[/SIZE]අද සමාජයේ නිතර ඇහෙන දෙයක් තමයි මානසික ආතතිය කියන වචනය කොල්ලො කෙල්ලො නම් ඩිප ගහල ,මූඩ් ගහල කියල තමයි ඕකට කියන්නෙ.ඉතිං මේ සූදානම් වෙන්නෙ Depression සිංහලෙන් කියනවනම් විෂාදය ගැන වෛද්‍ය විද්‍යාත්මක විමසුමක යෙදෙන්න.විෂාදයේ රෝග ලක්ෂණ,ප්‍රතිකාර ක්‍රම,රෝගී පුනරුත්ථාපන ය ආදිය ගැන අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරමු.
විෂාදය ගත්තොත් සමාජයේ 2-5%අතර ප්‍රමාණයක් පීඩා ඩ්ඳින රෝගයක් .කාන්තාවන් පිරිමින් ට සාපේක්ෂව දෙගුණයක ප්‍රවණතාවක් පෙන්වනව මේ රෝගය ඇති වීමට.සාමාන්‍යයෙන් මේ රෝගය මාස 1-6ක් අතර කාලයක් පවතින්න පුලුවන්.10-20%අතර ප්‍රමාණයකට මේ රෝගය අවුරුදු 2කට වඩා කල්පවතින තත්වයක් දක්වා වර්ධනය වෙන්න පුලුවන් .85% පමණ රෝගීන් එක් වතාවකට වඩා මේ රෝගයට ගොදුරු වෙනව ඒ කියන්නෙ වරක් සුව වුණත් නැවත ඇතිවෙනව.
මේ රෝගය ඇතිවෙන්න කාරණා බොහොමයක් බලපානව.ජානමය සාධක,කායික රෝග තත්ත්ව(පිළිකා,හෘදයාබාධ,අංශබාගය,වලිප්පුව,දියවැඩියාව ,අක්මා රෝග ආදී),අන්තරාසර්ග රෝග(තයිරොයිඩ් ආශ්‍රිත රෝග,අධිවෘක්ක ග්‍රන්තියෙ රෝග),ඖෂධ වර්ග(වේදනා නාශක ,ප්‍රතිජීවක ,පිළිකා ප්‍රතිකාර ,ස්ටෙරොයිඩ ආදී),මත්ද්‍රව්‍ය භාවිතය(ඇල්කොහොල ,හෙරොයින් ,කොකේන්),පුද්ගලානුබද්ධ මානසික තත්ත්ව(පෞර්ෂත්වය,පුද්ගල සහසම්බන්ධතා,අභියෝගවලට මුහුණ දීමේ හැකියාව,චින්තන රටාව).මෙවැනි සාධක බොහොමයක දායකත්වයෙන් තමයි මේ රෝගය කෙනෙක්තුළ වර්ධනය වෙන්නෙ මේ සාධක තියෙන කෙනෙක් මෙයට ගොදුරු වීමේ අවදානම වැඩි වෙනව.
අපි බලමු විශාදයේ රෝගලක්ෂණ මීළඟට.
රෝග ලක්ෂණ
වෛද්‍යවරු මේ රෝග නිර්ණයේදි ICD10රෝග නිර්ණ ක්‍රමවේදයේ කියන නිර්ණායක පාවිච්චි කරනව.ඊට අමතරව DSM4 ආදී වෙනත් ක්‍රමත් මේ සඳහා යොදාගන්න පුලුවන්.රෝග නිශ්චයට අදාල රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක් පැවතිය යුතු වෙනව.රෝගයේ තීව්‍රතාව අනුව සුලු(mild),මධ්‍යම(modarate),උග්‍ර(severe) ලෙස වර්ග කරනව.
ප්‍රධාන රෝග ලක්ෂණ(Major symptoms )
1.පහත් මනෝභාවය(low mood/depressed mood)
මේක පැහැදිලි කරනවනම් අපි ගොඩාක් සතුටින් ඉන්න අවස්තාවක් ඉහළ මනෝභාවයක් ලෙස සැලකුවොත් එකේ අනිත් අන්තය ගැන තමයි කියන්නෙ.ඒ කියන්නෙ දුක්බර මූඩ් එකක් සරලවම කීවොතින්.
2.අතෘප්තිකර බව(loss of interest )
මේ කියන්නෙ අපි කරන දේ වලින් අපිට සතුටක් නොලැබීම .මේ රෝගීන් කලින් ආසාවෙන් සතුටින් කරපු දේවල් පවා මේ අය අත් ඇරල දානව.
3.අලස බව(lack of energy )
මේ රෝගීන්ට එදිනෙදා දේවල් පවා කරගන්න බැරි තරම් අලස බවක් ඇති වෙනව.
අනෙකුත් රෝග ලක්ෂණ(Minor symptoms )
1.බලාපොරොත්තු රහිත බව,හීනමානය(hopelessness,poor selfesteem)
2.සියදිවි හානි කරගැනීමේ අදහස්(suicidal thoughts)
3.අනාගතය පිළිබඳ ඍණාත්මක අදහස් (pessimistic ideas )
4.අවධානය පවත්වාගැනීමට නොහැකි වීම(poor attention and concentration )
5.ආහාර අරුචිය(poor appetite )
6.නින්ද නොයාම(insomnia )
7.වරදකාරී හැඟීම්,නොවටිනාසුලු හැඟීම් (ideas of guilt and unworthiness )
ඉහතින් සඳහන් කළ රෝග ලක්ෂණ අඩු වැඩි වශයෙන් රෝගයේ තීව්‍රතාව අනුව පිහිටන්න පුලුවන්.
තවත් සඳහන් කල යුතු දෙයක් තමයි ,අපේ තරුණ පරම්පරාවෙ පිරිස් ප්‍රේම සම්බන්ධයක් බිඳුනම දුකින් ඉන්න එක ඩිප්‍රෙශන් කියල හිතනව නමුත් ඒ වගේ අවස්තාවක ඇතිවෙන්නෙ grief reaction එකක් ඒ කියන්නෙ ඒ වෙන් වීමට දක්වන ප්‍රතිචාරයක් .ඒකෙදිත් දුක් සහිත බව(low mood),කෑම අරුචිය,නින්දට බාධා,බර අඩුවීම ආදිය ඇතිවෙන්න පුලුවන් ඒත් හීනමානයක් මේකෙදි ඇතිවෙන්නෙ නෑ.මේ වගේ තත්ත්වයකදී ඇතිවෙන adjustment disorder වගේ රෝග ගැන ඉදිරියේදි කතා කරමු.
දැන් බලමු මේකට තියෙන ප්‍රතිකාර ක්‍රම
මේ රෝගය ඖෂධ සහ ඖෂධ නොවන ක්‍රම භාවිත කරල සුව කරනු ලබනව මේ දෙයාකාරයෙම එකතුවෙන් කරන ප්‍රතිකාර වඩා සාර්ථක බවයි පිළිගන්නෙ.
ඖෂධ ගත්තොත් විශාදනාශක (antidepressants) කාණ්ඩ කීපයක් මෙයට භාවිත කරනව.
1.Tricyclic antidepressants (TCA)
හානිදායක අතුරු ප්‍රතිඵල නිසා මේවගේ භාවිතය අඩුයි
2.Specific Seratonin reuptake inhibitors
ලංකාවේ බහුලව භාවිත වෙනව
3.Seratonin Noradrenaline reuptake inhibitors
උග්‍ර අවස්තාවෙ රෝගයට භාවිත කරනව.
මීට අමතරව MAO inhibitors ,Melatonergic agonists ,Mirtazapine වගේ ඖශධ පෞද්ගලික අංශයේ රෝහල් වල තියෙනව.
4.Electro Convulsive Therapy (ECT)
කරන්ට් අල්ලනව කියල සාමාන්‍යයෙන් භාවිත වෙනව.ඉතා කාර්‍යක්ෂම ක්‍රමයක් .ඖෂධ ලබාදිය නොහැකි රෝගීන්ට ,ගැභිණි මව්වරුන්ට,වැඩිහිටියන්ට ප්‍රතිකාර කිරීමෙදි භාවිත වෙනව.සිහි නැති කරල කරන ප්‍රතිකාර ක්‍රමයක් නිසා ඊට අදාල් සංකූලතා ඇතිවෙන්න පුලුවන්.
ඉහත සදහන් කළ බෙහෙත් බීපු ගමන් ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ සති දෙකක් වගේ කාලයක් ඒ ස්ඳහා ගත වෙනව.අවම වශයෙන් මාස 6ක් වත් ප්‍රතිකාර ගන්න ඕන.හිටි ගමන් බේත් නවත්තන්න හොඳ නෑ ඒකෙන් අනිසි බිය (ANXIETY)වගේ රෝග ඇතිවෙන්න පුලුවන් .නිවැරදිව සායන වලට සහභාගි වෙලා අවශ්‍ය පරිදි බෙහෙත් වෙනස් කරගැනීමත් ඉතා වැදගත්.මේ ඖෂධ වල අතුරු විපාක සහ වෙනත් විස්තර පසුවට කතාකරමු.
මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම විශාදය සුව කිරීමට ඉතා වැදගත් වෙනව.(PSYCHOTHERAPY ).
එහිදී Supportive psychotherapy ,cognitive behavioral therapy භාවිතා කරනව .රොගියා හිතන පතන විදියෙ දුබලතා නිවැරදි කිරීමටත්,ආත්මාභිමානය ඇති කිරීමටත්,අභියෝගවලට මුහුණ දෙන අයුරුත් මේ ක්‍රම වලදි උගන්වනව.
රෝගියා සුව කරන්න නිවසේ අනෙකුත් සාමාජිකයන්ගෙ සහ සමාජයේ දායකත්වය ඉතා වැදගත්.පිස්සෙක් කියල කොන් නොකර මානසික රෝග කියන්නෙත් කැස්ස හෙම්බිරිස්සාවක් වගේ ලෙඩක් කියන එක තේරුම් අරන් මේ රෝගීන්ට සුව වීමට උදව් කළයුතු වෙනව.
විශාදය හා බැඳුණු දෙයක් තමයි මේ සියදිවි නසාගැනීම කියන්නෙ මේ ගැන අපි වෙනත් දවසක කතා කරමු.
විශාදය පිළිබඳ සුලු සඳහනක් තමයි මේ කළේ.මේ රෝගය ගැන වගේම වෙනත් රෝග පිළිබඳ ඔබට තියෙන ගැටලු කොමෙන්ට් විදියට එකතු කරන්න.වැදගත් කියල හිතෙනව නම් බම්ප් පාරක් දාල යන්න.
මේ තොරතුරු ඉදිරිපත් කරන්න Prof.Raveen Hanwella ,Prof.Varuni de Silva ගේ Handbook of Clinical Psychiatry කියන පොත පරිශීලනය කළා.
සැමට තෙරුවන් සරණයි!

Last edited: