Thor: Ragnarok - Exclusive සිංහල Review [Scene by Scene]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Thor: Ragnarok - Exclusive සිංහල Review [Scene by Scene]


    KRxkA5s.jpg


    Thor චිත්‍රපට මාලාවේ 3 වැනි චිත්‍රපටය ලෙස නිර්මාණය වන මෙය Thor: Ragnarok නමින් හැදින්වේ. Marvel Cinematic Universe හි දහහත්වන චිත්‍රපටයයි. Taika Waititi විසින් නිර්මාණය කරන මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත වුයේ 2017 නොවැම්බර් 3 වනදායි. Chris Hemsworth, Tom Hiddleston, Cate Blanchett, Jeff Goldblum සහ Mark Ruffalo වැනි ජනප්‍රිය නළු නිලියන් රංගනයෙන් දායක වෙයි:). මෙය පැය 2යි විනාඩි 10 ක් පුරාවට කතාව ගලායන අතර IMDb හි අගය 8.1 කුත් rottentomatoes අගය 92% වේ:rofl:. බොක්ස් ඔෆිස් අදායම අතරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 851.7 (බජට් එක 180M$). Thor චිත්‍රපටයක් ලබා ගත් ඉහලම අදායමයි:yes:.
    කතාවට එන්න කලින් Ragnarok කියන්නේ මොකද්ද කියලා ලාවට පැහැදිලි කරලා ඉන්නම්:rolleyes:. Ragnarok කියන්නේ Asgardian ගේ සංස්කෘතියට අනුව ඔවුන්ගේ ලෝකය ගින්නෙන් විනාශ වන මහා යුද්ධයයි. එහි ප්‍රධාන හතුරා වෙන්නේ Surtur:dull:. හැබැයි කොමික් වලදිනම් Ragnarok කියන්නේ ගොඩක් වෙනස් විදියේ යුද්ධයක්. ඒක එක දවසින් ඉවර වෙන එකකුත් නෙවේ. හරි වැඩි කතා නැතුව ෆිල්ම් එකට යමු;).



    J4ga1pw.jpg


    කතාව පටන් ගන්නකොටම අපිට දකින්න පුළුවන් වෙන්නේ Thor ව හිර කරගෙන ඉන්නවා Surtur විසින්. ඒ Muspelheim වලදී .

    Avengers: Age of Ultron බලපු අයට මතක ඇති Wanda එහෙමත් නැතිනම් Scarlet Witch, Thor ව මෝහනය කරන වෙලාවේ Thor දකිනවා Asgard වල Ragnarok සිද්ද වෙන්නේ යන්නේ කියලා. Age of Ultron අවසානයේදී Thor අපහු Asgard වලට යන්නේ මේ ගැන හොයලා බලන්න. එත් මේ ෆිල්ම් එකේ හැටියට Thor,Asgard වලට යන්න කලින් Muspelheim වලට ඇවිත් Surtur ට හිතා මතාම අහු වෙනවා මේ Ragnarok ගැන දැන ගන්නට. මොකද Ragnarok යුද්දයෙන් Asgard විනාශ කරන්නේ Surtur නිසා. Surtur කියන්නේ Fire Demon කෙනෙක් ඒවගේම Asgardian ලගේ ප්‍රධානම හතුරා. වයස ගත්තොත් අවරුදු 8000ක් විතර වෙනවා:shocked:. Thor මෙතනදී Infinity Stones ගැනත් සදහනක් කරනවා.


    UJtTpv1.jpg


    Thor ට Surtur කියනවා තමාගේ සම්පුරණ බලය ගන්න පුළුවන් ඔටුන්න Asgard වල තියෙන Eternal Flame (Odin ගේ Vault එකේ තියෙන විශේෂ බලයක් තියෙන ගින්නක්) එක හා සම්බන්ධ වුනොත්. ඒ වගේම Odin දැන් Asgard වල නැති බව Thor දැන ගන්නවා.


    5UXpuc3.jpg


    Fire Demons සමග සටනක් ඇති වෙනවා Thor සමග ඒ වගේම Surtur සමග සටනින් පසු Surtur ගේ ඔටුන්නත් සමග Thor Asgard වලට පිටත් වෙන්න හැදුවත් Heimdall පති චාරයක් දක්වන්නේ නෑ


    Z6Rsrsr.jpg


    Heimdall ගේ රාජකාරිය දැන් Asgard වල කරන්නේ Skurge. Skurge මෙතනදී පෘථිවියෙ තුලින් එකතු කරගත් දේවල් ටිකක් පෙන්නවා:rolleyes:


    jkg6qgK.jpg


    Fire Dragon සමග සටනින පසු කොහොමහරි Thor Asgard වලට පැමිණෙනවා. Dragon ගේ ඔලුවත් එක්ක:P


    z4BkHUQ.jpg


    Asgard වලට එන Thor දැනගන්නවා Heimdall එහි නැති බව. Skurge කියනවා Heimdall Odin හට ද්‍රෝහී වී සැගවී සිටින බව.


    tD2zifI.jpg


    Odin සොයා Asgard Palace වලට යන Thor ට දකින්න ලැබෙනවා Loki ගේ විශාල ප්‍රතිමාවක්:oo:. ඒවගේම Loki මිය යන අවස්ථාවේ (Thor: The Dark World චිත්‍රපටයේ ලෝකිගේ fake death එක) කතා නාට්‍යයකුත්:lol:

    මේ නාට්යේදී අපිට දකින්න පුළුවන් special appearance එකක් ජනප්‍රිය නළු Matt Damon ගේ ඔහු Loki නමින් පෙනී සිටි:). ඒ වගේම Thor නමින් පෙනී සිටින්නේ Luke Hemsworth. ඒ Chris Hemsworth (Thor) ගේ වැඩිමල් සහෝදරයයි. තවත් ජනප්‍රිය නළුවෙකු වන Sam Neill ව අපිට දකින්න පුළුවන් Odin වෙනුවෙන් පෙනී සිටින.
    මේ නටයේදී Loki සදහනක් කරනවා ඔහුගේ බලයෙන් Thor ව ගෙම්ම්බෙක් කල අවස්ථාවක්. අපිට කොමික් වලදී අහන්න ලැබෙන Throg චරිතයට මේක easter egg එකක් වෙන්නත් පුළුවන්.
    මේ නාට්‍ය නිර්මාණය කිරීමට හේතුව වෙන්නේ Asgardian තුල Loki ව ප්‍රසාදයට ලක් කිරීම බව කියල බලන ඕන කෙනෙකුට තෙරයි.


    XnsFBSj.jpg


    Thor දෙනවා Skurge ගේ හිස්කබල Odin ගේ Vault එකේ තබන ලෙසට. Thor කියනවා නැවත Asgard වලට එන්න හේතුව මොකද්ද කියලා.


    IE4JLyr.jpg


    Odin දැක්ක ගමන්ම Thor ට තේරෙනවා මේ ඉන්නේ Loki බව. Thor ඒක හැමෝටම ඔප්පු කරලා පෙන්නන්නවා:lol:. (Thor ගේ Mjølnir එක නැවතත් අතට එන එක Odinට නවත්වන්න පුළුවන් ඒ නිසයි Thor නැවත එන Mjølnir එකට ලෝකිව හරස් කලේ:rofl:)

    Thor: The Dark World චිත්‍රපටය අවසානයේ Thor Odin ලගට ඇවිත් පෘතුවියට යන්න අවසර ඉල්ලුවම අපි දැක්ක එතන ඉන්නේ Odin ගේ වෙස් වලා ගත්ත Loki බව. ඉතින් එතැන් පටන් Asgard වල රජ කරලා තියෙන්නේ Loki. Odinට මොකද වුනේ කියන එක ගැන හැම කෙනෙක්ටම තිබුනේ උනන්දුවක්. එකට උතරයක් අපි මේ චිත්‍රපටයෙන් බලාපොරොත්තු වුණා:D.


    MSjWe32.jpg


    Thor අහනවා Odin කොහෙද කියලා. ඒ අනුව Loki සහ පෘතුවියට එනවා Odin ව ගෙනත් දැමු තැනට.


    uj31gZK.jpg


    Loki, Odin ව ගෙනත් දාල තියෙන්නේ නියෝක් වල මහලු නිවාසයකට. නමුත් ඔවුන් එතනට එනකොට ඒ ගොඩනැගිල්ල කඩා ඉවත් කරනවා.

    මෙතැනදී අපිට දැන ගන්න හම්බවෙනවා Thor සහ Jane වෙන වෙලා ඉන්නේ කියලා:(.


    Cl0ZJJf.jpg


    මේ අවස්ථාවේ මන්ත්‍ර වළල්ලක් නිර්මාණය වෙලා Loki එතනින් අතුරුදහන් වෙනවා. ඒ වගේම එතනින් Thor ලිපිනයක් හමු වෙනවා.

    මේ සිදු වීම අපිට කලින් set photos වලදීත් දකින්න ලැබුන ගොඩක් කතා බහට ලක්වුණා දෙයක් වුනා. මේ ලිපිනය 177 A Bleecker Street වීම:rolleyes:. ඒ කියන්නේ Doctor Strange ඉන්න New York Sanctum එකයි.


    I31pj79.jpg


    එම ලිපිනයට යන Thor හට Doctor Strange හමු වෙනවා.


    lWwlkWJ.jpg


    ඔවුන් අතර කතා බහක් ඇති වෙනවා. Doctor Strange අහනවා පෘතුවියට තර්ජනයක් වන Loki නැවත රැගෙන අවේ ඇයි කියලා. තම පියා සොයා ආව බව පවසන Thor පසුව නැවත Asgard වලට යන බව පොරොන්දු වෙනවා. ඒ අනුව Doctor Strange කැමති වෙනවා Thor ට උදව් කිරීමට

    අපිට මේ සිදු වීම Doctor Strange post credit scene එකේදිත් දකින්න ලැබුනා. හැබැයි අපිට එකේදී පොඩි අඩුවක් පෙනුණා. ඒ තමයි Doctor Strange එතනදී Eye of Agamotto එක පැළදගෙන හිටියේ නෑ:rolleyes:.


    TdJmJye.jpg


    Thor පෘතුවියේ භාවිතා කරන සන්නිවේදන තාක්ෂනය ගැන පම්පොරියක් ගහනවා:lol:. Odin Norway වල සිටින බව පවසන Strange Thor ගේ කේස් ගහක් පාවිච්චි කරමින් මන්ත්‍ර වළල්ලක් නිර්මාණය කරනවා.


    Zmtr7QU.jpg


    Thor ගෙන ආව කුඩේ ඇත්තටම මොකද්ද කියලා දැකගන්න පුළුවන් මේ වෙලාවේදී;). ඒ වගේම අතුරුදහන් වුන Lokiවත් මෙතනට ගෙන්වා ඔවුව Norway වලට පිටත් කරනවා.

    Doctor Strange චිත්‍රපටය බලපු අයට තේරෙන්න ඇති Strange ඔහුගේ බලයන් කොච්චර දුරට වැඩි කරගෙනද කියලා. අපි Doctor Strange චිත්‍රපටයේ Strangeගේ දැකපු දේවල්ට වඩා ගොඩාක් බලයන් අපිට දකින්න ලැබුණා මෙතැනදී:yes:


    2YopfT3.jpg


    Norway වලට එන මොවුන්ට Odin ව හමු වෙනවා. Odin කියනවා තමාගේ පළමු දියණිය වන Hela ගැන. Asgard හි බල තණ්හාව නිසා තමා විසින් Hela සිර කර ති බවත් Hela ගේ බලය Asgard වලදී වැඩි වන බවත් පවසනවා.:baffled:


    QtlOhfQ.jpg


    තම ජිවිත කාලය නිමා කරන Odin ගේ ආත්මය ඉවත් ව යාමත් සමග Odin සිර කර සිටි Hela නිදහස් වී එතනට පමිනිනවා.

    Hela අපිට කොමික් වලදී හම්බවෙන්නේ Loki ගේ දුවක් විදියටයි. අත්තමකියනවානම් අවජාත දුවක් විදියට. නමුත් අපි දන්නවා චිත්‍රපට සදහා මාවල් ආයතනය ඔවුන්ගේ චරිත ඔවුන්ට ඕන විදියට වෙනස් කරනවා කියලා. ඒ වගේම MCU එකේදී අපිට හමුවෙන පලවෙනි ගැහැණු ප්‍රධාන දුෂ්ට චරිතය Hela.


    gfJHAK6.jpg


    Thor, Mjølnir එක Hela ට විසි කිරීමෙන් පස්සේ Hela අල්ලාගෙන එය විනාශ කරනවා

    මෙතනදී Thor අතේ තිබුණා කුඩය බිම ගහලා Thor costume එකට මාරු වෙන අවස්ථාව කොමික් වලදීත් දකින්න පුළුවන්. හැබයි ඒ Donald Blake. (මේ කියන්නෙත් Thor ම තමයි. Odin Thor ව පෘතුවියට එවනවා මතකය මකා දමලා සාමාන්‍ය වැසියෙක් විදියට ජිවත් වෙන්න. Thor පෘතුවියේ ජිවත් වෙන්නේ Donald Blake නමින්) . Mjølnir එක එසවීමට පුළුවන් කීපදෙනයි ඉන්නේ ඒ අතරට තවත් කෙනෙක් එකතු වෙනවා. මොකද Hela කියන්නේ Asgard රාජකීය පවුලේ කෙනෙක්. ඒ වගේම Thor ට කලින් Mjølnir එක Hela පාවිච්චි කළා කියන්න සාක්ෂි අපිට ඉස්සරහට දකින්න පුළුවන්:yes:. මොනා වුන Thor ප්‍රධානම ආයුධය වෙන Mjølnir එක බොහොම ලේසියෙන් Hela විනාශ කරලා දානවා. RIP Mjølnir (2011-2017) :(. අපිට තවත් විශේෂ දෙයක් වෙනවා මේ සිදුවීම. ඒ තම MCU මේ වෙනකම් නිර්මාණය වුන චිත්‍රපට ත්‍රිත්ව වල ඔවුනොවුන්ගේ ප්‍රධාන ආයුදය ඔවුන්ට අහිමි වීම . (Iron Man 3 වල Tony ට Arc Reactor එක ඉවත් කරනවා, Captain America 3 Steve ඔහුගේ Shield එක ඉවත් කරනවා, Thor 3 එකේ Thor ගේ Mjølnir එක විනාශ වෙනවා.)



    3Zi2dmc.jpg


    ඒ සමගම Loki ඉල්ලා සිටිනවා එතනින් ඉවත්වීමට:nerd:. ඔවුන් Asgard වලට යන අතර තුරදී Hela සමග සටනකින් Loki සහ Thor කදම්බය තුලින් එලිට විසි වෙනවා.


    mmTtBir.jpg


    Hela දිගටම Asgard වලට පැමිණෙන අතර එතන සිටින Volstagg සහ Fandral මරා දමනවා:oo:. Skurge යටත් වෙනවා:rofl:.

    Volstagg සහ Fandral කියන්නේ අපිට කලින් චිත්‍රපට වලදී හම්බවුන රණශුරයින් දෙදෙනෙක්:(. කිසිම සටනකින් තොරව Hela ඔවුන්ව මරණ එකෙන් අපිට දනේනෙනේ Hela කොතරම් බලවත්ද කියලයි.:dull:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113

    bGP9doC.jpg


    කදම්බයන් විසි වෙන Thor වැටෙන්නේ Sakaar කියන ග්‍රහලෝකයටයි.

    Sakaar කියන ග්‍රහලෝකය කෘතීම ලෙස නිමානය වුන ග්‍රහලෝකයක්:dull:. Sakaarans කියන ජීවින් තමයි මේ ග්‍රහලෝකයේ වාසය කරන්නේ. Guardians of the Galaxy බලපු අයට මතක ඇති Ronan ඔහුගේ හමුදාවට යොදා ගන්නේ මේ ග්‍රහලෝකයේ අයවයි:yes:. ( Yondu විසින් Yaka Arrow මගින් මරා දමන අය) විශ්වයේ තියෙන අපද්‍රවය විහුහ මගින් මේ ග්‍රහලෝකයට පතිත වෙනවා.


    4uZ9aHd.jpg


    කසල එකතු කරන පිරිසක් මෙතනට ඇවිත් Thorඅල්ලා ගැනීමට උත්සහ කරන අතර එතනට එන Valkyrie ඔවුන්ව මරා දමා Thor ව අල්ලා ගන්නවා.

    Valkyrie අපිට කොමික් වල හම්බවෙන්නෙත් මේ විද්යටමයි:D. ඒ කියන්නේ Asgardian කෙනෙක් ඒ වගේම Valkyries කණ්ඩායමේ නායකයා වගේ දේවල්. හැබැයි ඊට අමතරව කොමික් වලදී Valkyrie, Defenders කණ්ඩායමේ සාමාජිකවක්ද වෙනවා:rolleyes:.


    0alXeOD.jpg


    Valkyrie, Thor ව Sakaar City වලට රැගෙන යන යනවා

    Sakaar City වලදී අපිට දකින්න පුළුවන් warriors ලගේ මුහුණු වලින් නිර්මාණය කල කුළුණක්. මේ මුහුණු අතර අපි කව්රුත් දන්නා Hulk ඒ වගේම Man-Thing, Beta Ray Bill, Ares සහ Bi-Beast. මොවුන් සියල්ලම මාවල් සතුව ඉන්න තවත් දැවැන්ත චරිත. විශේෂයෙන් ඔවුන් අපිට හම්බවෙන්නේ Thor කොමික් වලදී. ඉතින් මේ මුහුණු මගින් ඔවුන් MCU එකේ පවතිනවා කියන එක සනාථ වෙනවා. මේ චරිත අපිට ඉස්සරහට චිත්‍රපට වලින් දකින්න තියන චාන්ස් එක ගොඩක් වැඩි. විශේෂයෙන්ම Man-Thing, Beta Ray Bill වගේ චරිත.


    eNTBmwa.jpg


    මේ අතර Asgard වලදී Hela තම උරුමය ගැන Asgard හමුදාවට පැවසුවත් ඊට එකග නොවන නිසා සටනකින් මුළු Asgard හමුදාවම මරා දමනවා.ඒ සමාගම Heimdall, Bifrost dome එකට ඇවිත් කඩුව සොරකම් කරගෙන යනවා.

    අපි දැක්ක Warriors Three කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙක්ම Hela Asgard වලට එනකොටම මරා දමනවා ඉතුරු සාමාජිකයා වන Hogun මෙතැනිදී Hela මරා දමනවා:sorry:. Asgard හමුදාව කිසිම ගේමක් නැතුව Hela තනියම මරා දාන එක නම් ටිකක් තාත්වික නෑ වගේ:confused:. සමහර විට ඔවුන්ව මෙහෙයවන්න හරි නායකයෙන් නොමැති නිසා වෙන්න පුළුවන්. ඒ වගේම Hela කොච්චර powerful ද කියලා පෙන්නන්න තවත් එක උදාහරණයක් වෙන්න පුළුවන්. Bifrost dome කඩුව නොමැතිව Bifrost dome එක මගින් විශ්වය හරහා ගමන් කරන්න බෑ. මේක හරියට key එකක් වගේ එකක්.


    JpAREvP.jpg


    Sakaar City හිදී Thor Grandmaster වෙත හදුන්වලා දෙනවා

    Grandmaster අපිට හමුවෙන්නේ MCU වල තවත් Elders of the Universe කෙනෙක් විදියටයි. අපිට මිට කලින් තව කෙනක් හමු වෙලා තියෙනවා ඒ තමයි Taneleer Tivan එහෙමත් නැතිනම් The Collector. කොමික් වලදී වගේම MCU එකේදිත් Collector සහ Grandmaster සහෝදරයින්:D. කොමික් වලදී Grandmaster පෘථිවියෙන් super heros ලා අල්ලාගෙන ඔවුන් අතර තරග පවත්වනවා. මෙතනදීත් ලොකු වෙනසක් නෑ මොකද Contest of Champions නිර්මාණය කරන්නෙත් හසුරවන්නෙත් මොහු නිසා. ඒ වගේම කොමික් වලදී Grandmaster Mind Stone එකත් භාවිතා කරලා තියෙනවා. දැන් තේරෙනවා ඇතිනේ කොහොමද අල්ලා ගත්ත super heros තරග සදහා පාවිච්චි කලේ කොහොමද කියලා:rofl:. Grandmaster ගේ ඇදුම ගත්තොත් මේක බොහෝ දුරට කොමික් වලට සමාන වෙනවා. යොදා ගෙන තියෙන පාට පළමු කොමික් වල තියෙන පාටමයි.


    JBmNWEo.jpg


    Grandmaster තීරණය කරනවා Thor ව Contest of Champions ට සහභාගී කරවීමට

    Contest of Champions වල සිටිය ශුරයින් තමයි අපි කලින් කුලුනේ මුහුණු වලත් දැක්කේ. Man-Thing, Beta Ray Bill, Ares සහ Bi-Beast කලින් සිටි ශුරයින් ලෙසත් Hulk දැන් සිටින ශුරයා ලෙසත්.


    rWo0Wje.jpg


    Thor හදුන්වලා දෙනවා ඔහු God of Thunder කියලා. නමුත් නිර්මාණය වෙන අකුණු නිකන් පුස් අකුණු වගේ:lol:.

    God of Thunder එහෙමත් නැතිනම් අකුණු වලට අධිපති කියන්නේ Thor ට ලැබෙන තවත් නමවර්තයක්. මේ නමින් Game එකකුත් නිර්මාණය වුණා. ඒ ඇගේම කොමික් ගොඩක්. මේ අකුණු වල බලට Thor ට ලැබුනේ Mjolnir මගින්. එත් දැන්


    Qk8zDKE.jpg


    Thor මෙතැනදී දකිනවා Loki ව. Loki කියනවා ඔහු Grandmaster සමග මිත්‍රශීලි සිටින බවත් ඔහු පැමිණියේ සති ගනාවකට පෙර බවත්. ඒ වගේම Grandmaster කියනවා Sakaar වල කාලය වෙනත් ග්‍රහලෝක වල කාලය යානාවට වඩා වෙනස් කියලා

    කදම්බය මගින් Thor සහ Loki එලියට විසි වුනේ එකම වෙලාවේ වගේ. එත් තැන් දෙකකින්. මේ නිසා Thor Sakaar වලට වැටෙන්න ලෝකිට වඩා සති ගානක් පරක්කු වෙලා.


    MyUP1ed.jpg


    Grandmaster කියනවා Thor Contest of Champions වලදී ඕනෑම කෙනෙකු පරද්දුවොත් නැවත Asgard වලට යන්න නිදහස දෙනවා කියලා


    WKhrItU.jpg


    Thor ව හිර කරන අතර එතදී අපිට දකින්න පුළුවන් Kronans කෙනෙක්ව. නම Korg

    Korg නිර්මාණය වෙලා තියෙන්නේ පාෂාණ එකතුවකින්. මොවුන්ගේ ජාතිය වෙන්නනේ Kronans. ඔවුන් වාසය කරන්නේ Ria කියන ග්‍රහලෝකයේ Thor: The Dark World එකේදී පලවෙනි සටනේදී Thor එක පහරින් විනාශ කරලා දැම්මේ මේ කෙනෙක් තමයි:yes:. ඒ වගේම අපි දැක්ක Guardians of the Galaxy Vol. 2 චිතරපටයේත් Rocket හා Yondu ගේ යනවා holes හරහා යද්දී Ria ග්‍රහලෝකයේදී Kronans දෙදෙනෙක් සටන් කරන අවස්ථාවක්:D. මේ Korg චරිතයට අංගචලනය ලබා දීලා තියෙන්නේ වෙන කව්රුත් නෙවේ මේ චිත්‍රපයේ අධ්‍යක්ෂක Taika Waititi:rofl:. කියන්න අමතක වුනා Surturට හැඩකැවීම් කලෙත් මොහුම තමා.


    chkZoep.jpg


    Asgard මන්ධිරයට එන Hela එහි උඩ ඇති චිත්‍රය බෙම හෙලා පරණ චිත්‍රය මතු කරගන්නවා.

    මෙතැනිදී අපි දකින්නව Odin සමග සේනාවේ Odin ලගින්ම සිටින Hela ව:dull:. ඒ වගේම Hela ආයුධය Mjolnir. මන් කලින් කිව්වා වගේ මේක තමයි Hela ඉස්සර Mjolnir එක භාවිත කලා කියන්න තියන සාක්ෂිය:). Hela ඉස්සර Asgard හමුදාව මෙහෙයවලා තියෙනවා කියන්නත් මේ චිත්‍ර සාක්ෂි දරනවා.


    g97UK4V.jpg


    Hela යයේ පුරන්තය කියනවා Skurgeට ඒ වගේම ඇයගේ හමුදාව මෙහි යට මිහිදන් කර ඇති බවත් පවසනවා.


    phFy9li.jpg


    Odin ගේ Vault තුලට යන Hela ට දකින්න පුළුවන් වෙනවා Infinity Gauntlet, Casket of Ancient Winters, Crown of Surtur, Tesseract සහ Eternal Flame.

    මෙතැනදී අපිට වැදගත් දෙයක් එලියට ආව:D. ඒතමයි Vault එක තිබුන Infinity Gauntlet එක. මේක Hela කියනවා ව්‍යාජ එකක් කියලයි:P. එහෙනම් එකම එක Infinity Gauntlet එකයි මේ විෂවයේ තියෙන්නේ. Thanos ගව තියෙන එක:sorry:. ඒ වගේම මෙතන තියෙන Tesseract එක එහෙමත් නැතිනම් Space Stone එක අපි දකින්නේ The Avengers චිත්‍රපටයෙන් පස්සේ.



    Q0e3VQu.jpg


    Eternal Flame එකෙන් ලබා ගන්න ගින්න බලය යොදාගෙන Hela, Vault එක තුල මිහිදන් කල සිටි අයගේ හමුදාවට නැවත ජිවය දෙනවා. ඒ අතර ඇයගේ Asgardian Wolf සිටිනවා

    Fenris කොමික් වලදී Hela ගේ සහෝදරයෙක් වෙන අතර MCU එකේදී එහෙම දෙයක් සදහන් වෙන්නේ නෑ. ඒ වගේම MCU එකේදී Fenris ගැහැණු සතෙක.


    sBt3N6n.jpg


    Thor හමුවීමට එන Loki Grandmaster හා තමන් සමග එකතු වීමට ආරාධනා කලත් Thor ඒ ගැන සැලකිල්ලට ගන්නේ නෑ


    4Vp6hvO.jpg


    Thor, Contest of Champions සදහා ආයුධයක් තෝරාගන්න උත්සහ කරනවා. එත් Mjolnir එක තරම් ආයුධයක් Thor ට ගැලපෙන්නේ නෑ වගේ:rolleyes:.


    7Q6XUgU.jpg


    Valkyrie ව දකින Thor හදුනාගන්නව ඇය Asgardian කෙනෙක් බව. Thor අයගෙන් උදව් ඉල්ලුවත් ඇය එය ප්‍රතිෂේප කරනවා.


    HSbInCU.jpg


    Thor ව සටනට සුදානම් කරන්න සැරසෙනවා. මුලින්ම කරන්නේ Thor ගේ කොණ්ඩය කපා දැමීම:sorry:. මෙතැනදී අපි දකිනවා Stan Lee ගේ කැමියෝ එක Watcher Informant විදියට. මෙතන ඔහු ඉන්නේ බාබර් කෙනෙක් විදියටයි:nerd:.


     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113

    2XUt12t.jpg


    Contest of Champions ආරම්භ වෙන්නයි යන්නේ. Thor අලුත් පෙනුමකින් සටනට පැමිණෙනවා.

    මේ කොන්ඩ විලාසිතාව මෑතකදී නිකුත් වුන unworthy thor කොමික් වල Thor ගේ කොණ්ඩයට සමාන වුනත් කොමික් වලට අවෙනිකව තිබුන Thor ගේ කොණ්ඩය දැන් නැති වුනත් අපිට මතැනදී දැක ගන්න පුළුවන් Thor ගේ කොමික් හෙල්මට් එකට සමාන හෙල්මට් එකක්:D. Thor පලවෙනි චිත්‍රපටයේ Thor ගේ පලවෙනි scene එකෙන් පස්සේ Thor හෙල්මට් එකක් පළදින පලවෙනි අවස්ථාව මේකයි (මට මතක විදියට):rolleyes:. ඒවගේම Thor ගේ නැතිවුණ Mjolnir එකට වෙනුවට දැන් තියෙන්නේ නිකම්ම නිකන් ආයුධ දෙකක් විතරයි:sorry:. Thor Mjolnir නොමැතිව සටන් කරන පලවෙනි අවස්ථාවද මේක වෙනවා.


    wRxJgd6.jpg


    Thor සමග සටනට ප්‍රතිවාදියා විදියට එන්නේ අපි කව්රුත් දන්නා Hulk. Thor ට Hulk ව දැක්ක ගමන් කටින් පිටවුනේ Yesssssssssssssssssssssss.

    තමන්ගේ ප්‍රතිවාදිය තමන්ගේම හොද මිතුරෙකුවීම ගැන Thorට සතුටු වුනත් ඇත්තටම මෙතන ඉන්නේ Banner නෙවේ:nerd:. Hulk. අපිට Hulk දකින්න ලැබෙන්නේ Avengers: Age of Ultron චිත්‍රපටයෙන් පස්සේ:yes:. හැමෝටම ප්‍රෂන්ර්තයක් වෙලා තිබුණා දේට දැන් පිළිතුරක් ලැබුණා. ඒ තමා Avengers: Age of Ultron චිත්‍රපටය අවසානයේ Hulk පෘථිවියෙන් පිට වෙලා ගියාට මොකද වුනේ කියන එක:confused:. ගොඩක් අය හිතුවේ (මමත් එක්ක) Hulk කෙලින්ම Asgard වලට ගියා කියලා..එත් ඒ කොහොමද කියලා. Hulk කඩන් ඇවිත් තියෙන්නේ Sakaar කියන ග්‍රහලෝකයට. ඒ Quinjet එක්ක. Sakaar ග්‍රහලෝකයට විශ්වයේ තියෙන දේවල් වැටෙන හැටි ගැන ආය කියන්න ඕනි නැනේ. මෙතන Hulk ගේ ආයුධ සහ ඇදුම කොමික් වලදී අපිට හමුවෙන Planet Hulk Armor වලට බොහෝ සෙයින් සමාන වෙනවා..


    ijdE1fL.jpg


    Thor හදුන්වලා දෙනවා Hulk ගැන හැමෝටම. Loki ටත්

    Hulk ගැන කියද්දී Loki ගේ මුණ:lol:. මතක ඇතිනේ Hulk සහ Loki ගේ අන්තිම හමුවීම් කොහොමද වුනේ කියලා. මතක නැතිනම් තව ටිකකින් මතක් වෙයි;). ඒ වගේම Thor සහ Hulk අතර සටනක් අපිට මීට කලින් Avengers: Age of Ultron චිත්‍රපටයෙත් දකින්න ලැබුණා.


    TpjISxT.jpg


    Thor උත්සහ කරනවා Hulk ව සන්සුන් කරන්න. නමුත් Hulk පටන් ගන්නවා Thor සමග සටන කරන්න.


    8Ke6aZv.jpg


    ඒ අතර Black Widow, Hulk ව පාලනය කරන්න හදන විදියටත් උත්සහ කලත් සාර්ථක වෙන්නේ නෑ:rofl:.


    5lHTqfj.jpg


    Hulk Thor ව උත්සලා පොලවේ ගහනවා රෙදි පොලවේ ගහනවා වගේ:baffled:.

    දැන් මතක් වුනාද Loki ගේ Hulk අන්තිම හමුවීම;). මේ නිසා තමයි Loki මෙතැනදී සතුටු වෙන්නේ අන්න එහෙමයි ඒක දැනෙන්නේ කියලා.


    6PagCdN.jpg


    Hulk එල්ල කරන ප්‍රහාර මගින් Thor හට තම පියාව සිහි වෙනවා. එත් සමගම Thor තුල සැගවිලා තිබුණ අකුණු බලය එලියට විත් Hulk පහර දෙනවා.

    Thor හට තිබුණ බලයන්ගේ එකක් තමයි මේ ක්‍රියාත්මක වුනේ. Thor Mjolnir එක හසුරවලා තියෙන්නේ මේ බලය මගින් කියලා දැන් තේරෙනවා ඇති.


    uk4ggYy.jpg


    මේ බලයත් සමග Thor Hulk ට පහර එල්ල කරන්න පටන් ගන්නවා


    tdO8ecX.jpg


    Hulk ඉදිරියට එන Thor ව Grandmaster අක්‍රිය කරනවා:growl:. මොකද Hulk තමයි Contest of Champions වල ශුරයා නිසා.


    l0hYgVt.jpg


    මේ අතර Asgard හිදී Hela තමාගේ Executioner විදියට Skurge ව පත් කරනවා


    hEmEqxv.jpg


    Asgard යටතේ පවතින අනෙකුත් රාජධානිය වල බලය අල්ලා ගැනීමට Hela Asagrd වලින් පිටත් වෙන්න හැදුවත් Heimdall කඩුව සොරකම් කල නිසා යාමට නොහැකි වෙනවා. Asgard වැසියන්ගෙන් කඩුව හොයාගෙන එන ලෙසට Hela නියෝග කරනවා

    Heimdall විසින් Asgard වල හැංගිලා ඉන්නේ Loki Odin වගේ වෙස් වලාගෙන රජ කරපු කාලේ ඉදන්මයි. මොකද Heimdall දන්නවා Odin කියන්නේ Loki බව. Hela Asgard ආක්‍රමණය කලාට පස්සේ Heimdall දන්නවා Hela මීලගට කරන්නේ Asgard යටතේ පාලනය වන අනෙකුත් රාජධානි අල්ලා ගැනීමට කියලා. මේ නිසයි Heimdall කලින්ම කඩුව සොරකම් කරන්නේ.


    rm6iZEz.jpg


    Asgard වල සැගව සිටගෙන Heimdall Asgard වැසියන් අරක්ෂා කරනවා.


    aoIG437.jpg


    Topless scene එක:P. Contest of Champions තරගයේ පස්සේ Thor හා Hulk හමුවනවා. Thor අහනවා මෙහෙට ආව විදිය කොහොමද කියලා


    htmEcmw.jpg


    Hulk කියනවා Quinjet (Avengers: Age of Ultron චිත්‍රපටය අවසානයේදී Hulk පිටත් වෙන යානය.) එක කඩා වැටුන නිසා කියලයි. Thor උදව් ඉල්ලනවා Hulk ගෙන නැවත Quinjet එක වෙත ගොස් Asgard වලට පැන යාමට. එත් Hulk එක ප්‍රතික්ෂේප කරනවා

    Hulk අපිට කතා කරනවා ඇහිලා තියෙන්නේ වචන එක වර දෙකක් තුනක් හරියට එත් අපිට මෙතනදී Hulk එකදිගට කතා කරනවා අපිට අහන්න ලැබෙනවා:yes:. එකට හේතුව තමයි Hulk බොහෝ කාලයක් Banner ලෙස පරිණාමය නොවී Hulk වෙලා හිටපු එකයි.


    gMEwDv2.jpg


    Thor ට හැකි වෙනවා Heimdall ව සම්බන්ධ කරගන්න දර්ශනය මගින්

    බොහෝ අයට තිබුණ තර්කය තමයි මේ Heimdallට තියන බලය Soul Stone එකෙන් ලැබෙනේ කියලා:confused:. නමුත් මේ වෙනකනුත් අපිට එහෙම දෙයක් දැන ගන්න ලැබුනේ නෑ:no:. මමත් පුද්ගලිකව විශවාස කරන්නේ නෑ ඒ බලය Soul Stone එක හරහා ලැබෙනවා කියලා:sorry:


    6M4kzjF.jpg


    Thor දකිනවා විනශ වෙමින් පවතින Asgard දේශය, Heimdall උත්සහ කරන්නේ Asgard වැසියන් සමග Asgard වලින් පැන යාමට


    yBW5EpV.jpg


    Heimdall කියනවා Thor පිටවෙන්න ඕනි මොන hole එකෙන්ද කියලා


    pjYDtG3.jpg


    දර්ශනයෙන් එලියට එන Thor Hulk සමග ලාමක බහින් බස් වීමක් යනවා:lol:


    uBuDeYG.jpg


    Thor නැවතත් Valkyrie ගෙන් උදව් ඉල්ලනවා. Thor කියනවා Asgard වල දැන් පවතින තත්වය ගැන. නමුත් Valkyrie නැවතත් ඒක ප්‍රතිෂේප කරනවා.


    nye2x3A.jpg


    ඔය අතරේ Valkyrie Thor පාලනය කිරීමට යොදාගෙන තිබු උපකරණයේ පාලකය ඇයගෙන් හොරකම් කර එය ඉවත් කරගෙන එතනින් පැන යනවා


    PLGRng3.jpg


    පැන ගොස් Quinjet එකට ගොස්එය පණ ගන්විමට් Thor ට හැකි වෙනවා. ඒ Tony, Thor ට දාපු නමක් හරහා:rofl:

    Avengers: Age of Ultron චිත්‍රපටයේ Black Widow, Hulk ව නැවත Banner වෙතට පරිණාමනය කිරීමට උත්සහ කිරීමේදී Ultron මේ Quinjet එකෙන් එල්ල කරන ප්‍රහාර නිසා ඒක වලක්වෙනවා. එකෙන් වෙන්නේ Hulk අවරුදු දෙකක්ක්ම වෙන ග්‍රහලෝකයක Hulk විදියටම ජිවත් විමට සිදු වීමයි. ඒ වගේම මේ Quinjet එකේ ප්‍රහාරයකින් තමයි Quicksilver මිය යන්නෙත් :(


    M6pM1Xy.jpg


    මෙතනට එන Hulk නිසා Quinjet එක කැඩෙන්නට පටන් ගන්නනවා. මේක නතර කරන්න Thor උත්සහ කිරිමෙදී Black Widow, Hulk ලබා දුන් පණිවිඩය ( Avengers: Age of Ultron චිත්‍රපටය අවසානයේදී) play වෙන්න පටන් ගන්නවා:love:


    4uFAb6N.jpg


    මේ වීඩියෝව නිසා Hulk නැවත Banner බවට පරිණාමනය වෙනවා.

    මෙතනට එන Thor Banner ට ඉස්සෙලම කියන්නේ "the sun's going down" Black Widow, Hulk ව මෙල්ල කරන්න යොදා ගත්ත තවත් එක් වචනයක්:D. Thor ඒක කලින් සටනේදීත් පාවිච්චි කළා


    v5BmQT6.jpg


    අවරුදු දෙකකට පෙර වුන දේවල් Banner Thor ගෙන් අහද්දී දැන ගන්නවා ඔහු අවරුදු දෙකක්ක්ම Hulk විදියට හිටිය බව.


    Izf34iG.jpg


    මේ අතර Grandmaster නිවේදනයක් නිකුත් කරනවා පැන ගිය Thor හා Hulk සම්බන්ධව. Thor සහ Hulk Tony ගේ ඇදුම් ගෙන එතනින් පිටත් වෙනවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113


    r06rTlx.jpg


    Grandmaster කැදවනවා Loki සහ Valkyrie. ඔවුන්ට පවරනවා Thor ව නැවත සොයාගෙන එන ලෙසට


    Ib5YZhi.jpg


    පසුව Loki සහ Valkyrie අතර සටනක් ඇති වෙන අතර එහිදී Loki විසින් Valkyrie අතීතය මතක් කර දෙනවා.

    Valkyrie කියන්නේ Asgard වල හිටිය කාන්තාවගේ සැදුනු කණ්ඩායමක්. මෙය Odin විසින් නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි ප්‍රධානියා තමයි Brunnhilde. ඒ කියන්නේ අපි දැන් හදුන්වන Valkyrie. මේ කණ්ඩායමට සම්බන්ධ වෙන්න Thor ආශාවෙන් හිටිය කියලාත් පස්සේ ඒක කාන්තාවන්ගේ කණ්ඩායමක් බව දැන් ගත්තා නිසා අතරලා දැම්ම කියලත් කලින් අවස්ථාවකදී කිව්වා:rofl:. odin ගේ නියෝගයකට අනුව Hela සමග සටනකට යන මේ කණ්ඩායමේ අවසානෙට ඉතුරු වන්නේ Brunnhilde එහෙමත් නැතිනම් Valkyrie විතරයි. මේ අතීතය තමයි Valkyrieට සිහි වෙන්නේ.


    q3a2ipF.jpg



    Banner කියනවා තමන් තව එක වතාවක් හරි Hulk විදියට පරිණාමනය වුනොත් නැවත banner ලෙසට පරිණාමනය විය නොහැකි බව:sorry:.මේ හේතුව නිසා Thor ට Hulk ගේ උදව් ලබා ගැනීමට නොහැකි වෙන අතර Banner ගේ උදව් හිමි වෙනවා



    rXaLK7O.jpg


    Thor, Banner වෙස්වලාගෙන සිටියත් ඔවුන්ව Valkyrieට හසු වෙනවා. Valkyrie ට Bannerව හදුනා ගැනීමට නොහැකි වෙනවා. මොකද ඇය දන්නේ Hulk වයි ;)


    nHC6Nup.jpg


    Valkyrie කැමති වෙනවා Thor හට සහයෝගය ලබා දෙන්න. Thor යොදනවා කණ්ඩායමට නම Revengers ලෙස.

    කොමික් වලදී අපිට Revengers කියා කණ්ඩායම හමු වෙන්නේ Wonder Man ගෙන් සැදුනු කණ්ඩායමක් විදියට මේ කණ්ඩායමේ wolverine, deadpool, Spider Man, FF වගේ ප්‍රබල සුපිරිවීරය්න් සිටියා :D


    TzWLvD9.jpg


    Valkyrie රැගෙන යනවා ඔවුන්ව Loki සිර කර සිටින තැනට. ඔවුන් උත්සහ කරන්නේ බල පද්දතිය වැඩි යානයකින් hole එක තුලින් පිට වීමට.

    Valkyrie මෙතනදී සදහනක් කරනවා Asgard වලට දුර නිසා Xandar වලින් ඉන්ධන ලබා ගනීමීමට සිදුවිය හැකිබව. අපි කව්රුත් දන්නවා මේ Xandar කියන්නේ කොහෙද කියලා. Guardians of the Galaxy චිත්‍රපට බලපු අයට මතක ඇති:D. ඔව් ඔව් Power Stone එක තැන්පත් කරලා තියෙන්නෙත් Xandar වල තමයි :P


    ZyHoV0x.jpg


    Loki කියනවා ඔහුව මෙතනින් පන ගැනීමට උදව් කරනවනම් Grandmaster සතුව තිය බල සම්පන්න යානාවට ඇතුලත් වීමට code එක ලබා දිය හැකි බව.

    මෙතනදී Thor සදහන් කරනවා සර්පයෙක් බවට Loki වෙස් මාරු කරගත්ත අවස්ථාවක් හරියටම කොමික් වලදීත් සිද්ධ වුන:rolleyes:.


    QWGm2CU.jpg



    මොවුන්ගේ මේ කණ්ඩායමට සහය ලබා ගැනීමට Korg සහ පිරිස සම්බන්ධ වෙනවා.



    IsJ3dao.jpg


    Thor සහ Loki, Grandmaster ගේ හමුදාවට ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. Thor සහ Loki ගේ brother talk එකක් බල ගන්න පුළුවන් මෙතනදී:love:


    7r7w54z.jpg


    Loki හදන්නේ Thor ව Grandmaster අල්ලා දෙන්න. එත් මේ පාරනම් Thor ඊට පෙර සුදානමෙන් ඉදලා තියෙන්නේ :rofl:


    DI7a06z.jpg


    Thor Grandmaster ට අයත් යානයකින් පලා යන අතර Grandmaster ගේ අණ කරනවා ග්‍රහලෝකයෙන් පිට වීමට පෙර Thor ව අල්ලා ගන්න ලෙසට. Thor ගේ සහයට Valkyrie යනවා පැමිණියත් Grandmaster ගේ හමුදාව Thor යානයට දිගටම ප්‍රහාර එල්ල කරනවා.


    TnYbuke.jpg


    Grandmaster ගේ හමුදාව පරාජය කිරීමට සමත් වෙන Thor ඇතුළු පිරිස hole එක අසලට යනවා.මේ අතර Korg ඇතුළු පිරිස යානාවකට ගොඩ නැගීමට එන අතරදී ලෝකිව නිදහස් කරනවා


    Ledxxw5.jpg


    Asgard හිදී කඩුව සොයා ගැනීමට උත්සහ කරන Hela දැන ගන්නවා Asgardin ලා සැගවී සිටින ස්ථානය පිලිබදව.


    nxFbkPa.jpg


    Hole එක තුලින් විශ්වය හරහා එන Thor සිටින යානය Asgard දෙසට ලං වෙනවා.

    මෙතැනදී අපිට තවත් Asgard වල රුපයක් දකින්න පුළුවන් අනික් හැම ග්‍රහලෝකයක්ම ගෝලා කරව තිබුනට Asgard කියන්නේ රොටියක් වගේ තැටියක්:P.


    d0bRkt4.jpg


    Asgard වලට පැමිණෙන Thor Hela සොයා යාමටත් Valkyrie සහ Banner Asgardian ලාව බේරා ගැනීමටත් තීරණය කරනවා. Thor විසින් Valkyrie හට අයගේ පරණ costume එක ලබා දෙනවා.


    XSTuiuD.jpg


    Asgardian ලා සැගවී සිටින ස්ථානයට Hela ආවත් ඊට කලින් එතනින් Asgardian ලාව ඉවත් කිරීමට Heimdall කටයුතු කරනවා


    QZgKkmY.jpg


    නැවත Asgard Palace එකට එන Hela දකිනවා සිංහාසනය වැඩි වී සිටින Thor ව . Hela සහ Thor අතර සටනක් ඇති වෙනවා


    GSaNJQF.jpg


    Heimdall Asgardian ලාවත් රැගෙන Bifrost වලින් පිටත් වෙන්න සුදානම් වුනත් එතනට එනවා Fenris. Valkyrie, Fenris ට ප්‍රහාර එල්ල කලත් ප්‍රතිපලයක් නැති නිසා Banner තීරණය කරනවා ඊට මැදිහත් වෙන්න.


    qf88amS.jpg


    Hela සහ Thor අතර සටනදී Hela ගේ පහරකින් Thor ගේ දකුණු ඇස අහිමි වෙනවා:(.

    Hela මෙතනදී කියනවා ඇයට පියව මතක් වුන කියල. මොකද Odin ගේ දකුණු ඇස නොමැති නිසා.


    hpt4I0g.jpg


    යානයෙන් බිමට පනින Banner asgard bridge එකට වැටෙනවා:lol:.

    අපි කව්රුත් දන්නවා Banner Hulk බවට පරිණාමනය වෙන්නේ කෝප වුනොත් හරි හෘද ස්පන්දනය 200 ට වඩා වැඩි වුනොත් කියලා. Banner මෙතනදී බිමට පනින්නේත් හෘද ස්පන්දනය 200 වඩා වැඩි වෙයි කියලා හිතාගෙන. එත් එහෙම වුනේ නෑ. අපිට මේ වගේම සිදුවීමක් The Incredible Hulk චිත්‍රපටය අවසානයේදීත් දකින්න ලැබුණා. Banner කලිනුත් කිව්වා තමන් නැවත Hulk වුනොත් Banner බවට පරිණාමනය වෙන්න බෑ කියල. එහෙනම් මෙතනදී Banner මිය ගියාද.?:confused:


    wUms7B6.jpg


    කොහොම හරි Hulk බවට පරිණාමය වෙන Banner Fenris සමග සටනක් ඇති වෙනවා.


    UVKMeWr.jpg


    space ship එකත් සමග මෙතනට එන Loki සහ Korg Asgardian ලා එයට ඇතුල් කරගන්න පටන් ගන්නවා.

    Loki කොහොමහරි මෙතනදීත් එක දාගන්නවා:lol:. මතැනදී දාන pose එක කලින් Loki ගේ ප්‍රතිමාවේ pose එකට සමාන වෙනවා.:rolleyes:


    2OI3DS5.jpg


    Thor ට නැවතත් පියාව සිහි වෙනවා. thor කියනවා තම Mjølnir නොමැතිව Hela පරාජය කල නොහැකි බව. ඒ ඇගේම තමන්ට Asgard බේරාගැනීමට නොහැකි බව.


    7d3ScdL.jpg


    Odin කියනවා Thor ගේ බලය තිබුනේ Mjølnir එකේ නොවන බවත් එය බලය පාලනය කිරීමට පමණක් තිබු බවත් ඒ වගේම Asgard යනු දේශයක් නොවන බවත් එහි වැසියන් තමා වැදගත් බව.


    wpnLyFp.jpg


    අකුණු බලය නැවතත් ලැබෙන Thor Hela ට ප්‍රහාරයක් එක්ක කරනවා. ඒ සමගම Hela ගේ හමුද්වත් සමගත්

    Thor බලයන් අතින් තවත් ප්‍රබලවෙලා කියල මේ scene එකෙන් කියන්න පුළුවන්:yes:. මිටියකින් අකුණු බලය හසුරවපු Thor දැන් කිසිම ආයුධයක් නොමැතිව අකුණු බලය හසුරනවා.


    aA2bWh7.jpg


    Hulk ගේ පහරකින් Fenris Agard ප්‍රපාතයෙන් පහලට වැටෙනවා.


    dywLhIi.jpg


    මෙතනට නැවතත් එන Hela හට පරාජය කිරීමට නම් Asgard විනාශ කල යුතු බව Thor තේරුම් ගන්නවා. මොකද ඇයට Asgard වලදී බලය වැඩි වන නිසා. Thor ලෝකිව යවනවා Odin's Vault එකට Surtur නැවත බිහි කිරීමට.(Surtur ගේ තියන අරමුණ Asgard විනාශ කිරීම නිසා )


    XPyhk7Z.jpg


    පරාජය වීම නිසා Asgard වැසියන් සමගම ship එක ඇතුලට එන Skurge තීරණය කරනවා Hela ගේ හමුදාවෙන් Asgard වැසියන් බේරාගැනීමට. නමුත් අවසානයේදී Hela විසින් Skurge ව මරා දමනවා.


    yKckyIe.jpg


    Loki, Crown of Surtur එක රැගෙන යාමේදී දකිනවා Tesseract එක එහෙමත් නැතිනම් Space Stone එක. Loki, Crown of Surtur එක Eternal Flame එකට දමා Surtur ව නැවත බිහි කරනවා.

    මෙතනදී Loki Tesseract එක අතට ගන්න අවස්ථාවක් පෙන්වන්නේ නෑ:rolleyes:. එත් අපි දැන් හොදටම දන්නා Loki මේක ගත්තා කියලා:rofl:. IW trailer එකෙත් දැක්කා Loki සතුව Tesseract එක තියෙනවා.


    Aynr46j.jpg


    Surtur, Asgard විනාෂ් කිරීමට පටන් ගන්නවා.:shocked:


    1LqjPFA.jpg


    Surtur දැක Hulk පහර දෙන්න හදුවත් Thor එය වළක්වනවා. Thor, Valkyrie රැගෙන Hulk පිටත් වෙන space ship එකට ගොඩ වෙනවා.


    2dD0qVb.jpg


    Surtur ව නතර කිරීමට Hela උත්සහ කලත් Surtur ගේ පහරින් Hela විනාශ වී යනවා. එත් සමග Asgard දේශය සහමුලින්ම විනශ වී යනවා.


    JFmbMe2.jpg


    Asgard වැසියන්ගේ රජු වන Thor තීරණය කරනවා ඔවුගේ වාසස්ථානයට පෘතුවිය තෝරා ගන්න.

    කොමික් වලදීත් මේ අවස්ථාව දකින්න පුළුවන් වෙනවා. Asgard විනාශ වෙමෙන් පස්සේ Asgard වැසියන් සමග Thor එනවා ඇමෙරිකාවේ එක ප්‍රදේශයකට තාවකාලිකව ඔවුන්ගේ නව වාසස්ථානය නිර්මාණය කරනකම්. හැබැයි අපිට Asgardian ලා දකින්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි එකට හේතුව කියන්න බෑ IW spoiler වන නිසා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113

    bllekWn.jpg


    Loki අහනවා Thor ගෙන් තමන්ව නැවතත් පෘථිවියට රැගෙන යාම හොද අදහසක්ද කියලා:P. Thor කාලයත් එක්ක හැමදේම හොදින් සිද්ද වෙයි කියලා. ඒ සමගම ඔවුන්ගේ යනවා ඉදිරිපිටට අති විශාල යානාවක් පැමිණෙනවා:shocked:.

    මේ ඉදිරියට ආව යනවා Thanos ගේ යානාව කියලා තහවුරු වෙලා ඉවරයි:yes:. IW එකට හොද ආරම්භයක් විදියට අපිට මේ scene එක ගන්න පුළුවන් . Thanos එන්නේ Infinity Stones පසු පසයි. බොහෝ විට මේ එන්නේ ලොකි ලග තියෙන Tesseract එක සොයාගෙනයි:rofl:. Kevin Feige කියලා තියෙනවා IW එකෙක් පලවෙනි විනාඩි 5 බොහොම නරක දේවල් ටිකක් සිදුවෙනවා කියලා. ඒ කියන්නේ Thanos මේ Asgard යානාව විනාශ කරනවද? IW trailer එකත් එක්ක බලද්දී ඒ දේ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් එත් Spoiler නිසා ඒ ගැන කතා කරන්නේ නෑ:eek:.


    2vs5Za4.jpg


    ප්‍රහාර වලින් පසු Grandmaster ඇද වැටෙනවා Sakaar වල කුණු එකතුකරන්නන් සිටින ස්ථානයකට. Grandmaster ඔවුන්ව සන්සුන් කරන්න උත්සහ කලත් ඔවුන් සැහීමකට පත් වෙන්නේ නැති ගානයි:rolleyes:.

    මේ සිදුවීමට සමාන සිදුවීමක් අපිට Guardians of the Galaxy චිත්‍රපටයේ post credit scene එකකිනුත් දකින්න පුළුවන් වුනා. විශේෂත්වය වෙන්නේ ඒ සිදුවීම වුනේ Grandmaster ගේම සහෝදරයා වන The Collector හටයි.


    2011 දී නිර්මාණය වුන Thor චිත්‍රපටය, 2013 නිර්මාණය වුන Thor: The Dark World චිත්‍රපටයේ තුන්වන චිත්‍රපටය ලෙස දිගහ්රුනු මේ චිත්‍රපටය කලින් චිත්‍රපට දෙකටම වඩා ඉතා ඉහල අගයක තිබුණා:D. රේටින්ග් බොක්ස් ඔෆිස් රිවිව් අතින් හැමදේම. Thor තවත් චිත්‍රපටයක් ගැන නම් ආය ලගකදී හිතන්න අමාරුයි:dull:. මොකද දැන් ඩිස්නි සමගම මාවල් සතුව ඉන්න හැම චරිතයකම වගේ rights ලබා ගත්ත නිසා ඒ චරිත ඇසුරෙන් නිර්මාණය වන චිත්‍රපට වලට Phase 4 ලොකු ඉඩක් ලැබේවි:nerd:. නමුත් අපිට Thor ඇතුළු පිරිස Avengers චිත්‍රපට වලදී දකින්න ලැබේවි. මෙතෙක් MCU එකේ සැගවිලා තියෙන Soul Stone එක ගැන කිසිම සදහනක් අපිට මේ චිත්‍රපටයෙත් දකින්න ලැබුනේ නෑ:no:. ඒ වගේම කලින් චිත්‍රපට දෙකේම ලොකු චරිතයක් විදියට හිටිය Thor ගේ හොදම යහළුවා Lady Sif ගැන කිසිම සදහනක් දකින්න ලැබුනේ නෑ. අපි Lady Sif නිතරම වගේ දැක්ක Agents of S.H.I.E.L.D. එකේදී පෘතුවියට එනවා. බොහෝ විට ඇය Rangarok සිදුවීම වෙද්දී පෘථිවියේ හිටියා වෙන්න පුලුවන්. ශෝක් කෙලි පොඩ්ඩ:love:. ෆිල්ම් එකේ රේටින් එක විදියට මට 8/10 දෙන්න පුළුවන්. කොමික් වලට සමබන්ධ ගොඩක් දේවල් තිබුණ චිත්‍රපටයක්. එහෙනම් IW එකට කලින් එන්න තියන්නේ එකම එක movie එකයි. Black Panther. ඒ රිවිව් එකෙන් හම්බවෙමු.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මො.....තැන්ක් යූ...බලන් හිටපු රිවිව් එකක්...
    රෙප් දෙන්න බැලු.දැන්ම...පස්සෙ දෙන්නම්:):):):):):)
     
    • Like
    Reactions: choppe

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    අම්මො.....තැන්ක් යූ...බලන් හිටපු රිවිව් එකක්...
    රෙප් දෙන්න බැලු.දැන්ම...පස්සෙ දෙන්නම්:):):):):):)

    :D
    ++
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    ade patta ban hemadama wage elata karala thiyanawa aru udin paniddi gembba gehewwa wage bimta wetenawa hina kala maruna ban

    කෙල්ලන්ට වැඩ පෙන්නන්න යද්දී ඔහොම වෙනවා අපිට උනත් :lol: