CID,පැමිණිලිකරු අධිකරණ භූමියෙන් පලා යයි

patentnews

Member
Mar 31, 2018
4
5
0
Sri Lanka
CID,පැමිණිලිකරු අධිකරණ භූමියෙන් පලා යයි

vZPh6Vk.jpg


"පේටන්ට් සම්බන්ධ නඩුවකදී තමාගේ වෙස්මුහුණ ගැලවෙන බව දැන පැමිණිලිකරු මතුගම අධිකරණ භූමියෙන් තම මිත‍්‍රයන්ද තනිකර පලා යයි"
මතුගම නඩු අංක B 41289/17 පේටන්ට් සම්බන්ධ නඩුව මතුගම අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයේදි 2018-03-29 දින ගරු අතිරේක මහේස්ත‍්‍රාත් තරංගා මහවත්ත මැතිණිය ඉදිරියේ ගනු ලැබු අවස්ථාවේ දි Technoplus ආයතනයේ හිමිකරුගේ පැමිණිල්ලට අනුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ II (CID) නිලධාරි මහතා විසින් පේටන්ට් බලපත‍්‍රය උල්ලංගනය කරමින් ව්‍යාජව රිලෝඞ් යන්ත‍්‍ර නිෂ්පාදනය සම්බන්ධව විත්තිකරුවන්ට චෝදනා පත‍්‍ර ගොනු කරන ලදි.
එහිදි විත්තිය වෙනුවෙන් පෙනි සිටි නිතිඥ මහතුන් විසින් සාක්‍ෂි සහිතව ගරු විනිසුරුතුමියට හෙලි කර සිටියේ අදාල නඩුවේ පැමිණිලිකරු ව්‍යාජ ලිපිනයන් සහ නම් දෙකකින් එකම හැදුනුම් පත් අංකය යටතේ පෙනි සිටින බවත් මේ නිසා (CID) නිලධාරින් කිසිදු සාදාරණ පරික්‍ෂණයකිින් තොරව මෙම නඩුව ගොනු කර ඇති බවයි.
තවද එහිදි හෙලි වුයේ ව්‍යාජ රිලෝඞ් යන්ත‍්‍ර ලෙස හදුන්වනු ලබන යන්ත‍්‍ර පේටන්ට් බලපත‍්‍ර සහිත යන්ත‍්‍රයේම ප‍්‍රති නිර්මාණයක් ලෙස (CID) නිලධාරිවරයා පවසා සිටිනුයේ හුදෙක් ව්‍යාජ රිලෝඞ් යන්ත‍්‍ර ලෙස හදුන්වනු ලබන යන්ත‍්‍ර පේටන්ට් බලපත‍්‍රය පරික්‍ෂාවෙන් පමණක් බවත් අදාල යන්ත‍්‍ර කොටස් විශේෂඥ පරික්‍ෂාවකින් නොකර ඒවායේ තාක්‍ෂණික වෙනස නොසලකා හරිමින් බවයි. ගරු විනිසුරුතුමිය විසින් අදාල යන්ත‍්‍ර දෙකම එකම යන්ත‍්‍රයන්ද යන්න (CID) නිලධාරියාගෙන් විමසිමෙදි ඔහු පවසා සිටියේ එකම නිර්මාණයන් බවයි. තවද තමන් විමර්ෂනයේදි පේටන්ට් බලපත‍්‍ර ලබා දෙන බුද්ධිමය දේපල කාර්යාලයෙන් විමසිමේදි ඔවුන් පවසා සිටියේද පේටන්ට් බලපත‍්‍ර ලබා දීමේදි අදාල නිර්මාණ යන්ත‍්‍ර ගෙන්වා පරික්‍ෂා නොකරන බවත් හුදෙක් අදාල අයදුම් පත‍්‍ර ඉල්ලුම්කරුගේ ලියවිල්ල පමණක් පරික්‍ෂා කර පේටන්ට් බලපත‍්‍ර ලබා දෙන බවයි.එහිදි එම ලියවිල්ලේ ඉල්ලිම් (CLAIMS) යන කොටසට පමණක් පේටන්ට් බලපත‍්‍ර ලබා දෙන බවයි. ඒ අනුව අදාල විත්තිකරුවන්ගේ යන්ත‍්‍රයේ තාක්‍ෂණික වෙනස සම්බන්ධව හා ඇතුලත කොටස් හෝ යන්ත‍්‍රයන් දෙකෙහි ඇති වෙනස්කම් සොයා බැලිම අනවශ්‍ය බවත් පේටන්ට් බලපත‍්‍රය මතම පමණක් මෙය පරික්‍ෂා කිරිම මත විත්තිකරුවන්ට චෝදනා ගොනු කරන බවයි.
එහිදි ගරු මහේස්ත‍්‍රාත්තුමිය විසින් විමසා සිටියේ මෙම පරික්‍ෂණයේදි පැමිණිලිකරුට නම් දෙකක් ඇති බව තමන්ට හෙලි නොවුයේද යන්නයි. එහිදි (CID) නිලධාරිවරයා පවසා සිටියේ තමන්ට පැමිණිල්ලක් ලැබු පසු එම පැමිණිල්ල ගැන පමණක් පරික්‍ෂණ කටයුතු පවත්වන බවයි.
එහිදි ගරු මහේස්ත‍්‍රාත්තුමිය විසින් පවසා සිටියේ (CID) යනු රටේ වැදගත් අපරාධ විමර්ෂනයන් සදහා පවතින රාජ්‍ය ආයතනයක් වන බවත් මෙවැනි සංකිර්ණ ගැටඵවකදි සුක්‍ෂම පරික්‍ෂණක් නොමැතිව නිර්මාණකරුවන්ට චෝදනා ගොනු කිරිම මත රටේ තාක්‍ෂණික දියුණුව අඩපණ විමත් මීට වඩා සැලකිලිමත්ව කටයුතු සිදු කලයුතුව පැවති බවත් නව නිර්මාණයක් යනු ඉතා සුඵ වු වෙනසක් මගින් හෝ විශාල තාක්‍ෂණික වෙනසක් සිදු විය හැකි බවත්ය.
එහිදි විත්තිය වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් දන්වා සිටියේ අදාල විත්තිකරුවන්ගෙන් අත්අඩංගුවට ගනු ලැබු භාණ්ඩ තවමත් කිසිදු පරික්‍ෂාවකින් තොරව අධිකරණයේ තැන්පත් කර ඇති බවත්, මෙම නිළධාරින් විත්තිකරුවන්ගෙ භාණ්ඩ තුලින් වු තාක්‍ෂණික වෙනස්කම් කෙරෙහි නොසලකා ලියවිල්ලක් මත පමණක් කටයුතු කිරිම හේතුවෙන් අදාල විත්තිකරුවන් විසින්ද ඔවුන්ගේ රිලෝඞ් යන්ත‍්‍ර සදහා පේටන්ට් බලපත‍්‍රයක් අයදුම් කර පවතින අවස්ථාවක මෙවැනි ක‍්‍රියා නිසා නව නිර්මාණකරුවන් වන මොවුන්ගේ සියඵ නිර්මාණ අඩපණ විමත් රටේ ඉදිරි දියුණුව මෙවැනි නිළධාරින්ගේ නොසැලකිලිමත් ක‍්‍රියානිසා විශාල හානියක් සිදු වන බවත්ය. මෙම නිසා කිසිදු පරික්‍ෂණ කටයුත්තක් සදහා විත්තිකරුවන්ගේ භාණ්ඩ අදාල නොකර ගැනිම හේතුවෙන් නැවත එම භාණ්ඩ විත්තිකරුවන් වෙන මුදා හිරින ලෙස විත්තියේ නිතිඥවරුන් විසින් ඉල්ලා සිටින ලදි.
තවද විත්තිකරුවන් විසින් කොළඔ වාණිජ මහාධිකරණයේ පේටන්ට් නඩුවක් ගොනු කර ඇති බවත් එහිදි මෙම නඩුවේ පැමිණිලිකාර Technoplus ආයතනයේ හිමිකරු සිතාසි භාර නොගන්නා බවත් ඒ සදහා බදුල්ල ග‍්‍රාම නිළධාරිවරයා හා ප‍්‍රදේශවාසින් විසින් මෙවැනි පුද්ගල නමක් හෝ අදාල ලිපිනයක් නොමැති බවට බදුල්ල දිසා අධිකරණ පිස්කල්වරයාගේ වාර්ථාවද ගරු මහේස්ත‍්‍රාත්වරියට ඉදිරිපත් කිරිමට විත්තියේ නිතිඥවරුන් පියවර ගන්නා ලදි.
මෙම සියඵ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුතුමිය භාණ්ඩ මුදා හැරිම සහ විභාගයට 2018-05- දිනට නැවත නඩුව කැදවිමට නියෝග කරන ලදි.
එසේම එම නඩුවේ විත්තිකරුවන් පවසා සිටියේ අදාල Technoplus ආයතනයේ හිමිකරු වන පැමිණිලිකරු තවත් මිතුරන් සමග එදින අධිකරණයට පැමිණ නඩුව යන අවස්ථාවේදි තම මිතුරන්ද දමා සුපිරි Mitsubishi Outlander වර්ගයේ මෝටර් රථයකින් නික්ම ගිය බවයි.
විත්තියේ නිතිඥවරුන් -
නිතිඥ සුමල් පත්මේන්ද්‍ර- මතුගම
නිතිඥ හරේන්‍ද්‍ර බනගල - මොරටුව
නිතිඥ වාසනා - මතුගම
නිතිඥ තරංගි එන් සිල්වා - කඵතර


විත්තිකරුවන් - TNSElectronics(PVT)Ltd & Dimuthu Enterprises
පේටන්ට් උණුසුම් පුවත් අපට එවන්න Fb - https://www.facebook.com/slpatentcases/
 

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කේස් එක වෙන පැත්තකට ඇදෙනවා වගේ ඒක හොදයි ටෙක්නෝප්ලස් එකාදිකාර්ය බිදහෙලෙන්න ඔනේ එතකෙටෙ තමයි කම්පිටිෂන් එක ඇති වෙන්නේ:yes::yes:
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Lankawe awasanawata competition laws nehe. Ee neethi tiyenna oone consumerslata waasi wenna. CID kiyanne hora guhawak.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    Technoplus එකේ තනිකරම තියෙන්නෙ මාෆියාවක්,
    අනිත් එක උන්ගේ Metirial Cost එකත් එක්ක බලද්දි ඒක ව්කුනන ගානට ඌට Outlander නෙමෙයි මාසෙක්න් i8 ගේන්න පුලුවන්,

    ලොකුම සීන් එක උන්ගෙ Service එක හොදයි නම් ඔහොම ඒකාධිකාරයක් තිබ්බත් කමක් නැ,
    මොනා හරි වැඩක් කරගන්න උන්ගේ ලොකුසීන් බලන්න ඕන, ඉල්ලන features දෙන්නත් බැ,

    කවුරු හරි තරඟයක් දෙන එක හොද වැඩක්. :yes:
     

    elamama3

    Junior member
  • Apr 1, 2018
    15
    0
    6
    හැදුනුම් පත් 2යි පේටන් 2යි ගෑනුත් 2යිද බම්? පට්ට පොරක්නේද බම්
     

    elamama3

    Junior member
  • Apr 1, 2018
    15
    0
    6
    පව් බන් කව්රු හරි මුන්ට Techno ගෙ හරි Address එකයි නමයි දෙන්න