::.. ලෝකයේ ඇති සුන්දරම දියඇලි ..::

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ::.. ලෝකයේ ඇති සුන්දරම දියඇලි ..::

    ::.. ලෝකයේ ති සුන්දරම දියඇලි ..::

    bhX07JT.png


    දියඇලි කියල කියන්නෙ ස්වභාවධර්මය අපට ලබාදුන්නු වඩාත් ලස්සනම තෑග්ගක්. ලෝකය වටා විවිධ උසවල් වලින් යුක්ත කුඩා සහ විශාල දියඇලි ගණනාවක් තිඛෙනවා. මේ තියෙන්න ලෝකයේ වඩාත්ම සුන්දර දියඇලි 15 පිලිබඳ විස්තරයක්.

    01.ඒන්ජල් දියඇල්ල, වෙනිසියුලාව (Angel Waterfall, Venezuela)

    qeXXDO1.jpg


    lJBFpyX.jpg


    වෙනිසියුලාවෙහි පිහිටා ඇති මීටර් 979 ක් උස ඒන්ජල් දියඇල්ල ලොව උසම දියඇල්ල වේ. ලෝකයේ තෙවැනියට විශාලතම ජාතික උද්‍යානය වන කැනයිමා ( Canaima) උද්‍යානය විසින් මෙම ඒන්ජල් දියඇල්ල ආරක්ෂා කරනු ලබයි. පුදුමයට කරුණ නම් වෙනිසියුලානු වනාන්තර වලට වඩා මීටර් 3230ක් ඉහළින් මෙම ඒන්ජල් දියඇල්ල ඔටුන්නක් සේ දිස්වීමයි.
    වර්ෂා කාලයේදී ඒන්ජල් දියඇල්ල වෙන් වෙන් වශයෙන් දියඇලි දෙකකට වෙන්වෙයි. එමෙන්ම ගිම්හාන කාලයේදී ඒන්ජල් දියඇල්ලෙහි ජලය පහළට වැටීමට පෙර වාෂ්ප වී යයි.

    02.වික්ටෝරියා දියඇල්ල, දකුණු අප්‍රිකාව (Victoria Waterfalls, Southern Africa)

    ZyFRpL1.jpg


    LG7LOdX.jpg


    සැම්බියා (Zambia) - සහ සිම්බාබ්වේ (Simbabwe) - දේශසීමාවේ පිහිටා ඇති වික්ටෝරියා ඇල්ල ලෝකයේ ඇති විශාලතම තිරයක් ලෙස ජලය කඩාහැලෙන දියඇල්ලයි. සෑම මිනිත්තුවකම වික්ටෝරියා දියඇල්ලෙන් ජලය ඝන මීටර් මිලියන 500 ක් පහලට කඩා හැලේ. මෙතරම් ප්‍රභල ජල කඳක් කඩා හැලෙන නිසා ඇල්ල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර් 50 තරම් දුරටත් වික්ටෝරියා දියඇල්ල දර්ශනය වෙනවා. මෙය ලෝකයෙ ස්වභාවික පුදුම හත අතරට ඇතුළත් කර තිඛෙනවා. වික්ටෝරියා දියඇල්ලෙහි ජලය විසිරීයාම හේතුවෙන් වික්ටෝරියා වැසි වනාන්තරයට දින හතෙහිම පැය 24 පුරාම වැසි ලැඛෙනවා. මෙම විසිරීයන ජලය මතට සඳ එළිය එළිය වැටීම හේතුවෙන් පූර්ණ සඳ ඇති දින වලදී විවිධ රටා මැවෙනවා. වික්ටෝරියාහි කෙළවරෙහි පිහිනීමට ඔබට හැකියාව ලැඛෙන අතර ස්වභාවිකව නිර්මාණය වූ බිත්තියක් මඟින් ඔබව පහලට වැටීමෙන් ආරක්ෂා කරයි.

    03.නයගරා දියඇල්ල, එක්සත් ජනපදය (Niagara Waterfalls, United States)

    FvPRvGM.jpg


    SAZNR20.jpg


    nroa0az.jpg


    අඩි 167 ක් උස නයගරා ඇල්ල කැනඩාව සහ එක්සත් ජනපදය අතර මායිමේ පිහිටා ඇත. නයගරා ඇල්ල ප්‍රධාන දියඇලි තුනකින් සමන්විත වේ, ඇමෙරිකන් ඇල්ල (American falls) බ්‍රයිඩල් වේල්ස් ඇල්ල (Bridal veils fall) සහ හෝස්ශූ ඇල්ල (Horshoe falls). මේ අතරින් විශාලතම ඇල්ල වන්නේ හෝස්ශූ ඇල්ලයි. වසර 10000 කට පෙර සිදුවූ ග්ලැසියර් ක්‍රියාකාරීත්වයක් මෙම ඇල්ල ඇතිවීමට බලපාන ලදී. මිලියන 30 ක් පමණ සංචාරකයින් සෑම වර්ෂයකම නයගරා දියඇල්ල නැරඹීමට එක්සත් ජනපදයේ ඕල්ඩස්ට් සෙටේට් පාර්ක් (Oldest State park) වෙත පැමිණෙයි.
    සෑම තත්පරයකදීම ජලය ලීටර් 267,811 ක ප්‍රමාණයක් නයගරා දියඇල්ලෙන් පහලට ගලා බසියි. එක්සත් ජනපදයට හා කැනඩාවට විදුලිය ලබාදෙන ජල විදුලි බලාගාර තුනක් මෙම නයගරා දියඇල්ලෙහි පිහිටා තිඛෙනවා. නයගරා දියඇල්ලෙහි රාත්‍රී කාලයේ සිදුවන දිලිසීම තමයි ඔබට දැකගන්නට ඇති විශාලතම පුදුමය. ඇමරිකාවේ විශාලතම සමනල සංරක්ෂකාගාරය පිහිටා තිබීම හා නයගරා ඇල්ලෙහි ජලය මිදී තිබීම හේතුවෙන් ශීත කාලයේදී නයගරා ප්‍රදේශය ඇමරිකාවේ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා.


    04.ටුගෙලා දියඇල්ල, දකුණු අප්‍රිකාව (Tugelaa Falls, South Africa)

    Ck6YwHy.jpg


    omsaSfw.jpg


    දකුණු අප්‍රිකාවේ නටල් (natal) නම් වූ ජාතික රාජකීය උද්‍යානයේ පිහිටා ඇති ටුගෙලා දියඇල්ල ලෝකයේ දෙවැනියට උසම දියඇල්ලයි. වෙනිසුයුලාවෙහි පිහිටි ඒන්ජල් (Angel) දියඇල්ලට වඩා තරමක් උසින් අඩු මෙය අඩි 3110ක උසකින් සමන්විතයි. ටුගෙලා නදියෙ හේතුවෙන් සැදුම්ලත් මෙම ටුගෙලා දියඇල්ල පිපිරීම් තුනකින් කඩා හැලෙන නිසා මෙහි අලංකාරය වඩාත් වර්ධනය වී පෙනෙයි.
    වසන්ත සමයේ වර්ෂාවත් සමඟ නාටල් උද්‍යානය වෙත දිවෙන මාර්ගයේ සිටද මෙය නැරඹිය හැකි නිසා ටුගෙලා දියඇල්ල නැරඹීමට හොඳම කාලය වසන්ත කාලයයි. ටුගෙලා දියඇල්ල ඇල්ල වෙත ළඟා වීමට ඔබට දර්ෂණීය මංපෙත් පසුකිරීමට සිදුවෙන නිසා මෙය ඔබට සදා මතකයේ රැදෙන අත්දැකීමක් වේවි.


    05.ඩීටන් දියඇල්ල, චීනය (Detian Waterfalls, China)

    yMfW5SW.jpg


    qIXl5rJ.jpg


    ඩීටන් දියඇල්ල යනු චීන හා වියට්නාම දේශසීමාවේ පිහිටා ඇති ආසියාවේ විශාලතම අන්තර්ජාතික දියඇල්ල වේ. මෙම ඩීටන් දියඇල්ල කුඩා සහ උසින් වැඩි, හුණු ගල් සහ ඝණව වැඩුණු ගස් වලින් වටවූ තති තනි ඇලි වලින් සමන්විත වේ. විවිධ පැත් ඔස්සේ සිදුවන ජලයේ ගලාබැසීම හේතුවෙන් ඩීටන් දියඇල්ල චීනයේ වඩාත් සංචාරක ආකර්ෂණය දිනාගත් දියඇල්ල බවට පත්වී ඇත.
    ඩීටන් දියඇල්ලෙහි පාමුළ ඇති ගැඹුරු ජල තටාකය විශාල මසුන් බොහෝ ප්‍රමාණයකගේ වසස්ථානයක් වන අතර ස්වදේශිකයන් විසින් මෙම මසුන් අල්ලා මෙහි විවිධ කෑම වර්ග සකසයි. එමෙන්ම මෙම ප්‍රදේශය සදාහරිත ශාක සහ දුර්ලභ ගණයේ සතුන්ගෙන් පෝෂණය වී ඇත. ක්වාමියෝ (Qiaomiao) විල සහ ශකුන් (Shakun) දියඇල්ලද වාර්ශිකව මිලියන ගණන් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගනී.


    06.ඉගුසු දියඇල්ල, බ්‍රසීලය සහ ආජෙන්ටිනාව අතර දේශසීමාව (Iguazu Falls, Border Between Brazil and Argentina)

    uiHM4LR.jpg


    bEyWWXr.jpg



    බ්‍රසීලය සහ ආජෙන්ටිනාව අතර දේශසීමාවෙහි පිහිටා ඇති ඉගුසු (Iguazu) ගඟ මගින් මෙම අඩි 269 ක් උස ඉගුසු දියඇල්ල සැදුම් ගෙන ඇත. ඉගුසු දියඇල්ල විවිධ උස ප්‍රමාණයන්ගෙන් යුතු තනි තනි ඇලි වලින් සමන්විත නිසා එහි අලංකාරය වර්ධනය වී ඇත. මෙම ඉගුසු දියඇල්ල බ්‍රසීලය හා ආජෙන්ටිනාව අතර දේශසීමාව වඩාත් ආකර්ෂණීය එකක් කරයි.
    සෑම තත්පරයක දීම මෙම ඉගුසු දියඇල්ල හරහා ජලය ඝණ අඩි 450000 ක ප්‍රමාණයක් පහලට ගලා බසී. එමෙන්ම මෙයින් විසිරෙන ජලය දියඇල්ල අවට පරිසරයෙහි ආකර්ෂණීය බව වැඩි දියුණු කරයි. මෙය යුනිස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලද දියඇල්ලක් වන අතර නයගරා ඇල්ලට වඩා උසින් වැඩි වේ. වසන්ත සමය මෙම ඉගුසු දියඇල්ල නැරඹීම සඳහා හොඳම කාලයයි.


    07.යොසෙමයිට් දියඇල්ල, කැලිෆෝනියාව, එක්සත් ජනපදය (Yosemite Falls, California)

    x13HDBn.jpg


    b7saEm4.jpg



    උතුරු ඇමරිකාවේ ඇති උසම දියඇල්ල වන්නේ කැලිෆෝනියාවේ යොසෙමයිට් ජාතික උද්‍යානයේ පිහිටා ඇති යොසෙමයිට් දියඇල්ලයි. විවිධ ප්‍රමාණයේ දියඇලි කිහිමයක්ම මෙම ජාතික උද්‍යානය තුල පිහිටා ඇත. ඒවා අතරින් කොටස් තුනකට කඩා හැලෙන යොසෙමයිට් දියඇල්ල අඩි 2425 ක උසකින් යුක්ත වේ. වසන්ත (Spring) සමය මෙම දියඇල්ල නැරඹීම සඳහා සුදුසුම කාලය යැයි ඔබට පවසන්නේ එම කාලයේදී දියඇල්ලෙහි උපරිම ජල ධාරිතාවයක් දැකගත හැකි නිසාය. සීත සෘතුවේදී යොසෙමයිට් දියඇල්ලේ සියළුම ජලය මිදී යයි. එමෙන්ම අගෝස්තු මාසයේදී මෙහි ජලය සිදී යාමද දැකගත හැකිය. යොසෙමයිට් නිම්නයෙහි කුඩා දුරක් ගමන් කිරීම මඟින් නරඹන්නන්ට දියඇල්ලෙහි විවිධ ආකාරයේ දර්ශනයන් දැකගත හැකිවේ.


    08.හනකාපායි දියඇල්ල, ක්වායි, හවායි, එක්සත් ජනපදය (Hanakapiai Falls, Kauai, Hawaii, United States)

    waterfalls_HanakapiaiFalls.jpg


    AOEnkB2.jpg


    හවායි වල ක්වායි හි පිහිටා ඇති හනකාපායි දියඇල්ල ට දියහැකි සරලම පැහැදිලි කිරීම නම්, අතිෂය රමණීයයි එහෙත් අභියෝගාත්මකයි යන්නයි. මෙය අඩි 300 ක් පමණ උසකින් උක්ත වේ. මෙහි භයානක ලිස්සායෑම් සහිත තැන් ඇති නිසා මෝසම් කාලවල දී සංචාරයෙන් වැළකී සිටීම වඩාත් සුදුසු වේ. මාර්ගය කෙතරම් දුශ්කර සහ භයානක වුවත් හනකාපායි දියඇල්ල ඔබට වනාන්තරයේ සහ ජලයේ මනස්කාන්ත වූ දර්ශනයක් ලබාදෙනු ඇත. ජුරාසිප්පාක් වැනි අතිශය සුප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපට ඇතුළු බොහොමයක් හොලිවුඩ් චිත්‍රපට මෙහි රූගත කොට ඇත.

    09.කැස්කාටා ඩො කැරකොල් දියඇල්ල, බ්‍රසීලය (Cascata do caracol waterfalls, Brazil)


    ghJyoRF.jpg


    qoXwtcC.jpg



    මීටර් 476 ක උසකින් යුක්තවන කැස්කාටා ඩො කැරකොල් දියඇල්ල ( Cascata do caracol waterfalls ) - බ්‍රසීලයේ වැඩිපුරම සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථාන අතරින් එකකි. පයින් (pine) නම් වූ වනාන්තරය වෙත ගලා බසින කැරකොල් ( caracol) ගංගාව මගින් මෙම දියඇල්ල ඇතිවේ. බලධාරීන් විසින් නැරඹුම් කුළුණක් සහ කේබල් කාර් පද්ධතියක් ද දියඇල්ල සමීපව නැරඹීම සඳහා ඉදිකොට ඇත.

    10.ප්ලයිට්වයිස් දියඇල්ල, ක්‍රෝෂියාව (Plitvice Waterfalls, Croatia)

    u0iJ4VF.jpg


    ප්ලයිට්වයිස් දියඇලි පිහිටා තිඛෙන්නේ ක්‍රෝෂියාවේ ප්ලයිට්වයිස් හි (Plitvice) පිහිටා ඇති ප්ලයිට්වයිස් ජාතික විල් උද්‍යානයේයි (Plitvice lakes national park) මෙය දකුණු යුරෝපයේ පැරණිතම ජාතික උද්‍යානය වේ. මෙය යුනිස්කෝ සංවිධානය විසින් නම් කළ යුරෝපයේ ඇති ලෝක උරුම ස්ථාන අතුරින් එකකි. උද්‍යානයේ පිහිටා ඇති නිල්-කොළ පැහැති විල් සහ ස්වභාවිකව තැනුණු වේලි මගින් අඩි 230 ක් වූ උසම දියඇල්ල සහ තවත් කුඩා ප්‍රමාණයේ සහ සැලකිය යුතු උසකින් යුතු දියඇලි ගණනවක් නිර්මාණය කරයි.
    මෙම දියඇලි සහ විල් සමූහය නිසා ප්ලයිට්වයිස් ජාතික උද්‍යානය ලෝකයේ වැඩිම සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථාන අතරට එක්වේ. මෙහි ඇති විල්වල ජලයේ විවිධ වර්ණ ඇති කරන පාෂාණ වර්ග ද දැකිය හැකිය. තවදුරටත් කියනවනම් ප්ලයිට්වයිස් ඝන වනාන්තරයකින් වටවී ඇති නිසා හරිත වර්ණය මඟින් පරිසරය අලංකාරවත් වී තිඛෙනවා. ශීත සෘතුවේදී ප්ලයිට්වයිස් උද්‍යානයේ ජලය මිදී යෑමද දැකිය හැකිය.


    11.සදර්ලන්ඩ් දියඇල්ල, නවසීලන්තය (Sutherland Falls, New Zealand)


    gfbFI9z.jpg


    juiNa0V.jpg


    උසින් මීටර් 580ක් වන මෙම සදර්ලන්ඩ් දිය ඇල්ල නවසීලන්තයේ වඩාත් ජනප්‍රියම දියඇල්ලයි. සිත්ගන්නාසුළු කරුණ නම් සදර්ලන්ඩ් දූපත සතුව ඉතා අලංකාර ලෙස කඩා හැලෙන විල් වලින් සැදුම්ලත් දියඇලි තුනක් පිහිටා තිබීමයි. මෙම සදර්ලන්ඩ් දිය ඇල්ලවෙත ළඟා වීමට සංචාරකයන්ට තරමක් දුශ්කර මාර්ගයක් වන මිල්ෆොර්ඩ් (milford) මාර්ගය පසු කිරීමට සිදු වෙනවා. ගුවන් යානා පහසුකම්ද මෙම සදර්ලන්ඩ් දූපතේදී ඔබට ලබාගත හැකියි.

    12.බාටරා ගෝර්ජ් දියඇල්ල, ලෙබනනය (Baatara Gorge waterfall, Lebanon)

    v3UzMn2.jpg


    QaE5S2J.jpg


    sYbYvPD.jpg


    බාටරා දියඇල්ල පිහිටා තිඛෙන්නෙ ලෙබනනයේ ටනොරීන් (tannourine) කියන ප්‍රදේශයේ. උසින් මීටර් 837 ක් වන ගුහාවක් හරහා ගලාහැලෙන මෙය අනෙකුත් දියඇලි වලට වඩා හාත්පසින්ම වෙනස් අමුතු දියඇල්ලකි. ස්වභාවිකව නිර්මාණය වුණු ගල් පාළම් තුනක් මතින් පහලට ගලා බසින නිසා බාටරා දියඇල්ල ත්‍රී බ්‍රිජ් චැස්ම් (Three bridge chasm) ලෙසත් හඳුන්වනවා.
    බටාරා දියඇල්ලෙහි ඇති හුනුගල් සැකැස්ම වසර මිලියන 160 ක් පමණ පැරණි බව දැක්වෙනවා. මෙය පෘථිවියෙහි ඇති වඩාත්ම ආකර්ෂණීය භූගෝලීය සැකැස්මක් ලෙස සැලකෙනවා. අඛණ්ඩව සිදුවෙන ස්වභාවික ඛාදනයන් හේතුවෙන් බටාරා දියඇල්ලෙහි බාහිර හැඩය සහ උස වෙනස් වීම් වලට භාජනය වනවා. අනතුරුදායක, ලිස්සන සුළු ගල් ඇති නිසා සංචාරකයන්ට මෙම දියඇල්ල අසලටම ලඟාවීමට නම් අවසර ලැඛෙන්නෙ නැහැ.


    13.හැවසු දියඇල්ල, ඇරිසෝනා, එක්සත් ජනපදය (Havasu Falls" Arizona" United States)

    SD5ZROv.jpg


    Bezdo2h.jpg


    හැවසු දියඇල්ල තමයි ග්‍රෑන්ඩ් කැන්යොන් ඇරිසෝනා (Grand Canyon Arizona) හි දකින්නට ලැඛෙන වඩාත් ආකර්ශණීයම දියඇල්ලකි. අනෙකුත් දියඇලි වගේ නෙමෙයි මේ හැවසු දියඇල්ලෙහි ජලය තද නිල් පැහැයක් ගන්නා අතර වටේ ඇති ගල් රතු පැහැයක් ගන්නවා. ඒ වගේම තමයි ස්වභාවිකව නිර්මාණය වී ඇති ජල තටාක සහ වේලි මෙම ප්‍රදේශයේ අලංකාරය වඩාත් වර්ධනය කරනවා. හැවසු දියඇල්ල වටා ඇති හුණු ගල් වසර දහස් ගණනකට වඩා පැරණියි. හයිකින් (Hiking) සහ කෑම්පින්ග් (Camping) යාමද මෙහි එන සංචාරකයන් අතර වඩාත් ප්‍රචලිත දෙයක් බවට පත් වී තිඛෙනවා. එලෙසම ග්‍රෑන්ඩ් කැන්යෝ හි ඇති අලංකාර වටපිටාව නිසා වසරකට මිලියන ගණන් සංචාරකයන් මෙහි පැමිණෙනවා.


    14. හොගෙනාක්කල් දියඇල්ල, තමිල්නාඩු, ඉන්දියාව (Hogenakkal, Tanilnadu, India)

    36xrCKK.jpg


    දකුණු ඉන්දීය තමිල්ණාඩු ප්‍රදේශයේ තමයි මේ හොගෙනාක්කල් කියන දියඇල්ල පිහිටා තිඛෙන්නෙ. මුහුදු මට්ටමේ සිට අඩි 750 ක් පමණ උස (the niagra of India ) ඉන්දියාවේ නයගරා ලෙස හැඳින්වෙන මෙම ඇල්ල අලංකාර මෙලගිරි (melagiri) කඳු වලින් වටවී තිඛෙනවා. හොගෙනාක්කල් කරා යන ගමන නැවුම් සහ විනෝදය බර ගමනක් බවට පත් වන්නේ මෙලගිරි වනාන්තරයේ ඇති ඖෂධීය පැළෑටි වර්ග නිසාවෙන්මයි. ඔබට බෝට්ටු මඟින් කාවේරි ගෙඟහි සංචාරය කිරීමට අවකාෂය ලැඛෙන අතර මෙමඟින් හොගෙනාක්කල් ඇල්ල අසලටම ගොස් නැරඹිය හැකියි. කාවේරි (Kaveri) ගෙඟහි සුන්දරත්වය මුළුමනින්ම විඳගැනීම සඳහා විදේශීය සංචාරකයන් මෝසම් වැසි කාලය සංචාරය සඳහා තෝරා ගනු ලබනවා. හොගෙනාක්කල්හි ඇති තවත් ආකර්ෂණීය දෙයක් තමයි එම ස්ථානයේ ඇති ඉන්දියානු ආහාරපාන සහ තෙල් සම්බාහන සත්කාරය.


    15.ලැන්ෆෝසන් දියඇල්ල, බටහිර නෝර්වේ (Langfossen Waterfalls, Western Norway)

    335Y2PV.jpg


    92RAciE.jpg


    ලැන්ෆෝසන් දියඇල්ල බටහිර නෝර්වේ හි ඊත්න් (Etne) නම් ප්‍රදේශයේ තමයි පිහිටල තියෙන්නෙ. ලෝක දියඇලි පිළිබඳ දත්ත අතර මෙය ලෝකයේ හොඳම දියඇලි වලින් එකක් ලෙස සටහන් වෙලා තියනව. උසින් මීටර් 600 ක් වන මෙම ලැන්ෆෝසන් දියඇල්ල යුරෝපයේ 16 වන උසම දියඇල්ල වශයෙනුත් වාර්ථා වෙනවා. ඒ වගේම තමයි දර්ශනීය වටපිටාව දියඇල්ලේ අලංකාරය තවත් වැඩිදියුණු කරනව.
    ලැන්ෆෝසන් දියඇල්ල යුරෝපියානු මාර්ග අංක E134 ආසන්නයේ ඇති ඇක්‍රාෆ්‍රොඩ් (akrafjord) කඳු පෙදෙස දක්වා ගලා බසිනවා. මේ නිසා මෙම ස්ථානයට ළඟාවීම තවත් පහසු කරවනවා. මාර්ගයට විහිදෙන වතුර මගින් ඇතිවෙන දේදුණු නිසා මෙම ස්ථානය වඩාත් සිත් ඇදගන්න සුලූ බවින් යුක්තයි. ඒ වගේම තමයි සංචාරකයන්ට නෝර්වේ රටෙහි පිසූ ආහාර ලබා ගැනීමට හැකි ප්‍රධානතම ස්ථානයක් තමයි ලැන්ෆෝසන් දියඇල්ල කියල කියන්නෙ.



    up+down+anim.gif