අප සමාජයේ 1% ක පමණ පිරිසක් ඔබ අප අත්දකින සැබෑ ලෝකයට හාත්පසින්ම වෙනස් දෙයක් අත්විඳින බව ඔබ දන්නවාද? බොහෝ විට මෙම පුද්ගලයන් හුදකලා වී ජීවත් වීමට උත්සාහ කරනවා. ඒ වගේම මොවුන් නිතරම පාහේ තනිවම කතා කරනු දක්නට පුළුවන්. එහෙම නැත්නම් තනිවම සිනාසෙමින් ඉන්නවා දකින්න පුළුවන්. තමන් ළඟ නැති කෙනෙකු තමන් සමග කතා බහ කරන බව කියන්න පලුවන්. එහෙමත් නැත්නම් රජයේ හෝ වෙනත් රහස් කණ්ඩායමක් තමන් පසුපස ලුහුබඳිමින් තමන් ගැන ඔත්තු බලන බව කියාවි. නැතිනම් පිටසක්වලින් තමාව පැහැර ගැනීමට උත්සහ කරන බව කියාවි. ඊට අමතරව ලග සිටින අයට නොපෙනෙන අද්භූත සතුන් ජාතියක් මේ මොහොතේ තමන් ළඟ සිටින බව කියාවි. එහෙමත් නැතිනම් නොපෙනෙන සතෙකුට බයේ කලබල කරමින් පැන දුවන්නට උත්සාහ කරාවි. කෙටියෙන්ම වෙනත් කෙනෙකු තමන්ට උපදෙස් දෙමින් තමාව පාලනය කරන ආකාරයෙන් වැඩ කටයුතු කරාවි.
මම මේ ඉහලින් විස්තර කරලා තියෙන්නේ schizophrenia එහෙමත් නැතිනම් භින්නෝන්මාදය නම් මානසික රෝගී පුද්ගලයෙකු තුලින් දකින්නට පුළුවන් සාමාන්‍ය හැසිරීම් රටාවන් කිහිපයක්. මානසික රෝග අතුරින් භයානකම මානසික රෝගය තමයි මේ භින්නෝන්මාදය කියලා කියන්නේ. මෙය සමහරුන්ට අධිකව පවතින අතර සමහර අයට සුළු වශයෙන් පැවතිය හැකිය.මෙහි නම වන schizophrenia ග්‍රීක ව්‍යවහාරයට අනුව බෙදුණු (schizo) මනස (phrene) යන අර්ථය තමා ගන්නෙ.
ඉතින් මීට ටික කාලෙකට කලින් BBC Horizon වැඩසටහන් මාලාවේ විකාශය උනා මේ භින්නෝන්මාදය ගැන ඉතා වැදගත් වැඩසටහනක්. එය තුලින් භින්නෝන්මාදය ගැන ගැඹුරටම පෙන්වා දෙනවා. භින්නෝන්මාදය ඇති වෙන්න හේතු මොනවද ? එය ඇතිවුන අය හැසිරෙන්නේ කොහොමද ? මේ සඳහා ඇති නවීන ප්‍රතිකාර ක්‍රම මොනවද ? වගේ ගොඩක් වැදගත් දේවල්. මෙම චිත්‍රපටයේ නම තමයි Why did I Go Mad ?
ඉතින් මම නිවාඩු ලැබුන වෙලාවට මේ වැඩසටහන සම්පුර්ණයෙන් ම සිංහලට පරිවර්තනය කළා බොහෝ දෙනෙකුට මෙය නරඹා දැනුමක් ලබා ගැනීම පහසු කරන්න. මම මුලින් අදහස් කරගෙන හිටියේ මේකට sinhala subtitle hard-cord කරලා මේක YouTube වලට upload කරලා හැමෝටම බලන්න පහසු කරන්න. නමුත් copyright ප්‍රශ්න නිසා මේක YouTube වලට දාන්න බැහැ. ඒක නිසා මම මේක Sinhala sub දාලා google drive එකට upload කළා. කැමති අයට ඒක උපසිරසි එක්ක එතනින් online බලන්න පුළුවන්. එහෙම නැත්නම් මම වෙනමම subtitle file එක upload කරලා තියෙනවා.මේ චිත්‍රපටය download කරගෙන subtitle එකත් අරගෙන බලන්න.
ඇත්තටම මේක ඕනෑම කෙනෙක්ට ගොඩක් වටිනා වැඩසටහනක්. බොහෝ අය මෙවැනි මානසික රෝග ගැන කිසිම දැනුමක් නැහැ. එම නිසාම මෙයින් රෝගිනුත් , සාමාන්‍ය අයත් දෙගොල්ලොම අපහසුවට පත් වෙනවා. බොහෝ අය කෙනෙකුගේ රෝගය වැරදියට තේරුම් අරන් අනවශ්‍ය දේවල් කරනවා. මෙවැනි රෝගියෙකු දුටුවම ගොඩක් අය සිතන්නේ ඔහුට මලගිය ප්‍රාණ කාරයෙකු ආරුඩ වෙලා කියලා. ඉතින් ඊට පස්සේ බලි තොවිල් ආදිය කරමින් විශාල ලෙස මුදල් නාස්ති කරගන්නවා විතරක් නෙවෙයි. රෝගියාගේ රෝගී තත්වය තවත් වැඩි කරනවා.
එම නිසා පුළුවන් අය මේ වැඩසටහන බලලා දැනුමක් ලබා ගන්න. ඒ වගේම මේක වැදගත් වෙන අය අතරෙත් බෙදා හරින්න. මම මේක කරලා තියෙන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි. මේකෙන් ලබා ගන්නා දැනුම නිසා කොතන හෝ දුක් විඳින කෙනෙක්ට පිහිටක් ලැබෙයි කියලා හිතාගෙන. එහෙනම් කට්ටිය අරගෙන බලන්න. කිසිම කෙනෙක් ට මේ වගේ ලෙඩක් නම් හැදෙන්න එපා...ජය වේවා

Sinhala Subtitle File
http://www.mediafire.com/file/wpmyd8mzrksaykt/Why_did_i_go_mad.srt
https://drive.google.com/open?id=0BxkDpFXoKN9WOEc0YWJOTERlYjA
Google Drive Link with Sinhala Subtitle
https://drive.google.com/open?id=0BxkDpFXoKN9WeC1jcG5UN0tkWlU
Other Links
https://vimeo.com/225975032
https://www.dailymotion.com/video/x5m331x
http://www.mediafire.com/file/wpmyd8mzrksaykt/Why_did_i_go_mad.srt
https://drive.google.com/open?id=0BxkDpFXoKN9WOEc0YWJOTERlYjA
Google Drive Link with Sinhala Subtitle
https://drive.google.com/open?id=0BxkDpFXoKN9WeC1jcG5UN0tkWlU
Other Links
https://vimeo.com/225975032
https://www.dailymotion.com/video/x5m331x
Last edited:


