ශ්‍රී ලංකාව තුල මෙතෙක් ධාවනය වු Class M දුම්රිය 

Captain jack sparrow

Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    ශ්‍රී ලංකාව තුල මෙතෙක් ධාවනය වු Class M දුම්රිය 

    ශ්‍රී ලංකාව තුල මෙතෙක් ධාවනය වු Class M Train Engine

    ILbD6x.jpg




    Class M1
    v0uNNd.jpg
    Class M1 560 Being Repaired

    අද වනවිට කිසිදු ඇන්ජිමක් ධාවනය නොවේ.කඩුගන්නාව කෞතුකාගාරයේ එක් ඇන්ජිමක් දැකගත හැක.

    DCFjsw.jpg
    Class M1 Locomotive Hauling Yal Devi or Uththara Devi to Jaffna

    *Name (නම) - Class M1

    *Builder (නිර්මාතෘ) - BRUSH BAGNALL

    *Country (රට) - UK

    *Imported Year (ශ්‍රී ලංකාවට ගෙන්වු වර්ශය) - 1953 onwards

    *Total (ඇන්ජින් ගණන) - 25

    *Weight (බර) - 88 tons

    *Prime Mover - Mirrlees V12 JS12VT

    *Engine Type (ඇන්ජින් වර්ගය) - Mirrlees V12 JS12VT (4 Stroke)

    *Wheel arrangement (රෝද අකෘතිය) - A1A-A1A

    *Horse Power (අශ්ව බල) - 1,000hp (746 KW)

    *Numbers (අංක) - 539-563


    Class M2
    zKbEu3.jpg
    Class M2c 627 ‘Vancouver’ at Veyangoda

    ආනයනය කල සාර්ථකතකම එම් පන්තියේ ඇන්ජින් වර්ගයවේ.. ඊට හේතුව M2 571 " Saskatchewan " හැර අනෙක් සියලුම ඇන්ජින් අදටත් ධාවනය වීමයි.571 ඇන්ජිම LTTE ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දමන ලදී.
    M2 570 " Alberta " ඇන්ජිම ද ත්‍රස්ත ග්‍රහනයට හසුවුවද එය නැවත අලුත්වැඩියා කිරීමට අපගේ දක්ශ තාක්ෂණික ශිල්පීන්ට හැකිවීම සතුටට කරුණකි.ඉන් අනතුරුව 2014 පොතුහැර දී දැයට කිරුල සීග්‍රගාමී දුම්රිය සමග මුහුණට මුහුණ අනතුරට ලක්වීමෙන් පසු දැඩි ලෙස අනතුරට ලක්විය.
    නැවත 2015 වනවිට එය සාර්ථකතක ලෙස අලුත්වැඩියා කිරීමට දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ශිල්පීන් සමත් විය.M2a 591 "MANITOBA" සුනාමි වියවසනයෙන් ඉතාම දරුණු ලෙස හානි වියද.එම ඇන්ජිම ද වසර කිහිපයකින් පසුව ධාවනයට එක් කීරීමට අපගේ තාක්ෂණික ශිල්පීන්ට හැකිවිය
    oivo29.jpg
    Class M2 570 ‘Alberta’ before facing the accident at Pothuhera
    ba7Wdz.jpg
    Class M2a 591 ‘Manitoba’ at Veyangoda

    *Name (නම) - Class M2

    *Builder (නිර්මාතෘ) - General Motors Canada

    *Country (රට) - Canada

    *Imported Year (ශ්‍රී ලංකාවට ගෙන්වු වර්ශය) - 1954 onwards

    *Total (ඇන්ජින් ගණන) - 14

    *Weight (බර) - 79 tons

    *Prime Mover - General Motors – GM V12 12-567c (2 stroke)

    *Engine Type (ඇන්ජින් වර්ගය) - V12 two stroke diesel

    *Break (තිරිංග) - vacuum break Dynamic (M2c)

    *Wheel arrangement (රෝද අකෘතිය) - (A1A)Bo'Bo' ( M2c)

    *Horse Power (අශ්ව බල) - 1425 hp (1,063 KW) 1310hp (980KW) M2d

    *Max speed (උපරිම වේගය) - 112km/h

    *Numbers (අංක) - 569 - 629


    Class M3
    sztnhY.jpg

    මෙය ලන්කාවෙ නිශ්පාදනයක් වන අතර "ජයන්ති" නමින් නම් කර ඇත.එක ඇන්ජිමක් වත් දැනට ධාවනය වන්නේ නැත.අවාසනාවකට කෞතුකාගාරයක හෝ සංරක්ෂණය කර තැබීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැත.
    5d8NW1.jpg

    WGTT8w.jpg
    Manufacturing process of Class M3 locomotives

    *Name (නම) - Class M3

    *Builder (නිර්මාතෘ) - Ceylon Government Railway Workshops

    *Country (රට) - Sri Lanka

    *Build Year (නිෂ්පාදිත වර්ශය) - 1956

    *Total (ඇන්ජින් ගණන) - 2

    *Weight (බර) - 47 Tons

    *Prime Mover - Williams & Robinson – Type-H6

    *Engine Type (ඇන්ජින් වර්ගය) - 6 cylinder 4 stroke diesel

    *Break (තිරිංග) - Vacuum

    *Wheel arrangement (රෝද අකෘතිය) - Bo-Bo

    *Horse Power (අශ්ව බල) - 180hp (90hp x 2)

    *Max speed (උපරිම වේගය) - 55mph

    *Numbers (අංක) - 589-590


    Class M4
    gmue1w.jpg
    Class M4 744 ‘Sigiri’
    ඉතාම සාර්ථක ඇන්ජින් වර්ගයකි.මෙමෙ ඇන්ජින් වලින් කීපයක් ද ත්‍රස්තවාදී ක්‍රියා වලට හසුවී තිබුණද අද වනවිට සියලුම ඇන්ජින් ධාවනය වේ.මුල් භාගයේ උඩරට මර්ගයේ ධාවනය වුවද විවිධ හේතු නිසා ඉවත්කරන ලදී.
    jvg1qF.jpg

    Class M4 752 ‘Point Pedro’ at Veyangoda

    *Name (නම) - Class M4

    *Builder (නිර්මාතෘ) - Montreal Locomotive Works

    *Country (රට) - Canada

    *Imported Year (ශ්‍රී ලංකාවට ගෙන්වු වර්ශය) - 1975 onwards

    *Total (ඇන්ජින් ගණන) - 14

    *Weight (බර) - 97 Tons

    *Prime Mover - Alco Bombardier V12 12-251C3

    *Engine Type (ඇන්ජින් වර්ගය) - 4stroke V12 diesel

    *Break (තිරිංග) - vacuum , air

    *Wheel arrangement (රෝද අකෘතිය) - Co-Co

    *Horse Power (අශ්ව බල) - 1750hp (Originally 2000hp)

    *Max speed (උපරිම වේගය) - 104 kmph (limited to 65kmph)

    *Numbers (අංක) - 743-756


    Class M5
    6BGVAj.jpg
    Class M5c 776 at Gampaha Black Bridge

    1979 ජපානයෙන් ආනයනය කල මෙම ඇන්ජින් පසුකලෙක අසාර්ථක විය.
    පසු කලෙක ඒවා අලුත්වැඩියා කල පසු M5a,b,c අනු පන්තිවලට බෙදාවෙන්කරන ලදී.
    M5a 769 දෝෂ හටගත් නිසා දාවනයෙන් ඉවත්කරන ලදී.
    M5b 768 ,772, 777 ,778 කොල සහ රතු වර්නයෙන් ආලේපිත මෙම ඇන්ජින් මේ වනවිට හොදින් ධාවනය වේ.
    M5c 767, 771, 775 ,776 ,779, 781, 782 ධාවනය වේ ( 779 ඇන්ජිම රත්මලානේ නුදුරු අනාගතයේදී ධාවනයට එක්වේවි)

    769, 770, 774 ඇන්ජින් රත්මලාන දුම්රිය අන්ගනයේ දිරාපත් වෙමින් පැවතීම කනගාටුදායක කරුනකි.773(Accident in Rambukkana) ඇන්ජිම දැක ගැනීමටවත් නොමැත.
    කෙසේ හෝ ධාවනය වන ඇන්ජින් උඩරට මාර්ගයට නැතිවම බැරි තරම්ය.දෙපාර්තමේන්තුව සතු වටිනාම සම්පතකි.
    bDalDD.jpg
    Class M5a 769. The only loco in M5a class.

