑනේ.
    toilet-seat-napkins.jpg


    පිරිමි අය මූත්‍රා කරන්න විතරක් ගියා නම් commode seat එක සම්පූර්ණයෙන්ම ඒ කිව්වේ උඩ තියන පියනයි රව්මයි, උඩට උස්සලා මූත්‍රා කරන්න. තව දෙයක් පෙර සම පස්සට කරලා මූත්‍රා කරපං. කොමඩ් එකෙන් පිට දාන්න එපා. ඒ වගේම මූත්‍රා කලාට පස්සේ flush කරන්න අමතක කරන්න එපා. මොකද උඹලගේ චූ තියෙන්න තියෙන්න සුවද වෙන්නෙ නෑ.

    step 3
    හරියට ඉද ගන්න. කොමඩ් එක උඩ නගින්න එපා. බාල පෝසිලේන් වලින් හදපු කොමඩ් එකක් උනොත් ඒක කැඩිලා පස්සත් කපාගන්න වෙන්නේ.
    914799-dth-1436005679-400-640x480.jpg

    හොදට පුටුවක ඉදගන්නවා වගේ ටිකක් පස්සට වෙලා කෙලින් ඉදගන්න. මෙතනදි වැලමිටවල් දනහිසේ ගහගන වකුටු වෙලා ඉන්න එපා. එහෙම හිටියොත් හරියට වැඩේ කර ගන්න බැරි වෙයි.

    අනිත් එක ඉද ගනිද්දි උඹලගේ ශිෂ්නය [ඔව් ඔව් ප**ය] කොමඩ් එක ඇතුලට යොමු වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මූත්‍රා කොමඩ් එකෙන් පිටට යන්න බෑ.

    step 4
    දැන් වැඩේ කරපං

    step 5
    වැඩේ ඉවර වෙලා හෝදනකොට bidet shower එක, ඒ කිව්වේ අර හෝස් එකක තියන ශවර් එක අරගෙන පොඩ්ඩක් විතර ඉස්සරහට වෙලා පස්සෙන් හොදට වතුර අල්ලන්න. නැත්තං ඉස්සරහින් වතුර අල්ලන්නත් පුලුවන්. ඒක ඉතිං තමන්ට පහසු විදිහට. මේ රූප ටික බැලුවම වැඩේ පැහැදිලිවෙයි.
    How-to-Use-The-Aquaus-360.png


    ඔය bidet showerඑකේ තියන හැන්ඩ්ල් එක තද කරාම වතුර එනවා. සමහර ඒවා තියනවා ඔටෝ වතුර එනවා. නැත්තං බලපං ඒකේ හෝස් එක හයි වෙන තැන පොඩි කරාමයක් ඇති. ඒක කරකවලා ඇරපං. ඒකෙත් ඉතිං වතුර එන්නේ නැත්තං මම දන්නෙ නෑ. ස්ප්‍රයිට් එකකින් පු* හෝදගනිං. ඒකයි කිව්වේ මුලින්ම වතුර තියනවද කියලා බලලා හිටපං කියලා‍.

    සමහර ටොයිලට් වල නම් කොමඩ් එක ඇතුලෙම bidet shower එක හයි කරලා තියනවා. එතකොට සයිඩ් එකකින් ඇති ඒක අරින වෑල් එක. ඒක ඇරලා හෝදගනිං.


    තවත් සමහර ටොයිලට් වල වෙනම bidet එක තියනවා. එතකොට නැගිටලා ගිහිල්ලා ඒකෙන් හෝදගන්න ඕනේ.
    bidet-toilet.png


    එකේ ඉස්සරහා කරාම තියනවා. ඒවා ඇරියම වතුර එනවා. සමහර ඒවගේ උණුවතුරු, ඇල් වතුර වෙනම එනවා. බලාගන ඇරපං.
    straddle-bidet.png


    හෝදලා ඉවර උනාට පස්සේ මේ bidet එකට වතුර පාරක් ඇරලා ක්ලීන් කරපං.

    step 6
    හෝදලා ඉවර උනාට පස්සේ නැගිටලා දුවන්න යන්නෙ නැතුව ඔය තියන ටොයිලට් පේපර් රෝලෙන් ටිෂූ කෑල්ලක් ඉරාගන පස්ස පිහදාගනිං. ඒකත් කොමඩ් එකටම දාපං. දැන් ඉතිං ඔය ඉදගන හිටියා ඇති නැගිටපං. නැගිටලා commode seat එකේ ටිෂු දාලා තියනව නම් ඒවත් කොමඩ් එකට දාපං. දාලා flush කරපං.

    උඹ දාපු ඔක්කොම ටික flush කරාම යන්නේ නැත්තං :nerd: ඔව් ඔව් බෙටිත් ඇතුලුව. flush කරන ගමන් කොමඩ් එකේ ඉස්සරහා පැත්තට bidet shower එකෙන් වතුර පාරක් අල්ලපං. නැත්තං බාල්දියක් තියනව නම් එකෙන් වතුර එකක් දාන ගමන් flush කරපං. වැඩේ ඉවරයි.

    step 7
    උඹ හොදට කොමඩ් එක පාවිච්චි කරලා තියනව නම් ඒ වටේ වතුර තියෙන්න බෑ. වතුර තියනවා කියන්නේ උඹ හෝදලා තියන්නේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ. ආයි හෝදද්දි වත් වටේට වතුර යන්නේ නැති වෙන්න හෝදපං. මොකද සමහර ගෙවල් වල කොමඩ් එක ලගට වෙල්වට් කාපට් පවා දානවා. ඒවා තෙමෙන්න බෑ.

    වැඩෙන් පස්සේ ‍commode seat එක උස්සලා තියපං. එතකොට ඒකේ වතුර තිබුනොත් වේලිලා යයි.

    step 8
    අත් දෙක සබං දාලා හෝදලා එළියට පලයං.

    ------------------------------------------------------------
    එළකිරිය වෙනුවෙන්මයි කෙටුවේ. කර්තෘ අයිතිය සුරකින්න.


    :) වැඩක් උනානම්, නැත්තං වෙන කාට හරි වැඩක් වෙයි කියලා හිතෙනව නම් රෙප් එකක්, කමෙන්ට් එකක් දාගනම යන්න කාරුණික වෙන්න.
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,394
    7,086
    113
    හම්මෝ පොඩි එකා කාලේ ඕව නොදැන යන්න බයේ හිර කරගෙන ඉඳලත් තියෙනව ගෙදර එනකන් :D

    :lol: මම පොඩි එකා කාලේ උඩ නැගලා වැඩේ කරලා තියනවා. මම හිතුවා මේ යකුකු මොකට මේක උඩින් හදලද දන්නෙ නෑ කියලා :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: THE_RAIN

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    තව දෙයක් පෙර සම පස්සට කරලා මූත්‍රා කරපං.

    යේක ගැන හිතල තමා යපි පොඩි කාලෙම කපන්නේ මිනියෝ... :cool: ;) :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොඩක් වැදගත් උපදෙස් ටිකක් මාතියා.. අපෝ අපේ උන් ඕව දැනගත්තට පිළිපදින්නේ නැති එකයි අවුල.. මෝය කට කඩන් යනවා වගේ රීල එහෙමම තියල එනවා :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක ගැන හිතල තමා යපි පොඩි කාලෙම කපන්නේ මිනියෝ... :cool: ;) :lol:

    මුශ්ලීම් අපිලට විතරයි අල්ල චෑන්ස් යෙක දීල තියෙන්නේ :yes::cool: