::.. ලොව සුපතල උණු දිය උල්පත් ..::

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ::.. ලොව සුපතල උණු දිය උල්පත් ..::

    ::.. ලොසුපතල ණුදියල්පත් ..::


    lkiFzUz.png


    උණු දිය උල්පත්, එහෙමත් නැත්නම් රත් වූ ජලය සහිත ජල මූලාශ්‍ර වල ජලය උෂ්ණත්වයෙන් වැඩි ලෙසින් පවතින්නෙ ස්වභාවිකවම හටගන්නා භූගත උෂ්ණත්ව ධාරා මගින් ඇතිවන බලපෑම් හේතුවෙන්. මෙම උණු දිය උල්පත් ඇතිවෙන්නෙ මේ විදියට ස්වභාවික රත් වූ ජලය මතුපිට පොළෝ පෘෂ්ඨයට පැමිණීම මගින්. මෙලෙස පිටතට පැමිණෙන ජලය විවිධ වර්ණ සහ විවිධ ආකාරයේ හැඩතල වලට අනුව විසිරී යාම නිසා අලංකාර දර්ශනයක් ලබාදීමට සමත් වෙනවා. කොහොම නමුත් උණුසුම් වසන්ත කාලයේ නියම වින්දනය ලබා ගැනීමට නම් වසන්තය දිහා බලා ඉන්නවා වෙනුවට ශරීරයට අමුතු ජවයක් ලබාදෙන මෙම විශ්මිත ජලයේ පහස ලබන්නම වෙනව. නැරඹීමට මෙන්ම ජලයේ පහස විඳිමින් ස්නානය කිරීමටද අවසර ලබාදෙන සංචාරකයන් අතර ප්‍රචලිත උණු දිය උල්පත් කිහිපයක් පිළිබඳ විස්තර තමයි පහතින් සඳහන් කරල තියෙන්නෙ.

    01. යෙලෝස්ටෝන් ( Yellowstone )

    utNL7c9.jpg


    4mFgbJg.jpg




    යෙලෝස්ටොන් කියල කියන්නෙ අති විශාල සංඛ්‍යාවක් වූ උණු දිය උල්පත්, භූ උෂ්ණත්ව කළාප, විශ්වාස කල නොහැකි අන්දමේ වනජීවීන්, විශම වූ අලංකාරයක් සහිත භූමිය ආරක්ෂා කිරීම සඳහා ඇති කරන ලද ලෝකයේ ප්‍රථම ජාතික උද්‍යානයයි. යෙලෝස්ටෝන් පිහිටල තියෙන්නෙ උණුසුම් ස්ථානයක් සහිත විශාල, ආලෝකය සහිත, උණුසුම්, උණු වූ පිටත ආවරණයක් සහිත පොළොවෙන් ඉහලට මතුවූ ගලක ඉහළ තලයේයි. එමෙන්ම මෙම යෙලෝස්ටොන් පාක් එක සතුව ලෝකය දන්නා කියන භූ උෂ්ණත්ව ලක්ෂණ වලින් අඩක් පමණ දක්නට ලැඛෙන අතර උණු දිය උල්පත් වර්ග වලට උදාහරණ 10 000 ක් පමණ දක්නට ලැබේ. පසුගිය වසර මිලියන 17ක් පමණ කාලය තුළ දරුණු පිපිරීම් ගණනාවක්ම සිදුවී ඇත. අවසන් වරට සිදුවූ දරුණුතම පිපිරීම වාර්ථා වූයේ ද මීට වසර 640 000 කට පමණ පෙරදීය.

    02. බ්ලු ලැගෝන් ( Blue Lagoon )

    ARCUu4f.jpg


    vSOHdUf.jpg


    wGmMp5X.jpg




    බ්ලු ලැගෝන් යනු කේෆ්ලැවික් ( Keflavik ) ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ නිරිත දිග අයිස්ලන්තය අතර පිහිටා ඇති ලාවා තට්ටුවක් මත පිහිටා තිඛෙන භූ උෂ්ණත්ව සම්බාහන මධ්‍යස්ථානයකි. අසල පිහිටි භූ උෂ්ණත්ව බලශක්ති බලාගාරයෙහි අතුරු නිශ්පාදනයක් තමයි මේ බ්ලු ලැගෝන් කියල කියන්නෙ. විදුලිය නිශ්පාදනයට යොදාගන්නා ටර්බයින ක්‍රියාත්මක කරවීම සඳහා අසල පිහිටි ගලායන ලාවා පහරක සිට ජලය භූගතව ගෙන එනු ලබයි. ටර්බයින තුළින් ගමන් කිරීමෙන් පසුව මෙම උණුසුම් ජලය නගරයෙහි ජලය උණුසුම් කිරීමට සකසා ඇති පද්ධතියකට උෂ්ණත්වය ලබාගැනීම සඳහා උෂ්ණත්ව හුවමාරු ඒකකයක් තුළින් ගමන් කරවා අවසානයේ කලපුව වෙත මුදා හරිනු ලබයි. මෙම ජලය ඛණිජ ලවණ වලින් ඉතාමත් පොහොසත් අතර සමෙහි ආබාධ සහිත බොහෝ පුද්ගලයන්ට මෙම ජලයෙන් ස්නානය කිරීම මගින් එම රෝගී තත්ව සුව කර ගැනීමට හැකියාව ලැබේ. පිහිනීමට සහ දිය නෑමට හැකි කලපු ප්‍රදේශයේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ( 1040 F ) පමණ වාර්ෂික සාමාන්‍යයක් සහිතව පවතින අතර ශීත කාලගුණ තත්ව යටතේදී පවා මෙය මෙලෙසම පවතී.

    03. ඩලෝල් (Dallol )

    2QN7vEL.jpg


    PxAMvdG.jpg


    XWAhhmY.jpg


    HUXIha9.jpg




    ඩලෝල් යනු ඉතියෝපියාවෙහි ඩනකිල් (Danakil ) අවපාතයේ පිහිටා ඇති ප්‍රචණ්ඩ ගිණි කන්දකි. වර්ෂ 1926 දී ඇති වූ ගිණි කන්දෙහි පිපිරීම හේතුවෙන් තවත් ලොරි තට්ටුවක් පමණ විශාලත්වයෙන් යුතු ආවාට ගණනාවක් ඇතිවිය. මෙම ප්‍රදේශය පෘථිවිය මට ඇති උෂ්ණත්වයෙන් වැඩිම ස්ථානය වන අතර එහි වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ( 940 F ) ක් පමණ වන බව වර්ෂ 1960 ත් 1966 ත් අතර කාළයේ දී වාර්තා විය. ඩලෝල් උණු දිය උල්පත් ප්‍රදේශය යෙලෝස්ටෝන් පාක් ( Yellowstone Park ) හා සමාන යැයි සැලකුණත් ඊට වඩා පළලින් යුතු බව පෙනී යයි.

    04. ජිජෝකුදානි මන්කි පාර්ක් ( Jigokudani Monkey Park )

    PQFENY1.jpg


    JaUqkCh.jpg




    ජපානයෙහි නගනෝ ( Nagano ) ප්‍රදේශය අසල පිහිටා තිඛෙන උණු දිය උල්පත් සහිත ප්‍රසිද්ධ ස්ථානයක් තමයි ජිජෝකුදානි මන්කි පාර්ක් කියල කියන්නෙ. ජිජෝකුදානි යන නමෙහි අර්ථය වන්නේ හෙල්ස් වැලි (Hell's Valley) යන්න වන අතර රත්වන ජලය හේතුවෙන් අයිස් බවට පත්වූ පොළොව මතින් ඉහළ නගින ජල බුබුළු , භයානක කඳු බෑවුම් වලින් සහ අනතුරුදායක, සීතල වනාන්තරයකින් වටවී ඇති නිසා මෙම අරුත ලැබී ඇත. මෙම උද්‍යානය හිමෙන් වැසී ගිය කාලයට මෙහි බොහෝ හිම වඳුරන් පැමිණෙන අතර මොවුන් හේතුවෙන් මෙම උද්‍යානය ප්‍රසිද්ධියට පත්විය. බෑවුම් මතින් සහ වනාන්තරය තුළින් මතුවන මෙම වඳුරන් උණු දිය උල්පත් මත හිඳගෙන සිටීමට මෙහි පැමිණෙයි. සැඳෑ යාමයේදී මොවුන් නැවත තම වාසස්ථාන කරා ඇදී යනු දැකගත හැකිය.

    05. පමුකාලේ ( Pamukkale )

    Skm7xud.jpg


    PKHVFtb.jpg




    ස්වභාවධර්මයේ අතාත්වික භූ විද්‍යාත්මක පිහිටීමක් ලෙස මෙම ස්ථානය හැදින්වේ. පමුකාලේ යන්නෙහි තේරුම කොට්න් කැස්ට්ල් ( Cotton Castle ) වන අතර සුදු පැහැති තට්ටු ලෙස පිහිටා ඇති භූමිය හේතුවෙන් මෙලෙස නම් ලැබී ඇත. මෙය පිහිටා තිඛෙන්නේ තුර්කියේය. මෙම තට්ටු නිර්මාණය වී ඇත්තේ ට්‍රැවටීන් ( Travertine ) මගිනි. මෙම අවසාධිත පාශාණ මත ඉහළ ඛණිජමය ධාරිතාවකින් යුතු උණු ජලය තැම්පත් වී ඇත. තුර්කියේ ඉහළම ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් ලෙස සඳහන් වන මෙහි ඇති තටාක වල දිය නෑමට බොහෝ වර්ෂ ගණනක සිට මිනිසුන් පුරුදු වී ඇත. පුරාණ ග්‍රීසියේ හීරපොලිස් ( Hierapolis ) නම් නගරය පර්ගන් ( Pergamon ) නම් රජවරුන් විසින් මෙම උණු දිය උල්පත් පිහිටා ඇති භූමියෙහි මුදුනේ ඉදි කොට ඇත. නාන තටාක, මාළිගා සහ තවත් ග්‍රීක ස්මාරක වල නටඹුන් අදටත් මෙම ස්ථානයේ දැක ගත හැකි වේ.

    06. ගීසස් ඔෆ් හවුකඩලර් ( Geysers of Haukadalur )

    fv6Ujoq.jpg


    uusFD73.jpg


    WPureLw.jpg




    හවුකඩලර් යනු අයිස්ලන්තයෙහි විශාලතම් සහ ප්‍රසිද්ධ ගීසර් ( Geysir ) , ස්ට්‍රොකු (Strokkur ) වැනි උණු දිය උල්පත් සහිත නිම්න ප්‍රදේශයකි. ගීසර් කියල කියන්නෙ යුරෝපයේ මුලින්ම හඳුනාගත් උණු දිය උල්පත වන අතර එය ලෝකයේ උණු දිය උල්පත් ජනප්‍රිය වීම කෙරෙහි ධනාත්මක සාධකයක් විය. ගීසර් හි ඇති උණු දිය උල්පතෙහි ජලය ඉහළට විදීම මීටර් 70 ක් පමණ උසක් දක්වා විහිදේ. මෙම පිපිරීම් එසේත් නැතිනම් ජලය ඉහළ විදීම් නිතරම සිදු නොවිය හැකි අතර පසුගිය අවුරුදු තුනක් තිස්සේ එය නැවතී තිබී ඇත. නමුත් මේ වන විට දිනකට තුන් වතාවක් පමණ ජලය ඉහළ විදීම සිදුවේ. ස්ට්‍රොකු මීටර් 50 කට වඩා අඩු උසක් දක්වා විහිදෙන ජල පිටකිරීමක් සිදු කරන අතර එය සෑම විනාඩි දහයකට වරක් හෝ ඒ හා සමාන කාලාන්තරයක් තුළ දී සිදුවේ.


    07. හුවාන්ලෝන් (Huanglong )

    Dcbv95p.jpg


    sFkYhRn.jpg


    RtUzpKe.jpg




    හුවාන්ලෝන් එසේත් නැතිනම් යෙලෝ ඩ්‍රැගන් මවුන්ටන් ( Yellow Dragon Mountain ) කියල හඳුන්වන්නෙ මධ්‍යම චීනයේ පිහිටා තිඛෙන, එහි ඇති කැල්සයිට් ( Calsite) වලින් සෑදුණු වර්ණවත් තටාක , විවිධාකාර පරිසර පද්ධති , හිමෙන් වැසුණු කඳු මුදුන් , උණුසුම් දිය උල්පත් සහ දිය ඇලි හේතුවෙන් ප්‍රසිද්ධියට පත්වූ ප්‍රදේශයක්. ඒ වගේම තමයි හුවාන්ලෝන් කියල කියන්නෙ සුප්‍රසිද්ධ යෝධ පැන්ඩා වැනි විවිධ වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති දේ වලින් සමන්විත ප්‍රදේශයක්. එමෙන්ම උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 ක් පමණ වූ උණුසුම් ඖෂධීය සහ ඛණිජ අඩංගු පර්ල් බොයිලින් ලේක් ( Pearl Boiling Lake ) නම් ජලාශය හුවාන්ලෝන් හි දකුණු කොටසේ පිහිටා තිඛෙනවා. ටෙරාස්ඩ් ලයිම්ස්ටෝන් පොන්ඩ් ( Terraced limestone ponds ) නැරඹීම සඳහා සුදුසුම කාලය ලෙස සැප්තැම්බර් සහ ඔක්තෝබර් යැයි දැක්වෙන්නේ ඒ කාලයේදී නිල්, කහ , සුදු සහ කොළ පැහැයෙන් යුතු පොකුණු දැකගත හැකි නිසාවෙනි.

    08. රොටෝරොයා ( Rotorua )

    jcCOEBQ.jpg


    ONnS0jR.jpg


    CMORrep.jpg




    නවසීලන්තයෙහි පිහිටා ඇති රොටෝරොයා ජලාශයේ ඉවුරෙහි මෙම උණු දිය උල්පත් භූමිය පිහිටා ඇත. මෙය නවසීලන්තයේ තාප මායාලොව ( Thermal Wonderland ) යන අනුවර්ථ නාමයෙන් ද හැඳින්වේ. නගරය වටා උනු දිය උල්පත් ගණනාවක්ම පිහිටා ඇත. මේවායෙන් බොහොමයක් උද්‍යාන ලෙස හා තටාක ලෙස දක්නට ඇත. හුමාලයෙහි, උණු ජලයෙහි සහ මඩ වලද ඉහලට විදීම් මෙම භූමියෙහි දක්නට ඇත. තවද නොක්ස් උණුදිය උල්පත් ( Knox ) වලට අමතරව වයි ඕ ටාපු ( Wai-O-Tapu ) හිද වර්ණවත් පෙනුම නිසා ඉමහත් ප්‍රසිද්ධියට පත් උණු දිය උල්පත් දක්නට ලැබේ.

    09. එල් ටැටියෝ (El Tatio )

    hzu02C2.jpg


    JH6BVru.jpg


    jlE8xPy.jpg




    උතුරු චිලී දේශයේ පිහිටා ඇති ඇන්ඩීස් ( Andes ) කඳු වැටියෙහි මීටර් 4 300 ක ( අඩි 13 780 ) උසකින් මෙම එල් ටැටියෝ නම් ප්‍රසිද්ධ උණු දිය උල්පත් භූමිය පිහිටා තිබේ. මෙහි පවතින දේශගුණික තත්වය සහ අධික උස නිසා මෙම පරිසරය පෘථිවියෙහි පිහිටා ඇති අතිශය ආන්තික පරිසරයක් යැයි පැවසේ. උණු දිය උල්පත් 80 කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම භූමිය දකුනු අර්ධ ගෝලයෙහි විශාලතම උණු දිය උල්පත් සහිත භූමි ප්‍රදේශය වන අතර ලෝකයේ තුන්වන ස්ථානය ලබා ගැනීමට සමත් කම් දක්වයි. අධික ශීත දේශගුණය නොසලකමින් බොහෝ නරඹන්නන් මෙම ප්‍රදේශය වෙත ඇදී එයි.

    10. වැලි ඔෆ් ගේසර්ස් ( Valley of Geysers )

    Sfhe7cs.jpg


    aXvpfjU.jpg




    මෙය රුසියාවේ ඈත පෙරදිග නිම්නයේ කැචකා ( Kamchatka ) නම් අර්ධද්වීපයෙහි පිහිටා ඇති අතර මෙය ලෝකයේ දෙවන විශාලතම උණු දිය උල්පත් පිහිටා ඇති නිම්න ප්‍රදේශය ලෙසද දැක්වේ. එරට දේශීය විද්‍යාත්ඥයෙකු වන ටැට්යා උස්ටිනෝවා ( Tatyana Ustinova ) විසින් වර්ෂ 1941 දී මෙම උණු දිය උල්පත් සහිත නිම්න ප්‍රදේශය සොයාගන්නා ලදී. එදා තෙක් අද දක්වා කාලය තුළ කැචකා හි පිහිටා ඇති මෙම ප්‍රදෙශය ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ප්‍රදේශයක් බවට පත්විය. වර්ෂ 2007 දී මෙම ප්‍රදේශය නාය යෑමකට ලක් වූ අතර එය සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් අර්ධයක් තරම් විශාල ප්‍රදේශයක් බව පැවසේ. කෙසේවෙතත් තවමත් මෙම නිම්නය ජීවී ලෙස පවතින අතර ඉතා විශාල සංචාරක ආකර්ෂණයක් සහ විද්‍යත්ඥයන්ගේ ආකර්ෂණයද දිනා ගැනීමට සමත් වී ඇත.


    11. රින්කොන් ඩි ලා වේජා ( Rincon de la vieja )

    BlEjYf7.jpg


    AncKEWd.jpg


    yQ1fot8.jpg




    රින්කොන් ඩි ලා වේජා යනු වයඹ දිග කොස්ටා රිකා ( Costa Rica ) හි පිහිටා තිඛෙන සක්‍රීය තත්වයේ පවතින ගිණි කන්දකි. මෙහි නමෙහි තේරුම මැහැල්ලගේ මායිම එසේත් නැතිනම් " The Old Women's Corner " යන්නයි. ඉපැරණි පුරාවෘත්තයක් ඇසුරින් මෙම නම සෑදී ඇත. පුරාවෘත්තයේ සඳහන් පරිදි එක්තරා තරුණියකට පෙම් බැඳි තරුණයෙකු, තරුණියගේ පියා විසින් මෙම ගිනි කන්ද තුළට දමා ඇත. අවසන් වරට මෙම ගිණි කන්ද සක්‍රිය වුයේ වර්ෂ 1983 දී ය. ගිණි කන්දෙහි බෑවුම් මත බුබුළු නගින මඩ සහිත ප්‍රදේශ මෙන්ම උණු දිය උල්පත් ද විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. රූපලාවණ්‍ය ආලේපන නිපදවීමේ ක්‍රියාවලියේදී භාවිතයට ගන්නා ලෝහ සහ ඖෂධීය අමුද්‍රව්‍ය මෙම මඩ තුළ අන්තරගතව ඇති බව දැක්වේ.

    12. බේපු ( Beppu )

    Vc2u2FU.jpg


    lQGbXa0.jpg


    Nzh0Wcm.jpg




    ඇමරිකා එක්සත් ජනපදයේ යෙලෝස්ටෝන් ( Yellowstone ) නමැති උණු දිය උල්පත හැරුණු විට ලෝකයේ වැඩිම උණුසුම් ජල ධාරිතාවක් පවතින ජපානයේ වඩාත්ම ප්‍රසිද්ධ සහ ජපානය තුළ පිහිටා ඇති උණු දිය උල්පත් ප්‍රදේශ අතුරින් වැඩිම උණු දිය උල්පත් ගණනක් පිහිටා තිඛෙන උණුසුම් ජලය සහිත ස්ථානයක් තමයි බේපු කියල හඳුන්වන්නෙ. මෙහි දර්ශනීය උණුදිය උල්පත් 9 ක් පිහිටා තිඛෙන අතර සමහර අවස්ථා වලදී " Nine hells of Beppu " යන නමිනුත් මෙම ස්ථානය හඳුන්වනු ලබනවා. එමෙන්ම මෙම ස්ථානයේදී ඔබට මෙය නැරඹීමේ හැකියාව මෙන්ම මෙම ජලයේ පහස විඳ ගැනීමට ස්නානය කිරීමේ හැකියාවත් ලැඛෙනවා.

    up+down+anim.gif
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    සුපිරි මචන් ! උබෙ නූල් ගැන කියල වැඩක් නැ මචන් !! එල!!!!
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    patta :)
    You must spread some Reputation around before giving it to Franklin EK again. :(