මං කෙට්ටු වෙච්චි හැටි
මේක ඇවිල්ලා 100%ක්ම මගේම අත්දැකීමක්. ඒ හින්දා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මම කලින් දාපු “තාම කෙල්ලක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනවද“ ත්‍රෙඩ් එකේ ගොඩ දෙනෙක්ගෙ උනන්දුව යොමුඋනා මම කෙට්ටු වෙච්චි එක ගැන සහ අම්මා, අප්පච්චි නැතිව මම මගේ අධ්‍යාපන කටයුතු ආදිය ගොඩදාගත්ත විදිහ ගැන.
කෙට්ටුවීම කියන එක මොන ආකාරයකට කලත් අදාල වෙන්නේ එකම කතන්දරයක්. ඒ තමයි ඇඟට ගන්න කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පුච්චලා දානවා කියන එක. එහෙම කලාම ඇඟ කෙට්ටුවෙන එක සක්‍රයගෙ පුතා වයිමට වත් බෑ නවත්වන්න.
එළකිරි එකේ ඉන්න අලි බතලයන්ගේ සහ බතලියන්ගේ සෞඛ්‍ය තත්වය ගැන සලකලා උන්ගේ ආයු අපේක්ෂාව දීර්ඝ කිරීමේ උතුම් අරමුණින්
මම කෙට්ටු වෙච්චි හැටි ගැන මුලින් ලියන්න තීරණය කලා. එහෙනම් හුදී ජන පහන් සංවේගය උදෙසා මෙන්න “මම කෙට්ටු වූ හැටි මාලා නාටකය“
.
අසනීප වෙලා අප්පච්චි නැති උනා. අප්පච්චි නැති උනාට පස්සේ මම මුලින්ම ගත්ත තීරණයක් තමයි කාලයකට ගෙදරින් යන්න. පොඩි කාලෙ අම්මා නැති උනාට පස්සේ අප්පච්චි මාව පුදුම ආදරයකින් බලාගත්තේ. ඒ නිසා අප්පච්චියි මමයි අතරෙ පුදුම බැඳීමක් තිබුනේ. අප්පච්චි නැති උනාට පස්සෙ මට ගෙදර ඉන්න බැරිව ගියා. බලන බලන හැමතැනම අප්පච්චිගෙ මතකයන් පිරිලා.
මම ඒ වෙනකොට මම හිටියෙ 2nd Semester එකේ. 2nd semester exam එක පටන්ගත්තෙ අප්පච්චිගෙ හත්දවසෙ දානෙ දවසේ. ගෙදරින් කාලෙකට පිට වෙලා ඉන්න මම ගත්ත තීරණේ ගැන දැනගත්ත මගේ නෑදෑයෙක් මට ආරාධනා කලා ඒ අයගෙ ගෙදර ඉඳන් මගෙ අධ්‍යාපන කටයුතු ඉවරකරගන්න කියලා. ඒ අයගෙ ගෙදර තිබුනෙත් මම තේරුන අධ්‍යාපන ආයතනෙ කිට්ටුවම.
මම ඉතින් එහෙ ගියා මගෙ ලට්ට ලොට්ටත් උස්සගන. බඩජාරියා වගේ ගෙදරින් කාපු කෑම මෙහෙ ඉඳගනත් කන්න ගියොත් මගේ පටි රෝල්. ඒ හින්දා කන කෑම ප්‍රමාණය මටම පුදුමයක් වෙන ගාණට මං අඩුකරගත්තා
. මුල්ම දවස්වල හරි අමාරුයි. බඩගිනි එනවා හොඳටම. ඉවසගන හිටියා. ඔන්න දැන් කොල්ලා ටික ටික කෙට්ටුවෙන්න ගත්තා. කෙට්ටු වෙලා යම් මට්ටමකට ආවා. හැබැයි තාම Slim මදි.
මුලින්ම ගිහිල්ලා හිටියෙ යාලුවො කීපදෙනෙක් හිටපු බෝඩිමක. සෙට් එකක් එක්ක මෙලෝ Privacy එකක් නැතිව ඉන්න එක මමතුමාට ඒකාලෙ ඉඳංම අරහං. ඒ නිසා කාමරයක් හොයාගන්න හිතුවා. ඒකත් ලේසි උනේ නෑ. හැම තැනම කී මනී ඉල්ලනවා මාස හතර පහ. හොයලා හොයලා යන්තං කාමරයක් හොයාගත්තා. මාසෙට 4500යයි කුලිය.
දැන් ඉතිං කාල වරෙංකො. මාසෙට පඩිය දහදාහයි. කාමරේට 4500යි. එතකොට ඉතිරි 5500යයි. දැන් ඉතින් ඕකෙන්නෙ ඉතිරි ඔක්කොම මඟුල් කරන්න තියෙන්නේ. දැන් ගනන් හදලා බලන්නෙ නැතිව වියදම් කලොත් සදා සොත්ති තමයි පුතා කියලා මගේ හිත මට කිව්වා. ටක්ගාල ගණන් හදලා බැලුවා. ගමන් වියදම්, එකී නොකී සියලු වියදම් වලට ගාණ අයින් කරලා බලලා කෑමට ඉතිරිවෙන ගාණ බලපුවාම දවසකට ආව පින්වතුනි රුපියල් වලින්ම 120ක් හෝ සීයක්.
කෝමද ආතල් එක. ආතල් එක කන්දෙකෙන් බේරෙනවා දොරේ.
උදේට කන්න කඩයක් හොයාගත්තා බත් රුපියල් 40යි. ඒ එක්ක ලූණු සම්බෝලෙකුයි තව අපිට කැමති නමක් දාගන කන්න පුලුවන් මාලුපින්නකුයි. දවල්ට නං බත් කන්න ලොවෙත් බැරි බව මං තේරුංගත්තා. කඩේකට ගිහිං රුපියල් 20ක් දීලා පරාට එකක් කාල වතුර එකක් බීල එන්න පුරුදු උනා. දවස් කීපයක් එක දිගට ඒ කඩේට ගියාම කඩේ එකා කින්ඩියට බලන්න පටන්ගත්තා. හිත කැඩුනා පිංවතුනි. ඒ කාලෙ අනේ අප්පච්චි හිටියනං කියලා හිතුන වාර අනන්තයි. ඒත් මක්කරන්නද , අඬලා දොඩලා පලක් නෑ නෙව. ටිකක් එහාට ගියාම පෙට්ටි කඩයක් තිබුනා. හිත හොඳ බුවෙක් කරපු. පොරගෙන් දවල්ට සීනි සම්බෝල දාපු පාන් කෑල්ලක් ගත්තා. රෑට ආප්ප තුනයි.
මාස හයක් ඕක තමා ඩයට් එක. කොච්චර කෙට්ටු උනාද කියලා කියනවා නං මගෙම කසින් කාරයට මාව අඳුරාගන්න බැරිව ගියා. හැබැයි මොන මඟුල උනත් නෑදෑයන්ගෙන් උදව් ඉල්ලන්න ගියෙ නෑ මම. ඒකටත් තිබුනා හේතු. මගෙ ළඟම නෑදෑයන්ගෙන් සෑහෙන පිරිසක් අන්තිම කුහක, පට්ට ඉරිසියාකාර උං බව ඒ වෙනකොට මට හොඳට තේරිලා තිබුනේ. එයාලගෙ තිබුනෙ සරල තියරියක්. තමන්ට හරියන්න ඕන. ඒ මදි ... අනික් උන්ට කෙල වෙන්නත් ඕන. නැත්තං හිතට දුකයි. කීපදෙනෙක් හිටියා/තාම ඉන්නවා හොඳ උදවිය.
මාස හය ඉවරවෙලා ඉන්ටර්න්වලින් මාස කීපයකට පස්සෙ මට වෙන කම්පනි එකක Software Engineer පෝස්ට් එකක් හම්බඋනා.
ඉතින් පිංවතුනි මේ ඉන්නෙ මං. මහත ජීවිතේ ගෙවන කාලෙ. මහතම මහතම මහතම මහත කාලෙ ෆොටෝ එකක් නෑ හොයාගන්ට.මේක තමයි ළඟින් යන එකකට තියෙන්නේ
දැං ඉතිං කියාගන එන්න එපා.. ආපෝ මං ඔයිට වඩා මහතයිනේ
. ඕකත් මහතක්ද කියලා. මේ ඉන්නෙ බඩ හංගඟන. ෆොටෝ ගහද්දි එහෙමනේ ඉන්නෙ ඉතිං
මේ ඉන්නෙ මං කෙට්ටු උනාට පස්සේ....
මේ ෆොටෝස් මීට කලින් දැකපු මං අඳුනන උන් ඉන්නවා නං මේකේ... “අඩ්ඩඩ්ඩා මේ අරූනේ.. මං මූව දන්නවා“ වශයෙන් අඬබෙර නොගහා හිටපියව්.
දැන් එතකොට මම ලස්සනට කෙට්ටුවෙලා Living happily ever after උනාද ?
මොන පිස්සුද යකෝව්.... ටිකෙන් ටික ආය කන්න පටන්ගත්තට පස්සෙ ආය තප්පදෝරු සයිස් මහත්උනා.
ඒ කියන්නෙ මම දැනුත් පට්ට තඩි ඩයල් එකක්ද ? අපෝ නෑ. ඊට පස්සේ Season 2 එකේදි වෙන මෙතඩ් එකකට කෙට්ටු උනා. ඒ මෙතඩ් එක වෙන දවසකට දාඤ්ඤං.
එතකොට ළමයි Season 1 එකෙන් ගන්න තියන කෙට්ටු වෙන්න තියන සරල මෙතඩ් එක තමයි කන කෑම ප්‍රමාණය අම්මට සිරි වෙන ප්‍රමාණයට අඩු කරන එක. හැබැයි සනා ඒක මම කොහෙත්ම අනුමත කරන ක්‍රමයක් නෙවෙයි. හේතුව තමයි ඇඟ දුරුවල වෙනවා මාර විදිහට.
To be Continued
මේක ඇවිල්ලා 100%ක්ම මගේම අත්දැකීමක්. ඒ හින්දා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මම කලින් දාපු “තාම කෙල්ලක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනවද“ ත්‍රෙඩ් එකේ ගොඩ දෙනෙක්ගෙ උනන්දුව යොමුඋනා මම කෙට්ටු වෙච්චි එක ගැන සහ අම්මා, අප්පච්චි නැතිව මම මගේ අධ්‍යාපන කටයුතු ආදිය ගොඩදාගත්ත විදිහ ගැන.
කෙට්ටුවීම කියන එක මොන ආකාරයකට කලත් අදාල වෙන්නේ එකම කතන්දරයක්. ඒ තමයි ඇඟට ගන්න කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පුච්චලා දානවා කියන එක. එහෙම කලාම ඇඟ කෙට්ටුවෙන එක සක්‍රයගෙ පුතා වයිමට වත් බෑ නවත්වන්න.
එළකිරි එකේ ඉන්න අලි බතලයන්ගේ සහ බතලියන්ගේ සෞඛ්‍ය තත්වය ගැන සලකලා උන්ගේ ආයු අපේක්ෂාව දීර්ඝ කිරීමේ උතුම් අරමුණින්
මම කෙට්ටු වෙච්චි හැටි ගැන මුලින් ලියන්න තීරණය කලා. එහෙනම් හුදී ජන පහන් සංවේගය උදෙසා මෙන්න “මම කෙට්ටු වූ හැටි මාලා නාටකය“Episode 01
පොඩි කාලෙ කෙට්ටුවට උසට උන්නට 9 වසරෙ විතර ඉඳල මං මහත් වෙන්න ගත්තා. AL එහෙම කරල ඉවරවෙද්දි හොඳ තප්පදෝරු සයිස්. කිලෝ 120ක් විතර ඉන්න ඇති. ඒක එහෙම වෙන්න මමතුමාගේ ආහාර රටාව බලපෑවා. බත් කනවා නම් හොඳ පුරෝපු පිඟන් දෙකක් තුනක් වේලකට. එතකොට අම්මා නැති වෙලා තිබුනේ. අප්පච්චියි මමයි ඉන්නකොට පාන් කන දවස්වලට ගෙදරට ගේනවා පාන් දෙක හමාරක්. රාත්තල් දෙකක් මට , ඉතිරි බාගෙ අප්පචිචිට. ඉඳිආප්ප 50ක් විතර. අපි ආප්ප වගේ දේවල් ගැන කතා නොකර ඉමු
. අසනීප වෙලා අප්පච්චි නැති උනා. අප්පච්චි නැති උනාට පස්සේ මම මුලින්ම ගත්ත තීරණයක් තමයි කාලයකට ගෙදරින් යන්න. පොඩි කාලෙ අම්මා නැති උනාට පස්සේ අප්පච්චි මාව පුදුම ආදරයකින් බලාගත්තේ. ඒ නිසා අප්පච්චියි මමයි අතරෙ පුදුම බැඳීමක් තිබුනේ. අප්පච්චි නැති උනාට පස්සෙ මට ගෙදර ඉන්න බැරිව ගියා. බලන බලන හැමතැනම අප්පච්චිගෙ මතකයන් පිරිලා.
මම ඒ වෙනකොට මම හිටියෙ 2nd Semester එකේ. 2nd semester exam එක පටන්ගත්තෙ අප්පච්චිගෙ හත්දවසෙ දානෙ දවසේ. ගෙදරින් කාලෙකට පිට වෙලා ඉන්න මම ගත්ත තීරණේ ගැන දැනගත්ත මගේ නෑදෑයෙක් මට ආරාධනා කලා ඒ අයගෙ ගෙදර ඉඳන් මගෙ අධ්‍යාපන කටයුතු ඉවරකරගන්න කියලා. ඒ අයගෙ ගෙදර තිබුනෙත් මම තේරුන අධ්‍යාපන ආයතනෙ කිට්ටුවම.
මම ඉතින් එහෙ ගියා මගෙ ලට්ට ලොට්ටත් උස්සගන. බඩජාරියා වගේ ගෙදරින් කාපු කෑම මෙහෙ ඉඳගනත් කන්න ගියොත් මගේ පටි රෝල්. ඒ හින්දා කන කෑම ප්‍රමාණය මටම පුදුමයක් වෙන ගාණට මං අඩුකරගත්තා
. මුල්ම දවස්වල හරි අමාරුයි. බඩගිනි එනවා හොඳටම. ඉවසගන හිටියා. ඔන්න දැන් කොල්ලා ටික ටික කෙට්ටුවෙන්න ගත්තා. කෙට්ටු වෙලා යම් මට්ටමකට ආවා. හැබැයි තාම Slim මදි. Episode 2
Academics ඉවර උනා, Internship පටන්ගත්තා. මම trainee web developer විදිහට කොළඹ Software company එකකට Join උනා . ගෙවීම දහදාහයි.ඒකාලෙ ඉතිං අතේ සතේ නෑ. පොල් ඉඩං ටිකක් තිබුනත් පොල් කඩන්න ගෙදර ඉන්න එපැයි. මගෙ වාසනාවට මම අන්තිම සෙමෙස්ටරේ කරපු ප්‍රොජෙක්ට් එක මට විකුණගන්න පුලුවන් උනා කම්පනි එකකට රුපියල් විසිදාහකට. ඒකෙන් තමා පලවෙනි මාසෙ පඩිය හම්බවෙනකල් වියදම් කරේ. ඔෆිස් යන්න ඇඳුම් ගත්තෙ එහෙම.මුලින්ම ගිහිල්ලා හිටියෙ යාලුවො කීපදෙනෙක් හිටපු බෝඩිමක. සෙට් එකක් එක්ක මෙලෝ Privacy එකක් නැතිව ඉන්න එක මමතුමාට ඒකාලෙ ඉඳංම අරහං. ඒ නිසා කාමරයක් හොයාගන්න හිතුවා. ඒකත් ලේසි උනේ නෑ. හැම තැනම කී මනී ඉල්ලනවා මාස හතර පහ. හොයලා හොයලා යන්තං කාමරයක් හොයාගත්තා. මාසෙට 4500යයි කුලිය.
දැන් ඉතිං කාල වරෙංකො. මාසෙට පඩිය දහදාහයි. කාමරේට 4500යි. එතකොට ඉතිරි 5500යයි. දැන් ඉතින් ඕකෙන්නෙ ඉතිරි ඔක්කොම මඟුල් කරන්න තියෙන්නේ. දැන් ගනන් හදලා බලන්නෙ නැතිව වියදම් කලොත් සදා සොත්ති තමයි පුතා කියලා මගේ හිත මට කිව්වා. ටක්ගාල ගණන් හදලා බැලුවා. ගමන් වියදම්, එකී නොකී සියලු වියදම් වලට ගාණ අයින් කරලා බලලා කෑමට ඉතිරිවෙන ගාණ බලපුවාම දවසකට ආව පින්වතුනි රුපියල් වලින්ම 120ක් හෝ සීයක්.
කෝමද ආතල් එක. ආතල් එක කන්දෙකෙන් බේරෙනවා දොරේ.
උදේට කන්න කඩයක් හොයාගත්තා බත් රුපියල් 40යි. ඒ එක්ක ලූණු සම්බෝලෙකුයි තව අපිට කැමති නමක් දාගන කන්න පුලුවන් මාලුපින්නකුයි. දවල්ට නං බත් කන්න ලොවෙත් බැරි බව මං තේරුංගත්තා. කඩේකට ගිහිං රුපියල් 20ක් දීලා පරාට එකක් කාල වතුර එකක් බීල එන්න පුරුදු උනා. දවස් කීපයක් එක දිගට ඒ කඩේට ගියාම කඩේ එකා කින්ඩියට බලන්න පටන්ගත්තා. හිත කැඩුනා පිංවතුනි. ඒ කාලෙ අනේ අප්පච්චි හිටියනං කියලා හිතුන වාර අනන්තයි. ඒත් මක්කරන්නද , අඬලා දොඩලා පලක් නෑ නෙව. ටිකක් එහාට ගියාම පෙට්ටි කඩයක් තිබුනා. හිත හොඳ බුවෙක් කරපු. පොරගෙන් දවල්ට සීනි සම්බෝල දාපු පාන් කෑල්ලක් ගත්තා. රෑට ආප්ප තුනයි.
මාස හයක් ඕක තමා ඩයට් එක. කොච්චර කෙට්ටු උනාද කියලා කියනවා නං මගෙම කසින් කාරයට මාව අඳුරාගන්න බැරිව ගියා. හැබැයි මොන මඟුල උනත් නෑදෑයන්ගෙන් උදව් ඉල්ලන්න ගියෙ නෑ මම. ඒකටත් තිබුනා හේතු. මගෙ ළඟම නෑදෑයන්ගෙන් සෑහෙන පිරිසක් අන්තිම කුහක, පට්ට ඉරිසියාකාර උං බව ඒ වෙනකොට මට හොඳට තේරිලා තිබුනේ. එයාලගෙ තිබුනෙ සරල තියරියක්. තමන්ට හරියන්න ඕන. ඒ මදි ... අනික් උන්ට කෙල වෙන්නත් ඕන. නැත්තං හිතට දුකයි. කීපදෙනෙක් හිටියා/තාම ඉන්නවා හොඳ උදවිය.
මාස හය ඉවරවෙලා ඉන්ටර්න්වලින් මාස කීපයකට පස්සෙ මට වෙන කම්පනි එකක Software Engineer පෝස්ට් එකක් හම්බඋනා.
ඉතින් පිංවතුනි මේ ඉන්නෙ මං. මහත ජීවිතේ ගෙවන කාලෙ. මහතම මහතම මහතම මහත කාලෙ ෆොටෝ එකක් නෑ හොයාගන්ට.මේක තමයි ළඟින් යන එකකට තියෙන්නේ
. ඕකත් මහතක්ද කියලා. මේ ඉන්නෙ බඩ හංගඟන. ෆොටෝ ගහද්දි එහෙමනේ ඉන්නෙ ඉතිංමේ ඉන්නෙ මං කෙට්ටු උනාට පස්සේ....
මේ ෆොටෝස් මීට කලින් දැකපු මං අඳුනන උන් ඉන්නවා නං මේකේ... “අඩ්ඩඩ්ඩා මේ අරූනේ.. මං මූව දන්නවා“ වශයෙන් අඬබෙර නොගහා හිටපියව්.
දැන් එතකොට මම ලස්සනට කෙට්ටුවෙලා Living happily ever after උනාද ?
මොන පිස්සුද යකෝව්.... ටිකෙන් ටික ආය කන්න පටන්ගත්තට පස්සෙ ආය තප්පදෝරු සයිස් මහත්උනා.
ඒ කියන්නෙ මම දැනුත් පට්ට තඩි ඩයල් එකක්ද ? අපෝ නෑ. ඊට පස්සේ Season 2 එකේදි වෙන මෙතඩ් එකකට කෙට්ටු උනා. ඒ මෙතඩ් එක වෙන දවසකට දාඤ්ඤං.
එතකොට ළමයි Season 1 එකෙන් ගන්න තියන කෙට්ටු වෙන්න තියන සරල මෙතඩ් එක තමයි කන කෑම ප්‍රමාණය අම්මට සිරි වෙන ප්‍රමාණයට අඩු කරන එක. හැබැයි සනා ඒක මම කොහෙත්ම අනුමත කරන ක්‍රමයක් නෙවෙයි. හේතුව තමයි ඇඟ දුරුවල වෙනවා මාර විදිහට.
To be Continued
Last edited:

පෙරේදා බස් එකකදී සීන් කෝන් එකක් වෙලා ගුටිකෑවේ මෙයා තමා 