හෝකින්ගේ සිහිනය හා සාපෙක්ෂ්තාවාදයේ බිද ව

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    හෝකින්ගේ සිහිනය හා සාපෙක්ෂ්තාවාදයේ බිද ව

    මේ thread එක ලියන්න හිතාගෙන හිටියේ ගොඩ කාලෙකට කලින් නමුත් වෙලාවක් තිබ්බේ නැති නිසා මේක ලියන්න පරක්කු උනා :( අද මේක විශේෂයෙන් ලියන්නේ මහාචාර්ය ස්ටීවන් හෝකින් ගේ නැති වීම නිසා, එතුමා විද්‍යාවට කරපු සේවය ගැන පොඩ්ඩක් කියන්න :D

    1915 ඉදිරිපත් කරන අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය (http://www.elakiri.com/forum/showthread.php?t=1765834) අවුරුද්දක් යන්න කලින්ම 1916 දී Karl Schwarzschild කියන විද්‍යාඥයා ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නේ වෙන්නේ අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයේ සමීකරණ වලට අනුව විශ්වයේ එක ලක්ශ්‍යකදී (Singularity point) කාල-අවකාශය බිද වැටෙනවා :yes:

    main-qimg-eadf38854283437924f747bd3e0ba422-c

    අයින්ස්ටයින්ටත් මේ ප්‍රශ්නේ හිතාගන්න බෑ මොකද අයින්ස්ටයිනුත් තමන්ගේ සමීකරණ වලින් මෙහෙම දෙයක් එයි කියල කවදාවත් හිතුවේ නෑ. ඒ වෙලාවේදී අයින්ස්ටයින් කියනව මේ වගේ ලක්ෂයක් කවදාවත් විශ්වයේ නිර්මාණය වෙන්නෑ ඒක නිසා මේක ප්‍රශ්නයක් නෙමෙයි කියල :P

    අයින්ස්ටයින් එහෙම කිව්වා නිසා විද්‍යාඥයන් ඒක විශ්වාස කරනවා නමුත් 1971 දී විද්‍යාඥයන් විශ්වයේ ඒවගේ ලක්ෂයක් පරීක්ෂණාත්මකව හොයාගන්නවා ඒව තමයි අපි හැමෝම දන්න කළු කුහර කියල හදුන්වන්නේ! :shocked: ඒක නිසා අපහු සැරයක් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය ප්‍රශ්න කෙරෙනවා. :yes:

    ඒ වෙලාවේදී ස්ටීවන් හෝකින් සහ අනිත් විද්‍යාඥයන් තේරුම් ගන්නවා අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙන් විතරක් කළු කුහර විස්තර කරන්න බෑ එකට කුඩා අංශු ගැන විස්තර කරන ක්වන්ටම් විද්‍යාවත් (http://www.elakiri.com/forum/showthread.php?t=1762252) ඕනේ කියල. ඊට පස්සේ ක්වන්ටම් විද්‍යාව සහ සාපෙක්ෂ්තාවාදය එකතු කරලා අලුත් theory එකක් ගොඩනගනවා ඒ තමයි "ක්වන්ටම් ගුරුත්වය" (Quantum Gravity) කියල කියන්නේ. නමුත් එදා ඉදල අද වෙනකන් "ක්වන්ටම් ගුරුත්වය" ගැන කිසිම දෙයක් හොයාගන්න ලැබිල නෑ. ඒක තමයි හොකින් ගේ සිහිනය කියල කියන්නේ. :sorry:

    මහාචාර්ය ස්ටීවන් හෝකින් කළු කුහර ගැන ගොඩක් දේවල් ඉදිරිපත් කරපු කෙනෙක්. අපි දන්න විදියට කළු කුහර කියන්නේ ආලෝකය පවා උරාගන්න වස්තුවක් උනාට තාප ගති විද්‍යාවේ දෙවෙනි නියමය (A/L වලට physics කරා නම් දන්නවා :D)අරගෙන ස්ටීවන් හොකින් අලුත් theory එකක් ගොඩනගනවා ඒ තමයි කළු කුහර වලිනුත් විකිරණයක් නිකුත් කරනවා කියන දේ. "හොකින් විකිරණය" (Hawking Radiation) කියන්නේ අන්න ඒ කළු කුහර වලින් නිකුත් වෙන විකිරණය. කොළඹ විශ්ව විද්‍යාලයේ අපි කරපු research එකක එක නිගමනයක් උනේ සමහර කළු කුහර වලින් එන "හොකින් විකිරණය" අපේ දෘශ්‍ය පරාසයට පේනවා කියන දේ :shocked:. (නමුත් තරු වලින් එන ආලෝකය නිසා ඒවා වෙන් කරලා අදුර ගන්න බෑ)

    322EF7C600000578-0-image-a-14_1457971439771.jpg

    ස්ටීවන් හෝකින් කළු කුහර ගැන කරපු තවත් එක දෙයක් තමයි holographic principle කියන්නේ. මේක ටිකක් අමුතු සංකල්පයක් (Matrix movie එක බැලුවනම් මේක ටිකක් තේරුම් ගන්න පුලුවන් :D) මේකේ කියන්නේ කළු කුහරයකට උරාගන්න හැම දෙයක්ම කළු කුහරේ ඇතුලේ code වෙනවා කියල, අපි මේ දකින හැමදෙයක්ම අපිට වෙන හැමදෙයක්ම ඒ කළු කුහරේ ඇතුලේ තියෙන code එකේ ප්‍රක්ෂේපයක්ලු (projection) :shocked:. හරියටම කිව්වොත් video game එකක් වගේ. මේක තවම ඔප්පු කරලා නෑ හැබැයි මේකට සම්බන්ධ ගොඩක් දත්ත හම්බ වෙලා තියෙනවා. :yes: :shocked:

    images

    මහාචාර්ය ස්ටීවන් හොකින් කරපු තව ගොඩක් දේවල් තියෙනවා (කාලයේ ආරම්භය, big bang theory වගේ ඒවා) ඒවා ගැන වෙන වෙලාවක කියන්නම්. ජය වේවා ;)
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    කළු කුහර වලින් ඇද ගන්න ආලෝකය සුදු කුහරයකින් විශ්වයේ වෙනත් පත්තකට මුදා හරිනවා කියලා සංකල්පයක් තියෙනවා නේද?
    හරියට ඉන්ටසෙලර් එකෙ වගේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ බං. උඹ GTR කරල තියෙනවනං මේක පොඩ්ඩක් පැහැදිලි කරල දියංකො.

    කලු කුහර කොහොමද බං අපිට නිරීක්ශණය කරන්න පුලුවන් වෙන්නෙ ? බාහිර නිරීක්ශකයෙකුගෙ රාමුවෙ ඉඳන් බැලුවොත් event horizon එක ගාව කාලය නවතිනවනෙ බං. ඉතිං කලු කුහරයක් අපේ රාමුවෙ ඇතිවෙන්නවත් බෑනෙ. ඒක අනන්ත කාලයක් අනාගතයෙනෙ තියෙන්න ඕනෙ නේ?

    අනික කලු කුහරෙට කිසිම වස්තුවක් ඇද ගන්නත් බෑනෙ. අපේ රාමුවෙ ඉඳන් බැලුවොත් ඇදෙන හැම එකම event horizon එක ගාවදි කාලය ගලන්නැති නිසා නවතින්න ඕනෙ නේ බං ?

    අනික හෝකිං black holes and baby universes වල කියනව heisenberg ගෙ uncertainty principle එක අනුව අංශු කුඩා දුරක් ආලෝකයෙ වේගෙට වඩා වැඩියෙන් යන්න පුලුවන් ඒ නිසා කලු කුහර වල event horizon එකෙං මෙහාට අංශු පැනල කලු කුහරෙං මිදිල යන්න පුලුවන් කියල. ලොකු කලු කුහර වල ප්‍රමාණෙ විශාල නිසා වේගෙ uncertainty එක ඒ හැටි වෙන්න බැරි නිසා එහෙම මිදෙන්නෙ අඩුවෙන් පොඩි ඒවගෙ පොසිශන් එක බොහෝ දුරට certain නිසා ටක් ගාල මිදිල කලු කුහරෙ evaporate වෙලා යනව කියල. එහෙම අංශුවකට ආලෝකෙ වේගෙට වඩා යන්න පුලුවන් වීම සාපේක්ශතාවාදෙ කඩ කරන්නැද්ද බං ? හරි නං ප්‍රවේගෙ(V)ට certainty එකක් තියෙන්න ඕනෙ නේද -C<= V <= C කියල ? එහෙම අරං නෙමේදෙ භෞතික විද්‍යාවෙ ප්‍රශ්න විසඳන්නෙ ?

    වෙලා නැත්තං පුලුවන්නං පස්සෙ හරි මේ ගැන පොඩ්ඩක් විස්තර කරල දීපං.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    අපවූ සැරයක් = ආපහු සැරයක්
     
    1. කළු කුහර කවුරුත් තාම කෙලින් දැකලා නෑ කළු නිසා :D, අපි කළු කුහර තියෙනවා කියන්නේ indirect විදියට.

    2. කළු කුහරයක් ඇති වෙන්නේ අපේ රාමුවේ නෙමේ කාල-අවකාශ තලයේ ගොඩක් පහලට වෙන්න

    3. කළු කුහරයක් ඇතුලේ කාලේ යන්නේ හෙමින්, singularity point එකේදී තමයි කාලේ නතර වෙන්නේ, හැබැයි ගුරුතවකර්ශනය අනන්තයි, ඒක නිසා තමයි GR එතනදි fail වෙන්නේ.

    4. උබ ඔය කියන්නේ Hawking Radiation එක ගැන, uncertainty principle එකෙන් තමයි විස්තර කරන්නේ අංශු හැදෙන්නේ event horizon එක ගාව කියල කළු කුහරේ ඇතුලේ නෙමෙයි.

    5. නෑ, Hawking Radiation එකෙන් එන අංශු ආලෝකේ වේගෙට වඩා ගමන් කරන්න බෑ, ආලෝකේ වේගෙට වඩා ගමන් කරන දේවල් තියෙනවා විශ්වයේ, හැබැයි Special relativity වලින් කියන්නේ කිසිම information එකක් ආලෝකේ වේගෙට වඩා ගමන් කරන්න බෑ කියල

    6. ඇත්තටම උබ කියල තියෙන එකේ heisenberg ගෙ uncertainty principle නෙමේ use වෙන්නේ Energy time uncertainty principle එක, අනිත් එක සාමාන්‍ය කලු කුහරයක් evaporate වෙන්න අවුරුදු 10^15 විතර යනවා.