    *Name (නම) - Class M5

    *Builder (නිර්මාතෘ) - Hitachi

    *Country (රට) - Japan

    *Imported Year (ශ්‍රී ලංකාවට ගෙන්වු වර්ශය) - 1979

    *Total (ඇන්ජින් ගණන) - 16

    *Weight (බර) - 66 tons

    *Prime Mover - 1640hp MTU-Ikegai V12 12V652TD11
    M5a – 1150hp MTU V12 396TC13 (4 stroke) (800kW – S8 spare engine)
    M5b – 1150hp PAXMAN Velanta V12 RP200L(4 stroke) (1300kW)
    M5c – CATAPILLER 3516 DITA (1620kW)

    *Engine Type (ඇන්ජින් වර්ගය) - V12 diesel

    *Break (තිරිංග) - Vacuum

    *Wheel arrangement (රෝද අකෘතිය) - Bo-Bo

    *Horse Power (අශ්ව බල) - original - 1640hp (1220kw)
    M5a - 1150 (860kw)
    M5b - 1150 (860kw)

    *Max speed (උපරිම වේගය) - 60mph

    *Numbers (අංක) - 767-782


    Class M6
    uYO84x.jpg
    Class M6 791 at Gampaha ‘Kalu Palama’

    1979 ජර්මනියෙන් ආනයන කලේ පහල මාර්ග වල ධාවනය කිරීමටයි.නමුත් අද එය දුම්රිය දෙපාර්තමේන්තුව සතු උඩරට දුම්රිය මාර්ගයේ නිල් මාණික්‍ය බදුය.උඩරට මැණිකේ පොඩි මැණිකේ කොල පාට ඇන්ජිම කිව්වොත් නොදන්න කෙනෙක් තරම්.උඩරට මාර්ගයේ ගිය ඕනෑම කෙනෙකුට එම් 6 සම්බන්ධ වන සුන්දර මතකයන් ගොඩක් ඇති.785, 788 ,797 විශේෂ වර්නයකින් ආලේප කලේ නගරාන්තර දුම්රිය ධාවනය කිරීමටයි. 792 ඇන්ජිම ද එලෙස ආලේපිත වූවත් දැන් එය කොල පාටින් වර්ණගන්වා ඇත. SPC පොතේ 792 ගොඩක් අය දැකලත් ඇති.ගෙන්වූ ඇන්ජින් 16න් 14ක් මේ වනවිට ධාවන මට්ටමේ ඇත.
    16න් 16ම ධාවනය වීමේ හැකියාවක් තිබීමේ හැකියාව තිබුනද 793,798 LTTE ත්‍රස්තවාදීන්ගේන් විනාෂයට පත්විය.අද වනවිට 793,798 අන්ක තහඩු ඇරෙන්නට කිසිවක් දැකගැනීමට නොහැක.
    විවිධ අවස්ථාව වලදී කදු කඩා වැටීම් නායයාම් ගල් පෙරලීම් තිරින්ග නොමැති වීම් වලට ලක්වුවද තාක්ෂණික ශිල්පීන්ට පින් සිදුවන්න ඒවා ධාවන මට්ටමේ ඇත.එයද දෙපාර්තමේන්තුව සතු වටිනාම සම්පතකි.
    BoCznh.jpg
    Class M6 797 at Veyangoda

    *Name (නම) - Class M6

    *Builder (නිර්මාතෘ) - Henschel-Thyssen

    *Country (රට) - Germany

    *Imported Year (ශ්‍රී ලංකාවට ගෙන්වු වර්ශය) - 1979

    *Total (ඇන්ජින් ගණන) - 16

    *Weight (බර) - 87 tons

    *Prime Mover - MD V12 12-645E 2-Strock

    *Engine Type (ඇන්ජින් වර්ගය) - V12 two stroke

    *Break (තිරිංග) - vacuum , dynamic

    *Wheel arrangement (රෝද අකෘතිය) - A1A-A1A

    *Horse Power (අශ්ව බල) - 1650hp

    *Max speed (උපරිම වේගය) - 90kmph

    *Numbers (අංක) - 783-798


    Class M7
    rEOZb6.jpg
    Class M7 808

    බොහෝකලක් විශේෂ සේවයක් ඉටුකරපු ඇන්ජිමක් වුවද විවිධ දෝෂ නිසා අදට වන විට ධාවනය වන්නේ කිහිපයක් පමනි.
    නමුත් මේ දිනවල ඉවත්කල කීපයක් නැවත පනලබමින් සිටී.
    szTZLL.jpg
    Class M7 807 at Colombo Fort

    *Name (නම) - Class M7

    *Builder (නිර්මාතෘ) - Brush Traction

    *Country (රට) - UK

    *Imported Year (ශ්‍රී ලංකාවට ගෙන්වු වර්ශය) - 1981

    *Total (ඇන්ජින් ගණන) - 16

    *Weight (බර) - 67 tons

    *Prime Mover - EMD V8 8-645E 2 Stroke

    *Engine Type (ඇන්ජින් වර්ගය) - V8 2 stroke

    *Break (තිරිංග) - vacuum

    *Wheel arrangement (රෝද අකෘතිය) - Bo-Bo

    *Horse Power (අශ්ව බල) - 1000hp

    *Max speed (උපරිම වේගය) - 80kmph

    *Numbers (අංක) - 799-814


    Class M8
    M2zpEe.jpg
    Class M8 841

    ඉන්දියාවෙන් ආනයනය කල එම් 8 මැදිරි 15-18 ක් ගෙනියන්න පුලුවන් සුපිරි භාණ්ඩයකි.ආනයන කරාට වඩා වෙනස්ක්ම් වලින් යුක්තය.ගෙන්වු ඇන්ජින් සියල්ලම ධාවනය වේ.Air Break තිබෙන නිසා චීන මැදිරි ධාවනය බෙහෙවින් යොදාගනී.උතුරු , මුහුදුබඩ දුම්රිය මාර්ග වලට නැතුවම බැරි එම් 8 දෙපාර්තමේන්තුව සතු බලවත්ම සම්පතකි.
    hFEE1E.jpg
    Class M8a 877 at Veyangoda

    *Name (නම) - Class M8

    *Builder (නිර්මාතෘ) - Diesel Locomotive Works (DLW) – Varanasi

    *Country (රට) - India

    *Imported Year (ශ්‍රී ලංකාවට ගෙන්වු වර්ශය) - 1996

    *Total (ඇන්ජින් ගණන) - 10 (M8-8, M8a-2)

    *Weight (බර) - 112.8 tons

    *Prime Mover - M8: ALCO/DLW V16 – 251B 4-Stroke
    M8a: ALCO/DLW V12 -251B 4-Stroke

    *Engine Type (ඇන්ජින් වර්ගය) - M8 V16 Diesel
    M8a V12 Diese

    *Break (තිරිංග) - Air Break

    *Wheel arrangement (රෝද අකෘතිය) - Co-Co

    *Horse Power (අශ්ව බල) - M8 – 2600hp
    M8a – 1950hp

    *Max speed (උපරිම වේගය) - 120kmph

    *Fuel capacity (ඉන්ධන ධාරිතාව) - 5000L

    *Numbers (අංක) - M8: 841-848
    M8a: 877 - 878


    Class M9
    BYLtpL.jpg
    Class M9 866

    මැඩම් නයින් , ප්‍රන්ශ කුමරිය අන්වර්ථ නාම මෙය සතුය. ගෙන්වූ මුල සමයේ විවිධ දෝෂ නිසා එකෙන් එක ධාවනයෙන් ඉවත්විය...
    එනිසා අසාර්ථකයි කිව්වොත් නිවැරැදී.
    නමුත් උඩරට මාර්ගයේ රබුක්කන සිට කඩුගන්නාවට පෙට්ට් 10ක් තනිව ඇදගෙන යාමේ හැකියාව එම් 9 සතුවේ.අදවන විට 864, 866, 867 ,872 ධාවන මට්ටමේ ඇත.
    එම් 9 වේගය ගැන මහනුවර - මාතර , මහනුවර - කොළඹ දුම්රිය යන අයනම් හොඳටම දන්නවා.
    තාක්ෂණය අතින් දෙපාර්තමේන්තුව සතු වටිනාම ඇන්ජින් වර්ගයකි.
    Co5N34.jpg
    Class M9 869 at ELS Maradana

    *Name (නම) - Class M9

    *Builder (නිර්මාතෘ) - ALSTOM Transport

    *Country (රට) - France

    *Imported Year (ශ්‍රී ලංකාවට ගෙන්වු වර්ශය) - 2000

    *Total (ඇන්ජින් ගණන) - 10

    *Weight (බර) - 100.56 tons

    *Prime Mover - RUSTON 12V 12 RK 215 4-Stroke

    *Engine Type (ඇන්ජින් වර්ගය) - V12 , 4Stroke Diesel

    *Break (තිරිංග) - Air,Vacuum,Dynamic

    *Wheel arrangement (රෝද අකෘතිය) - Co-Co

    *Horse Power (අශ්ව බල) - 1800hp (Originally 3220hp)

    *Max speed (උපරිම වේගය) - 110kmph

    *Fuel capacity (ඉන්ධන ධාරිතාව) - 5000L

    *Numbers (අංක) - 864-873


    Class M10
    Kbj3I0.jpg
    Class M10a 942 at Gampaha

    මැදිරි 15කින් සමන්විතය.
    යාපනය තැපල් දුම්රියේ හිමිකම බොහෝ විට මෙය සතුය.දෙපාර්තමේන්තුව සතු බලසම්පන්නයෙකි.
    k20GZT.jpg
    Class M10 915 & Class M10a 944

    *Name (නම) - Class M10

    *Builder (නිර්මාතෘ) - Diesel Locomotive Works (DLW) – Varanasi

    *Country (රට) - India

    *Imported Year (ශ්‍රී ලංකාවට ගෙන්වු වර්ශය) - 2012

    *Total (ඇන්ජින් ගණන) - 9

    *Weight (බර) - 120 Tons

    *Prime Mover - ALCO V16 251 B-16 4 Stroke

    *Engine Type (ඇන්ජින් වර්ගය) - 4 stroke

    *Break (තිරිංග) - air,vacuum,dynamic

    *Wheel arrangement (රෝද අකෘතිය) - Co-Co

    *Horse Power (අශ්ව බල) - 2300hp

    *Max speed (උපරිම වේගය) - 120kmph

    *Fuel capacity (ඉන්ධන ධාරිතාව) - 5000L

    *Numbers (අංක) - 915 – 917(M10) & 940 – 945(M10a)



    තොරතුරු ලබාගත් මුලාශ්‍ර
     
    Last edited:

    Captain jack sparrow

    Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W

    BUMP

    +++++

    TFS. rep දෙන්ඩ බෑලූ.


    ai samahara engine fail wenne?? api engineerslata baida oka maintain kerenna??:rolleyes::rolleyes:


    ela machan tfs

    පට්ට මචං..
    TFS..

    You must spread some Reputation around before giving it to Captain jack sparrow again



    Thanks machan support akata​
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    M3 ලංකාවේ වැඩක්. නමුත් ඒක යකඩ වටිනාකම සලකා කපලා දැම්මා අපේ බාස්ලා ටික. අපේම දෙයක් නැතිකරලා දැම්මා.

    M9 එක ගැන එක එක පැත්තෙක් කතා කරතැහැකි. මේකේ අධිතාක්ෂණය ලංකාවට ගැලපුනේ නැ කිව්වාත් හරි. අපේ ගොඩක් අයට M9 තේරුම් ගන්න බැරිවුනා. ප්‍රයිම් මුවර් එකෙත් ගැටලු නොතිබ්බා නෙවෙයි. අන්තිමේදි කෑලි ගලවගෙන විකාරයක් කලා. එන්ජින් ෆේල් කරා. අන්තිමේදි ඇල්ස්ටම් ලාට කෝච්චි හදන්නත් බැ කියලා කියන තරමටම අපේ බාස්ලා පත්වුනා. නමුත් යුරෝපේ ඉන්න අය දන්නවා ඇල්ස්ටම් වැඩ ගැන. M9 ෆේල් කරා කිව්වටත් වරදක් නැ එකඅතකින්.