ලෝකයේ බිහිසුණුම ආයුධය

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලෝකයේ බිහිසුණුම ආයුධය

    WMD කිව්වම අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ න්‍යෂ්ථික
    බෝම්බ, හිරෝශිමාව, උතුරු කොරියාව.....හොලිවුඩ් ෆිල්ම් වල පවා
    තියෙන්නෙම න්‍යෂ්ථික බෝම්බ වලින් බේරගන්න හැටි

    tdf0pq51v4oth1k6g.jpg


    නමුත් මේ හැම දෙයකටම වඩා කියලා නිම කරන්න බැරි විනාශයක්
    කරන්න පුළුවං Super weapon එකක් තාමත් දියුණු රටවල

    විද්‍යාගාරවල කොටුවෙලා තියෙනවා. ඒ තමයි රසායනික සහ ජීව
    විද්‍යාත්මක අවි ! (Bio-Chemical Weapons)

    21752438_10214373478999607_7612695008092168380_n.jpg


    අපි දන්නවා න්‍යෂථික බෝම්බ වල විකිරණශ්‍රීලතාව නිසා අහු නොවී
    එහා මෙහා ගෙනියන්න අමාරුයි. ලංකාවේ ports වල පවා radioactive
    මූලද්‍රව්‍ය හසුවෙන scanners තියෙනවා.

    ඒත් හැම Bio-Chemical weapon මූලද්‍රව්‍යක් (agent එකක්) ම ගන්ධයක්

    වහනය කරන්නෙ නැහැ. ඒවා බහුතරයක් හසු කරගන්න සමත්
    scanner එකක් තවම කිසි කෙනෙක් හදලා නැහැ. බල්ලෙක් ට වත් ඉව
    කරලා අඳුනගන්න බැහැ !

    අනිත් දේ තමයි න්‍යෂ්ථික බෝම්බයක්

    deliver කරන්න ලේසි නැහැ. Plane එකකින් ගිහින් අතාරින්න
    ගියොත් antiaircraft guns තියෙනවා. Nuclear මිසයිල, ICBM හදන

    එක ලේසි වැඩක් නෙවෙයි.
    ha89cmrji27k7c86g.jpg


    Bio-Chemical weapons වලට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. පුංචි කුප්පියක
    දාගෙන ඇවිල්ලා මිනිස්සු ගොඩක් ගැවසෙන සාප්පු සංකීර්ණයක AC
    system එකට මුසු කරොත්

    ...ජාතික ජළ පද්ධතියට මිශ්‍ර කලොත් වැඩිය ඕනෙ නැහැ. බෝවෙන
    ලෙඩක් (Biological weapon එකක්) නම් කවුරුත් සැක නොකරන ගුවන්
    මගියෙකුට බෝ කරල එව්වොත්....කතන්දරේ සමාප්තයි !

    මේවා රටකට ආවහම planes, මිසයිල එද්දි වගේ කිසිම රේඩාර්

    තිරයකඅනතුරු ඇඟවීමක් නාද වෙන්නේ නැහැ. කොහෙන් ව්‍යාප්ත
    (originate)වෙච්ච ලෙඩක් ද කියල වත් හොයන්න ලේසි නැහැ.

    එකපාරට නොමැරී... මාසයක් විතර ගිහින් මැරෙන ලෙඩක් වුනොත් ?(delayed effect)

    ඒ හැම මනුස්සයෙක්ම biological time බෝම්බයක් බවට පත් වෙලා

    මැරෙන්න කලින් මිනිස්සු විශාල ගණනකට ලයිසන් දීලා තමයි
    යන්නේ.

    අනිත් එක...න්‍යෂ්ථික බෝම්බයක් හදන වාරයක් වාරයක් පාසා
    මූලද්‍රව්‍ය අමාරුවෙන් හොයාගන්න ඕනේ. Scanners වලට අහු නොවී
    පන්න ගන්න ඕනෙ.



    නමුත් සමහර Bio weapons (ලෙඩ රෝග, බැක්ටීරියා ආදී) පුංචි සාම්පල්

    එකක් ගෙනල්ලා පෝෂණ මාධ්‍යයක වගා කරලා ඕනෙ තරම්

    අමුද්‍යව්‍ය වවාගෙන අසීමිතව බෝම්බ හදන්න පුළුවන්.

    6pcxzkzldhk4ssj6g.jpg


    දැන් සමහරවිට මේක කියවගෙන යන කෙනෙක්ට යන්තමින්
    තේරෙනවා ඇති මේකෙ තියෙන භයානක කම


    ඒ අතරේ කෙනෙක් ට හිතෙයි

    " මොන සුරංගනා කතාද ? ඕවා විශ්වාස කරන්න පුළුවන්ද?"
    කියලා



    දියුණු රටවල ඔය කියන Bio-Chemical weapon තියෙනවා
    කියලා හොඳටම එළිවුණ අවස්ථා ලෝක ඉතිහාසේ ඕනෑ තරම්
    තියෙනවා.



    මේ ඉන්නේ කලින් රුසියානු බුද්ධි අංශයේ KGB ඉඳලා බ්‍රිතාන්‍යයට

    පැනලා ආපු කෙනෙක් (Alexander Litvinenko) මෙයා හිටි හැටියෙම ලෙඩ

    වුණා. දවස් ගාණක් රෝහලේ දුක් විඳලා තමයි මැරුණේ.


    38cerv2wwg1nlc06g.jpg



    බල්ගේරියානු රජය විවේඡනය කරපු Georgi Markov බස් හෝල්ට්

    එකක ඉන්නකොට අසල හිටපු මගියෙක් කුඩ මිටක් වද්දගෙන
    ගිහිල්ලා තිබුණා. ගණනකට නොගත්තු Markow උදේ වැඩට ඇවිල්ලා
    හවස් වරුවෙ ඉස්පිරිතාලෙට ඇතුලත් කරලා දවස් 4 කට පස්සේ මිය
    ගියා.


    gk788yk1jmnk7c66g.jpg



    Khaled Mashal පලස්තීන දේශපාලඥයෙක්. ඊශ්‍රායල Mossad
    ඝාතකයෙක් එක පාරක් මෙයාව කෙමිකල් එකකින් ඝාතනය
    කරන්න ගිහින් වැඩේ වැරදිලා ජෝර්දාන ආරක්ෂක අංශ වලට කොටු
    වුණා.

    අන්තිමේදී ඊශ්‍රායල රජයට තමන්ගේ නියෝජිතයන්ව

    බේරගන්න...රෝහලේ පණ අදිමින් හිටපු මාෂල් ට
    ප්‍රතිජීවකයක්(antidote) දෙන්න සිද්ධ වුණා.

    රටක රජයක් Bio-Chemical weapon වලට සම්බන්ධ බවට හොඳින්ම
    අතේ මාට්ටු උන අවස්ථාවක් තමයි ඕක



    ඇයි සිරියාවේ මෑතකදී සිදුවුණ රසායනික ප්‍රහාරය ?....
    2001 ඇන්ත්‍රැක්ස් තර්ජනය ?
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara


    yahxzz7pp3hx92i6g.jpg


    මේ ඉන්නේ අපේ රටේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අමිත් මුණින්දද්‍රාස්.


    මෙතුමා අපේ රටට ඊශ්‍රායලයෙන් ආපු වැඩ නොකරපු ආයුධ
    ලංකාවේදීම අලුත්වැඩියා කරන්න සමත්වුණ කෙනෙක්.


    ඊශ්‍රායලයෙන් ආයුධ ගන්න ගියපු දූත මෙහෙවරකදී හිටි හැටියෙම
    මෙතුමා නිව්මෝනියාවෙන් මිය යනවා.

    මේකත් Mossad එකේ වැඩක් කියලා පසු කාලෙක හෙලි වුණොත්
    ඒකේ පුදුම වෙන්න දෙයක් නැහැ

    බ්‍රිතාන්‍ය හමුදාව ඒ කාලේ උතුරු ඇමරිකානු ඉන්දියානුවන්ට
    එරෙහිව මසූරිය පාවිච්චි කරපු හැටි දකුණු අප්‍රිකාව සුද්දාගේ යටතේ
    තියෙන කාලේ Wouter Basson කියන විද්‍යාඥයා කළු මිනිස්සුන්ට
    විතරක් හානිකර ethnic specific bio weapons හදපු හැටි (project coast).
    ඒ ඔක්කොම කතා කරන්න මෙතන ඉඩ නැහැ.

    ඊශ්‍රායලයත් අරාබීන්ව ඉලක්ක කරන ආයුධ හදන බවට චෝදනා
    තියෙනවා


    තාමත් මේකේ විනාශකාරී බව ශුවර් නෑ වගේ ද?.....
    මෙහෙම ගමුකෝ.

    Black Death වසංගතය නිසා 1346–1353 කාලේදී මිනිස්සු මිලියන 75 -
    200 දක්වා මැරෙනවා
    1918 උණ වසංගතයක් නිසා මිනිස්සු මිලියන 50 - 100 දක්වා
    මැරෙනවා

    (හිරෝශිමානාගසාකි බෝම්බ දෙකෙන්ම මැරුනේ ලක්ෂ දෙකහමාරක්
    වගේ..දෙවන ලෝක යුද්ධෙන් යුරෝපයේ ජපානයේ ඔක්කොගෙන්ම
    මැරුන සම්පූර්ණ ගණන මිලියන 80 වගේ)


    vphh56rjvhherxh6g.jpg


    ඒ...ඔය කියන ලෙඩ වලට විද්‍යාඥයෝ අත තියන්න කලින්.
    ස්වභාවධර්මයෙන් ආපු genuine products.

    ඉතිං ඔය ජාතියේ ලෙඩ රෝග තමයි.....දියුණු රටවල ජීව
    විද්‍යාඥයින්...වාහකයා කල් ගිහිල්ලා මැරෙන විදිහට (delayed effect),
    තිබ්බටත් වඩා හානිකර විදිහට, කලින් තිබ්බ බෙහෙත් වලට සුව
    නොවෙන විදිහට modify කරලා සන්නද්ධ (weaponize) කරන්නේ.



    gnjjvxclra1gcil6g.jpg


    මුළු පෘතුවියේම මිනිස්සු කිහිප සැරයක් මරන්න ප්‍රමාණවත් Bio-
    Chemical weapon මේ ලෝකෙ දැනටමත් තියෙනවා. එහෙම බැලුවහම
    න්‍යෂ්ථික බෝම්බ කියන්නේ රතිඤ්ඤයක් වගේ ආයුධයක්

    සීතල යුද්ධ කාලේදී සෝවියට් විද්‍යාඥයෝ ඔය කියන weapons
    ගණනාවක් හැදුවා. ඒත් සෝවියට් දේශයේ බිඳ වැටීමත් එක්ක රස්සා
    නැතිවුණ ඒ විද්‍යාඥයෝ, සහයකයෝ ඒ Bio-Chemical weapons කලු
    කඩේ තුට්ටු දෙකට විකුණන්න ගත්තා.

    එහෙම බැලුවහම ත්‍රස්ථවාදීන් අතට පවා මේ ආයුධ පත් වෙන්න පුළුවන්

    එහෙනං අපි කොහොමද තාමත් ජීවත් වෙලා ඉන්නේ ? කියල
    කෙනෙක්ට හිතෙන්න පුළුවන්

    ඒකට ප්‍රධානම හේතුව තමයි ලෝකෙ පුරා නිහඬ සේවයක් කරන
    බුද්ධි අංශ


    3cnrhr4ir4ahnb36g.jpg


    ඇමරිකාවේ CIA, බ්‍රිතාන්‍යයේ MI6, ජර්මනියේ BND, ඊශ්‍රායලයේ Mossad,
    ස්විට්සර්ලන්තයේ FIS, චීනයේ CSIS ආදී


    මේ හැමෝම තමන්ගේ ඔත්තුකාරයෝ පාවිච්චි කරලා Bio-Chemical
    weapons විකුණන නියෝජිතයින්ව......"වළක්වනවා";)

    මේගොල්ලන්ගේ සේවයට ප්‍රසිද්ධියේ කිසිම කෙනෙක්ට පදක්කමක්
    වත් දෙන්න විදිහක් නැහැ.

    ලංකාවේ පවා බුද්ධිඅංශ නිළධාරීන් අපේ
    රටට කරපු සේවය ගැන අපි හොඳින්ම දැනගත්තේ මිලේනියම් සිටි
    ඝාතන රැල්ලත් එක්ක.

    අපි දන්නවා දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙත් ඇමරිකාව රුසියාව
    එක්ක න්‍යෂ්ථික යුද්ධයකට යන්න ඔන්න මෙන්න තත්වෙටම ආවා
    (Cuban Missile Crisis).
    ඒ වගේම තවත් අවස්ථා වලදී ඒ නායකයොන්ගේ අණට යටත් පහල පෙලේ සෙබලු අණට විරුද්ධව ක්‍රියා කරපු නිසත් නූලෙන් බේරිලා
    තියෙනවා (Vasili Arkhipov, Stanislav Petrov) .


    ඉතිං මේ වගේ බිහිසුණු ආයුධ තියෙන රටවල නායකයින් වගකීමෙන්
    වැඩ කරයි කියලා අපිට හිතන්න බෑ.


    dwckfzfdzp8ksfj6g.jpg


    ඒ වගේම ඒ ආයුධ වැඩි දියුණු කරන්න පුළුවං දක්ෂ විද්‍යාඥයොත් අද
    ඕනෙ තරම් මිලට ගන්න පුළුවන්

    (සදාම් හුසේන් ගේ කාන්තා විද්‍යාඥවරිය Dr. Rihad Taha, Dr. Larry Ford
    ආදීන් ගැන හොයලා බලන්න)

    ඉතිං මේ වගේ ආයුධත් එක්ක අපේ අනාගතය කොයි තරම් අඳුරුද
    කියලා හිතෙනවා ඇති. (Anti-agriculture, Anti-livestock, Entomological
    warfare, Genetic warfare ගැන කිව්වෙත් නෑ තාම)

    හැබැයි මේකේ පූ....චිම පුංචි රීදී රේඛාවකුත් තියෙනවා.

    න්‍යෂ්ථික බෝම්බයක් ගැහුවට පස්සේ මුළු පරිසරයම විනාශ
    වෙනවා. අවුරුදු ගණනාවක් යනකං ගහක් කොලක් වත් හැදෙන්නෙ
    නැහැ .


    4zobs28mnpk693l6g.jpg


    ඒත් සමහර bio weapons සත්තුන්ට ගස් කොලන් වලට හානිදායක
    නැහැ.

    ඉතිං ලෝකයේ මිනිස් සංහතියම Bio-Chemical weapons වලින් නිමා
    වුණොත්

    පරිසරයට වින කරපු ඈයොත්....ඒව දැක දැක අහකං බලං
    ඉන්න බලධාරියොත් තුරං වෙලා...විල්පත්තුව ආයේමත් කොළ
    පාටින් දළු දාවී.

    ඇමේසන් වනාන්තරය වැඩෙන්න ගනීවී

    වසරකට සත්ව විශේෂ 200 බැඟින් අවසන් ගමන් යන එක එක
    අඩුවේවි

    30rp8km7mkfb1k86g.jpg


    අවුරුදු මිලියන ගණනකට පස්සේ තවත් බුද්ධිමත් ජීවියෙක්
    බිහිවෙලා එයාලත් තමන්ගේ අවසානය ලඟා කරගන්න හැටි දකින්න
    මේ දැන් ඉන්න සතුන් සිව්පාවුනුත් ඉඳීවී

    ඉතිං ඔබත් ත්‍රස්ථවාදියෙක් නං නොපමාව Bio-Chemical weapons ම
    තෝරාගන්න
    1f622.png

     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දැන් තමයි පින්තූර links ටික දැම්මේ
    කලින් පේන්නෙ නැතුව ඇති:D
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala
    ලෝකයේ බිහිසුණුම ආයුධය

    open-mouth.jpg


    අමිත් සර් කිසිම ආකාරයක ආයුද විසේසඥ්යෙක් නෙවේ ! ඔහු කරේ මල්ටිබැරල් ලෝන්චරයේ load sensor circuit එක අලුත්වැඩියා කළා ..එක ඉලෙක්ට්‍රොනික් උපාංගයක් ! මිනිහ ට්‍රොනික් වැඩ්ඩා හින්ද එක ගොඩදැම්ම ....
    ආයුද විසේසඥ්යෝ කරන්නේ ඊටවඩා විශාල විෂය පථයක වැඩක්... අපේ රට කවදාවත් ආයුද විසේසඥ්යෝ බිහිකරලා නෑ!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලෝකයේ බිහිසුණුම ආයුධය

    open-mouth.jpg


    අමිත් සර් කිසිම ආකාරයක ආයුද විසේසඥ්යෙක් නෙවේ ! ඔහු කරේ මල්ටිබැරල් ලෝන්චරයේ load sensor circuit එක අලුත්වැඩියා කළා ..එක ඉලෙක්ට්‍රොනික් උපාංගයක් ! මිනිහ ට්‍රොනික් වැඩ්ඩා හින්ද එක ගොඩදැම්ම ....
    ආයුද විසේසඥ්යෝ කරන්නේ ඊටවඩා විශාල විෂය පථයක වැඩක්... අපේ රට කවදාවත් ආයුද විසේසඥ්යෝ බිහිකරලා නෑ!!!
    මෙන්න කතා කරන්න හොද මාතෘකාවක්.....
    චෙක් ජනරජයෙන් මෙහෙට ගෙනාපු එම්බීආර්එල් වල ලෝඩ් සෙන්සින් යුනිට් ගලවල විනාස කරල සැබොටාජ් එකක් කලේ කවුද???????
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,351
    8,486
    113
    නොදකින පැත්තක් ගැන කතා කරලා තියෙන්නේ. ගොඩක් තොරතුරු තියෙනවා.
    මම මේ ලදී අහන්න ලැබුන, පිට රටවලින් ගෙනත් හිටවන ගස් වලින් නිකුත් වෙන පරාග අපේ පෙනහළු වල තැන්පත් වෙලා සාමන්‍ය හෙම්බිරිස්සාවක් වගේ ලෙඩක් ආපුවම උත්ප්‍රේරකයක් විදිහට වැඩ කරලා නියුමෝනියාව වගේ ලෙඩ වලට එනවා කියල....
    rep++