අසුභය දැන ගනිමු

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අසුභය දැන ගනිමු

    w2im8j.jpg


    මුලින් සුභ කියන්නේ මොකක්ද බලමු ..සු භ කියන එකේ අරුත වෙන්නේ භාවයට සුදුසුයි කියන එක ..එහෙමනම් අසුභ කියන්නේ භාවයට නුසුදුසුයි කියන එක..


    අද මන් අසුභය කියලා ගත්තට මන් දන්නා විදියට අසුභානුස්සතිය කියා දෙන්න හිතුවා :baffled::baffled:පෝය දවසේ ධර්ම ප්‍රචාරනයත් පින් අතේ වැඩක්නේ :rolleyes::rolleyes:

    ඉස්සර අපේ ආච්චිලා එහෙම අසුභය වඩද්දී මට හිතුනේ ඒක හෙන විකාරයක් කියලා :dull::dull::dull:..එයාlලා වැඩුවේ "කෙස් කැතයි ,කෙස් ගදයි ,කෙස් පිලිකුලයි ,කෙස් මම නෙවේ ,කෙස් මගේ ආත්මය නෙවේ "කියලනේ ,ඔය විදියට නිය ලොම් ගැනත් එයාලා කියා කියා තමා අසුභානුස්සතිය වැඩුවේ :dull::dull:ඒ කාලෙත් මට හිතුන දේ තමා කෙස් කැතයි කියන්නේ බොරුවක්නේ:baffled::baffled: ,ඇයි ඉතින් ලස්සන කෙල්ලෙක් කොන්ඩේ අයන් කරලා එහෙම පාරේ යද්දී ඒ කෙස් කැතද කොයි තරම් ආස හිතෙනවද :baffled::baffled::P,තව බස් එකක එහෙම යද්දී කෙස් මුනේ ගෑවෙද්දී කොයි තරම් සුවදද .ඉතින් මෙහෙම භාවනා කරලා තේරුමක් නැ කියලා මන් ඒ කාලේ කිසි දෙයක් කරේ නැ :sorry::sorry:

    නමුත් ධර්මය සොයාගෙන අවුරුදු දෙකකට විතර කලින් යද්දී මට බොහොම හරි කියලා හිතෙන අසුභය වඩන හැටි හම්බුනා :cool::cool:

    කියන්න අමතක උනානේ ..ඇයි අපි අසුභය වඩන්නේ
    13.gif
    මේ ලෝකේ වස්තු ලස්සනයි මට ඕන විදියටම තියනවා කියලා අපි මුලාවට පත් වෙලානේ ඉන්නේ .ලෝකේ ඇත්ත දකින්න ඇලෙන්න කිසි දෙයක් නැති බව වටහා ගන්න මේ අසුභානුස්සතිය වැදගත් වෙනවා ..පිරිමි අපිට තියන ප්‍රශ්නයක් තම කෙල්ලෙක් දැක්ක ගමන් මගේ කරගන්න හිතෙනවා ;).කසාදයක් බැදන් ගෙදර ගෙනියන්න හිතෙනවා :eek::eek: නැති කරගන්න බැරි ආසාවක් දැනෙනවනේ ගැනු පුළුටක් දැක්ක ගමන් :sorry::sorry:.ඒක අඩු වැඩි වශයෙන් අපි හැමෝටම තියනවා:confused::confused:(මේක ගෑනු කෙනෙක් කියවනවානම් අනික් පැත්තට හිතා ගන්න )

    ඈතින් කෙල්ලෙක් මුණ විතරක් ඇරගත්ත කෙල්ලෙක්(මුස්ලිම් කෙල්ලෙක්ම හිතන්නකෝ ) :D:Dදැක්ක ගමන් අම්මේ අර කෙල්ලගේ ලස්සන .මෙයා මෙහෙම සුවදත් ඇති කියලා හිතෙනවා :rolleyes::rolleyes:.එත් ඇත්තටම අර කෙල්ල මාස ගානකින් නාලා නැ ලග ඉන්න බැ ගඳ :confused::confused:ඇගේ හැම තැනම සුදු කබර .එකයි වහන් ඉන්නේ කියලා හිතමු :sorry:.එත් අපි අනිවාරයෙන් අතින් දැක්කොත් මේ කෙල්ලට ආස වෙනවා නේද ??නමුත් ඇත්ත තත්වේ දැක්කනම් එක විනාඩියක් ලග ඉන්නේ නැ:dull::dull: .මෙහෙම මුලාවකට අපේ මනස අපිව දාලා නිසා ලෝකේ අසාරත්වය පෙන්නේ නැ .ඒ නිසා මේ දකින රුපය කොටස් කර කර අපි බලන්න ඕනේ .මේ එක එක කොටසේ අසාරත්වය ..අපේ බුදුහාමුදුරුවෝ විභජ්ජ වාදිනේ ..හැම දේම විදලා බලන්නයි කිවේ ..ඉතින් අපි කෙල්ලෙක්ගෙ රුපයක් දකනම් ඒක දැන් විදලා බලන්නයි ලෑස්තිය .බුදු හාමුදුරුවෝ මේ කයේ කොටස් 32 (ගැන හරියට මතක නැ )එක්ක තච පංචකය දේශනා කළා .තච පංචකය කියන්නේ අපිට මිනිස් රුපයක එළියෙන් පේන දේවල් :baffled::baffled:
    "කේෂා ලෝමා නකා දන්තා තචෝ "(කෙස් , ලොම් ,නිය,දත් ,හම ).දැන් කෙල්ලෙක් දැක්කාම පෙන්නේ මේ පහනේ .මේ පහ එකට එකතුව ලස්සන රුපයක් අපේ මානෙන් හදලා දුන්නාම තමා අපි මැරෙන්න ආස වෙන්නේ .මේවා වෙන් වෙන්ව දැකලා බලමු අපි ආස වෙයිද කියලා .

    කෙල්ලගේ කෙස් ටික ගත්තා .පුලුවන්නම් හිතින් කෙල්ලගේ කෙස් නැතුව දකින්න බලන්න .එතකොට කෙල්ලගේ දිග කොන්ඩේ පැත්තක ,අනිත් පැත්තේ තට්ට කෙල්ල :P:lol::lol:දැන් අපි අර කෙස් ගොඩටද ආස වුනේ :oo::oo:
    හපෝ නැ කෙස් ගොඩට ආසනම් බාබර් සාප්පුවකින් කපන කොණ්ඩා කෙනත් ඉබ ඉබ ඉන්නවනේ .:P:Pදැන් අර තට්ට කෙල්ලට ආසයිද එහෙනම් :rolleyes::rolleyes::eek::eek:මමනම් නැ තට්ට උනාම කෙල්ලගේ දැක්ක ලස්සන කොහෙන් ගියද නැ .(දැන් පණ්ඩිත මිත්‍රයෝ ඇවිත් කියයි අපි කැමති වෙන්නේ හොදට කොන්ඩේ තියන කෙල්ලෙක්ටනේ .ඉතින් කෙල්ලයි කෙස් ටික කවදාවත් ඇත්තට වෙන් වෙන් නැ .මොන ඉලව්වටද වෙන් කරලා බලන්නේ කියලා ).දැන් අර ගත්ත කෙස් ටිකේ අනිච්ච බව එහෙම නැත්තන් නිසි නැති අනිසි බව දකින්න බලමු .:yes::yes::rolleyes:

    මේ කෙස් අපි කැමති විදියට තියනවද ?දැන් කාලේ කොල්ලෝ AC වල හිටි ගමන් කොන්ඩේ සුදු වෙනවා .එකට අපි කැමතිද !!අකමැති උනා කියලා අපිට ඕන විදියට මේ කෙස් තියනවද :oo::oo:කවුරුත් කැමතිද කෙස් යනවට .
    ඒ වගේම දැන් කෙල්ලෝ කොන්ඩේ දිගට තියනවට ආසයි :P:P.එත් සිතල පැත්තක කෙල්ලෙක් කොලබ වගේ ගිය ගමන් කොන්ඩේ යන්න ගන්නවා:( .මෙහෙම කොන්ඩේ යනවට එ අය කැමතිද ?:no: ඉතින් කෙස් අපිට ඕන විදියට නැ කියලා තේරෙනවා නේද !!අපි කැමති විදියට තියා ගන්න පුළුවන් දෙයක් නෙවේ කෙස් .:cool:

    ඒ වගේම වයසට යද්දී කෙස් සුදු වෙනවා .ඒකට අපි කැමතිද ?අපි අකමැති කියලා කෙස් සුදු වෙන් නැද්ද !!භාවනාවේදී මේ විදියට කෙස් ගැන දකින්න ඕන කොයි තරම් අපිට ඕන උනත් කෙස් කෙස් වලට ඕන විදියට තියනවා මිසක් අපිට ඕන විදියට තියෙන් නැ කියලා :dull::dull:
    දැන් අර තට්ට කෙල්ලගේ කතාවට බහිමු ආපහු :cool::cool:කොල්ලෙක් බෝනික්කෙක් වගේ ලස්සන කේශ කල්යානයෙන් අග්‍ර උන කෙල්ලෙක් කසාද බැන්දා කියමු .කසාද බැදලා දවස් දෙකක් යද්දී ලෙඩක් හැදිලා ඔක්කොම කොන්ඩේ යනවා .දැන් අර කෙල්ලට තිබුන ආසාව තියෙවීද :rolleyes::rolleyes:


     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් ලොම් ගැන බලමු .දැන් හිමිට කොන්ඩේ ගලවපු කෙල්ල ලොම් නැතුව දකින්න :baffled::baffled:හම ගහපු තල ගොයා වගේ පෙනෙයි :dull::dull:

    දැන් මේ ලොම් අපිට ඕන විදියට තියනවද බලන්න !!කෙල්ලොන්ගේ මුනේ රැවුල වගේ එනවට කෙල්ලෝ ආස නැනේ .එ උනාට එහෙම ආව කෙල්ලෝ දැකලා නැද්ද :rolleyes::rolleyes:ඒ කෙල්ලෝ අකමැති උනා කියලා ලොම් ආවේ නැතුව තිබුනද :baffled::baffled:
    අපේ කොල්ලෝ රැවුල එනවට අවුරුදු 18 වගේ වෙද්දී ආසයි.;) එත් ආස උනා කියලා එනවද ?සමහරු වයස 26 වෙනකනුත් රැවුල නැ .මේ විදියට මේ ලොමුත් අපේ වසාගෙ තියෙන නැති බව /අපිට ඕන විදියට තියෙන නැති බව දකින්න :baffled::baffled:

    ඊළගට නිය ත් කෙල්ලගේ ගලවලා මේ විදියට දකින්න:baffled::baffled: .ඊට පස්සේ දත් අරන් බලන්න .කට ඇරියාම මිනි කුණු ගදයි .මෙහෙම ගඳ ගහන දෙයක් .ඒත් පිට පෙනුමට ලස්සනයි .ඉස්සරහ එක දතක් හරි ගැලවුනොත් කොහොමද සම්පුර්ණ ලස්සනම නැති වෙනවා නේද ?:dull::dull:මේ විදියට හමත් ගලවලා දකින්න :dull::dull:

    මෙහෙම කොටස් කොටස් ගලෙව්වාමත් අර චීන බෝනික්කි වගේ ලස්සනට හිටි කෙල්ලට ආස හිතෙනවද ?:rolleyes::rolleyes:එක කොටසක් වෙනස් වුනොත් අර ලස්සන තියනවද ?මේවා වෙනස් නොවෙයි කියන්න පුලුවන්ද !!මෙහෙම අපිට ඕන විදියකට තියාගන්න බැරි දෙකටයි අපි කැමති වුනේ .මෙහෙම බින්දු මාත්‍රයක්වත් අපිට ඕන විදියට තියෙන්නේ නැති දෙයක් අපේ කරගන්න ඕනද :rolleyes::rolleyes::rolleyes:එක හේතුවක් වෙනස් වුනොත් පෙරේදා කසාද බැන්ද ලස්සන ගැනී පාරේ එක්කන් යන්න බැ මල පෙරේති වගේ කැතයි :sorry::sorry: :( .මෙහෙම දෙයක් වෙනුවෙන් ආයේ ආයේ ඉපිදී ඉපිදී යන්න ඕනද !!ලබන ආත්මේ විතරක් නෙවේ හැම භාවේම ඔයා මගේ වෙන්න කියන අය මේ ගැන පොඩ්ඩක් හිතලම අය ඔය වගේ දේවල් කියන්න :P:P:P

    තච පංචකය වෙන් වෙන්ව තියෙද්දී ආස නොවෙන්නත් සංයෝජනයේදී ආස වෙන්නත් හේතුව මොකක්ද ?:rolleyes::rolleyes::rolleyes:හේතුව තමා මන කියන අපි තුල ඉන්න ලොකුම හතුරා විජ්ජාකාරයා අපිට පේන කෑලි එකතු කරලා හදලා දෙන සංයෝජනේ:frown::frown:.මේ ඇසට වරකට පෙන්නේ වර්ණ මාත්‍ර විතරයි .මේවා ඔක්කොම ලස්සනට එකතු කරලා අපිව අමාරුවේ දාන සංයෝජනේ හදලා දෙන්නේ මනයි .

    :frown::frown:

    දැන් ඉස්සර කාලේ වගේ ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ රුපයෙන් නිස්සරණය වෙන්න පුළුවන් මන් කිව ක්රමෙන්ද නැත්තන් අර ආච්චිලා කියන "ගැනු කැතයි ගැනු ගදයි ගැනු පිලිකුලයි" කිය කියා ඉදලද කියලා හිතලා බලන්න :rolleyes::rolleyes:

    බුදු හාමුදුරුවෝ අසුභය දේශනා කරද්දී කිවේ "ඇස් ඇති පුරුෂයෙන් කට ගැට ගහලා තියන ධාන්‍ය මල්ලක් ලිහලා එකේ තියන ධාන්‍ය මේ වී ,මේ මුන් ,මේ තල ,මේ මෙනේරි කියලා "වෙන් වෙන්ව දකිනවා වගේ ශරීරයත් සම්පුර්ණයෙන් නැතුව කොටස් කරලා බලන්න කියලයි .:baffled::baffled:

    දැන් කට්ටියටම විදසුන් වඩන්න ඉගෙන භාවනා ඉරියව්වට යන්න ඕන නැනේ :yes::yes::cool:.බස් එකේ කෝච්චියේ යද්දී කෙල්ලෙක් දැක්ක ගමන් ගලවන්න කොන්ඩේ .ගලවලා රූපේ බලන්න;);) .ඊළගට හිමිට ලොම් නිය දත් එක එක ගලවලා රූපේ බලන්න ආස හිතෙනවද කියලා :rolleyes::rolleyes::rolleyes:.පස්සේ ආපහු එක එක හයි කරලා බලන්න කොයි කොටස නිසාද මට මේ කෙලි රුපයට ආස හිතෙන්න ගත්තේ කියලා .අන්තිමට බස් එකෙන් බහිද්දී හිතෙන්ම ගලවපු කොටස් ටික හිතෙන් එක එක හයි කරලම බහින්න .ඔහොම කරාම සම්පුර්ණ එකට ආස හිතුනත් මේක හැදුන කැලි අරන් බලද්දී ආස හිතෙන් නැත්තේ ඇයි කියලා තේරේවි :yes::yes::cool:

    කට්ටියටම පින්බර පොහොය දිනයක් වේවා !!!
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඉතින් එහෙව් සරීරෙකට අහවල් එහෙකටද ඔයාලා නීරෝගී වේවා, නිදුක් වේවා, සුව වේවා කියන්නෙ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් එහෙව් සරීරෙකට අහවල් එහෙකටද ඔයාලා නීරෝගී වේවා, නිදුක් වේවා, සුව වේවා කියන්නෙ.

    Ehew shareera tyena minissunta pulu puluwan kale pin karaganna epai.
    Ekatane ehema pathanne.
    Kauruwath lassana wewa konde wawewa kiyala pathanne neane
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Ehew shareera tyena minissunta pulu puluwan kale pin karaganna epai.
    Ekatane ehema pathanne.
    Kauruwath lassana wewa konde wawewa kiyala pathanne neane
    ම්ම් එ මයිත්‍රීය හරි කරනවානම් බොහොම වටිනවා .ඔතනින් එහාට ආර්යන්ට දේශනා කල මයිත්‍රී භාවනවකුත් බුදු හාමුදුරුවෝ දේශානා කරලා තියනවා :cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් එහෙව් සරීරෙකට අහවල් එහෙකටද ඔයාලා නීරෝගී වේවා, නිදුක් වේවා, සුව වේවා කියන්නෙ.
    :rolleyes::rolleyes::rolleyes:මද්‍යම දහම් සුගති ගාමි වෙන්නවත් වටිනවනේ බ්‍රෝ ....ප්‍රනීත දහම් ටික ටික කියා දෙමු :cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඉතින් එහෙව් සරීරෙකට අහවල් එහෙකටද ඔයාලා නීරෝගී වේවා, නිදුක් වේවා, සුව වේවා කියන්නෙ.

    Ehew shareera tyena minissunta pulu puluwan kale pin karaganna epai.
    Ekatane ehema pathanne.
    Kauruwath lassana wewa konde wawewa kiyala pathanne neane
    බම්ප් එකක් හරි දාන සියලු දෙනාටම බොහොම පින් !!!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බුදු හාමුදුරුවෝ අසුභය දේශනා කරද්දී කිවේ "ඇස් ඇති පුරුෂයෙන් කට ගැට ගහලා තියන ධාන්‍ය මල්ලක් ලිහලා එකේ තියන ධාන්‍ය මේ වී ,මේ මුන් ,මේ තල කියලා "දකිනවා වගේ ශරීරයත් කොටස් කරලා අසුභය වන්න කියලයි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බුදු හාමුදුරුවෝ අසුභය දේශනා කරද්දී කිවේ "ඇස් ඇති පුරුෂයෙන් කට ගැට ගහලා තියන ධාන්‍ය මල්ලක් ලිහලා එකේ තියන ධාන්‍ය මේ වී ,මේ මුන් ,මේ තල කියලා "දකිනවා වගේ ශරීරයත් කොටස් කරලා අසුභය වන්න කියලයි
    උපුල් මාමට බොහොම ඉස්තුති වැරදි තැන් ,විස්තර වෙලා අඩු වගේ පෙනෙන තැන් මට පෙන්වලා දෙනවට :cool: