1918 මාර්තු 22 පළවෙනි ලෝක යුධ සමයක දවසක පැරිස් නුවර
එකපාරටම පිපිරීමක් වුණා. “ මෙච්චර ඈතින් තිබිලත් පැරීසියට
කොහොමද යුද්ධය ආවේ ? ” කියන එක හැමෝටම ලොකු ප්‍රශ්නයක්
උනා.
සමහරු අහසේ යන ජර්මානු planes බලන්න එළියට බැස්සා. මොකද
තමන්ට සතුරු ජර්මනියේ සටන් පෙරමුණ තිබුණෙ 120km ක
දුරකින්.
මෙච්චර දුරක් පැරීසියට ඇවිල්ලා පහර දෙන්න වෙන ක්‍රමයක් නෑ.
නමුත් කිසිම ජර්මානු plane එකක් අහලකවත් තිබුණේ නෑ !
ඉතිං.. ප්‍රංශ ආරක්ෂක අංශ දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් දියත්
කළා. මෙයාලා හිතුවා පුංචි ජර්මානු කාලතුවක්කු භට කණ්ඩායමක්
හැංගිලා ඉඳලා ප්‍රහාර එල්ල කරනවා කියලා.
ඒත් මැස්සෙක් වත් හම්බුනේ නෑ
ඉතිං වෙන්න පුළුවන් එකම අඳුරු යථාර්තය හැමෝටම තේරෙන්න
ගත්තා.
ඒ තමයි හිතාගන්න බැරි range එකක් තියෙන ජර්මානු Supergun
එකක් !
ජර්මනියේ Krupp සමාගමෙන් නිපදවූ paris gun එක
ජර්මානුවෝ ඉතාමත් සූක්ෂම විදිහට Supergun එකේ සද්දෙන් ඒක
තියෙන ස්ථානය හොයාගන්න බැරිවෙන විදිහට...ඒක අවට සාමාන්‍ය
කාලතුවක්කු වලිනුත් සද්දෙට ප්‍රහාර එල්ල කළා.
ඒ වගේම රේල්පාරවල් හදලා නිතරම Supergun එකේ ස්ථානය
වෙනස් කළා.
ඒ නිසා මොන තරම් ප්‍රහාර එල්ල කළත් මේ Supergun එක විනාශ
කරන්න කාටවත් හැකි උනේ නෑ.
හොඳ වෙලාවට පළවෙනි ලෝක යුද්ධය අවසාන උනා. එහෙම නැති
වෙන්න අද අපිට බලන්න පැර්සීයක් ඉතුරු නොවෙන්නට ඉඩ තිබුණා
කාටවත් බැරි Supergun එක ජර්මානුවෝ හැදුවා කියලා හිතපු එක ඒ
තරම් පුදුමයක් නෙවෙයි.
මොකද ජර්මානුවෝ කියන්නේ වචනයේ පරිසමාප්ත
අර්ථයෙන්ම සුපිරිම වැඩකරුවෝ !
නට්සීන් විසින් පලකරපු දුම්කොල විරෝධී දැන්වීමක්
දුම්පානයෙන් පෙනහලු පිළිකා හැදෙන බව මුලින්ම ලොවට හෙළි
කළේ නට්සි (Nazi) විද්‍යාඥයෝ තමයි.
පලවෙනි වතාවට අවු 18න් පහල අයට දුම්බීම තහනම් කරලා,
බීමතින් රියපැදවීම තහනම් කළා.
යුරෝපයේ ඒ කාලේ තිබ්බේ කැලෑ එළි කරලා ශිෂ්ථාචාරගත කරන
කලාවක් නමුත් එහෙම කළොත් මිනිස්සුන්ට පුක් වෙන හැටි
ලෝකෙට පෙන්නලා, වන සංරක්ෂණය කරලා, සතුන් දඩයම
නියාමනය කරන්නෙත් මෙයාලම තමයි.
අද අපිට මේ සංකල්ප සාමාන්‍ය දෙයක් උනාට ඒ කාලේ නට්සි
ජර්මානුවන් දශක ගණනක් ඉදිරියෙන් හිටියා.
කොටින්ම ජර්මානු විද්‍යාඥයෝ ඉංජිනේරුවන්ගේ මහිමය දකින
ඇමරිකාව World War 2 ඉවර වෙන්නත් කලිං ඒ අයව මෙහෙයුමකින්
(Operation Paperclip) රහසේ ඇමරිකාවට පන්නගෙන පුරවැසිභාවය දීලා
වැඩ ගන්නවා.
Operation Paperclip මඟින් ඇමරිකාවට රහසේ ගෙනාපු විද්‍යාඥයන්, ඉංජිනේරුවන්
මෙහෙම ආපු Wernher von Braun තමන්ගේ ජර්මානු V2 රොකට්
ආකෘයෙන් හදපු රොකට් එකකට පින්සිද්ධ වෙන්න
තමයි......ඇමරිකාවෙ NASA එක මිනිස්සුන්ව හඳේ තියන්නේ.
සෝවියට් රුසියාව පහු කරගෙන ඇමරිකාව රොකට් එකක් වගේ
ඉදිරියට යන්නේ
Von Braun එයා හදන්න උදව් වුණ ඇමරිකානු Saturn V rocket engines සමඟ
මේව ඉතිං වෙනමම කතා කරන්න වටින රසවත් කතන්දර තමයි
ආයෙත් කතාවට එමුකෝ.........
ඉතිං World War I න් පස්සේ පැරීසිය භීතියෙන් මුළුගන්වපු මේ
බිහිසුණු ආයුධ ගැන ටිකෙන් ටික ආරංචි එන්න ගත්තා.
මේකට 106kg දැවැන්ත උණ්ඩ 42.3km උසට යවන්න (ප්‍රක්ෂේපනය
කරන්න) පුළුවන්කම තිබුණා.
ලෝකෙ කවුරුත් මීට කලින් ඒ තරම් උසකට දෙයක් ප්‍රක්ෂේපනය
කරලා තිබුණේ නෑ
වර්ථමානයේ සාමාන්‍ය මගී ගුවන් යානා යන්නෙත් මීට අඩු (11km
වගේ) උසකින් ඕං තත්වේ ? අවුරුදු 24 කට පස්සේ මේ record එක
ආපහු කැඩුවෙත් ජර්මානුවෝම තමයි. ඒ අර කලින් කියපු Von Braun
ගේ V2 rocket එකෙන්.
මේ Supergun එකේ අති විශාල ප්‍රක්ෂේපන උස නිසාම උණ්ඩ වැටෙන
ස්ථානය ගණනය කරන්න නං ලෝකගෝලේ කැරකීම (Coriolis
effect)පවා සැළකිල්ලට ගන්න උනා.
කිලෝමීටර් 130 ක range එකක් තිබුණු මෙයින් Supergun 3 ක්
ජර්මනියේ Krupp කියන සමාගමෙන් හදලා තිබුණා. 1 ක් පිපිරිලා
විනාශ වුණා නමුත් යුද්ධයෙන් පස්සේ, ඉතිරි 2ට වුණෙ මොකක්ද
කියන හොයාගන්න බැරි වුණා.
එක තාමත් නොවිසඳුනු අභිරහසක් !
මේ සමාගම වර්ථමානයේත් අධි තාක්ෂණික සබ්මැරීන පවා
හදනවා. නට්සි සබ්මැරීන (U-Boat) මඟින් ඇමරිකානූ, බ්‍රිතාන්‍ය යුධ
නැව් සිය දහස් ගණනින් ගිල්ලපු හැටි කියන්න මෙතන ඉඩක් නෑ
ජර්මනියේ පිහිටි ThyssenKrupp සමාඟමේ head office එක
පලවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ-ත් ජර්මනිය රහසේම Supergun
එක වැඩි දියුණු කළා.
කාලතුවක්කුවකින් උණ්ඩයක් පිට කරද්දි වෙන්නේ ආරම්භක
පිපිරුමකින් උණ්ඩය තල්ලු කිරීමක් වගේ වැඩක්.
ඉතිං ගොඩක් දුර යන්න නං බලසම්පන්න පිපිරුමක් ඕනෙ.
හැබැයි එහෙම පිපිරීමකදී කාලතුවක්කු බටය (බැරල් එක) පුපුරලා
විනාශ උනත් වෙන්න පුළුවන්
ඒ නිසා කැටපෝලෙකින් ගලක් විදිද්දි වගේ...ටිකෙන් ටික වේගය වැඩි
කරන ක්‍රමයක් ජර්මානු නාසි විද්‍යාඥයෙක් (August Cönders) ට කල්පනා වෙනවා
මුලින් පුංචි පිපිරුමකින් උණ්ඩය චලනය කරලා, උණ්ඩය බැරල් එක
දිගේ යද්දී ඒ ඒ ස්ථාන වලින් වෙන වෙනම පිපිරීම් වලින් තල්ලු කරලා
වේගය වැඩි කරොත්.... වැඩේ ගොඩ නේද කියන එක මෙයාට
හිතෙනවා (cascade explosion).
මේ තාක්ෂණය භාවිතා කරලා නට්සි විද්‍යාඥයෝ සාර්ථකව V3
cannon එක හදනවා.
ජර්මානුවෝ ඒ වගේ කාලෙක, උණ්ඩය එනකොටම බැරල් එකේ ඒ ඒ
තැන් වල අන්තිම මිලිතප්පරේට time කරලා explosions කළේ
කොහොමද කියන එක අදටත් කාටවත් හරියටම හිතාගන්න බෑ.
ඉතිං World War II එකේදී ප්‍රංශය සම්පූර්ණයෙන්ම අල්ලගන්න
ජර්මනිය සමත් වෙනවා. එහෙම අල්ලගෙන, එංගලන්තයේ ලන්ඩන්
නුවරටමඑල්ල කරන්න බලාගෙන ප්‍රංශ වෙරළට සමීපයේ පොළොව
යට මේ v3 cannon එක හදාගෙන යනවා.
මේකෙ වැඩට මිනිස්සු 1200 ඕන වෙනවා. උණ්ඩ ආදී supplies ගේන්න
වෙනමම රේල්පාරවල් හදනවා.
ඉතිං මේ සුනු විසුණු ආයුධයෙන් ලන්ඩනයේ ඉරණම විසඳෙන හැටි
දකින එංගලන්තය.. Supergun එක විනාශ කරන්න සැළසුම් කරනවා.
ඒත් මතුපිටින් බෝම්බ දාලා නං හරියන්නේ නෑ. මේකේ මුළු structure
එකම තියෙන්නේ පොළොව යට.
ජර්මානුවන් ප්‍රංශයේ Mimoyecques හි පොළොව යට සෑදූ v3 cannon එකෙහි සැළැස්ම

Last edited: