සින්ගා සහ එතනින් එහාට - to singa and beyond

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    සින්ගා සහ එතනින් එහාට - to singa and beyond

    2016 දාපු ත්‍රෙඩ් එක තාම හිට් වෙනවනෙ ඉදල හිටල. ඒ හින්ද අලුත් තත්වෙ සහ රටකට යන්න ඉන්න උන්ට පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්. පරන තෙඩ් තුන කියලව නැති නම් කියවල් එන්න. ටිකක් වැඩිපුර තෙරෙයි. Link 1, Link2, Link3


    මම ඒ දවස් වල කියපු නීති, ජොබ් තියෙන කාල එහෙම ලොකු වෙනසක් වෙලා නෑ. ඒත් ජොබ් හම්බ වෙන විදිය, ඒකට යන කාලය වගේ ඒවල ලොකු වෙනසක් වෙලා තියෙනව

    ඉස්සර වගේ නෙමේ MOM එකෙන් ජොබ් වීසා එකක් ඇපෘව් කරන්න කලින් ගොඩක් ඒව බලනවා. ජොබ් එක දාපු කම්පැනි එක, රෝල් එක, එතන ඉන්න ලෝකල්ස්ල ගාන, වගේ ගොඩක් ඒවා බලනව. රිජෙක්ට් වෙන ප්‍රමානයත් වැඩී සෑහෙන්න.
    ඉස්සර EP ඇප්ලිකේශන් එකක් දාල සතියෙන් ඇපෘ වෙනව. දැන් අඩුම සති 3ක් යනව. ගොඩක් වෙලාවට සති 5ක් වගේ යනව. ඒ කියන්නෙ එක වීස එකෙන් ඉන්න බෑ. අනිව ලන්කාවට ගිහින් එන්න වෙනව. මෙහෙ එන එක පැලෑන් කරනකොට ඒකට ඇති වෙන්න සල්ලි හොයාගෙන ඉදපල්ල. නැත්නම් කෙල වෙන්න චාන්ස් වැඩී. හැබැයි හොද පැති දෙකක් තියෙනවා මේ සිටුවේශන් එකත් එක්ක.

    1) ඉස්සරට වඩා ලන්කාවේ ඉදන්ම ජොබ සෙට් කරගන්න තියෙන චාන්ස් වැඩී. කල් යන සීන් එක හින්දා කම්පැනි මුල් ඉන්ටවීව් SKYPE හරහා කරනන් පොඩි නැඹුරුවක් තියෙනවා. ගොඩක් නෑ. ඉස්සරට වඩා තියෙනවා. ඒත් ඉතින් හොද මීටරයක් වෙන්න ඕන

    2) ඒජන්සි වලින් ගන්න එක ටිකක් අඩු වෙලා ඩිරෙක්ට් ගන්න ප්‍රමානය වැඩි වගේ ඉස්සරට වඩා. මොකද ඒජන්සි ඒව රිජෙක්ට් වෙන චාන්ස් එක වැඩි. මේකෙන් කියන්නෙ නෑ දැන් ඒජන්සි නෙමේ සීන් එක කියල. තාම 50% ට වඩා ඒජන්සි සීන් එක තියෙනව. ඉස්සරට වඩා ඩිරෙක්ට් ගන්න ප්‍රතිශතය වැඩී.

    මේ දවස් වල හිට් වෙලා තියෙන සීන් එක තමා දැන් කියන්න යන්නෙ. මේක සින්ග වලට විතරක් අදාල එකක් නෙමේ, උබලට යන්න ඕන රටකට මේකෙන් දාන පුලුවන්. එක්කො කට්ටිය දන්නෙ නෑ ලන්කාවෙ, එහෙම නැත්නම් දන්න උන් කියන්නෙ නෑ.

    කෝඩින් කරන එකෙක් නම් stackoverflow එක නොදැකපු එකෙක් ඉන්න බෑ. අනිවා ඕක පවිච්චි වෙනවනෙ. හැබැයි උබල ඕකෙ තියෙන ජොබ්ස් ටික බලල තියෙනවද? ගොඩක් Europe රටවල සහ සින්ග වල ජොබ් ඕකෙ දානව. හොදට ප්‍රොෆයිල් එක හදා ගනිල්ල. හදල ඇප්ලයි කරපල්ල ගැලපෙන ඒවට.

    DQmWbHn.jpg


    ඔතනට ගිහින් ජොබ්ස් හොයල බලන්න. ෆිල්ට කරන්න පුලුවන් රටෙන්, වීස ස්පොන්ස කරනවද කියන එකේ සහ වැදගත්ම එක තමා, ඒ රටට එන්න relocation package එකක් දෙනවද කියන එකෙන්. එහෙම එකක් සෙට් උනොත් ගොඩම තමා. ඒ රටට එන්න ටිකට් දීල, කන්ටේනර් පෙට්ටියක් ගෙන්න සල්ලි දීල, තව ගෙය්ක් හොයාගන්න හෙල්ප් එකත් දෙනව. සින්ග වලට එහෙම ආපු එකෙක් මම දන්නව. ඌට මාසයක් ඉන්න ගෙයක් එහෙමත් දුන්න.

    dyE1bX9.jpg


    දාන්නන් වාලේ ඔක්කොටම දාන්න එපා. අන්තිමට ebay එකට උනා වගේ ලන්කාවෙ උන් කෙලින්ම කපන්න ගනී. ගැලපෙන, උබලට qualification තියෙන ඒවට දාපල්ල.

    ඔය ගොඩක් ක්ම්පැනි වලින් මුලින් ටෙස්ට් එකක් දෙනව. codility හරි hackerrank හරි වගේ සයිට් වල. පුලුවන් වෙලාවට ඒවල තියෙන ප්‍රශ්න කරපල්ල. https://www.martinkysel.com/codility-solutions/ එක https://www.geeksforgeeks.org/ එක වගේ ඒවල තියෙන ප්‍රශ්න, විසදුම කියවල බලපල්ල.


    දාන ඒව ගොඩක් ෆෙල් වෙයි. සැලෙන්න එපා. අතින් පයින් යනව කියලද? දාපල්ල ගැලපෙන ඒවට. පහල තියෙන්නෙ මට ආපු එහෙම එකක්. ඔහොම තමා ගනන් ගන්න එපා ඊලග එකට දාපල්ල.

    f9uPeOK.jpg


    අනිත් එක තමා LinkedIn එක. මෙකේත් ප්‍රොෆයිල් එක හොදට හදල ජොබ්ස් හොයනව කියල දාපල්ල. මේකෙන් එනව උබලගෙ ප්‍රොෆයිල් එක හොද නම්. හදන හැටි පහල තියෙන්නෙ. මම දාල තියෙන්නෙ casually looking කියල. උබලට ගැලපෙන එකක් දාගනිල්ල.

    tEShySB.jpg


    ZW9N665.jpg


    මේකෙනුත් හොද ඒව සෙට් වෙනව. උබලට ඇප්ලයි කරන්න පුලුවන් සර්ච් කරල. නැතිනම් recruitersල උබට කෙලින්ම කතා කරනව ගැලපෙනව නම් උන්ගෙ requirement එකට. ජොබ් එන්නෙ නෑ කියල හිතනව නම්, මම බොරු කියන්නෙ කියල හිතනව නම් බලපල්ල ඔය තියෙන්නෙ මට ආපු ඒවා දෙකක්.

    8d6lELL.jpg


    WtpFU3t.jpg


    මගෙ ලොකු එක කියනව නෙම් මම දැම්මනෙ මගෙ ඇප්ලිකෙශන් එක රිජෙක්ට් වෙච්ච එකත්. මම මේක දැම්මෙ උබලට මේකෙ තියෙන potential එක පෙන්නල එකෙක් හරි ගොඩ දාන්න.

    stackoverflow එකෙයි, LinkedIn එකෙයි දාන්නෙ ගොඩක් වෙලාවට company එකේම recruitersල. ඒජන්සි නෙමේ. ඉතින් හොද ජොබ් එකක් සෙට් වෙන්න තියෙන චාන්ස් එක වැඩී.
    අනික ඔය ගොඩක් උන් මුල් ඉන්ටවීව් skype එකෙන් කරල අන්තිම එකට එහෙට ගෙන්න ගන්නව. ඒකට උන් sponsor කරනවා. ජොබ් එක නැතත් ට්‍රිප් එක හරි තියෙනවා. experience එකක් ගන්නත් එක්ක ඒක වටිනව.

    අදට ඔය ඇති. ප්‍රශ්න තියෙනව නම් අහන්න. පුලුවන් විදියට උත්තර දෙන්නම්. ඕන තැනක ශෙයාර් කරන්න. කමක් නෑ. පුලුවන් නම් ඔරිජිනල් ලින්ක් එක දාන්න වෙන තැනක දානකොට. ඕන එකෙක්ට ආපහු මේත්නට ඇව්ති දෙයක් අහන්න පුලුවන් එතකොට. එහෙම ලින්ක් එක දැම්මෙ නෑ කියල කිසි ගින්නක් නෑ.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කලින් thread සෙට් එකෙන් ගොඩක් දේවල් දැනගත්ත :yes:
    තව ඒ වගේම වටිනා thread එකක් :cool:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    කීපදෙනෙක් ඇහුව දැන් එන එක කියන තරම් කේස්ද කියල. කේස්ම කියනව නෙමේ. රිස්ක් එක වැඩී. ඉස්සර එන එකෙන්ට ජොබක් සෙට් වෙන්න 80% චාන්ස් එකක් තිබුන නම් දැන් එක 50% වගේ වෙලා ඇති. අනික දෙපාරක් එන්න වෙනව. ජොබ් එක හොයන්න එක පාරයි, EP එක හරි ගියාම ජොබට එක පාරයි. වියදම ඩබල්.
    මම කියන්නෙ තියෙන සන්තකේම වියදම් කරල එන්න එපා මේ කාලෙ. කෙල උනොත් වහ කාල කැලෙ රින්ගන්න නම් වෙන්නෙ එන්න එපා. රිස්ක් එක වැඩී.
     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    කීපදෙනෙක් ඇහුව දැන් එන එක කියන තරම් කේස්ද කියල. කේස්ම කියනව නෙමේ. රිස්ක් එක වැඩී. ඉස්සර එන එකෙන්ට ජොබක් සෙට් වෙන්න 80% චාන්ස් එකක් තිබුන නම් දැන් එක 50% වගේ වෙලා ඇති. අනික දෙපාරක් එන්න වෙනව. ජොබ් එක හොයන්න එක පාරයි, EP එක හරි ගියාම ජොබට එක පාරයි. වියදම ඩබල්.
    මම කියන්නෙ තියෙන සන්තකේම වියදම් කරල එන්න එපා මේ කාලෙ. කෙල උනොත් වහ කාල කැලෙ රින්ගන්න නම් වෙන්නෙ එන්න එපා. රිස්ක් එක වැඩී.


    BA kenekta tiyena chances mona wageda machan?
    with 4-5 years experience
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් මේ ගැන කිසිම සම්බන්ධයක් සහ අවධානයක් නැහැ,
    ඒත් මචං මේ උඹ කරන වැඩේ පට්ට..
    උඹ කරන දෙයින් කොල්ලො ගොඩක් දැනුවත් වෙයි සහ දියුණු වෙයි..
    උඹට ජය