කැම්පස් සිලෙක්ට් නොවූ සිසුන්ට උපාධි
කැම්පස් සිලෙක්ට් නොවූ සිසුන්ට උපාධියකට ලක්ෂ 8 ක් ණය දෙනවා; තව වසකරට 75000 කුත් දෙනවා; පොලී නෑ; යකුනේ ඉල්ලපල්ලා; කාලය සතියකින් දිගු කළා
(ලංකා ඊ නිව්ස් -2018.මාර්තු.08, ප.ව.2.50) රජයේ විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් නොලැබූ 2016 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියනට සිය උපාධි අධ්‍යාපනය සඳහා ලංකා බැංකුව මගින් ණය ලබා දීම සඳහා ඉල්ලූම් කිරීමට ලබා දී තිබූ කාලය තවත් සතියකින් දීර්ඝ කරන ලෙස උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් කරන ලද ඉල්ලීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය එකඟතාවය පළ කර ඇත.
මේ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් හඳුනාගත් ආයතන 8 ක පාඨමාලා 38 ක් හැදෑරීම සඳහා ලංකා බැංකුව මගින් මෙම ණය පහසුකම සපයනු ඇත. සිසු සිසුවියන් 5000 ක් සඳහා මෙම ණය පහසුකම ලබා දීමට තීරණය කර ඇති අතර වසර හතරක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 8 ක මුදලක්ද, වසර තුනක කාලයක් සඳහා ලක්ෂ 6 ක මුදලක් ද මේ අනුව ණය ලෙස ප්‍රදානය කිරීමට නියමිතය. ඊට අමතරව සිය අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් 75000 ක මුදලක් ද වසරකට ණය වශයෙන් ලබා ගැනීමට හැකියාව ඇත.
මෙම ණය සඳහා පොලී ගෙවීම රජය විසින් සිදු කරනු ලබන අතර ගත් ණය නැවත ගෙවීම සිදුවන්නේ උපාධිය ලබා වසරක් ගතවීමෙන් ඉනික්බිතිවය. ඒ සඳහා ද වසර හතක කාලයක් ලබා දෙනු ඇත.
උසස් අධ්‍යාපන අමාත්‍යංශය දැඩි කැපවීමකින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවන ලැබුවද මේ සඳහා තරඟකාරී ඉල්ලීමක් තබා ප්‍රමාණවත් පරිදි ඉල්ලීම් කිරීමක්ද දකින්නට නොලැබෙන අතර, ඉකුත් වසරේද මේ අවස්ථාවෙන් සිසු සිසුවියන් ප්‍රයෝජනයක් ලබා නොගත් ආකාරයෙන්ම මේ වසරේද එතරම් ඉල්ලීමක් දකින්නට නොලැබීම සැළකිල්ලට ගෙන අමාත්‍යවරයා තවත් සතියක් ඒ සඳහා ඉල්ලුම් කිරීමට ඇති කාලය දිගු කර දෙන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී එම පාඨමාලා සඳහා ඉල්ලීම් කළ හැක්කේ අන්තර්ජාලය හරහා පමණක් බවත් සියලූ තොරතුරු www.studentloan.mohe.gov.lk ඔස්සේ ලබාගත හැකි බවත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙයි.
lankaenews

Last edited: