මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    adobe_bricks_huancas_peru1.jpg

    අද නිවසක් සෑදීම යනු හුදෙක් සල්ලි කන්දක් යට කර ඉදි කරන කොන්ක්‍රීට් කන්දකි. බොහෝ අය සල්ලි කන්ද යට කරන්නේ නය වීමෙන් ය. දිගුකාලීන නය චිරාත්කාළයක් ගෙවමින් ජීවත් වීම අද පරම්පරාව පුරුද්දක් කරගෙන සිටීම අභාග්‍යයට කරුණකි. බොහෝ අය නය ගෙවා ගැනීමේ පීඩනයෙන් ජීවත් වෙයි. තවත් අය නය ගෙවා දැමීමට වැඩියෙන් වැඩ කරමින් තමන්ගේ තරුණ කාළය කටුකව ගෙවා දමයි. මට නම් නය යනු හිතට වදයක් ගෙන දෙන මර උගුලකි. එබැවින් නය නොවි ජීවත් වෙන ක්‍රම ගැන නිතර සිතමි.

    අපේ පැරැන්නන් නිවාස තැනීමට තමන්ගේ මනුශ්‍ය ජීවිතයේ ඒ තරම් ලොකු කාළයක් කැප කලේ නැත. මනුශ්‍ය ජීවිතය නිවසක් තැනිමට කැප කරනවා වෙනුවට කරන්නට වැඩ එමට ඇති බව පැරැන්නන් සක්සුදක්සේ අවබෝධකරගෙන සිටියා විය යුතුය. එබැවින් තම නිවසට අවැසි ගඩොල් තමන්ම තනා ගන්නට ඔවුන් පෙළඹුනි. තමන්ම තනා ගත්තේ මැටි ගඩොලකි. එයින් යස අගේට තැනූ ගෙවල් අද දක්වා නොනැසී තිබෙයි. මාගේ සීයා හැදූ මහ ගෙයද එවැන්නකි. වසර 60 ක් ඉක්මවා තිබුනද තාම එම ගෙය ඉතාම ශක්තිමත්ව විරාජමාන වෙයි.

    ලංකාව වැනි උෂ්ණාධික රටක නිවෙස් තැනීම සදහා හොදම අමුද්‍රව්‍ය වන්නේද නොපිලිස්සූ අමු මැටියෙන් තැනූ ගඩොල හෙවත් මෝඩ ගඩොල්ය. අපේ පැරැන්නන් නිවාස තැනීමට නය උගුලක පැටලුනේ නැත. බ්ලොක් ගල් ඒ කාලේ නැත. ඇති හැකි උන් මිස අනිත් උන් පුච්චපු ගඩොල් ගැනිමට දැගලුවේ නැත. නිවස අසලින් ලබාගන්නා පස්වලින් මැටි අනා තමන්ම ගඩොල් කපාගත් ශක්තිමත් පිරිමි, ගැහැනු සිටියහ. මිතුරෙක් නිවසක් තනන විට අනිත් උන් කටින් වචනයෙන් නොව පැමිණ ගඩොල් ටිකක් කපා උදව් කලේය. ගමේ සිටිනා මේසෙන් බාස් කෙනෙකු ලවා ගේ බැදගත්තේය. බාසුන්නැහැ මැටිගඩොල බදින්නේද මැට්ටෙනි. කපරාරුවේ යට කොටස සිමෙන්තියෙන් කළද ඉහළ කොටසට යොදාගන්නේ වැලි මැටිය. බිත්තියක් අඩියක් එකහමාරක් පළල වුවත් වියදම ඉතාම අවමව සුවිසල් ගෙවල් බොහෝමයක් තැනුනේ මෙලෙසින.

    ගඩොල් කපන්න මේ වගේ උපක්‍රම යොදාගන්න පුලුවන්
    DSC8836.jpg

    මෝඩ ගඩොලෙන් තනන ගොඩනැගිලි
    (මේ ගෙවල් අවසානයේ කපරාරු කරලා සුද තියලා පුච්චපු ගඩොල් හෝ බ්ලොක් ගල් හෝ ගෙයක පෙනුමට ගන්න පුලුවන්. )
    cuttingadobes.jpg

    ඉතාම හොද තාප පරිවාර ද්‍රව්‍යයක් වන මැටි, එම පැරණි සුවිසල් ගෙවල් සිසිල් කිරීමටද සමත් විය. නය නැති නිසා එම මිනිසුන්ගේ හිතද සිසිල්ය. නමුත් අද වෙන විට මිනිසුන් මේ මෝඩ ගඩොල භාවිතයෙන් ඉවත් වී ගොස්ය. සෑමදෙයක්ම වාණිජකරණය වී ඇති නූතන යුගයේ ගඩොලක් සල්ලිවලට ගන්නවායින් එහා දෙයක් මිනිසුන් සිතන්නේ නෑත. ඇතැමුන් මෝඩ ගඩොල යනු කුමක්ද කියාවත් දන්නේ නැත. දැනගත්තද ඉන් සුවිසල් ගෙවල් තැනිය හැකි බව දන්නේද නැත. දැන් මිනිසුන් සිතන්නේ එක්තරා රාමුක පමණි. ගෙයක් හදමු කි සැනින් මතක් වෙන්නේ නයවී ගඩොල් ටිකක් ගෙන මහා සිමෙන්ති ගොඩකින් ඉදි කරන නිවසකි. නයදෙන ආයතන තමන්ගේ බඩ වඩා ගැනුමට මෙම රාමුව සකසා මිනිසුන්ගේ සිත් ඇතුලට ඔබ්බවා ඇත. දැන් එම රාමුවෙන් පිට සිතන්නට මිනිසුන් අකමැතිය.

    මෙය මට ලියන්නට හිත්වූයේ කාට හෝ මෝඩ ගඩොලෙන් ගෙවල් තැනීමට උපදෙස් දීමට නොව. නමුත් මෙහිද සිතිය යුතු යමක් තිබේ. තට්ටු ගෙවල් මෝඩගඩොලෙන් තනන්නට බැරිය. දැන් සිටින බොහෝ බාස්ලා මැට්ටෙන් බිත්ති බදින්නට දන්නේද නැත. නමුත් පොඩි ගේ කෑල්ලක් හදාගන්න සිහින මවන. ඒකට සල්ලිත් නැති කොල්ලෙකුට වෙනස් විදිහකට සිතිය හැකි නම්, නය නොවෙී තමන්ගේ අරමුන ඉටු කරගත හැකි ක්‍රමද තිබෙන බව කිව යුතුය. ගෙයක් යනු ලොවට පෙනෙන්නට ගොඩ නගා, තමන් ඒ තුළ හිතින් පිච්චෙමින් ජීවත් විය යුත්තක් නොව. තමන්ට නිවීසැනසිල්ලේ සිටිය හැකි තැනක් විය යුතුය. අපි සැම දෙනා, බොහෝ පැරැන්නන් මෙන් වත්කමේ හැටියට පිංකම කිරීමට උගත යුතුය.

    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    හොද අදහසක්... හැබැයි මචන් ප්‍රයෝගික නැහැ නේද ? කාලයත් සමග ගෙවල් සැදීමට ගන්න අමුද්‍රව්‍ය පවා වෙනස් වෙමින් පවතින යුගයක මිනිසුන්ට පහසුවෙන් සොයා ගත හැකි දෙයක් පිළබදව අදහසක් දෙන්න පුළුවන්නන් ගොඩක් වටිනව නේද ?

    පහුගිය දවස් ටිකෙත් අලුතෙන් ත්‍රෙඩ් දාල තිබ්බ ගෙවල් හදන්න යන මෙම්බර්ස්ලා.. සහ කිරියෙකන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියටත් සහබාගී කරගන්න කැමතියි කියලත්...
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මෝඩ ගඩොල් කියන ජාතිය පුච්චන්නේ නැද්ද :oo: එතකොට ඒක හයිවෙන්නේ කොහොමද නිකන් පස් වගේ නෙ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,583
    4,158
    113
    මෝඩ ගඩොල් කියන ජාතිය පුච්චන්නේ නැද්ද :oo: එතකොට ඒක හයිවෙන්නේ කොහොමද නිකන් පස් වගේ නෙ.
    අව්වේ දාල වේලනවා බන් ඒවා මම දැකල තියෙනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද අදහසක්... හැබැයි මචන් ප්‍රයෝගික නැහැ නේද ? කාලයත් සමග ගෙවල් සැදීමට ගන්න අමුද්‍රව්‍ය පවා වෙනස් වෙමින් පවතින යුගයක මිනිසුන්ට පහසුවෙන් සොයා ගත හැකි දෙයක් පිළබදව අදහසක් දෙන්න පුළුවන්නන් ගොඩක් වටිනව නේද ?

    පහුගිය දවස් ටිකෙත් අලුතෙන් ත්‍රෙඩ් දාල තිබ්බ ගෙවල් හදන්න යන මෙම්බර්ස්ලා.. සහ කිරියෙකන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියටත් සහබාගී කරගන්න කැමතියි කියලත්...

    පස් තියනව නම් තනි තට්ටුවේ නිවාස හදන්න මෝඩගඩොලෙන් බැරිකමක් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෝඩ ගඩොල් කියන ජාතිය පුච්චන්නේ නැද්ද :oo: එතකොට ඒක හයිවෙන්නේ කොහොමද නිකන් පස් වගේ නෙ.

    අව්වේ දාල වේලනවා බන් ඒවා මම දැකල තියෙනවා

    ඔව් ගඩොල ටිකක් ලොකුවට කපලා වේලනවා. මෝඩ ගඩොලක් පුච්චපු ගඩොල් 4 ක් විතර තරමට ලොකුයි. ශක්තියේ ගැටලුවක් නෑ. අපි අත මිටමොලවලා ගැහුවම බ්ලොක්ගල් බිත්ති දෙදරනවනේ. මෝඩ ගඩොල් බිත්ති එහෙම දෙදරන්නෙ නෑ. අව්රුදු 100 ට වැඩිය පරණ මෝඩගඩොල් ගෙවල් මම දැකලා තියනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අව්වේ දාල වේලනවා බන් ඒවා මම දැකල තියෙනවා

    ඔව් ගඩොල ටිකක් ලොකුවට කපලා වේලනවා. මෝඩ ගඩොලක් පුච්චපු ගඩොල් 4 ක් විතර තරමට ලොකුයි. ශක්තියේ ගැටලුවක් නෑ. අපි අත මිටමොලවලා ගැහුවම බ්ලොක්ගල් බිත්ති දෙදරනවනේ. මෝඩ ගඩොල් බිත්ති එහෙම දෙදරන්නෙ නෑ. අව්රුදු 100 ට වැඩිය පරණ මෝඩගඩොල් ගෙවල් මම දැකලා තියනවා.

    එහෙනං වේලෙන්න වෙලා යනව ඇති අව්වේ දැම්මම, ඉක්මනට ගොඩක් වෙලගන්න ඕනේ හින්ද පොරනුවේ දාල අනික් ගඩොල් පුච්චනවා ඇත්තේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,583
    4,158
    113
    ඔව් ගඩොල ටිකක් ලොකුවට කපලා වේලනවා. මෝඩ ගඩොලක් පුච්චපු ගඩොල් 4 ක් විතර තරමට ලොකුයි. ශක්තියේ ගැටලුවක් නෑ. අපි අත මිටමොලවලා ගැහුවම බ්ලොක්ගල් බිත්ති දෙදරනවනේ. මෝඩ ගඩොල් බිත්ති එහෙම දෙදරන්නෙ නෑ. අව්රුදු 100 ට වැඩිය පරණ මෝඩගඩොල් ගෙවල් මම දැකලා තියනවා.
    ඔව් ඒ ගෙවල් පට්ට සනිපය් ,හැබැයි වේයෝ එහෙම වලටට නගිනවා නේද බිත්ති දිගේ .අනෙක බාත්රූම් වලට එහෙම අව්ලක් නැද්ද දන්නේ නැහැ මැටි නිසා .අර ලි පෙට්ටියක් වගේ එකකට මැටි හිරකරලා ගඩොල් හදන්න මමත් දන්නවා .මගෙත් අදහසක් තියෙනවා එහෙම ගෙයක් හදන්න කවදා හරි
     
    • Like
    Reactions: ForgottenSand

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Au wala multi storey building gahanawa ne timber walin. Mati misra hybrid block galak hadanna bari da.
     
    • Like
    Reactions: Mr.Tom

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    පස් තියනව නම් තනි තට්ටුවේ නිවාස හදන්න මෝඩගඩොලෙන් බැරිකමක් නෑ.

    එතකොට මෝඩ ගඩොල් තට්ටු දෙකේ ගෙවල් හදන්න බාවිත කරන්න බැරිද ?

    වේයන්ගේ ප්‍රශ්න එහෙම එනවද මෝඩ ගඩොල් බාවිතා කලහම?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අද නිවසක් සෑදීම යනු හුදෙක් සල්ලි කන්දක් යට කර ඉදි කරන කොන්ක්‍රීට් කන්දකි. බොහෝ අය සල්ලි කන්ද යට කරන්නේ නය වීමෙන් ය. දිගුකාලීන නය චිරාත්කාළයක් ගෙවමින් ජීවත් වීම අද පරම්පරාව පුරුද්දක් කරගෙන සිටීම අභාග්‍යයට කරුණකි. බොහෝ අය නය ගෙවා ගැනීමේ පීඩනයෙන් ජීවත් වෙයි. තවත් අය නය ගෙවා දැමීමට වැඩියෙන් වැඩ කරමින් තමන්ගේ තරුණ කාළය කටුකව ගෙවා දමයි. මට නම් නය යනු හිතට වදයක් ගෙන දෙන මර උගුලකි. එබැවින් නය නොවි ජීවත් වෙන ක්‍රම ගැන නිතර සිතමි.

    අපේ පැරැන්නන් නිවාස තැනීමට තමන්ගේ මනුශ්‍ය ජීවිතයේ ඒ තරම් ලොකු කාළයක් කැප කලේ නැත. මනුශ්‍ය ජීවිතය නිවසක් තැනිමට කැප කරනවා වෙනුවට කරන්නට වැඩ එමට ඇති බව පැරැන්නන් සක්සුදක්සේ අවබෝධකරගෙන සිටියා විය යුතුය. එබැවින් තම නිවසට අවැසි ගඩොල් තමන්ම තනා ගන්නට ඔවුන් පෙළඹුනි. තමන්ම තනා ගත්තේ මැටි ගඩොලකි. එයින් යස අගේට තැනූ ගෙවල් අද දක්වා නොනැසී තිබෙයි. මාගේ සීයා හැදූ මහ ගෙයද එවැන්නකි. වසර 60 ක් ඉක්මවා තිබුනද තාම එම ගෙය ඉතාම ශක්තිමත්ව විරාජමාන වෙයි.

    ලංකාව වැනි උෂ්ණාධික රටක නිවෙස් තැනීම සදහා හොදම අමුද්‍රව්‍ය වන්නේද නොපිලිස්සූ අමු මැටියෙන් තැනූ ගඩොල හෙවත් මෝඩ ගඩොල්ය. අපේ පැරැන්නන් නිවාස තැනීමට නය උගුලක පැටලුනේ නැත. බ්ලොක් ගල් ඒ කාලේ නැත. ඇති හැකි උන් මිස අනිත් උන් පුච්චපු ගඩොල් ගැනිමට දැගලුවේ නැත. නිවස අසලින් ලබාගන්නා පස්වලින් මැටි අනා තමන්ම ගඩල් කපාගත් ශක්තිමත් පිරිමි, ගැහැනු ගමේ සිටිනා මේසෙන් බාස් කෙනෙකු ලවා ගේ බැදගත්තේය. බාසුන්නැහි මැටිගඩොල බදින්නේද මැට්ටෙනි. කපරාරුවේ යට කොටස සිමෙන්තියෙන් කළද ඉහළ කොටසට යොදාගන්නේ වැලි මැටිය. බිත්තියක් අඩියක් එකහමාරක් පළල වුවත් වියදම ඉතාම අවමව සුවිසල් ගෙවල් බොහෝමයක් තැනුනේ මෙලෙසින.

    ඉතාම හොද තාප පරිවාර ද්‍රව්‍යයක් වන මැටි එම සුවිසල් ගෙවල් සිසිල් කිරීමටද සමත් විය. නය නැති නිසා එම මිනිසුන්ගේ හිතද සිසිල්ය. නමුත් අද වෙන විට මේ මෝඩ ගඩොල භාවිතයෙන් ඉවත් වී ගොස්ය. ඇතැමුන් මෝඩ ගඩොල යනු කුමක්ද කියාවත් දන්නේ නැත. දැනගත්තද ඉන් සුවිසල් ගෙවල් තැනිය හැකි බව දන්නේද නැත. දැන් මිනිසුන් සිතන්නේ එක්තරා රාමුක පමණි. ගෙයක් හදමු කි සැනින් මතක් වෙන්නේ නයවී ගඩොල් ටිකක් ගෙන මහා සිමෙන්ති ගොඩකින් ඉදි කරන නිවසකි. එම රාමුවෙන් පිට සිතන්නට මිනිසුන් අකතැයි.

    මෙය මට ලියන්නට හිත්වූයේ කාට හෝ මෝඩ ගඩොලෙන් ගෙවල් තැනීමට උපදෙස් දීමට නොව. නමුත් මෙහිද සිතිය යුතු යමක් තිබේ. තට්ටු ගෙවල් මෝඩගඩොලෙන් තනන්නට බැරිය. දැන් සිටින බොහෝ බාස්ලා මැට්ටෙන් බිත්ති බදින්නට දන්නේද නැත. නමුත් පොඩි ගේ කෑල්ලක් හදාගන්න සිහින මවන. ඒකට සල්ලිත් නැති කොල්ලෙකුට වෙනස් විදිහකට සිතිය හැකි නම් නය නොවෙී තමන්ගේ අරමුන ඉටු කරගත හැකි ක්‍රමද තිබෙන බව කිව යුතුය. ගෙයක් යනු ලොවට පෙනෙන්නට ගොඩ නගා, තමන් ඒ තුළ හිතින් පිච්චෙමින් ජීවත් විය යුත්තක් නොව. තමන්ට නිවීසැනසිල්ලේ සිටිය හැකි තැනක් විය යුතුය. අපි සැම දෙනා, බොහෝ පැරැන්නන් මෙන් වත්කමේ හැටියට පිංකම කිරීමට උගත යුතුය.

    niyama kathawa
     
    • Like
    Reactions: Mr.Tom

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,583
    4,158
    113
    Adahasa hodai. Practical ne. Den kohenda meti gadol hoyanne. Kohen kiyala meti kapannada
    වැලි අඩු,පස් ලෝර්ඩ් 1ක් ගෙන්න ගත්ත නම් අච්චුවක් හදාගෙන අපිටම ගඩොල් හදා ගන්න පුළුවන් බන්