..::[පොලව යට මිනිසුන් වෙසෙන නගරය(Underground City)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ..::[පොලව යට මිනිසුන් වෙසෙන නගරය(Underground City)]::..

    z38btQg.jpg


    tMRvWnR.jpg



    මේ නගරය පිහිටලා තියෙන්නේ Australia වේ ඇඩිලේඩ් වල ඉදන් කිලෝමීටර් 846 විතර දුරකින්, මේකේ නම coober pedy ඒ නම හැදිලා තියෙන්නේ “kupa piti” අබෝරිජ්නියල් වචන වලින් එකේ තේරුම "white man's hole". කියන එක.


    2011 දී කරපු ජන සංගණනයකට අනුව මෙහි 2000ක පමණ පිරිසක් දැනට වාසය කරනවලු. මේ නගරය ලෝකප්‍රසිද්ද වෙලා තියෙන්නේ පොලවයට පිහිටි නගරයක් වගේම opal කියන මැණික් වර්ගය සුලබව හමුවන තැනක් විදියට.


    POrb23s.jpg



    opal capital of the world කියන නමත් මේ නගරයට හැදිලා තියෙන්නේ ලෝකයේ opal මැණික් සැපයුමෙන් 70% පමණ මෙම නගරයෙන් හමුවෙන නිසා, Australia වේ ජාතික මැණිකත් මේ opal මැණික් ජාතියම තමයි.


    1915 දී මේ ප්‍රදේශයට මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ රත්තරං හොයාගෙ එහෙම තාත්තත් එක්ක ආපු වයස 14ක් පමණ වෙන පිරිමි ළමයෙක්ට තමයි මේ opal කියන මැණික් ජාතිය මුලින්ම හම්බෙලා. මේ මැණික් ලෝකේ ප්‍රසිද්ද උනාට පස්සේ ගොඩක් මිනිස්සු ඇවිල්ල මේකේ පතල් හාරන්න. මේක තමයි ලෝකේ ලොකුම opal පතල කියලයි වාර්තා වෙන්නේ.


    0TXqim0.jpg



    පසු කාලීනව මිනිස්සු මේ භූගත උමං මාර්ග වල පදිංචි වෙන්න පටන් අරන් තියනවා,මිනිස්සු මෙහෙම පොලව යට ජිවත් වෙන්නේ මේ ප්‍රදේශයේ ඇති අධික උණුසුම් කාලගුණය සහ වැලි කුණාටු බහුල ප්‍රදේශයක් වීම නිසා, මේ ප්‍රදේශයේ දැනට වාර්තා වෙලා තියන වැඩිම උෂ්ණත්වය 47 °C සහ අවම උෂ්ණත්වය −0.1 °C කියලයි වාර්තා වෙන්නේ.


    c7GF2wd.jpg



    තම සැමියා පතල් වැඩ ඉවර වී ගෙදර පැමිණෙන තෙක් බලාසිටින ජර්මානු කාන්තාවක්, මේ නගරයේ වැසියන්ගෙන් 60% පමණ යුරෝපයෙන් සංක්‍රමණය වුන පිරිසක් කියල සදහන් වෙන්නේ, දෙවන ලෝක යුද්ධය අවසානේ බොහෝ පිරිසක් මේ ප්‍රදේශයට සංක්‍රමණය වෙලා තියනවා :yes::yes:

    ඒ හේතුව නිසා මේ ප්‍රදේශය ඔස්ට්‍රේලියාවේ වැඩිම බහුසංස්කෘතික සමාජයක් කියල කියන්නේ ජාතින් 45කට ආසන්න ගණනක් ජිවත් වෙනවා කියල සදහන් වෙනවා :cool:


    Svc2Xkx.jpg



    ඉතාලි ජාතිකයෙක් වෙන මොහු පොලව යට කෞතුකාගාරක් පවත්වාගෙන යනවා ඔහුගේ කැනීම් වලින් හම්බ උන stones, fossils, opal, සහ antiques සහිතව :cool:

    සියලු පහසුකම් සහිත නිවාස මේ උමං තුල දක්නට ලැබෙනවා

    MBpqaKj.jpg


    o3zXyQo.jpg


    DBnRrJR.jpg


    EgnP5Ue.jpg


    9gD6Nof.jpg


    ymg4azC.jpg


    vGxSPHZ.jpg


    WiiLs76.jpg


    මේක golf course හැබැයි තණකොළ නෑ රෑට දිලිසෙන බෝල වලින් සෙල්ලන් කරනවා කියල සදහන් වෙන්නේ :lol::lol:



    Sources :nationalgeographic.com,cooberpedy.sa.gov.au,dailystar.co.uk






    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    :shocked: හෑ.. මේකම වෙන්න බෑනේ මේක මන් ලියපු එකක් නේ :P:P

    ෆොටෝස් ටික දාල තියෙන්නේ ඇති :D:yes:

    හහා එල,
    උඹ ලියපු එකක් නේ මචං මේක, ෆොටෝ ටික අරන් තව කව්රැ හරිත් දාන්න ඇති.. ජය! Tfs!
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    පට්ට බන්. tfs. :love:
    මේ ගැන තව පොස්ට් එකක් තිබ්බ ඊයේ පෙරෙයිද. :D
     
    • Like
    Reactions: Executer

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    :shocked: දැක්කේ නෑනේ තුදු :sorry::sorry:
    එක කමක් නැහැ බන්.
    මේ බ්ලොග් එකක් කරපංකෝ මේවා උබම ලියන එකේ..එවලින් උබට සල්ලි හොයන්නත් පුළුවන් නේ. :D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    එක කමක් නැහැ බන්.
    මේ බ්ලොග් එකක් කරපංකෝ මේවා උබම ලියන එකේ..එවලින් උබට සල්ලි හොයන්නත් පුළුවන් නේ. :D

    :P ආතල් එකට බන් ලියන්නේ මේවා :D එහෙම එකක් හිතුවේ නෑ ;)