87 වැනි වෙඩි ප්‍රහාර හමුවේ දණ නැමූ ඇය

lilman

Well-known member
  • May 10, 2009
    41,005
    54,632
    113
    Colombo
    87 වැනි වෙඩි ප්‍රහාර හමුවේ දණ නැමූ ඇය

    87 වැනි වෙඩි ප්‍රහාර හමුවේ දණ නැමූ ඇය ... :(

    27459159_167610657194283_7417987455219051796_n.jpg


    27654925_167610690527613_1235072285030072918_n.jpg






    පීඩිත බව හමුවේ මිනිසා මෙන් ම තිරිසන් සතාද තමන්ගේ වේදනාව දරා නොසිටින අවස්ථාවේ දී පීඩකයාට එරෙහිව සටන් වදී. එය සියලු සත්ත්වයන් ටම පොදූ වූ සාධකයක් බව අමුතුවෙන් ම පෙන්වා දිය යුතු නොවන්නේ සමාජය තුළ ඇති පමණින් උදාහරණය පවතින නිසාය. 20 වන සියවසේ මුල් භාගය වූ වර්ෂ 1916 දී මරී නම් දැවැන්ත ඇතින්නියක් තමන්ගේ පිඩකයාට විරුද්ධ වු නිසා මිනිසාගේ නීතිය හමුවේ ඇයව එල්ලා මරා දැමීය. මේ එවන් කතාවකි.
    ඇයගේ නම ටයිකි (Tyke) ය. ඇය උපදින්නේ වර්ෂ 1974 දීය කුඩා කාලයේ ම පවුලෙන් වෙන් කර ගන්නා මේ ඇත් පැටියා ගෙන එන්නේ ඇමෙරිකාවේ හවායි වල හොනලූලූ වෙතටයි. ඒ සර්කස් එකක සංදර්ශන පෙන්වන ඇතින්නියක් ලෙසටයි.
    ස්භාවික ජීවන රටාවක හුරු වූ මේ පුංචි ඇත් පැටවිය මිනිසාගේ ආසාව උදෙසා දිගින් දිගටම පහර කෑවේ සර්ක්ස් පුහුණුව සදහායි. දිගින් දිගටම පහර කෑ මේ පුංචි ඇත් පැටවිය අසරණව සිටියත් කිසිදු මිනිසෙකුගේ පිහිටක් ඇයට නොලැබුණි. ඇයගේ පාද වලට එල්ල වූ දැඩි හෙන්ඩු පහරවල් නිසා දරා ගත නොහැකි වේදනාවකට පත් වෙන මේ පුංචි ඇත් පැටවිය ඇයගේ පුහුණුකරුට අවශ්‍ය ලෙස අවසානයේ පාද තබන්නට පටන් ගත්තා ය. මේ පහර දීම් වල දී ඇයගේ වඩාත් ම සංවේදි ස්ථාන වලට පවා මේ පුහුණුකරුගෙන් දැඩි පහරවල් එල්ල වූ බවටද සදහන් වෙයි. ඇයගේ දණහිස් වලට පහර දුන් මේ කුරිරු පුහුණුකරු හෙන්ඩුව ඇයගේ ගුද මාර්ගයට දමා පහර දුන් බවත් සදහන්ව පවතී.
    ඇයගේ කාලය ගොඩාක් ගත වුනේ දම්වැල් මතමයි. ඇයගේ ආහාර ඇයට කිසිම විටක පෝෂණිය නොවුණි. ඇයගේ දෙපා වලට දැඩි ලෙස වේදනාවක් ගෙන දුන්නද ඇයව කිසිම විටක නිදහස් නොකරන්නට මේ සර්කස් බලධාරීන් කටයුතු කලේ ය. ඇයට සමාන්‍ය හස්තියෙකු ට හිමි නිදහස සම්පුර්ණයෙන් ම අහිමිව ගියේය ඇය තනියම අසරණව කාලය ගත කලේ ය.
    වර්ෂ 1994 අගෝස්තු 20 වෙනිදා වයස අවුරුදු 20ක් ව සිටි මේ ඇතින්නිය හාව්ත්රෝන් සර්කස් එකේ දී ඇයගේ අවසන් ප්‍රසංගය රග දක්වමින් සිටියාය. හාව්ත්රෝන් සර්කස් තරමක් ප්‍රසිද්ධියට පත් වූ සර්කස් එකක් බව සදහන් ඒ අධික වද බන්ධන වලින් සතුන් පුහුණු කරන ලද සර්කස් එකක් ලෙසයි. නමුත් එයට මිනිස්සු යාමේ ද අඩුවක් නොවීය. වර්ෂ 1988 දී එක්සත් ජනපද කෘෂිකර්ම අමාත්‍යංශයේ එක ටයිකි හට ලබා දුන් වද බන්ධන ගැනද සදහන්ව පවතී. එයට අනුව ඇයගේ පාද 3ක් ගැට ගසා ඇයට දිගින් දිගටම පහර දී තිබුණි. පුහුණුකරු පවසා ඇති විදිහට එයට හේතුව වුයේ ඇයට විනය පුරුදු කිරීම බව පවසා තිබුණි.
    දිගින් දිගටම ඇයට ලැබෙන පීඩනයන් හමුවේ ඇය වර්ෂ 1993 දී ඇයගේ ප්‍රථම පලා යාමේ උත්සහය දරා ඇත. නමුත් ඇයට ඒ අවස්ථාවට ඉඩක් ලැබුනේ නෑ. එම වර්ෂයේ ම ජූලි මාසයේ පලා යාමට උත්සහ කරන මේ ටයිකි එවරද අසාර්ථක විය. මෙවර සර්කස් බලධාරීන් ඇයට දඩුවම් දීමට පෙළඹුණි. ඇයට නැවතත් පහර දුන් සර්කස් බලධාරීන් ඇයව සිර කර තැබීය.
    වර්ෂ 1994 අගෝස්තු මාසයේ දැඩි වද බන්ධන වලට දිගින් දිගටම මුහුණ දුන් ඇයගේ ඉවසීම ඉක්මවා ගොස් තිබුණි. දැඩි දම්වැල් ඇයගේ කකුල් වලට දමා ඇයට විවිධ ඉරියව් පෙන්වන ලෙස ඇයගේ පුහුණුකරු ඇයට අණ කලේ හෙන්ඩුවෙන් දිගින් දිගටම පහර දෙමිනි. තවත් වේදනාවක් දරා ගත නොහැකි ඇයට දැඩි ලෙස තරහ ගියාය. අගොස්තු 20 වෙනිදා ඇය සර්කස් ඉරියව් නොපෙන්වා සිටිමට තීරණය කලේ ය. සර්කස් නිලධාරීන් ඇයට නැවත පහර දීමට පටන් ගත්තේ ය.
    ඇයගේ පුහුණුකරු වූ ඇලන් කැම්බෙල්ගේ දැඩි පහරවල් දරා ගත නොහැකි වූ ටයිකි ඔහුව උස්සා පොළේ ගසා පගා පොඩි කර දැම්මේ ය. ඇයව නැවැත්වීමට උත්සහ ගත් කිහිප දෙනෙකුටම පහර දුන් ඇය මිනිස්සු දෙසට පැන සර්කස් එකෙන් එළියට පැන විදි අතර දුවන්නට ගත්තා. නමුත් හොනාලූලූ වල මේ අවස්ථාව වෙද්දී දැඩි කාර්ය බහුල වෙලාවක් විය.
    විදි අතරට ආ ඇයට යායුතු මගක් ගැන සිතා ගත නොහැකිව කලබල විය. ඇය විදී අතරේ ඉදිරියට දුව ගෙන යන විට ඇය දෙසට පැමිණි වාහන පොඩි කර දමා එවාට පහර දී ඉදිරියට දුවගෙන ගියා. පාරේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු ද ඇයගේ පහර හමුවේ තුවාල ලැබූ බව සදහන් වෙනවා. කාර්ය බහුල වෙලා හදිසියේ දුවගෙන එන මේ ඇත්තින්නිය දුටු හොනාලූලූ ජනතාව බියෙන් ත්‍රස්ථව කෑ ගසමින් සෑම තැනකම දුවන්නට පටන් ගත්තේ ය. ඒ අවස්ථාව වෙන විටත් පොලිසිය අදාල ස්ථානයට පැමිණි සිටි අතර ටයිකි වෙඩි තැබීමට ඔවුන් කටයුතු කලේ ය.
    ඇයගේ වේගය අඩු කර ඇය පාරේ එක් පසකට වී සිටියේය. පොලිස් නිළධාරීගේ වෙඩි තැබීම නතර නොවීය ඔවුන් දිගින් දිගටම වෙඩි තැබුවේ ය.
    ඇයගේ දෙපා පණ නැතිව ඇද වැටුණත් නැවත නැගී සිටියේය. ඇය ඇයට වෙඩි තබන්නට එපා කියන්නාක් මෙන් හිස දෙපසට සෙලවුවාය. ඇයගේ දෙපා ඉදිරියට පස්සට කළාය. ඇයගේ රක්ත වර්ණ වූ ඇස් තුළ බලාපොරොත්තු විරහිත භාවයෙන් සියලු දෙනා දිහා බලාගෙන සිටියා. ඇයට වෙඩි පිට වෙඩි තැබීය, මෙය දරා ගත නොහැකිව සිටි සමහර පිරිස් කෑ ගැසීමට පටන් ගත්තේ ය. කිහිප දෙනෙකු සංවේදිව හඩා වැලපෙන්නට පටන් ගත්තේ ය.
    නමුත් දිගින් දිගටම ඇයට වෙඩි තැබිය. 86 වෙනි වෙඩි උණ්ඩයද ඇයගේ ශරීරයට කිදා බැස්සේ ඇයගේ සියලු බලාපොරොත්තු අහිමි කරමිනි. 87 වෙනි වෙඩි ප්‍රහාරය හමුවේ ඇය බිම හැද වැටුණි.
    පැය 2කට ආසන්න කාලයක් දැඩි ලෙස වේදනාත්මකව සිට ඇයගේ අවසන් හුස්ම පොද හිස් අවකාශයට මුසු විය. කිහිප දෙනෙකු හඩා වැලපෙන්නට විය. වනාන්තරයේ තමන්ගේ අයගෙන් ඈත් කොට ඇයව ගෙනත් බැද දමා පහර පිට පහර දී ඇයව පීඩාවට පත් කර අවසානයේ ඇයට වේදනාත්මක මරණයක් ද ලබා දිමට මිනිසා තීරණය කලේ එලෙසයි. බොහො සත්ත්ව සංවිධාන මෙම ඇතාව නිර්වින්දය කිරීමට තිබූ හැකියාව ගැන නොසොයා දිගින් දිගට වෙඩි තිබූ පිරිසට එරෙහිව විරෝධතාවය පළ කරත් ටයිකිගේ ජිවිතය නැවත ඇති කිරීමට එය හේතුවක් නොවීය.
    වර්ෂ 1978 සිට 2012 ඔක්තොම්බර් දක්වාම හව්තොර්න් සර්කස් කණ්ඩායම තවත් බොහො සතුන් පිරිසකට මෙලෙසම වද බන්ධන දුන් බව සදහන් වෙයි. ටයිකිගේ රතු වූ ඇස් වලින් බලා සිටිනා ඡායාරූපය මිනිසාට මෙන් ම සත්ත්වයන් ට ද ජිවත් වීම සදහ ලෝකය තුළ පරම අයිතියක් ඇති බව මනාව හෙළි කරනු ඇත.


    |සංජේ රණවක











     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    තමන්ගේ හිත සුව පිනිස විතරක් වැඩ කරන කාලකන්නි මිනිස්සුත් ඉන්න ලෝකයක් බන් මේක... :)

    මේ කාලකන්නි වෙඩි 87 ක් තියනකන් ඒක නිර්වින්දන බෙහෙතක් විදගන්ඩ බැරි උනාද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හම්මෙ ඇයි බන් මේව දාන්නෙ..බලහන් අර ඇස්දෙක දිහා, මුන්ට ඌව නිර්වින්දනය කරන්ඩයි තිබ්බෙ :(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පොඩි ඇට bribe එකට දීල පුරුදු කරනවා වගේ නෙමේ ඕවට සත්තු පුරුදු කරන්නේ උන්ට වද දිදී .
    අනිවා ඕවට නීති දන්නා ඕන පට්ට කොන්දේසිත් එක්ක ලංකවේ පෙරහැරවල් වලට ගන්න අලින්ට උනත් .
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Oke Youtube videos thiyenawa. U ta kari malak thiyenne circus eke ekek pole gahala. Anik ekata bima dala kakulen gahanawa. Passe hoden thada karanawa. Eliyata yaddi gate eka wahan inna ekatath gahanawa.

    Thawa video ekak thibba oya circus eke saththunta gahana hati pennalaa thirisan vidihata.

    Ahinsaka saththu paw ithin.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තමන්ගේ හිත සුව පිනිස විතරක් වැඩ කරන කාලකන්නි මිනිස්සුත් ඉන්න ලෝකයක් බන් මේක... :)

    මේ කාලකන්නි වෙඩි 87 ක් තියනකන් ඒක නිර්වින්දන බෙහෙතක් විදගන්ඩ බැරි උනාද?

    ඇමෙරිකන් පොලිසිය ගැන මොනවද බන් දන්නේ.නිරායුද එකෙක් වුනත් අත් අඩංගුවට ගන්නේ ඔක්කොම වැඩ දාලා උන්ට වඩා ජගතෙක් නැති ගානට
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    සුද්දෝ ඔහොම තමයි බන්. සතෙක් මිනිහෙක්ව මැරුවොත් උන් ගිහින් ඒ සතාව මරනවා. මම හිතන්නේ ආසියාවේ රටවල විතරයි මේක නොවෙන්නේ. ලංකාවේ මේක වෙන්නෙත් නෑ. උන් පළිගන්න ජාතියක්.

     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මේ අහින්සකයව මරපු උන්ට පනුවෝ ගහල මැරෙන්න ඕනා.