මහෝගනි වානිජ වන වගාව.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මහෝගනි වානිජ වන වගාව.

    [FONT=&quot]මහෝගනි [/FONT][FONT=&quot]වානිජ [/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot] වගාව[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]වැදගත්[/FONT][FONT=&quot] :- [/FONT][FONT=&quot]මෙය[/FONT][FONT=&quot] වන [/FONT][FONT=&quot]සංරක්ෂණ [/FONT][FONT=&quot]දෙපාර්තමේන්තුවේ [/FONT][FONT=&quot]මුලාශ්‍ර ඇසුරෙන් මා විසින් සකසනලද ලිපියකි[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]................1880 [/FONT][FONT=&quot]වර්ෂයේදී [/FONT][FONT=&quot]පමණ [/FONT][FONT=&quot]මහෝගනි [/FONT][FONT=&quot]ශාකය [/FONT][FONT=&quot]ලංකාවට [/FONT][FONT=&quot]හදුන්වාදී[/FONT][FONT=&quot] ඇති [/FONT][FONT=&quot]අතර [/FONT][FONT=&quot]ප්‍රථමයෙන්ම මෙය ශ්‍රී ලංකාවේ වගාවක් ලෙස ආරම්භ කරන ලද්දේ[/FONT][FONT=&quot] 1897 වසරේදීය. පසුව පහත රට තෙත් හා අතරමැදි කලාපවල විශාල පරිමාණයෙන් වගා කිරීම ආරම්භ කර ඇත. මේවා ගෘහ භාණ්ඩ නිෂ්පාදනය, කැටයම් කැපීම, විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය හා ඉදිකිරීම් සදහා භාවිතා කරන වටිනා දැව විශේෂයකි. ඔප දැමීම, වර්ණය හා දිප්තිය අතින් මෙම දැව ඉහල තැනක් ගනී. සාමාන්‍යයෙන් මෙම දැව දුඹුරු පැහැයට හුරු රතු පැහැයක් ගන්නා අතර දැව ඉරිමෙන් පසු තද පැහැයකට හැරේ. නොමේරු ශාක වලට වඩා මේරු ශාක වල දැව තද පැහැයක් ගනී. මෙම දැව වල විශිෂ්ඨ ගුරුත්වය 0.54 පමණ වේ.[/FONT]

    [FONT=&quot]...........මෙම ශාක මෙලියේසි කුලයට අයත් වන අතර පලල් පත්‍ර මහෝගනි[/FONT][FONT=&quot] (Swietenia Macrophylla) [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] සිහින් [/FONT][FONT=&quot]පත්‍ර මහෝගනි[/FONT][FONT=&quot] (Swietenia Mahogani) [/FONT][FONT=&quot]ලෙස [/FONT][FONT=&quot]ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ශ්‍රී ලංකාව තුල දක්නට ලැබේ[/FONT][FONT=&quot]. මෙයින් වඩාත් බහුලව වගා කරනු ලබන්නේ පලල් පත්‍ර විශේෂය වන අතර තෙත් කලාපයේ එම විශේෂය වඩාත් හොදින් වර්ධනයවේ. සිහින් පත්‍ර විශේෂය වියලි කලාපය සදහා වඩාත් යෝග්‍යවේ.

    swienttenia-macro.jpg

    [/FONT]

    [FONT=&quot].........මහෝගනි [/FONT][FONT=&quot]ශාකය [/FONT][FONT=&quot]සදාහරිත [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]අර්ධ [/FONT][FONT=&quot]සදාහරිත [/FONT][FONT=&quot]ශාක [/FONT][FONT=&quot]විශේෂයකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සිලින්ඩරාකාර [/FONT][FONT=&quot]කදක්[/FONT][FONT=&quot] සහිත[/FONT][FONT=&quot] මෙම [/FONT][FONT=&quot]ශාක [/FONT][FONT=&quot]සාමාන්‍යයෙන් මීටර්[/FONT][FONT=&quot] 40 ත් 45 ත් පමණ උසකට සෘජුව වැඩේ. ස්වාභාවික තත්ව යටතේ නිවර්තන තෙත් හා නිවර්තන වියලි යන කලාප දෙකෙහිම ව්‍යාප්තවී ඇත. මෙම ශාකයට විවිධ පරිසර වලට හැඩගැසීමේ හැකියාවක් ඇති අතර තෙතමනය සහිත හොදින් ජල වහනය ඇති ගැඹුරු උදාසීන සරු පස්වල හොදින් වර්ධනයවේ.[/FONT]

    [FONT=&quot]පැල සිටුවීම හා නඩත්තුව[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot].........සෙන්ටිමීටර්[/FONT][FONT=&quot] 20-30 පමණ ( අඩි 1ක් පමණ) දිග,පලල,උස ඇති වලවල් තුල පැල සිටුවීම කළයුතුය. සාමාන්‍යයෙන් මේවා අඩි 9 ක හෝ 10 ක පමණ පරතරයකින් සිටුවයි. මතුපිට පස් පළමුව වල තුළට දමා පසුව ඉතිරි පස් දමා සති කීපයක් තැන්පත්වීමට හැර පැල සිටුවීම කළයුතුය. මහෝගනි කුඩා කාලයෙදී සෙවන ප්‍රියකරන ශාකයක් බැවින් තරමක සෙවන යටතේ සිටුවීම සුදුසුය. එහෙත් පසුව සම්පුර්ණ හිරු එළිය වැටීම ශාකයේ වර්ධනය සදහා අවශ්‍යවේ.[/FONT]

    rs=w:400,cg:true


    [FONT=&quot][FONT=&quot]........[/FONT]මහෝගනි [/FONT][FONT=&quot]ශාකයට වඩා දීර්ඝ වියලි කාල වලට ඔරොත්තුදීමේ හැකියාව අඩුය[/FONT][FONT=&quot]. මෙම ශාකය තනි වගාවක් ලෙස හෝ වෙනත් ගස් වර්ග සමග මිශ්‍ර වගාවක් ලෙස වගා කළහැකිය. අග්‍රස්ථයට ඇතිවන කෘමි හානි නිසාත් කුඩා කාලයේදී සෙවන හිතකරවන නිසාත් විවෘත ඉඩම්වල සාමාන්‍යයෙන් තනි වගාවක් ලෙස සිටුවීම සිදුනොකරයි. එහෙත් දිගු වියලි කාල නොමැති තෙතමනය සහිත ප්‍රදේශවල මෙය තනි වගාවක් ලෙසද වගා කළහැකිය.[/FONT]

    [FONT=&quot].......සාරවත් පසෙහි වැඩීම ඉක්මන් අතර නිසරු ඉඩම්වල වගා කිරීමේදී පොහොර යෙදියයුතුය[/FONT][FONT=&quot]. පි.එච් අගය 7 ට ආසන්න පසක් වඩාත් සුදුසු වුවත් තරමක් ආම්ලික පසේද වැඩිමේ හැකියාව ඇත. ගැඹුර අඩු මැටි සහිත පසේද ජල වහනය දුර්වල බැවින් මනා වර්ධනයක් නොපෙන්වයි. කුඩා කාලයේදී පැල වටා ඇති වල් නෙලිම කලයුතුය. වගාව ආරම්භයේදී එන්.පී.කේ පොහොර යෙදීමෙන් ශාක වල වර්ධනය වැඩිකරගතහැකිය. පැලයකට ග්‍රෑම් 60-100 පමණ ප්‍රමාණයක් පලමු වසරේදී යෙදියයුතු අතර මෙය වසර කිහිපයක් යනතුරු ක්‍රමයෙන් වැඩිකරමින් යෙදියයුතුය.[/FONT]

    [FONT=&quot]පලිබෝධක මර්ධනය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]...........මහෝගනි [/FONT][FONT=&quot]ශාකයට බලපාන ප්‍රධානම පලිබෝධකයා වන්නේ[/FONT][FONT=&quot] “හිප්සිපිල” නැමති අග්‍රස්ථ අංකුර කොටසට හානි කරන කද විදින කෘමියෙකි. මොවුන් විසින් හානිය සිදුකරනු ලබන්නේ කීට අවස්ථාවේදීය. මෙය නිවර්තන කලාපීය රටවල් බොහොමයක පැතිර ඇති නිසා වගා කිරීම සිමාවී ඇත. මෙම කෘමියාගේ සලබයා කදේ බිත්තර දමන අතර ඒවායින් පිටවන කීටයන් අග්‍රස්ථ අංකුරය වෙතර ගොස් ප්‍රධාන කදට හෝ පත්‍ර වල මැද නාරටිය තුලින් කද තුළට පැමිණ කදේ අග්‍රස්ථ කොටස් සිදුරු කරමින් ආහාරයට ගනි. මෙම හේතුව නිසා ශාකයේ සෘජුව වැඩීමට බාධාවීම හෝ මියයාම සිදුවිය හැකිය. මෙයට විසදුමක් ලෙස මෙලියේසි කුලයට අයත් නොවන ගස් සමග මිශ්‍රව වගා කිරීම සුදුසුවේ. තවද හානියට පාත්‍ර නොවන ප්‍රභේද තොරා වගා කිරීමද කළහැකිය. මීට අමතරව “ඇම්බ්‍රොසියා” නම් කුරුමිණියෙකුද මහෝගනි ශාකයට හානි සිදුකරන බවද විශේෂයෙන් වෙනත් රටවලදී වාර්තාවී ඇත. වගාව පිරිසිදුව තබාගැනීම, තුනි කිරීම් වලදී ඉතිරිවන කදන් හා අතු කොටස් වගාව තුළම දිරාපත් වීමට ඉඩ නොදි ඉවත් කිරීම මගින් මෙම පලිබෝධකයා පාලනය කලහැකිය.[/FONT]

    [FONT=&quot]තුනී කිරීම හා දැව අස්වනු නෙලීම[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot].........තුනී කිරීම් නිසි කාලයට සිදුනොකළහොත් කදන් මහත්වීම අඩුවන අතර පමණට වඩා තුනී කිරීමෙන් හෝ විශාල පරතර ඇතිව සිටුවිමෙන් කදන් කෙලින්ම උසයාම අඩුවී පාර්ශවික අතු වර්ධනයවීම සිදුවේ[/FONT][FONT=&quot]. තනි මහෝගනි වගාවක් සිටුවා වසර 15 ක් පමණ ගියවිට හෙක්ටයාරයකට ගස් 900 ක් පමණ ඉතිරි වනලෙස වැඩිපුර ගස් ඉවත් කළයුතුය. එනම් මෙය පළමුවර තුනී කිරීමයි. ඉන්පසු සෑම වසර 10 කට වරක්ම මෙම ගස් සංඛ්‍යාව හෙක්ටයාරයකට 600, 270, 100 බැගින් ඉතිරි වන ලෙස තුනී කිරීම කළයුතුය. පළමුවර තුනී කිරීමේදී අතු බෙදුණු නිරෝගී නොවන ඇදවූ කදන් සහිත ගස් ඉවත්කිරීම කළයුතුය. හොදින් මේරූ කදක් ලබාගැනීම සදහා අවසාන හෙලීම වසර 30 ත් 40 ත් අතර කාලයකදී සිදුකළහැකිය. අවශ්‍යනම් වසර 25 පමණ වනවිට හෙවත් දෙවන වර තුනී කිරීම සිදුකළයුතු කාලයේදී සම්පුර්ණ වගාවේම අස්වැන්න ලබාගතහැකිය. කෙසේ වෙතත් ගස් වල වයස වැඩිවත්ම දැවවල ගුණත්මකභාවය මෙන්ම වටිනාකමද ඉහලයයි.[/FONT]

    [FONT=&quot] ........මෙම ශාක ස්වාභාවික වනාන්තරවල වැඩිමේදී වානිජ මට්ටමට ලගාවීම සදහා සාමාන්‍යයෙන් වසර 100 ත් 150 ත් අතර කාලයක් ගතවෙයි. නමුත් මේවා වගාවක් ලෙස සිදුකර නිසි කලට තුනී කිරීම මගින් එම කාලය වසර 40 ත් 50 ත් අතර අගයක් දක්වා අඩුකර ගතහැකිය. ජල වහනය හොදින් සිදුවන වියලි ප්‍රදේශවල වැඩෙන ශාක මගින් ශක්තිමත් හා ඝනත්වයෙන් වැඩි දැව ලබාදේ. වැඩි උච්චතාවයක හෙවත් මීටර් 500 ත් 1200 ත් අතර වැඩෙන ශාක අඩු වර්ධන වේගයක් තිබුනද වැඩි ගුණත්මකභාවයකින් යුතු දැව නිපදවයි. එනම් දේශගුණික හා රූප විද්‍යාත්මක ලක්ෂණ මත දැව වල ගුණත්මකභාවය රදාපවතී. වගාවක වසර 50 ක පමණ කාලයකින් ලබාගන්නා දැවවල සෑම වසරක් තුලම වැඩිවන දැව පරිමාව හෙක්ටයාර 1 කට දැව ඝනමීටර් 15 ත් 20 ත් පමණවේ.

    [FONT=&quot][FONT=&quot]ප[FONT=&quot]හ[FONT=&quot]ලින් [FONT=&quot]ති[FONT=&quot]යෙන්[FONT=&quot]නේ 2009 අ[FONT=&quot]වු[FONT=&quot]රු[FONT=&quot]ද්[FONT=&quot]දේ [FONT=&quot]දි[FONT=&quot]ව[FONT=&quot]යි[FONT=&quot]න [FONT=&quot]පු[FONT=&quot]ව[FONT=&quot]ත්[FONT=&quot]ප[FONT=&quot]තේ [FONT=&quot]මේ [FONT=&quot]ගැ[FONT=&quot]න [FONT=&quot]ඵ[FONT=&quot]ල[FONT=&quot]වෙ[FONT=&quot]ච්[FONT=&quot]ච [FONT=&quot]ලි[FONT=&quot]පි[FONT=&quot]යක්. ඒ Image එ[FONT=&quot]ක Click [FONT=&quot]ක[FONT=&quot]ර[FONT=&quot]ලා Scribd එ[FONT=&quot]ක[FONT=&quot]ට [FONT=&quot]ගි[FONT=&quot]හින් ඒ[FONT=&quot]ක [FONT=&quot]බ[FONT=&quot]ලන්[FONT=&quot]න.


    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    තේක්ක ගස් සම්පූර්ණ වැවෙන්න කොච්චර කල් යනවද?
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    තේක්ක ගස් සම්පූර්ණ වැවෙන්න කොච්චර කල් යනවද?

    තේක්කත් මේ වාගේම තමයි. ඔන්නම් අවුරුදු 25 න් කපන්න පුළුවන්. හැබැයි මේ දෙකම අවුරුදු 20 ක් වත් නැතුව කැපුවොත්නම් අපරාදෙ.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    හෙන කාලයක් යනවා නේද බන් ඕවා වාණිජ මට්ටමේ ගහක් වෙන්න :oo:

    ඔව්. අවුරුදු 25 ක් කියන්නෙ ලොකු කාලයක්. හැබැයි ඒ හෙන කාලයක් ගිහිල්ලා ලැබෙන ආදායමත් හෙන ගානක්. මන් හිතන්නෙ අක්කරයකින් කොටි 2 කටත් වැඩිය ගන්න පුලුවන්. මේවායේ තියන අනිත් වාසිය තමයි නඩත්තුව ගොඩක් අඩුයි.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔව්. අවුරුදු 25 ක් කියන්නෙ ලොකු කාලයක්. හැබැයි ඒ හෙන කාලයක් ගිහිල්ලා ලැබෙන ආදායමත් හෙන ගානක්. මන් හිතන්නෙ අක්කරයකින් කොටි 2 කටත් වැඩිය ගන්න පුලුවන්. මේවායේ තියන අනිත් වාසිය තමයි නඩත්තුව ගොඩක් අඩුයි.


    ඔව් නේද මචං :yes::yes: