ගොඩක් අයට වැදගත් වෙයි

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ගොඩක් අයට වැදගත් වෙයි

    ගොඩක් අයට වැදගත් වෙයි. මේක ලංකාවෙ ගොඩක් අයට තියන ප්‍රශ්නයක් 😃

    ලංකාවෙ වැඩියෙන්ම පාවිච්චි වෙන networks දෙක වෙන්නෙ Dialog & Mobitel. ඒත් තමන්ගෙ පාරිභෝගිකයන්ව වැඩියෙන්ම ගසාකන්නෙත් companies දෙකම තමයි. ඔයාලා දන්නවා ඇතිනෙ games club, KITMANIA, games hub වගේ services ගැන. ඒවා හදලා තියෙන්නෙම අපේ සල්ලි ගසාකන්න තමයි. කවුරු නෑ කිව්වත් ඒක තමයි ඇත්ත. අපි සමහර website වලට ගියාම ඒවයි දාන ad උඩ වැරදිලා හරි click උනොත් ඕවා activate වෙනවා. ඊට පස්සෙ ඒවා deactivate කරගන්න උන්ගෙ customer care වලට කතාකරන්න ඕන. ඒත් ඕකුන් මලාට answer කරන්නෙත් නෑනෙ. කොහොම හරි පැය ගානක් ඉඳලා උන් answer කරත් service එක deactivate කරනවා මිසක් අපෙන් කපාගත්ත සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ
    සමහරු දන්නෙ නැති උනාට පාරිභෝගිකයො විදියට අපිට පාරිභෝගික අයිතීන් තියනවා. Company කාරයන්ට ඕන විදියට අපේ සල්ලි වංචා කරන්න බෑ. අපි ටිකක් උනන්දු වෙනවා නන් අපේ අර කපාගන්න සල්ලි ආපහු ගන්න පුළුවන්. මේක මගේ අත්දැකීමක් ⤵

    ගිය අප්‍රේල් මාසෙ දවසක මම සිංදුවක් download කරගන්න Google කරලා website එකකට ගියා. ඒකෙ තිබ්බ ad එකක් මට වැරදිලා touch උනා. මට ඇඟිල්ල උඩට ගන්නවත් හම්බුනේ නෑ ට්‍රීන් ගාලා msg එකක් ආවා මම KITMANIA කියලා රෙද්දකට subscribe කරලයි කියලා. මගේ සල්ලි රු. 78.56 ක් ඒකට කපාගෙන තිබ්බා. ඒ msg එකේම තිබ්බා unsubscribe link එකත්. මම ඒකට ගිහින් unsubscribe කරා. මගේ සල්ලි ආපහු refund කරගන්න ඕන නිසා මම ඊලඟ දවසෙ customer care එකට call කරා. විනාඩි 25 ක් ගිහින් තමයි උන් answer කරේ. මම සම්පූර්ණ සිද්ධියම උන්ට කිව්වත් මගේ සල්ලි ආපහු දෙන්න බෑම කිව්වා. ඉතින් මම data servers ගැන විනාඩි 15 ක lecture එකක් දීලා කොහොම හරි ඌව යටත් කරගත්තා 😉 දවස් දෙකකට පස්සෙ මගේ සල්ලි ආපහු refund කරා. ඒත් ඊට කලින් මම consumer authority එකට පැමිණිල්ලක් දැම්මා මුන් මෙහෙම මට cheat කරනවා කියලා. Consumer authority එකෙන් dialog එකට ඕක inform කරලා ඊයෙ මට dialog එකෙන් email එකක් ආවා මගේ phone number එක ඉල්ලලා. Number එක දුන්නම උන් call කරා. පස්සෙ මට වෙච්ච අපහසුතාවයට සමාව ඉල්ලලා මගේ සල්ලි ආයි refund කරන්නද කියලා ඇහුවා 😉 ඉතින් මම කිව්වා මම කලින් refund එක ගත්තා කියලා. බොරු කියන්න බෑනෙ

    මම refund එක ගත්තට ගොඩක් අයට refund හමිබවෙන්නෙ නෑ. Customer care වල ඉන්න නරි මොනා හරි බර වචන ටිකක් කියලා අපිව ගොනාට අන්දවලා අපේ සල්ලි ගසාකනවා. ඉතින් ඔයාලා කාට හරි මෙහෙම දෙයක් වෙලා උන් සල්ලි refund කරේ නැත්තන් සෙනිකව මේ link එකට ගිහින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. ටිකක් කල් යනවා තමයි. ඒත් පරක්කු වෙලා හරි සාදාරණය ඉෂ්ඨ වෙනවා 😃

    http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697

    නමුත් මොබ්ටෙල් එක පට්ට වෙනස් උන්ගේ තියෙන්නෙ වෙනම සින් එකක් සල්ලි කැපුනට මැසෙජ් එ්කක වත් එවන්නෙ ඉට අමතරව උන් අපිව හුරන් කන්න එක එක sms එවනවා #676# නම්බර් එක බ්ලොක් කලත් කමක් නැ #676# අපිව හුරන් කන්න ගොඩක් ඒවා තියෙනවා. අපිව හුරන් කන්නම හදපුවා උන්ගේ තියන බලුම වැඩේ කස්ටමර් සර්විස් එක අන්තිමයි සිග්නලුත් අන්තිමයි මොබ්ටෙල් පාවිච්චි කරනවා නම් ගොඩාක් සෙවිල්ලෙන් ඉන්න
    සල්ලි කැපුනට මැසෙජ් එකක් වත් එවන්නෙ නැ පැය ගානන් ඉදලාකස්ටමර් කෙයා ගත්තම හැම දාම මොනා හරි ලබ්බ්ක් අැක්ටිව් කරලලු අනික මොබ්ටෙල් එක හැම දාම දෙනවා කියන බොරැ බෝනස් වලට අහුවෙන්න එපා එවා ලැබෙන්නැ මට හැමදාම වගේ එනවා 100ක් දැම්මම 15ක් දෙනවල් මම නම් මලාට දාන්නැ දාල බෝනස් අාපු එකෙක් නැති නිසා 100ක් දැම්මම 15ක් එනවට වඩා 100 ම අතුරැහන් වෙන්න පුලුවන්

    තව දෙයක් මොබ්ටෙල් එක මට ලිවිමක් එවලා එන්තරවාසියක් මම එ්කේ ඉන්න ලිව්ම එවපු ලොයර්ට කොල් කරලා කිවිවා මට ලොකු සි්ග්නල් අවුලක් තිබ්බා කොච්චර කිවිවත් එක හදලා දුන්නෙ නැ එක නිසා මම මේ කනෙක්ෂන් එකට තවත් පේ කරන්නැ කියලම එදායින් පස්සේ අායේ ලියුමුත් නැ ඔය නඩු දානවා කිව්වට කවදාවත් එවා වෙන්නෙ නැ එහෙම වෙන්න අාවත් උන්ගේ වරද කියපල්ලා




    Company කාරයන්ට ඔයාලගෙ සල්ලි ගසාකන්න ඉඩදෙන්න එපා ❎ තමන්ගෙ අයිතීන් ගැන දැනුවත් වෙලා ඒ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න 😊 ඔය Link එක bookmark 📑 කරලා තියාගන්න. කවදහරි ඕන වෙයි 😃
    ඉතින්, හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා 👑
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    මටත් ඔහොම සීන් එකක් වුනා...mobitel sim එකක් ඔය වගේ add එකක් click වෙලා දවසට රු 10 කැපෙන්න ගත්ත...මට වැඩේ මීටර් වුනෙත් දවස් දෙකක් විතර ගිහින්..උන්ට කතා කරල ඒක නැවැත්තුවත් හරි ගියේ නෑ බං..ආයිත් කැපෙනව...මම ඊට පස්සෙ lone එකක් ගහල ඒක use කරල ගෙවන්නෙ නැතුව sim එක අතාරල දැම්ම

     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    True Story.. Dialog once charged me 100 + Tax for some stupid service...
    Funny story was I was on Telecom Wifi and time was around Morning 5AM...

    Its not about the 100 rupees.. But being an ASSHOLE..
    Hodata deka thunak Amathuwa mama.. Refund eka awa hawas weddi..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය වගේ සිද්දියක් අපේ තාත්තගේ හච් ෆෝන් එකට වෙලා තිබුන. මොනවද ගේම් එකක්ද කොහෙද ඇක්ටිවේට් වෙලා තිබුන (හරියට මතක නෑ) දිනපතා කීයක්ද කැපෙනවා. තාත්ත ෆෝන්ස් ගැන මෙලෝ දෙයක් දන්න කෙනෙක් නෙමේ කෝල් එකක් ගන්නෙත් බොහොම අමාරුවෙන්. නිතරම සල්ලි කැපෙනවා කියල කියන නිසා මම චෙක් කරාම තමයි දැක්කෙ. ඊට පස්සෙ කස්ටමර් කෙයාර් එකට කෝල් කරලා එයාල කපාගත්ත සල්ලි රිෆන්ඩ් කරන්න කිවුව. ටිකක් තරහ ගිහිල්ල කතා කරේ. කවුද අහිංසක පහේ කෙල්ලෙක් බැනුම් අහගෙන ඉඳල ඉඳල රිෆන්ඩ් කරන්නම් කිවුව. ඒ කෙල්ල සීනියර් කෙනෙකුට කෝල් එක ට්‍රාන්සර් කරන්න හැදුවට එකෙක්වත් කෝල් එකට ආන්ස්වර් කරේ නෑ. පස්සෙ සර්විස් එක ඩි-ඇක්ටිවේට් කරා කියල මෙසේජ් එකක් ආව. රිෆන්ඩ් එක කරලා තිබුනෙ නෑ. ආයිත් කෝල් කර කර කරදර කරන්න බැරි නිසයි, අර ගැනු ළමය පත් වෙච්ච අසරණ කමයි, පොඩි ගානක් නිසයි අල්ලලා දාල නිකන් හිටිය.

    ඔය විදිහට බලනකොට හරියට ෆෝන් පාවිච්චි කරන්න දන්නෙ නැති වැඩිහිටියො 99% කටම මේ ෆෝන් කම්පැනි ඔය වැඩේ කරනවා. මේක නවත්තන්න මොනවා හරි දෙයක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. එක එක්කෙනාට තියන තනි තනි ප්‍රශ්න පාරිභෝගික අධිකාරියට හරි TRC එකට හරි ගෙනියන්නෙ නැතුව පොදුවේ නීතියක් විදිහට සම්මත කරලා මේ ගසා කන වැඩේ නවත්තන්න ඕන. දන්න කෙනෙක් ඉන්නවනම් කොහොමද ඒක කරන්නෙ කියල කියන්න.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A

    මටත් ඔහොම සීන් එකක් වුනා...mobitel sim එකක් ඔය වගේ add එකක් click වෙලා දවසට රු 10 කැපෙන්න ගත්ත...මට වැඩේ මීටර් වුනෙත් දවස් දෙකක් විතර ගිහින්..උන්ට කතා කරල ඒක නැවැත්තුවත් හරි ගියේ නෑ බං..ආයිත් කැපෙනව...මම ඊට පස්සෙ lone එකක් ගහල ඒක use කරල ගෙවන්නෙ නැතුව sim එක අතාරල දැම්ම


    :yes::yes::yes:
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    d

    මටත් ඕක උන මචන් ...දවස් දෙක තුනකට කලින්.....මොබිටෙල්... කෝල් කරලා හදාගත්තේ....කොල්ලෙක් ට කෙල්ලෙක්ට ඕක උනා නම් ඉක්මනට මීටර් වෙනවා...ඒත් සමහර වෑඩිහිටි කෙනෙක් ට උනාම ඔය ෆොන් සීන් ගෑන වෑඩි උනන්දුවක් නෑති නිසා අත ඈරලා දානවා...එක්කෝ දන්නෙම නෑතුව සල්ලි කෑපෙනවා......ඔය කෑ% වෑඩ ඔක්කොම කලාට හරියට තිතට you have only one minute left කියලා නම් කියනවා....මුන් හිතන් ඉන්නේ ඉස්සර මිනිස්සු වගේ දෑන් මිනිස්සුත් ඉද්යි කියලා කිසි action එකක් නොගෙන :angry::angry:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මටත් ඔන්න අද වුනා..අලුතෙන්ම ත්‍රෙඩ් එකක් දාන්න හදලා, ආපහු මේකේ දානවා..

    මගෙත් උදේ දැම්ම සල්ලි දවල් වෙනකොට රු. 39.51 ක් කැපිලා :angry:

    මගේ තියෙන්නේ දවසට රු 7.48 ක් කැපෙන සිම් එක..විනාඩි පනහයි, SMS 50 යි , 100 MB හම්බෙන පැකේජ් එක..

    යකෝ උදේ පාන්දර දැම්ම රීලෝඩ් එක...එක දාල විනාඩි තුනක් කතා කරා, SMS 14 ක් යැවුවා, අද දවසට ඩේටා ඔන් කරේම නැහැ..Wifi විතරයි..

    දවල් දැක්කේ ෆෝන් එකේ සල්ලි අඩු වෙලා තියෙනකොට...

    කෝල් කරලා දැන් ඇහුවම කියනවා Hungama කියල සර්විස් එකකට subscribe වෙලාලු..ඕක ගැන කලින් ලාවට අහල තිබුනට යකෝ මම ආසවටවත් එහෙම advertisement එකක්වත් උන්ගේ වෙබ්සයිට් එකක්වත් අඩු ගානේ එහෙම කියල ආපු SMS එකක්වත් දැක්කේ නැහැ..ඒ උනාට සර්විස් ඒකට කපිල..

    මම ඉන්ටනෙට් යන්නෙත් අඩුවෙන්(එන්නේ එළකිරි විතරයි ෆෝන් එකේ)..නැත්තන් ෆේස්බුක් විතරයි..අනික මම ඔය advertisement ගැන හරියට තිතට කල්පනාවෙන් බලනවා..මිස්ටේක් එකක් වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි..එහෙම එකෙ නොදන්නා සර්විස් එකක් ඇක්ටිවේට් වෙලා රෙද්ද..

    පස්සේ උන් එක deactivate කරලා complain එකක් දැම්මා..බලල refund කරන්නම් කිව්වා..වැඩ කරන පැය 48 ක් (ඒ කියන්නේ වැඩ කරන දින 6 ක්) යනවලු උපරිම complain එක Process වෙන්න :angry:

    බලමු මොකක්ද වෙන්නේ කියලා..

    මම මුලින්ම ඇහුවා අඩු ගානේ ඔහොම සල්ලි කපනවා නම් මැසේජ් එකක්වත් දාන්න වටිනවා නේද, ඔයාල අනිත් හැම සර්විස් එකකටම සල්ලි කපුනම මැසේජ් එවනවා මේ වගේ ඒවාට නැත්තේ ඇයි කියලා..උන් මුලින් කිව්වේ උන්ගේ සර්විස් එකක් නෙමෙයි කියලා..ඒ උනාට කැපෙන්නේ ෆෝන් එකේ සල්ලි වලින් ලු..ඒක කමක් නැහැ කියමුකෝ..

    මම එහෙමම මොබිටෙල් වෙබ්සයිට් ඒකට ගිහින් බැලුවම Hungama තියෙනවා Value Added Service එකක් විදියට..

    http://www.mobitel.lk/hungama#tab-content-area-1799

    ඒක කිව්වම කියනව, සර්විස් එක උන්ගේ නෙමෙයිලු, මේ වගේ complains එනවලු ගොඩක්, ගොඩක් අයට දන්නේ නැතුව ලින්ක් ක්ලික් කරහම මෙහෙම වෙනවලු (රෙද්ද මම නං මෙලෝ දෙයක් ක්ලික් කරේ නැහැ)..මම ඇහුව ඕක සිස්ටම් එකේ bug එකක්ද කියලා..උන්ගේ සිස්ටම් බග් එකක් නෙමෙයිලු, Hungama service එකේ bug එකක්ලු :baffled: :P

    මම හා කියලා තිබ්බ, දැන් බලමු මොකද වෙන්නේ කියලා..සල්ලි ආවේ නැත්තන් complain එකක් දානවා Consumer Authority ඒකට.. :yes:

    මට උන දේට සමාන දෙයක් මගේ කෙල්ලටත් වුනා :yes: