මහින්දගේ දශකය Recap

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    මහින්දගේ දශකය Recap

    PMeVO2G.jpg











    වසර : 2006

    මැයි 11 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
    ඔක් 27 මිහින් ලංකා ගුවන් සමාගම ස්ථාපිත කිරීම
    අගෝ 05 මුතූර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීම
    අගෝ 08 මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භය
    අගෝ 15 මාවිල්ආරු සොරොව්ව නැවත අත්පත් කර ගැනීම
    අගෝ 28 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භය
    සැප් 04 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීම
    දෙසැ 08 නැගෙනහිර මුදවා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භය


    වසර : 2007

    ජන 19 වාකරේ ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
    ජන 25 මොරගහකන්ද - කළු ගඟ නිවුන් ජලශ ඉදිකිරීම් ඇරඹිම
    පෙබ 12 මහඔය, රඹකැන් ඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    මාර්තු 28 මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශය අත්පත් කර ගැනීම
    අප්‍රේල් 12 A-5 මාර්ගයේ බලය සම්පූරණයෙන් අත්පත් කර ගැනීම
    අප්‍රේල් 27 මිහින් ලංකා ගුවන් සමාගම සිය මෙහෙයුම් ඇරඹීම
    මැයි 20 දැදුරුඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 11 තෙමසක සටනකින් තොප්පිගල කොටි බලකොටු මුදා ගැනීම
    ජූලි 11 නැගෙනහිර ත්‍රස්ත බලය අවසන් කල බව නිවේදනය කිරීම
    සැප් 02 මන්නාරම සිලාවතුරෙයි මුදවා ගෙන වන්නි සටන ඇරබීම
    සැප් 29 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 25 මනම්පිටිය නව පාලම ජනතා අයිතියට
    නොවැ ?? කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 01 පැලියගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 22 මන්නාරමේ උයිලන්කුලම්, තම්පනායි අත්පත් කර ගැනීම
    දෙසැ 29 මන්නාරම පරප්පකන්දල් ප්‍රදේශය මුදා ගැනීම


    වසර : 2008

    ජන 15 හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය ඉදිකිරීම් ඇරඹේ
    පෙබ 23 රම්බොඩ උමං මඟ, නුවරඑළිය මාර්ගය ජනතා අයිතියට
    පෙබ 28 මන්නාරම යෝධ වැව බලය අත්පත් කර ගැනීම
    මාර්තු 25 පැලියගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    මාර්තු 31 ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවය නැවත ජනතා අයිතියට
    අප්‍රේල් 25 ඓතිහාසික මඩු දේවස්ථානය මුදා ගැනීම
    මැයි 09 මන්නාරම අඩම්පන් නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීම
    මැයි 23 නෙළුම් පොකුණේ ඉදිකිරීම් ආරම්භ කිරීම
    ජූනි 26 මන්නාරම පෙරියමඩු බලය මුළුමනින්ම තහවුරු කර ගැනීම
    ජූනි 27 මන්නාරම ආන්දන්කුලම් නගරයෙ බලය අත්පත් කර ගැනීම
    ජූනි 28 ඓතිහාසික සහල් නැලිය ප‍්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
    ජුනි 29 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 01 ආරුගම්බේ පාලම ජනතා අයිතියට
    ජූලි 16 මන්නාරම වෙඩිතලතිව් දරුණු සටනකින් පසු අත්පත් කර ගැනීම
    ජූලි 20 මන්නාරම ඉලුප්පුකඩවායි කොටි බලකොටුව අත්පත් කර ගැනීම
    අගෝ 02 මුළු මන්නාරම දිස්ත්‍රික්කයේම බලය තහවුරු කර ගැනීම
    අගෝ 11 කල්ලෙකුඩා ජැටියේ බලය අත්පත් කර ගැනීම
    අගෝ 13 කල්විලාන් මුලන්කාවිල් කොටි බලකොටු අත්පත් කර ගැනීම
    අගෝ 17 මුලතිව් ජීවන් බේස් කොටි බලකොටු අත්පත් කර ගැනීම
    අගෝ 17 කටුනායක අධිවේගයේ ඉදිකිරීම් ගිවිසුම් අත්සන් තැබීම
    සැප් 2 මල්ලාවි කොටි පරිපාලන නගරය අත්පත් කර ගැනීම
    සැප් 22 බටහිර වෙරළේ පාසරායි ප්‍රදේශය මුදා ගැනීම
    ඔක්‌ 01 නුගේගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 28 බටහිර වෙරෙළේ නොච්චිමොඩයි ප්‍රදේශය මුදා ගැනීම
    ඔක් 29 බටහිර වෙරෙළේ නාච්චිකුඩා අත්පත් කර ගැනීම
    ඔක්‌ 30 රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යාන ඉදිකිරීම් ඇරඹිම
    නොවැ 15 ඉතා දරුණු සටනකින් පසුව පුනරීන් අත්පත් කර ගැනීම
    නොවැ 17 මාන්කුලම් සහ පනික්කන්කුලම් බලය තහවුරු කර ගැනීම
    දෙසැ 01 A-9 මාර්ගයේ කොකාවිල් නගරය අත්පත් කර ගැනීම
    දෙසැ 04 මුලතිව් අලම්පිල් වෙරෙළේ බලය තහවුරු කර ගැනීම
    දෙසැ 04 A-9 මාර්ගයේ පුලියන්කුලම නගරය අත්පත් කර ගැනීම
    දෙසැ 05 A-9 මාර්ගයේ කනකරායන්කුලම් අත්පත් කර ගැනීම
    දෙසැ 06 මුලතිව් චෙම්මලේ හා නයාරු කලපුව ප්‍රදේශය මුදා ගැනීම
    දෙසැ 08 කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය ජනතා අයිතියට
    දෙසැ 17 මුලතිව් මුල්ලියාවේලි බලය අත්පත් කර ගැනීම
    දෙසැ 20 රිදියාගම සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 21 නැදුන්කර්නි නගරයේ බලය අත්පත් කර ගැනීම


    වසර : 2009

    ජන 01 ඉරනමඩු ප්‍රදේශය මුළුමනින්ම අත්පත් කර ගැනීම
    ජන 02 කිලිනොච්චි නගරයේ බලය තහවුරු කර ගැනීම
    ජන 04 පරන්තන් නගරයේ බලය අත්පත් කර ගැනීම
    ජන 09 අලිමංකඩ ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
    ජන 14 යාපනේ අර්ධද්වීපයේම බලය අත්පත් කර ගැනීම
    ජන 15 ධර්මපුරම් කොටි බලකොටුව බිඳ දැමීම
    ජන 23 නුගේගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    ජන 25 මුලතිව් කොටි බලකොටුව අත්පත් කර ගැනීම
    ජන 28 විශ්වමඩු කොටි බලකොටුව බිඳ දැමීම
    පෙබ 05 චලෙයි මුහුදු කොටි බලකොටුව බිඳ දැමීම
    පෙබ 20 තෙවිපුරම් කොටි බලය බිඳ දැමීම
    මාර්තු 17 ඉරණපලෙයි කොටි බලය බිඳ දැමීම
    අප්‍රේල් 01 පච්චපුල්මුඩ්ඩෙයි ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
    අප්‍රේල් 05 පුදුකුඩිඉරිප්පු කොටි බලය බිඳ දැමීම
    මැයි 16 වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් කොටි බිම්කඩ අත්පත් කර ගැනීම
    මැයි 18 නැවත ශ්‍රී ලංකාවම එක්සේසත් කල විජයග්‍රාහී දිනය
    ජූලි 07 දෙහිවල ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 11 ගිරුවාපත්තුවේ, වෙහෙරගල ජලාශය මංගල දියවර නිකුත්කිරීම
    ජූලි 30 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට
    අගෝ 18 කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 20 කින්නියා සහ ඉරක්කන්ඩි පාලම් යෝදයන් ජනතා අයිතියට
    ඔක් 21 දෙහිවල ගුවන් පාලම ජනතා අයිතියට
    නොවැ 22 ඉපලෝගම ‘රණජයපුර’ රණවිරු ගම්මානය විවෘත කිරීම
    නොවැ 27 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 07 කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 18 ගම්පහ ගුවන් පාලම ජනතා අයිතියට


    වසර : 2010

    පෙබ 25 යුගදනවි විදුලි බලාගාරය දෙවන අධියර ජනතා අයිතියට
    මාර්තු 22 පුත්තලම මාම්පූරි සුළං විදුලි බල උද්‍යානය විවෘත කිරීම
    මාර්තු 31 වලස්මුල්ල, කැකිරිඕබඩ ජලාශයෙන් මංගල දියවර නිකුත්කිරීම
    මාර්තු 31 රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය ජනතා අයිතියට
    ජුනි 01 කටුනායක කොළඹ සුඛෝපබෝගී දුම්රිය සේවය ඇරඹිම
    ජුනි 17 කිලිනොච්චියේ ලංගම බස් සේවය නැවත ස්ථාපිත කිරීම
    ජුලි 14 ප්‍රතිසංස්කරණය කල ඉරණමඩු ජලාශය ජනතා අයිතියට
    නොවැ 18 මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායේ 'කරදිය මංගල්‍යය'


    වසර : 2011

    ජන 21 දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
    ජන 16 සංගුපිඩ්ඩි - කරයිතිව් පාළම ජනතා අයිතියට
    පෙබ 12 නවීකරණය කල ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    පෙබ 20 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    මාර්තු 06 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    මාර්තු 22 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ 1 අදියර ජනතා අයිතියට
    මැයි 26 පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට
    ජුනි 06 ලංකාවේ උසම කුළුණ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ විවෘත කිරීම
    ජුලි 26 අනුරාධපුර ‘අභිමංසල’ රණවිරු නිකේතනය විවෘත කිරීම
    ඔක් 04 නව මීගමු බස් නැවතුම් සංකීරණය ජනතා අයිතියට
    ඔක් 11 උප්පාරු, ගංගෙයි, රාල්කුලි, වෙරුගල් සහ කායංකේනි පාලම් සමඟ මඩකලපුව - ත්‍රීකුණාමලය A-15 මාර්ගය ජනතා අයිතියට
    ඔක් 28 අනුරාධපුර ත්‍රීකුණාමලය A-15 මාර්ගයේ වැඩ ඇරඹිම
    නොවැ 27 දක්ෂිණ අධිවේගයේ කොට්ටාව ගාල්ල කොටස විවෘත කිරීම
    දෙසැ 02 නවීකරණය කල කොළඹ ලන්දේසි රෝහල ජනතා අයිතියට
    දෙසැ 15 නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල ජනතා අයිතියට
    දෙසැ 16 දකුණු කොළඹ වරාය සහ දියකඩනයේ ඉදිකිරීම් ඇරඹිම


    වසර : 2012


    ජන 03 නෙළුම් කුළුණ ඉදිකිරීම් ගිවිසුම්වලට එලැබීම
    ජන 20 නෙළුම් කුළුණ ඉදිකිරීම් ඇරඹීම
    පෙබ 18 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල-කඩවත ඉදිකිරීම් ඇරඹිම
    මැයි 06 නව දහඅට වංගු සහිත ‘දුම්බර පිවිසුම් මඟ‘ ජනතා අයිතියට
    ජුනි 06 මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය විවෘත කර මෙහෙයුම් අරඹයි
    ජුලි 05 බත්තරමුල්ලේ 'සුහුරුපාය' ගොඩනැගිල්ලට මුල්ගල තැබීම
    ජූලි 12 NSBM හරිත විශ්වවිද්‍යාල නගරය සදහා මුල්ගල තැබීම
    ජුලි 14 ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජනතා අයිතියට
    අගෝ 16 යාන් ඔය මහා ජලාශයට මුල්ගල් තබා වැඩ ඇරඹිම
    සැප් 15 දියවන්නා 'දියත උයන' ජනතා අයිතියට
    සැප් 23 වේයන්ගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹේ
    ඔක් 16 පළමු යානාව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට
    ඔක් 20 රේස්කෝස් ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
    දෙසැ 11 කඹුරුපිටිය අභිමංසල 2 රණවිරු නිකේතනය විවෘත කිරීම
    දෙසැ 12 මාන්කුලම් මුලතිව් A-34 නව මාර්ගය ජනතා අයිතියට


    වසර : 2013

    ජන 12 නුගේගොඩ තෙත් බිම් උද්‍යානය-Wetland Park ජනතා අයිතියට
    ජන 18 ද. ආසියාවේ විශාලතම ධීවර වරාය දික්ඕවිටදී ජනතා අයිතියට
    පෙබ 12 චුන්නාකම් උතුරු ජනනි විදුලි බලාගාරය ජනතා අයිතියට
    පෙබ 17 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ජනතා අයිතියට
    මාර්තු 18 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනතා අයිතියට
    මාර්තු 22 මඩකලපුව නව කල්අඩි පාලම ජනතා අයිතියට
    මාර්තු 28 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය විවෘත කිරීම
    අප්‍රේල් 08 පාදෙණිය - අනුරාධපුර A-28 'රාජධානී පිවිසුම' ජනතා අයිතියට
    ජුනි 15 ගල්කුලම - යාපනය නව A-9 මහා මාර්ගය ජනතා අයිතියට
    ජූනි 25 මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල තැබීම
    ජුනි 28 ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශික්‍ෂණ රෝහලට මුල්ගල තැබීම
    ජූනි 30 හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකිරීම් ඇරබීම
    ජුලි 18 දියගම මොරටුව වි.වි. තාක්ෂණික ආයතනයට මුල්ගල තැබීම
    ජූලි 20 රඹකැන් ඔය මහා ජලාශයේ මංගල දියවර නිකුත්කිරීම
    අගෝ 05 දකුණු කොළඹ ජාත්‍යන්තර වරාය ජනතා අයිතියට
    සැප් 01 නව ඔළුවිල් ධීවර වරාය ජනතා අයිතියට
    ඔක් 21 හෝමාගම නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය විවෘත කිරීම
    ඔක් 27 කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට
    නොවැ 07 මිරිජ්ජවිල වියළි කාලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
    නොවැ 07 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ජනතා අයිතියට
    නොවැ 07 සිරිබෝපුර, මිරිජ්ජවිල අන්තර් හුවමාරු ජනතා අයිතියට
    නොවැ 18 දෙමටගොඩ 'මිහිඳු සෙන්පුර' මහල් නිවාස විවෘත කිරීම
    නොවැ 23 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට


    වසර : 2014

    ජන 07 වැලිගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම
    ජන 16 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    පෙබ 17 SLNS සයුරළ නෞකාව නිපද වූ ගිවිසුම අත්සන් කිරීම
    මාර්තු 8 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල දක්වා විවෘත කරේ
    මාර්තු 15 දක්ෂිණ අධිවේගයේ ගාල්ල මාතර කොටස ජනතා අයිතියට
    අප්‍රේල් 19 කොක්කඩිචෝලෙයි මන්මුනේ පාළම ජනතා අයිතියට
    අප්‍රේල් 25 කුරුණෑගල අභිමංසල 3 රණවිරු නිකේතනය විවෘත කිරීම
    අප්‍රේල් 27 වාරියපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම
    මැයි 05 නාරාහේන්පිට නව යුද හමුදා රෝහල විවෘත කිරීම
    මැයි 16 අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
    ජූලි 14 ශ්‍රී ලංකා රේගු මන්දිරය විවෘත කිරීම
    ජූලි 16 ආකේඩ් (Arcade) ඉන්ඩිපෙන්ඩන්ස්‌ ස්‌ක්‌වෙයාර් ජනතා අයිතියට
    ජූලි 28 මරදානේ ට්‍රිපොලි මාර්කට් හී Knowledge Park විවෘත කිරීම
    අගෝ ?? සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
    අගෝ 25 පිටකොටුව පාවෙන වෙළඳපොළ ජනතා අයිතියට
    සැප් 05 'කලම්බූ ගෝල්ඩ් සෙන්ටර්' ජනතා අයිතියට
    සැප් 10 බෙල්ලන්විල වේරැස් ගඟ ව්‍යාපෘතිය ජනතා අයිතියට
    සැප් 16 නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ජනතා අයිතියට
    සැප් 17 කොළඹ වරාය නගරය ඉදිකිරීම් ඇරඹීම
    සැප් 18 නැව් සංස්ථාවේ සිලෝන් බ්‍රීස් නෞකාව නිපදවීම ඇරබීම
    සැප් 20 ගාල්ල ලන්දේසි රෝහල් සංකීර්ණය ජනතා අයිතියට
    ඔක් 10 සංහිඳියාව රැගෙන යාල් දේවිය නැවත යාපනයට
    ඔක් 30 ශ්‍රීලංකන් සමාගමේ නවීන A330-300 පළමු යානය දිවයිනට
    නොවැ 18 තොටලඟ 'රන්දිය උයන' මහල් නිවාස ජනතා අයිතියට
    නොවැ 21 වැල්ලම්පිටිය ‘සිරිමුතු උයන’ මහල් නිවාස ජනතා අයිතියට
    නොවැ 22 දැදුරුඔය ජලාශය මංගල දියවර නිකුත්කිරීම
    නොවැ 22 “සඳහිරු” සෑය සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම
    දෙසැ 01 තොටලඟ 'මුවදොර උයන' මහල් නිවාස ජනතා අයිතියට
    දෙසැ 02 සාලමුල්ල 'ලක්සඳ සෙවණ' මහල් නිවාස ජනතා අයිතියට
    දෙසැ 13 කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරාය ජනතා අයිතියට
    දෙසැ 18 තිරුකේතීශ්වරම් දක්වා මන්නාරම දුම්රිය මග විවෘත කිරීම


    දශකයේ සමරිය..

    රටේ සමස්ථ ආර්ථිකය (ද.ජා.නි.) :

    2004 දි - ඇමරිකානු ඩොලර් බිලියන 20.7
    2014 දි - ඇමරිකානු ඩොලර් බිලියන 80
    වර්ධනය - 👆 286.5%

    රටේ සමස්ථ ණය බර (සමස්ථ රාජ්‍ය ණය/ද.ජා.නි. %)
    2004 දි - 102.3%
    2014 දි - 70.7%
    ණය බර පහත යෑම - 👇31.6%

    ඒක පුද්ගල ආදායම : (ඇමරිකානු ඩොලර්)
    2004 දි - 1,062
    2014 දි - 3,853
    වර්ධනය - 👆 262.8%

    යුද්ධය
    2004 දි - ඇත
    2014 දි - නැත
    ජයග්‍රහණය - 👆 100%

    විරැකියාව :👇
    2004 දි - 8.3%
    2014 දි - 4.3%

    දුගීභාවය :👇
    2004 දි - 15%
    2014 දි - 6%

    රටේ ජනතාවගෙන් විදුලිය ඇති පිරිස :👆
    2004 දි - 73%
    2014 දි - 98%

    රටේ ජනතාවගෙන් පානීය ජල සැපයුම් ඇති පිරිස :👆
    2004 දි - 72%
    2014 දි - 90%

    රටේ ජනතාවගෙන් දුරකතන ඇති පිරිස :👆
    2004 දි - 37%
    2014 දි - 120%

    කොටස් වෙළඳ පොල (සමස්ථ මිල දර්ශකය) :👆
    2004 දි - 1506
    2014 දි - 7299


    Source:

    https://www.facebook.com/photo.php?...a.101360586561266.3135.100000619752471&type=3
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඕව වගෙද බං යහපාලන සේවය
    මේ කිහිපයක් විතරයී
    කහ ඉර සුදු කලා...
    රුපියල් 5 සුදු කලා..
    තව මහ බැංකුව සුද්ධ කලා...
    මයිලෝ එක තහනම් කලා..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    රනිල් සර් චන්ද්‍රිකා මැඩම් එක්ක ඕවා ඔක්කොම සැලසුම් කරලා පටන්අරන් ඔය හැම එකකම වගේ වැඩ හතරෙන් තුනක්ම ඉවරකරලා තියෙද්දී තමා මහින්ද කුමන්ත්‍රනේකිං බලේට ඇවිත් බලෙන්ම ඕවා විවෘත කරේ :yes:
     
    • Like
    Reactions: sidathsaumya

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    රනිල් සර් චන්ද්‍රිකා මැඩම් එක්ක ඕවා ඔක්කොම සැලසුම් කරලා පටන්අරන් ඔය හැම එකකම වගේ වැඩ හතරෙන් තුනක්ම ඉවරකරලා තියෙද්දී තමා මහින්ද කුමන්ත්‍රනේකිං බලේට ඇවිත් බලෙන්ම ඕවා විවෘත කරේ :yes:

    ඇයි බං උඹ හැම තිස්සෙම නොන්ඩි කට් දෙන්නේ...:lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිල් සර් චන්ද්‍රිකා මැඩම් එක්ක ඕවා ඔක්කොම සැලසුම් කරලා පටන්අරන් ඔය හැම එකකම වගේ වැඩ හතරෙන් තුනක්ම ඉවරකරලා තියෙද්දී තමා මහින්ද කුමන්ත්‍රනේකිං බලේට ඇවිත් බලෙන්ම ඕවා විවෘත කරේ :yes:


    :rofl::rofl::rofl:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    තාමත් මහින්දටයි, රනිල් ටයි, මෛත්‍රි ටයි කඩේ පලයව් කාලකන්නි බූරුවෝ.. ගින්තොටදි,බේරුවලදී උන් ආවනේ තොපේ එවුන් බේරගන්න.. හම්බ ඇමතිවරු පැල් බැඳගෙන එහෙ.. අපේ කාලකන්නි බලන්නවත් ගියෙ නෑ.. තොපිට රටක් ඕනෙ නැද්ද බොලව්.. තොපි රටේ පවට ඉපදිච්චි කාලලන්නි..
    උන් තොපේ සල්ලි වලින් පිස්සු නටනවා... තොපිට ගානක් නෑ.. බලපියව් ඔය ඔලුගෙඩ් ඇතුලේ මොලයක් තියනවද කියල
     

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    බලනකොට මහින්දගෙ කාලෙ කිසි ප්‍රශ්නයක් තිබිල නෑනෙ. ඔක්කොම හොඳ තමයි. මිනිස්සු මොකට හිටංට ඡන්දෙ දුන්නද මන්ද:lol:

    අලුත් වෙනසක් දකින්න ඕනේ කියලනේ හිටං :lol:
     

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    මහින්ද හිටපු තැන එදා රනිල් හිටියනම් මෙලහකටත් රට කොටියට විකුණලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    බලනකොට මහින්දගෙ කාලෙ කිසි ප්‍රශ්නයක් තිබිල නෑනෙ. ඔක්කොම හොඳ තමයි. මිනිස්සු මොකට හිටංට ඡන්දෙ දුන්නද මන්ද:lol:

    “රටේ ජන සමූහයෝද සේනාවද බ‍්‍රහ්මණ ගෘහපතිහූද ඇති නායකවරුද යන සියල්ලෝම රජ්ජුරුවන් කෙරෙහි පැහැදුණා වන්නේය, මොහු බලයෙන් නෙරපීමට නම් පළමු රටේ ජහමනයා වෘෂභයාට ඇන්දවිය යුතුයැ’යි මෙපරිද්දෙන් කතිකා කොට භාරතයට හා බටහිරට පක්ෂ වූද ඔවුන්ගේ රූකඩ වූද විකුම් සිංහ නම් පුරුෂයෙකුත් නොවූ ගැහැනියකුදු නොවූ හයිබ්‍රිඩ් දෙස්පාලුවකු ලවා ජහමනයාට කියවන්නේ “එම්බා ජහමනය, තොප රජතුමා සහ පුත් කුමරුන් තොපේ ටැක්ස් වියදම් කරමින් සිනිදුවූ මිහිරිවූ ප‍්‍රණීතභොජන අනුභව කරන්නේ වේද, රත්‍රන් අසුන් පිට යන්නේ වේද, තොපි රා දාවල් මුළුල්ලෙහි සිය අතින් නොයෙක් කර්මාන්ත කොටත් කුසගින්නේ සිටියදී රජ කුමරුන් ලම්බෝගිනි රථ පදිමින් ඉතා මනෝඥ වූ සුරා පානය කරමින් රුසියානු සුරූපිනියන් හා රමණය කරන්නේ වේද, රජුගේ දාසකම්කාරාදීහුත් ඇල්සාලේ බත් හා මත්ස්‍යමාංස අනුභවකෙරෙන්නේවේද , කසීරට සුවඳවිලවුන් ගලවන්නේ වේද, ලන්ච් ගැනුමට එයාලයින්ස් දඬුමොණර වලින් සිංගා යන්නේ වේද” යයි පුහු ආටෝපයෙන් ජහමනයා රජු කෙරෙහි බිඳවන්නේ භාරතයේ හා බටහිරට හිතැතිත්තකු පෙන්වමින් කියනුයේ “මේ අල්පේච්ඡ වූ පුලතිසි පුත්‍රයා රජ කරව, උහු තොපිට සම් පයි පුරා කහවණු දෙන්නේ වේද, නොමිලේ වයිපයි දෙන්නේ වේද,ගූගල් බැලුන් දෙන්නේ වේද, අජානේය වොක්ස්වැගන් තුරඟුන් දෙන්නේ වේද, පේපැල් රැගෙන දෙන්නේ වේද යයි මහාමේරු පර්වතය අම්බ්‍රෙල්ලා පවුඩර් වන්නට තරම් මුසා බස් දොඩා අඥාන ජහමනයා මුලාවට පත් කළ සඳ ජහමනයාද මිහිඳුරාජ රජු ලංකාද්වීපයට කළ සේවය අළුයම ලූ කෙළ පිඬක් ලෙස බැහැර කර දමා භාරත ගැති පුලතිසි පුරුෂයා රජකමෙහි හිඳවූය.

    මහින්ද මෙහෙම කරලත් අච්චර වැඩ කළා නම් මයිත්‍රී ඇන්ඩ් මිස්ටර් ක්ලීන් ආහම කොච්චර වැඩ කරයිද කියල හිතුව නේ මිනිස්සු :yes:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    බලනකොට මහින්දගෙ කාලෙ කිසි ප්‍රශ්නයක් තිබිල නෑනෙ. ඔක්කොම හොඳ තමයි. මිනිස්සු මොකට හිටංට ඡන්දෙ දුන්නද මන්ද:lol:

    They started saying He is a HORA, then continued..... and it worked...

    3c6f080f681c1ca5cf57b4924cbb1ab4.jpg
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    ඕව වගෙද බං යහපාලන සේවය
    මේ කිහිපයක් විතරයී
    කහ ඉර සුදු කලා...
    රුපියල් 5 සුදු කලා..
    තව මහ බැංකුව සුද්ධ කලා...
    මයිලෝ එක තහනම් කලා..

    :lol:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නිවැරදි කිරීමක්:
    යුගදනවි එකත් මහින්ද මාම හැදුව කියලද හිතන් ඉන්නෙ? එයා ඒකට මුල් ගල තිබ්බ විතරටි. හැදුවෙ, පවත්වාගෙන යන්නෙ සහ අයිතිය තියෙන්නෙ LTL Holdings එකට
     
    Last edited: