ගෙදරට ඕන ටොයිලට්
මීට අවුරුදු 7-8 කට කලින් සංනිවේදන තාක්ෂණය හා මෘදුකාංග ක්ෂේත්‍රයෙන් බොහෝ දැනුම හ අත්දැකීම් බෙදා දීපු එළකිරිය දැන් නම් ඉදිකිරීම් ආශ්‍රිතවත් දැනුම බෙදාහරින /හොයන ෆැක්ටරියක් වෙලා. බොහෝ විට දැන් කට්ටිය ගෙවල් හදන කාලේ වෙන්නැති...
හොඳයි. එක දිගට පී.එම්. මාර්ගයෙන් ලැබෙනප්‍රශ්න අත්දැකීම් අහලා සහ මේකේ එකෙක්ගේ ගෙදරක තියෙන කන්ඩිශන් ඇහුවම නූලක් දාල ලියyana එක හොඳයි හිතුනා.
අද මාතෘකාව වැසිකිළි පද්ධතිය සම්බන්ධවයි.
නිවාස හා වෙනත් ගොඩනැගිලි ඉදිකිරීමේදී මූලිකව හා ප්‍රධාන කොට සලකන බොහෝ කරුණු අතරේ ගොඩනැගිල්ලේ ප්‍රධාන වශයෙන්ම සැලකිය යුතු අංගයක් වන වැසිකිළි පද්ධතිය සම්බන්ධ සරල කරුණු කිහිපයක් මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා..
ඔය ගෙවල් හදන නැන්දලා මාමලා මේ කරුණු ගැන අවධානය යොමු කරගෙන ගෙවල් හදන්න ලෑස්ති වෙන්න.
[ රචනා නූල් විදියට මේක ලියන්න ගත්තම දිග වැඩි උනා. මේවා සිංහලෙන් ටයිප් කරන්න ගියාම එපාම වෙනවා. ඒක නිසා කරුණු විදියට ලියන්නම්.]
1. මිනිස්සු පිට ඔපේ ගැන ලොකූවට බැලුවට ගේ පිටිපස්සෙ තියෙන වැසිකිළි පද්ධතිය ගැන හිතනවා අඩුයි. අවධානය අඩුයි.
2.ගෙදරක නාන කාමරය /වැසිකිළිය නිවැරදි තාක්ෂණයට ඉදිනොකර තිබුනොත්
*කොමඩ් වල කෑලි ඉතිරි වෙනවා
**ගේ අවට දුර්ඝන්ධය
***සෞඛ්‍ය ගැටලු
3.
4. මේ දේත් නොකියා බෑ. වාස්තු හරි ෆෙන්ග්ශුයි හරි ඕන මරාලයක් විස්වාස කරනවනම් හා කමක් නෑ. හැබැයි වැසිකිලි පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ නම් බොහොම තාර්කික තාක්ෂණික පසුබිමක.ඒක නිසා ඉංජිනේරු දැනුම ඔබේ විස්වාස සමග ගැටුමක් කරගෙන පරාද වෙන්න එපා...
ආකිටෙක්(වාස්තු විද්‍යඥයා) හෝ මේසන් බාස්ගේ දැනුම අදාළ කරගන්න එපා හැමදේටම. (එහෙම ලිව්වේ දැන් ලංකාවේ මිනිස්සු කෝකටත් තෛලේ විදියට ඔය දෙකොට්ටාසෙට ඕනෑවට වඩා වගකීම් පවරන නිසා )
ප්‍රධාන ගැටලු
ඒ. වැසිකිළි වලේ වතුර මට්ටම ඉහළ යාම
බී. ජලය පොළොවට නිසිපරිදි උරා නොගැනීම
සී. ජලය බැසයන පද්ධතියේ හිරවීම්
වැරදි ක්‍රියා...
සබන් සහ රෙදි සෝදන කුඩු වැසිකිළි වළට යන පරිදි බට එළීම.
කුස්සියෙ කුණු තෙල් වතුර වැසිකිළි වළට යන පරිදි බට එළීම.
ක්ලීනින් අයි, මෑන් හෝල්, සෙප්ටික් ටෑන්ක් සහ සෝකේජ් පිට් (පූතික ටැංකිය හා උරන වළ )
ගොඩනැගිල්ලේ වැසිකිළිවලින් ෆ්ලශ් කරන වතුර ------> අඟල් 6 වගේ බට වලින් වැසිකිළියෙන් එළියට යනකොට ---> ක්ලීනින් අයි එකක් බටේට සවිකරනවා හදිසි අවස්තාවකදි (කෑලි හිර උනොත් ) සුද්ද කරන්න.
ඒ බට ගොඩනැගිල්ලෙන් එළියට යවද්දි ගොඩනැගිල්ලෙන් යම් ඈත දුරකට ගෙන යාමේදී සහ එවගෙම බට කීපයක එන වැසිකිළි වතුර තනි බටයකට ලබාගැනීමේදිත් මෑන් හෝල් එකක් හදනවා.
එවායෙන් යන වැසිකිළි වතුර දාන්නේ පූතික ටැන්කියට.
පූතික ටැන්කිය
මේක සීල් ටැන්කියක්. පිටින් වතුර එන්නත් බෑ. ඇතිලින් එළියට යන්නේත් නෑ. මේක ජලවාරක බිත්තිවලින් හදලා තියෙන්නේ ජල කාන්දු නිවාරණ ආලේපනයකින්.
මේ ටැංකියෙ ජලය පිරෙන්න කුටීර දෙකක් තියෙනවා. මේක නියමිත ඩිසයින් එකකට කරල තියෙන්නේ බැක්ටීරියාවලට මුදාහැරලා දින එක හමාරක් වගේ අතුළත හොඳින්ක්‍රියාත්මක වෙන්න. ඩිසයින් විදියටම හදන්න ඕනේ ඒකයි. ඒ ටැන්කියේ වතුර එන ලෙවල් එකට වඩා පහ්ළින් තමා එළියට යන බටේ දාලා තියෙන්නේ. ර්තකොට හිර වෙන්නේ නෑනේ.අනික හැම වෙලේම අවම අඩියක විතර උසක් උඩම හිස්ව තියෙන්නයි ඩිසයින් කරලා තියෙන්නේ.
සෝකේජ් පිට්-උරන වල
සෙප්ටික් ටෑන්ක් එකෙන් එළියට යන වතුර යන්නේ මේ දෙවැනි වළට. මේකේ බිත්ති හදන්නේ හිඩැස් තියෙන්න. කෑළි පෙරිලා එන වතුර ටික මේ ටැන්කියෙන් පොලොවට උරනවා. පස් වලින් පහලට යද්දි ඉබේම ෆිල්ටර් වෙලා පරිසරයට අවම හානියක් වෙන්නෙ...
*කාලෙන් කාලෙට දිරපු ස්ලජ් එක ගලි බවසරෙන් ඇදලා දාන්න ඕනේ.
*පොළොවේ ඉහළම ජල මට්ටම සලකා වලවල් ඩිසයින් කරගන්න ඕනේ.
*පවතින පසේ ස්වභාවයත් වැදගත්
ගෙයක් හදන්න ඉඩමක් තෝරගන්න වෙලාවේ ඉඳන්ම තාක්ෂණික කරුණු කාරනා හිතලා වැඩකලොත් අවාසියක් නම් වෙන්නේ නෑ...

වොශ් බෙසින් හා කුස්සියෙන් එන වතුරවල තෙල් ගොඩක් තියෙනවනම් ග්‍රීස් ට්‍රැප් එකක් හදලා (පොඩි කොන්ක්‍රීට් ටැන්කියක්) ඒක හරහා වෙනම උරන වලකට දාන එකයි කරන්න වෙන්නේ
ඉඩමක් තෝරා ගැනීමේදි වැසිකිළි පද්ධතියේ වැදගත්කම
මෙන්න යටින් තියෙනවා වැසිකිළි පද්ධතිය ගැන වොටර් බෝඩ් එකෙන් රචිත ග්‍රන්ථය.බොහොම වටිනවා දැනුමට
https://drive.google.com/open?id=1gv_XozOdRkmldtP7L1zz11isVTSp-lTu
ගෙයක් හදද්දි වැසිකිළි පද්ධතිය ගැන ටිකක් වැඩිපුර හිතන්න. ගෙදරම ගඳ ගැස්සුවැකි වැඩේ බාස්ට ඕන විදියටම කරන්න දුන්නොත්

Last edited: