ඉරිසියාකාරයෝ පිරිලද?

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉරිසියාකාරයෝ පිරිලද?

    ඔය ‍ටුක් ‍ටුක් වල එහෙම පිටිපස්සේ ගහලා තියෙන රුවන් වැකියක්නේ “රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව” කියන එක. ඇත්තටම මේ ලෝකේ ඉරිසියාව නැති මිනිස්සු ඉන්නේ කීයෙන් කීදෙනාද? සම්පූර්ණයෙන්ම ඉරිසියාව නැත්තේ එහෙමත් මනුස්සයෙක්ට තමයි. හැබැයි මේ ඉරිසියාවේ තරමත් වෙනස් වෙනවා. සමහරු ඉරිසියා හිතන්නේ තමන්ගේ කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක කතා කළහම. සමහරුන්ට ඉරිසියා හිතෙනවා තමන්ට නැති දෙයක් තව කෙනෙක්ට තියෙනවා දැක්කහම. හැබැයි මේ මොන දේ වුනත් මිනිස්සු ඉරිසියාව තමන්ගේ හිතේ විතරක් තියාගෙන ඉන්න තාක්කල් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය ඉරිසියාව නිසා මිනිස්සු අපිට විරුද්ධවාදී කම් කරන්න පටන් ගන්නකොට තමයි ඒක ඇත්තටම අපේ ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් මේ කියන්න යන්නේ අපිට ඉරිසියාකාරකම් කරන, ඒ ඉරිසියාව නිසාම අපිට හානි පමුණුවන්නත් උත්සාහ කරන මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක ගැන තමයි.



    1. පර්සනල් ගන්න එපා පුතා! :angry::angry:

    Dealing With Others Jealousy
    Source – memesuper.com
    අපිත් එක්ක ඉරිසියාවෙන් පෙලෙන මිනිස්සු ඒ ඉරිසියාව පිටදාන්න සෑහෙන්න දේවල් කරන්න පුලුවන්. හිත රිදෙන විදියේ හින්ට් ගහන එක, බාල්දු කරලා කතා කරන එක, අපේ වැ‍රැද්දක් වෙනකල් බලන් ඉඳලා ඒක අල්ලගෙන අපිට ගේම දෙන එක, අපි නැති තැන අපි ගැන කතා කරන එක වගේ දේවල් විතරක් නෙවෙයි, ඊට වඩා දරුණු විරුද්ධවාදීකම් වුනත් කරන්න ඉරිසියාකාරයෝ පෙළඹෙනවා. හැබැයි මෙතනදී මේ විරුද්ධවාදීකම් වලටත් වඩා අපිට රිදෙන දේ තමයි ඇයි අපිට මෙහෙම කරන්නේ කියන කාරණාව. ආන්න ඒ නිසා තමයි හොඳ අවබෝධයක් අපිට තිබිය යුතු වෙන්නේ. ඒ කියන්නේ අපිට හිත රිදෙන්නේ මේ හැමදේම පර්සනල් ගත්තොත්නේ. එහෙම එපා. මතක තියාගන්න ඉරිසියාකාරයන්ගේ හැසිරීම ඇත්තටම අදාළ වෙන්නේ ඒ අයටම මිසක් අපිට නොවේය කියන කාරණාව. ඇත්තටම මේ අයට අපේ අනුකම්පාව ලැබෙන්න ඕන. ඒ නිසා මුලින්ම මේ හැසිරීම, තමන්ට කරන විරුද්ධවාදීකම් පර්සනල් අරගෙන තමන්ගේම හිත රිද්දගන්න එක නවත්තන්න ඕන.



    2. ගණන් නොගෙන ඉන්න :yes::yes::yes:

    Dealing With Others Jealousy
    Source – buzzfeed.com
    ගොඩක් වෙලාවට අනිත් අයගේ ඉරිසියාව එලියට එන්නේ හින්ට් ගැහිලි විදියටනේ. ඉතින් අපිට කරන්න පුලුවන් දෙයක් තමයි එහෙම රිදෙන වචන ගණන් නොගෙන ඉන්න එක. එහෙම ගණන් නොගෙන ඉන්න නම් අපිට අපි ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එහෙම අපි කවුද කියන එක දැනගෙන ජීවත් වෙනකොට ඉරිසියාකාරයොන්ගේ හිත රිද්දන වචන වලින් ඇත්තටම රිද්දගන්නෙ නැතුව ඉන්න පුලුවන්. මෙතනදී මතක තියාගන්න ඕන එකම දෙයක් විතරයි. තමන්ට වටින්නේ තමන්ගේ හිතේ සාමය මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි.



    3. රිටර්න් එක දෙන්න යන්න එපා :baffled::no::no:

    Dealing With Others Jealousy
    Source – rebloggy.com
    සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් තමයි ඉරිසියාව නිසා කෙනෙක් අපිව දකින දකින තැන හින්ට් ගහනවා නම්, අපි ගැන තැන තැන වැරදි කියනවා නම්, අපි ගැන බොරු ආරංචි පතුරුවනවා නම් අපිට ලොකු වෛරයක් හරි දුකක් හරි ඇතිවෙන එක. ඇයි, අපි හිතන්නේ මෙහෙමයි. අපි මේ මනුස්සයට කිසිම වැ‍රැද්දක් කරලා නැතුවත්, මේ මනුස්සයා ඇයි මට මෙහෙම කරන්නේ කියන එක. දැන් ඕක ලඟම යාලුවෙක්ගෙන් නම් සිද්ධ වෙන්නේ මුලින්ම දුකක් ඇතිවෙන්න පුලුවන්. එහෙම යාලුපිට් එකක් නැති කෙනෙක්ගෙන් සිද්ධ වෙනවා නම් තරහක් ඇතිවෙන්න පුලුවන්. ඔය කොයි හැඟීම ඇතිවුනත් අන්තිමට අපි එන්න පුලුවන් තැන තමයි, මට මෙහෙම කරන එකාට මමත් පාඩමක් උගන්නන්න ඕන කියන එක. හැබැයි මතක තියාගන්න, ඒ අදහස ඔස්සේ ක්‍රියාකළත්, ඒක අදහසක් විතරක් වුනත් දැන් අපේ හිතත් දූෂ්‍ය වෙලා ඉවරයි. අපේ ජීවිතේ සාමයත් නැතිවෙලා ඉවරයි. අන්න ඒ නිසා ආයෙමත් යන්න අංක එක පොයින්ට් එකට. තනියෙන් හිතලා හිත හදාගන්න බැරි නම් සුදුසු කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න, බැරි නම් භාවනා කරන්න, බැරි නම් කේන්තිය නිවෙනකල් පන්චින්ග් බෑග් එකකට හරි කේන්තිය පිටකරන්න. හැබැයි ඉරිසියාකාරයන්ට රිටර්න් දෙන්න ගිහින් තමනුත් ඒ තත්ත්වෙට වැටෙන්න එපා! අඩු ගාණේ හින්ට් එකකට හින්ට් එකකින් රිප්ලයි කරන තැනටවත් යන්න එපා.



    4. සමහර වෙලාවට ගණන් නොගෙනම ඉන්නත් බැහැ :dull::dull:

    Dealing With Others Jealousy
    Source – gurl.com
    අපි කවුරුත් මිනිස්සුනේ. මොන දේ කිව්වත් සමහර වෙලාවට කලින් කිව්ව විදියට උපේක්ෂාවෙන් හැමදේම දිහා බලාගෙන ඉන්න බැරි අවස්ථා එන්න පුලුවන්. ඒ කියන්නේ අපි කියමු අපිත් එක්ක ඉරිසියාවට කරන දේවල්, කියන දේවල් අපිට තවදුරටත් දරාගෙන ඉන්න බැහැ කියලා. ඒ මනුස්සයාගේ මූණ සමතලා වෙන්න දෙන්න හිතෙන වෙලාවක් එනවා කියලා. අන්න එතකොට ඇක්ෂන් එකක් ගන්න වෙනවා. හැබැයි මේ කියන ඇක්ෂන් එක වෙන්නේත් ගිහින් මරාගන්න එක නෙවෙයි. කෙලින්ම ගිහින් කතා කරන්න. හැබැයි ගිහින් අහන්න එපා “ඇයි ඔයා මට ඉරිසියාකාරකම් කරන්නේ?” කියලා. ඒකෙන් ඒ මනුස්සයා කුපිත වෙයි. මොකද සාමාන්‍යයෙන් දැඩි ඉරිසියාවකින් පෙළෙන මනුස්සයෙක් වුනත් කවදාවත් පිළිගන්නේ නැහැ තමන්ගේ හිත ඇතුළේ මේ දුර්ගුණය තියෙනවා කියලා. ඒ නිසා ඒ වෙනුවට ගිහින් බොහොම සුහදව කතා කරන්න. තමන් එක්ක මොකක් හරි අවුලක් තියෙනවද, තමන් නොදැනුවත්වම හරි වැ‍රැද්දක් වෙලා තියෙනවද කියන එක අහලා බලන්න. ගොඩක් වෙලාවට එහෙම සෘජු කතාබහකට පස්සේ කොච්චර ඉරිසියාකාරයෙක්ට වුනත් එළිපිට එදිරිවාදීකම් කරන්න පොඩි අවුලක් මතුවෙයි. එහෙම නැතිනම් තමන් කරපු දේ ගැන ආයෙමත් හිතලා බලන්න පෙළඹෙයි. කවුරුත් මිනිස්සුනේ!



    5. තමන්ගේ පැත්තත් හදාගන්න ඕන :rolleyes::rolleyes::rolleyes:

    Dealing With Others Jealousy
    Source – giphy.com
    දැන් ඔය සමහරු ඉන්නවා, තමන් ගැන පුරසාරම් කියන්නෙ නැතුව ඉන්න බෑ. තමන් ගත්තු අලුත් කාර් එක, වයිෆ්ට අලුතින් ලැබුණු ප්‍රොමෝෂන් එක, ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ලස්සන, තමන්ට බොස් සලකන විදිය, තමන් මාසෙකට හම්බුකරන ගාණ වගේ මෙකී නොකී දේවල් ගැන අනික් අයට කියලා සමහරු සතු‍ටු වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන, ඔයත් මේ වගේ කෙනෙක් නම් බොහොම ලේසියෙන්ම අනික් අයගේ ඉරිසියාවට ටාගට් වෙන්න තියෙන ඉඩ වැඩියි. හරි ඒකෙන් ඉරිසියාවට කරන එදිරිවාදිකම් සාධාරණීකරණය කෙරෙන්නෙ නෑ තමයි. ඒත් අපිත් කරන්නේ වැ‍රැද්දක් කියන එක මතක තියාගන්න ඕන. ඕන නැති සෝබන දාන ඩයල් එකක් නොවී, නිහතමානී, තමන් ගැන කතා නොකරන මනුස්සයෙක් වෙනකොට ගොඩක් දුරට තව කෙනෙක් අපිට ඉරිසියා කරන්න පෙළඹෙන්නෙ නෑ. ඇයි ඉතින් ඉරිසියා කරන්න දෙයක් නැහැනේ. හැබැයි ඉතින් කලාතුරකින් ඩයල් එකක් ඉන්න පුලුවන් ඔයා මෙහෙම නිහතමානී, හොඳ මනුස්සයෙක් වෙනකොට, ඒ ගැන මිනිස්සු ප්‍රශංසා කරනකොට ඒකටත් ඉරිසියා වෙන. ඒවලට ඉතින් අපිට කරන්න දෙයක් නෑ. තම තමන් කරන දේවල් තම තමන් අරගෙන යයි කියලා ඔලුවේ තියාගෙන ඉන්න තමයි තියෙන්නේ.



    6. අකමැති දේට අකමැති බව අඟවන්න :yes::yes:

    Dealing With Others Jealousy
    Source – elimswanley.org
    අර උඩින් කිව්ව මොනදේ තිබුණත් මතක තියාගන්න ඕන, තමනුත් ආත්ම ගෞරවයක් තියෙන මනුස්සයෙක් කියන එක. අපි කියමු ඔ‍ෆිස් එකේ ඉන්න ඉරිසියාකාරයෙක් අනිත් අයත් ඉන්න තැන අපිට හින්ට් ගහනවා කියලා. මේ වෙලාවට ඒකට සෘජුව එරෙහි නොවුණත්, තමන් ගොනෙක් නෙවෙයි, තමන්ට මෙතන වෙන්නේ මොකක්ද කියලා තේරෙනවා කියන එක පෙන්නන්න ඕන. දැන් එතකොට උඩින් කියලා තියෙන්නේ කිසිම වෙලාවක මේ ඉරිසියා පරවශ අදහස්, ඇනුම්පද වලට උත්තර දෙන්න යන්න එපා කියලා, මේ මොන කුණුහරුපයක්ද ඕයි කියලා හිතෙනවා නේද? මෙහෙමයි, අපිට අපේ විරුද්ධත්වය පෙන්නන්න තියෙන එකම ක්‍රමේ හින්ට් එකට හින්ට් එකක් ගහන එක හරි, හින්ට් එකට බණින එක හරි නෙවෙයිනේ. අති සාර්ථක ක්‍රමය තමයි එහෙම අපිට විරුද්ධව හින්ට් ගහගෙන එනකොට එතනින් නැගිටලා යන එක. ඕක කීප පාරක් වෙනකොට ඉරිසියාකාරයා විතරක් නෙවෙයි, අනික් මිනිස්සුන්ටත් දැනෙන්න පටන් ගන්නවනේ. අන්න එතකොට පොඩ්ඩක් හරි ඉරිසියාකාරයා තමන්ව පාලනය කරගන්න උත්සාහ කරයි.



    7. කාරුණික වෙන්න, හැබැයි අතේ දුරින් ඉන්න :D:D:D

    Dealing With Others Jealousy
    Source – youtube.com
    මේ සම්පූර්ණ ආටිකල් එකේ සරල අදහස තමයි, ඉරිසියාකාරයෙක්ගේ වචනයකින් හොල්ලන්න බැරි දැවැන්ත චරිතයක්, ඒත් ඉරිසියාකාරයෙක් එක්ක වෛර බඳින්නේ නැතුව ඒ මනුස්සයාටත් අනුකම්පා කරන්න පුලුවන් මහා කාරුණික චරිතයක් වෙන්න කියන එක. හැබැයි එකක් මතක තියාගන්න ඕන. එහෙම කරුණාවන්ත මනුස්සයෙක් වෙනවා කියන්නේ අර ඉරිසියා කරන්නා ගැන පතළා වූ මහා කරුණාවෙන් ගිහින් ඒ මනුස්සයාව ඉරිසියාවෙන් මුදවා ගන්න කියලා හිතාගෙන හොඳම යාලුවා වෙන එක නෙවෙයි. ඒක හරියන්න පුලුවන් ‍ෆිල්ම් එකකට. හැබැයි ඊට වඩා සංකීර්ණ ඇත්ත ජීවිතේදී වෙන්න පුලුවන් දේ තමයි ඉරිසියාකාරයා ඒකෙනුත් ප්‍රයෝජනය අරගෙන පිටිපස්සෙන් දන්නෙම නැතුව පිහියෙන් අනින එක. ආන්න ඒ නිසා කාරුණික වෙන ගමන්ම අතේ දුරින් ඉන්න කලාවත් ප්‍රගුණ කරන්න ඕන.

    ඔබ කෙනෙක් ගැන හොඳක් හිතන කොට, ඒ මනුස්සයා ඉරිසියාව නිසා හෝ වෙනත් මොනයම් හෝ හේතුවක් නිසාවෙන් කරන එදිරිවාදිකම් වලටත් කුපිත වෙන්න යන්නේ නැතුව හිනාවෙන් ඉවසා වදාරණ කොට සමහර වෙලාවට ඒ මනුස්සයා ඔබේ ඇත්ත කාරුණික ස්වභාවය තේරුම් අරගෙන සතුරුකම් නවත්තලා මිතුරු වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි අපිට මිනිස්සු එක්ක ඒ වගේ එක්ස්පෙරිමන්ට් කර කර ඉන්න බැරි තරමට මේ ජීවිතේ කොටයි. අන්න ඒ නිසා කරුණාවන්ත වෙන්න, උදවුවක් ඉල්ලුවොත් කරන්න පුලුවන් දෙයක් නම් ඒ උදවුව කරන්න. හැබැයි අතේ දුරින් තියාගන්න. තමන්ගේ පෞද්ගලිකත්වයට හවුල් කරගන්න එපා. තමන්ගේ ජීවිතේට වැද්දගන්න එපා. එච්චරයි.

    අවසානයට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඉරිසියාව ඇතිවෙන්නේත් මිනිස්සුන්ට. ප්‍රශ්න ඇතිවෙන්නේත් මිනිස්සුන්ට. හැබැයි අපි එක මනුස්සයෙක්වත් හැමදාම ජීවත් වෙන්නෙ නෑ. ඔන්න ඕක ඔලුවට ගත්තට පස්සේ අපිට ඉරිසියාව ඇති කරගන්නෙත් නැතුව, අපිට ඉරිසියාකාරකම් කරන මිනිස්සුත් එක්ක ගැටෙන්නේත් නැතුව ඉන්න පුලුවන්.